රාජපක්ෂ රෙජිම විසින් සොරකම් කරන ලද ධනය සොයන්නට ඉන්දියාවේ සහාය

රාජපක්ෂ රෙජිම විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන පහක් පමණ වන මහජන ධනය සෙවීම සඳහා ලංකාවේ රජයට අවශ්‍ය විශේෂඥභාවය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ. 

මුල්‍ය රහස් තොරතුරු ඒකකයක් පිහිටුවීමට ලංකාවට ඉන්දීය සහාය ලබා දෙන බව ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න.

ඩොලර් බිලියන පහක් යනු රුපියල් කෝටි හැටපන්දාහක් පමණ වන සුවිසල් ධනස්කන්ධයකි. මෙයින් කොටසක් හෝ ආපසු ලබා ගත හැකි නම්, එය ණය ආපසු ගෙවීමට යෙදවිය හැකි ය. රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අන්තේවාසිකයන් විසින් ‍සොරකම් කර තිබෙන්නේ අනාගත පරම්පරා ගණනාවක් උගස් කර ණයට ලබා ගත් මුදල් ය. 

ඔවුන් විසින් සොරකම් කර තිබෙන මුදලේ සුවිසල්කම කෙතරම් ද යත්, අතුරු අයවැයෙන් යෝජනා කරන ලද ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන රු. විසිදහසේ දීමනාව මේ ප්‍රමාණයෙන් මුළු රටට ම වසර 650ක් ගෙවීම සඳහා එය ප්‍රමාණවත් ය.

ඉන්දියාව විසින් ලබා දෙන මෙම උපකාරය තුළ දැකිය හැකි දේශපාලනික දර්ශක කීපයකි තිබේ. 


  1. රාජපක්ෂ රෙජිම මේ සොරකම කළේ චීනයේ සහයෝගය ඇතිවයි. ඉන්දියාව ඒ මුදල් ආපසු ලබා ගැනීම සඳහා ලංකාවට උපකාර කරයි.
  2. දේශපාලනික වශයෙන් ලංකාව චීනයෙන් ඈත් වෙමින් ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටියි.
  3. ඒ සමග ම ශ්‍රී ලංකාව බටහිර රාජ්‍ය විසින් ප්‍රවර්ධනය කරනු ලබන වඩා ප්‍රජාතාන්ත්‍රික ධනේශ්වර ආර්ථික උපායමාර්ගයක් වැළඳ ගනිමින් සිටියි. එය කලින් රාජපක්ෂ රෙජිම විසින් අනුගමනය කරන ලද කොල්ලකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී, දූෂිත ධනවාදයට වඩා වෙනස් ය.
Read our English blog 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මම, හිතන්නේ ඉන්දියාව අපට ආදරේට කරන දෙයක් නෙමෙයි, ඔවුන්ට උවමන අප චීනය සමග කල ගනුදෙනු සොයාගැනීමටයි, මෙහිදී රජය මොලේ පාවිච්චි නොකලොත් අපට චීනයේ සහය නොලැබෙන අතර පසුව ඉන්දියාවේ සහයත් ලොලබෙනු ඇති, මතක තියාගන්න ඉන්දියාව අපේ දියුණුව ප්‍රර්ථනා කරන රටක් නොවන බව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. යුද්දයේදී පවා ඉන්දියාව අනුගමනය කළේ දෙපැත්තටම නැති පිළිවෙතක්. ඔවුන්ට සැමදා අවශ්‍ය කළේ අප ඔවුන්ගේ ප්‍රාන්තයක් ලෙස තබාගැනීමටයි. පසුගිය රජය වුවත් චීනයත් සමග ගනුදෙනු කරන විට නියම රාජ්‍ය තාන්ත්‍රික ආකාරයෙන් කටයුතු තළේ නැහැ. එයින් අපේ රටට නොමිලේම ගත හැකිව තිබූ රැකියා අවස්ථා පවා අහිමි වුණා. මේ රජයත් ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී වඩාත් කල්පනාකාරී නොවුනොත් බොහෝ ගැටලු ඇතිවන්නට පුලුවන්.

      Delete
    2. ඉන්දියාව ලංකාව දියුණු වෙනවාට අකැමැතියි කියන කාරණයත්, ඉන්දියාවට අවශ්‍ය ලංකා‍ව ඔවුන්ගේ ප්‍රාන්තයක් කර ගන්නට ය කියන එකත් දෙකම හුදෙක් හිතලු පමණයි.

      ජාත්‍යන්තර දේශපාලනය ගැන නො දන්නා, එහෙත්, කටට එන දෙයක් තව කෙනෙකුට කියන්නට කැමති හා විමසීමකින් තොරව අහන්නට කැමති අය අතර මේවා ඉතා ජනප්‍රිය කතා.

      ‍ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ ළඟ ගෙවල් දෙකක් අතර ගනුදෙනු වගේ දෙයක් නෙමෙයි.

      මෙවැනි නිගමන ප්‍රකාශ කරන්නට කලින් ජාත්‍යන්තර දේශපාලනය හදාරන්න.

      Delete
    3. //ඉන්දියාව ලංකාව දියුණු වෙනවාට අකැමැතියි කියන කාරණයත්, ඉන්දියාවට අවශ්‍ය ලංකා‍ව ඔවුන්ගේ ප්‍රාන්තයක් කර ගන්නට ය කියන එකත් දෙකම හුදෙක් හිතලු පමණයි.//

      මේවා හිතළු නොවේ. මිහිපිට ඇති සත්‍යයි. ඔබ දැනට කරමින් තිබෙන වියාපෘතියෙන් දෑස් අඳ කරගෙන සිටින නිසා බාගදා ඔබට මෙය හිතාමතා වසන්කරන්න බලන හැඩයි


      //මෙවැනි නිගමන ප්‍රකාශ කරන්නට කලින් ජාත්‍යන්තර දේශපාලනය හදාරන්න//

      ලකගදී ඔබ මේ සම්බන්දව හෑදෑරු පොත්පත් ලිපි ලේඛන මනවාදැයි දැනගැනීමට කැමති. සාක් කලාපයේ ඉන්දියන් මැදිහත් වීම ගැන ඔබගේ සාවද්‍ය නිගමන වලට පැමිණීමට කලින් අඩුම වශයෙන් අනෙකුත් සාක් කලාපිය රටවල ඉංග්‍රීසියෙන් පලවන පුවත්පත් වත් ටික කාලයක් පරිශීලනය කරන්න. එසේත් නැත්නම් නේපාල, බංගලිදේශ, භුතාන ජාතිකයෙකු සමග හෝ චැට් රූම් එකක චැට් එකක් හෝ දමා බලන්න. ( පකිස්ථානය ඉන්දියාව ගැන කියන දේට අමුතු විස්තර අවශ්‍ය නැත.).

      Delete
    4. ඉන්දියාවට බනින විට පැරාට මල පනින්නේ ඇයි ? ඉන්දියාවත් ප්ලෑනේ කෑල්ලක් නිසා මහත්වරුනි,

      1 වෙනි මිථ්‍යාව : සිරිසේන ජනාධිපති ස්වකැමැත්තෙන් ඉදිරිපත් විය යන කරුණ
      මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. ජනාධිපති සිරිසේන පත්කරනු ලබන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ මුදල් හා දෙමළ බලහත්කාරය මගිනි. සිරිසේන මහජනයාට දුන් සියලුම පොරොන්දු ඉදිරිපත් කළේ ඉන්දීය මෝඩිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පිහිටාය. හූනන්ට මොනර පිහාටු එන්නේ නැත. යහපාලනය යනු මෝඩිගේ කතාවකි. නීතිය හා සාධාරණත්වයද ඉන්දීය ගොං තර්කයකි. ඉංදියන් පාලනයෙන් ලංකාව මුදාගත හැක්කේ අතිශය ශක්තිමත් පාලකයෙකුට පමණි.
      සිරිසේනට කලින් ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයා ලෙස එන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය
      ඉන්දියාව ඔහු නොගත්තේ උතුරේ ප්‍රශ්නයට බියෙනි.
      ඉන්දියාවට දෙවැනියා ලෙස සිරිසේන යෝජනාකලේ චන්ද්‍රිකාය
      සිරිසේනට ඉන්දියාව කැමති නැත. කරන්න දෙයක් නැති කමට දැමූ අයෙක්.
      තම පක්ශනායකත්වය අහිමිවීමේ විපතට මුහුන දී සිටි රනිල්ට මේ යෝජනාව දිව ඔසුවක්විය.
      මෙහිදී සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ඇඳුම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ජාතික ආණ්ඩුව ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ජනාධිපති බලතල එපා කීම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      මුදල් යෙදවූවේ ඉන්දියන් රෝ ඔත්තු සේවයේ තිදෙනෙකු මගිනි.
      ඉන්දියාවට මුදල් ආවේ කෙසේද යන්න අපි නොදනිමු.
      සිංගප්පුරුව කාර්‍යාලය කරගත්තේ සීඅයිඩීයට බියෙනි.
      සිරිසේනගේ ලංකාව තවමත් පාලනය කරන්නේ ඉන්දීය මිනිසුන්ය.
      දින සියය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      සල්ලි ලැබුණේ චන්ද්‍රිකා අතටය. රනිල්ට මුදල් නුදුන්නේ නම නරක්වෙයි යන බයටය.
      ලංකාවෙන් පත්කළ ප්‍රධානයො රනිල් චන්ද්‍රිකාගෑනි මංගල හා චම්පිකය.
      චම්පික ලංකාවේ අගමැතිවරයකු වීමට සිහින මවනා පුද්ගලයෙකි.
      සජිත්, රතන, පොන්සේකා, දේශීය නියෝජිතයෝ වූවාට ඉන්දියාවට විශ්වාස නැත.
      චීනය මගින් කල සංවර්ධන ව්‍යාපෘති නවතිනු ඇත. එය එක් ප්‍රධාන කොන්දේසියකි.
      චීන හා ජපන් වාහන ගෙන්වීම සීමාකරනු ඇත. මින්පසු රජයට ඉන්දීය වාහන පමණි.
      සංවර්ධන ‍යෝජනා ඉන්දීය හෝ වෙනත් රටවල තිබෙන ඉන්දියන් කොම්පැණිවලට පවරනු ඇත.
      ඉන්දීය ගිවිසුම් හා සංචාරකයින් අධික වනු ඇත.
      ලංකාවේ ඉඩම් හා භූමිය ඉන්දියන් හා මුස්ලිම් රටවලට මිලදී ගතහැකිවනු ඇත.
      රාජ්‍ය සේවය හකුලනු ඇත.
      ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය නවතනු ඇත.

      Delete
    5. පාප් සමග කොටි ජාලයේ 700ක් පමණ ලංකාවට පැමිණ ඇත.
      මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළේ නැත එයට කෘතගුණ දැකවිය යුතු නැත යැයි කීවේ මහින්දගේ යුද්ධය ඉන්දීය මෝඩි සුබවාදීව නොදකින නිසාය. ඉන්දියාවට දෙමළු මිස අසල්වාසී සිංහලයින් වැදගත් නැත.
      සිරිසේන‍ට විශාල නෑදෑ පිරිසක් හා පවුලේ විශාල සහෝදර සහෝදරියන් පිරිසක් සිටියද ඒ අය ඉදිරියට නොගෙනාවේ සිරිසේනගේ දරුවන් සේම ඔහුගේ පවුලම අන්ත නූගත් සහෝදර සහෝදරියන් පිරිසක් වන හෙයිනි. එසේම සිරිසේන ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබන්නේ නීත්‍යානුකූල මුදල් ඉපයීමෙන් නොවේ. එයටද ඉන්දීය මෝඩි කැමති නැත.

      සිරිසේන වෙනුවෙන් ඉන්දීය මහජන මුදල් විශාල ප‍්‍රමාණයක් වැය කර ඇත. හේතුව ඉන්දියාවට තමිල්නාඩුව වෙනුවෙන් වැය කල යුතුවන මුදලට වඩා ලංකාව වෙනුවෙන් වැයකළ යුතුවන්නේ ඉතා සුළු මුදලක් වන හෙයිනි.
      මේ නිසා මහින්දට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන්’ කෘතගුණ දැක්විය යුතු නොවන මෙන් ඉන්දීය ආණ්ඩුව උතුරේ ජනතාවට තදින් අවවාද කර ඉතා විශාල පරිමාණයෙන් දෙමළ ජාතිය වෙනුවෙන් පෙළඹවීම් සිදුකරනු ලැබුවේය. ඒ මෙහෙයුම ටීඑන්ඒ එක නිවැරදිව ඉටුකර ඇත. මේ රාජ්‍ය තාන්ත්‍රික දෙමළ ජාතිවාදයයි. නමුත් මෝඩිට දෙමළ රටක් ඊළමක් ඉල්ලාදීමට අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ ශ්වයංපරිපාලන බලය සහිත ප්‍රදේශයකි. ඉන්දියාව එමගින් අවශ්‍යතා දෙකක් ඉටුකරගනී. ලංකාව ආසියාවේ ඉදිරියට ඒම නැවැත්වීම. අනෙක චීන බලය අඩුකිරීම සහ අතිරේකව දිගුකාලීන තර්ජන මැඬලීම.
      මේ ජනාධිපතිවර්ණයේදී ඉන්දියානු බලහත්කාරී ඡන්ද පරිපාලනයක් උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක විය. හොරඡන්ද නොවූවාට බලහත්කාර ජාතිවාදී පාලනයක් සහිත ඡන්ද ව්‍යාපාරයකි. විදේශීය නිරීක්ෂකයින් ලෙස ඉන්දියන් ආරක්ෂක අංශවල නිලධාරින් ගෙන්වීය. ඡන්ද කොමසාරිස් මුදලට ගන්නාලද අතර ඔහු බියගන්වා උතුර නැගෙන හිර ඡන්ද නිරීක්ෂණ නොකිරීමටත්, දෙමළ රාජ්‍ය සේවකයින් පමණක් යෙදවීමටත්, ක්‍රියා කරන ලදී. ඡන්ද කොමසාරිස් ඔළුවට වෙඩි කියනවා කීවේ ඇත්තටම මෙම බලහත්කාරය නිසාය. නීතිය අනුවනම් එවන් ප්‍රකාශ රාජ්‍ය නිලධාරියෙකුට කල නොහැක. මෙමගින් රාජ්‍ය පරිපාලන බලයම මහින්දට වරුද්ධව යොදාගන්නා ලදී. මහින්ද විරෝධය පහසුකිරීම සඳහා ලංකාවේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළේය.
      බ්‍රිතාන්‍ය හරහා රෝ එක මගින් මහින්දගෙන් රාජ්‍යය බලය විතැන් කිරීමට චන්ද්‍රිකාගෑනි යෙදාගත්තේය. මෙය වසරකට වඩා දිගු කාලයක් සිදුකළ ඉතා සූක්ෂම මෙහෙයුමකි. එනිසා විශ්ව විද්‍යාල ආචාර්‍යවරු කියන ගොං කතා පරිදි නොව “රනිල්ට බල‍ය පවරා දිය යුතුය” යන අදහස ඉන්දීය සහ දෙමළ අදහසක් පමණක් නොව නූගත් සිරිසේනට හුලංගහන මෝඩ සිංහලයින්ගේ අතිශය මුග්ධ භයානක තර්කයකි.

      මරුවා,
      පළමු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත්වන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය…

      Delete
    6. "ඉන්දියාව අපට ආදරේ නැතිවුනාට චීනය අපට ආදරේ" වගේ කතා කියන්නන් එක්ක දේශපාලනය කතා කරල වැඩක් නෑ පැරා.

      Delete
    7. සහතික ඇත්ත. මොවුන්ට පිළිතුරු දීමට කාලය නාස්ති කිරීම තේරුමක් නැත. කමෙන්ට් කරන්නට ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ නිරුවත පෙන්වා ගැනිමටයි.

      Delete
    8. //ඉන්දියාව අපට ආදරේ නැතිවුනාට චීනය අපට ආදරේ//

      මම හිතන්නේ මෙතන කවුරුත් චීනය අපිට වැඩිපුර ආදරෙයි කියල නෑ, මතුකරලා තියෙන්නේ පැරා උවමනාවෙන්ම නොලිය ඉන්න ඉන්දියන් බලපෑමයි. MY3 හෝ රනිල් කන්නාඩි ඉවත්කලොත් බාගදා මේවා පෙනෙන්ගනී.

      නිරුවත ගැනනම් කවර කථාද, නේද පැරා

      Delete
    9. චීනය විශාල ලෙස ණය දෙන්නේ අපට අනුකම්පාවෙන් නොවන බවත්, එම ණය ගෙවීමට නොහැකි විට රටේ ආර්ථික සම්පත් එකිනෙක චීනයට පැවරීමට සිදුවන බවත් මිට පෙර පැවසුවෙමි. ප්‍රශ්නය ඇත්තේ අප ගනුදෙනු කරන්නේ කාසමග දැයි නොදැනීමයි. ශ්‍රී ලංකාව පිගිටා ඇත්තේ අන්තර්ජාතික වෙළද මාර්ගයක් අද්දරයි, අප විසින් ඉන්දියාව සමග ගනු දෙනු කලයුත්තේ ඉතා කල්පනකරිවයි. ඉන්දියනුවෙකුගේ මනස අප තේරුම්ගෙන ඇති මට්ටම ප්‍රමාණවත් නෑ ( තම රට අද්දර පවතින කුඩා රට දියුණු වුවිට ඔවුන්ගේ ජිවන තත්වයට සමාන තත්වයක් ඉන්දියානුවකු බලාපොරොත්තු විම මගින් ඉන්දියානු දෙසපලන්නයන් හට ඉබේම පීඩනයක් ලැබෙනු ඇති )තවද තමිල්නාඩු ප්‍රාන්තයේ බලපෑම ලැබෙනු ඇති. මගේ මුලික තර්කය නම් රාජ්‍ය රහස් ඉන්දියාව අතට පත්කිරීමේදී ඉතා පරිසම්වියයුතු බවයි. එස්සේනතිව මේ රටවල් අපේ සතුරන් කරගැනීම නොවෙයි.

      දැන් සිදුකලයුත්තේ ස්වාදීන කොමිසම් පත්කිරීම මගින් දෙසපලන්යනගේ බලපෑමෙන් තොර නීතිය ක්‍රියා කරන සොයන්ක්රිය ක්‍රමයක් සදා ගැනීමයි. මගේ වැටහීමට අනුව ආණ්ඩු පක්සයමෙන්ම විපක්සයත් මීට කැමති නොවන්නේ ( ආණ්ඩු පක්සය :- තමාට නිසිසේ සොරකම් කල හැකි වීමත්, විපක්ෂය :- කල සොරකම් වලට දඩුවම් ක්‍රියාත්මක වීමේදී, ආණ්ඩු පක්ෂයේ තම මිතුරන්ගේ සහයෙන් චෝදනා යට ගැසීමට නොහැකි බවයි )

      ජනතාව සිටිය යුත්තේ මෙවැනි සොරකම් කල පුද්ගලයන්ට දඩුවම් කලයුතුය යන සටන්පාටය යොදාගැනීම නොව, හැකි ඉක්මනින් මෙම කොමිසම් ස්ත්තපනය කර ගැනීමයි "ඉතුරුටික පොලිසියෙන් බලාගනු ඇති"

      සිල්ලර සටන්පාට මත ගොනුවූ වමන්සිකයන් වන වාසුදේව මහතා අද හැසිරෙන නිවට ආකාරයෙන්, පැරා ඔබට වාමන්සිකයන් ගැනත් තව කොපමණ ඉගනීමට ඇද්දැයි සිතන්න !

      Delete
    10. රාජ් කොහෙද බූරුවෝ කියලතියෙන්නෙ චීනය අමුතුවෙන් ආදරෙයි කියලා.... ඉන්දියාව ඔච්චර දූෂන තියාගෙන අපේ උන්ගෙ දූෂන හොයන්න උදව් දෙන්නෙ අපිට ආදරේට නෙවෙයිඋන්ගෙ පොලිටිකල් ඉන්ටරස්ට්වලට කියන දේ පිලිගන්න වත් අවංකකමක් නැති නම්, මොට්ටපැරා එක්ක එකතු වෙලා 'නිරුවතපෙන්නන්නෙ' නැතුව කටවහන් හිටපන්.

      Delete
    11. මම නම් බලන්නෙ ප්‍රායෝගික පැත්තයි.ඉන්දියන් හා පැසිෆික් සාගරයේ ඉන්දු ඇමරිකානු අවශ්‍යතා තමයි තීරණාත්මක කරුණ.චීනය හා රුසියාව වැටලීම තමයි දීර්ඝ කාලීන සැළැස්ම.
      ආණ්ඩු පෙරලිය ඉතා හොඳ වන්නේ එය එසේ නොවුනානම් රෝ සහ සී අයි ඒ විසින් රළු ක්‍රියාමාර්ග වලට එළබෙන නිසයි.ජේ ආර් ආන්ඩුව පෙරලීමට උතුරේ දෙමළ සංවිධාන නිර්මාණය කරමින් ඒවා ශක්තිමත් කිරීම වැනි පීඩාකාරී මාවතකට යන්න මෙවර ඉන්දියාවට සිදුවුනේ නැහැ.එය හොඳ තත්වයක්.
      ඉන්දු ඇමරිකන් පිළේ සිටීම හැර අපට වෙන විකල්පයක් නෑ.ඒක තමා භූ දේශපාලන යථාර්ථය.

      බිලියන පහේ සංඛ්‍යාවනම් තාර බර ඇරල ගන්න ඕන එකක්.හොරකම් සිදුවූ බව ඇත්ත.නමුත් ඒවා අතිශයෝක්තීන් හා පරිකල්පනයන්ගෙන් විචිත්‍ර වූ සුරංගනා කතා වෙලා.

      Delete
    12. පැරකුම් මහතා,
      ඉන්දියාව මුල පටන්ම අප රටට ආදරෙන් කටයුතු කල බව හැබෑටම මේ අයට තේරෙන්නෙ නැති හැටි? මම ඔබේ අදහස සනාත කරන්න සාධක ඉදිරිපත් කරන්නම්.

      මෑත අතීතයේ.
      1.මහ සේනානායක තුමා වසර 7ක් එක දිගටම ලංකාවේ පදිංචිව නොසිටි ඉන්දියානුන් මෙරටින් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගයට ඉන්දියාව විරුද්ධ උනේ එයින් අපිට ඇතිවන පාඩුව මග හැරීමටය.
      2.නේරු-කොතලාවල ගිවිසුමෙන් මේ රටේ සිටි සියලු ඉන්දියානුන් ආපසු ආපසු ගෙන්නා ගැනීමට තිරනයවූ ගිවිසුම ක්‍රියාත්මක නොකළේ ඉන් අපිට වන අවාසිය නිසාය.
      3.සිරිමා- ශාස්ත්‍රී ගීවිසුමෙන් 540000ක ඉන්දියානුන් ඉන්දියාවට භාර ගන්නද 4500000 ඉන්දියානුන් ලංකාවට භාර ගැනිමටවූ ගිවිසුම හරියට ක්‍රියාත්මක නොකර ඒ සියලු දෙනාටම ලංකාවේ පුරවැසිකම ලබා ගන්නට ඉඩ දුන්නේ ලංකාවට ඇති ආදරය නිසාය.
      3. මමම ගිවිදුමෙන් ඉතිරිවූ ඉන්දියානුන් 90 000 ගැන පසුව තීරණයක් ගන්නට තිබුනත් ඒ අය ලංකාවටම භාර ගැනීමට JR පාලන සමයේ බලපෑම් ඇති කලේ ලංකාවට ඇති ආදරය නිසාය.
      4 sapthaa ගිවිසුමෙන් අපේ රටට වැඩි බඩු ප්‍රමාණයක් එව්වේ ලංකාවට ඇති ආදරය නිසාය.
      5.saptha ගිවිසුමේ අඩුවක් වූ ශ්‍රමිකයන් ලංකාවට ලබාදීම අරමුණු කල safthaa
      ගිවිසුම කෙටුප්මත් කලේද අපේ රටේ මිනිසුන්ගේ කම්මැලි කම නිසාය.
      6.මෙය වැරදියට තේරුම් ගත් රෝහණ විජේවීර සහෝදරයා ඔහුගේ පන්ති 5ත ඉන්දියානු ව්‍යාප්ත වාදය නමින් වැරදි පන්තියක් ඉදිරිපත් කළේය.
      7.සාමාන්‍යයෙන් අදද ඉන්දියානුවන් තම රටේ සිතියම ඇඳීමේදී එයට යටින් අඹ ගෙඩියක් වැනි ලංකාවද ඇතුල් කරන්නේ අපට ඇති ආදරය පෙන්විමට පමණි.

      සමරසේකර

      Delete
  2. එසේම චීනයද අපට ආදරය නොකරයි. ඔවුන්ද ගිනි පොළියට ණය මිස සහනාධාර ලබා දී නොමැත.

    ReplyDelete
  3. //ඒ සමග ම ශ්‍රී ලංකාව බටහිර රාජ්‍ය විසින් ප්‍රවර්ධනය කරනු ලබන වඩා ප්‍රජාතාන්ත්‍රික ධනේශ්වර ආර්ථික උපායමාර්ගයක් වැළඳ ගනිමින් සිටියි. එය කලින් රාජපක්ෂ රෙජිම විසින් අනුගමනය කරන ලද කොල්ලකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී, දූෂිත ධනවාදයට වඩා වෙනස් ය.//

    ධනවාදය, පදිරි ධනවාදය (කොල්ලකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී, දූෂිත ධනවාදය) හා චෝයි ධනවාදය (වඩා ප්‍රජාතාන්ත්‍රික ධනේශ්වරවඩා ප්‍රජාතාන්ත්‍රික ධනේශ්වරය) ලෙස වෙන්කිරීමේ නි්‍්‍යාය හදුන්වන්නේ,

    1. වමෙපුක්වාදය
    2. NGOවාදය
    3. ඩොලර්වාදය
    4.බෝතල්වාදය

    ඔබේ පිළිතුර රාවයට SMS කර රවී කරුණානායක සමග ආප්ප කෑ නිශා බිස්වාල් මෙන් ආප්ප කෑමට අනගි අවස්තාවක් ලබා ගන්න.

    ReplyDelete
  4. අපට බොහෝ පාඩම් සින්ගප්පුරුවෙන් ලබා ගතහකියි https://www.youtube.com/watch?v=gwBJy1jCTsk
    හිටපු අගමැති Lee Kuan Yew චීනය සමග සහයෝගය දක්වන අතර බටහිර රටවල් සමග සම්බන්දය පවත් වන අයුරු
    තේරුම් ගතහැකියි.

    බොහෝවිට මාතලන්, පැවසුවේ ලංකාවේ ගෝත්‍රිකයන් සිටින බවයි, ඉහත Lee Kuan Yew ට අනුව සින්ගප්පුරුවත් ගෝත්‍රික මනසක්
    ඇති මිනිසුන්ගේ මනස වෙනස් කල අයුරු බලන්න.

    ReplyDelete
  5. ''රාජපක්ෂ රෙජිම විසින් සොරකම් කරන ලද ඩොලර් බිලියන පහක් පමණ වන මහජන ධනය''

    කවුද පැරෝ මේ ගණන් හිලවු ඔයාට දුන්නේ? රනිල්ද ? අර උදේ පාන්දර ඩිල් දාන වෙලාවේ මහින්ද රනිලට කියලද ??

    එක නෙමෙයි දැන් ගොබෙල්ස් ඉන්නේ මතුගමද ??

    ReplyDelete
  6. Visit India Times. Figure is theirs and challenge them.

    ReplyDelete
    Replies
    1. cant find, will you post a link ??

      Delete
    2. visit our English blog. India Times Article is there.

      Delete
    3. //India will help Sri Lanka set up a finance intelligence unit (FIU)-like entity in the island nation at Colombo's request to trace more than $5 billion allegedly stashed overseas by the erstwhile Rajapaksa regime.

      Read more at:
      http://economictimes.indiatimes.com/articleshow/46101613.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst//

      Still cannot find a clue, how did somebody estimate the figure of 5 billion USD. Your entire post based on some hypothetical value, Hilarious !!

      කල්පිත අගයක් වූ ඩොලර් බිලියන 5 යන්න මත පන්දම් වූ ඔබේ පොස්ටුව හාස්‍ය ඇතිකරයි.

      Delete
    4. මෙම ලිපිය ඉන්දියා ටයිම්ස්හි පළ වූ වාර්තාවක් පදනම් කර ගත් එකකි. ඩොලර් බිලියන පහ ද එහි සඳහන් වන්නකි. එය කල්පිත ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ නිසි විමර්ශනයකින් මිස ඇනොනිමස් කමෙන්ටුවකින් නො වේ.

      හොඳම දෙය රාජපක්ෂ රෙජිමේ අය ඉදිරිපත් වී 2005 මෙම පාලනය භාර ගන්නා විට තමන් ළඟ තිබූ වත්කම් හා දැන් ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල අය සතු වත්කම් ‍මොනවා ද යන්න හෙළිදරව් කිරීමයි. මෙම චෝදනා බොරු බව ඔප්පු කරන්නට එමගින් පුළුවන. කලක් පාලකයන් වී සිටි ඔවුන්ට ඒ සඳහා වගකීමක් තිබේ.

      Delete
    5. @Ajith Perakum Jayasinghe
      වගකීම ගැන සදහන් කරන ඔබතුමා කියනවද කරුණාකරලා අර ලැන්බොගිණි ටිකයි, හෙලිකොපටර් සෙට් එකයි, මහා මන්දිර ගනනාවයි, කෝටි දහදාහක මහින්දගෙ නඩත්තුවයි, ගෝටගෙ ආයුද නැවයි, විමල්ගෙ හෝටලයයි, කෝ කියල. උඹ හිතන් ඉන්නෙ රටේ ඉන්නෙ ගොන්නු කියලද දැන් ආපහු බිලියන ගණන් ගැන අලුත් ඒවා කියවන්නෙ

      Delete
    6. ඔබට ඒ පිළිබඳ විමර්ශන පිළිබඳ තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා දැන ගත හැකි ය. පරීක්ෂණ ගැන තවත් තොරතුරු අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි ය.

      අප කරන්නේ මාධ්‍යකරුවන්ගේ කාර්යය මිස පොලිසියේ හෝ අධිකරණයේ කාර්යය නො වේ. ‍

      කරුණාකර කුපිත නො වී ලියන්න. ඔබ දිගට ම මේ අන්දමින් මේ අවකාශය පාවිච්චි කරන්නට උත්සාහ කළොත් එය නැති වී යන්නට පුළුවන. එබැවින් වෛරයෙන් වුව කමක් නැත, ශිෂ්ට අන්දමින් හැසිරෙන්නට උත්සාහ කරන්න.

      මේ අන්දමින් කතා කරනවා නම් බය නැතිව මගේ අංකයට කතා කරන්න.

      ඇනොනිමස්කමට මුවා වී බොරු චන්ඩියකු වෙන්නට උත්සාහ නො කරන්න.

      Delete
  7. හලෝ පැරෝ එහෙම නැත්තන් මංගලගෙ ගල් කොල්ලෝ. උඹ නන් පට්ට මචන්. පස්සට හම්බෙන නිසා ලස්සනට කීයක් පෝස්ට් දානවද නේද බල්ලෝ. හික් හික් හික්. උඹට බබාලා නෑ නේද? එහෙම නැත්තන් උඹේ ගෑනිට මහින්දගෙන් අතවරයක් වත් උනාද? මූට පුදුම පුකේ ඇම්මක් තියෙන්නෙ මහින්ද ගසා කාපුවා හොයන්න. යකෝ බූරුවෝ තොපි වගේ උන් මෙතන දවසකට පැය ගාණක් මේකෙ තැප තැප මංගලට පුක දුන්න කියල රට දියුණු වෙන්නෙ නෑ. මහින්ද නෙවෙයි බොල වැරදි. තොපි වගේ අවජාතකයෝ නිකන් ඉදන් කන ගසා කෑම ඊට වඩා වැඩියි. ඒවා හොයන්නෙ තොපෙ අම්ම අප්ප ගෙන්නලාද අපායෙන්? උඹ දැන් උඩ පැනපන් හොදේ.

    ReplyDelete
    Replies
    1. මුන්ට ආපහු ආණ්ඩු බලය ලැබුණොත් කොහොම තියෙයි ද? මේ පැරදිලා, කුජීත වෙල ඉඳිද්දි මිනිස්සුන්ට තර්ජනය කරන විධිය.

      හැබැයි මේවයින් අපව බය කරන්න නම් වෙලා යයි.

      Delete
    2. @AnonymousFebruary 4, 2015 at 12:37 PM
      සැවොම හෙළා දැකිය යුතු කොමෙන්ටුවකි. බාගදා ඒ.ජා.ප සාමාජිකයෙක් පැරාගේ මනස සමග කරන සෙල්ලමක් විය හැකියි

      Delete
    3. මොනවා වෙතත් පැරා විරුද්ද අදහස් වලට සාදාරන අවස්තාවක් ලබා දී තිබෙනවා. මෙය අව භාවිත නොකිරීම අපේ වග කීමක්, කවුරුන් කලත් ආක්‍රෝෂ පරිභව කිරීම පිළිගත නොහැකියි

      Delete
    4. ඒයි පැරා මේකේ ඔබව විවේචනය කරලා දාල තිබුණු කොමෙන්ට් එකක් අතුරුදහන් කළා නේද ? ඕවනම් කැත වැඩ!! :(

      Delete
    5. මගුලයි මෙන් බොලේ ඒ පාර කොමෙන්ට් මෝඩරේෂන්! (යහ පාලන මෝඩරේෂන් වෙන්න ඕන!!)

      Delete
  8. කෝ බං ලැම්බොගිණි.
    කෝ බං අහස් යාත්‍රා.
    කෝ බං ගෙවල්?
    කෝ බං හොරු
    කෝ බං හදන පාරවල් අඩු මිලට
    කෝ බං ජනාධිපති බලතල නැතිවෙච්ච
    කෝ බං ගෝඨගෙ මෝරු
    කෝ බං හොර අවි ආයුධ හොයා ගත්ත
    දූෂණ තියෙනවා කියල කියල තියෙන්නෙ ඉන්දියාව එහෙනන්. උන් තමා දන්නෙ මහින්දගේ දූෂණ. රෝ එකේ මෛත්‍රීට රෝ එකම ඕනි උනා ආපහු නේද? උඹල ගොන්නු වගේ මෙතන තප්පුලෑවට මිනිස්සු ගොන්නු නෙවෙයි.

    ---------------------
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ එවැනි වෙනමම ගුවන් යානයක් ඇනවුම් කර නොතිබූ බවයි.

    පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්‍රභූ පැකේජයක් (Vඓඵ් ඛිට්) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්‍රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.

    මෙම ප්‍රභූ පැකේජය (Vඓඵ් ඛිට්) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්‍යමය වාසියේ ප්‍රමාණය පෙන්වාදීම සඳහායි. ප්‍රභූ පැකේජය (Vඓඵ් ඛිට්) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි.

    ReplyDelete
    Replies
    1. කෝ බං ලැම්බොගිණ - ඇයි දක්කේ නැද්ද පන්චිකා වත්තේ කෑලිවලට ගලවනවා .
      කෝ බං අහස් යාත්‍රා.-ඇයි මත්තල හැන්ගර් එකේ ගාල් කරලා තියේන්නේ ඔය ඕන තරම්
      කෝ බං ගෙවල්? - ඇයි අර ඇමරිකාවේ ගත්ත ගේවල් තියෙන්නේ ලංකවේ රජයේ
      සේවක පඩියන් ගෙවන්න ගත්ත .
      කෝ බං හොරු - අර නිමල්සිරිපාල ලොක්කා ඊයේ වැලිකඩ ගියේ සැපදුක් බලන්න
      කෝ බං හදන පාරවල් අඩු මිලට - පයින් යන්නද වාහනෙකින් යන්නද හොයන්නේ බලන් හිටහන් හදලා පෙන්වන කම්
      කෝ බං ජනාධිපති බලතල නැතිවෙච්ච - ශ්‍රීමත් අතිගරු /ආර්යාව , වීර ලෙමන්පෆ් සේවය .
      කෝ බං ගෝඨගෙ මෝරු = කුණු ලාබෙට පැලියගොඩ මාර්කට් එකේ හොල්සෙල් ගානට විකුණුවේ
      කෝ බං හොර අවි ආයුධ හොයා ගත්ත= තදියමේ කළු බාලේ ඒවත් අරගෙන රටින් පැන්නානේ

      මොකද ඔච්චර තදියම>>>>> හරිම බරක් වගේ දැනෙනවද ?

      Delete
    2. @AnonymousFebruary 4, 2015 at 4:14 PM,

      අයියෝ තොපි ඔවටද දුෂණ, දුෂණ,..... භීෂණ, භීෂණ කිවුවේ, තොපි ඔයටික කොරගන්නද මහින්දය එලවල සිරිසේනයා අරන් ආවේ,

      නොදකින් තොපි කියපු විදියට අපි හිතුවේ හිටපු එකා, සුහර්තෝ, ඉඩිආමින්, Papa Doc,බ්‍ර්ලුස්කොනි,මුගාබේ, කිම් ජෝන් උන් වගේවත් ඇතියි කියල. අඩුම ගානේ ගඩාෆි ගානටවත්.

      Delete
    3. හැක් හැක් හැක් හැක්.
      - පංචිකාවත්තෙ ගෑනු ගැනද කිව්වෙ?/ ඒ ලැන්බොගිනි නේද 80- එහෙම? එතන තිබුණු සැටලයිට් අක්කට බෝම්බෙ වැදුණු වාහනෙත් මහින්දගෙනෙ.... :-)
      - එංජිමක් නැති ප්ලේන් එකද දැක්කෙ/ මංගල කිව්ව හෙලිකොට්ටරේ ඒකද හුකෑ...ස්.
      - එතකොට අයියෙ හොර පොටෝ පෙන්නපු චම්පික කොළුව හොරෙක් නොවන්නෙත් තිස්ස අත්ත එහෙම වෙන්නෙත් යහපාලන නීති වෙන්න ඇති නේද?
      - හා හා අති ගරු කෑල්ල නැති උනාම හිට්ලර් උනත් නිකන් පූසි පැටියෙක් වෙනවලු නේද ගොන් පැටියො?
      - හැබෑට රසට තිබුණද? ලාබෙට තියෙන්න ඇත්තෙ බදු සහනාදාර නිසා වෙන්න ඇති අත්‍යාවශ්‍ය ආහාර නොවැ.
      - අනේ ඉතින් වෙලේ සුදාව එහෙන් අරන් අන එකේ මෙහෙන් යන එකාව නවත්තන්න බැරි හැටි නේද අයියෙ. පව් නේද ඔයාගෙ ආණ්ඩුව. ..


      #ඔව් අයියෙ. හුගක් බරයි... කට පොඩ්ඩක් අරිනවද බර අඩු කර ගන්න. හික් හික් හික්#

      Delete
    4. cont....

      අමතක උනා. අයියලා චන්දෙ ඉල්ලුවේ ඇමරිකාවෙ තියෙන ගෙවල් පෙන්නලා නෙවෙයිනෙ... මේ සිරි ලංකාවෙ තියෙන මහ මන්දිර පෙන්නලා නොවැ.. දැන් ඒවා ඇමරිකාවට ගෙනියව්වෙ ඔයාගෙ ලබ්බෙ තියානද?

      තව ටිකා......ක් කට අරින්න හොද අයිය වගේ.. මෛත්‍රී වේ...වා...

      Delete
    5. ඉවසන්න. ඉදිරි කාලයේදී ප්‍රතිඵල ලැබෙනු ඇත.

      මෛත්‍රීගේ ආණ්ඩුවෙන් දඬුවම් නො ලැබු‍ණත්, අනාග‍තයේ දිනෙක ජනතා ආණ්ඩුවකින් ඔවුන් පිළිබඳ ක්‍රියාමාර්ග ගනු ඇත.

      Delete
    6. ඉන්නවයි කියපු අලි පැටව් හොයාගන්න පුළුවන් උනා ද ? හූ ......

      Delete
    7. ප්‍රවෘත්ති කියවන්න. ඒවායේ සොයා ගත් දේ පළ වී ඇත. අලි පමණක් නොව පෝනි ද හමු වී තිබේ. ආතතියට පත් වී කුණුහරුප නො කියන්න. මහින්ද මහත්තයා මේ දිනවල ප්‍රතිකාර ගනිමින් සිටින තැනට ම ඔබත් යන්න.

      Delete
    8. ඔව් මහින්ද එච්චර මෝඩයි නෙ හොරාකාපු සල්ලි වාහන ගෙවල් දොරවල් සමාගම් කොටස් ඔක්කොම තමන්ගෙම නමට තියාගන්න ආණ්ඩුව පෙරලුන ගමන් මේං කියල අල්ලන්න පුලුවන් වෙන්න.

      Delete
    9. Yako Mama me tangalle giya MARAge bana tika ahala ennda. e tikata C News karayo tika wattuwen penala gihin.

      Delete
  9. උපුල් ජයසූරියල රනිල් ල මයිත්‍රී දම්මල එක පෑන් පාරෙන් මොහාන් පීරිස් එලවනකොට ජහපාලනේ ගැන පැරා - රාජ් ආන්ඩුවෙන් පින් පඩි ගන්න ඩබල චූන් වෙලා හිටියා. දැන් ඔන්න නීතිය මිස දන්න ආර්තික විද්‍යා බම්බුවක් නැති යූඑන්පී කාරයෙක් වූ උපුල් ජයසූරිය BOI එකේ සබාපති.

    දැන් පුකට සනීපද දන්නෙ නෑ රාජ් - පැරා ................

    ReplyDelete
    Replies
    1. ඔබට එක එක විධියෙන් ඇනෝ කමෙන්ට් දැමීමට ලැබී ඇති අවස්ථාව සාධාරණ අන්දමින් භාවිතා කරන්න. නැතිනම් ඔබගේ ඔය කැම්පේන් එකට මේ අවකාශය භාවිතා කිරීමට අවස්ථාව අහිමි වනු ඇත.

      Delete
    2. සම්පූර්නයෙන්ම සුදු හෝ සම්පූර්නයෙන්ම කලු ආන්ඩු මනෝරාජ්යවල මිස හැබෑ ලෝකෙ නෑ. හෙන්චයියන් පත් කිරීමට අපිත් විරුද්ධයි. හැබැයි අපි ඒක කියන්න පැකිලෙන්නෙ නෑ. මෛත්‍රී මෙතෙක් පත්කරන ලද උදවියගෙ අවුල් තියනව. සුදු අඩු වෙලා අඳුරු පාට වෙන්න ගත්තම අපි එතැනින් අයින් වෙනව.
      කවුරු උනත් කරන වැරදි වලට එරෙහි වීම තුලයි යහපාලනය හෝ ආශ්චර්ය ලඟා වෙන්නෙ.

      Delete
    3. ලංකාසීනිවුස් වගෙ වෙන්න කියල පැරෝ ඔය AnonymousFebruary 4, 2015 at 7:48 PMකියන්නේ

      Delete
    4. @Anonymous February 4, 2015 at 3:56 PM ---
      මෙන්න උඹේ පුක සනීප වෙන කතාවක් ---

      "හිටපු අගවිනිසුරු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ‍්‍රාම ගියා. ඉන්පසු නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු නීතිපති ලෙස පත් කළා. දෙවන වතාවට නීතිපති ලෙස එතුමා විශ‍්‍රාම යනවා. නැවත තුන් වන වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ විශ‍්‍රාම යනවා. ලෝකෙ කොයි රටේ ද තුන් වතාවක් විශ‍්‍රාම ගන්න පුළුවන් වෙන්නෙ. එහෙම රස්සා කොහේද තියෙන්නෙ. ඊට අමතරව එතුමා ජනාධිපති වරයාගේ නීති උපදේශක, කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක, ලලිත් කොතලාවල මහතාගෙන් මංකොල්ල කෑ සෙලාන් බැංකුවේ සභාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක, සොෆ්ට් ලොජික් කියන ලංකාවට ආයුධ ගෙන එන ආයතනයේ කොටස් හිමි අධ්‍යක්ෂ, රත්නා ලංකා ආරක්ෂක සේවයේ කොටස් හිමි අධ්‍යක්ෂ, මෙවන් අයගෙන් අධිකරණ ක්ෂේත‍්‍රයේ සාධාරණයක් බලාපොරොත්තු වන්න බැහැ."

      - විජයදාස රාජපක්ෂ

      Delete
  10. මොනවා වෙතත් පැරා විරුද්ද අදහස් වලට සාදාරන අවස්තාවක් ලබා දී තිබෙනවා. මෙය අව භාවිත නොකිරීම අපේ වග කීමක්, කවුරුන් කලත් ආක්‍රෝෂ පරිභව කිරීම පිළිගත නොහැකියි

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න තියෙන්නෙ මෙන්න මේකයි මචෝ. ලක්ෂ පන්ස් හතක් පිළි ගන්න තාම කියපු එකම දූෂණ වන්චාවක් වත් ඔප්පු කර ගන්න බැරි උණු ජන නායකයෙක්ට ආකොශ්‍ර පරිභව කරන එක සාධාරණන් උඹලට එකක් විද ගන්න කොච්චර අමාරුද නේද? :-)

      Delete
    2. wattuwen penapu ekek

      Delete
  11. ඔය තියෙන්නේ දැනට හොයා ගත්ත ඒවා විතරක්ද නැත්නම් සියලුම දේවල්ද කියල මට ප්‍රශ්නයක් :o

    ReplyDelete
  12. ඔව්, එක හොරෙක් අල්ලන්න තව හොරෙක් යොදවන එක පිළිගත් හොඳ ක්‍රමවේදයක් තමා.. අපි බලන් ඉමු කොයි හොරාද දක්ෂ කියලා...

    පැරානම් නඩුව අහලා තීන්දුවත් දීලා ඉවරයි.. ඒත් රාජපක්ෂලා තාමත් නිදැල්ලේ...

    --සෙන්නා

    ReplyDelete
  13. Kaagewath vishesha aadarayak epa. Lova piligath sammathayata ganudenu karamu. Dollar biliyana 65 aadayamak apata thiyenawaa. Lankaawa hingana ratakma nove.Ape videsha prathipaththiya thamai wedagath. Eya hariyata sakas karagaththama jaawaaram kaarayo novana honda aayojakayo evi. Aayojakain honda ratawal soyanawaa.Apata dollar biliyana 1 enakota Vietnam walata biliyana 5 yanne eyi?

    ReplyDelete
  14. හොර පෙරකදෝරු සමාගමFebruary 4, 2015 at 9:38 PM

    පළිගැන්ම්වලට ලක්වූවානම් කියන්න දුරකතන අංකයක්..
    නාමල්ගෙන් නීති ආධාර..

    ReplyDelete
  15. ඉන්දියාව විසින් ලබා දෙන මෙම උපකාරය තුළ දැකිය හැකි දේශපාලනික දර්ශක කීපයකි තිබේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා