ශ්‍රීලනිපයේ ඉදිරි ගමන හමුවේ එජාපයට කුමක් වේ ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගනිමින්, පාලනය තීරණාත්මක ලෙස සියතට ගනිමින් සිටින බව පක්ෂයේ සිදු කර තිබෙන වෙනස්කම්වලින් පෙනේ. 

හිටපු ජනාධිපතිවරුන්ට අමතරව දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා අලෙවි මව්ලානා වැනි පක්ෂයේ පැරැන්නන් උපදේශක තනතුරුවලට පත් කර තිබේ. එස්. බී. නාවින්න (භාණ්ඩාගාරික), නිමල් සිරිපාල ද සිල්වා (ජ්‍යේෂ්ඨ උප සභාපති), ජෝන් සෙනෙවිරත්න (ජ්‍යේෂ්ඨ උප සභාපති), එස්.බී. දිසානායක (උප සභාපති), එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (උප සභාපති), පියසේන ගමගේ (උප සභාපති) වැනි ජ්‍යේෂ්ඨයන් හා රාජිත සේනාරත්න (උප සභාපති) වැනි මෛත්‍රීපාල සිරිසේන හිතවතුන් ප්‍රධාන තනතුරුවලට පත් කර තිබේ. මහින්දගේ සහෝදර බැසිල් රාජපක්ෂගේ (ජාතික සංවිධායක) හා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට වහසි බස් දෙඩූ ඩලස් අලහප්පෙරුමගේ (භාණ්ඩාගාරික) තනතුරු අහිමි කර තිබේ.

කරුණා අම්මාන්ගේ උප සභාපති තනතුර ද අහිමි කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රීලනිපය සුළුතර ජාතීන්ගේ නියෝජිතයන්ට තනතුරු ලබා දිය යුතුව තිබේ.

යෝධ පිම්මක් පැනීමට ශ්‍රීලනිපයට අවස්ථාවක් ලැබී තිබෙන බව අපි මින් පෙර ලිපියකින් ද පෙන්වා දුන්නෙමු. රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අන්තේවාසිකයන් පළවා හැරීමට ද, දෙවන පෙළක් ඉදිරියට ගැනීමට ද, මහා පරිමාණ දූෂණ චෝදනා ඇති දේශපාලකයන්ට ඉදිරි ඡන්දයේදී නාම යෝජනා නො දීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනගි අවස්ථාවක් ලැබී තිබේ. 

ඒ සමගම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගනිමින් හා නවීකරණය වෙමින් ඉදිරියට යන්නට ද ශ්‍රීලනිපයට අවස්ථාවක් උදා වී තිබේ. ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික කිසිදු පක්ෂයක හරිහමන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති සංදර්භයක් තුළ, සාපේක්ෂ ඉදිරි පියවරක් තැබීමට ශ්‍රීලනිපය උත්සාහ කළහොත්, එය සෙසු පක්ෂවලට ද බලපෑමක් වනු ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් සිදු වන ශ්‍රීලනිපයේ ඉදිරි ගමනත් සමග දැඩි අභියෝගයකට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් පසු බලය ලබා ගත්තත්, ඉදිරි මහ මැතිවරණයකදී සිය බලය රැක ගැනීමට සමත් වේ ද යන්න සැක සහිත ය. පළමු හේතුව, එවැනි අභියෝගයක් ඇති බව තේරුම් ගන්නටවත් උවමනාවක් එජාපයට නැති වීමයි. 

සහන අයවැය හා දින සීයේ ප්‍රතිසංස්කරණවලින් පසු නිකම් ම තමන්ගේ ඇඟ උඩට බලය කඩා වැටෙනු ඇතැයි එජාප නායකයෝ බලාපොරොත්තු වන බව පෙනේ. එහෙත්, දින සීයේ වැඩසටහනේ ගෞරවය වෙනුවෙන් සම්පූර්ණයෙන් ම අයිතිවාසිකම් කියන්නට එජාපයට ලැබෙන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු, ජාතික හෙළ උරුමය, සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ කෙටසක් ද අනාගත සන්ධානයකට එක් වන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. 

එජාපයේ නිසි තැන අහිමි වී සිටන දක්ෂ, තරුණ නායකත්වය සමග සන්ධානගත වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමත් වුවහොත්, රනිල් වික්‍රමසිංහට සිදු වනු ඇත්තේ ඇමති ජෝන් අමරතුංග මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ සමග සන්ධානයකට යන්නටයි. දක්ෂ, තරුණ නායකත්වය කීවා ම සජිත් ප්‍රේමදාස නළියන්නට ඕනෑ නැත. මෙහිදී ඔහු ගැන අදහස් කරන්නේ නැත.

එජාප නායකයාගේ අහංකාර ක්‍රියාකලාපය එජාපයේ මීළඟ වටයේ නන්නත්තාර වීමට ප්‍රබල ම හේතුව වනු නියත ය. ඔහු පොලිසිය භාර දුන්නේ මහින්ද රාජපක්ෂ කල්ලියේ මීයකු වන ජෝන් අමරතුංගටයි. බරපතල දූෂණ කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන්නට ද එක් හේතුවක් ජෝන් බව දැන් චෝදනා එල්ල වී තිබේ. රනිල් රාජපක්ෂ පවුල සමග අනවශ්‍ය සම්මුතියකට ගිය බව පෙනුණේ ජනවාරි 09දා උදේ ය. 

එ‍පමණක් නොව, ඇමති ජෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ගත් ස්ථාවරය ද ඔහුගේ අහංකාරක‍මේ ප්‍රකාශනයකි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වී යාම ගැන ඔවුන් බිය වද්දමින්, පාර්ලිමේන්තුව විසුරුවන බවට තර්ජනය කරමින්, ජෝන් අමරතුංග රැක ගැනීම ඔහුගේ උත්සාහය වී තිබේ. විශ්වාස භංගය පැරදුණහොත්, සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නො ව, රනිල් වික්‍රමසිංහට අගමැති පදවිය අහිමි වීම බව ඔහු තේරුම් ගත යුතු ය. මන්ද, පාර්ලිමේන්තුව විසුරුවීමේ මෙන් ම, අගමැති පත් කිරීමේ ද බලතල ද තවමත් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතෙහි ය.

රනිල්ට එජාපය නවීකරණය කර ගන්නට ඇති හැකියාව අවම ය. එක පැත්තකින් ඔහුගේ ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකත්වය එයට බාධාවකි. ඔහු සිය ඥාති සහෝදරයා වන රුවන් විජේවර්ධනට පිරිනැමූ ආරක්ෂක රාජ්‍ය ඇමති ධුරය ද දැඩි විවේචනයට ලක් වී තිබේ. 

අනෙක් පැත්තෙන්, ජෝන් අමරතුංග, ගාමිනී ජයවික්‍රම පෙරේරා, ජෝශප් මයිකල් පෙරේරා, සජිත් ප්‍රේමදාස හා පාලිත තෙවරප්පෙරුම වැනි පැරණි විලාසිතාවේ දේශපාලකයන් ද ඔහුට බරපතල බාධාවකි.

ශ්‍රීලනිපය පිම්මක් පනින්නට සැරසෙන්නේ එජාපය මෙවැනි බරපතල හිර වීමක සිටින සංදර්භයක් තුළයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් මේක කියන්නේ. මේ වෙලාවේ රනිල්ගේ භූමිකාව ගැන නං මගේ කිසිම පැහැදීමක් නෑ.කලින් පොස්ටුවෙත් මම මුලින්ම කොමෙන්ටුවක් දමා කීවා ඊලග ජන්දෙදි එජාපය සහ ශ්‍රීලනිපය යන පක්ෂ දෙකටම පාර්ලි‌‌මේන්තුව තුල බහුතර බලයක් නොලැබෙනවා නං මම කැමති බව. ජන්දය ඉදිරි මාස දෙක ඇතුලත නොව තවත් කල් ගොස් පැවත්වූහොත් ඉන්දියාවේ මෝදී අගමැතිට දිල්ලියේදී අත්වූ ඉරණම තමයි රනිල්ට අත්වෙන්නේ.

    මොකද දින සියයේ වැඩ පිළිවෙලේ පොරොන්දු වූ දේවල් වලින් ප්‍රමුඛත්වය දිය යුතු දේවල් ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. වෙන වෙන දේවල් ගැනයි අගමැතිගේ,රජයේ අවධානය.

    මගේ කැමැත්ත ඊලග ජන්දෙදි ජේවීපී වැනි පක්ෂ වලට වැඩි ආසන ප්‍රමාණක් ලැබීමයි. විවස්ථාව සංශෝධනය සිදු නොකෙරුවහොත් ඊලග ජන්දෙදි මම නං එජාපෙට ජන්දේ දෙන්නේ නැත. රනිල්ගේ උද්දච්ච කමට පාඩමක් උගැන්විය යුතුමය. මොකද දැනුත් මේ රනිල් කරන්නේ තමුන්ගේ හිතවතුන්ට ඉඩ හදලා දීමයි. ඔහු දැන ගන්න ඕනි ඒක වැරදි කියලා.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතර සුනිල්.
      දැන් ඉදිරි තත්වය පැහැදිලිය.
      ශ්‍රීලනිපය මෛත්රීවදීන් සමග මැතිවරණයට ඉරිපත් වනු ඇත. දැවැන්ත පරාජයක් ලබනු ඇත.
      මහින්ද කිසි ලෙසකත් චන්දයට ඉරිපත් නොවනු ඇත. අනිවාර්යයෙන් පරදින අගමැතිකමට ඔහු තරග නොකරනු ඇත. ( චන්දය දිනුවත් මම ක්‍රමය තුල රනිල්ට දෙමල මුස්ලිම් මන්ත්‍රීවරු සහය ලබාගෙන SLFP මන්ත්‍රීවරු කීපදෙනෙක් මිලටගෙන ආණ්ඩුව හදනු ඇත.)
      ප්‍රශ්න පටන්ගන්නේ එවිටය. මෛත්‍රී හිතැවතුන් දැන් ලෙසම ඔහු ලවා බලය ලබාගන්නට සැරසෙනු ඇත. මේ කල්ලියට රාජිත, පාටලී, ෆොන්සේකා, සහ සහෝදර, නෑ හිතවතුන් ඇතුලත්ය. රනිල් ඔහුගේ unp, TNA මුස්ලිම් හිතවතුන් සමග ඇමරිකන් ඉදියන් ගැති ගමන යාමට උත්සහ කරනු ඇත.
      ෆොන්සේකා බොහෝවිට, මෛත්‍රී සමග සන්දාන ගතවනු ඇත. එසේ උවහොත් JVP මන්ත්‍රීවරු 10ක් පමණ ලබාගනු ඇත. ෆොන්සේකා වෙනම ඉලුවොත් දහයෙන් ඔහුට ලැබෙන හතර JVP යට අහිමිවෙනු ඇත.
      නාමල් ශ්‍රීලනිපයෙන් ඉලුවත් මහින්ද මතවාදීව වීරවංස සහ වමේ පක්ෂවල සන්දානයට සහය දෙනු ඇත. ඔවුන් 10ත් 20ත් අතර මන්ත්රී ගණනක් ලබාගෙන සැබෑ විපක්ෂයේ භූමිකාව කරනු ඇත.
      අවරුදු දෙකකින් ශ්‍රීලනිපයේ හා මිතුරන්ගේ හැර සියල්ලන්ගේම පොදු සතුරා මෛත්‍රී වනු ඇත. ඔහුට විරුද්දව JVP ජාතිකවාදීන් එක පැත්තකිනුත් දෙමල මුස්ලිම් ජාතිවාදීන් 2හා රනිල් අනෙක් පසිනුත් සටන් වදිනු ඇත. අවරුදු 3ක් ඇතුලත ඔහු ඉල්ලා අස් නොව්නහොත් පාර්ලිමේන්තුවේ 2/3කින් නෙරපනු ඇත.
      මහින්දගේත් රනිගේත් වැඩ එදාට බලාගත හැකිය.

      Delete
  2. අපි නම් ආන්ඩුව පටන් ගන්න කොටම එජාපයට අනතුරු ඇඟෙව්වා සිරා හෙන සිරා ගේමක් ගෙනියන්නේ කියලා.. එයා දැන් ගොඩ.. එයාට අලින්ට පාට් දාන්න බැරි උනාට.. මහින්දගේ පොන්නයන්ට පාට් දාන එක සුළු දෙයක්. එතනදි එයා බලවත්..

    එජාපය නම් ඉල්ලගෙන කනවා ඊළඟ ඡන්දෙදි... රුවන් විජේවර්ධන හිතාගෙන ඉන්නේ මිනිහා ජනාධිපති කියලා.. හොඳ වෙලාවට සිරිසේන උන්නැහේ එයාගේ පිස්සුව නවත්තලා.. රුවන් විජේවර්ධන දානවද ඒ වගේ තනතුරකට..

    කබීර් හෂීම්ට මොකක්ද තියෙන අයිතිය, රජිව්ව්ගේ අමාත්‍යංශයේ අයට තගරිය දාන්න. එයා මහාමාර්ග අමාත්‍යංශයේ එක හොරෙක් ඇල්ලුවද.. මුන් පිස්සෝ රැලක්.. හොඳ ටොපියක් කයි, ඉලෙක්ෂන් එකේ..

    පැරා මොකද කියන්නේ.. මම නම් ඕන පුකක් කියලා ජෙප්පන්ට බැක් කරනවා...

    ReplyDelete
    Replies
    1. මන් හිතනේ, මාත ඔබ නිවැරදි, ඉදිරි මැතිවරණයේ මගේ තීරණයත් ඕකමයි, නමුත් අපි පරිසම් වියයුතු වන්නේ ජෙප්පන් නිදහස් වෙළදාම මෙහෙයවන ආකාරයයි. ඉදිරි කටයුතු සිදුවන ආකාරයට මගේ තීරණය අවසාන මොහොත දක්වා බලාසිටිනවා. සිරිසේන මහතාට මහින්දට දුන් අවස්ථාව නොලැබෙන බව මතකතබා ගත්තොත් හොදයි!

      Delete
    2. හිකිස්. දැන්නෙ තෙරෙන්නෙ මේ ගොබ්බ රැළගෙ ප්ලෑන් එක. ජේවීපී???. අනේ යකෝ ඔය බහුබූත හොල්මං ගස් බල්ලන්ට රටක් දෙන්න පුළුවන්ද පාලනය කරන්න. මිනිස්සු මරපු එකයි කරන හැම එකම නවත්තපු එකයි. බොරුවට හූ කියපු එකයි ඇරෙන්න ඔය හැත්ත කරපු එක වැඩක් කියපන්කො බලන්න රටට. තුක් නොදකින් තොපි. රටේ මිනිස්සු ඒ තරම්ම මෝඩ නෑ යකුනේ. මට ශුවර් මෙතන බලු විදියට රග පෑවට උඹල තාම උසස් පෙළ ළගදි කරපු ගොබ්බයෝ සෙට් එකක්. ජේවීපී. හුකෑස්ස්ස්ස්..

      Delete
    3. //හිකිස්. දැන්නෙ තෙරෙන්නෙ මේ ගොබ්බ රැළගෙ ප්ලෑන් එක. ජේවීපී???. අනේ යකෝ ඔය බහුබූත හොල්මං ගස් බල්ලන්ට රටක් දෙන්න පුළුවන්ද පාලනය කරන්න. මිනිස්සු මරපු එකයි කරන හැම එකම නවත්තපු එකයි. බොරුවට හූ කියපු එකයි ඇරෙන්න ඔය හැත්ත කරපු එක වැඩක් කියපන්කො බලන්න රටට. තුක් නොදකින් තොපි. රටේ මිනිස්සු ඒ තරම්ම මෝඩ නෑ යකුනේ. මට ශුවර් මෙතන බලු විදියට රග පෑවට උඹල තාම උසස් පෙළ ළගදි කරපු ගොබ්බයෝ සෙට් එකක්. ජේවීපී. හුකෑස්ස්ස්ස්.. //

      සහතික ඇත්ත...

      එහෙත් අන්තිම මොහොතේ ජෙප්පන්ට කොකා පෙන්නා රනිල් ට චන්දෙ දෙන්න කියයි...

      ලන්කාපුත්‍ර බැන්කුවේ ගිනුම් ආරම්බ කරයි...

      Delete
    4. ඊලඟ ඡන්දෙ යූඇන්පී දිනනවා. ජේ වී පී එකට වෙළදපොළ ආර්ථිකය මෙහෙයවන්න බෑ. සමහරු කියනව චීනයෙ රාජ්‍ය ධනවාදය තමයි ඔවුන්ට ෆලෝකරන්න වෙන්නෙ කියල . චීනයෙ රාජ්‍ය ධනවාදයෙ සාර්ථකත්වය කොමියුනිස්ට් පක්ෂයෙ මර්ධනය. පඩි වැඩිවීම් ඉල්ලුත් මරනය . ඒ සෙල්ලම් ජවිපෙට කරන්න බැරි නිසා මෙහෙ චීන ක්‍රමය ගෙනියන්න බැහැ. සිරකරුවන්ගෙන් වැඩ ගැනීම වගෙ දේවල්, බලහත්කාරෙන් වැටුප් තීරණය කිරීම් වගෙ දේවල් කරන්න නම් ජවිපෙ මර්ධන මාවතට යන්න වෙනව. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඔවුන් හුදකලා වෙන නිසා ඒක කරන්න බෑ.
      ඔවුනුත් යූඇන්පී ශ්‍රී ලංකා මාදිලියෙ පක්ශයක් වෙලා ධනපතියන්ට සේවය කරාවි. වෙන මොනව වෙන්නද

      Delete
    5. Ano 8.8

      මට ශුවර් මෙතන බලු විදියට රග පෑවට උඹල තාම උසස් පෙළ ළගදි කරපු ගොබ්බයෝ සෙට් එකක්. ජේවීපී//
      ඔබ බ්ලොග්වලට ආධුනිකයෙක් බව පේනවා. මේ අය වසර ගණනාවක් තිස්සෙ සංවාද කරමින් සයිබර් වාසීන්ට විශාල සේවයක් කරන පිරිසක්. ඒ ලෙවල් කොල්ලො නෙමේ වැඩිහිටියන්. ගොබ්බයන් නොවෙයි උගත් පිරිසක් ඒ වගේම ජේවීපී නෙමේ යූඇන්පී.

      Delete
  3. ආධ්‍යත්මවේදී කේප්ප සුමනේFebruary 14, 2015 at 10:48 PM

    කුමන හේතුවකට හෝ පා.ම කරුණාඅම්මාන් මහතා ප්‍රධාන දේශපාලන ධාරාවලින් කොන් කිරීම ඉතාම අන්තරාදායක තත්වයකි. මිය ගිය LTTE නායක ප්‍රභාකරන් මහතාට වඩා SLFP පා.ම කරුණාඅම්මාන් මහතා ඇතුලු TMVP කාඩර්වරු ශ්‍රි ලංකාවේ "නව අරගල" භූමියකදී තීරනාත්මකය.
    මීට ඉහතදීද දකුනේ සිංහල ජාතිකවාදීන් හා ඊනියා බෞද්ධයන් කරන පැලැස්තර දේශපාලන වැඩ වලින් මුලු රටටම විනාශය ගෙනදී තිබේ. (1956 සිට)

    එමෙන්ම..

    ශ්‍රීලනිපයට හෝ එජාපයට 2016 දී කුමක් වේ ද කියා පක්ෂ දෙකේම කිසිවෙකුට උත්තරයක් නැත. පක්ෂ දෙකටම නිසි වැඩපිලිවෙලකුත් නැත. පුටු රැකගැනීමට දැඟලීම හා ඩීල් දැමීම පමනක් සිදුවේ.

    ඉදිරි මැතිවරනය....
    *ප්‍රධාන පක්ෂ දෙකට නම් ඉදිරි මැතිවරනය කනාබල්ලන් ගැසීමකි.
    *ජවිපෙ නම් හොරා පොලිස් සෙල්ලමෙන් දියවන්නාවේ පුටු 6-7 අල්ලා ගනියි.
    *චම්පික, රතන හා SF කාටහරි හේත්තු වෙයි.
    *TNA හා MC ඔවුන්ගේ සුපුරුදු හැසීරීමම පෙන්වයී.
    *මහින්දගෙ දේශපාලනය ඉවරෙටම ඉවරකරයි.

    2015 දී, ශ්‍රි ලංකාවේ එක් දේශපාලන පරිඡේදයක් අපි කැමති උනත්, නැතත් අවසන් විය.
    දැන් ඉන්ටර්වල් ටයිම්....


    ReplyDelete
    Replies
    1. මිය ගිය LTTE නායක ප්‍රභාකරන් මහතාට ?

      ආධ්‍යත්මවේදී කේප්ප සුමනේ. තොට ලැජ්ජා නැද්ද පිරිබාකරන්ට මහත්තයා කියන්න.

      Delete
    2. ආධ්‍යත්මවේදී කේප්ප සුමනේFebruary 14, 2015 at 11:47 PM

      නෑ.
      LTTE නායක ප්‍රභාකරන් මහතාට කෝටී ගානක් සල්ලී දීලා ජනාධිපති වුනු කෙනාටත් මම, අතිගරු xxxx xxxxx මැතිතුමා කියලයි හැදින්නුවේ.

      Delete
    3. ජේෂ්ටමාධ්‍යවේදී අබිලිංFebruary 15, 2015 at 9:20 AM

      TNA හැර අනෙක් සියලු දෙනාම කනාබල්ලන් දේශපාලනයේ යෙදෙයී.මෙය අවස්ථාවාදී දේශපාලනය තරම්වත් දියුනු නැති අවිධිමත් ප්‍රථමික ක්‍රියාකාරිත්වයකි.

      බලාගෙන ඉන්න අපි දිගින් දිගටම අවුල්වෙන්නේ ඒකයි ලමයිනේ.

      Delete
    4. බුහුටිගේ නෑයෝFebruary 15, 2015 at 1:13 PM

      ජේෂ්ටමාධ්‍යවේදී අබිලිං කියන්නේ, දකුනේ දේශපාලන කේන්ද්‍රය හිස් අවකාශයක් කියලද ?
      මම නං කියන්නේ තවමත් දකුනේ දේශපාලන කේන්ද්‍රය මහින්දය (Antiමහින්ද).
      හැබැයි,මහින්ද කියන්නේ හිස් දෙයක් . එය පසුගිය මාස දෙකේදි අපට හොදින්ම පෙනුනා.
      රාජපක්ෂ පවුලේ උදවිය අද එය අත්දකිමින් සිටිනවා. ඔවුන්ගේ මුහුනු ඒ හිස්බව අපට නිරාවරනය කරනවා.

      Delete
  4. ජනතා විමුක්ති පෙරමුනට ආසන 30 විතර ලැබිල,යුඇන්පී ස්‍රීලංකා සමසමව එනවනම්,ඔය පිස්සු කෙලින එක නවත්තන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ආසන 30ක් විතර ලැබුනොත් ජවිපෙ පිස්සු කෙලින එක තව වැඩිවෙන්න පුලුවන්.
      මතකනේ ආසන 39 (41) ලැබිලා පක්ෂය කුඩුකරගත්ත හැටි.
      ඉන්දියාවේ AAPට තරම් JVP යට ඊනියා දූෂන විරෝධි සටනින් දේශපාලන වාසි ගන්න ලැබෙන් නෑ. හේතුව 2005 දී මහින්ද චින්තනය හැදුවේ JVP ප්‍රමුඛ පිරිසක්.
      ඉන්දියාවේ AAP කාටවත් මුක්කුගැසුවේ නැත.

      Delete
    2. මේ පිළිබඳව ඉදිරි ලිපියකින් කරුණු ඉදිරිපත් කරනවා.

      ජනතාවට විවෘත, ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් පෙරමුණක් ඔස්සේ මිස අන්ධ ලෙස 2004දී මෙන් ජවිපෙට අනවශ්‍ය බලයක් නො දිය යුතු බවයි මගේ මතය.

      2004 ජවිපෙ මන්ත්‍රීවරු අද ඉන්නේ කොහේ ද කියලා බලන්න. ඔවුන් සමාජ නායකයන් වුණා ද? කළා ද? ජවිපෙ ඔවුන් පාවිච්චි කළේ ආර්ථික වැඩකට හෙවත් පඩි ටික, වාහන ටික ආදිය පක්ෂ අරමුදලට ගන්නට මිස ජනතාවට නායකත්වය දෙන්න නෙමෙයි.

      ජවිපෙට පාර්ලිමේන්තු යැවිය හැකි වෘත්තීය මට්ටමේ දේශපාලනඥයන් සිටින්නේ කවුද?

      දැන් ඉන්න තුන
      මහින්ද ජයසිංහ
      සමන්ත විද්‍යාරත්න
      වසන්ත සමරසිංහ
      නලින්ද ජයතිස්ස

      ඕනැ නම්, ටිල්වින් හා සෝමවංශ

      මේ ටික පාර්ලිමේන්තු යැවීම ගැන මගේ නම් ගැටලුවක් නැහැ

      ලාල් කාන්ත කියන්නේ ශ්‍රීලනිපයෙන් හොඳ ඔෆර් එකක් ලැබෙනකල් බලා ඉන්න කෙනෙක්. ‍ඔහුට වෙනත් ගමනක් තිබෙනවා.

      Delete
    3. මරුවන් සමග හෙළුවෙන් යන ජනතා විමුක්ති පෙරමුණ !

      Delete
  5. Mama hithanne JVP ekata aasana 25 pamana evi kiyalai. Eya 40 tharamata ihala yanawaanam hondai. Ethakota kawuru balayata aawath JVP sahaaya ganna wenawaa. Eya janathaawata jayagrahana genenawaa. Kaatath pissu kelinna behe. DELHI wala peraliya wage deyak chandedi wenawaa.(JVP aanduwak nam sadahatama epaa!)

    ReplyDelete
  6. HIK HIK HIK
    මහින්ද නැත්නම් අපි නෑ.. ශ‍්‍රිලනිප පාදම වියරු වැටේ.. හිරුණිකාට, සොලංගාට, එම්.කේ.ඞී.එස්.ට ප‍්‍රා. සභා මන්ත‍්‍රීන් වටකර පහර දෙති
    (https://lankacnews.com/sinhala/main-news/128377/)


    අති ගරු මහින්ද මහතාණෙනි, ඔබ ගෙදරට වෙලා ටිකක් විවේක ගන්න. තාම මිනිස්සුන්ට දැනුනෙ නෑ බඩට කටට … මිනිසුසුන්ට ටිකක් අමාරු කම් දැනෙන්න ඕන.

    මිළ අඩුවෙච්ච මිරිස්, කහ, කොත්තමල්ලි, හාල්මැස්සො ටිකෙන් මිනිස්සු හිතන්නෙ රජකම පහල වුනා කියල. පෙට්‍රල් වලින් පොඩි අපට සහනයක් නෑ. අපි බයිසිකලේට මාසෙට ලිටර් 15ක් ගහනකොට ලොකු මිනිස්සු කාර් වලට ලීටර් තුන්හාරසියයක් ගහනව. ඒකෙ ලාබෙ පොඩි අපට නෙවි ලොකු අයට.

    මහින්ද මහත්තය අපේ පඩියෙ දීමනා වලින් 20% ක් ජුනි වලදි basic එකකට එකතු කරන්න හැදුව. දැන් ඒකත් නෑ. මිනිස්සු හිතන්නෙ 7000/- ක දීමනාව ඊට වඩා හොඳයි කියල. ජීවන අංකෙ 10000 කරනව කියපු එකත් අහෝසියි. (මිනිස්සු මොලේ උඩ වාඩි වෙලා ඉන්න නිසා තේරෙන්නෙ ටිකක් පරක්කු වෙලා)
    පාරවල් වල දාපු කාපට් ටික අවුරුදු දෙක තුනකින් කැඩිල ගියහම, ලෝක වෙළඳපලේ තෙල් ටික 10$ක් විතර ගනන් ගියාම, කැම්පස් එකෙන් batch කීපයක් out වෙලා job නැතුව ඉන්නකොට, සංවර්ධන ව්‍යාපෘති වල වැඩකරපු මිනිස්සුන්ට ජොබ් නැති වෙනකොට (දැනටම MAGA එකේ විතරක් 14000 ක් විතර සේවකයො job නැතුව ගෙදර ගිහින්) , උතුරෙ බේරගත්ත ටික හිමින් හිමින් බාර දීල ඉවර වුනාම ආක්ෂක අංශවලට පස්ස පෙන්නනකොට, මායිම් ගම්මාන වල අපේ මිනිස්සුන්ට කරදර වෙනකොට. . . මිනිස්සුන්ට දැනේවි තේරේවි. (** එතකොට ගොඩක් ප්‍රමාදයි. ඒත් ඒ වෙනසනෙ මිනිස්සු ඉල්ලන්නෙ)

    මිනිස්සුන්ට වැඩි හොඳ කරන්න හොඳ නෑ. ටිකක් පරිපුපු කාල හොම්බෙන් යනකම් බලන් ඉන්න ඕන.

    ඒ හින්ද ඕන කෙනෙක් ජනාධිපති වෙලා , ඕන කෙනෙක් අගමැති වෙලා ඕන කජ්ජක් කරගත්තාවෙ. මහින්ද මහත්තයො , ඔබතුමා නම් ඇහැක් ඇරල බලන්න එපා…--> comment on cNews...

    ReplyDelete
    Replies
    1. දුමින්දගේ සල්ලි වලට කසිප්පු ගහලා ඇවිත් පලා බබාලා ටිකක් කෑ ගැසුවාට ශ්‍රී ලංකා පක්ෂය ට ගැටළුවක් නැහැ ,ඒ මුන්ගේ මර ලතෝනිය . එකෙක් කියනවා සුසිල් ප්‍රේමචන්ද්‍රට , ඌ ට උගේ ගෑනිගේ චන්දයවත් පක්ෂයට ගන්න බැරිලු මහින්ද නැත්නම් , එහෙමනම් මුන් මොන පොන්නයෝද

      Delete
    2. +++++++++++++++++++++++++++++
      ඒත් ඒ වෙනසනෙ මිනිස්සු ඉල්ලන්නෙ // පොදුවෙ මිනිස්සුන්ට දොස් කියන්න එපා.දෙමළ මුස්ලිම් අය ඡන්දෙ දුන්නෙ වෙන අභිමතාර්ථයන් නිසානෙ. ඔය වෙනස කියන එක කෘතිම නිර්මාණය කරපු මායාවක්. උතුර ටිකෙන් ටික දීල , හැමෝගෙම රස්සා නැතිවෙලා. ආර්ථිකය කඩාවැටුනම වෙනස ප්‍රායෝගිකවම අත් විදියි.

      Delete
    3. Ha Ha C News karayo tika peththa beela wattuwe hitapalla 18 venida thopiwa eliyata gannawa.

      Delete
  7. චම්පික පචයෙක්ද? ටොන් පචයෙක්ද?
    චම්පිකගේ බිලියන 250 ඡන්ද ව්‍යාපාරය
    ගරු චම්පික රණවක ඇමතිතුමා කියනව මේ ජනතාව පැරැද්දුවෙ බිලියන 250ක ඡන්ද ව්‍යාපාරයක් කියලා. මේ ඉලක්කම් වලින් කියන එක අනුව එතුමගෙ කතා වල දිග පළල බලමුකො. නිකන් උදේ පාන්දර හීනෙන් නැගිටල මහින්දගෙ ඡන්ද ව්‍යාපාරයට බිලියන 250ක් ගියා කියල හරි යන්නෙ නැහැනෙ. එතුමා වෘත්තිකයින් ඇමතු ප්‍රබුද්ධ දේශපාලකයෙක් කියලනෙ කියන්නෙ. දැනට තියෙන 2013 දත්ත වලින් මේක සසදලා බලමු.
    1) දක්ෂීණ අධිවේගී මර්ගයට දැනට තියෙන අවාසිම දත්ත දැම්මත් බිලියන 100ක් වැය වෙලා නැහැ. මහින්දගෙ මාසෙක ඡන්ද ව්‍යාපාරයට බිලියන 250ක්, ඒ කියන්නෙ දක්ෂිණ අධිවේගී මාර්ග 2ක් හදල තව ඕන නන් චොපර් ටිකකුයි "ඇමරිකාවේ බකින්හැම් මාලිගයෙන් රත්තරන් අස්සයෝ" කීප දෙනෙකුයි ගන්නත් සල්ලි ඉතුරු වෙනවා !
    2) රජයේ ආදායම වසරේ ආදායම බිලියන 1153 ( ආදායමයි , දළ දේශීය නිෂ්පාදිතයයි දෙකක්. ඒකත් නොදන්න තොත්ත බබ්බුත් සමහර වෙලාවට නැට්ට පාගන් දඟලන හින්ද විශේෂයෙන් කියන්න වෙලා තියෙනවා.). එතකොට ආණ්ඩුවෙ වසරක ආදායමෙන් හතරෙන් පංගුවක් වගේ මාසයක ඡන්ද ව්‍යාපාරයට මහින්ද වියදම් කරල තියෙනවා. !
    3) සෞඛ්‍ය සඳහා වෙන් කල මුදල රුපියල් බිලියන 116කි. වසරක සෞඛ්‍ය සඳහා වෙන් කරපු මුදල වගේ දෙගුණයකටත් වැඩිය මහින්ද මාසෙක ඡන්ද ව්‍යාපාරයට වෙන් කරල තියෙනවා. !
    4) මුළු අධ්‍යාපන බජට් එකම බිලියන 157යි. වසරක අධ්‍යාපන බජට් එකටත් වඩා බිලියන 100ක් මහින්දගෙ මාසෙක ඡන්ද ව්‍යාපාරයට ගිහින් තියෙනවා. !
    5) පොහොර සහනාධාරය සඳහා බිලියන 51ක් ගිහින් තියෙනවා. වසරක පොහොර සහනාධාරය වගේ 5 ගුණයක් මාසෙක මැතිවරණයට මහින්දට ගිහින් තියෙනවා. !
    6) එඬේරමුල්ලෙ ඉඳල අඹේපුස්සට හයිවේ එක හදන්න ඇස්තමේන්තු මුදල බිලියන 130යි. මහින්දට ඡන්ද ව්‍යාපාරයට මාසෙකට ගිය මුදල ගත්ත නන් ඒ පාර දෙගුණයක් පළල් කරන්න පුළුවන් !
    7) මහින්ද ගත්ත ඡන්ද ලක්ෂ 58 න් බෙදුවහම එක ඡන්දයකට රුපියල් හතලිස් තුන් දාහක් වියදම් කරලා. හතර හිනා..
    අපි පචයො දැකලා තියෙනවා. ටොන් පචයොත් දැකලා තියනවා. හැබැයි මේ මනුස්සයට ඒ වචන දෙකම පොඩි වැඩියි කියලා හිතෙන්නේ නැත්ද ඔහෙලට? මොකක්ද මේ වගේ මිනිස්සුන්ව හදුන්වන්න අපගේ ශබ්ද කෝෂයේ තියෙන සුදුසුම වචනය?.

    ReplyDelete
  8. දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශ සඳහා පූර්ණ වශයෙන් ස්වයං පාලිත ඒකකයකට තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, සුප්‍රසිද්ධ ඉන්දීය NDTV නාලිකාව වෙත පවසා තිබේ.

    එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේ යයි එම වාර්තා සඳහන් කරයි.

    මූලාශ‍්‍ර –
    https://twitter.com/ndtv/status/556369423473586177
    https://twitter.com/ndtv/status/556369334847946753

    ReplyDelete
  9. දමනය වූ මුරලිදරන් බෙදුම්වාදයට එරෙහිව සටනට...
    කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.
    තමන් හට තවමත් ත්‍රස්තවාදීයෙකු යැයි හංවඩු ගසමින් එක්සත් ජාතික පක්ෂ , ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ හෙළ උරුමය ආදී පක්ෂවල නායකයන් ගෙනයන ද්වේශ සහගත ප්‍රහාරයට ඉතා ව්‍යක්තව පිළිතුරු දෙන කරුණා ඒ චෝදනාවල ඇති පදනම් විරහිත භාවය පැහැදිලි කරමින් ඔවුන්ගේ අතීතය පිළිබඳ වැදගත් සාක්ෂි තමන් සතුව ඇති බව හෙළි කරයි.
    තමාට තවමත් ත්‍රස්තවාදියා යැයි හංවඩු ගැසුවද තමා එල්ටීටීඊය අතහැර දමා පැමිණියේ ත්‍රස්තවාදයද අතහැර බව පෙන්වා දෙන ඔහු එසේ චෝදනා කරන ජවිපෙද අතීතයේ කල ත්‍රස්ත ක්‍රියා නිසා ජවිපෙට එසේ චෝදනා නොකරන්නේ දැයි ප්‍රශ්න කරයි. දකුණේ සිවිල් යුධ සමයේ ඝාතන රැසක් සදහා චෝදනා ලැබ සිටින ජවිපේ හට දේශපාලනය කල හැකි නම් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්විය නොහැකි වන්නේ කෙසෙදැයි විනයගමූර්ති මුරලිදරන් (කරුණා) මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි.
    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ විශේෂයෙන්ම ප්‍රේමදාස පාලනය තුල ඉන්දියානු හමුදා සදහා ප්‍රහාර එල්ල කිරිමට LTTE වෙත ආයුධ ලබාදිම හරහා යලිත් LTTE යට 6000ක බලඇණියක් සදා ගැනිමට හැකිවු බව එවකට LTTE යේ සිටි කරුණා මෙහෙදි සදහන් කර සිටි.
    උතුරු ප්‍රදේශයේ දෙමළ ජනයා මුදවාගැනීමේ මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකලේ ශ්‍රී ලංකා හමුදාව බව පෙන්වාදෙන මුරලිදරන් මන්ත්‍රීවරයා උතුරේ අහිංසක ජනයා අනතුරට පත් සෑම විටම ඔවුන්ගේ පිහිට වූයේ ඒ හමුදාව බවද කෘතඥ පූර්වකව සඳහන් කර සිටියි. ඉන්පසු මහින්ද රාජපක්ෂ රජය සමයේ උතුරේ ජනයාගේ පාසල්, රෝහල් , ප්‍රවාහන අදී සංවර්ධනයේ මහඟු ප්‍රතිඵල ලැබුනු බවද ඔහු පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ සඳහා උතුරේ කඳවරු වල පැවැත්ම අතිශයින් වැදගත් බවද පැහැදිලි කරයි. එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන TNA සංවිධානය උතුරේ ජනයාගේ ජීවන තත්වය නංවාලීමට සිදු කර ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කරන මුරලිදරන් මන්ත්‍රීවරයා ඔවුන් සිදුකරමින් සිටින්නේ ජාතිවාදය පැතිරවීම පමණක් යැයිද චෝදනා කරයි.

    ReplyDelete
  10. කතා දෙකක් නෑ අනිවාර්යයෙන් ජේ වී පී එක සෑහෙන්න උඩට එනව මහ මැතිවරණයෙදි. එජාපයද ශ්‍රී ලංකාද කියන එක හරියට බලයද කෙළවල්ලද කියල අහනව වගේ වැඩක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මරුවන් සමග හෙළුවෙන් යන ජනතා විමුක්ති පෙරමුණ !

      ජවිපෙ යනු පල්ල හිල් වූ කුරුණියක් බඳුය. කොතරම් පිරවූවත් යටින් වැටී ඇතුළත රැඳී තිබෙන්නේ යම් ප්‍රමාණයක් පමණි. නැතහොත් යම් තැනකට ළඟා වීමට ගමනක යෙදෙන මිනිස් සමූහයක් මෙනි. ගමන අතරතුරදී එයට එකතු වන ප්‍රමාණයට වඩා පිරිසක් ඉවත්ව යන බැවින් කොතරම් ඇවිද්දත් එකම තැන ඇවිදින පිරිසක් බඳුය. මේ අවස්ථාවේදී ජවිපෙට දැනට සිටින පිරිසට වඩා ජවිපෙ සිට ඉවත් වූ සහ ඉවත් කළ පිරිස ගණනය කළහොත් එය හතර පස් ගුණයකි. පැරීසියේ දැනට සිටින්නේ දහ දෙනකු නම් ඉවත් වූ පිරිස තිස් දෙනෙකු පමණය. එයට හේතුව මේ ආකාරයේ සාමාන්‍ය ඡන්දදායකයාගේ පැත්තෙන් ගතහොත් මෙයට හේතුවී ඇත්තේ ජවිපෙ ගුණමකුකම හා අවස්ථාවාදී ගතිගුණය.

      තීරණාත්මක අවස්ථාවලදී ජවිපෙ වෙනුවෙන් පෙනීසිට යම් ව්‍යසනයන්ට පවා මුහුණදී අමාරුවේ වැටුණු විට තම හිතවතුන් හා එම පවුල් ගැන කිසිම සොයා බැලීමක් නොකරන ජවිපෙ මගහැර පැන යන්නේ ජුගුප්සාජනක ආකාරයටය. 1971, 1982 පැවැති ජනාධිපතිවරණයෙන් පසු කාලය 1989 සහ පසුව මැතිවරණ පැවැති අවස්ථාවන් මීට උදාහරණ වේ.

      2013 දී ලංකාවට ආ ගමනේදී මම උපතිස්ස ගමනායක සහෝදරයාගේ පාදුක්කේ නිවසට ගිය විට අවුරුදු 24කට පසු ඔවුන්ගේ දුක සැප විමසීමට පැමිණි එකම ජවිපෙ සාමාජිකයා මම බව එම පවු‍ලේ උදවිය පැවසූහ. පසුගිය මැතිවරණවලදී ගමනායක සහෝදරයාගේ පවු‍ලේ අය ඡන්දය දී ඇත්තේ ජවිපෙට නොවේ. ඉදින් කවර කතාද? විජේවීර සහෝදරයාගේ බිරිඳ හා දරුවන් පැවති ධනපති ආණ්ඩු විසින් මේ දක්වා බලා නොගන්නට ඔවුන්ද අනාථය. සම්භාව්‍ය ලෙස රඟපාමින් ලස්සන වදන් තෙපළමින් රටේ ජනතාව සුඛිත මුදිත කිරීමට යන ජවිපෙ සැබෑ මුහුණුවර එසේය.

      ඊළඟට සාමාන්‍ය ඡන්දදායකයන් නොවන දේශපාලන දැනුමක් සහිත ජවිපෙ හිතවතුන් ගනිමු. ජවිපෙ පවසන දේශපාලන මතවාදය හෝ දේශපාලන ගමන කුමක්දැයි මේ පිරිසට නොතේරීම බරපතළ ප්‍රශ්නයයි. ජාත්‍යන්තරවාදය, දේශප්‍රේමය, සමාජවාදය, ජාතිකවාදය, නිර්ධනපන්ති, ආඥාදායකත්වය, මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ වාදය, පරිවාසය ආදී වශයෙන් දෝලනය වෙමින් ජවිපෙ වරින් වර වෙනස් කරන්නා වූ පද ඔවුන් අන්දමන්ද කරවයි. මැස්සක් ගසා වැල එයට ගෙන්වා ගැනීමත්, වැල යන අතට මැස්ස ගැසීමත් දෙකකි.

      Delete
    2. ඊළඟ ගැටලුවට මුහුණ දෙන පිරිස ජවිපෙ දේශපාලනය ඉගෙන ගත් සංවිධානගත ක්‍රියාකාරී පිරිසය. (අර්ධකාලීන හා පූර්ණකාලීනයන්) ජවිපෙ ප්‍රකාශිත න්‍යායන් භාවිතාවත් අතර පරස්පරය දැඩිව අවබෝධ කරගන්නේත් බොහෝ විට ඒවා ප්‍රශ්න කරන්නේත් එවිට පිපිරීම් ඇතිවන්නේත් මේ පිරිස අතරය. (උදා: ලයනල් බෝපගේ, විමල් වීරවංශ කණ්ඩායම, කුමාර් ගුණරත්නම් කණ්ඩායම) රටේ සිටින ධනේෂ්වර පාලකයන්ගේ මන්දිරවල මහා රාත්‍රීන්වල හොර රහසේ ගොස් සාකච්ඡා පවත්වන ලෝකයේ එකම විප්ලවවාදී පක්ෂය ජවිපෙයි. (1978දී ජේ.ආර්. ගේ වෝඩ් ප්‍ලේස් මැදුරට යාම සහ 1989දී ප්‍රේමදාසගේ සුචරිතයට යාම. සිරිමාවෝ, චන්ද්‍රිකා, රාජපක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා චෝදනාවක් ලෙස අදාළ නොවේ.)

      වැඩිදුර නොයා මෙවර ජනාධිපති තරගයේදී ජවිපෙ රඟපෑ භූමිකාව මෙනෙහි කරමු. හිටපු ජනාධිපති රාජපක්ෂ පැරදවීමට ජවිපෙ ක්‍රියා කළේ මෙහි සඳහන් කළ නොහැකි ජනවහරේ ඇති අසභ්‍ය උපමාවක ආකාරයෙනි. එය කොන්දක් රහිත, සෘජු කතා නැති, කපටි වංචනිකයෙකුගේ හැසිරීමකි. ජවිපෙ සමාජවාදය ගොඩ නැගීමට යන නිර්දන පන්ති, විප්ලවවාදී පක්ෂයක් නම් ධනේෂ්වර පන්ති දෙකක් අතර වූ බල‍පොරයකට මැදිහත් වී එක් ධනේෂ්වර පන්තියක් දිනවූයේ මන්ද? අපේක්ෂකයාගේ ඇපය නැති වුණත් පෙරටුගාමි පක්ෂය ගත් පියවර ගෞරවාන්විතය.

      බරපතළ වැරදි හා අඩුපාඩු සහිතව වුවද 1988 ජනාධිපති ඡන්දයේදී විප්ලවවාදී පක්ෂයක් වශයෙන් ජවිපෙ තෝරා ගත් උපක්‍රමය නිවැරදි විය. එනම් බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිවරිය වීම වළක්වා එවකට පිරිහී තිබූ යූඇන්පී රජයේ ප්‍රේමදාස මහතා බලයට පත් කොට එම රජයට පහරදී රාජ්‍ය බලය ලබා ගැනීමය.

      මෙවර එවර මෙන් සන්නද්ධ අරගලයක නොයෙදුණු බව සැබෑ මුත් ජවිපෙ කළේ ඔවුන් පතන සමාජවාදී විප්ලවය ගව්ගණනක් ආපස්සට තල්ලු කර දමමින් පිරිහී තිබූ ධනපති පන්තියක් පරාජය කිරීමට තවත් ධනපති පන්තියකට සහය දී ජනතාවගේ අපේක්ෂා එම ධනපති පන්තිය මත හෙවත් එම පාලනය මත රැඳවීමය. මෙය විප්ලවවාදී පක්ෂයක පැත්තෙන් ගතහොත් සියතින් බෙල්ල කපා ගැනීමකි. තවත් අතකට තමන්ගේ නොහැකියාව තමන්ම තේරුම් ගෙන ජාම බේරා ගැනීමට උත්සාහ කිරීමකි.

      කොහොම කොහොම හරි අවසානයේදී හොරෙන් හොරෙන් දරදිය ඇද ජවිපෙ ගෙන්වා ගත්තේ යූඇන්පී ආණ්ඩුවකි. තමන්ගේ වටිනා නායකයන්ද, සාමාජිකයන්ද අමු අමුවේ මරා දමා සමූල ඝාතනය කරන ලද ආණ්ඩුවකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එහි සකල පාපයන් වසා දමන අහිංසක පිට වැස්මකි. මෙම ආණ්ඩුවේ බලධරයෝ එදා රට විසාලා මහනුවරක් කළ බලධරයෝමය. ජවිපෙ අද කරට අතදමාගෙන සිටින්නේ ඒවා සිදු කළ නායක නායිකාවන් සමගය. මේ ජවිපෙ නිසා තමන්ගේ තරුණ දූ පුතුන් අහිමි වූ දෙමව්පියන්ගේ , සැමියන් අහිමි වූ බිරින්දන්ගේ ලෙය කකියා ඇඟ හී ගඩු නංවන්නකි.

      අද ජවිපෙ සිටින්නේ “මරුවන් සමග හෙලුවෙනි”

      Delete
    3. එපමණක්ද ? අනුන්ගේ අල්ලස් දූෂණ ගැන නඩු පවරන්නට ලිපිගොනු ඔසවාගෙන උසාවි දුවන ජවිපෙට “රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක යන තම නායක දෙපළ ප්‍රධාන අන් නායකයන්ගේ නීති විරෝධි ඝාතනයන් ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තවමත් සිහිපත් නොවීම ලොකුම විහිළුවකි.

      ප්‍රේමදාස, රන්ජන්, වෛද්‍යරත්න, ජානක, මුතාලිෆ්, රොනී ගුණසිංහ ලා මියගොස් ඇතත් අනෙකුත් චූදිත මිනීමරුවෝ තවම ජීවතුන් අතර සිටිති.

      ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ වටිනා සාක්ෂියද තිබේ. තම නායකයන්ගේ ඝාතන ගැන කිඹුල් කඳුලු සලමින් ජවිපෙ පවත්වන ඉල් මහ සමරු ජනතාව රවටන ‍ප්‍රෝඩාවක් වෙන්නේ මෙම තත්ත්වය යටතේය. මේ විලම්භීත දකින සැබෑ ජේවීපී කාරයන් පමණක් නොව විජේවීර, ගමනායක, ඇල්ගිරියේ මුණසිංහ, තල්පාවිල ධර්මේ, සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චිලා එලොව සිට සිනාසෙනු ඇත.

      ෆයිල් උස්සාගෙන උසාවි දුවමින් ජවිපෙ අද ගන්නේ 1987-89 දී ගත් මෝඩ චූන් එකමය. එනම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වී ජනතාවගේ නඩු හබ විසඳන්නට යාමය. රටේ ජනතාව එදා මෙන් අදත් කරන්නේ ජවිපෙ ලවා එවැනි වැඩ කරවා ගැනීම මිස ජවිපෙ බලයට පත්කිරීම නොවේ. විප්ලවවාදී පක්ෂයක සිට සුබ සාධක සංගමයක් දක්වා ජවිපෙ පල්ලම් බැස ඇත්දැයි අප නොදනිමු. පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ පාලනය ගැන ජවිපෙ කොතරම් දේ කිව්වද දකුණේ සිංහල ජනතාව ඒ කිසිවක් පිළිගෙන නැත.

      පිළිගත්තා නම් රාජපක්ෂ පරදින්නේ ඡන්ද ලක්ෂ 4 1/2 න් නොවේ. එහි තේරුම ජවිපෙ ට දකුණේ ඡන්ද පදනමක් නැති බවය. මෛත්‍රී ජයග්‍රහණය කළ ඡන්ද පදනමේ (ප්‍රදේශවල) ජවිපෙ ට ඡන්ද නැති බව පැහැදිලි කරුණකි. අනුපාත ඡන්ද ක්‍රමය ඉවත් වී පැරණි කේවල ක්‍රමය පැමිණියහොත් ජවිපෙට එකඳු අසුනක් හෝ නොලැබෙන බව පැවසිය යුතු නැත.

      මේ සියල්ලට අමතරව රටේ ජනතාව ජවිපෙ ගැන වැදගත් රහසක් දැන සිටිති. ජවිපෙට බලය දුනහොත් ඒ බලය නැවත ලබාගත නොහැකි බව එම අවබෝධයයි.එබැවින් ජවිපෙ නම් වූ මේ “නව මෙන්ෂෙවික් ව්‍යාපාරය” තවත් කාලයක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ රැඳී සිටිනු ඇත. ඒ ඉතා සෙමින් ළඟාවන මරණයක් සහිත ගමනක අවසානයකි.

      රෝහිත මුණසිංහ

      Delete
    4. Therenne nethi nisa ahanne Mahindaya ude hawasa NYTN ekei rupawahiniyei kiypuwa minissu ahuwada.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා