ජෝන් අමරතුංග මැරවරයා ඇමති ධුරයෙන් පහ කරනු!

මහජන සාමය, ආපදා කළමණාකරන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව ඉතා ප්‍රගතිශීලී පියවරක් වන අතර විපක්ෂය එක් වී එම විශ්වාස භං‍ග යෝජනාව සම්මත කර ගත යුතු ය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජෝන්ට එරෙහි විශ්වාස භංග‍ ‍යෝජනාව ගෙන එනුයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය වගකීම ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් බවයි.

ජෝන් අමරතුංග විසින් මෙහෙයවන ලද මැරවර පිරිසක් ජනවාරි 30දා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදීත් ඉන් පිටතදීත් පහර දුන් හ. සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ නො දුන් හ.

මෙම සිද්ධිය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා පළාත් සභා රැස්වීමේදී විස්තර කරන්නේ මෙසේ ය: "30දා වත්තල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ජෝන් අමරතුංග ඇමැතිවරයා පිළිගැනීමට යැයි පවසා උත්සවයක් පවත්වා ඇති අතර එයට ජෝන් අමරතුංග මහතා පැමිණ ඇත්තේ ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා සමඟය. ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු 9.30ට වන අතර ඇමැතිවරයා උත්සවයට පැමිණියේ 9.00 පමණය. එහිදී ඔහු රැස්වීම පැවැත්වෙන ස්ථානයේ දොර අසලට ගොස් එම රැස්වීම පවත්වා එහිදී ඔහු කළ ප්‍රකාශය මෙසේ ය.

9.30 ප්‍රාදේශීය සභා රැස්වීම පටන්ගන්නවා. මන්ත්‍රීවරු ටික ප්‍රාදේශීය සභාවට ඇතුල් කරන්න. තමුන්නාන්සේලා කැමැතිනම් මෙතන රැකලා ඉන්න. ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න. අනතුරුව ඇමැතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු පොලිස් අධිකාරි මඟින් වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ආපහු පොලිස් ස්ථානයට යන ලෙසයි. පසුව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ගොඩනැගිල්ලෙන් එළියට යවා ඇති අතර වත්තල එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරයාගේ ආධාර කරුවන් ප්‍රධාන කණ්ඩායම ප්‍රාදේශීය සභාවේ දොරකඩාගෙන ඇතුළට පැමිණ සභාපතිවරයාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු යොදාගෙන ඇත.

මෙහිදී දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇති අතර පොලිසිය මැදිහත්වීමෙන් සභාපතිවරයා ඇතුළුමන්ත්‍රීවරුන් ඉවතට ගෙන ඇත. එසේ ඉවතට යන අවස්ථාවේදී ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ උපදෙස් පරිදි පිටත රැඳී සිටි මැර කණ්ඩායම් පොලිසිය බලා සිටියදීම මේ මන්ත්‍රීවරුන්ට පහරදී ඇත. පහරදීමෙන් තුවාල ලැබූ සභාපති ත්‍යාගරත්න ද අල්විස් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සනත් පියසිරි , යොහාන් වික්‍රමසිංහ, සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් යන අය තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සිද්ධියෙන් පසුව මතුව ඇතිදැඩි විරෝධය හමුවේ පොලිසිය විසින් පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙනසුරාදා ඔවුන්ට ඇප ලබා දී ඇත.මෙම ඇප ලබාදීම සිදුකර ඇත්තේ පහරකෑමට ලක්වූ සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීමය. මෙම අත්අඩංගුවට ගත් ඇතමුන් සිද්ධියට සම්බන්ධ අය නොවන බව ප්‍රාදේශීය සභා සභාපතිවරයා සඳහන් කරයි. ජනතාව නොමග යැවීම සඳහා මේ පියවර ගෙන ඇති බවට සාධාරණ සැකයක් ඒ අනුව මතුවේ."

ජෝන් අමරතුංග පසුගිය දිනෙක ද නීතිය ඉක්මවා කටයුතු කරන්නට ගත් උක්සාහයක් පිළිබඳ වාර්තා විය. ඒ පිළිබඳ ලංකාඊනිව්ස්හි පළ වූ‍යේ මෙසේ ය:

"විරුද්ධ දේශපාලනයේ යෙදීමේ වරදට පහර දුන් එජාප පාක්ෂිකයෙකු වත්තල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන සිටියදී ජෝන් අමරතුංග විසින් ඔහු නිදහස් කරන ලෙස පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ. ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවමත් රෝහලේ සිටියදී චුදිතයා පොලිස් ඇප මත නිදහස් කළ නොහැකි යයි ස්ථානාධිපති එරික් පෙරේරා විසින් ඇමැති ජෝන්ට පිළිතුරු දුන් විට “නෑ මම කිව්වා කියලා පොලිස් පොතේ ලියාගෙන පුද්ගලයා නිදහස් කරන්න“ යි ජෝන් පවසා තිබේ. නීති ගරුක පොලිස් නිලධාරියා විසින් ජෝන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එවිට “අයිසේ අපි දිනලාත් අපිට මෙහෙම දෙයක් වත් කරගන්න බැරිනම් වැඩක් නැහැනේ“ යයි ජෝන් පවසා ඇත."

ජෝන් අමරතුංග පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ සමග සමීපව කටයුතු කළේ ය. ඔහු රාජපක්ෂ ජනාධිපතිවරයා සමග 2014 ජනවාරියේ මැදපෙරදිග චාරිකාවකට ද, 2014 ඔක්තෝබරයේ වතිකානු චාරිකාවකට ද සහභාගි වූ අතර, දෑත් ශක්තිමත් කරන්නට යන්නට සූදානමක් ද තිබිණි.

ඔහු වැනි ඇමතිවරයකුට වගකිවයුතු අමාත්‍යාංශයක් පැවරීම දැඩි විවේචනයට ලක් වූ කරුණකි.

මෙම විශ්වාස භංග යෝජනාව සම්මත කරගෙන මෙම ඇමතිවරයා ධුරයෙන් පහ කර දැමීම සඳහා කටයුතු කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේක මහින්ද ගේ කුමන්ත්‍රණයක්!
    ;-)

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය හා සමාජ අධ්‍යනය ( පැරණි විෂය නිර්දේශය),

      නිවැරදි පිළිතුර තෝරන්න,

      සමාජවාදී ජිවිතයක් යනු,

      1.හිටපු තක්කඩින් පන්නා නව තක්කඩින් පත්කිරීමට බ්ලොග් පෝස්ට් දැමීමයි.
      2.හිටපු තක්කඩින්ට වඩා නව තක්කඩින් හොදයැයි හීන දැකීමයි.
      3.නව තක්කඩින්ගේ පත්වීම් වලට එරෙහිව කන්කෙදිරි ගෑමයි.
      4.පෙරුළුන පිට තිබු පිටට වඩා හොදයැයි කියා බ්ලොග් පෝස්ට් දැමීමයි.

      Delete
    2. ස්ටාලින්වාදී පෙරටුගාමී පක්ෂ මේ සඳහා ලබා දෙන පිළිතුර

      තක්කඩීන් පන්නා නො දැමිය යුතු ය. උන්ට ඉන්නට ඉඩ හැර සමාජය විනාශ කිරීමට සැලැස්විය යුතු ය.

      එවිට ජනතාවට සමාජ ක්‍රමය එපා වේ.

      මෙයට විසඳුම සමාජවාදය බව තේරුම් යයි.

      මේ වන විට අසංඛ්‍ය පෙරටුගාමී පක්ෂ අතරින් 'සැබෑ පක්ෂය' අනෙකුත් පක්ෂ විනාශ කරමින් ඉදිරියට එයි.

      ජනතාව එහි නායකත්වය යටතේ විප්ලවය සඳහා බලමුළුගැන්වෙයි.

      විප්ලවය සිදු වේ.

      ප්‍රශ්න වි‍ස‍ෙඳෙයි.

      Delete
    3. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයේ ශ්‍රේෂ්ඨත්වය සාධනය කිරීමට බිහි වූ දහමකි. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයට වඩා ලෙනින්වාදයක් වන්නේ එය ප‍්‍රායෝගිකව විරෝධතා නැති ලෙනින්වාදී සමාජයක් හදන්නට ගිය නිසාය. කෙටියෙන් කිව්වොත් ලෙනින්වාදය යනු හේතුවට සීමාවක් ඇති බව දැනගෙන ක‍්‍රියාත්මක වන දර්ශනයකි. ස්ටාලින්වාදය යනු හේතුව නිසා බිහිවන අතිරික්තය අහෝසි කිරීමට වෙර දරන දහමකි.

      ඉහත සංකල්ප යුගල ආදරයට යෙදූ විට මෙය හො`දින් වටහා ගත හැක. ලෙනින්වාදී ආදරවන්තයෙකු තමන්ගේ පෙම්වතිය තුළ දකින අඩුව නැති කරන්නට උත්සාහ නොකරයි. නමුත් ස්ටාලින්වාදී පෙම්වතෙකු තම පෙම්වතිය තමන්ට අවශ්‍ය පරිදි සකස් කිරීමට යාම නිසා ඇයට විනාශ කරයි.

      හරි දැන් කවුද ස්ටාලින්වාදියා ??

      Delete
    4. ස්ටාලින්වාදියා ?? මොන ස්ටාලින්වාදයක්ද මේක වමෙපුක්වාදයයි (Left-ass-ism)

      Delete
    5. මේ වමේපුක්වාදියා කලකට පෙර අපි අත්විදින සමාජ ගැටලුවලට පිළියම සමාජවාදය වේ, කියද්දී,
      මෙතනට කඩාපාත් වෙච්ච ධන්වාදියෝ සමාජවාදය ප්‍රායෝගික නෑ කිව්වා මතකද?
      සමාජවාදියෝ ඇත්තටම සංවිධානය වෙලා චන්දය ඉල්ලද්දී මෙන්න මේකා
      සමාජවාදය ප්‍රායෝගික නෑ කියනවා !!!!
      එනිසා අපි ධනපති තක්කඩින්ට චන්දය දිය යුතුයි කියනවා !!!!!!
      වමෙපුක්වාදය යනු ඩොලර්වාදයද, NGOවාදයද, බෝතල්වාදයද ??

      Delete
  2. ජෝන් සහ තවත් වෘද්ධ එජාප දේශපාලනඥයන් දෙතුන් දෙනෙකුටම යහපාලනය ආගන්තුකය.යහපාලනය මතුනොව ශිෂ්ට ලෝකයට හැඩගැසීමටද ඔවුන්ට බැරිය.ඔවුහුද මහින්ද පන්නයේ අතිගරු මහහොරුය.අනෙක් වෘද්ධයන්ද පාක්ෂිකයන්ට උදවු කිරීම ,මැරවරකම් කිරීම,හොරාකෑම ඇතුළු අනීති වැඩ කිරීම යනු දේශපාලනඥයාගේ වරප්‍රසාදයක්ය කියා සිතන අයයි.
    ජෝන් යනු මහහොරා සමඟ ඩීල් දමා සිටි අයෙකි.දෙවරක්ම හොරාගේ මුදල් නාස්තිකාර විදේශ සංචාරවලට ගිය සහපිරිවරට ජෝන්ද අයත් විය.ඒ නිසා විශ්වාස භංගයද ගෙන ඒද කියා සැකය.
    අනෙක ජෝන්ට එරෙහිව විශ්වාසභංග ගේන්න කියා අපට අයදින්න වෙන්නේ හොරුන්ගෙන්මය.හොරුන්ට එරෙහිව කොමෙන්ට් දමා දැන් ඔවුන්ගෙන් යමක් ඉල්ලන්නට හිතටත් මහ මොකක්ද වගේය.

    ReplyDelete
    Replies
    1. //හොරුන්ට එරෙහිව කොමෙන්ට් දමා දැන් ඔවුන්ගෙන් යමක් ඉල්ලන්නට හිතටත් මහ මොකක්ද වගේය.//

      ++ ow ban

      Delete
  3. John illaa aswiyayuthuya. Nethinam yojanaawa sammatha karagena ohu iwath kala yuthuya. Surendra nam chayaroopa shilpiyaage maranayata mohu sambandhai.(parana kathaawak) Yahapaalanayata gelapena minihek nowe.

    ReplyDelete
  4. අර පහුගිය කාලේ තිස්ස අත්තනායක මරාට සහය දෙන්න ගිය වෙලේ මොන දග දාලා හරි ජෝන් සහ රවී ඒත් එක්කම යවගත්තා නං වැඩේ ගොඩ.

    මට පාර්ලි‌‌මේන්තුවේ ඉන්නා උන්ගෙන් පෙන්නන්නම බැරි හතර දහ දොළොස් දෙනෙක් ඉන්න්න්වා.

    උන් තමයි ගූවංශයා, දිනේෂ් ගුණවර්ධන,රවී කරුණානායක,ජෝන් අමරතුංග,කිරිඇල්ල,රෝහිත අබේගුණවර්ධන,කුඩු දුමියා,මැරවින්,කිලි මහරජාගේ ගොට්ටො වන ජේශ්‍රී රංගා සහ බුද්දික පතිරණ

    ප්‍රධාන වශයෙන්ම මුන් සෙට් එක ඊලග ජන්දෙන් නාම යෝජනා නොලැබී හෝ ජන්දෙන් පරාජය වී හෝ පාර්ලිමේන්තු එන්නේ නැති නම් මම උපරිමේට කැමතියි.

    ReplyDelete
  5. නෝ කොන්පිඩොන්ස් මොසොම් එක පාස් උනාම කොහොමත් එයාට කෙල වෙනවනේ.. තුඃ මෙහෙම ගොබ්බ හරක්... නාකි වෙලත් හැදෙන්නේ නැති ගොබ්බ පඩත්තල හැත්ත...

    ReplyDelete
    Replies
    1. තුඃ මෙහෙම ගොබ්බ හරක්... නාකි වෙලත් හැදෙන්නේ නැති ගොබ්බ පඩත්තල හැත්ත... =mathalan+ rasika+parakum+ Raj+henahura+ iwan poulusha+ wicharaka

      Delete
  6. ඩබල් ගේම් ජෝනා එලවමු. යහපාලනය ඇතිකරමු.
    UNP යේ සිරස/ශක්තී බත් ගොට්ටනුත් එලවමු. පිරිසිදු UNP යක් ඇතිකරමු.

    ReplyDelete
  7. පැරා ජොන්ගෙ ෆොටො එකක් හොයලා හොයලා අන්තිමට හම්බ වෙලා තියෙන්නෙ මහින්දට අතට අත දෙන ෆොටො එකක් විතරයි. ප්‍රෙමදාස එක්ක හිටපු එකක්, රනිල් එක්ක හිටපු එකක්, පැරාගෙ ජනාධිපතිතුමාගෙන් ඇමති පදවිය ගත්තු වෙලාවෙ එකක්, වත්තල පහරදීමට මොහොතකට කලින් එකක් හම්බ වෙලාම නෑ.

    ReplyDelete
  8. @පැරා ----

    ඇයි ඔබ මෙහි මාතෘකාවට 'මැරවරයා' යන පදය භාවිතා කළේ? ' -වරයා' යන්න යෙදූ විට එය යම් කිසි ගෞරවයක් හඟව යි (ගුරුවරයා මෙන්). ඔබ විසින් භාවිතා කළ යුතුව තිබුණේ 'මැරයා' යන පදය යි. මැරයෙකුට '-වරයා' යන්න යෙදීමෙන් ගෞරව කළ යුතු නොවේ.

    ReplyDelete
  9. පැරාට, විශ්වාස භංග වගේ මේ සිස්ටම් එක බැලන්ස් කරල තියා ගන්න හදපු දේවල් ගැන මාර විශ්වාසයක්නෙ තියෙන්නෙ. ඕක තමයි වාමාංශිකයින්ට වැදිල තියෙන හෙනේ. පැරාට තේරෙන්නෙ නැද්ද විශ්වාසභංගයක් දිනන්නෙ හෝ පරදින්නෙ ඒකෙ නිවැරදි කම මත නෙවෙයි කියන එක. ආණ්ඩුවට හෝ විපක්ෂයට ඉන්න ඔළුගෙඩි ගාන මතයි ඒක තිරණය වෙන්නෙ. මොකද එයාලගෙ තියෙනවනේ සාමූහික වගකීම කියල එකක්. ඒ නිසා කවදාවත් මන්ත්‍රීවරු තමන්ගෙ මතයට අනුව ඡන්දෙ පාවිච්චි කරන්නෙ නෑ(ඔය ස්වාධීන මන්ත්‍රීවරු ඇරෙන්න). දැන් බලන්න අද ඔය මෛත්‍රීල රාජිතල වැරදියි කියන ගොඩක් දේවල් වලට ඒ ආණ්ඩුවෙ ඉඳිද්දි එයාලත් අත් දෙකම උස්සලා තියෙන්නෙ(උදා- ශිරානි ඉවත් කිරීම). ඒ නිසා පැරාල උඩ දැම්මට මේව ගොන්පාට්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ මෙයයි: මේ ක්‍රමය යටතේ කිසිදු හොඳ දෙයක් සිදු වන්නේ නැත. ඒ නිසා සිදු විය යුතු දේ ගැන කතා නො කර අප විසින් කළ යුතුව තිබෙන්නේ ඒ ප්‍රශ්නයටත් විසඳුම සමාජවාදය ය යනුවෙන් කීමයි.

      හරිම ලේසි ය. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම ඉතා සරළ ය. සමාජවාදය ගොඩනැගීම ය. ඒ සඳහා තිබෙන කල්ලි කණ්ඩායම්වලින් මේ ඇනෝගේ කණ්ඩායම තෝරාගෙන එයට වැඩ කළ යුතු ය. ‍කොළඹින් එවන පෝස්ටර් ගැසිය යුතු ය. ‍රැස්වීම්, උද්ඝෝෂණ, මැයි දින ආදියට යා යුතු ය. එහෙම කරමින් සිටින විට ඒවායේ නායකයන්ට සමාජවාදය හදන්නට පුළුවන් වේ.

      කිසිද්ු ප්‍රශ්නයක් පවතින ක්‍රමය තුළ විසඳා ගන්නට නො යා යුතු ය. එය සිස්ටම් එක බැලන්ස් කිරීමකි.

      මෙවැනි පටු දැක්මක් ඇති මිනිසුන්ට, ඔවුන් ඇත්තට ම මේ කියන දේ අනුව ජීවත් වෙනවා නම්, ජීවිතයක් නැත.

      එහෙත්, ඔවුන් එසේ කරන්නේ නැත. මෙසේ කියමින් ධනවාදය තුළ, උන්නතිකාමී, පාරිභෝජනවාදි සාමාන්‍ය ජීවිත ගත කරමින් තමන්ගේ දරුවන් දොස්තරලා කරන්නට උගන්වති.

      Delete
  10. Ajith..., umba lamayinwa nurse lama karapiya. mokada nurse la dostharalata wediya padi gannawane den.

    ReplyDelete
  11. Mekatath Danna thibune, "Darganagara madin Charikawak"wage Ange mail kelinwena Head Line ekak,(Thalagoi kabarunda,Kabarun Thalagoinda karadenu lebe.) 3nlokaya.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා