කට්ටඩියන් හා හොර වෙදුන් පිටුදකින්නේ කෙසේ ද?

පසුගිය ජනාධිපතිවරණයත් සමග ජ්‍යෝතිෂකාර කට්ටඩියෝ වැඩි දෙනෙක් කිච වී ගිය හ. මහින්ද රාජපක්ෂ පැරදුණොත් ගිනි තියා ගන්නා බව, වෙඩි තියා ගන්නා බව කී තක්කඩියෝ දැන් වෙන සිංදුවක් කියති.

ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර, මහජන මුදලින් වැටුප් ගෙවූ සුමනදාස අබේගුණවර්ධන නම් කට්ටඩියාට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ තනතුරක් ද මහින්දගේ අප්පගේ බූදලෙන් නොව මහජන දේපලවලින් ලැබී තිබිණි.

රෙන්න පවා නැකැත් බැලූ මහ ලොකු නායකයන්ට කෙළ වෙනකොට ග්‍රහයෝ මෙන් ම කේන්දරකාරයෝ ද නීච වී ගිය හ.

මෙය ඉතා හොඳ තත්වයකි. මේ කට්ටඩින් වනාහි මහජනතාව මුලාවේ දමා මුදල් ගරා ගන්නා තක්කඩියෝ පිරිසකි.

ජීවින අරගලයට මුහුණ දීම සඳහා මිනිසුන්ගේ පෞරුෂයන් සංවර්ධනය කරනවා වෙනුවට මිථ්‍යා බලවේගවල සරණ යාමට මිනිසුන් පෙළඹවා මුදල් ගරා ගැනීම සමාජ විරෝධී විෂමාචාරයකි.

මෙවැනි ම තවත් තක්කඩි පිරිසක් වන්නේ හොර වෙද්දු ය. එක් හෙරක් මේ මෑතදී තමන්ට නොබෙල් තෑග්ග ලැබෙන්නට යන බවක් ද ප්‍රචාරය කළා ය. මොවුන් කරන කිසිදු වෙදකමක් නැත. එහෙත්, මිථ්‍යාවේ ගැලී සිටින ඇතැමෙක් මේ තක්කඩීන් දෙන බෙහෙත් ගැන විශ්වාස කිරීමෙන් මානසිකව සුවපත් වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ශාරීරිකව ද සුවයක් ලබති. වැඩි දෙනෙකුට සුවයක් නො ලැබෙන මුත්, ඉහත කී කරුණ මත සුවය ලබන අය කියන දේ පමණක් ප්‍රවර්ධනය කරති.

සමාජය සාමූහයක් ලෙස ම කෙතරම් මිථ්‍යාවේ ගිලී සිටිනවා ද යත්, කිසිදු වග විභාගයකින් තොරව අපි වැඩි දෙනක් මේවා ප්‍රවර්ධනය කරන්නෙමු.

මේ හොර වෙද්දු තෝරාගෙන තිබෙන්නේ මිනිසුන් දැඩි ලෙස අසරණ කරන ඩෙංගු,පිළිකා වැනි රෝගයි. අසරණ වු ඥාතීහු පිදුරු ගසේත් එල්ලෙන්නට උත්සාහ කරන බව දන්නා නිසා මොවුහු නියම නිලය අල්ලා ගාන කපා ගනිති. ඒ අතර තමන් ළඟ අමුතු බලයක් ඇති බව පෙන්වන්නට විවිධ කූට උපායන් භාවිතා කරති.

නිදසුනක් ලෙස අනුරාධපුරය පැත්තේ සිටින එක් හොර වෙදෙක් කැඩුණු ඇට වෑල්ඩිං කළ හැකි බව කියයි. මෙවැනි අය නිසා අමාරුවේ වැටුණු රෝගීහු විශාල පිරිසක් මේ රටේ සිටිති.

පාරම්පරික වෙදකම වැනි ගර්හිත විද්‍යාවන් මගින් මිනිසුන් අමාරුවේ දැමීම වැළැක්වීම නීති මගින් පමණක් කළ‍ නො හැකි ය. සමාජයක් ලෙස මේවා පිළිබඳ යථාවබෝධය ලබා දිය යුතු ය. නෙත් රේඩියෝවේ බැලුම්ගල වැනි වැඩසටහන් මෙම කාර්යයේදී මහත් මෙහෙයක් කළ හ.

හොර වෙදුන් හා තක්කඩින් ඉදිරියට ගෙන ඒමේ කාර්යයේදී මෙලෝ සමාජ දැක්මක් නැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද කාර්ය භාරයට සමාව දිය නො හැකි ය. ඉතිහාසය පුරාමත්, ලෝකය පුරාමත්, මෙවැනි තක්කඩි සිටිති. එහෙත්, එවැන්නන්ට රාජ්‍ය අනුග්‍රහය දෙමින් නඩත්තු කිරීම  කළේ මහින්ද රාජපක්ෂ වැනි තක්කඩි පාලකයන් අතළොස්සක් පමණි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රටේ නායකයා අනුව තමයි රට පෙලගැහෙන්නේ..චන්ද්‍රිකා කියන්නේ භෞතිකවාදය මූලික කරගත් ක්‍රමවේදයක හැදුනු කාන්තාවක්. ඇයගේ සමයේ යන්ත්‍ර මන්ත්‍ර නැකැත් වලට එතරම් ගිජු බවක් මිනිසුන් තුල නොතිබුණේ ඒක නිසයා, ඉරහඳ කාරයට කතරගම ලක්ෂ්මි දේවාලේ හදාදුන්නු එක ඇරෙන්න චන්ද්‍රිකා නැකැත්කරුවන්ට වහල්වුනේ නෑ. රනිල් අන්ත භෞතිකවාදියෙක් විදියට කොහොමත් ඒ දේවල් පස්සේ දුවන්නේ නෑ, ඒ නිසා 2002-2004 කාලයෙත් නැකැත්කරුවන්ට එතරම් හොඳ කලක් නොවේය. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය තුල ඔහු විශ්වාස කල භූත විද්‍යාත්මක කරුණු හා ඒවායේ අන්තගාමිත්වය නිසා රටවැසියන්ද එහි ඇබ්බැහිවීම සිදුවුණා. රූපවාහිනී,පත්තර,රේඩියෝ හැම එකකම පලාඵල කියවන තත්වෙට පත්වුනේ රාජපක්ෂ රජය තුලින් භූත විද්‍යාවට ලැබුණ අනුග්‍රහය ඉතා ඉහල නිසා

    ReplyDelete
    Replies
    1. දැන් සුමනෙයි,බංඩයි කියන කුප්ප කතා දැක්කහම අපිට මැරෙන්න හිතෙනවා අෆ්පා...

      Delete
    2. "..නිල් අන්ත භෞතිකවාදියෙක් විදියට කොහොමත් ඒ දේවල් පස්සේ දුවන්නේ නෑ,.."

      හැබැයි රනිලුත් තිරුපති යනවා....

      Delete
    3. රනිල්ගේ තිරුපති යාම දේශපාලන ව්‍යාපෘතියකි.

      Delete
  2. කට්ටඩි බලකායJanuary 20, 2015 at 9:37 PM

    කට්ටඩි අමාත්‍යංශයක් ඇතිකරනූ !
    කට්ටඩි ඇමතිවරයෙක් වහාම පත්කරනු !
    නවග්‍රහපාය නමින් පරිපාලන ගොඩනැගිල්ල නම් කරනු !

    ReplyDelete
    Replies
    1. එහෙව් එකක් තියේ, නම අරලිය ගහ මන්දිරය. වරමක් ලැබූ කපුවෙක් ආයේ ආ දාක එහි නැවත බලි ඇරීම පටන්ගනු ඇත

      Delete
    2. මටත් හිතුනෙ බුද්ධ ශාසන අමාත්‍යාංශයට වඩා මහජනයාට ප්‍ර යෝජනයක් වේවි ගුප්ත විද්‍යා අමාත්‍යාංශයක් හැදුවනම්.

      Delete
    3. ගාල්තැන්නේ දෙයියා.January 21, 2015 at 1:40 PM

      මචං ශනී,මහින්ද ආන්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්ගේ පවුල තමයි ලංකාවට චීන ෆෙන්ෂුයි ගෙම්බෝ ගෙන්නන්නේ.

      Delete
  3. Ekama visaduma adyapanaya.
    Ugathkama ethiwenakota mun samaajayen konwela anthimata nethiwela yanawa.
    Kattadi saha hora weddu nethikaranna wenama vyaapaara uwamanaa netha.

    ReplyDelete
  4. ගාල්තැන්නේ දෙයියා.January 20, 2015 at 10:04 PM

    පවුලේ දියුනුවට රන් ගෙම්බා තියාගන්න ඕන කිම්බ උඩ එතකොට සල්ලි සට සට ගාලා ලැබෙනවා
    - වටීනා චීන ෆෙන්ෂුයි රහස්

    පැරාට අපි විතරද පේන්නේ ,ෆෙන්ෂුයි තක්කඩි අමතක උනාද ?

    ReplyDelete
  5. Rajapaksha Lith 150,000 hamuwei.
    Rajapaksha Biththi Oralosu 62,000 hamuwei.
    Ane ane chinthanayaka mahima!

    ReplyDelete
  6. මාතලන් මෙන්න උඹට පන්න පන්න ගහනවා....

    ReplyDelete
  7. එතකොට දේව බලයෙන් කොරුන් ඇවිද්දන අන්ධයන්ට පෙනීම දෙන එරන් වික්‍රමරත්නගේ යාඥා මෙහෙයන් හොදයිද?

    ReplyDelete
    Replies
    1. Ewwa kohoma unath kunaatuwa nisaa paap thumaatath Philippine walin kalin yanna unaa.

      Delete
  8. අඳුරෙන් මිදෙන්නට පහනක් දල්වමු!

    ReplyDelete
  9. පැරාට පොඩ්ඩක් හිට්ස් කමෙන්ට් මදි වෙච්චි ගමන් අපේ මාරයා අයියගෙ බඩට ගහනවා. දැන් නම් කමකුත් නෑ පැරා එයාගෙ මූණු පොතේ යාලුවෙක් නොවෙන නිසා. මාරයා අයියා එයාගෙ ඔක්කෝම දේශපාලන යාලුවො මූණු පොතෙන් හලළාලු. ඉතින් පැරා දැන සමාව ඉල්ලන්න ඕනැ නැහැ.

    මේ පෝස්ට් එකේ නම් හොර වෙදා කියලා අර සුසන්ත වෙද මහත්තයටත් ගහපු එක නම් හරි නෑ. ඌෂ්ණේ. මඳ සරු බව කිය කියා මේකෙ ඉන්න අම්මණ්ඩිලා ටික රවටා ගෙන කීයක් හරි හම්බ කර ගත්තු මිනිහනෙ.

    ReplyDelete
    Replies
    1. යකෝ මේ ගහන්නේ මාතලන්ට! මාරයා මෙපැත්තේ එන්නේ නැහැ කියල පැරා දන්නවා

      Delete
    2. ආර්පී සුසන්ත වෙද මහත්තයාට හොර වෙදා යැයි කීම තරයේ හෙලා දකිමු. සුසන්ත මහත්තයා මෛත්‍රී පාලනයක් වෙනුවෙන් කැපවී ක්‍රියාකල අයකු වන අතර දැඩි රනිල් වාදියෙකි. එහෙවු මනුස්සයට හොර වෙදා යැයි කීම මාක්ස් වාදයට ගැලපෙන්නේ නැත. වහාම වෙනස් කරවු.

      Delete
  10. /ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර, මහජන මුදලින් වැටුප් ගෙවූ සුමනදාස අබේගුණවර්ධන නම් කට්ටඩියාට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ තනතුරක් ද මහින්දගේ අප්පගේ බූදලෙන් නොව මහජන දේපලවලින් ලැබී තිබිණි./

    යකෝ ඌට ඔය දීලා මදි කාලකණ්ණි රෙජීමයක් අවුරුදු දෙකකට කලින් ඉවර කරලා රටට කරපු සේවෙට.

    ReplyDelete
  11. ජ්‍යෝතිර්වේදී චතුෂ කුමාර කැකුලාවල මහතාට අනුව පසුගිය නොවැබ්මර් මාසයේ වුණාය කියන "සෙනසුරු මාරුව" කන්‍යා ලග්න හිමියන්ට බලපාන්නේ මෙසේය. (මහින්ද රාජපක්ෂ කන්‍යා ලග්න හිමියෙකි.) :

    "හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ හිටං.. 2017/10/26 විතර වෙනකල් කාලයට අදාලව කන්‍යා ලග්න හිමියන්ට බොහෝම යහපත් වාසි හිමි කරගන්න පුළුවනි.. ඒ කිව්වේ බොහෝ හිතේ ප්‍රීතිය ඇති වෙන්න හැකි වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා... තමාගේ වැඩ අනිත් අය විසින් කරලා දෙන අවස්ථා බොහෝමයි.. යන එන තැන තමාට උපකාර කරන්න උදවිය හිටීවි... ආර්ථික වාසිත් බොහෝමයි... ලෙඩ දුක් කරදර තිබුන ඒවා හොද අතට හැරිලා.. හොඳ කායික මානසික ශක්තියක් ඇතිව කටයුතු කරං යන්න පුළුවන්කම ලැබෙනවා.. රැකියා ස්ථානවල.. ගෙදර දොරේ තමන්ගේ බලය වැඩි වෙන කාලයක්.. ඒ වගේම මෙච්චර දවසක් තමන්ට කොකු දාපු.. බාල්දි පෙරලපු අය තමා ඉස්සරහා පරාද වෙන කාලයක් වගේම ඒ අයවත් තමන්ට උවමනා හැටියට හසුරුවන්න පුළුවන් තත්වයක් උදා වෙයි... සතුරන් පරාජය වෙනවා වගේම සතුරන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඇති වෙනවා... අළුත් බලවත් යාළු මිත්තරයෝ ඇති වෙන්ටත්.. ඒ අයගේ ආධාර උපකාර හිමිවීමටත් පුළුවනි. තමන්ට අයත් වෙන්ට තිබුන ඒ් මොන මොනවා හරි ප්‍රශ්න හින්දා කල් යමින් තිබුන දේපල ආදිය බොහෝම පහසුවෙන් අයිති වෙනවා.. සමාජයේ පිළිගත් තැන්වල හැසිරෙන්නට අවස්ථා කරුණු යෙදනවා.. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන.. යම් යම් නිලතල නම්බු නාම හිමිවන... කරන කියන වැඩ වලින් ලාබ හිමිවන... පවුලේ එකමුතුව ඇතිවෙන... දියුණුව ඇතිවන.. කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන.. යම් කිසි දඩුවමකට එහෙම ලක් වෙලා හිටියනං ඒ දඩුවම් නිමා වෙන... ඉඩ කඩම්.. ගෙවල් දොරවල් ආදියේ සංවර්ධන කටයුතු කරගන්න ලැබෙන.. නව ව්‍යාපාර.. රැකියා ආදිය හිමිවන.. කරන රැකියා..ව්‍යාපාර උස්ස තත්වයට පත්වන..තමන්ට සැපසේ සිටිය හැකි ස්ථාන වලින් බැහැර වෙලා වෙන වෙන තැන්වල වැටිලා හිටිය අයට නැවතත් තමාට හිමි.. තමාගේ පහසුව වැඩිවන තැන්වලට යාමට හැකිවන... පුරුෂයකුටනං ස්ත්‍රීන්ගේත්.. ස්ත්‍රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි... ඒ විතරක් නෙවෙයි මේ කාලය විශේෂයෙන්ම අළුතින්ම ආරම්භ කරන්න බලාගෙන හිටිය ව්‍යාපාරයක් වේවා.. කර්මාන්තයක් වේවා.. එහෙමත් නැත්තං අළුතින් ගෙයක් දොරක් සෑදීමක් වේවා.. ඔය ඕනම ආකාරයක මතු දියුණුවට හේතුවන ලොකු ලොකු වැඩ ඕන එකක් ආරම්භ කරන්න හොඳම කාලයක්... ඒ වගේ දේවල්වලදී වැඩිහිටි.. උසස්.. උගත් අයගේ ආධාර උපකාර හිමි වෙනවා වගේම අවසාණ අරමුණට ඉතාමත් කෙටි කාලයකදී ගමන් ගැනීමේ හැකියාව ඇති වෙනවා... පොළව සම්බන්ධව වැඩ කරන අයටනං දියුණු වෙන්න මේ තරං හොඳ කාලයක් තවත් නැති තරං..."

    ReplyDelete
  12. පැරාට දිනමිණ දියව්!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා