කුමාර් ගුනරත්නම්ගේ ගැටලුව විසඳා ගත හැකි මග

සැබෑ පෙරටුගාමී සටන් පාඨය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සටන් පාඨය
ජවිපෙන් කැඩුණු වාම ප්‍රවණතාව එක් කලෙක අපට ආස්වාදයක් විය. 

මම ඔවුන්ගේ ජනරළ පුවත්පතට ස්වේච්ඡාවෙන් ලියන්නෙමි. මගේ ලිපිය ලබා ගැනීමෙන් එහා ගිය මිනිස් සම්බන්ධයක් මා සමග ගොඩනගා ගන්නට ඔවුන් උත්සාහ නො කිරීම ගැන මම ඇත්තට ම කණගාටු වෙමි. 

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔවුන් හා මා අනුගමනය කළ උපායමාර්ග සපුරා වෙනස් ය. අපි මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය පැරදවිය යුතු ය යන පදනමින් දිවි පරදුවට තබද්දී ඔවුන් තේරුවේ මහින්ද රාජපක්ෂට වාසිදායක ස්ථාවරයකි. මෙම ජනාධිපතිවරණයේදී සමාජවාදී විකල්පයක් ගොඩනගන්නට බැරි බව ඕනෑම කෙනෙකුට වැටහේ. අපි කළේ රාජපක්ෂගේ ජාතිවාදී, ම්ලේච්ඡ, ඒකාධිපති පාලනය පරදවා ධනේශ්වර පාලකයන්ට යම් සංඥාවක් දීමයි. වෙනසින් පසු බිහි වූ පාලනයෙන් සාපේක්ෂ ශිෂ්ටත්වයක්, මානුෂිකත්වය පිළිබඳ අදහසක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් හා අන්ත ජාතිවාදී නො වන තත්වයක් ජනතාව අපේක්ෂා කරති. අපි ඒ අපේක්ෂාව ධනේශ්වර ආණ්ඩුවේ නළලේ කෙටුවෙමු. එසේම ඔවුන්ට යටත් නො වී දිගට ම අරගල කරන්නෙමු.

ඔවුන්ගේ උපායමාර්ගය පක්ෂය ලෙස සුරැකීමට හා කුමාර් ගුනරත්නම් සහෝදරයා යළි දේශපාලනයට ගෙන්වා ගැනීම වෙන්වෙන් ය යන පදනමින් මම එය ඉවසමි. 

මේ වන විට පෙරටුගාමී පක්ෂයේ සිටි නිර්මානාත්මක විභවයන් ඇති සහෝදරවරුන් විශාල පිරිසක් පක්ෂය හැර ගොසිනි.  ඉතිරි වී සිටින පිරිස තුළ දැඩි විජේවීරවාදී ලක්ෂණ පෙනේ. විශාල විභවයක් තිබුණු වාම ප්‍රවණතාවක් සීසීකඩ විසිර ගොස් ප්‍රබුද්ධත්වයේ කන්‍යා පටලය ගැන උදම් අනමින් නිකම් සිටිති. ඔවුන් වැඩි දෙනෙක් ගැන තව දුරටත් බලාපොරොත්තු තැබිය හැකි ද යන ප්‍රශ්නය මා හමුවේ තිබේ. 

අද දින පැවැත්වුණු උද්ඝෝෂණයේදී පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරුන්ගේ සටන් පාඨය හා සිවිල් සමාජ සංවිධානවල සටන් පාඨය අතර වෙනස බලන්න. පෙරටුගාමී පක්ෂය අරගල කරන්නේ කුමාර් ගුනරත්නම් වෙනුවෙන් පමණි. 

එහෙත්, මර්දනය නිසා රටින් බැහැර වන්නට සිදු වුණේ ඔහුට පමණ ද? ආපසු සිය රට පැමිණීමේ උවමනාව ඇත්තේ ඔහුට පමණ ද?

කුමාර් ගුනරත්නම් සහෝදරයා ලංකාවෙන් පළා ගිය සංදර්භය මර්දනය, උන්නතිකාමය හා කුහකත්වය යන කරුණු තුනේ සම්මිශ්‍රණයකි. 

උපතින් දෙමළ ජාතිකයකු වූ ඔහු තමන් වැනි ම පිරිසක් උතුරේ ගෙන ගිය ජාතික විමුක්ති අරගලයේදී ඔවුන් එක හෙළා බැහැර කර ලෙයින් යකඩින් මර්දනය කරන්නට දිරි දුන් සිංහල ජාතිවාදී ගැමුණු කෙනෙකුගේ භූමිකාව රඟපෑවේ ය. 

දෙවනුව ඔහු පක්ෂ නායකත්වය වෙනුවෙන් ව්‍යාජ යටිබිම් මානසිකත්වයක් නඩත්තු කරමින් පක්ෂයේ පහළ ස්ථරය වසර ගණනාවක් තිස්සේ රැවැටුවේ ය. පක්ෂය විසින් කරමින් සිටි සත්‍ය දේශපාලනයේ ඵලයන් වන්නේ විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැනි අයයි. මහින්ද රාජපක්ෂ ද ඒ ජවිපෙ දේශපාලනය විසින් බිහි කරන ලද්දෙකි. එවැන්නන් පිරිසක් බිහි කරන්නට පක්ෂයේ යටිතලයේ සාමාජිකයෝ අනන්ත දුක් කන්දරාවක් වින්ද හ. ඔවුන් මේ කරමින් සිටින්නේ සමාජවාදී දේශපාලනයකැයි තමන් රවටා ගත්තේ කුමාර් ගුනරත්නම් වැනි අය දෙස බලමිනි.

අවසානයේදී මේ අභ්‍යන්තර කුහකත්වය හා බාහිර ව්‍යාජත්වය විසින් පක්ෂය පුපුරුවා හරින ලදී. 

මේ පිපිරීම වන විට කුමාර් ගුනරත්නම් සහෝදරයා පිටරට ය. ඒ යාම පසුපස සෑහෙන තරම් දුරට ධනේශ්වර පාරිභෝජනවාදී පළා යාමක් ද තිබිණි. විමල් වීරවංශ කණ්ඩායම විසින් ඔහු පිළිබඳ තොරතුරු ආණ්ඩුවට දී තිබිණි. එහෙත්, ඒ වන විටත්, ඔහුට දැන් ඔහු අපේක්ෂා කරන විවෘත දේශපාලනයට පිවිසීමට බාධාවක් නො තිබිණි. එහෙත්, ජවිපෙ නායකත්වයට අවශ්‍ය වූයේ ඔහු වැනි පිරිස් රහසිගත දේශපාලනය නියැලෙන බව දිගින් දිගට ම පක්ෂ කේඩරයට අලෙවි කරන්නට ය. ඔහු වෙත සැබැවින් ම මර්දනය එල්ල වුණේ 2012දී ආපසු පැමිණීමෙන් පසුවයි. එවර ඔහු බේරුණේ ඔහු වෙනුවෙන් ඕස්ට්‍රේලියාව කළ මැදිහත්වීම නිසා ය. නැතිනම්, විමල් වීරවංශලාගේ හා ‍ගෝඨාභයලාගේ ආණ්ඩුව ඔහු මරා දමනවාට සැකයක් නැත.

එහෙත්, නීත්‍යානුකූලව ගත් කළ, ඔහු මේ රටේ ජාතිකභාවය අතහැර දමන්නේ සිය කැමැත්තෙනි. ඔහු මුලින් ම එසේ කරන්නේ මර්දනය නිසා ය යන්න රට හා තමන් රැවටීමට කරන ව්‍යාජ ප්‍රකාශයකි. 

දැන් ඔහුට ආපසු එන්නට අවශ්‍ය වී තිබේ. ‍එය අාජන්ටිනානු ජාතික චේ ගුවේරා කියුබාවට හා බොලීවියාවට ගිය පරිද්දෙන් කරන්නත් තිබිණි. එහෙත් චේගේ දැක්ම පසුපස යුක්තියුක්ත ජාත්‍යන්තරවාදයක් තිබිණි. කුමාර් වනාහි මේ රටේ ම සහෝදර දෙමළ ජාතියේ අරගලය භාර නො ගත් සිංහල ජාතිවාදියකු ලෙස කලක් පෙනී සිටි ජාත්‍යන්තරවාදයේ හස්තය දෙමළ ජාතිය වෙත හෝ දිගු නො කළ ඉතිහාසයක් හිමි අයෙකි. එහෙයින් ඔහු වෙනුවෙන් ජාත්‍යන්තරවාදී පදනමකින් පෙනී සිටින්නට අපට අවශ්‍යතාවක් නැත. 

ඔහු ලංකාවේ පුරවැසිකම වෙනුවෙන් නැවත අයදුම් කළ යුතු ය. සිය උපන් රටේ පුරවැසිකම වෙනුවෙන් ඔහුට හිමිකමක් ඇත. ඔහුට පූර්ණ පුරවැසිකම ලබා දිය යුතු ය. එසේම, මේ මොහොත වන විට ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් බව සිහි තබා ගැනීම ද වැදගත් ය. රටක වීසා කොන්දේසිවලට අනුගත වන්නට විදේශිකයෝ බැඳී සිටිති. 

ඔහු ඉදිරියේ තිබෙන නීතිමය ගැටලු වනාහි ඔහුට පමණක් මුහුණ දෙන්නට සිදු වී අැති තත්වයක් නො වේ. විශේෂයෙන් ම ලාංකික දෙමළ ජාතිකයෝ දහස් ගණනක් මෙම ප්‍රශ්නයට මුහුණ දෙති. ප්‍රශ්නයට විසඳුම සෙවීමේදී එය කුමාර් ගුනරත්නම්ගේ පමණක් ප්‍රශ්නයක් ලෙස ගැනීම සාධාරණ නැත.

දේශපාලන හේතු මත රටින් පළා ගිය, ආපසු එන්නට කැමති සියලු දෙනාට නැවත එන්නට හැකි යම් විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය ය. 

කුමාර් ගුනරත්නම් වෙනුවෙන් රජය හා පෙරටුගාමී පක්ෂය සම්මුතියකට යා යුතුව තිබේ. එසේ නොමැතිව වීදියේ උද්ඝෝෂණවලින් පමණක් මෙම ගැටලුව විසඳා ගන්නට බැරි ය. මන්ද, එම උද්ඝෝෂණය කෙරෙන්නේ ඔහු වෙනුවෙන් පමණක් නීති විරෝධී ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා බැවිනි.

රජයට පෙරටුගාමී පක්ෂයේ ඉල්ලීම විශේෂ ඉල්ලීමක් ලෙස සලකා කටයුතු කරන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් පෙරටුගාමී පක්ෂයට ඒ අවස්ථාව ලබා දෙනු ඇත. අවාසනාවට ඔවුන් දිනනවා යයි සිතා ඔට්ටු ඇල්ලූ අස්සයා පරාද වී ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කුමාර් ගුණරත්නම් යනු රටට සම්පතකි.පෙරටුගාමීන් ජනාධිපතිවරනයේදී සිටි ආස්ථානය බාහිරින් කෙනෙකු තුල වැරදි වැටහීමක් ඇතිවන බව ඇත්තකි.එහෙත් ජනවාරි අටවෙනිදා සිදුවූ මුහුණුමාරුව ට මැදිහත් නොවීමට ඔවුන් ගත් තීරණය නිවැරදිය.ඔවුන් නිවැරදි බව අනෙක් අයට පසුව අවබෝධවනු ඇත.
    දින සීයේ සැළැස්ම එජාපයට ඊලඟ ඡන්දයට පෙර පුහුණුවක් පමනි.ඉන්දු ඇමරිකානු අවශ්‍යතාව ඉටුවීම හැරුන විට වෙන දෙයක් නැත.ජාතික ප්‍රශ්නය ගැන මහින්ද දැරූ ස්ථාවරයට අකමැති නිසා ඔහු පෙරලීමට කෙනෙක් සිතුවානම් එම තැනැත්තාගේ අභිලාශ ඉටුවේ.
    කුමාර්ලා දෙමළ ජාතිවාදයටද නතු නොවීය.ඒ නිසා ඔහුට මහින්ද සමඟ ඒ පැත්තෙන් ඇරියස් එකක්ද නැත.
    ජවිපෙද මෙය කලින් දුටුවද ඔවුනටද වෙන විකල්පයක් නොවීය.ලාවට සෙල්ලමක් දමා ඇඟ බේරා ගත්තේ එබැවිනි.
    දින සීයෙන් පසු පුරුදු විදියට සමාජය ආපසු ගමන් කරනු ඇත.මන්ද සැබෑ යහපාලන වෙනසකට අවංකවම සූදානම් පිරිසක් සටන් බිම තුල නොසිටි බැවිනි.
    මහින්ද පෙරලීමේ ප්‍රතිලාභ නැතැයි නොකියමු.මිත්‍යාවන් ප්‍රවර්ධනය ඇණ හිටීම ( ඒකත් ශුවර් නැත ), රාජ නාඩගම නැවතීම නම් සිදුවේ.වෙන නම් ලොකු වෙනසක් සිදු නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. "ජනවාරි අටවෙනිදා සිදුවූ මුහුණුමාරුව ට මැදිහත් නොවීමට ඔවුන් ගත් තීරණය නිවැරදිය" යි කී විට අදහස් වන්නේ ජනවාරි 8දායින් පසුවත් මේ රටේ තිබිය යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් ය යන අදහසයි.

      "දින සීයෙන් පසු පුරුදු විදියට සමාජය ආපසු ගමන් කරනු ඇත" යනු ඔබට අවශ්‍ය දෙයයි. සමාජය වෙනස් ‍වන්නේ යයි විශ්වාස නො කර සමාජවාදී දේශපාලනයක් කළ නො හැකි ය.

      මහින්ද පෙරළීමේ ප්‍රතිලාභ ඔබ කියන දේට වඩා සුවිසල් ය. අංක එක ජනතාව තමන්ට ඒකාධිපති පාලනයක් පෙරළා දැමිය හැකි බව ‍ඔප්පු කළේ ය. ජනතාව මෙතෙක් සිතා සිටියේ තමන්ට එසේ කරන්නට බැරි ය කියා ය. ජනතා ධෛර්යය වර්ධනය කිරීම මේ වෙනසෙහි ප්‍රධාන ප්‍රතිඵලයයි.

      ඔබ වෙනස සොයන්නේ මෛත්‍රීපාල හා එජාපය තුළයි. එතැන නොව අප තුළ වෙනස සොයන්නට හා එය ඉදිරියට ගන්නට උත්සාහ කරන්න.

      Delete
    2. යහ පාලනයJanuary 31, 2015 at 11:40 PM

      1. ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂය.
      2. පෙරටුගාමී සමාජවාදි පක්ෂය.
      ඉහත දේශපාලන පක්ෂ දෙක ලංකාවේ ලියාපදිංචි කර ඇත.

      පෙරටුගාමී පක්ෂය නමින් අජිත් පැරකුම් පක්ෂයක් ලියාපදිංචි කර අැත්දැයි මම නොදනිමි.
      නමුත්, හිතාමතාම මෙම ඉහත පක්ෂ දෙකේ නම් වල කෑලී හලමින් පක්ෂ වල නම් පටලමින් කරන දේසපාලන සෙප්පඩ විජ්ජාව නම් නින්දිතයි. මේ වැඩේම කරන තවත් හීනමාන පත්තර කාරයෝත් ඉන්නවා.
      සැබෑ වාමාංශිකයින්ට නම් දක්ශනංශිකයින් වඩා ඉහල දේශපලන විනයක් හා පෞර්ෂයක් හිමිය. පක්ෂ ක්‍රියාකාරිත්වයක් හෝ සමාජිකයින් දේශපලනිකව දැඩි විවේචනයට ලක් කිරිම වලංගු ක්‍රියාවකි.
      නමුත් ,පක්ෂ හෝ පුද්ගල නම් විකෘති කිරීම වීරවංශ මොඩල් තුට්ටු දෙකේ නීච ක්‍රියාවකී.

      Delete
    3. යහ පාලනයJanuary 31, 2015 at 11:40 PM @ එහෙම පැටලවිල්ලක් මෙතන ඇතිවෙන්නෙ නෑ නේද ඇනෝ.කුමාර් ගැනනෙ ලිපියෙ තියෙන්නෙ
      මොකද මෙතන කුමාර් ගුණරත්නම් ගෙ පෙරටුගාමී පක්ෂය කීවම කියවන කෙනාට තේරෙනව. බිම් මට්ටමේ දේශපාලනයක යෙදෙන්නෙ ඔවුන්.ඒ නිසා ජනතාවත් පෙරටුගාමී කීවම නමින් දන්නෙ කුමාර්ලව.

      Delete
    4. මහින්ද රාජපක්ෂ රෙජීමය සහ යහපාලන නඩය අතර වෙනස
      ජාත්‍යන්තර කුමන්ත්‍රණ , මැතිවරණ දවසේ කුමන්ත්‍රණ වලට ආදේශ වීම

      මැතිවරණ ප්‍රථිපලය
      පැරකුම් වාමාංශිකයෙක් නොව සුළු ධනේශ්වර කුලියට ලියන්නෙක් බව ඔප්පු වීම

      Delete
    5. එසේම, වාමාංශිකයන් ලෙස පෙනී සිටිමින් ජවිපෙට එරෙහි වීම සඳහා මහින්ද සමග ඩීල් දැමූ අය ද හෙළිදරව් වූ හ.

      Delete
    6. අන්තිමට පැරාට තමුන්ගේ හෙළුව වහ ගන්න කුමන්ත්‍රණ තියරියටම පහුබහින්න වෙච්ච එකනම් අන්තිම කුජීතයි. ජනාධිපතිවරනෙට ඉල්ලපු එක්සත් සමාජවාදී පක්ෂේ සහෝදරයි, සමාජවාදී සමානාත්මතා පක්ෂේ සහෝදරයයි යන දෙන්නත් මහින්දත් එක්ක ඩිල් දා ගෙනද දන්නේ නෑ නේද ? ඔයා කඩේ යන ධනපති ගුබ්බයම් වල හාමුලාට විරුද්දව මිනිස්සු සංවිධානය වෙන එකට කියානේ ඩිල් දානවා කියලද ?? අවුරුදු පහෙන් පහට රටේ තක්කඩි මුදලාලිලාට තෙල් හිදින්න උන්ගේ සෙක්කුවේ බදින්න මිනිස්සු ගෙනියන එක තරම් වෙන පහත් වැඩක් තියනවද වාමන්ශිකයෙකුට???

      Delete
    7. තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපතියකුව බලයේ තියා ගන්න වැඩ කරන එක.

      පෙසප = එසප = සසප

      එසප හා සසප ඡන්දෙ ඉල්ලන්නේ ඔවුන් හා සම්බන්ධ ජාත්‍යන්තර සංවිධාන සමග ඇති ආර්ථික හා සංවිධාන සම්බන්ධය නිසායි.

      Delete
    8. //ඒ තමයි මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපතියකුව බලයේ තියා ගන්න වැඩ කරන එක.//

      වාමාංශිකයින් ප්‍රධාන ධනපති කදවුරු දෙකෙන් වෙන්ව චන්දය ඉල්ලීමෙන් එක් ඒකාධිපතියකුට සුවිශේෂී වාසියක් වේයැයි අදෝනා දෙන වාමන්ශික යැයි කියා ගන්නා උන් පුකේ වම්මුන් ඇර වෙන මොක්කුද ??

      Delete
    9. //තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපතියකුව බලයේ තියා ගන්න වැඩ කරන එක.//

      මේ බොළද තර්කය 1994 ඉදන් චන්ද්‍රිකා, මහින්ද ඇතුළු නඩය ජවිපෙට විරුද්දව පුනුරුචාරණය කළා මෙන්න මෙහෙම '' වෙන්ව චන්දය ඉල්ලීමෙන් ජවිපෙ කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ ඒකාධිපතියෙක්ව බලයට ගේන්න වැඩ කරන එක''

      දැන් ඒ කතාවම පැරකුම් කියනවා, මම හිතන්නේ මේවට කියන්නේ ඛේදාන්ත කියල, මේවගේ බොරු තර්ක වලින් පරකුම්ගේ නිර් - වාමාංශික භාවිතයේ නිරුවත වහ ගන්න අමාරු වෙයි නේද ??

      Delete
    10. "මොකද මෙතන කුමාර් ගුණරත්නම් ගෙ පෙරටුගාමී පක්ෂය කීවම කියවන කෙනාට තේරෙනව."
      -මධ්‍යස්ථ මතධාරියා
      ----------
      "කුමාර් ගුණරත්නම් ගෙ පෙරටුගාමී පක්ෂය" වෙනුවට "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" යැයි සඳහන් නොකරන්නේ ඇයි ?

      1.දීප්තී කුමාර ගුනරත්නගේ පෙරටුගාමී පක්ෂය.
      2.කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය.
      3.අනුර කුමාර දිසානායකගේ විමුක්ති පෙරමුන.
      4.රනිල් වික්‍රමසිංහගේ ජාතික පක්ෂය.
      5.මෛත්‍රිපා සිරිසේනගේ පෙරමුන.
      6.සම්බන්ධන්ගේ ජාතික සන්ධානය.

      දේශපාලන පක්ෂවල ලියාපදිංචි නමේ කොටස් හලා ඉහත ආකාරයට පක්ෂ වලට නම් යොදමු. එම නායකයන්ගෙන් පසුව නව නායකයන්ගෙ නම නාම විශේෂනය ලෙස යොදමු. එවිට වසර 20-30 කදි පක්ෂ 300ක් පමන නිපදවා ගත හැක.(දැනට ලි.ප පක්ෂ 70 ක් පමන ඇත.) මේ ක්‍රමය මිනිසුන් අවුල් කරයි.
      *************
      *කැමිලස්ගේ ගජමෑන්
      *ජිනදාසගේ තලගුලී
      *ලිප්ටන්ගේ තේ
      *ඹ්දිරිස්ගේ හිරමනා
      *ෆෝඩ් කාර්
      *හම්බන්තොට ලුණු
      ආදී මෙවැනී සන්නම් නාම නම් අවුලක් නෑ ...පාරිභෝගිකයන්ට තෝර ගැනිමට පහසුවක්නේ.

      මතු සම්බන්දයී.

      Delete
    11. අපි ජෛවීයව ස්වයංජනනය නොවීීය. සුදු ඇත් පැටවෙක් නෙළුම් මලක් රැගෙන සිහිනෙන් පැමිනි ලෙස අප, මව් කුස පිලිසිඳ ගත්තේද නැත. අපි දෙවියන්ගෙන් තෑගී ලෙස ඉපදුනෙත් නැත.
      අපගේ දේශපාලන උපතද ස්වයංජනනයක් නොවීීය. අප උපන් ගමන් සත් පියුම් මතින් ගොස් දේශපාලන පක්ෂයකට බැදුනේද නැත. දෙවියන් වහන්සේ අපට යායුතු දිශානතිය පෙන්වුයේද නැත.

      හැබැයි සමහරු මේ උපත් දෙකටම දායක වු සැබෑ පියවරු හා වැදූ මව්වරු සඟවමින් නම් ගම් විකෘති කරමින් භායනක දේශපාලන ක්‍රිඩාවක නියැලෙයි. මෙය දේශපාලන ක්‍රිඩාවක් නොව මෙය දේශපාලන මළ පුඬුවකට ලඟාවීමකි..

      ප්‍රධාන පක්ෂ වලින් බිඳි ගිය සියලු කොටස් ඉදිරියේදි දේශපාන අනාථයන් වීමට නියමිතයි.

      නිමී.

      Delete
    12. යහපාලනය ත් රාජපක්ෂ පාලනයට දෙවෙනි නෑ ! …. අජිත් කුමාර

      ලංකාවේ දේශපාලනය පිළිබද අතිශය කලකිරීමක් පසුගිය දිනක ඇතිවූ සිදු වීමක් වුණා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මා හට මුණ ගැසුණා. මා දුටු රතන හිමියන් ‘කොහොමද අජිත් මේ දවස්වල දේශපාලන කටයුතු‘ කියල ඇහුව.

      උන්වහන්සෙට මම පිළිතුරු දුන්නේ ‘දේශපාලන කටයුතුත් කරගෙන යනවා, ඒත් මේ ආණ්ඩුව කුමාර් සහෝදරයාව පිටුවහල් කරන්න උත්සාහ කරනවා, මේ දවස්වල ඒකට අදාල වැඩ කරගෙන යනවා‘

      මේ වෙලාවේදි රතන හාමුදුරුවෝ කිවුවේ ‘ජේවීපී එක ඉන්න ආණ්ඩුවකින් ඔයාල ඔය වගේ අවස්ථාවන් බලාපොරොත්තු වෙන්න ඕනේ අජිත්‘ කියලයි.
      ගමේ භාෂාවෙන් කියනව නම් මාව කරකවල අතෑරිය වගේ වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙසින් අප බෙදී වෙන්වූ පසු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ ප්‍රධාන සතුරා බවට අප නිතැතින්ම පත් වුණා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය. ඒ ස්වභාවය අපිපක්ෂය තුළ සිටියදී පවා දැන සිටියා. පක්ෂය තුළ සිටින තාක් කල් වීරයා, පක්ෂයෙන් ඉවත් වුණොත් ද්‍රෝහීයා බවට පත් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම කටයුතු කළා. අදත් එළෙසින්ම කටයුතු කරමින් සිටිනවා.

      පසුගියදා හදිසියේ අපඅතරින් වියෝ වූ ආදරණීය සටන් සගයෙක් වෙච්ච මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්න ගියපු අවස්ථාවේදී ජවිපෙ සහෝදරවරු අපිට පොලු ඉස්සුවේ ඒ මනසිකත්වයෙන්. ඒ සිදුවීම ගැන නැවත නැවත කතා කිරීම අවශ්‍ය නැහැ.

      කෙසේ වෙතත් මේ මොහොතේ කුමාර් ගුණරත්නම් සහෝදරයා ලංකාවේ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අතිශය බියට පත්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පැහැදිලියි. එහෙම කියන්නේ රතන හාමුදුරුවෝ කියපු කතාව මූලික කරගෙනම නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපට කළ බොහෝ විමසීම්වලින් පැහැදිළි වූ කරුණක් තමයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ උදවියට කුමාර් සහෝදරයපිටුවහල් කිරීමේ දැවැන්ත උත්සාහයක් ඇති බව.

      මීට පෙර අවස්ථාවේදී, ඒ කියන්නේ රාජපක්ෂ පාලනය පැවැති අවස්ථාවේදී එක් වරක් කුමාර් සහෝදරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මේ රාජපක්ෂ පාලනය කුමර් සහෝදරයාටපැහැර ගත්තා. ඒ මොහොතේ පැහැර ගැනීමට අදාල තොරතුරු සැපයුවේ කවුද කියන එක අද ප්‍රසිද්ධ රහසක්.

      අපට ඇති ගැටළුවනම් මේ ධනේෂ්වර ආණ්ඩු එක්ක ඩීල් ගහන, ඒ ආණ්ඩුවලට කිසිදු බයක් නැති, ඒ ආණ්ඩුවේ උදවිය එක්ක මාරුවෙන් මාරුවට කරට අත දාගන්න උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඇයි කුමාර් සහෝදරයාට මේ තරම බය. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, කුමාර් සහෝදරයාගේ දේශපාලන ශක්තිය ඔවුන් දන්නවා. කුමාර් සහෝදරයාගේ ලංකාවේ දේශපාලන ක්‍රියාවලියෙන් ඔවුන්ගේ නව ලිබරල් ප්‍රතිපත්ති නිසා පක්ෂය මේ වෙන කොට ධනපති ආණ්ඩු බිහිකරන්න උදවු දෙන සුළු ධනේෂවර පක්ෂයක් බව පහළ සාමාජිකයාට එත්තු ගන්වන්න පුළුවන් බව ඔවුන් දන්නවා.

      Delete
    13. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකයින් නොදන්නා දේවල් බොහොමයක් තියෙනවා කුමාර් සහෝදරයා ගැන දැනගතයුතු.
      ඔව්! කුමාර් ගුණරත්නම් කියන්නේ ඔය ජවිජෙ සහෝදරවරු මහ ඉහළින් සමරණ ශිෂ්‍ය වීරයෙක් වෙච්ච ‘රංජිතම් ගුණරත්නම්‘ සහෝදරයාගේ ආදරණීය ‍සොයුරා. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙක් විදියට කටයුතු කරපු කුමාර් සහෝදරයා එවක ජවිපෙ කැරැල්ලේ සිදුවීම් නිසා සෝමවංශ සහෝදරයා වගේම ආරක්ෂාව වෙනුවෙන් විදේශ ගත විය යුතුයි කියල පක්ෂය විසින් තීරණය කිරීමත් සමග විදේශගත වුණා.
      නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයා විදේශගතව පමණක් දේශපාලන කටයුතු වල නිරතවීමේ අපේක්ෂාවකින් හිටියේ නෑ. ඔහුගේ මූලික අරමුණ වුණේ ලංකාවට පැමිණ දේශපාලනය කිරීමයි.

      ඒ අනුව පැවැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වය හමුවේ මේ සඳහා වන අවස්ථාවක් උදාකර ගත හැක්කේ පාලක කණ්ඩායම් සිය දේශපාලන ස්ථාවරභාවය පිළිබඳව අර්බුදයකට යන අවස්ථාවක දී පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය තේරුම් ගෙන පසුගිය කාලය ඒ වෙනුවෙන් භාවිත කළා.
      දේශපාලනයේ දී එවැනි අර්බුදකාරී අවස්ථා උපයෝගී කරගැනීම පිළිබඳ ඉතිහාසමය නිදසුන් ඕනෑ තරම් අපි සතුයි. ඉතිහාසයේ අවස්ථා ගණනාවක දී අපි එවැනි අර්බුදකාරී අවස්ථා, ව්‍යාපාරයට දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීමේ අවස්ථා ලෙස අපි භාවිතා කළා.

      01. 1971 මර්දනයෙන් පසු 1977 දී යළි දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීමට එතෙක් පැවැති සමගි පෙරමුණ ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයට බලය මාරුවන අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ විසින් භාවිත කරන කළා.

      02. 1989 මර්දනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යළි දේශපාලනය කිරීමේ අවස්ථාව දිනාගනු ලැබුවේ මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් පොදුජන එක්සත් පෙරමුණට බලය හුවමාරු වන අවස්ථාවේ දීය.

      මේ උදාහරණ දෙකක් පමණයි. මේ අවස්ථාවේදීත් රාජපක්ෂ පාලනය දේශපාලන වශයෙන් දුර්වල වී බලය සම්බන්ධයෙන් අභියෝගයකට ලක්ව තිබූ තත්වයක් තුළ අපි එම අවස්ථාව කුමාර් ගුණරත්නම් සහෝදරයාට යළි දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් උපයෝගී කරගැනීමට අදහස් කළා. ඒ අනුවකියයි 2015 ජනවාරී 01 වැනිදා ඔහු යළි ලංකාවට පැමිණීම සඳහා මඟ විවර වන්නේ.

      යහපාලනය කියාගෙන පාලනයට ආපු මෙ ආණ්ඩුවත් රාජපක්ෂ පාලනයට දෙවෙනි නෑ කියල මේ මොහොතේ ඔප්පු කරමින් සිටින්නේ. ඒ නව ආණ්ඩුව විවිධ නීති භාවිත කරමින් කුමාර් සහෝදරයාට ලංකාව තුළ රැඳී සිටීමේත් ලංකාව තුළ දේශපාලනය කිරීමේත් ඇති අයිතිය උදුරා ගැනීමට සැරසීමෙන්.

      එක් පැත්තකින් පැවැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වය නිසා ලංකාවෙන් පිට වීමට සිදුවූ සියලූ දෙනාට යළි ලංකාවට පැමිණෙන ලෙස ප‍්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවල දී ආරාධනා කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් එසේ පැමිණෙන්නන් කවර හෝ නීතියක් භාවිත කර මර්දනය කිරීමටත් රටෙන් පිට කිරීමටත් උත්සාහ දරනවා. විවිධ ඝාතන, පැහැරගැනීම්, වදහිංසා පැමිණවීම්, මූල්‍යමය වංචා ආදියට සම්බන්ධ සිදුවීම් ගණනාවක් වාර්තා වෙමින් පවතින අතර ඒ සිදුවීම් සම්බන්ධ චූදිතයන්ට අදාළව තවමත් ක‍්‍රියාමාර්ග අරන් නෑ. නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නයට අදාළව ප‍්‍රමුඛතාව දෙමින් එයට වේගයෙන් රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරමින් සිටිනවා. මෙය පසුගිය පාලන කාලයේ දී මෙන්ම නීතිය දේශපාලන පළිගැනීම් සඳහා භාවිත කිරීමක්.
      ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු තමන් කැමති දේශපාලන මත දරන අයට දේශපාලනය කිරීමට ඉඩ දීම නොව තමන් එකඟ නොවන මත දරන අයගේ ද එම අයිතිය පිළිගැනීමයි. පැවැති රාජපක්ෂ පාලනය කළේ තමන්ට විරුද්ධ දේශපාලන මත දරන පුද්ගලයන් හා සංවිධානවල දේශපාලනය කිරීමේ අයිතිය උදුරා ගැනීමයි. එම තත්වය වෙනස් කරන බව පවසා බලයට පැමිණි මේ ආණ්ඩුව ද එවැනිම ක‍්‍රියාමාර්ගවල නියුක්තව සිටින බව හොඳින්ම පෙනී ගියේ කුමාර් ගුණරත්නම් සහෝදරයාට අදාළ සිදුවීමේ දීය.

      මෙය රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට කරනු ලබන බරපතළ ප‍්‍රහාරයකි. මෙම තත්වය පරාජය කර ලංකාවේ ජීවත්වීමට හා ලංකාවේ දේශපාලනය කිරීමට කැමැති හැමදෙනාටම ඒ සඳහා ඇති අයිතිය සුරක්ෂිත කළ යුතුය. එය කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නයක් පමණක් නොව පැවැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පරිසරය තුළ විදේශගත වීමට බල කෙරුණු සියල්ලන්ගේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්නයකි.

      Delete
    14. මෙන් පැරාට බල බල ඉන්න තව ෆොටෝ ටිකක්, අර බැනර් එකේ කථාව ආපහු කියවල මේ ටික බලන්න,

      කුමාර් පැන්නීමට එරෙහි උද්ඝෝෂණ - (photo)

      Delete
  2. ඔහුගේ වැඩිමහල් සොයුරු රංජිතම් නිසා, දශක ගණනාවකට පෙර සිට පුද්ගලයා කවුදැයි දැන සිටියද, මා ඔහු කතාකරනු දැක ඇත්තේ එකම දවසක් පමණි.

    එදා ඔහු කළ කතාව අසා සිටි මට නම් වැටහුනේ ඔහු යම් දර්ශනයක් ඇති පුද්ගලයෙකු බවයි.

    ජවිපෙ තිරය පිටුපස නායකයා යැයි කලෙක ඔහු ගැන කියවුනු නිසා, ඒ කාලයේ ජවිපෙ දැරූ ජාතිවාදී මතවාදය ඔහු ද අනුමත කරන්නට ඇතියැයි සිතෙන විට නම් තරමක් පිළිකුල් ඇතිවේ.

    මේ ජනාධිපති ඡන්දයේ දී කුමාර් දැරූ "උනුත් එකයි, මුනුත් එකයි, සේරම හොරු" යන මතය අළුත් එකක් නොවේ. එය 1994 මහ ඡන්දයේ දී ද ජවිපෙ මතය විය.

    "අරුන් කාගෙන, කාගෙන කාගෙ ගිහින් නතර කරන තැන සිටට මුං කාගෙන කාගෙන කාගෙන යාවි" යැයි කියවුනේ ඒ මතයයි!

    ReplyDelete
    Replies
    1. රට කාගෙන කාගෙන යන්න අපටත් චාන්ස් එකක් දෙන්න!
      http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

      .

      Delete
  3. කුමාර් එලවන්න හදන්නෙ ජවිපෙ සන්තොස කරන්න බව නොතෙරෙනවා වගෙ රගපානවා නෙද පැරො?

    අනික තමයි උතුරෙ තිබුනෙ බෙදුම්වාදී ආයුද සන්නද්ධ ව්යාපාරයක්. ඒක විමුක්තිකාමී අරගලයක් කියන උබ ඉන්දියාවෙ වගෙ හිටියනම් දැනටමත් හිරෙ. එහෙම නොකරන මෙ රටට පොඩ්ඩක් හරි ගරු කරපන් අවජාතකයො.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ බොහෝ ජාතික විමුක්ති අරගල ආයුධ සන්නද්ධ අරගල තමයි. විමුක්තිය යනු නිදහස. ජාතියක් ලෙස නිදහස් වීමට හෙවත් තමන්ගේ රාජ්‍යයක් ගොඩනගා ගැනීමට කළ අරගලය ජාතික විමුක්ති අරගලයක් තමයි.

      ජාතික විමුක්ති අරගලය කියන වචනය ඔයාට මහ‍ ලොකු දෙයක් වුණාට මට නම් එහෙම මාර වටිනාකමක් ඇති සංකල්පයක් නෙමෙයි.

      ඔය කියන ඉන්දියාවෙදි වුණත් සිදු වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් වෙන් වීමේ අරගලයක් තමයි.

      වෙන් වීම ‍හොඳ ද නරක ද කියන එක වෙන කාරණයක්. ඒත්, කොටින් කළේ ජාතියක් ලෙස වෙන් වෙන්නට කළ අරගලයක් තමයි. ඒ නිසා ඒක ජාතික විමුක්ති අරගලයක් තමයි.

      Delete
    2. හා හා පැරාලට විහිලු කරන්න එපා. ඒ මහත්හොරු ත්‍රස්තවාදයට විමුක්තිය කියලා කියන්නෙ ටිකක් විප්ලවවාදී වෙන්න ඔනෙ කමට. රොයල් සැට් එකට බලයට එන්න උදව් කරලා සරම කඩා ගත්තු එකෙ දැන් විප්ලවවාදී වෙස්මූන දාගන්න තියෙන උවමනාව තවත් වැඩි ඇති.

      Delete
    3. ත්‍රස්තවාදය කියන්නේ “වාදය“ක්. විමුක්තිය කියන්නෙ අවශ්‍යතාවක්. ඒ නිසා විමුක්ති අරගලයක් ත්‍රස්තවාදී වෙන්න බැරි නැහැ. ඒක සාර්ථකද කියන එක වෙනමම කාරණාවක්.

      වචන වලට තියන පොදු තේරුම් භාවිතා කළ යුතුයි. (පඬි ටෝක්ස් දෙන්න කළින් එ් තේරුම් ඉගෙනගත යුතුයි.)

      Delete
  4. පැරා, ලිපි පනහේ කනුව පසු කිරීම ගැන මගේ සුභ පැතුම්. මෙය බ්ලොග් කරුවන්ට සැබෑ ආදර්ශයකි, ආශ්වාදයකි.

    මේ ජනවාරියේ ඔබ ලියූ ලිපි සියල්ලම පාහේ ඉතා වැදගත් ඒවා ය.

    (ජනවාරි පළමුවෙනිදා පළ කළ විදෙස් ගීයේ අනුවාදය නම් රී-සයිකල් එකකි).

    ReplyDelete
  5. ලකාවේ ධනපතින්ට, උන්ගේ පන්තියට, පන්තියේ පැවැත්මට රෙදි නැතිව කඩේ ගිය මේකා, මෙන්න බොලේ වැසිකිලි වලක බැහැල, රනිලගේ බෙට්ට බුදින ඉන්න ගමන් අනිත් උන්ගේ පඩේ ගඳයි කියනවා !!!

    අනේ උඹ උඹේ වැඩක් බලා ගනින් පෙ.ස.ප උන් උන්ගේ වැඩේ කරගෙන යයි.

    ReplyDelete
    Replies
    1. එත‍කොට ඔයා කරන්නෙ මොකක්ද?

      Delete
    2. මම කරන්නේ මගේ වැඩක් බලා ගන්න එක, ඒ කියන්නේ ඔයා වගේ පුකේ වම්මුන්ගේ ආතල් කඩන එක.

      Delete
    3. 'ආතල් කඩන එක' දීප්තිගෙන් අහුලා ගත් යෙදුමක් නේ ද?

      Delete
    4. දිප්තිගෙන් ''අහුලගත්තු'' යෙදුමක් නෙමෙයි හලෝ දිප්තිගෙන් ''ඉගෙනගත්තු'' යෙදුමක්,

      ඇයි අවුල්ද ??

      Delete
    5. නෑ. අපට අවුලක් නැහැ. ඔබ සාරසංග්‍රහවාදයෙන් පරිස්සම් වෙන්න. (අවවාදයක් පමණයි.)

      Delete
    6. සාරසංග්‍රහවාදය හොද නැද්ද අවස්තාවාදයට වඩා ??

      Delete
    7. හොඳයි. ඒ වුණාට ඔබ ඒ දෙක ම බදාගෙන නේ.

      Delete
    8. හරියට ධනවාදයයි, සමාජවාදයයි, රනිල්වයි, චන්ද්‍රිකාවයි, චම්පිකවයි ඔක්කොම ඔයා එකට බදා ගත්තා වගේද??

      Delete
  6. //මම ඔවුන්ගේ ජනරළ පුවත්පතට ස්වේච්ඡාවෙන් ලියන්නෙමි. මගේ ලිපිය ලබා ගැනීමෙන් එහා ගිය මිනිස් සම්බන්ධයක් මා සමග ගොඩනගා ගන්නට ඔවුන් උත්සාහ නො කිරීම ගැන මම ඇත්තට ම කණගාටු වෙමි.//

    පෙරේට්ටන්ට සුළු ධනේශ්වර බඩ ජාරින් කෙසේ හෝ හදුනා ගැනීමට හැකිවීම හැකිවීම ගැන අපි නම් අතිශයෙන් සතුටට පත්වෙමු. ඔයාලත් අර රාවයේ පුකේ වම්මු වගේ පිටට තට්ටුවක් දාලා, බෝතලේකට සෙට් වෙලා, කෝල් එකක් දීල මලක් කඩල හිටියනම් පැරා තාමත් සමාජවාදී ජිවිතේ.

    ReplyDelete
    Replies
    1. ඔබ වෙනුවෙන් වසරක් පුරා වැඩ කළ මට ඔබ මේ කියන දේ ම ඔබට ද දිනෙක අසන්නට ලැබෙනු ඇත. සමහර විට මේ වන විටත් ජවිපෙන් එය අසා තිබෙනවා වන්නට පුළුවන.

      සුළු ධනේශ්වර, බඩජාරි වැනි සම්ප්‍රදායික වචනවලින් ‍හා නව නිර්මානයක් වන, ඔය නිතර පාවිච්චි කරන පුකේ වම්මු යන වචනයෙන් ලෝකය වෙන් කරන ඔබ පෙරටුගාමී පක්ෂයේ කෙනෙකු යයි සිතමි. ඔබේ පක්ෂයට බුදු සරණයි! දෙවි පිහිටයි!

      ඔබේ පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත නම් ඔබට වඩා මහත්මා ගති ඇති අයෙකි. මා තවමත් එයින් ඉවත් වී නැත්තේ ඒ නිසා ය.

      Delete
    2. //ජවිපෙන් කැඩී වසර ගණනාවක් අභ්‍යන්තර සංවාදයක් කළ පසුවත් මිතුරු විවේචනයක් සුහදව විඳ ගන්න ‍ඉගෙන නො ගැනීම කණගාටුවට කරුණකි.//

      සුදා මේ ඔයාගෙම වචන.....ඇයි මේ ජන්ගියේ චු දාගෙන, අපි කරන්නෙත් ඔයාගේ පොස්ට් එක විවේචනය කරන එක. පො.ස.පෙ අයගේ පඩේ ගඳයි කියන ඔයාගේ ඇග පුරාම කහ පාටට ගූ කියන කොට ඔයා අඩන්න ගන්නවා.

      රනිල්ලා, රාජිතල, චාම්පිකල, චන්ද්‍රිකාල එක්ක දිවිය ලෝකේ යන්න හිටපු ඔයා පො.ස.පෙ උන්ට මිතුරු විවේචන කියල කරලා තියෙන්නේ සුපුරුදු කුහක කම තමයි කියලයි අපි කිවේවේ.

      බොරුනම් මේ වාක්‍ය ලියද්දි ඔයාට හිතුනේ මොකද්දැයි ආපහු හිතල බලන්න

      ''කුමාර් ගුනරත්නම් සහෝදරයා ලංකාවෙන් පළා ගිය සංදර්භය මර්දනය, උන්නතිකාමය හා කුහකත්වය යන කරුණු තුනේ සම්මිශ්‍රණයකි.''

      Delete
    3. මේ වාක්‍ය‍යේ කියවෙන්නෙ ඇත්ත. කුමාර් ගුනරත්නම් මුලින් ලංකාවෙන් ගියේ පවුලේ උන්නතිකාමය වෙනුවෙන්. ඔය සුළු ධනේශ්වරයන් ය කියා ඔබ හඳුන්වන හුඟක් සාමාන්‍ය මිනිසුන් කරන විධියට දියුණු ධනේශ්වර ර‍ටක ජීවිතය සොයාගෙනයි ඔහු සහ ඔහුගේ පවුල ගියේ.

      මේ ඇත්ත නො කියා වෙන දේ කියන එක තමයි කුහකකම.

      ඔහුට දැන් ආපසු මේ රටට ඇවිත් දේශපාලනය කරන්න අවශ්‍යයි. අපි ඒකට මගත් හදා දෙමු.

      ඒක ආණ්ඩුවට තග දාලා ලබා ගන්න බැහැ.

      Delete
    4. කුහකකම කියන්නේ තමුන්ගෙයි තමුන්ගේ පවුලෙයි ජිවිත බේරා ගන්න රටින් ගිය මිනිහට ''උන්නතිකාමය'' වෙනුවෙන් එය කළායයි කීම හා දැන් කඩේ යන රනිල් , රාජිත, චම්පික ඇතුළු නඩය මුළු මහත් දේශපාලන මණ්ඩලය ( සෝමවංශ ඇර) ඇතළු මද්යම කරාරක සභාවා , හා 70,000 මිනිසුන් අමු අමුවේ මරා දැමු බව නොකියා සිටීමයි.

      කුප්ප කම් කරන විට පියවි සිහිය නැතිවීමයැයි කියන්නේ එක තැනක ''ඒක ආණ්ඩුවට තග දාලා ලබා ගන්න බැහැ ( හිමිට අපි වගේ ඩිල් එකක් දා ගන්න මල්ලි) කියන ගමන් '' තව තැනක ''මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග පෙ.ස.ප. සම්මුතිය කුමක් ද යන්න අනුමාන කර ගත හැකි ය'' කීමයි.

      කාවද මේ රවට්ටන්න හදන්නේ පැරකුම්!!

      Delete
    5. කුමාර් ගුනරත්නම් රටින් ගියේ මර්දනය නිසා නම් පී.ආර්. අරන් ගිය සියලු දෙනා ගැන ම එහෙම කියන්න පුළුවන්. ඒක ඔබ නො දන්නවා වුණාට ඔහු දන්නවා ඇති.

      අපි මේ ඇත්ත කියන්නේ කාවවත් රවටන්න නෙමෙයි. තව පරම්පරාවක් රැවටිලා ග‍ෙඟේ යන එක වළක්වන්නයි.

      ඉතිහාසය ඉගෙන ගන්න. 1989 කැරැල්ල කාලේ රනිල්, රාජිත, චම්පික යනු එකට සිටි තිදෙනෙක් නොවෙයි. චම්පික හිටියේ ජවිපෙට සමීපවයි. ඔහුත් 1989දී මර්දනයට ලක් වුණා. අනෙක ලියන ලියන හැම තැනක ම ඔය හැත්තෑදාහේ කතාව ලියන්න ඕනැ නැහැ.

      Delete
    6. //ඉතිහාසය ඉගෙන ගන්න. 1989 කැරැල්ල කාලේ රනිල්, රාජිත, චම්පික යනු එකට සිටි තිදෙනෙක් නොවෙයි. චම්පික හිටියේ ජවිපෙට සමීපවයි. ඔහුත් 1989දී මර්දනයට ලක් වුණා. අනෙක ලියන ලියන හැම තැනක ම ඔය හැත්තෑදාහේ කතාව ලියන්න ඕනැ නැහැ.//

      අත් දැකපු ඉතිහාසය අලුතෙන් ඉගන ගන්න දෙයක් නෑ මහත්තයෝ, අපි අත්දැක්කේ රනිල්, රාජිත, චම්පික එක්ව හා වෙන වෙනම කොල්ලෝ මරණ යාන්ත්‍රණයේ අන්තිමට කොටස් කාරයෝ වෙච්ච එක විතරයි.

      //කුමාර් ගුනරත්නම් රටින් ගියේ මර්දනය නිසා නම් පී.ආර්. අරන් ගිය සියලු දෙනා ගැන ම එහෙම කියන්න පුළුවන්.//

      කුමාර් ගුණරත්නම්ගේ සහෝදරයා වූ රන්ජිතම් ගුණරත්නම් ( රජිතම් රනිලත් හිටපු ආණ්ඩුවෙන් මරුවා කියල දන්නවද දන්නේනැ නේද ) ද ඇතුළු පවුලේ සැමට එල්ලවූ මර්දනය හමුවේ කුමාර් රටින් පිටවීම පී.ආර් වලට ලගු කිරීම තරම් වාමාංශික ජඩ කමක් හා කුහකකමක් තවත් නම් නැත.

      //අනෙක ලියන ලියන හැම තැනක ම ඔය හැත්තෑදාහේ කතාව ලියන්න ඕනැ නැහැ.//

      ඔබ වැනි ලංකාවේ වාමාංශික වියාපාරය ගණිකා වුර්තියේ යොදවන ධනපති කුක්කන්ට මතක් වෙන්න මම නම් හිතන්නේ මෙය හැමවිටම පුනුරුච්චආරණය කල යුතුයි.

      //අපි මේ ඇත්ත කියන්නේ කාවවත් රවටන්න නෙමෙයි. තව පරම්පරාවක් රැවටිලා ග‍ෙඟේ යන එක වළක්වන්නයි.//

      ඔබේ මේ ලිපියේ මුල සිට අගට ඇත්තේ අසත්‍ය, අර්දසත්‍ය හා සත්‍ය විකුර්ති කිරීම් හා සිද්දි ඔබට උවමනා ආකාරයට අර්ථ දැක්වීම්. ඉතාමත් පිළිකුල් සහගත ලිපියක්.

      Delete
    7. ඔබ ඉතිහාසය කියා දන්නේ එක්කෝ ඔබගේ පක්ෂයේ සිටින අය ඔබට කියූ බොරු. නැතිනම් ඔබගේ හිතලු.

      මම 1989 කාලයේ ඔබ කියන රන්ජිතන් ගුනරත්නම් සහෝදරයා සමග ශිෂ්‍ය අංශයේ එකට වැඩ කර තිබෙනවා. රන්ජිතන් මැරුවේ ආණ්ඩුවෙන් ය කියන එක ඔබට අලුත් පුවතක් වගෙයි.

      ඔබගේ අඳබාලභාවය පෙන්නන හොඳම කොටස වන්නේ මෙයයිථ "අත් දැකපු ඉතිහාසය අලුතෙන් ඉගන ගන්න දෙයක් නෑ මහත්තයෝ, අපි අත්දැක්කේ රනිල්, රාජිත, චම්පික එක්ව හා වෙන වෙනම කොල්ලෝ මරණ යාන්ත්‍රණයේ අන්තිමට කොටස් කාරයෝ වෙච්ච එක විතරයි."

      රනිල් 1989දී ඇමති කෙනෙක්. රාජිත එක්සත් සමාජවාදී පක්ෂයේ. ඔහුගේ නායකයා වන විජය කුමාරතුංග මැරුවේ ජවිපෙන්. රාජිතලා සන්නද්ධ දේශපාලනයක් කළා. ඒ කාලේ ජවිපෙත් සන්නද්ධයි.

      චම්පික රණවක ජවිපෙ නායකත්වය දුන් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක්. පසුව ඔහු ජවිපෙන් වෙන් වුණා. ඔහුත් මර්දනයට ලක් වූ කෙනෙක්.

      ඉතිහාසය ප්‍රබන්ධ කරන්න යන්න එපා. මේවා දන්න අය තවම මේ සමාජයේ ඉන්නවා.

      Delete
    8. ඉහත කමෙන්ටුවේ රාජිතගේ පක්ෂය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නිවැරදි විය යුතු ය. ඔවුන් සෙසු වමේ පක්ෂ සමග එක්ව ගොඩනැගූ පෙරමුණ එක්සත් සමාජවාදී පෙරමුණයි.

      එක්සත් සමාජවාදී පක්ෂය යනු සිරිතුංග ජයසූරිය විසින් පසු කලෙක ගොඩනගන ලද පක්ෂයයි.

      Delete
    9. //ඔබගේ අඳබාලභාවය පෙන්නන හොඳම කොටස වන්නේ මෙයයිථ "අත් දැකපු ඉතිහාසය අලුතෙන් ඉගන ගන්න දෙයක් නෑ මහත්තයෝ, අපි අත්දැක්කේ රනිල්, රාජිත, චම්පික එක්ව හා වෙන වෙනම කොල්ලෝ මරණ යාන්ත්‍රණයේ අන්තිමට කොටස් කාරයෝ වෙච්ච එක විතරයි."//

      කමෙන්ට් එක ආපහු කියවන්න, මම කියල නෑ රනිලුයි, රාජිතයි, චම්පිකයි එක වෑන් එකේ ගිහින් කොල්ලෝ ඉස්සුවා කියල. මම කිවේවේ කොල්ලෝ මරණ යාන්ත්‍රණයේ අන්තිමට කොටස් කාරයෝ උනා කියල. චම්පික රණවකගේ කැරැට්ටුව හා ඔහු ජවිපෙන් වෙන් වුණාට පස්සේ කරපු වැඩ දන්නෝ දනිති. බාගදා ඔබ වගේ වාමාංශික අත දරුවන් නොදන්නවා ඈති.

      .//රන්ජිතන් මැරුවේ ආණ්ඩුවෙන් ය කියන එක ඔබට අලුත් පුවතක් වගෙයි//

      මටනම් එය පුවතක් නෙමෙයි හද සසල කරවන ආරංචියක්.ඔබේ ලියවිල්ල දෙස බලන විට රන්ජිතන් ගුනරත්නම් සහෝදරයා මැරුවේ ඒ.ජා.ප ආණ්ඩුවෙන් බව ඔබ දැනසිටි බවක් පෙන්න නෑ. සුළු මතක් කිරීමක් කලේ.

      //මම 1989 කාලයේ ඔබ කියන රන්ජිතන් ගුනරත්නම් සහෝදරයා සමග ශිෂ්‍ය අංශයේ එකට වැඩ කර තිබෙනවා//

      කමාර් සහෝදරයට අවලාද නගන ගමන් රන්ජිතන් සහෝදරයාගේ කිරිති නාමය තවත් හෝල් සෙල් විකුනන්න කැත හිතෙන්නේ නද්ද??

      මටත් කියන්න තියෙන්නේ ඉතිහාසය ප්‍රබන්ධ කරන්න යන්න එපා. මේවා දන්න අය තවම මේ සමාජයේ ඉන්නවා කියල තමයි.

      Delete
  7. //අද දින පැවැත්වුණු උද්ඝෝෂණයේදී පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරුන්ගේ සටන් පාඨය හා සිවිල් සමාජ සංවිධානවල සටන් පාඨය අතර වෙනස බලන්න. පෙරටුගාමී පක්ෂය අරගල කරන්නේ කුමාර් ගුනරත්නම් වෙනුවෙන් පමණි.//

    අනේ උඹ බබා, හරහට දාලා නලවන්නද ?? ඔය බැනර් දෙකම ඕක සංවිදානය කරපු උන්ගේ. බැනර් දෙකම ඇන්දේ එකම උන්. තොපි වගේ සිවිල් සමාජ භූතයෝ ඔතන හිටියේ නෑ. ඔක්කොම හිටියේ වාමන්ශිකයෝ. එක නිසා පංගු බේරා බේරා බැනර් අල්ලන මොකෙක්වත් ගියේ නෑ. ඔකේ ප්‍රධාන සටන් පාටය මර්දනය නිසා රටෙන් පැන්න උන්ට දේශ පාලන අයිතිය ලාබදියව් කියන එක.

    තොපි වගේ අම්බානක කුහක වමේ වගේ පෙනී ඉන්න කොන්ත්‍රාත් කාරයෝ එකම උද්ගොෂණයේ තැන දෙකක ෆොටෝ දෙකක් වෙනම අර්ථ දක්වන කොට යකෝ විලි ලැජ්ජාවේ බෑ.

    රනිලගේ පුක හේදුවට කමක් නෑ රෙද්දක් ඇදගෙන කරපං, වල්ල පේනවා!!

    ReplyDelete
    Replies
    1. මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වාග් විලාසය බව පෙනේ. නමින් ඉදිරිපත් වී කියන්නට බැරි වීම ගැන කණගාටු වෙමි.

      Delete
    2. නම මොකටද, නිර්දනයින්ගේ ඇත්ත ගැටළු වලට බොරුවට පෙනී ඉදල ''නමක් වගේ එකක්'' හදා ගෙන ජනාධිපති වරනයකදි වගේ එකකදී ''නම'' විකුනන්නද ?? මුද්දර සයිස් ෆොටෝ එකයි නමයි තමයි දේශපාලනය නේ!!

      Delete
    3. ඒ ඒ බැනර් ළඟ සිටගෙන සිටින්නේ කවුරුද කියා ඇස් ඇර බලන්න.

      Delete
    4. "මුද්දර සයිස් ෆොටෝ එකයි නමයි තමයි දේශපාලනය නේ!!"

      නම් වැදගත්. ඒවායේ දේශපාලනය තිබෙනවා. නන්දසිරි විජේවීර රෝහණ විජේවීර වූ ආකාරය තුළ වගේ ම ප්‍රේමකුමාර් ගුනරත්නම් ගැමුණු වූ ආකාරය තුළත් දේශපාලනය තිබෙනවා.

      Delete
    5. ''ඒ ඒ බැනර් ළඟ සිටගෙන සිටින්නේ කවුරුද කියා ඇස් ඇර බලන්න.''

      මුළු උද්ගෝෂණයටම තිබුනේ ඔය බැනර් දෙක විතරද පැරා, නැත්නම් ඔයාට හම්බුනේ ඔය ෆොටෝ දෙක විතරද? අර උඩින් කියල තියන විදියට ඔතනට ආපු පෙරටුගාමි පක්ෂයේ නොවන අය වෙනම බැනර් අරන් ආවේ නෑ පොදු තේමාවක් යටතේ ඔක්කොම උද්ගෝෂණය කලේ. එක තමයි මර්දනය නිසා රටහැර ගිය උන්ට දේශපාලන අයිතිය දියව් කියන එක. කුමාර් සහෝදරයාට මේ මොහොතේ තියන මර්දනය ඉස්මතු කරන්න බැනර් එකක ලියපු එක වරදක් විදියට පෙන්නේ වාමාංශික දේශපාලනය කියන එක ලාබෙට ගණිකා වුර්තියේ යෙදවපු ඔයා වගේ කෙනෙට විතරයි. එහෙම කුහක කථා වමේ කියල බෝර්ඩ් එල්ලන් ඉන්න ඔයාල කරන කොට පුදුමත් හිතෙනවා.

      ඔයා මෙතන කියන්න යනදේ ඒකියන්නේ පෙරටු ගාමීන් පෙනී හිටියේ කුමාර් වෙනුවෙන් විතරයි කියන එක අන්තිම කුහක කතාවක්. අතිශයෙන් කණගාටුයි!!!

      Delete
    6. නීතියට මුවාවී කරන මර්දනය නවතනු! - කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කිරීමට ඉඩදෙනු! (click here)

      දුමින්ද අර උඩ තියෙන බැනර් එක ළඟ ඉන්න ෆොටෝ එකක් තියෙද්දී, එක ඔබ ඕන කමින් මග හැරීමේ කුහකත්වයත් සමාජවාදයද ??

      Delete
    7. හි...හි ...දුමින්දය පොරක්ද ......උගේ ෆොටෝ එක මේකේ දාන්න. හුජ්ජ කොල්ලෝ පොරවල් වීම නිසා තමයි මේ රටට කෙල වුනේ.

      Delete
    8. හී....හී..... දුමින්ද මොන පොරක්ද අනේ ඔයා තමයි පොර. ඔයාගේ ෆොටෝ එක දැම්මනම්, ඔයාගේ පොරත්වය දැකල මේකේ ඉන්න ඒකාල හිනාකාල මැරෙනවනේ එකයි දැම්මේ නැත්තේ.

      තාමත් පොර අයියා වලි වලට යන්නේ කී බෝර්ඩ් එක පිටේ බැදගෙනද??

      Delete
  8. ''පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔවුන් හා මා අනුගමනය කළ උපායමාර්ග සපුරා වෙනස් ය.''

    ඔවුන්ගේ උපාය මාර්ගය හරි වැරදි බව තීරණය කරන්න, අපි අනාගතයට බාර දෙමු. ඔබ 100 න් පටන් අරන් 0 ට යනවා, ඔවුන් 0 පටන් අරන් 100 ට යනවා.

    ReplyDelete
    Replies
    1. උපාය මාර්ගය හරි වැරදි බව තීරණය කරන්න, අපි අනාගතයට බාර දෙමු. ඔවුන් 100 න් පටන් අරන් 0 ට යනවා, අපි 0 පටන් අරන් 100 ට යනවා.

      Delete
    2. මේවා නිකම් වහසි බස් බව ඔබේ ඉතිහාසය හදාරා බැලුවොත් පෙනේවි. සියලු වමේ කල්ලි කණ්ඩායම් කියන්නේ ඕක තමයි. එක අතකට ඕක තමයි ඒවා පවත්වා ගන්න තිබෙන විධිය.

      මේවායින් පුළුවන් සමාජයෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. එතකොට තමන්ගෙ චූන් තමක්ට ම චූන්.

      ‍සමාජවාදී සමානතා පක්ෂය ඔවුන්ගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හඳුන්වන්න පාවිච්චි කරන්නේත් සුළු ධනේශ්වර යන වචනය ම තමයි.

      ඔවුන් හිතන්නේ ඔවුන් ඔබට වඩා සුපිරියි කියලා.

      මේකට කියන්නේ සමාජවාදී භින්නෝන්මාදය කියලා.

      Delete
    3. ඔබට හැදිල තියෙන ලෙඩේ නමත් හොයා ගන්න බලන්න. රනිල්ලා මොහාන් පීරිස් එළෙව්ව වගේ තව වැඩ දෙක තුනක් කළාම ඔය ලෙඩේ සනිප වෙයි.

      Delete
    4. සමහර අය හිතාගෙන ඉන්නෙ සුළු ධනේශ්වර කියන්නෙ ලාවට සල්ලි තියන උන් කියල. නැති බැරි ම උන් තමයි නිර්ධනයෝ. සල්ලි තියෙන්නෙ ධනේශ්වර එවුන් ළඟ. ඔයිට වඩා ලේසියි අන්ධ මනුස්සයෙකුට ඔරලෝසු හදන හැටි කියල දෙන එක.

      Delete
    5. ලංකාවේ වමට ඉදිරියක් නැත්තේ පැරා වගේ පුද්ගල වාදියෝ, තමන්ගේම පුංචි පුංචි ලෝක ගදාගෙන ඒ සබන් බුබුළු ඇතුලට වෙලා මොනවදෝ කරන ගමන් කුමක් හෝ සැබෑ වියාපාරක් දුටුවිට, තමන්ගේ සබන් බුබුලට හානි වේයැයි ඉහත කි වියාපරවල කකුලෙන් ඇදීමයි.

      Delete
    6. //AnonymousJanuary 31, 2015 at 10:47 PM; ඔබට හැදිල තියෙන ලෙඩේ නමත් හොයා ගන්න බලන්න. රනිල්ලා මොහාන් පීරිස් එළෙව්ව වගේ තව වැඩ දෙක තුනක් කළාම ඔය ලෙඩේ සනිප වෙයි.//

      ඇනෝ, මහින්දයා මොහාන් පීරිස්ව පත් කරන කොට තෝ කොහෙද හිටියේ? හොරෙන් ආපු එවුන් යන්නෙත්(යවන්නෙත්) හොරෙන් !!!

      Delete
    7. "පැරා වගේ පුද්ගල වාදියෝ, තමන්ගේම පුංචි පුංචි ලෝක ගදාගෙන ඒ සබන් බුබුළු ඇතුලට වෙලා මොනවදෝ කරන ගමන් කුමක් හෝ සැබෑ වියාපාරක් දුටුවිට, තමන්ගේ සබන් බුබුලට හානි වේයැයි" මේ ටික කියවන කොට නම් හිනා යන එක වළක්වගන්න අමාරුයි.

      අංක එක බ්ලොග්කරුවෙක් යනු ජනමාධ්‍යකරුවෙක් මිස පුද්ගලවාදියෙක් නෙමෙයි. එහෙම හිතනවා නම් ඉතින් ජනසන්නිවේදනය කියන දේ කරන්න බැහැ නේ. මං මගේ නමින් ලියන එක ඇත්ත. ඒත්, මං මගේ වටේට මිනිස්සු රැස් කරන්න උත්සාහ කරන්නේ නැහැනේ.විකල්ප සන්නිවේදන කාර්යයක් පුද්ගලවාදයක් ලෙස දකින්න උත්සාහ කරන්න එපා. විකල්ප සන්නිවේදන ක්‍රම ගැන හදාරන්න. ඒවා නැතිව ඔබට ඉදිරියට යන්න බැහැ.

      සැබෑ ව්‍යාපාරය තමන්ගේ ව්‍යාපාරය පමණකැයි කියා හිතන එකත්, එය විවේචනය කරන සියලු දෙනා කකුලෙන් අදින්නන් ය කියා සිතන එකත් වාමාංශිකයන්ගේ ඉතා සාමාන්‍ය ලක්ෂණයක්.

      Delete
  9. ජවිපෙන් කැඩී වසර ගණනාවක් අභ්‍යන්තර සංවාදයක් කළ පසුවත් මිතුරු විවේචනයක් සුහදව විඳ ගන්න ‍ඉගෙන නො ගැනීම කණගාටුවට කරුණකි.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙරටුගාමීන් ගැන දුක් වීම නවතන්න. මන්ද ඔබට දැන් දවසින් දවස ඔබලා කියූ දෙවල් සිදු නොවීම ගැන දුක් වීමට සිදු වනු ඇත. ඔබ දැන් ඔය යන්න පටන් ගත් පාරේම යන්න. ඒ සඳහා වාමාංශික පෙනුමක් අවශ්‍ය නම් ඔය පාරේම යන ජවිපෙ ට කිට්ටු වෙන්න. ඔබලාට නීති කැඩීමට අවශ්‍ය වන විට එය ජනතා බලය ලෙස හැඳින්වීමටත් එසේ නොවන තැන් වලදී නිතියට අනුව වැඩ කරන හැටි අන් අයට කියා දීමටත් සිදු වීම ඉතා හාස්‍ය ජනකය.

      Delete
    2. ඔබ කියන්නේ මොහාන් පීරිස් පහ කළ ආකාරය ගැන නම්, කිව යුත්‍තේ මෙයයි. එතැන නීති තර්කයක් ජනවාරි 30දා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කළ කතාවේ එම නිති තර්කය මතු කර ඇත. ඔබට අවශ්‍ය නම්, මොහාන් පීරිස් වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගොස් නීති අර්ථකථනයක් ලබා ගත හැකි ය. නැතිනම්, ජාත්‍යන්තර අධිකරණයට වුව යන්නට හැකි ය.

      කුමාර් ගුනරත්නම්ගේ ප්‍රශ්නය නීති කැඩීමෙන් විසඳා ගන්නට ගියත්, 2012දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉවහල් වුණේ ඕස්ට්‍රේලියානු නීතිය හා ජාත්‍යන්තර බලපෑම් ය. එ නිසා මෙය එසේ බේරා ගන්නට බැරි ය.

      මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග පෙ.ස.ප. සම්මුතිය කුමක් ද යන්න අනුමාන කර ගත හැකි ය. මහින්ද රාජපක්ෂ දිනුවා නම් ඔබගේ අරමුණ ඉටු වන්නට තිබිණි. එහෙත්, ඒ අස්සයා පැරදී ඇත.

      එක්දහස් නමසිය ගණන්වල විජේවීර තේරූ උපායමාර්ග ම තෝරමින් ජවිපෙට ගහන පක්ෂයක් ලෙස ධනේශ්වර දේශපාලනය තුළ ඉඩකඩ ලබා ගන්නට උත්සාහ නො කර සාධාරණ වාමාංශික පක්ෂයක් ලෙස උපායමාර්ග තෝරන්නට පෙ.ස.ප. සමත් විය යුතු ය.

      අපි වගේ පුකේ වම්මු, සුළු ධනේශ්වරයො පැත්තකින් තියන්නකෝ. තමන් නිවැරදි මාර්ගයක් තෝරා ගන්න.

      Delete
  10. පැරා දැන් තමාම හදා ගත් ෆැන්ටසියක් තුල සිට පච ලිවීම අරඹා ඇත. මේ දැනට මාස දෙක තුනකට පෙර සිටි පැරාමදැයි සිතා ගැනීමට පවා නොහැක.
    //මම ඔවුන්ගේ ජනරළ පුවත්පතට ස්වේච්ඡාවෙන් ලියන්නෙමි. මගේ ලිපිය ලබා ගැනීමෙන් එහා ගිය මිනිස් සම්බන්ධයක් මා සමග ගොඩනගා ගන්නට ඔවුන් උත්සාහ නො කිරීම ගැන මම ඇත්තට ම කණගාටු වෙමි.//
    ඔබට එතරම් මිතුරන් නොමැති බව ඔබම වරෙක ලියා තිබුණා. මීට හේතුවත් ඒකම වන්නට පුළුවන.අනෙක ඔබ ඒ සඳහා කොතරම් උත්සාහ කළාද යන්නත් සිතා බලන්න
    //මේ වන විට පෙරටුගාමී පක්ෂයේ සිටි නිර්මානාත්මක විභවයන් ඇති සහෝදරවරුන් විශාල පිරිසක් පක්ෂය හැර ගොසිනි.//
    ඒසේ වූයේ ඇයිද යන්න සොයා බලන්න. ඒ ගැන ඔවුන්ගෙන් අහන්න. එසේ නොමැති ඔබට තහවුරුකරන්නට අවශ්‍ය වී තිබෙන මතයක් වෙනුවෙන් හරයක් නැති ප්‍රකාශ නොකරන්න. පෙරටුගාමී එකේ හිටපු සහෝදරවරු ගියා නම් ගියේ එම පක්ෂය මෛත්‍රී ට වැඩ කරපු නැති නිසා නෙවෙයිනෙ.
    // පෙරටුගාමී පක්ෂය අරගල කරන්නේ කුමාර් ගුනරත්නම් වෙනුවෙන් පමණි. //
    අමූලික බොරුවකි. අද උද්ඝෝෂනයට අදාල ප්‍රචාරක දැන්වීම බලන්න. එය ඔබගේ FB පිටුවේ ද ඇත.
    //උපතින් දෙමළ ජාතිකයකු වූ ඔහු තමන් වැනි ම පිරිසක් උතුරේ ගෙන ගිය ජාතික විමුක්ති අරගලයේදී ඔවුන් එක හෙළා බැහැර කර ලෙයින් යකඩින් මර්දනය කරන්නට දිරි දුන් සිංහල ජාතිවාදී ගැමුණු කෙනෙකුගේ භූමිකාව රඟපෑවේ ය. //
    මෙය ඔවුන් ජවිපෙන් වෙන් වන්නට බල පෑ ප්‍රධාන හේතුවකි. ඒ පිළිබඳව ඔවුන් නිවැරදි ස්වයං විවේචනයක් කැරගෙන ඇති බව ඔබද නොදන්නවා නොවේ.
    //අපි මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය පැරදවිය යුතු ය යන පදනමින් දිවි පරදුවට තබද්දී ඔවුන් තේරුවේ මහින්ද රාජපක්ෂට වාසිදායක ස්ථාවරයකි. මෙම ජනාධිපතිවරණයේදී සමාජවාදී විකල්පයක් ගොඩනගන්නට බැරි බව ඕනෑම කෙනෙකුට වැටහේ.//
    එසේ නම් ඔබ කියන්න සමාජවාදි විකල්පය ගොඩනැගීමට අවස්ථාවක් ලැබෙන්නෙ කොතැනකදිද කියල ඒක හදිසියේමද එන්නෙ? එතකන් ඔවුන් කරන්න ඕන මාරුවෙන් මාරුවට ධනපතියො පලයට පත් කරන එකද ජවිපෙ වගේ. අනෙක් ඔවුන් මහින්දට වාසි වෙන විදියට කියපු හරි කරපු හරි එක දෙයක් පෙන්වන්න. ඔබ කියන්නෙ එකම ප්‍රතිපත්ති දරණ අය ගොඩවල් දෙකකට බෙදිලා පක්ෂ දෙකක් අටවගෙන අපේ රටේ ඡන්දදායකයො ඒ ගොඩවල් දෙකට පමණක් බෙදා ගන්න ඉඩ දීල වාමාංශිකයො නිකම් ඉන්න දෙන්න ඕන කියලද?

    ReplyDelete
    Replies
    1. "ඔබට එතරම් මිතුරන් නොමැති බව ඔබම වරෙක ලියා තිබුණා. මීට හේතුවත් ඒකම වන්නට පුළුවන.අනෙක ඔබ ඒ සඳහා කොතරම් උත්සාහ කළාද යන්නත් සිතා බලන්න."

      පෙ.ස.ප. යනු මිතුරු හවුලක් නො වේ. අප එය වෙත සමීප වුණේ මිතුරු සමාගම් බලාපොරොත්තුවෙන් නො වේ. මම වයස අවුරුදු 18 සිට වාමාංශික පක්ෂ හා කණ්ඩායම් සමග වැඩ කරමි. ඒවායින් සැබෑ මිතුරන් හෝ සහෝදරයින් හමු නො වන බව මට නැවත ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. මට හමු වූ නරක ම මිනිස්සු සි‍ටියේ ඒවායෙහි ය.

      මා මේ මතු කරන්නේ දේශපාලන ප්‍රශ්නයකි. වසරක් තිස්සේ ජනරළ පුවත්පත‍ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරමින් පෙ.ස.ප.ට සහාය දෙන්නට ඉදිරිපත් වූ සාමාන්‍ය මිනිසකු වූ මා සමග දේශපාලන සම්බන්ධයක් ගොඩනගා ගන්නට උවමනාවක් නැති වීම දේශපාලනික ප්‍රශ්නයක් නො වේ ද?

      'තෝ කවුද?' කියා අසන්නට පුළුවන. එහෙත්, ඔබට දේශපාලනය කරද්දී හමු වන්නේ අප වැනි අය හෝ අපට වඩා නරක අයයි.

      ජාතික ප්‍රශ්නය ගැන ඔවුන් කරගෙන ඇති නිවැරදි යයි ඔබ කියන ස්වයං විවේචනය ගැන මා නම් දන්නේ නැත. කරුණාකර ඒ ගැන කියවීම සඳහා හෝ දැන ගැනීම සඳහා මූලාශ්‍රයක් ලබා දෙන්න.

      මේ ජනාධිපතිවරණයේදී අප තේරූ උපායමාර්ගය විසින් සමාජවාදී විකල්පයක් නිර්මානය වූයේ නැති වුණත්, අපි සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන ගියෙමු. ඒ වනාහි ඒකාධිපති පාලනයක් පැරදවීම සඳහා ජනතාව අරගල බිමට කැඳවීමෙනි. අඩු තරමේ අපි නිදා සිටි ජනතාව අවදි කළෙමු. මහින්ද පරදවන්න බැහැ, උනුත් එකයි - මුනුත් එකයි, ඒ නිසා මේක තියෙන්න ඇරලා කුණු වෙන්න අරින්න ඕනැ, වෙනස් කරන්න නම් අපි ම බලය ගන්න ඕනැ ආදිය කියමින් ජනතා බලාපොරොත්තු සුන් කරනවා වෙනුවට අපි ජනතාව අරගල කරන්න පෙළඹුවා. අපේ ජය්‍රහනය තියෙන්නේ එතන.

      මෙතැන අරගලය තිබුණේ මහින්දව පරදවලා මෛත්‍රීපාලව බලයට පත් කරන්න නෙමෙයි. මහින්ද විසින් සංකේතවත් කරපු ජනතා ද්‍රෝහී ප්‍රතිපත්ති පරදවන්න. ජනතාව ඒ ප්‍රතිපත්ති පැරදෙව්වා. "එකම ප්‍රතිපත්ති දරණ අය ගොඩවල් දෙකකට බෙදිලා පක්ෂ දෙකක් අටවගෙන අපේ රටේ ඡන්දදායකයො ඒ ගොඩවල් දෙකට පමණක් බෙදා ගන්න ඉඩ දීල" වැනි විග්‍රහ දේශපාලනික වශයෙන් අති සරළයි.

      'මෙන්න ඒ ගොඩවල් දෙක. මෙන්න අපේ ගොඩ. දැන් තියෙන්නේ මේක ලොකු කරන එක.' මෙය ඉතා සරළ අංක ගණිතමය තර්කයක්. ඒක ප්‍රායෝගික නො වන බව තේරුම් ගන්න තාක් කල් ඔය තුන්වන ගොඩ දිනෙන් දින අඩු වන එක වළක්වන්න බැහැ.

      Delete
  11. මානුෂික සබදතා සම්බන්ධයෙන් කතා කරද්දි වම තරම් එවැන්නකට අකැමැති පිරිසක් නැහැය කියන එක තමයි මගේ අත්දැකීම. ඒක සමාජය තුළ වගේම ෆේස්බුක් එකටත් අදාළයි.

    මීට හෑහෙන කාලෙකට පෙර 71 කැරැල්ලට සම්බන්ධ වැඩිහිටියෙක් කියූ කතාවක් මේ විෂය කතා කරන හැමවිටම මගේ සිහියට එනව. ඔහු කිව්වෙ දේශපාලනයෙදි වම ප්‍රගතිශීලී උනාට මිනිස් සබදකම් වලදි ප්‍රගතිශීලී වෙන්නෙ දකුණ බවයි. එය ඔහු තවදුරටත් සරල කළේ මෙන්න මෙහෙමයි.

    "හදිසියකට රුපියල් දහයක් ඉල්ලුවොත් ඒක දෙන්නෙ යූඑන්පිකාරයෙක් මල්ලි"

    K.G.Philip Shantha

    ReplyDelete
  12. ෆේස්බුක් වාමාංශිකයන්ගේ ගති ලක්ෂණ
    1. තමන්ගේ අනන්‍යතාවයෙන් පෙනී සිටීමට බියවීම
    2. ප්‍රොෆයිල් පික් එකට කිසිදා තමන්ගේ පින්තූරයක් නොදැමීම
    3. අන් මත ඉවසීමට නොහැකිවීම
    4. අන් මත හමුවේ භූමිතෙල් ගෑවුන ගැරඩියකු සේ කළබල වීම හා අනෙකාට සංයමයක් නැතිව බැන වැදීම.
    5. තාර්කික නොවන එහෙත් වචන වලින් දමා ගසා සතුටුවීම.
    6.........................
    7............................

    K.G.Philip Shantha

    ReplyDelete
  13. Kumara gunarathnam gena Katha kirimama Ohuta anawashya pacharayak we.ithama sulutharayak hara Ape rate janthawa ohu gena nodani. janathawata ohugen wadak natha. OYAWAGE Minissunwa,Europaye ho Australiyawe.kisima wisesa piliganimak neha.EKAI Me assema Ringanna Dangalanne,OKUNTA Karlmarxla.Leninla wenna loweth ba.

    ReplyDelete
  14. //අද දින පැවැත්වුණු උද්ඝෝෂණයේදී පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරුන්ගේ සටන් පාඨය හා සිවිල් සමාජ සංවිධානවල සටන් පාඨය අතර වෙනස බලන්න. පෙරටුගාමී පක්ෂය අරගල කරන්නේ කුමාර් ගුනරත්නම් වෙනුවෙන් පමණි. //

    චි... චි.... පැරා ඔබ මෙය ලිවුවා කියා හිතා ගැනීමට පවා අපහසුයි.

    ReplyDelete
    Replies
    1. මේ පිංතූර හැර තවත් පිංතූර තිබෙනවා නේ. ඒවාත් බලන්න.

      අනෙක මේ කරුණ මේ ලිපියේ මා මතු කළ එක ම කරුණ නොවෙයි. තවත් කරුණුත් තිබෙනවා. ඒ ගැනත් හිතන්න.

      Delete
  15. නීතියට මුවාවී කරන මර්දනය නවතනු! - කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කිරීමට ඉඩදෙනු! (click here)

    සියලුම චයාරුප පිරික්සන්න, දුමින්ද නාගමුව ඉහත පළමු බැනරය ඉදිරිපිට සිටින චාරුපයද බලන්න. විකාර රූපී යහ පාලන විගඩමට එරෙහි වන්නන් ද්‍රෝහීන් කරන පැරකුම්ගේ කුහක නමුත් 'මිතුරු විවේචන' කිරා මැන බලන්න.

    ReplyDelete
  16. රටේ පැවැත්තු ජාතික මැතිවරණයකදී චන්ද 10,000 ගන්න බැරි පක්ෂ මොන පක්ෂද මේවා සියල්ල ලියපදින්ච්චියෙන් ඉවත් කල යුතුයි . ඔය පක්ෂ වලට වඩා ඉදිරියෙන් සිටිය සිරිසේන , නාමල් වගේ අය . ඔය බෝඩ් ලෑලි පක්ෂ අවලංගු ලලයුතුයි . බොරුවට ජනප්ප්රිය වෙන්න සමාජවදේ ගන්නවා , උද්ගෝෂණ කරනවා , එක එකාගෙන් ගාන කඩා ගන්නවා ,

    ReplyDelete
  17. සී නිවුස් නඩේ වෙනුවට අද පෙරුට්ටෝ ඇවිල්ල.

    ReplyDelete
    Replies
    1. පෙරුට්ටෝ නෙවෙයි, උන් ඇවිල්ලා හොට්ටෝ!

      Delete
  18. පෙරුට්ටන්ට කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ඉන්න කුමාර් මහත්තයාගේ ගෑණිටයි ළමයි දෙන්නාටයි නම් පෙරටුගාමී ජීවිතයක් දැනටමත් උදා වෙලා තමයි තියෙන්නේ.

    ReplyDelete
  19. I have read this article and all the comments. I can’t believe how the leftist comrades have a lack of intellectual capacity and poor knowledge about this matter.
    • Gotabhaya Rajapaksa cancelled dual citizenship program in Sri Lanka without giving any reason, more than three years ago.
    He wanted to block the Tamil diaspora from coming back to the country after the war, but this decision naturally damages the Sinhala diaspora as well, who fought against the LTTE on an international front (sometimes face to face with the LTTE supporters).

    The Frontline Socialist Party and other leftist parties did not demonstrate against this decision anyday.

    • The former government suddenly announced that the dual citizenship program will again start four days before the presidential election (they aimed to obtain the diasporas’ vote for their benefits).
    • The new government also announced at the interim budget speech that they will commence the dual citizenship program and increase the charges to Rs. 500,000 from Rs. 200,000.
    But if you still contact the Sri Lankan immigration department via telephone they don’t have any idea about the dual citizenship program or when it will commence.
    All comrades and the Frontline Socialist Party, please demonstrate to encourage the government to start the dual citizenship program and not to demonstrate against the country’s immigration law.

    ReplyDelete
  20. කුමාර් ගුණරත්නම්ට බිය විය යුතු නැත. යහ පාළණය තුල ඔහුටත් අවස්ථාවක් ලබා දිය යුතුමය. ඩයස්පෝරාවට, මාධ්‍යවේදීන්ට ආරාධනා කරද්දි, කුමාර්ට ඒ අවස්ථාව අහිමිව යන්නේ කුමන හේතුවක් මතද...?

    ප්‍රතිවාදි මතවලටද සමාජයේ ඉඩක් ලබා දිය යුතුමය.. ජෙප්පන්ගේ ඒකාධිපති මානසිකත්වය එලියට එන්නේ ඔවුනුත් නොදැනමය.

    ReplyDelete
  21. ලංකාවේ දෙමලුන්ට දෙමලුන් ලෙස සිටීමටනම් ඔවුන්ට සිංහලයන් සමඟ කුමණ හෝ වලියක් අවශ්‍යයි එහෙම නැතිනම් ඔවුන් කුමාර් ගුණරත්නම් මෙන් සිංහලයෙක් වෙනවා

    ReplyDelete
  22. ඡායාරූප දෙකට අදාලව පැරා විසින් කරපු විග්‍රහය වැරදියි කියන එක දැන් ඉතාම පැහැදිලියි. පැරා අවංක නම් තමන්ට වරදක් සිදු වූ බව නිහතමානීව පිලිගත යුතුයි. ජනාධිපතිවරණයේ දී පෙසප එක් උපාය මාර්ගයකුත් පැරා වගේ අය තව උපාය මාර්ගයකුත් අනුගමනය කළා. මේකෙන් මේ දෙගොල්ල වාමාංශිකයන් හෝ සමාජවාදීන් නෙමෙයි කියා අදහස් වෙනවද? එහෙම විය යුතු නැහැ. එකම විදිහට හිතන්න මිනිස්සු යන්ත්‍ර නෙමෙයි.‍ පෙසප හිතපු දේ තුල තර්කයක් තිබෙනවා වගේම පැරා හිතපු දේ තුලත් තර්කයක් තිබෙනවා. ඒ ගැන මතවාදී විවේචනයක් සහ අරගලයක් ඇති කරගැනීමේ කිසි ගැටලුවක් නැහැ.ඒත් පැරාගේ ලිපිය තුල මතවාදී විවේචනයකින් එහා ගිය ද්වේශසහගත පහර දීමක් පැහැදිලිවම දකින්නට පුලුවනි. මේ පින්තූරවලට දීලා තිබෙන අර්ථ කථනය ඊට උදාහරණයක්. ගුණරත්නම් රටින් පැනලා යන්නේ පරිභෝජනවාදී ආශාවකින් කියන අදහස තවත් ඒ වගේ එකක්. ( ඔස්ට්‍රෙලියාවට වෙලා සැප විද විද ඉන් නැතිව ඒ මනුස්සයා මේ ලංකාවට ඇවිත් ලංකාවේ නතර වෙන්න ෆයිට් කරන්නේ ඇයි එයා එච්චර පරිභෝජනවාදී නම්? ) මතවාදී විවේචනය ඉක්මවා ගිය ද්වේශයක් පැරාගේ ලිපියේ තිබෙනවා වගේම පැරාව මෙතැන විවේචනය කරන ඇතැම් පෙසපට හිතවත් සහෝදරවරු තුලත් ඒ වගේම අදේශපාලනික ප්‍රහාරාත්මක ස්වරූපයක් දක්නට ලැබෙනවා. මේ දෙකම වැරදියි. වාමාංශික දේශපාලනය තුල මේ දෙක සුලබ ප්‍රතිචාර තමයි. හැබැයි විප්ලවීය ගුණය තමයි ඒ තත්වයන් ඉක්මවා යාම සදහා අරගල කිරීම.

    ReplyDelete
    Replies
    1. ඡායාරූප දෙකට අදාළව වරදක් සිදු වී තිබේ නම් පිළි ගැනීම ගැටලුවක් නොවෙයි. එහෙත්, එවැනි නිරීක්ෂණයක් තගරියෙන් යටපත් කරන්න උත්සාහ කළාට අපි බය වෙන්නේ නැහැ.

      අප ලියන සියලු දේ සම්බන්ධයෙන් සංවාද කරන්නත්, වැරදි තිබේ නම් පෙන්වා දෙන්නත් අවස්ථාව මෙහි දී තිබෙනවා.

      මගේ නිරීක්ෂණය සම්බන්ධයෙන් මම තවමත් පෙනී සිටිනවා. ඒ නිරීක්ෂණය දීර්ඝ ක්‍රියාවලියක් සමග බැඳි සිටිනවා. පෙ.ස.ප. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ලියද්දී වඩා නිවැරදි ස්ථාවරයක් මතු කර දක්වන්න මගේ නිරීක්ෂණය ඉවහල් වුණා. ඒ නිසා ඒ අතින් මෙම ලිපිය ඵලදායී වී තිබෙනවා.

      මතක තබා ගන්න අපි මේ මාධ්‍යය ඔස්සේ කරන්නේත් දේශපාලනය තමයි. එහෙම නැතිව මිතුරු ඇසුර නෙමෙයි.

      කුමාර් ගුනරත්න ගැන කියන ඇත්ත තුළ තිබෙන දේශපාලන සාධක සැලකිල්ලට ගන්න. "ඔස්ට්‍රෙලියාවට වෙලා සැප විද විද ඉන් නැතිව ඒ මනුස්සයා මේ ලංකාවට ඇවිත් ලංකාවේ නතර වෙන්න ෆයිට් කරන්නේ ඇයි එයා එච්චර පරිභෝජනවාදී නම්?" වගේ අදේශපාලනික ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිව නෙමෙයි.

      ඇත්ත වෙනුවට ප්‍රබන්ධ ඉදිරියට ගැනීම වාමාංශිකයන්ගේ නිදන්ගත දුර්වලකමක්. දේශපාලන ප්‍රචාර සඳහා ඒවා යොදා ගන්නා විට ඒවාට ප්‍රතිවිරුද්ධ මත ද මතු විය හැකි බව සිතාගෙන කරන්න. මහින්ද රාජපක්ෂ ළමයි වඩාගන්නේ ඇත්තෙන් ම මේ ජාතියේ දරුවන්ට තිබෙන ආදරය නිසා ය කියන කරුණ අපි පිළි ගන්නේ නැහැ නේ. ඒ ඇයි? අපි දන්නවා ඒක ප්‍රබන්ධයක් බව. ඇත්ත වෙනත් දෙයක්. වාමාංශිකයිනුත් කළ යුත්තේ එය ම නෙවෙයි නේ.

      මම ඉතා පැහැදිලිව ම කුමාර් ගුනරත්නම්ට ආපසු පැමිණිමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත්, රටේ පවතින නීතිය උල්ලංඝනය කරමින් ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියා උද්ඝෝෂණ කිරීම වැරදියි.

      මෙහිදී නිර්මාල් කරන තර්කයත් වැරදියි. ඔහු කියන්නේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කරනවා නම් කුමාර් ගුනරත්නම්ටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියායි.

      ඒ අතර ජනමාධ්‍ය උද්ඝෝෂණය කරනවා විමල් වීරවංශගේ බිරිඳගේ ආගමන විගමන නීති උල්ලංඝනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියාත්.

      සමූහයකගේ බලය පාවිච්චි කරලා නීතියට පිටින් කටයුතු කරන්න ඉල්ලන්නේ නැතිව පොදු සමාවක් ඔස්සේ කුමාර් ගුනරත්නම්ගේ ඉල්ලීම දිනා ගැනීමටයි උත්සාහ කළ යුත්තේ.

      මේ හා සමාන අන්දමින් ම දැන් ලංකාවට එන්නට අවශ්‍ය වී තිබෙන යුද්ධ කාලේ කැනඩාවට පැන ගිහින් එහි පුරවැසිකම ගත් ප්‍රභාකරන් නම් තරුණයකුගේ ඉල්ලීම වෙනුවෙන් මේ අන්දමින් වීදියේ සටන් කරන්න කෙනෙක් නැහැ නේ.

      Delete
    2. //ඡායාරූප දෙකට අදාළව වරදක් සිදු වී තිබේ නම් පිළි ගැනීම ගැටලුවක් නොවෙයි. එහෙත්, එවැනි නිරීක්ෂණයක් තගරියෙන් යටපත් කරන්න උත්සාහ කළාට අපි බය වෙන්නේ නැහැ.

      අප ලියන සියලු දේ සම්බන්ධයෙන් සංවාද කරන්නත්, වැරදි තිබේ නම් පෙන්වා දෙන්නත් අවස්ථාව මෙහි දී තිබෙනවා.

      මගේ නිරීක්ෂණය සම්බන්ධයෙන් මම තවමත් පෙනී සිටිනවා. ඒ නිරීක්ෂණය දීර්ඝ ක්‍රියාවලියක් සමග බැඳි සිටිනවා. පෙ.ස.ප. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ලියද්දී වඩා නිවැරදි ස්ථාවරයක් මතු කර දක්වන්න මගේ නිරීක්ෂණය ඉවහල් වුණා. //

      ඔබේ වරද පිිලිගැනීමට ඔබ තවමත් සූදානම් නැති හැඩයි. කමක් නැහැ. මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක්. ලලිත් - කුගන් අතුරුදහන් කල අවස්ථාවේ පවා අප උද්ඝෝෂණය ගත්තේ 'ලලිත් - කුගන්' ට සීමා කරලා නෙමෙයි. පොදුවේ අතුරුදහන් කිරීම් හා පැහැර ගැනීම් වලට විරුද්ධවයි. කුමාර්ගේ සිද්ධිය සම්බන්ධයෙනුත් එහෙමයි. අපගේ පසුගිය කාලයේ ලියැවිලි, ක්‍රියාමාර්ග ගැන යම් අවධානයකින් බැලුවා නම් මේ දෙය වටහා ගැනීම අපහසු වෙන්නෙ නැහැ. ඔතන උස්සගෙන තියෙන සියලුම බැනර් ඇන්දේ පෙසප සාමාජිකයෝ. කුමාර් ගුනරත්නම්ට දේශපාලනය කරන්න අයිතිය දෙනු කියන බැනරයත් සියලුම විදෙස් ගත වූවන්ට නැවත ලංකාවට පැමිණ දේශපාලනය කරන්න දෙන්න යන බැනරයත් ඇන්දේ පෙසප ක්‍රියාකාරිකයෝ. එදා සටන් පාඨ කී හඩ කොළයේත් එක්නැලිගොඩගේ සිට අසාධාරණයට ලක්වූ අය ගැන සදහන් වී තිබුණා.

      ඒ නිසා සමූහයකගේ බලය පාවිච්චි කරලා නීතියට පිටින් කටයුතු කරන්න ඉල්ලන්නේ නැතිව පොදු සමාවක් ඔස්සේ කුමාර් ගුනරත්නම්ගේ ඉල්ලීම දිනා ගැනීමටයි උත්සාහ කළ යුත්තේ.
      // කියන එක අදාල නැහැ.

      විවේචනයක් කරනවා නම් ඒක සාධාරණ විය යුතුයි. විවේචනයේ වරදක් වී තිබේ නම් එය පිලිගැනීමට තරම් නිහතමානී විය යුතුයි. 'වාමාංශික මමත්වය' අඩු කෙනෙක් ලෙස අජිත් එහෙම නිහතමානී වේවි කියා මා තවමත් අපේක්ෂා කරනවා.

      නීතිය ගැන කථාව මෙහෙමයි. කුමාර්ට නීතිය කඩන්න වෙන්නේ ( ව්‍යාජ අනන්‍යතාවයකින් පෙනී සිටීම ) ජීවිත ආරක්ෂාව පිලිබද ප්‍රශ්නයක් නිසා. ඒ අනුව වෙනත් නමකින් ඔහු විදෙස්ගත වීම නීතිය අනුව වැරදි විය හැකි වුනත් යුක්තිය අනුව වරදක් නෙමෙයි. ලෝකයේ විප්ලවවාදීන් ඕනෑ තරම් ඒ දෙය කරනවා. කරලා තියෙනවා. දැන් ලංකාව තුල ඔහුට දේසපාලනය කරන්න තියෙන අයිතිය නීතිය පිළිබද තාක්ෂණික කාරණයක් මත පදනම්ව සදාකාලිකවම අහිමි කරන්ටයි පාලකයින් උත්සාහ කරන්නේ. මේක වැරදියි. ඔබ මෛත්‍රීට සහයෝගය දැක්වූ බව අපි දන්නවා. මට නම් එහි ගැටලුවක් නැහැ. ඒ ඔබ ඒ මොහොතේ ගත යුතුයි කියා අවංකව හිතපු ක්‍රියාමාර්ගය. අපි තේරෙුවේ ඒ වෙලාවේ අපි කරන්න ඕනෙ කියලා අපි අවංකව හිතපු ක්‍රියාමාර්ගය. මෛත්‍රීගේ ආණ්ඩුවෙන් කුමාර් ගුණරත්නම්ට දේසපාලනය කරන්න තියෙන අයිතිය අහිමි කරන්න යද්දී ඒකට විරුද්ධව කථා කරන්න මේ වෙනස බාධාවක් කර ගත යුතුයි කියා මම නොසිතමි

      ජය!

      Delete
    3. නිර්නාමිකව වුණත්, පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයකු ලෙස ඔබගේ ප්‍රවේශයට මා ගරු කරනවා.

      කිසි ගැටලුවක් නැහැ, ඔබ පෙන්වා දී තිබෙන කරුණු අනුව මා අතින් වරදක් සිදු වී ඇති බව මා පිළි ගන්නවා. ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරනවා.

      මාධ්‍යකරුවන් ලෙස අප කරන ඉදිරිපත් කිරීම් ඔබට ඔබව පරීක්ෂා කර ගන්නට පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම නැතිව ඔබගේ පක්ෂයේ ඇතැම් අඳ බාලයන් කරන පරිද්දෙන් තගරියෙන් විරුද්ධ අදහස් යටපත් කරන්නට බැහැ.

      අනෙක් පැත්තෙන්, ඔබගේ ප්‍රවේශය ඔස්සේ මේ ගැටලුව විසඳා ගන්න අමාරුයි. කුමාර් ගුනරත්නම් සහෝදරයා ජනරළ පුවත්පතේ කර ඇති සම්මුඛ සාකච්ඡාවේදී කියන ආකාරයට නීති වැඩක් නැහැ; ඔහුට දේශපාලනය කරන්නට ඉඩ දිය යුතුයි කියා ඉල්ලන එකේ ගැටලුවක් තිබෙනවා. ඔබ කියන්නේ කුමාර් ගුනරත්නම් නීතියට ඉහළින් තැබිය යුතුයි කියා ද?

      නීතිමය වශයෙන් මේ ගැටලුව විසඳා ගත හැකි ආකාරය ඔබ යෝජනා කළ යුතුයි. මෙතන නීතිමය ගැටලු කීපයක් තිබෙනවා. කුමාර් ගුනරත්නම්ගේ නම වෙනස් කර ගත් ආකාරය නීත්‍යානුකූල ද? නීත්‍යානුකූල නම්, ඔහුට තිබෙන්නේ ඒ නමින් නැවත ලංකාවේ පුරවැසිභාවය අයදුම් කිරීමයි. ද්විත්ව පුරවැසිභාවය යළි ලබා දෙන බව දැනටමත් ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

      කුමාර් ගුනරත්නම්, නොයෙල් මුදලිගේ බවට පත් වූ ආකාරය නීත්‍යානුකූල නැති නම්, ඒ හා සම්බන්ධව තමන් වරදක් කළ බව කියා පොලිසියකට භාර වන්නට පුළුවන්. එවිට ඔහුගේ මුල් විගමනය නීති විරෝධී එකක් නිසා ඔහුගේ ලාංකික පුරවැසිභාවය අතහැර දැමීමක් සිදු වී නැහැ. ඔහුට ලංකාවේ නීතිය අනුව දඬුවමක් විඳින්න වෙයි. එවැනි වැරදි සම්බන්ධයෙන් පොදු සමාවක් හෝ විශේෂ ජනාධිපති සමාවක් වෙනුවෙන් එවිට කටයුතු කරන්නට පුළුවන්.

      ඔබගේ ප්‍රවේශය ඔස්සේ මේ ප්‍රශ්නය විසඳා ගන්න බැහැ. කුමාර්ට ඉන්න දුන්නත්, ඔහුට කිසිදු අභියෝගාත්මක දෙයක් කරන්න බැහැ. මන්ද, ඔහු නීත්‍යානුකූලව ඕවර්ස්ටේ කළ කෙනෙක් ලෙස සැලකෙන නිසා ආණ්ඩුවට ඕනෑ ම වෙලාවක ඔහු ආපසු යැවිය හැකියි. ඔය විධියට ඔහු මෙහි තියා ගන්න ගියොත්, ඔහු නිසා ඔබගේ දේශපාලනය පාලනය වෙනවා.

      Delete
    4. නීති වැඩක් නැහැ කියන ගුණරත්නම්ගේ පක්ෂේ කට්ටිය ඇයි එහෙනම් ඔහු වෙනුවෙන් මහින්ද රජය කාලේ ආගමන විගමන ඒකට දඩයක් ගෙව්වේ ඔහුව ගෙන්න ගන්න.

      Delete
  23. "රටක වීසා කොන්දේසිවලට අනුගත වන්නට විදේශිකයෝ බැඳී සිටිති."

    ඔව්..ඔව්.. ජයපාලන්, මංජුල වෙඩිවර්දන වැනි අයටත් එහෙමම කියන්න වෙනවා.
    හැබැයි මේ ආංඩුවටත් පොඩි වෙනස් කම් කරන්න පුලුවන්.. නැත්නම් කොහොමද මහ බැංකු අදිපති සිංගපුරුකාරයෙක් වුනෙ.. (සල්ලි කොලවල මිනිහා ඉන්ග්‍රිසි අත්සන දායිද?)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා