Posts

Showing posts from February, 2015

දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුතු දේ කරනු!

Image
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධයෙන් ජාතික විධායක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වෙනත් පක්ෂ අතර මතගැටුමක් නිර්මානය වී ඇති බව වාර්තා විය. මෙම මතගැටුම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නො වෙයි ද යන සැකය දැන් මතු වී තිබේ.  මෙහිදී මූලික ප්‍රශ්නය වී තිබෙන්න‍ේ මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනවා ද යන්නයි. ශ්‍රීලනිපයට එය ද සංශෝධනයට ඇතුළත් කිරීමට අවශ්‍ය වී තිබේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛත්‍රීපාලට සහයෝගය දුන් වෙනත් පක්ෂවල තර්කය වන්නේ එය දින සීයේ වැඩසටහනට ඇතුළත් නො වන බව හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කල් අවශ්‍ය බවයි.  දින සීයට ඇතුළත් වුණත්, නැතත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පුළුල් මහජන අවශ්‍යතාවකි. අනෙක් පැත්තෙන් දින සීයේ වැඩසටහන යනු මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේදී ඉදිරිපත් වූ තේමාවක් මිස ජනතා ඉල්ලීමක් නො වේ. ජනතාවට මේ සියල්ල දින සීයෙන් කර හමාර කර ගන්නට ඇති තදියමක් නැත.  දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුත්තේ අවශ්‍ය ක්‍ර

ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදු වුණා ද?

Image
ලංකාවේ රජයන් විසින් දෙමළ වර්ග සංහාරයක් කර තිබෙන බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පරීක්ෂණ පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවේ සම්මත කර ගන්නා ලද යෝජනාව දෙමළ ජාතිවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේ මෙසේ ය: "යටත්භාවයේ හෙළමින්, අයිතීන් ලබා නොදෙමින්, යුක්තිය ඉටු නොකරමින්, පක්ෂග්‍රාහී පිළිවෙත් මගින් සහජීවනය ඇති කළ නොහැක. එම නිසා යථාර්තයට මුහුණ දීමට සුදානම් කොටස්, ස්ථිර සාමයක් සහ සහජීවනයක් අපේක්‍ෂා කරන පාර්ශවයන්, මානව හිමිකම් ක්‍රියාධරයන් යන සියල්ලෝ මෙම යෝජනාව සාර්ථක කරගැනීමට එක් විය යුත්තෝය. කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සිංහල සහෝදර සහෝදරියන්ගෙන්ද අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මීට පුර්ණ සහාය ලබා දෙන ලෙස ය. මෙය කිසිවෙකුගෙන් පලිගැනීම සඳහා ගෙන එන්නක් නොව, සියලු දෙනාටම නීතියේ සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගෙනඑන යෝජනාවකි." පසුගිය ජනාධිපතිවරණයේදී කොටි හිතවාදී ඩයස්පෝරා පිරිස් ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන් දැරූ ස්ථාවරය වූයේ දෙමළ ජනතාව මැතිවරණය වර

සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

Image
සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ.  එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.  මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.  ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.  විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බො‍හෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්

මහ මග නඩු අහන මොබ් උසාවි පිටුදකිමු

Image
නිවැරදි පුද්ගලයන් වරදකරුවන් ලෙස සැලකුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ.  බ්‍රිතාන්‍ය ජාතික තිමති එවන්ස් 1950දී මරණ දඬුවමට ලක් වුණේ ඔහුගේ සිඟිති දියණිය මරා දැමීමේ වරදටයි. එහෙත් 16 වසරකට පසුව හෙළි වූයේ එම මිනීමැරුම වෙනත් පුද්ගලයකු විසින් කරන ලද්දක් බවයි. මාලා මිනීමරුවකු වූ එම අපරාධකරුවා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වරද පිළි ගත්තේ ය. මෙම ඓතිහාසික වරද එක්සත් රාජධානියේ මරණීය දණ්ඩනය 1965දී අහෝසි කිරීමට ද හේතු විය.මරා දැමීමෙන් වසර 16කට පසුව 1966දී තිමති නඩුවෙන් නිදහස් කරන ලදී මෙම වීඩියෝව නරඹන්න. මෙහි වරදකරුවකු ලෙස වෛරයට පාත්‍ර වන ගුරුවරයා ඇත්තෙන් ම වරදකරු විය හැකි ය. එසේ ම ඔහු කිසියම් වැරදි අවබෝධයක ගොදුරක් වූවකු වන්නටත් පුළුවන. වරදක් කර තිබේ නම් පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදී මේ අයුතු ජන රාශියට මේ අන්දමින් හැසිරෙන්නට පොලිසිය ඉඩ දුන්නේ ඇයි?  වැරදිකරුවා ය කියන මෙම ගුරුවරයා මෙන් ම මේ අයුතු ජනරාශියේ සිටින පුද්ගලයෝත් නීතිය ඉදිරියේ වැරදිකරුවෝ ය. ඔවුන්ගේ හැසිරීම නින්දිත ය. අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බර

ශිරානිට එරෙහි නඩුව හරි හැටි ඇහෙනවා ද?

Image
පහත සඳහන් දිනමිණ වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. එය හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඇති නඩු සම්බන්ධයෙනි.  ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කර නෙරපා දැමූ ආකාරය වැරදි සහගත ක්‍රියාවක් බැවින් ඇය නැවත සේවයේ පිහිටුවීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද පියවර අපගේ පැසසුමට ලක් විය. ශිරානි බණ්ඩාරනායකට සාධාරණත්වය ඉටු කිරීම සඳහා නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් උද්ඝෝෂණයක් සිදු වූ හෙයින්, තනතුරට සංකේතාත්මකව පත් වී ඉල්ලා අස් වීමට ඇය ගත් තීරණය ද අපේ පැසසීමට ලක් විය.  එහෙත්, ඇයට එල්ල වූ විෂමාචාර චෝදනා බරපතල ය. සිය වත්කම්, බැරකම් ප්‍රකාශ නිවැරදිව ඉදිරිපත් නො කිරීම, විදේශ විනිමය ගනුදෙනු පාරදෘෂ්‍ය නො වීම හා නිවසක් මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඇය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එල්ල වී තිබෙන මෙම චෝදනා නිසි පරිදි විමර්ශනය කළ යුතු ය. එහිදී ඇය වෙනුවෙන් නීතිමය බුරුලක් දිය යුතු නැත.  මෙම නඩුවේදී ශිරානි බණ්ඩාරනායක වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා ද පෙනී සිටියි. එහි කිසිදු නීතිමය වරදක් නැති වුවත්, නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙන් ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද වන වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මෙම නඩුවේ නීතිඥයකු ලෙස ප

නවක වධය හා අපායේ ඉන්ටවල් එකේදී දේශපාලනය කිරීම

Image
මේ දිනවල නැවතත් රැග් කිරීම ගැන කතිකාවක් ඇති වී තිබේ. නවක වධය හේතුවෙන් මානසික ගැටලුවකට මුහුණ දුන් සිසුවියක සිය දිවි නසා ගැනීම එයට හේතුවයි. ඇත්තෙන්ම නවක වධය විශ්ව විද්‍යාලවල බරපතල ගැටලුවකි. දේශපාලන කණ්ඩායම් ද සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නවක වධය භාවිතා කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වාමාංශික කණ්ඩායම්වල නිර්මානාත්මක චින්තනය ඉතා දුර්වල ය. මර්දනකාරී, ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා ගන්නා ලද ජනතා ක්‍රියාමාර්ග හමුවේ පවා ඔවුහු අවුල් වී සිටිති. මර්දනකාරී පාලනයක් නොමැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දන්නා ඔවුන් සරසවිවලදී නවක වධය නැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දැන සිටීම ගැන පුදුම විය යුතු නැත.  නවක වධය යනු සරසවිවල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල පමණක් දක්නට ලැබෙන දෙයක් නො වේ. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගන්නා මොහොතේ පටන් ම රජය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විදුහල්පතිවරු හා ගුරුවරු දරුවන් ද දෙමව්පියන් ද වධයට භාජනය කරති. විදුහල්පතිවරුන් මව්පියන්ට රැග් කරන්නේ විවිධ සම්මාදම්, ශ්‍රමදාන ආදිය හරහා ය. ගුරුවරියෝ රැග් කරන්නේ තමන්ග

ආණ්ඩුව රට පාලනය කරනවා ද?

Image
මේ අද දිනමිණේ පළ වූ පිංතූරයක්. මහජන මුදලින් පවතින දිනමිණ තිබෙන්නේ මහින්දගේ ප්‍රොපගැන්ඩාව කරන්නද?  ආණ්ඩුව යහපාලනය වැරදියට වටහා ගෙන තිබේ.  යහපාලනය කියන්නේ පාලනයෙන් තොර වීම නො වේ.  මේ වන විට සිදු වන ඇතැම් දේවලින් පෙනෙන්නේ ආණ්ඩුව පාලනය නො කරන බවයි.  නිදසුනක් ලෙස අකාර්යක්ෂම පොලිසිය කාර්යක්ෂම කරන්නට නම් පාලනය මැදිහත් විය යුතුයි. එය ඇඟිලි ගැසීමක් නොවෙයි.  ඒ වගේම තමයි අධ්‍යාපනය භාර දීලා තිබෙන අකිල, රජීව් වගේ ආධුනික ඇමතිවරුන් කරන විකාර ගැන නායකත්වය සොයා නො බලන බව පැහැදිලිව පෙනෙනවා. නිදසුනක් ලෙස රජීව් විජේසිංහ කියන මහින්ද රාජපක්ෂගේ ඥාති ඇමැත්තා කරන විකාර බලන්න. මමංකාරයෙන් ඔලුව උදුම්මා ගත් මෙවැනි දුබලයන්ට මේ වගකීම් නො පැවරිය යුතුව තිබුණා. දුන්නා නම් දැන් ඉතින් කළ යුත්තේ මැදිහත් වී නාන එක වැළැක්වීමයි.  ජනමාධ්‍ය ගැනත් කිව යුතුයි. මාධ්‍ය මධ්‍යස්ථ විය යුතු බව ඇත්ත. ඒත්, රජයේ මාධ්‍යවලට අරමුණක් තිබිය යුතුයි. රජයේ මාධ්‍යවල මූලික අරමුණ රජයේ වැඩසටහන ජනතාවට පැහැදිලි කර දෙමින් එයට මහජන සහයෝගය දිනා ගැනීමයි. එය කළ යුත්තේ සියුම් හා ආකර්ශනීය ආකාරයටයි. කලින් දිනමිණ හා අයිටීඑන් කළ විධියට නෙමෙයි. 

අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

Image
මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද? ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි.  මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම සිරගෙවල්වලදී මරා දැමීම ද සුලබ සිදුවීම් විය.  වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි.  ශිෂ්ට සමාජවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවා මිස රජය නීතියට පිටින් මිනිසුන් මරා දමන්නේ නැත. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නේ විශෝධනයයි. වැරදිකරුවන් නිවැරදි මිනිසුන් බවට පත් කිරීමයි.  මෙවැනි සිද්ධි නැවත සිදු නො විය යුතු ය. ඒ සඳහා සිදු වූ සිද්ධි පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කළ යුත

අපට සිංහල බැරි ඇයි?

Image
(ලිපියෙහි ඇති වැදගත්කම නිසා දිවයින පුවත්පතෙන් උපුටාගෙන යළි පළ කරමි) මහාචාර්ය ඡේ. බී. දිසානායක අපේ සිංහල භාෂාවට මේ රටේ ජනතාව කියන්නේ "මවුබස" කියලයි. දරුවෙක්‌ මුලින්ම උගෙන ගන්න භාෂාව මවුබස. ඉංගිරිසියෙන් අපි ඕකට කියනවා "ෆස්‌ට්‌ ලැන්ග්වේඡ්" කියලා. දරුවෙක්‌ උපදිනකොට ඔහුට බසක්‌ නෑ. කතා කිරීමේ ශක්‍යතාව තියෙනවා. බසක්‌ නෑ. බස තීරණය වෙන්නේ ඒ දරුවගේ මව ජීවත්වන සංස්‌කෘතිය අනුවයි. අම්ම තමයි දරුවට බස දෙන්නේ. ඒක නිසා අපි කියනවා ඒකට මවුබස කියලා. ඒ තත්ත්වය වර්ධනය වුණාම ටික ටික දරුවා වැඩෙද්දී සමාජානුයෝජනය අනුව දරුවාට පුළුවන් වෙනවා ඔහුගේ උවමනා එපාකම් ටික මවු බසෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට කියන්න. සන්නිවේදනය කරන්න. පාසල් යන අවධිය.. ඒ කිව්වේ අවුරුදු 5ක්‌ පමණ වනවිට තම ඕනෑ එපාකම් කියාගන්න පුළුවන් දරුවා පාසලේදී සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි දරුවා ඒ වනවිට සිංහල කතා කරන්න දන්නවා. ගුරුවරුන්ට වගකීමක්‌ තියෙනවා මේ දරුවා දන්න බස තවදුරටත් උගන්වන්න. කොහොමද මේක කරන්නේ... දන්න බසේ මොනවද උගන්නන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරව දෙදරා යාම ඇරඹේ

Image
පසුගිය දිනවල ශ්‍රීලනිපයේ සිදු වූ වෙනස්කම් සමග යම් සුබවාදී තත්වයක් නිර්මානය වෙමින් තිබුණත්, විමල්-වාසු-දිනේෂ්-උදය චතුර්ථය විසින් සංවිධානය කරන ලද නුගේගොඩ රැළියත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ඉරිතලා ගොස් ඇති ආකාරයක් දැකිය හැකි  ය. බලයට ඇති කෑදරකම හමුවේ හිටපු ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත වැනි අය යළි මහින්ද රාජපක්ෂගේ පැත්තට හැරෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි බවයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.  කපන්න බැරි අත සිඹින්නා සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂයේ නායකත්වයට පත් කර ගත්තත්, ජනාධිපතිවරයාත්, අනාගත අගමැති වීමේ විභවයක් ඇති විපක්ෂ නායක නිමල් සිරිපාලත් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත හා වෛරී සහගත ලෙස කටයුතු කරන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් ඔවුන්ට එරෙහිව සිය පැරණි රදළ හාම්පුතා වන මහින්ද රාජපක්ෂ ඉදිරියට ගන්නට කැස කවමින් සිටින බව වාර්තා වේ.  එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිපය අභ්‍යන්තරිකව පුපුරා යාම දැනටමත් ආරම්භ වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාලට පක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂ ලෙස පක්ෂය තුළ කණ්ඩායම් දෙකක් ගොඩනැගෙමින් තිබේ.  ශ්‍රීලනිපයේ නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන පත්

ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ .................?

Image
ග්‍රීසියේ සිරිසා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජය යුරෝපා සංගමය තුළ කම්පන තරංගයක් ඇති කරන්නට සමත් වුණා. එයට හේතුව සිරිසා යනු ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නමක් දිනා සිටි පක්ෂයක් වීමයි. එවැනි පක්ෂයක් ධනේශ්වර යුරෝපා සංගමේ රටක පාලන බලයට පත් වීම දෙස යුරෝපා සංගමය බැලුවේ සැකමුසුවයි. පසුගිය සතියේ දිල්ලි රාජ්‍ය සභා මැතිවරණයේදී අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ලැබූ ජයග්‍රහණය ගැන අපි ගිය සතියේ සටහන් කළා. ආම් ආද්මි යනු දූෂණ විරෝධී දේශපාලනය තුළින් මතු වී ආ පක්ෂයක්. විරෝධතාවලට නායකත්වය දීමෙන් ජනප්‍රිය වූ ආම් ආද්මි, සිරිසා වැනි පක්ෂ බලයට පත් වූ පසුව කුමන ආකාරයෙන් කටයුතු කරාවි ද යන්න ගැන විවිධ අසුබවාදී පුරෝකථන තිබෙනවා. එසේම, ආම් ආද්මි පක්ෂය මීට පෙර 2013දී දිල්ලි රාජ්‍ය සභාවේ බලය ලබා ගත් අවස්ථාවේත් ඔවුන්ට පාලනය ගෙන යන්නට හැකි වුණේ දවස් 49ක් පමණයි. මේ වන විට ස්පාඤ්ඤයේත් ‍'අපට පුළුවන්' යන අරුත දෙන Podemos නම් පක්ෂය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඔවුන් මීළඟ මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට විශාල ඉඩක් තිබෙනවා. ඉදිරි මාස කීපය ඇතුළත ලංකාවේත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියම

දිනූ නිදහස අනතුරේ

Image
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද? කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති. කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය. දෙමළ ජාතිවාදීන් තම ඉල්ලීම සාධාරණීකරණය කර ගත්තේ ලංකාවේ ආණ්ඩුවේ පැවති සිංහල ස්වෝත්තමවාදී ස්වරූපය නිසා ය. දෙමළ ජනතාව ලංකාව කියන රාජ්‍යය තුළ රැ‍ඳෙමින් ම තමන් බහුතරයක් ලෙස ජීවත් වන ප්‍රදේශ තමන්ට ම පාලනය කරගන්නට ඉල්ලූ ස්වයං පාලන බලතල ලබා දෙන්නට සිංහලයන් මැලි වුණේ මේ ජාතිවාදය නිසා ය. ජාතිවාදී පදනමින් රාජ්‍යයේ බලය රැක ගැනීමට සිංහල ජාතිවාදී නායකයන්ට තිබු උවමනාව සඟවා ගත්තේ බලය බෙදා ගතහොත් රට බෙදේ යන ව්‍යාජ අදහස සිංහලයන් අතර ප්‍රවර්ධනය කිරීමෙනි.

නුගේගොඩ රැළිය කාගේ ජයක් ද?

Image
ජේසු වෙනුවට බරබ්බස් නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරන ජනතාව ( The Bible and its Story Taught by One Thousand Picture Lessons , 1910) නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන උපමා කළේ අපරාධකරුවකු වූ බරබ්බස්ටයි. ඔහුට ඡන්දය දුන් ජනතාව බරබ්බස් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි ජනයාට උපමා කෙ‍රිණි. විමල්ට අනුව ජේසු මහින්ද ය. මෙම සටහන තබන්නේ නුගේගොඩ රැළිය අතරතුරයි. එහිදී මහින්දගේ ප්‍රකාශය කියවන්නේ ස්වාධීන දේශපාලන විශ්ලේෂකයකු ලෙස තමන් හඳුන්වා ගන්නා දයාන් ජයතිලකයි. ප්‍රකාශය ලියා දුන්නේ ද දයාන් ජයතිලක බව අනුමාන කළ හැකි ය. ඔහු එය ඉදිරිපත් කළ උඩඟු ස්වරූපය තුළ තරමක අධිරංගනයක් මෙන් ම මමංකා‍රයේ දෝංකාරය ද තිබිණි. එතකොට දයාන් මේ වැඩේ ප්‍රබලයෙකු බව පැහැදිලි ය. දයාන් යනු බටහිර ඒජන්තයකු යයි කලක සිට කියන්නේ අප නොව ලංකාවේ ඊනියා දේශප්‍රේමියෝ ම ය. මේ ප්‍රකාශය කියවන්නට දයාන් තමන් ම යොදා ගැනීම වෙන ම විශ්ලේෂණය කළ යුතු තත්වයකි. කෙසේ වෙතත්, නුගේගොඩ රැළිය තරමක් දුරට සාර්ථක එකක් බව කිව යුතු ය. එයට සැලකිය යුතු පිරිසක් සහභාගි වූ හ. එසේම, ප්‍රධාන පෙළේ සන්ධාන නායකයන් එතරම් පිරිසක් සහභාගි නො වුණත්, ද

යක්ෂාගමනයට පෙර වීරවංශ-වාසු-උදය-දිනේෂ් හවුල කුපිත කළ ප්‍රශ්න දහය

Image
කල්‍යා, රිචඩ්, විමල් ප්‍රකට සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු හා මාධ්‍යකරුවකු වන කල්‍යානන්ද පෙරේරා ඇතුළු ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපයේ පිරිසක් අද උදේ 'යක්ෂාවගමනයට පෙර: වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්' යන මාතෘකාව සහිත පත්‍රිකාවක් නුගේගොඩ නගරයේ බෙදමින් සිටියදී කිසියම් මැරවර පිරිසක් ඔවුන්ට පහර දී පත්‍රිකා පැහැරගෙන තිබේ. මෙම ක්‍රියාව අද දින නුගේගොඩ රැස්වීම සංවිධානය කරන වාසු, වීරවංශ, දිනේෂ්, උදය හවුලට පක්ෂපාත පිරිසක‍ගේ වැඩක් යයි අනුමාන කෙරේ. ඔවුන් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නේ රාජ්‍ය බලය නොමැති සංදර්භයක් තුළ වීම කාගේත් අවධානයට ලක් විය යුතු කරුණකි.  මොවුන්ට නැවත රාජ්‍ය බලය ලැබුණහොත් ඔවුන් කුමන අන්දමක භීෂණයක් නිර්මානය කරනු ඇද්දැයි සිතා ගත හැකි ය. ‍අලුත් ආකාරයක ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ නො දිය යුතු බව අපි අවධ‍ාරණය කරමු. මෙම පහර දීම සිදු කළ පිරිසට කුපිත වන්නට හේතු වූ ප්‍රශ්න දහය මෙසේ ය: 1. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය ද සඳහා රටපුරාම ජනයා ආණ්ඩුවේ බස් රථවලින් ගෙන ගිය බව රටම දන්නා කරුණකි. ඒ දිනවල කියා සිටියේ එම බස් රථ ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බවය. නමුත් දැන් හෙළිදරව් වී ඇත්තේ

දවස් සීයටත් කලින් රනිල් පරාද ද?

Image
ලංකාවේ 'ප්‍රගතිශීලී'දේශපාලනයේ ධාරාවන් දෙකක් විග්‍රහ කර දක්වන්නට පුළුවන්. ඉන් එකක් වඩා මූලධාර්මික ලෙස සියලු ප්‍රශ්න සඳහා ඇති විසඳුම සමාජවාදයයි කියන විප්ලවවාදී ධාරාව. විප්ලවවාදීන්ට ‍අනෙක් ධාරාව පෙනෙන්නේ ප්‍රතිසංස්කරණවාදී ලෙසයි. මා ද ඇතුළුව බොහෝ නිදහස් මතධාරීන් අයත් වන මෙම ධාරාව උත්සාහ කරන්නේ සමාජය අඩියෙන් අඩිය හෝ ප්‍රගතිය දෙසට තල්ලු කරන්නටයි. අපි විශ්වාස කරන්නේ සමාජයේ සුබවාදී සංවර්ධනයයි. සදා නිම කළ පරමාදර්ශී විසඳුම් යෝජනා කරනවා වෙනුවට ජනතාව සබුද්ධික කරමින්, සමාජ සංවාදයක් ඔස්සේ සමාජය වෙනස් කිරීම කෙරෙහි තමයි අපි විශ්වාසය තබන්නේ. අපේ අරගලයේ සම්පත් වන්නේ මේ සිටින ජනතාව මිස ඒ අතරින් තෝරා ගත් 'පෙරටුගාමීන්' නොවෙයි. ඒ නිසා අපේ ලිපිවලින් අපි උත්සාහ කරන්නේ සමස්තයක් ලෙස සමාජය ඉදිරියට ගෙන යාමට මිස විසඳුම දන්නා බව කියන 'උත්තරීතර' පක්ෂයක් වටා ජනතාව ඒකරාශී කරන්නට නොවෙයි. මේ සටහන තැබුවේ විශේෂයෙන් ම අන්තර්ජාලයේදී අපේ දේශපාලනය විවේචනය කරන අයට තේරුම් ගන්නයි. අවශ්‍ය නම් මේ කාරණය ගැනත් අපට සංවාදයකට යන්නට පුළුවන්. එහෙත්, මේ සතියේ ලිපියේ මම අවධානය යොමු කරන්නේ වඩා ජනප්‍රිය තේමාවක් ගැ