ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදු වුණා ද?

ලංකාවේ රජයන් විසින් දෙමළ වර්ග සංහාරයක් කර තිබෙන බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පරීක්ෂණ පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවේ සම්මත කර ගන්නා ලද යෝජනාව දෙමළ ජාතිවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේ මෙසේ ය: "යටත්භාවයේ හෙළමින්, අයිතීන් ලබා නොදෙමින්, යුක්තිය ඉටු නොකරමින්, පක්ෂග්‍රාහී පිළිවෙත් මගින් සහජීවනය ඇති කළ නොහැක. එම නිසා යථාර්තයට මුහුණ දීමට සුදානම් කොටස්, ස්ථිර සාමයක් සහ සහජීවනයක් අපේක්‍ෂා කරන පාර්ශවයන්, මානව හිමිකම් ක්‍රියාධරයන් යන සියල්ලෝ මෙම යෝජනාව සාර්ථක කරගැනීමට එක් විය යුත්තෝය. කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සිංහල සහෝදර සහෝදරියන්ගෙන්ද අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මීට පුර්ණ සහාය ලබා දෙන ලෙස ය. මෙය කිසිවෙකුගෙන් පලිගැනීම සඳහා ගෙන එන්නක් නොව, සියලු දෙනාටම නීතියේ සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගෙනඑන යෝජනාවකි."


පසුගිය ජනාධිපතිවරණයේදී කොටි හිතවාදී ඩයස්පෝරා පිරිස් ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන් දැරූ ස්ථාවරය වූයේ දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කළ යුතු බවයි. එහෙත් දෙමළ ජනතාව එම ඉල්ලීම පිළිකෙව් කරමින්, ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ඡන්දය දුන්නේ ය. ඒකාධිපති පාලනයක් පෙරළා දැමීම ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අභිලාෂයේ ප්‍රකාශනයකි. දෙමළ ජනතාව ඒ වෙනුවෙන් කොන්දේසි ඉදිරිපත් කළේ නැත. දෙමළ නායකයන් කොන්දේසි ඉදිරිපත් කළත් දෙමළ ජනයා ඒවා කෙරෙහි සැලකිල්ලක් දක්වන බවක් නො පෙනිණි.

සාමාන්‍ය දෙමළ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට දක්වන ලද මෙම සහයෝගය හමුවේ දෙමළ අන්තවාදීන් පමණක් නොව දෙමළ ජාතිකවාදීහු ද අපහසුවට පත් ව ඇති බව පෙනේ. උතුරේ දෙමළ සමාජය ජාතිවාදී ඊලාම් සීමා අතික්‍රමණය කරමින්, සමස්ත ලංකාව සිය ර‍ට ලෙස සලකමින්, කොළඹ ආණ්ඩුවේ පාලනයට මැදිහත් වෙමින්, වාර්ගික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දැක්වූ මෙම උනන්දුව සිය පැවැත්මට තර්ජනයක් බව ඔවුහු දනිති.

මෙහිදී විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේගවලට සිවංජිලිංගම් වැනි ජාතිවාදීන් සරණ යාමට සිදු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව අභ්‍යන්තර බල අරගලය නිසා ය. දෙමළ ජාතික සන්ධානයේ ආනන්දි සසිදරන්, එම්.කේ. සිවාජිලිංගම් වැනි කොටි හිතවාදී මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ජාතිවාදය භාවිතා කරමින් ජනප්‍රිය වන්නට ය. පසුගිය ජනාධිපතිවරණයේදී ද මෙම දෙපළ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දෙනවාට විරුද්ධ වූ හ. උතුරු පළාත් සභාවේ පාලකයන් මුහුණ‍ දෙන මූලික ගැටලුව අනෙකක් නොව තමන් සතු බලතල පාවිච්චි කරමින් ඵලදායී සේවාවක් ජනතාවට සැපයීමට අසමත් වීමයි.

මෙය වනාහි විරෝධතා දේශපාලනයේදී සාර්ථක වූ ලොව බොහෝ දේශපාලන පක්ෂ විසින් අත්දැක තිබෙන තත්වයකි. විරෝධතාව ඔස්සේ බලයට පැමිණියදථ රාජ්‍ය පාලනයට හැඩගැ‍සීමේදී විරෝධතාවාදීන් හැම විට ම දක්ෂ වී නැත. කියුබාවේ කස්ත්‍රෝ වැනි අය සාර්ථක වුව ද, නේපාලයේ ප්‍රචණ්ඩාගේ සිට දිල්ලියේ කෙජ්රිවාල් දක්වා බොහෝ දෙනාගේ පොදු අද්දැකීම වන්නේ අසාර්ථක රාජ්‍ය පාලනයයි.

විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයා ද සිය අසාර්ථකත්වය වසා ගන්නට යන්නේ ජාතිවාදීන් සමග එක් වී එක ම සළුව බෙදා හදා ගනිමිනි. ජාතිවාදයට වගකීම් නැත. ඒ නිසා ජාතිවාදී දේශපාලනය ඉතා පහසු ය. ‍එබැවින් සිංහල, දෙමළ ‍සමාජයන් දෙකේ ම දේශපාලකයෝ කැලතක් ජාතිවාදී සටන් පාඨ පුවරු සූදානම් කරගෙන ‍අවස්ථාව ලැබෙන තෙක් කෙළ හළමින් සිටින බව ඇත්තකි. සමාජයක් ජාතිවාදයට එරෙහිව අවදි කිරීම පහසු කාර්යයක් නො වේ. එහෙත්, ජාතිවාදයෙන් බලමුළු ගැන්වීම දුෂ්කර නැත.

බලය සඳහා ජාතිවාදය භාවිතා කිරීමෙහි ශූරයකු වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිවාදී නායකයන් විසින් පසුගිය නව වසරක් තුළ සිංහල සමාජයට කර තිබෙන බලපෑම සුළුපටු එකක් නො වන බව පෙබරවාරි 18දා නුගේගොඩ රැළිය සාක්කියකි. මහින්ද රාජපක්ෂට පෙර සිංහල සමාජය ජාතිවාදී නො වූ බවක් එයින් අදහස් කරන්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ ජාතිවාදය උපරිම අන්දමින් භාවිතා කළ අයෙකි. අලුත් ආණ්ඩුවට ඔහු තවමත් බරපතල අභියෝගයකි. විමල් වීරවංශ වැනි ඔහුගේ අනුගාමිකයෝ සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ඕනෑම පියවරකට එරෙහිව ජනතාව උසි ගන්වන්නට සැදී පැහැදී සිටිති.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දෙමළ ප්‍රශ්නය සංවාදයට පාත්‍ර නො වන්නට ප්‍රධාන හේතුව මෙම ජාතිවාදයයි. එහෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ මෙන් ම මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ පවා පළාත් සභා අහෝසි කිරීම තරම් අන්තගාමී සටන් පාඨ නො තිබූ බව සිහිපත් කර ගත යුතු ය. පළාත් සභා දැන් පිළි ගත් ව්‍යූහයකි. පළාත් සභා සතුව සැලකිය යුතු බලතල ප්‍රමාණයක් තිබේ. පොලිස් හා ඉඩම් බලතල නැතිවත්, පළාත් සභාවලට සැලකිය යුතු බලයක් ඇත. විශේෂයෙන් ම අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සේවාවන්වලදීත්, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැනි ක්ෂේත්‍රවලදී පළාත් සභාවට සැලකිය යුතු වැඩ කොටසක් කරන්නට හැකියාව තිබේ. දැනට තිබෙන බලතල භාවිතා කර ජනතාවට ඵලදායී සේවාවක් සපයන්නේ නම්, මුළු බලතල ලබා ගැනීමටත්, බලතල පුළුල් කර ගැනීම පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යාමටත් එය ඉවහල් කර ගත හැකි ය.

අලුත් ආණ්ඩුව දෙමළ ප්‍රශ්නය විෂයෙහි මහින්ද රාජපක්ෂ පාලනයට සාපේක්ෂව ඉදිරිගාමී බව ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එය එක්සත් ජාතික පක්ෂ නායකත්වය ක්‍රියාවෙන් ඔප්පු කළ දෙයකි. බලයට පත් වූ පසු උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු පත් කරමින් ආණ්ඩුව විසින් වැදගත් සංඥාවක් කරන ලදී. දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය තාන්ත්‍රිකව නම් කළ යුතුව තිබුණේ දකුණේ ආණ්ඩුව සමග ඉදිරිගාමී සංවාදයකට එළඹීමයි. දකුණේත්, උතුරේත් මුල් බැසගෙන තිබෙන ජාතිවාදයන් මැදින් ඉදිරියට යාමට නම්, උතුරේත්, දකුණේත් පාලනයන් අතර අවබෝධයක් ගොඩනගා ගත යුතුව තිබේ.

එහෙත්, පාලනය වෙනස් වී ඉතා කෙටි කලක් ඇතුළත දෙමළ ජාතික සන්ධානය විසින් වෙනස් ස්ථාවරයක් ප්‍රකාශයට පත් කරන ලදී. නව පාලනයට දෙමළ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නො දෙමින් ගෙන එන ලද මෙම වර්ග සංහාර යෝජනාව දෙමළ ජාතිවාදීන් පැත්තෙන් ගත් කල සැලකිය යුතු ජයග්‍රහණයකි. ඔවුන්ගේ ප්‍රීතිය ඒ ඔස්සේ තේරුම් ගත හැකි ය. උතුරේ දෙමළ ජනයා හා දකුණේ සිංහල ජනයා අතරත්, පාලක කණ්ඩායම් අතරත් යහපත් අන්තර් සම්බන්ධතා ගොඩනැගීම අවදානමක් ලෙස දකින ජාතිවාදයෙන් යැපෙන සිංහල මෙන් ම දෙමළ ජාතිවාදී පණුවන්ට දෙමළ ජාතික සන්ධානයේ වර්ග සංහාර යෝජනාව කදිම ආහාරයකි.

දෙමළ ජාතික සන්ධානය තම ස්ථාවරය වෙනස් කිරීම සඳහා ‍හේතු ලෙස ඉදිරිපත් කරන්නේ උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම පිළිබඳ නව රජය විසින් ඉදිරිපත් කරන ලද අදහස් ය. ආණ්ඩුව බලයට පත් වූ හැටියේ උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කර, දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ලබා දිය හැකි තරම් මේ ආණ්ඩුව ශක්තිමත් හෝ ජනප්‍රිය හෝ නැති බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ය. එවැනි රැඩිකල් පියවරක්  තවමත් ප්‍රබල තත්වයක පසු වන නුගේගොඩ රැළියෙන් සංකේතවත් වූ බලවේගට කදිම ඉනිමගක් වනු ඇති බව ඉතා පැහැදිලි ය. ජනවාරි 9දා වන විට රාජපක්ෂ කඳවුරේ ජාතිවාදීන් විසින් රට පුරා පතුරුවා හරිමින් සිටි කටකතාව සිහිපත් කර ගන්න. එයින් කියැවුණේ උතුරේ කොටි හිතවාදීන් හමුදා කඳවුරු වට කර ඒවාට ගල්, මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. මෙම කටකතාව පැතිරවීම සම්බන්ධයෙන් විමල් වීරවංශගේ මස්සිනා අත්අඩංගුවට ද ගන්නා ලදී. මෙමගින් ඉලක්ක කරනු ලැබුවේ හමුදාව හා හමුදා සෙබළුන්ගේ පවුල් ද, සිංහල ජාතිවාදීන් ද ආණ්ඩුවට හා දෙමළ ජනයාට එරෙහිව උසි ගැන්වීමයි.

ජාතික ප්‍රශ්නය වෙනුවට පසුගිය පාලනය තුළ දූෂණ, වංචා හා වෙනත් අපරාධවල යෙදුණු දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය සැලකිල්ලට ගන්න. එහිදී පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය ක්‍රියාත්මක කරවා ගැනීම රජයට කෙතරම් දුෂ්කර වී තිබේ ද යන්න විමසා බලන්න. විපක්ෂයේ සිටිමින් ම රාජපක්ෂ පාලනයෙන් වරප්‍රසාද ලැබූ ඇතැම් දේශපාලනඥයන් පවා දැන් ඇමතිවරුන් වී මෙම ක්‍රියාවලි හරහට වැටුණු අඩ බවට පත් වී තිබේ. විමල් වීරවංශගේ බිරියගේ ව්‍යාජ හැඳුනුම්පත් පිළිබඳ ලිපිගොනු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. වෙනත් මහා පරිමාණ දූෂණ හා අපරාධ පිළිබඳ සාක්ෂි නිරුපද්‍රිතව ඉතිරි කර තිබේ ද යන්න සිතා බලන්න. දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම ගැන උද්දාමයට පත් වෙමින් "කෝ ඔය කළා ද?" කියා අසන අය මේ කාරණාත් සැලකිල්ලට ගත යුතු ය. අවුරුදු නවයක් හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ අශීලාචාරත්වයේ ගොදුරක් බවට පත් කරන ලද රටක් දින සීයකටත් පෙර පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරන්නැයි ඉල්ලා සිටිමින්, එසේ කරන්නට බැරි වූ කල එය ගර්හාවට ලක් කිරීම ද එකී අශීලාචාරකමේ ම කොටසකි.

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාව දෙමළ ජාතිවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති මුත්, එය එක්තරා අන්දමක ක්ෂණික මෝචනයක් ලෙස සැලකීම ද වරදක් නැත. මන්ද,‍ මෙම යෝජනාවේ තිබෙන අති ධාවනකාරිත්වය නිසා එයට ජාතිකව හෝ ජාත්‍යන්තරව කිසිදු පිළිගැනීමක් ලැබෙන්නේ නැත. අඩු තරමේ තමිල්නාඩුවෙන්වත් එයට සහයෝගය දිනා ගන්නට බැරි වී තිබේ.

1948 වසරේ එළඹුණු සංහාරයන් වැළැක්වීමේ හා ඒවාට දඬුවම් කිරීමේ සම්මුතියෙහි සංහාරය යනු කුමක්දැයි අර්ථකථනය කර තිබේ. ඒ අනුව එම අපරාධය සිදු වීමට නම් එවැනි සංහාරයක් කිරීමේ චේතනාවක් හා සංහාරය ඉලක්ක කළ ක්‍රියාමාර්ග යන දෙක ම තිබිය යුතු ය.

සම්මුතියේ දෙවන හා තුන්වන වගන්ති විසින් මෙය වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබේ. ඒ අනුව ජාතියකට, ජනවර්ගයකට හෝ ආගමික ප්‍රජාවකට හෝ එරෙහිව කරන පහත සඳහන් ආකාරයේ ක්‍රියා සංහාරයක් ලෙස සැලකිය හැකි ය.
එම කණ්ඩායමේ සාමාජිකයන් මැරීම
  • එම කණ්ඩායමේ සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හෝ හිරිහැර කිරීම
  • එම කණ්ඩායම සමස්තයක් ලෙස හෝ පාර්ශ්විකව භෞතිකව විනාශ වන අන්දමේ ජීවන තත්වයක් සිතාමතා ඇති කිරීම
  • කණ්ඩායම තුළ උපත් බලහත්කාරයෙන් පාලනය කිරීම
  • එම කණ්ඩායමේ ළමයින් බලෙන් වෙනත් කණ්ඩායම් වෙත පවරාදීම
මේ අනුව, සංහාරය, සංහාරයක් සිදු කිරීමට කුමන්ත්‍රණ කිරීම, සංහාරය සඳහා ඍජුව හෝ වක්‍රව අනුබල දීම, සංහාරයක් සිදු කිරීමට තැත් කිරීම හා සංහාරයකට සම්බන්ධ වීම යන කරුණු සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි ය. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට එකඟ වූ රටකි. 


ලංකාවේ දෙමළ සංහාරයක් සිදු වී තිබේ ය යන්න අතිශයෝක්ති ප්‍රකාශයක් බව මගේ අදහසයි. ලංකාවේ ආණ්ඩු විසින් දෙමළ ජනයා මරා දැමූ බව ඇත්තකි. එහෙත්, ඒ වනාහි සංහාර අරමුණකින් යයි මම නො පිළිගනිමි. හිට්ලර් යුදෙව්වන් වි‍ෂයෙහි කළ ආකාරයේ හෝ බොස්නියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික් රජය මුස්ලිම් ජාතිකයන් විෂයෙහි කළ ආකාරයේ හෝ රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයන් ටුට්සි ගෝත්‍රිකයන්ට එරෙහිව කළ ආකාරයේ හෝ සංහාරයක් ලංකාවේ සිදු නො වූ බව මගේ මතයයි.

එහෙත්, ලංකාවේ දීර්ඝ කාලීනව වාර්ගික යටපත් කිරීමක් තිබුණු බව මම පිළි ගනිමි. එහිදී, කොළඹ කේන්ද්‍රීය සිංහල ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ජනතාව යටපත් කළ බවත්, දෙමළ ජනතාව වඩා ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කළ ඉල්ලීම් නො තකා හරිමින් කටයුතු කළ බවත් ඇත්තකි. දෙමළ ඊලාම් යුද්ධය එහි ප්‍රතිඵලයකි. එහෙත්, යුද්ධයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකිව යුත්තේ තනිකර ම කොළඹ ආණ්ඩුව හෝ  සිංහල ජනතාව පමණක් හෝ නො වේ. මේ දෙපාර්ශ්වය ම නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ හ. යුද අපරාධවල නියැලුණ හ. කොටි සංවිධානයේ නායකත්වය විනාශ වූ පමණින් ඔවුන් යුද අපරාධ චෝදනාවලින් නිදොස් වන්නේ නැත. මහින්ද රාජපක්ෂ පාලනයට මෙන් ම කොටි සංවිධානයට එරෙහිව ද යුද අපරාධ චෝදනා තිබේ.

වාර්ගික යටපත් කිරීම තල කීපයකින් සිදු විය. එක් තලයකදී ‍සිංහල මූලිකත්වයෙන් යුත් ආණ්ඩුව දෙමළ හා මුස්ලිම් ජනයා බලය යොදා යටපත් කළ අතර, තවත් තලයකදී දෙමළ සන්නද්ධ දේශපාලනය විසින් මුස්ලිම් ජනයා යටපත් කරන ලදී. යටපත් කිරීම හා සංහාරය අතර වෙනසක් තිබේ. සංහාරය යන සංකල්පය සමග යන තවත් සංකල්පයක් වන වාර්ගික ශුද්ධ කිරීම යන කරුණ දෙමළ නායකත්වයට ද අදාළ ය. කොටි සංවිධානය උතුරෙන් මුස්ලිම් ජනයා පළවා හැර ඔවුන්ගේ දේපල කොල්ල කෑ ආකාරය වාර්ගික ශුද්ධ කිරීමක් ලෙස මුස්ලිම් ජනයාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කෙරේ.එහෙත්, මා නම් සිතන්නේ මෙම සිදුවීම් විග්‍රහ කිරීම සඳහා සංහාරය හා වාර්ගික ශුද්ධ කිරීම වැනි සංකල්ප බරපතල වැඩි බවයි.

කෙසේ වෙතත්, මෙය ජාත්‍යන්තරව විභාගයට ගැනීම හොඳ දෙයකි. සිංහල මූලික ආණ්ඩු වර්ග සංහාරයක යෙදුණා යි කරන චෝදනාව සිංහල ජාතියට ම එල්ල කරන චෝදනාවකි. එය ජාත්‍යන්තරව විභාග කිරීම නරක දෙයක් නො වේ. ආණ්ඩුවට හා සිංහල ජනතාවට මේ පිළිබඳව කරුණු දැක්වීමට එමගින් අවස්ථාවක් ලැබේ. එසේම, මුස්ලිම් ජනතාවට ද තම ‍චෝදනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය. මෙම ප්‍රශ්නය අරභයා විවෘත සංවාදයක් සිදු විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ප්‍රායෝගිකව බැලූකළ උතුරට හා නැගෙනහිරට උපරිමලෙස බලය බෙදීමට ලංකාණ්ඩුවට සිදුවෙයි. ඒ කරුණු කිහිපයක් නිසාය. මෙම ආණ්ඩුව දෙමළ පක්ෂවලට ණයගැතිය. එම ණයෙන් නිදහස් වීමට සහ ඉන්දියාවේ බලපෑම නිසා උපරිම බලය බෙදීමක් සිදුවනු ඇත. ඊට එරෙහිවන්නන් මර්ධනය කිරීමද ඊට සමගාමීව සිදුවනු ඇත.

    කස්ත්‍රෝ සාර්ථක වීමටත් ප්‍රචන්ඩා අසාර්ථක වීමටත් හේතුව නේපාලයේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තිබීමයි. කියුබාවේ මෙන් අන්තනෝමතික තනි පක්ෂ ක්‍රමයක් නේපාලයේත් තිබ්බානම් ප්‍රචන්ඩාටද සදාකාලිකව බලයේ සිටිය හැකි වනු ඇත. ඉන්පසු සහෝදරයෙකුට හෝ දරුවෙකුට බලය උරුම කර දීමටද හැකිවනු ඇත.

    ReplyDelete
  2. ආණ්ඩුව දෙමළ පක්ෂ වලට ණයගැති වන්නේ කෙසේද?
    ආණ්ඩුවට ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඡන්දය දුන් බව ඇත්තකි. එම ඡන්ද වල අයිතිකරුවෝ දෙමළ පක්ෂ ද? අප එසේ පිළිගත යුතුද?

    දෙමළ ජනතාව ඔය කියන දෙමළ පක්ෂ සීයට සීයක් අනුමත කරනවාද?
    පළාත් සභාවේ බලය ලබාගැනීම සඳහා ටී එන් ඒ එකට ඡන්දය දුන් පමණින් ටී එන් ඒ කියන කියන දේට දෙමළ ජනතාව පක්ෂපාතී වනු ඇතැයි සිතන්නේ කෙසේද?

    යාපනයේ ජනතාවගේ දැඩි ජාතිවාදී ස්වරූපයක් 2013 වර්ෂයේදී නම් මට අත් දකින්නට හැකි වූයේ නැත. එහෙත් ඔවුන් ජාතිවාදීන් වීමට ඉඩකඩ නැතැයි මම නොකියමි. අඩු වශයෙන් ඔවුහු තමන්ගේ ජාතිවාදී බව පෙන්වන්නට ගියේ නැත.

    දැන් ටී එන් ඒ එකට සිදු වී ඇති දෙය නම් බලය සඳහා ජාතිවාදය තොරොම්බල් කිරීම බව කියන පැරාගේ අදහසට මම එකඟ වෙමි. තවද, ශ්‍රී ලංකාව තුළ වාර්ගික සංහාරයක් 1983න් පසු (ජාතික මට්ටමෙන්) සිදු වී නැති බවත් සත්‍යයකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දෙමල වාර්ගිකයන් බොහෝ දුරට තමිල්නාඩු සංස්කෘතිය මත යැපෙනවා
      අපි දැක්කා ජයලලිතා හිරේ දැම්මා කියලා තමිල්නාඩු ජාතිකයෝ ගනනාවක් සියදිවි නසා ගත්තා මෙහෙ දෙමලුන්ටත් ඒ හැදියාව ඇති ඒ නිසා සිංහල දේශපාලනඥයෙක්ට වඩා වැඩි බලයක් දෙමල දේශපාලනඥයන්ට ලැබෙනවා
      අනිත් කරුන උතුරේ ජනතාව වර්ගවාදය අවුස්සන දේශපාලනඥයන්ට විරුද්ධව නිහඬව සිටීම මඟින් වැරැද්දක් කරනවා ඒ නිසා උන් හොඳයි කියන්න බෑ

      Delete
    2. දෙමළ මිනිස්සු තමිල්නාඩු සංස්කෘතිය මත නොයැපි උඹේ අම්මගෙ සංස්කෘතිය උඩද යැපෙන්න ඕනැ?

      Delete
  3. මේ යන විදිහට ජාතිවාදී ගිනිදැල් ඇවිල ගියොත් සිංහල දෙමළ මුස්ලිම් යන හැම වර්ගයකම සංහාරයක් ඇති වේවි. අන්තර් ජාලයේ කෙසේ වෙතත් සාමාන්‍ය මිනිසුන් කියවන අසන දකින ජනමාධ්‍ය වලට මේ වගක් නොතෙරේනාවා වගේ ඇස්කන් නැතිව සිටින බවක් පෙනෙනවා.

    ReplyDelete
  4. රජින් ජාති වාදය අවුස්සන්න එපා කියා තර්ජනය කරන්නේ සිංහලයන්ට විතරයි

    ReplyDelete
  5. ලංකාව තුල 'වාර්ගික සංහාරයක්' නම් 1983න් පස්සේ සිදුවුනා කියා කියන්න බෑ.. හැබැයි 4 වෙනි ඊලාම් යුධ සමයේ (2006-09 දක්වා ) හා ඉන් පසුව විෂේසයෙන්ම දමිලයින්ගේ (සිංහලයින්ගේ සිදුනොවුනා නොවේ ) අයිතිවාසිකම් රාජපක්ෂ රජය විසින් අමු අමුවේ උල්ලංඝනය කලා... ඒක දකුනේ සිංහල ජාතිකවාදී කොටස් පිලිගන්න කොච්චර අකමැති උනත් මහපොලවේ පවතින සත්‍යක්...

    -2006 සිට රටපුරා කල සුදුවැන් පැහැරගෙනයෑම්
    -මාධ්‍යවේදී ඝාතන
    -2006 ත්‍රිකුනාමලය වෙරලේදී එස්ටීඑෆ් බටයින් දමිල පාසැල් සිසුන් 5 දෙනෙකු ඝාතනය
    -යුද්ධය අවසාන සමයේ සිදුවූ ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ඝාතනය වැනි යුධ අපරාධ
    -වැලිකඩදී, රතුපස්වලදී සිදුවූ ඝාත්න
    -උතුරේ යුධ අවසානයේ සිදුවූ දමිලයින් හමුදාව මගින් අතුරුදහන්කිරීම්

    මේවා ගැන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විදිමත් පරීක්ෂනයක් පැවැත්විය යුතුයි. වරදකරුවන් අධිකරනයට ගෙන ආ යුතුයි..
    ඒක ලංකාවේ අධිකරනය මගින් සිදුනොවෙනව නම් දමිල ජනතාව ජාත්‍යන්තරයේ පිහිට පැතීමේ වරදක් නෑ..

    දමිලයින් පමනක් නොවේ රතුපස්වල, වැලිකඩ වගේ රාජපක්ෂ යුගයේ ජන සංහාරවලදී ඝාතනය වූ සිංහලයින්ගේ පවුල්වල අයත් එ.ජා. මානව හිමිකම් කාර්‍යාලයට යනවට මම පක්ෂයි..

    ReplyDelete
    Replies
    1. //-2006 ත්‍රිකුනාමලය වෙරලේදී එස්ටීඑෆ් බටයින් දමිල පාසැල් සිසුන් 5 දෙනෙකු ඝාතනය
      දෙමල වර්ග වාදීන් නිසා සිංහල වාර්ගික සංහාරයන් සිදුවුනා
      ඒවා එක්ක බලද්දී
      මෙව්වා කියවන්න ලැජ්ජා නැද්ද
      හිඩ්ලර් බලයට පත්වූ පසු සිදුවූ ජර්මන් මරන වලට වගකිව යුත්තේ හිඩ්ලර්ට චන්දය දැමූ ජර්මානුවන්මයි

      Delete
    2. ත්‍රස්තවාදීන් කන්ඩායමක් කල ඝාතන නිසා නීත්‍යානුකූල රජයක් කල ඝාතන සාධාරනීකරනය කල හැක්කේ හිට්ලර් පන්නයේ උම්මන්තක ජාතිවාදියෙකුටම පමනයි...
      උඩ කොමෙන්ට් එකෙන් පේන්නේ එහෙම සිංහල ජාතිවාදියොත් ඉන්නව කියන එක..

      Delete
    3. ඔබ කියන්නෙ ත්‍රස්තවාදීන්ට අපරාධ කරන්න බලපත්‍රයක් තියනව කියලද
      නීත්‍යානුකූල ආණ්ඩුවලට නැති ඒ අයිතිය ත්‍රස්තවාදීන්ට තියනව කියල තියෙන්නෙ මොන පොතේද

      Delete
    4. රජය කල අපරාධවලට දඩුවම් කිරීම 'ත්‍රස්ථවාදීන්ට අපරාධ කරන්න ඉඩදීමක්' වන්නේ කෙසේද?

      කේපීට දඩුවම් නොකරන්නැයි කවුරුවත් කීවාද?

      Delete
    5. පිටරට පැනල ඉන්න යුද්ධය අවසන් කාලයේත් සටන් බිමේ සිටි කොටින්ට සිවිල් ජනතාව බලෙන් රඳවා ගැනීම යටතේ දඬුවම් කරමුද? ඔයාගේ ඔච්චර අපක්ෂපාතී ෂෝයි ජාත්‍යන්තරයට හරි ලේසියිනෙ තමන්ගේ රටේ සරණාගත වීසා වලින් ඉන්න කට්ටියගේ පරණ වැඩකිඩ හොයල බලන්න.

      Delete
    6. /ඔබ කියන්නෙ ත්‍රස්තවාදීන්ට අපරාධ කරන්න බලපත්‍රයක් තියනව කියලද
      නීත්‍යානුකූල ආණ්ඩුවලට නැති ඒ අයිතිය ත්‍රස්තවාදීන්ට තියනව කියල තියෙන්නෙ මොන පොතේද/

      ත්‍රස්තවාදීන්ට අපරාධ කරන්න බලපත්‍රයක් නැහැ. ඒක තමයි අපි කියන්නෙ ශවීන්ද්‍ර සිල්වා වගේ අමු අමුවෙ අහිංසක නිරායුධ දෙමළ ජනතාව මරපු ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.

      Delete
    7. දෙමළ මිනිස්සු අතර හින්දු ක්‍රිස්තියානි ගැටුමක් ඇතිවෙලා හින්ද දෙමලෙක් අතින් ක්‍රිස්තියානි දෙමලෙක් මැරුම් කෑ වොත් ජාත්‍යන්නර ප්‍රජාව දෙමල වර්ගවාදයට විරුද්ධ වෙයි එතකම් ජාත්‍යන්තර ප්‍රජාව සිංහලයන්ට විරුද්ධයි

      Delete
  6. ලංකාව තුල 'වාර්ගික සංහාරයක්' නම් 1983න් පස්සේ සිදුවුනා කියා කියන්න බෑ.. හැබැයි 4 වෙනි ඊලාම් යුධ සමයේ (2006-09 දක්වා ) හා ඉන් පසුව විෂේසයෙන්ම දමිලයින්ගේ (සිංහලයින්ගේ සිදුනොවුනා නොවේ ) අයිතිවාසිකම් රාජපක්ෂ රජය විසින් අමු අමුවේ උල්ලංඝනය කලා... ඒක දකුනේ සිංහල ජාතිකවාදී කොටස් පිලිගන්න කොච්චර අකමැති උනත් මහපොලවේ පවතින සත්‍යක්...

    -2006 සිට රටපුරා කල සුදුවැන් පැහැරගෙනයෑම්
    -මාධ්‍යවේදී ඝාතන
    -2006 ත්‍රිකුනාමලය වෙරලේදී එස්ටීඑෆ් බටයින් දමිල පාසැල් සිසුන් 5 දෙනෙකු ඝාතනය
    -යුද්ධය අවසාන සමයේ සිදුවූ ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ඝාතනය වැනි යුධ අපරාධ
    -වැලිකඩදී, රතුපස්වලදී සිදුවූ ඝාත්න
    -උතුරේ යුධ අවසානයේ සිදුවූ දමිලයින් හමුදාව මගින් අතුරුදහන්කිරීම්

    මේවා ගැන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විදිමත් පරීක්ෂනයක් පැවැත්විය යුතුයි. වරදකරුවන් අධිකරනයට ගෙන ආ යුතුයි..
    ඒක ලංකාවේ අධිකරනය මගින් සිදුනොවෙනව නම් දමිල ජනතාව ජාත්‍යන්තරයේ පිහිට පැතීමේ වරදක් නෑ..

    දමිලයින් පමනක් නොවේ රතුපස්වල, වැලිකඩ වගේ රාජපක්ෂ යුගයේ ජන සංහාරවලදී ඝාතනය වූ සිංහලයින්ගේ පවුල්වල අයත් එ.ජා. මානව හිමිකම් කාර්‍යාලයට යනවට මම පක්ෂයි..

    ReplyDelete
    Replies
    1. කොටි කරපු ඝාතන (මායිම් ගම්මාන, බස් බෝම්බ) ඒවා ගැන පැමිණිලි කරනවට ඔයා කැමති නැත්තේ ඇයි?

      Delete
    2. කොටි වැරදි කළා හෝ නොකළා කියන කාරණය උඩ ආරක්ෂක හමුදා නිර්දෝෂී වෙන්නෙ නැහැ නේද?

      Delete
    3. මම එහෙම කිව්වද?

      මම අහන්නේ කොටි කරපුවා අමතක කරන්නේ ඇයි කියලා. අහනදේට උත්තර දෙන්නකෝ.

      Delete
    4. කොටි කළ දේවල් තවත් අළුතින් සොයා පලක් නැහැ. මන්ද වැරදිකරුවන් සියල්ලන්ම වාගේ දැන් මිය ගිහින්. ඒ අපරාධ කළේ කවුද කියන එක ගන දැන් තියෙන්නේ ඇකඩමික් ඉන්ටරෙස්ට් එකක් විතරයි.

      නමුත් දෙමළ ජනතාවට (කොටින්ට නෙවෙයි) එරෙහිව අපරාධ කළ පිරිස් තවමත් සමාජයේ මහා උපාසකයින් සේ වැජඹෙනවා. මේ අපරාධ ගැන සෙවිය යුත්තේ මේ පිරිස් හෙළිදරව් කිරීමටයි.

      Delete
  7. යුධ අපරාධ වලට වගකිවයුතු හමුදා නිලධාරීන් 4-5 දෙනාව යුධ අධුඉකරනයක් ඉදිරිපිටට ගෙනගොස් දඩුවම් නොකරන්නේ ඇයි?

    කිහිප දෙනෙකුගේ වැරදි වලට ලක්ෂ 5 හමුදාවකට චෝදනා එල්ල වෙන්නට ඉඩදිය යුතුද?

    මනම්පේරි ඝාතනයේ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට දඩුවම් කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය ආරක්ෂා වුනානම් මේ ප්‍රශ්නයේදීත් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි?

    ReplyDelete
    Replies
    1. පොලිස්කාරයින් නොවෙයි හමුදාකාරයින්.
      http://en.wikipedia.org/wiki/Premawathie_Manamperi

      Delete
    2. මනම්පෙරි ගාතයකයන් යුධ අධිකරනයකට ගෙන ගියාද පරයො? රටෙ සාමාන්ය නීතිය ක්‍රියාත්මක කිරීමයි විශෙශ යුධ අපරාධ අධිකරනයයි දෙකක් නූගත් ගන් කබරයො. වැරදි කරපු එවුන් ඉන්නනවනම් සාක්ශි ඉදිරිපත් කරපන්. එතකොට රටෙ සාමාන්ය නීතිය ක්‍රියාත්මක වෙයි. විශෙශ යුධ අධිකරන දාලා රටෙ ස්වාධිනත්වයට හානි කරන්න එපා මූසලයො.

      Delete
    3. එකම සිද්ධියක් ගැන කියනවා නම් ත්‍රිකුණාමලයේ දෙමළ සිසුන් පස්දෙනාගේ මරණ ගැන ඕනෑ තරම් සාක්ෂි තියෙනවා හැබැයි වරද කරුවන්ට කවමදාවත් දඬුවම් ලැබුණේ නැහැ. සිංහල ආණ්ඩුවක් යටතේ ලැබෙන්නෙත් නැහැ. යුධ අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය ඒ නිසයි.

      Delete
  8. ඇනෝ එහි කිසි වරදක් නෑ. නමුත් ඇයි රාජපක්ෂ යුගයට සීමා වෙන්නෙ. ඊට කලින් තිබූ එජාප ,ශ්‍රීලනිප ආණ්ඩු, කැරළිකරුවන් සහ නිළ නොවන රාජ්‍ය අනුග්‍රහය ලත් මිනීමරු කල්ලි ගැනත් විමර්ශන නරක නෑ නේද
    එහෙම වුනොත් කොහෙන් කෙළවර වෙයිද
    යහපාලන ආන්ඩුවක් ඉතිරි වෙයිද

    ReplyDelete
    Replies
    1. එකගයි.. නමුත් මුලින්ම

      -මුලින්ම මෑත යුගයේ සිදුවූ ජාත්‍යන්තරව රටට විෂාලම බලපෑම තිබෙනඅපරාධය විසදල ඉමු...

      -ශාක්ෂි වැඩියෙන්ම තියෙන අපරාධය ගැන හොයමු (ලන්ඩන්වල වසන මගේ මාධ්‍ය මිතුරෙක් පැවසූ ආකාරයට රජයේ හමුදා වල අපරාධ ගැන ජායාරූප හා වීඩියෝ ශාක්ෂි 8000 අධික ප්‍රමානයක් එකතුකරගෙන තිබෙනවා)

      -සමාජයට සංවේදීම අපරාධ ගැන හොයල ඉමු

      දමිල සමාජය 2006-09 කාලය තුලසිදුවූ අපරාධ වලට සංවේදී තරම් දකුනේ සමාජය තුල 87-89 අතර සිදුවූ අපරාධ වලට යුක්තිය ඉටුකරගැනීමට උවම්නාවක් ඇති බව පේන්නෙ නෑ..
      (එසේ ඇත්නම් හොදයි, නමුත් 94-2001 චන්ද්‍රිකා ආන්ඩුවට වත් දකුනෙන් බලපෑමක් කලේ නෑ.. )

      Delete
    2. මතක ඇතුව ඔය ටික විතරක් හොයන්න. බස්වලට කෝච්චිවලට බෝම්බ තියපුවා එහෙම හොයන්න එපා.

      ඔබේ මිතුරාගේ පිංතූර 8000න් එකක්වත් තියෙනවද කොටි දෙමල මිනිස්සුන්ව මිනිස් පලිහක් විදියට තියාගෙන හිටපු බව පෙන්වන? සාමාන්‍ය මිනිස්සු අතර සහ තාවකාලික රෝහල් අසල සිට බර අවි පාවිච්චි කරන බව පෙන්වන? සරලවම අහනවා නම් කොටි සියඹලා ගෙනාවෙම නැද්ද?

      Delete
    3. කොටි කළ දේවල් තවත් අළුතින් සොයා පලක් නැහැ. මන්ද වැරදිකරුවන් සියල්ලන්ම වාගේ දැන් මිය ගිහින්. ඒ අපරාධ කළේ කවුද කියන එක ගන දැන් තියෙන්නේ ඇකඩමික් ඉන්ටරෙස්ට් එකක් විතරයි.

      නමුත් දෙමළ ජනතාවට (කොටින්ට නෙවෙයි) එරෙහිව අපරාධ කළ පිරිස් තවමත් සමාජයේ මහා උපාසකයින් සේ වැජඹෙනවා. මේ අපරාධ ගැන සෙවිය යුත්තේ මේ පිරිස් හෙළිදරව් කිරීමටයි.

      Delete
    4. තොපි ඔය දෙමල ජනතාවට අපරාධ කරා කියන්නෙ කොටින්ගෙ Human shield එක නිසා මිය ගිය මිනිස්සු. ඒකට වගකියන්න ඔනෙ කොටි සහ කොටින්ගෙ වැඩ සාධාරනීයකරනය කරන තොපි. මෙ සෙවල ආණ්ඩුව වැටිලා ජාතිහිතයිශී ආණ්ඩුවක් ඊලගට පත් උනාම කොටින්ට අනියමින් හො උදවු කරපු හැම එකාම හොයලා දැඩි දඩුවම් දෙන්න ඔනෙ. අවුරුදු 30ක් තිස්සෙ මැරුනු මිනිස්සුට සාධාරණය ඉශ්ට කරන්න පුලුවන් එහෙම විතරයි.

      Delete
    5. මේ රටේ බෞද්ධයෝ කියන්නෙ කොයි තරම් ම්ලේච්ඡ පිරිසක්ද කියලා මේ කමෙන්ට් වලින් තේරුම් ගත්තා.

      Delete
  9. නිසි පරික්ෂණයක් තිබ්බොත් සෑහෙන පිරිසක් ගස්.. සංහාරය කියන වචනයේ නිර්වච්නය හොයන්න යන්න ඕන නෑ.. අති දරුණු මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම හා ඝාතනයන් සිඳු උන් බව අවසාන සටන ජයගත් බැටෑලියන් වල උන්ම සාක්කි දරාවි. නමුත් උන්ට කරන්න දෙයක් නෑ. සොල්දාදුවෝ කියන්නේ රොබෝවරු වගේ පිරිසක්. නමුත් ඒවාට අණ දුන්න උන්ට නම් නීතියෙන ගැවීමක් තිබුනත් ස්වභාවධර්‍මයා විසින් නිසි ඩඳුවම් ලබා දේවී. මොකෝ දෙමළ උනත් ඒ මේ රටේ මිනිස්සු. රතුපස්වල වගේම රතු ලේ තියෙන මිනිස්සු.

    විග්නේෂ්වරම් කියන්නේ වාසු ගේ මස්සිනා. වාසු කියන්නේ අමු ජාතිවාදියෙක්. මහින්දගේ ජාතිවාදි වැඩ පිලිවලේ ප්‍රධාන නියමුවෙක්. ඉතින් විගා කියන්නේ මහින්දට අවශ්‍ය දේ උතුරේ ක්‍රියාවට නගන කාළකන්නියෙක්..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ නාකි තකතීරුවා. විග්නෙශ්වරන්ලා ජාතිකවාදී නායකයො. වාසු මස්සිනා උනා කියලා තමන්ගෙ ජාතිය පාවලා දෙන්න ඌ උබ වගෙ අවජාතක ස්ව්යන් වයිරයකින් පෙලෙන අදබාල හීනමානී තකතීරුවෙක් නෙවෙයි.

      Delete
    2. රට පාවලා දෙන යූන්පී හිවලා පල. ඇමරිකාවට ඔනෙ දෙමල ස්ව්යන් පාලන ප්‍රෙදෙශයක් හරහා ඉන්දියන් සාගරය පාලනය කරන්න. ඒකට යූන්පී හිවල්ලුනම් උල්පන්දම් දෙන එක පුදුමයක් නෙවෙ. වම්මුත් ඒකට සෙට් උන එක තමයි විහිලුව.

      Delete
    3. //ඇමරිකාවට ඔනෙ දෙමල ස්ව්යන් පාලන ප්‍රෙදෙශයක් හරහා ඉන්දියන් සාගරය පාලනය කරන්න.//
      හැබැයි මඩකලපුවෙ හිටපු ත්‍රස්ත නායකයා සහ හිටපු ශ්‍රී ල නි ප නියෝජ්‍ය සභාපතිවරයා වන කරුණා අම්මාන් පෙරේද ගිය අයි ටී එන් ඉන්ටවීව් එකේදි කියන්නෙ 2005දි ප්‍රභාකරන් ඡන්දය වර්ජනය කෙරෙව්වෙ ඇමරිකන් හිතවාදී රනිල් දිනුවොත් තමන්ට කෙළවෙන්නට ඉඩ ඇති නිසා කියලයි.

      Delete
    4. ප්‍රබාකරන්ට ඔනෙ උනෙ යුද්දෙට යන්න සහ එහි වගකීම ආණ්ඩුවට දාන්න. ඒකයි ප්‍රබාකරන් දිගට හරහට සාම ගිවිසුම උල්ලන්ගනය කරෙ. බල්ලො බලල්ලු වගෙ යුධ හමුදා බුද්ධි අන්ශය පාරෙ මරලා දැම්මෙ. රනිල් ආවනම් රනිල් කීයටවත් යුද්දෙට නොයන බව ප්‍රබාකරන් දැන හිටියා. හමුදාවෙ බුද්ධි අන්ශය නෙවෙ රනිල්ගෙ අම්මව මැරුවත් රනිල් යුද්දෙට යන්නෙ නෑ. ඒකයි ප්‍රභා මහින්දව දිනෙව්වෙ. නැතුව යහපාලන හරක් හිතන විදියට කොටි 50ක් දීලා නෙවෙ. ප්‍රබාකරන්ට පිස්සුද සල්ලි අරගෙන සමූලගාතනය වෙන්න.

      ඇමරිකාවට අවශ්යයි ඉන්දියන් සාගරයෙ බලය චීනෙට යන එක වලක්වන්න. ඒක නෑ කියන්නෙ කොහොමද ප්‍රභාගෙ චන්ද වර්ජනයක් නිසා. කිසිම සම්බන්දයක් නෑ. අනික ඇමරිකාවට වැඩි වාසි ටයි කොට් අදින දෙමල සුද්දෙක් උතුරෙ මහා ඇමති උනොත්. ජාතිකවාදී ප්‍රබා එහෙම ලෙසියෙන් ඇමරිකාවෙ රූකඩයක් වෙන්නෙ නෑ.

      Delete
  10. //
    ලංකාවේ දෙමළ සංහාරයක් සිදු වී තිබේ ය යන්න අතිශයෝක්ති ප්‍රකාශයක් බව මගේ අදහසයි. ලංකාවේ ආණ්ඩු විසින් දෙමළ ජනයා මරා දැමූ බව ඇත්තකි.//

    යුද්ධය අවසාන භාගයේ සිවිල් වැසි දෙමල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් මරා දැමීම වචනයේ පරිසමාර්ථයෙන් සංහාරයකි. ඔබ කීමට තැත් කරන්නේ සමූල ඝාතනයක් නොවූ බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි.

      හමුදාවේ තිරිසන්නු ඔක්කොම ගල් ගහල මරමු. දහදාහක් සංහාරය කරානම් තව ලක්ෂ ගානක් බේරුනේ කොහොමද?

      තොපි වගේ කාලකන්නින්ට නිදහසේ ඇවිදින්න රටක් හදල දෙන්න ගිහිං මැරිච්ච අබ්බගාතවෙච්ච කොල්ලෝ පව්....අපරාදේ උන්ටත් වෙලේ සුදාගේ කුඩු ටිකක් විකුණගෙන සුද්දෙක් පස්සේ ගිහිං බීච් බෝයි වැඩක් කරගෙන ආතල් එකේ ඉන්න තිබ්බේ ෆ්‍රන්ට් එකේ කට්ට කාල පෙට්ටියෙන් එන්නේ නැතුව...

      Delete
    2. @AnonymousFebruary 27, 2015 at 2:56 PM
      මෙ වගෙ වගකීමක් නැති සක්කිලියො රටෙ ඉන්නෙ බව තෙරෙද්දී යුද්දෙ දිනපු එක ඇත්තටම ආශ්චර්යයක් කියලා හිතෙනවා. මෙ හරකුන්ට තෙරෙන්නෙ නෑ ආයුද අතට ගත්තු හැම එකාටම රටෙන් කෑලි දෙන්න ගියානම් මෙ රටෙ ඉවර වෙන්නෙ පලස්තීනයක් වෙලා කියලා. මමනම් කියන්නෙ මෙ වගෙ සක්කිලි සුදු වෑන් යොදාගෙන අතුරුදහන් කරානම් වැරදි නෑ. මොකද මුන්ගෙ පඩිකම් නිසා අන්තිමට විදවන්න වෙන්නෙ මුලු රටටම.

      Delete
    3. රටෙන් කෑල්ලක් ඉල්ලන හැමෝම මරන්න ඕනැද? එහෙමද බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධම්මපදේ?

      Delete
    4. නෑ රටෙන් කෑල්ලක් ඉල්ලන එවුන් හිරෙ දාන්න ඔනෙ. මැරුවෙ නීතිවිරොධී ආයුද සන්නද්ධ ව්යාපාරයක සාමාජිකයො.

      Delete
    5. Anonymous February 27, 2015 at 12:15 PM

      උඹ වගේ උන් නම් සුදු වෑන් එකෙන් අරන් ගියාට පව් නෑ

      Delete
    6. මේ රටේ බෞද්ධයෝ කියන්නෙ කොයි තරම් ම්ලේච්ඡ පිරිසක්ද කියලා මේ කමෙන්ට් වලින් තේරුම් ගත්තා.

      Delete
  11. ලන්කාවෙ දෙමල ජන සන්හාරයක් උනානම්/වෙනවනම් ඊට විසදුමක් අත්යාවශ්යයි. ජන සන්හාරයකට විසදුම බොහො විට එම ජනසමූහයට වෙනම ස්ව්යන් පාලන ප්‍රදෙශයක් ලබා දීමයි. ජන සන්හාරයක් වෙලා නැත්නම් උතුරු පලාත් සභාව වහා විසිරුවා හැර කොන්ද පණ තියෙන ආණ්ඩු කාරයෙක් යටතට පත් කල යුතුයි. මෙ දෙකම කරන්න කොන්ද පණ තියෙන ස්වාධීන නායකයො ඔනෙ. මොඩිට කතා කරලා දැන් මොනාද සෑර් කරන්න ඔනෙ කියලා අහනෙ පන්නයෙ හැලයො දෙන්නෙක් රට පාලනය කරද්දී රටකට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ජන සංහාරයක් වී තිබීම හෝ නොතිබීම කියන කාරණය උඩ උතුරු පළාත් සභාව විසුරවිය යුත්තේ මන්ද?

      Delete
    2. අසත්ය යොජනාවක් සම්මත කර රටෙ භෞමික අකන්ඩතාවට තර්ජනයක් කිරීම උඩ පලාත් සභාවක් විසුරුවා හරින්න බැරිනම් මෙක ඒකීය රටක් වෙන්නෙ කොහොමද. ආණ්ඩුවක් මොකටද.

      Delete
    3. AnonymousFebruary 27, 2015 at 10:43 PM

      අනේ බං උඹ දන්න දේශපාලනේ. වෙන වැඩක් නැත්නම් චූ කරලා නිදා ගනින්.

      Delete
  12. Damala Jathiyata wada, Muslim jathiyata wisala Asadarana wenawa.eka mulin Balanna. Neda para.

    ReplyDelete
    Replies
    1. අපි කියවන්නෙ ඇමරිකන් script එක. ඇමරිකන් script එකට අනූව මුස්ලිම් මිනිස්සුන්ට මානව හිමිකම් නෑ. මීට PK වම්මු.

      Delete
  13. සංහාරයක් වුවාද නැද්ද කියා දැනගන්නත් පරීක්ෂණයකින් පුළුවන්නේ..... තියමුකෝ අපි බොහොම පාරදෘෂ්‍ය අභ්‍යන්තර පරීක්ෂණයක්, ඔය ජාත්‍යන්තරේ සහ කොටි හිතවාදීන්ගේ කටවල් වැහෙන්නම..... ඇයි ඇඹරෙන්නේ ....????

    ReplyDelete
    Replies
    1. ගිහින් ඇමරිකාවෙ, එන්ගලන්තෙ යුධ අපරාධ හොයපන්කො පරයො. අපි අවුරුදු 30ක් දුක් විදලා රටෙ සමස්ථ ජනතාවගෙ යහපත වෙනුවෙන් කරපු යුද්දයක් මෙක. ඔන යුද්දෙකදී, විශෙශයෙනම් මිනිස්සු අතරෙ සැගවුනු බයගුල්ලො එක්ක කරපු යුද්දෙකදී මිනිස්සු මැරෙනවා. එහෙම මරුනා කියලා හමුදාවෙ නායකයො සහ මහින්ද හිර ගෙට දක්කන්න කියලා බැල්ලිගෙ පුතො කියන්නෙ?

      Delete
    2. මේ මේගොල්ලන්ගෙ පැරණි නායකයකු වූ අනගාරික ධර්මපාල දැන් හිටියා නම් පාවිච්චි කරන භාෂාව වෙන්න ඇති. හරි ෂෝක්!

      Delete
    3. ඇත්ත වශයෙන්ම, අනගාරික ධර්මපාල නමැති පිස්සාට ඔහුගේ පවුලේ උදවිය විසින් ඔහුගේ ළමා කාලයේදීම මානසික ප්‍රතිකාර ලබා දිය යුතුව තිබුණා.

      Delete
    4. AnonymousFebruary 28, 2015 at 11:50 AM
      ඇමෙරිකාවේ,එංගලන්තේ යුධ අපරාධ වලින් අපේ රටේ පුරවැසියෝ මැරුණේ නෑනේ බුදු මොට්ට මහත්තයෝ...... අපේ රටේ අවුල් ලිහාගෙන එපැයි අපි අනුන්ගේ කිරි පල්ලවල් අතගාන්න යන්න.....

      Delete
  14. අපරාධ කළ අය තමන්ගේ මරණ මංචකවලදීවත් ඒවා හෙළි කළොත් ඒක ලංකාවට වෙන්න පුළුවන් යහපත්ම දෙයයි.

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට කොමෙන්ට් ගහලා, පිට රට ඉදගෙන රට පාවලා දෙන එවුන්ටත් මරන මන්චකයෙදී පසු තැවිලි වෙන්න වෙයි. කාලකන්නි ගොඩ සුද්දා.

      Delete
    2. මේ මේගොල්ලන්ගෙ පැරණි නායකයකු වූ අනගාරික ධර්මපාල දැන් හිටියා නම් පාවිච්චි කරන භාෂාව වෙන්න ඇති. හරි ෂෝක්!

      Delete
    3. ඇත්ත වශයෙන්ම, අනගාරික ධර්මපාල නමැති පිස්සාට ඔහුගේ පවුලේ උදවිය විසින් ඔහුගේ ළමා කාලයේදීම මානසික ප්‍රතිකාර ලබා දිය යුතුව තිබුණා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා