ජන අරගලය පාවා දුන්නා ද?

(Read in English: Was the people's struggle betrayed?)
අපට ලැබී ඇති නවතම තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ ජනවාරි 09දා උදෑසනින් අරලියගහ මන්දිරයට ගොස් මහින්ද සමග ඩීල් එකක් දමාගෙන ඇත. 

ඒ ඩීල් එක මෙසේ ය: මහින්දට හා ඔහුගේ හිතවතුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා රනිල්ගේ පාර්ශ්වයෙන් මතු නො කර සිටිනු ලැබේ. එයට හිලව් පිණිස මහින්ද රනිල්ට පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී සහයෝගය ලබා දෙයි. 

ඊයේ පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පුවත්පත් සාකච්ඡාව මෙම ඩීල් එක හෙළිදරව් කරයි. එහිදී තමන් ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙලට උදව් කරන බව විපක්ෂය නිවේදනය කළේ ය.

දින සීයේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු බහුතර සහයෝගය අවශ්‍ය ය. එහෙත්, ඒ වෙනුවෙන් මහින්ද ඉල්ලා සිටින මිළ ගෙවිය යුතු ද? එතරම් දැවැන්ත මිළක් නො ගෙවා පාර්ලිමේන්තු බහුතර සහයෝගය කළමනාකරණය කර ගන්නට මෛත්‍රීපාලට, චන්ද්‍රිකාට බැරි ද? 

මෙහිදී රනිල් බලාපොරොත්තු වන්නේ දින සීයේ වැඩසටහන හරියට ක්‍රියාත්මක කර මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු බහුතර බලය ලබා ගන්නට පුළුවන. එහෙත්, එහි තිබෙන ගැටලුව වන්නේ මහින්දට ලබා දෙන ඉන්ටවල් එක තුළ ඔහු බලය තහවුරු කරගෙන නැවත පැමිණෙන එකයි. මාලිනී ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් අස් කරවාගෙන මහින්ද පාර්ලිමේන්තුවට පැමිණ බහුතර සහයෝගයෙන් අගමැති ධුරය ලබා ගැනීමේ සැලැස්මක් ද දැනටමත් ක්‍රියාත්මක වේ.

අද මෛත්‍රීපාල මහනුවර සිට ජනතාව අමතන අතර මහින්ද මැදමුලනේ සිය බලකොටුවේ දැවැන්ත රැස්වීමක් කැඳවා තිබේ. ලබන සතිය වන විට කොළඹ වීදිවලට ජනයා ගෙන්වන්නට ඔවුහු සැලසුම් කරමින් සිටිති. 

රනිල් සම්බන්ධයෙන් අපි කලිනුත් මෙසේ කීවෙමු. ම්ලේච්ඡයන් සමග මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පවත්වන්නට බැරි ය. එහෙම කරන්නට ගියහොත් භෝජන සංග්‍රහය අවසානයේ ඔබ සිටිනු ඇත්තේ ම්ලේච්ඡයාගේ ආමාශයේ ය. 

ගේම නම් ගේම මිස අතරමැද සම්මුති බැරි ය. මහින්ද නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය. ඒ සඳහා අදාළ ක්‍රියාවලිය වහා ආරම්භ කළ යුතු ය. ඔහු හා ඔහුගේ ගෝලබාලයන් කළ හොරකම්, වංචා දැන් එළියට ආ යුතු ය. ඒවා හංගා ගන්නට කිසිවෙකුට ඉඩ දිය යුතු නැත. 

සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවට බල කරන්නට ජනතාව වීදියට පැමිණිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Ane gobbayo. Mahinda paraduna thamai. eheth ohu paradune chanda laksha 4.5 kin. dakune shinhala katha karana bahutharaya thama owun samagai. mahindagen paligamu. (neetjiya idiriya) kiyala ubawage blog wala deshapalanaya karana napunsakayan kiuwata, deshapalanaya karana ranil, chandrika, my3 wage un dannawa eken wena prasna. bahuthara dakune bahuthara janathawa ohuwa prathikshepa kare na. siyalla wiya yutthe himitai. ehema nathuwa kuhaka kamath. wairayath piri ubala wage wayasata giya deshapalana chuuu kollanta ona widihata nemei. ohu wata sitina dakune shinhala janathawa dina ganeemai mulinma kala yutthe. nathiwa ohuwa ikmanin hireta yaweemata nemei. ehema wenda giyoth shinhalayan (ubata anuwa jaathiwadin) nikan idida. dakuna arajika wena ekai wenne. deshapalanaya kiyanne blog awakasha walata lipi liyanawa wage athal wadak nemei. uba wagema hithana gobbayanta ubage lipi mara unata, chandrika, ranil, my3 wage maha polowe deshapalanaya karana un dannawa theerana ganda ona welawa.

    ReplyDelete
    Replies
    1. සැලසුම් එළියට එනකොට අවුල් නේද මහින්දදාස?

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++
      මැස්සෙක් ගිය උඩ කිව්වලු. හහ්
      ඔහු පදවිය හැරගිය වෙලේ සිංහල කතා කරන ජනතාව ඇඩුවා ( චන්දෙ නොදුන් අයත් එක්ක )
      මේ රටේ ජනගහනයෙන් 1% ක් වත් බ්ලොග් කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ.ඒ අයට එන් ජී ඕ වලින් බ්ලොග් ලියනවට වැටුප් ලැබෙන්නෙ නෑ.
      බ්ලොග් එකේ ලියන්න ඕන අඩු ගානෙ මිනිස්සු රැස්වෙන තැනක කියල යහතින් ගෙදර එන්න පුළුවන් කතාවක්
      දැන් මේක එක්කො ඩිලීට් කරයි.නැත්නම් ඇනෝ ඇවිත් මොකක් හරි කුණුහරපයක් කියයි.
      දේශපාලකයො විතරක් නොවෙයි මාතලන් වගෙ අයත් ප්‍රබුද්ධ විදියට ලියනව.මෙහෙම ළදරු වලිප්පුවක් මොකෙකුටවත් නෑ.
      අනේ අනිච්චන්

      Delete
    3. රනිල්ද අනේ ඔයාට කතා කරලා කිව්වෙ තමුන් මහින්දත් එක්ක ඩීල් දමා ගත්තු විත්තිය. පැර ගොයියෝ ඔයාගේ දේශපාලනෙත් මහින්දත් එක්කම ඉවරයි කියල ඔයාට හිතෙන් නැද්ද. අර කිව්වත් වගේ බෙරේ ගෙදර තමයි ඔයාට ගැලපෙන තැන දැන්නම්.

      Delete
    4. ''අද මෛත්‍රීපාල මහනුවර සිට ජනතාව අමතන අතර මහින්ද මැදමුලනේ සිය බලකොටුවේ දැවැන්ත රැස්වීමක් කැඳවා තිබේ. ලබන සතිය වන විට කොළඹ වීදිවලට ජනයා ගෙන්වන්නට ඔවුහු සැලසුම් කරමින් සිටිති''

      මේක මහින්දගේ ප්‍රජතන්ත්ත්‍ර වාදී අයිතියනේ. මේක දෙනවා කියලනේ පට්ට ධනවාදියෙක් වෙච්ච රනිල්ව අනියමෙන් බලේ පිහිටෙව්වේ. දැන් මොකෝ අඩන්නේ!!

      Delete
    5. සමජාවාදී ජීවිතය රෙද්ද පල්ලෙන් බේරීම.

      සකල දේශ වාසි නිර්ධනයිනි සමාජවාදය තොරොම්බල් කරන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගෙන් ප්රෙවෙසම් වෙනු !

      Delete
    6. යහ පාලනයක ඇරඹුම.January 11, 2015 at 1:54 PM

      පසු ගිය රජය පනවා තිබු වෙබ් අඩවි තහනම ඉවත්කෙරේ.

      Delete
    7. ඊට පසුව විමල්ගේ සී නිව්ස් ඇතුළු අනෙකුත් අවුට් යන ඒවා හැක් කෙරේ.

      _දෙන්නම් යහපාලන ජම්බු

      Delete
    8. අලුත් බෝතල් වල පරණ 'චාටර්' වයින්, චියස් පැරා

      ''ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කරුණාරත්න පරණවිතාන මහතා පත්කොට තිබේ.

      කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතා කැනඩාවේ, ටොරෙන්ටෝ නුවර හිටපු කොන්සල් ජනරාල්වරයාද වෙයි''

      Delete
    9. දෙෂපලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොසිටියේ ඉස්සරය. දැන් එය සදාකාලික සොරුන් හෝ මහත්වරුන් නැතිලෙස වෙනස්කල යුතුය.
      මුන් කරන අමන සියලු ජඩ වැඩ වලට Facebook වල නයට කහිනුන් සුදුහුණු ගනු ඇත. චන්ද්‍රික සොරකම් නොකළ සුදු චටිතයකි. චම්පික රණවක මිනීමරා නැත. ලසන්ත සියදිවිනසගෙනය. හෙට මර්වින් සිල්වා උපාසක වනු ඇත. කුඩු දුමිය සෝවාන් වනුඇත. මෛත්‍රී සමාජයක් ඇරඹේ. සදු සදු සාදු.

      Delete
    10. " චන්ද්‍රික සොරකම් නොකළ සුදු චටිතයකි. චම්පික රණවක මිනීමරා නැත. ලසන්ත සියදිවිනසගෙනය. හෙට මර්වින් සිල්වා උපාසක වනු ඇත. කුඩු දුමිය සෝවාන් වනුඇත."

      උඩ උන්-
      අසත් පුරුෂ, බලු, කලකන්නි‍,හොරු සහ මිනීමරුවෝය.

      අපි-
      සතර පෝයට අටසිල් ගන්න, පරදාර සේවනය නොකරන,මාටියා නොගසන, පොඩි පොඩි ගේම් නොගසන, දේශපාලන කන්‍යාභාවය රැකගන්නා,සදාචාරසම්පන්න, කලිසමට උඩිනුත් ලන්කට් එකක් අදින සුපර් මෑන්ලය.

      Delete
  2. පැරා තමුසේ මාර මිනිහෙක්නේ ඕයි. තාමත් ඉල්ලන්නේ මහින්දගේ ලේද? ඒ මිනිහා යන්න ගියා. දැන් ඉතිරිවා රනිල් බලා ගනියි. තමුසේ ණයට කැස්සා ඔය ඇති. දැන් ආයෙමත් පාඩුවේ පවුලගේ පඩියෙන් කාලා නිදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපි තමුසෙ කියන විදියට කළා නම් තමුසෙගෙ රනිල් අද කොහෙද? හිතාගෙන ඇති අපිව සයිලන්ස් කරන්න. කොන්ද පණ තිබෙනවා නම් එනවා නමින් කතා කරගෙන.

      Delete
    2. ඒ මිනිහා යන්න ගියේ නම් අවුලක් නැත. නමුත් සිදුව ඇත්තේ ඒ මිනිහා මේ රට ලේ විලක් කොට, තමන්ගේ අඩුව උලුප්පා ඒ මතින් යලි බලයට ඒමට දත කෑමයි.

      රට ඉතාම දරුණු අනතුරක් අභිමුව තිබේ!

      මහින්දට බලය නැතුව බැරිය. මහින්දටත් වඩා, විමල්, රෝහිත මහින්දානන්ද වැනි උන් සේම, මහින්ද රජයෙන් කෝටි ගනන් මුදල් එන්නට ඇති ගෝඨාගේ සහ බැසිල්ගේ කොන්ත්‍රාත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ටද නැවත් පැරදී පළායන්නවනු ගෙන ඒම අවශ්‍යව ඇත!

      මේ නිසා ඉතාම විවෘත මනසකින් සහ පලල් අවභෝධයකින් යුතුව කටයුතු කල යුතු මොහොතකි. පාළක පාලිත දෙකොටසම ජාතිවාදීන්ගේ ( සිංහල දෙමළ හෝ මුස්ලිම් ) උගුල් වල නොවැටෙන්නට මෙ අවස්ථාවේ පරෙස්සම් විය යුතුය!

      Delete
    3. මචං..ඔය රටේ ඉන්නවා නං විවෘත මනසක් සහ පලල් අවබෝදයක් ඇති සෙට් එකක් මෙහේට එක්ස්පොර්ට් කරපංකෝ,

      Delete
    4. හෙහ්..හෙහ්... ඒකත් ඇත්ත. එහෙම උන් උන්නනං මුන් රජ වෙයියැ!

      Delete
  3. ආරංචි විදියට මේ වනවිට බැසිල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,කේපී,පීබී ජයසුන්දර,සුදර්මන් රදලියගොඩ, රෝහිත අබේගුණවර්ධන,තොන්ඩමන්,ප්‍රියත් බී. වික්‍රම ඇතුළු බොහෝ දෙනෙක් රටින් පැනගොස් නැතිනම් පැන යාමට සුදානම්ව සිටින්නේ.

    ඔය ගැන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයේ පැහැදිලිකිරීම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබෙන්නේ පහත පරිදියි. ඒක ඇත්ත තමයි බලං ගියාම.

    'පසුගිය කාල වකවානුව තුල සිදු වූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳව තවම පරීක්ෂණ අරඹා නැත. එසේ පරීක්ෂණ ඇරඹීමෙන් පසු, එම වංචා, දූෂණ වලට වැරදිකරුවන් වන ඕනෑම අයෙක්, ලෝකයේ කොහේ සිටියත්, මෙරටට ගෙන්වා, ඔවුනට හිමි දණ්ඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. මෛත්‍රි පාලනයේ වෙනස නම්, ඔවුන් කළාක් මෙන්, මුලින්ම සිරිගත කර පසුව වැරදි හොයනවා වෙනුවට, සියල්ල නියමිත ක්‍රමවේදයට අනුව සිදුකිරීමටයි'

    ReplyDelete
  4. පැරො,

    කරුණාකර මෙම ලිපිය රනිල්ගේ,මයිත්‍රීගේ, ශ්‍රීලනිපයේ සහ එජාපයේ ෆේස්බුක් පිටුවල පොස්ට් කරන්න. එවිට ඒක බලන අයත් බලපෑමක් එල්ල කරයි.

    මේ පහලින් තියෙන්නේ අදාල පිටුවල ලින්ක්.

    https://www.facebook.com/maithripalas

    https://www.facebook.com/ranil.wickremesinghe.leader

    https://www.facebook.com/slupfa

    https://www.facebook.com/UNPofficialpage

    ReplyDelete
  5. බලාගෙන ගියාම අපේ පාරානේ නියම ලේ මාපිලා , කවුන්ට් ඩ්‍රකියුලා , ලේ බැංකුවේ අධිපති , ෂයිලොක් ගේ බාප්පා ...

    පැරදිලා කාර්ල්ටන් ගිහිල්ල ගෙදෙට්ට වෙලා බුලත් හපයක් කකා ඉන්න ඒ කාලකන්නියගේ ලේ බොන්න බලාගෙන තවත් කටකථා හද හද දාන්නේ නැතිව චු කරලා නිදා ගන්න සර්.

    ReplyDelete
  6. //සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවට බල කරන්නට ජනතාව වීදියට පැමිණිය යුතු ය.//

    අපෝ අපිට බැහැ.

    පැරාල ආයිත් හදන්නේ අහිංසක තරුණයෝ වයින් කරලා පාරට දාල උන්ව රජයේ කෘර මර්ධනයට යට කරලා උන්ගේ ජිවිත , ලේ , කඳුළු හරහා ආයිත් 89 දී කරන්න හැදුව වගේ බලයට එන්න පාරක් කපා ගන්නද ??

    මේ ඕන දේකට ඉඩ දෙන මහින්ද පාලනේ නෙමෙයි සර් . තරුණයෝ ටයර් උඩ යැව්ව UNP පාලනේ කියල අපි නං දන්නවා. පැරා ඕන නං ඔය සරම ගලෝල අමුඩයක් ගහගෙන ගෙදර වහලට නැගල උද්ඝෝෂණය කරන්න. වයිෆ් උස්සගෙන යන්නේ නැතෑ අංගොඩ.

    ReplyDelete
  7. අපි දැන් කරදර වෙන්න ඕනේ නැහැනේ මහින්ද දැන් පැරදුනා , එයා කීව විදිහට හෙට අනිද්දා , විජාතික බලවේග ඇවිත් එයාව අරන් ගිහින් විදුලි පුටුවේ තියාවි , අපේ බොහාමයක් මීහරක් චන්දෙ දුන්නෙත් එයාව විදුලි පුටුවෙන් බේරා ගන්න , එය විදුලි පුටුවට ගෙනිච්චේ නැතිනම් අපේ මී හරක්ට එතොකටවත් තේරේවි මහින්ද කියන්නේ බලය වෙනුවෙන් අම්මා වුනත් විකුණන එකෙක් කියලා , විදුලි පුටුවට බයේ හිටපු එකා දැන් ජනෙල උඩ නැගලා ජාතිය ( එයාගේ ජාතිය ) අමතනවා .

    ReplyDelete
  8. පැරාගේ අදහස ලඝුකොට නොසලකන්න. මහින්ද රාජපක්ෂ වැනි අන්ත බලලෝභීන් ලෙහෙසියෙන් බලය අත්හැර යන්නේ නැත. මහින්ද රාජපක්ෂ විසින් දැනටමත් දකුණේ සිංහලයන් දෙකටබෙදා ඇත.එහි ඡන්ද ප්‍රතිඵලයයි ඔහු ලබාගත්තේ. දකුණේ ජාතිවාදී සිංහලයන්ගේ ජාතිවාදය උපයෝගී කොටගෙන ඔහු නැවතත් බලයට ඒමට උත්සාහ කරයි.මාකෝස් පන්නයේ අන්ත දූෂිත පාලකයෙක් රටින් පලානොගොස් මෙහි ‍රැඳි සිටින්නේ රනිල්ගේ ආරක්ෂාවේ ගැරන්ටිය මතයි.එය මොවුන්ගේ හැසිරීම අනුව මනාව පැහැදිලි වෙයී.මෙය යන්තමින් හෝ සමනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය චන්ද්‍රිකා විසින් ලබාගත යුතුයි.
    දකුණේ සිංහලයන් මරාවාදී සහ මරාවාදී නොවන ගෝත්‍ර දෙකකට බෙදී, අප්‍රිකාවේ, රුවන්ඩාවේ හු‍ටු සහ ‍ටුට්සි ගෝත්‍රික අරගලය මෙන් එකිනෙකා ඝාතනය කරනොගත්තොත් තමයි පුදුමය.

    ReplyDelete
  9. මෙතන පැරා කියන දේට මෙච්චර විරුද්ද ඇයි කියල හිතාගන්න බෑ.
    මහසොහොන් කියන්න වගේ පැරදිලා බුලත් කකා ඉන්නව නං අවුලක් නෑ. වැරැද තියෙන්නෙ බුලත් කන්නෙ නැතිව ජාතිවාදය පැතිරවීම.

    මේව කටකතා නෙවේ ඊයෙ ලයිව් ඇහිච්ච-දැකපුව.

    ReplyDelete
    Replies
    1. තියෙන ජාතිවාදය ගැන කතා කලාම මොකද වෙන්නේ මචං. කතා නොකළ කියල ජාතිවාදය අහෝසි වෙලා යන්නේ නැහැ නේ. ඒක නමෙයි මහින්ද ගැන හොයා හොයා ඉන්නේ .. උඹල පත්කරගත්ත මයිත්‍රී රාජ වියරුවෙන් පත්තිරිප්පුවේ ඉඳං ජාතිය අමතන්න යනවා බලන්න යන්නේ නැද්ද ?

      මහින්දයට රජා කිව්වේ මිනිස්සු කැමැත්තෙන්. හදවතෙන්. ඒ මිනිහ පත්තිරිප්පු නැගගෙන ගොං රජ පාට් ඇට් කරන්න ගියේ නැහැ උඹලගේ අලුත් ලොක්ක වගේ. රාජ වියරුවෙන් උන අරං රට විනාශ කරන්න පටං ගන්න කලින් මොනවා හරි කරහන් මහින්දගේ යන එන ගමං හොයා හොයා දඟලන්නේ නැතුව. තව ටික දවසකින් ප්‍රේමය වගේ සින්හාසනෙකුත් හදා ගනී. එතකොටත් මහින්දයට බැනපන් වෙන මොකක් හරි කොරහේ කිඹුලෙක් අල්ලාගෙන. :)

      Delete
    2. තමන් රජෙක් නොවන බව මෛත්‍රිපාල දැනටමත් කියා ඇත. ජනතාව ඇමතුවේ පත්තිරිප්පුව උඩ නැග නොවේ. (දැන් වෙලාව හවස පහයි).

      පොඩ්ඩක් අපි පක්ෂග්‍රාහී නොවී කල්පනාවෙන් ඉක්මන් නොවී වැඩ කරමු.
      මෛත්‍රිපාලගෙවත් මහින්දගෙවත් නෙවෙයි මේ රට අපේ.

      Delete
    3. Ma.so.pi
      පත්තිරිප්පු යෑම, නැකතට දිවිරීම වගෙ දේවල් ගොන් පාට් තමයි. සෝමෙව ගේන්න හදපු එකත් වැරදියි. මෛත්‍රිට ඡන්දෙ දුන්න කියල ඒව හරි කියල අපි කියන්නෙ නෑ.
      උඹල රජාට කඩේ ගියාට අපි මෛත්‍රීට කඩේ යන්නෙ නෑ.

      දැන් මෛත්‍රීට ඡන්දෙ දීපු ඔක්කොම කොටි කරනවටයි අපේ විරෝදෙ.

      Delete
  10. ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරීව සිටියොත් මේ ගේම් ගහන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++

      Delete
    2. ම්....ම්..... ජනතා විමුක්ති පෙරමුණ අහල පුරුදු නමක්.......!!

      Delete
  11. රනිල්ට ගිවිසුම් ගහන්න දෙන්න සිරිසේන කියන්නේ ගොනෙක්ද?

    අන්න රජ පිස්සුව හැදිලා පත්තිරිප්පුවේ ඉඳන් ජාතිය අමතන්න යනවා..

    ReplyDelete
    Replies
    1. රජ පිස්සුව නෙමේ , අපේ රටේ වැඩියෙන් සිටින මීහරක්ට මිනිහෙක් නිහතමානි වුනාම හිතන්නේ ,නිවටයෙක් කියලා , උන්ට ඕනේ රජෙක් , මුන් පුරුදු වෙලා තියෙන ගතිය තම අතහරින්න කැමති නැහැ , මොන දෙයවත් කරන්න බැහ මේ මීහරක් නිසා , මුන්ට විදුලි පුටුව , ජාතියන්තර අදිකරණ පෙන්නලා අනුකම්පාව අරගෙන චන්දෙ ගත්තා , දැන් මුන්ට මේවා මතක නැහැ ලජ්ජා නැති කමේ මහත කියන්නේ 2පය 4 ක් යන්න මත්තෙන් නැවත බලයට එන්න වලිකනවා , විදුලි පුටුව දැන් මතක නැහැ දැන් සිංහාසනයට සිහින දකිනවා .

      Delete
    2. කෝ පත්තිරිප්පුවේ ඉදන් ඇමතුවද? මාතලන් කිච උනාද මන්ද :D

      Delete
    3. මේහ් මානොතලන් අය්යේ, කොහෙද ගොනෝ මයිත්‍රී ලොක්කා පත්තිරිප්පුවේ ඉඳන් ජාතිය ඇමතුවේ? ඔහේට හීනයක් පෙනුනද? අවශ්‍ය දේ කථා කරපන්. මැටි තලන් නොවී. මයිත්‍රී පොරොන්දු වුනු වැඩේ වැරැද්දුවොත් අන්න ඒවට කතා කරපන්. මේ අපි වගේ. අපිට මොකෙක්ටවත් කඩේ යන්න ඕන නෑ, හැබැයි වැරැද්ද වැරැද්දමයි. එච්චරයි.

      Delete
    4. චම්පික ‍පොරතුමාගේ අංක සෙල්ලම්
      අංක සෙල්ලම් පෙන්නලා ඇත්ත තත්වය වහන්න හදන්න එපා
      රටේම චන්දවල මහින්දට ලක්ෂ 57.7,
      මෛත්‍රීට ලක්ෂ 62.1,
      වෙනස, ලක්ෂ 62.1 –
      ලක්ෂ 57.7 =
      ලක්ෂ 4.4
      අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක්, වෙනස,
      ලක්ෂ 12.5- ලක්ෂ 4.7 = ලක්ෂ 7.8
      අනෙක් දිස්ත්‍රික්ක 16 ම ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 103 න් ,
      මහින්දට ලක්ෂ 52.9,
      මෛත්‍රීට ලක්ෂ 49.6,
      වෙනස, ලක්ෂ 52.9 – ලක්ෂ 49.6 = ලක්ෂ 3.3
      දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ, සිංහල චන්ද වලින් තමි මෛත්‍රී දිනුවේ කියල? චම්පික ඇමති තුමාගේ අංක සෙල්ලං කතාවට අහුවෙලා ඇත්ත තත්ත්වේ වහන්න හදන්න එපා…
      මෙන්න මේකයි ඇත්ත තන්වේ…
      මෛත්‍රීට සිංහලයන්ගේ චන්ද 80-85% වෙන්නේ සිංහලයෝ රටෙන් 70% විතර ඉන්න නිසා… ඉතින් 70%ක් ඉන්න සිංහලයන්ගේ චන්දේ දෙකට බෙදුනම මෛත්‍රී ගත්ත මුළු චන්ද ගානෙන් ලොකු ප්‍රතිශතයක් වෙනවා කියල 9-10 වසරේ ඉන්න ළමයෙකුටත් තේරෙන දෙයක්නේ
      සිංහලයන්ගේ චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 50-55% / 45-50% අනුපාතෙට… එක බොහොම පැහැදිලිව පෙන දෙයක් එක එක ආසනේ චන්ද ප්‍රතිපල දිහා බලපුවම.
      සුළු ජාතික චන්ද වැඩි ප්‍රදේශ වල චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 25% / 70-75% අනුපාතෙට.. එතකොට සුළුජාතික චන්ද වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙන්නේ මෛත්‍රීට… විශ්වාස නැත්තම් ප්‍රතිපල ආයෙත් බලන්න
      (http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015)…
      අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක් ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 17.5 න්
      මහින්දට ලක්ෂ 4.7 (27%),
      මෛත්‍රීට ලක්ෂ 12.5 (71%)
      චන්ද වෙනස (12.5-4.7 = ලක්ෂ 7.8),
      අනෙක් දිස්ත්‍රික්ක වලත් සුළුජාතික චන්ද ගැන ආසන මට්ටමේ ප්‍රතිපල බලපුවම පේනවා…
      රටේ මිනිස්සු බුද්ධිමත් තීරණයක් අරගත්තා කියල උඩ පනින්නේ නැතුව ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල තේරුම් ගන්න…
      දල වශයෙන්, සිංහල චන්ද වලින් මෛත්‍රී ලක්ෂ 3.3කින් පරාදයි,
      සුළු ජාතික චන්ද වලින් ආපු වැඩි චන්ද ලක්ෂ ලක්ෂ 7.8 න් තමයි මෛත්‍රී මහින්දට වඩා ලක්ෂ 4.4ක් චන්ද ගත්තේ..
      දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ කියල?

      Maruva

      Delete
    5. Who cares about minority or majority votes , by hook or crook My3 won the election, the other thing is Tamils & Muslims are citizens of this country. let your leaders know about your statistics, now wait and see what My3 doing next

      Delete
  12. ❤ මහාචාර්ය සුමනා ගෝමස් ❤January 11, 2015 at 1:21 PM

    ❤අැඟේ වෛරෙන්❤ ලිබරල් පොලිටික්ස් කරන්නේ නෑ, පැරා.
    ❤අනෙකා සමඟ ඇති සම්මුතීන් හා ගිවිසුම් බලගැන්වීම ලිබරල් දේශපාලනික මුලීක පදනමයි.
    ❤අගමැති රනිල්, ලිබරල් ධනවාදි ක්‍රමයේ ලංකාවේ පෙරගමන්කරුය.
    ❤අරගලය දේශපාලනය, සම්මුතීන් හා ගිවිසුම් සමග 100% අනුබද්ධ නොවේ.
    ❤රනිල් යනු ලෙනින් නොවේ.!
    ❤ඔහු රනිල් ය.
    ❤ටපලා ගෙන නාහෙන් අඩන්න එපා අයියෝ...බා..යී.❤❤❤❤❤❤❤❤❤

    ReplyDelete
    Replies
    1. පන්තිය පැරා.......!, පන්තිය......!!, රනිල්ට හැමදාම මතක තියන, පැරට රාවයේ ලිපියක් ගියගමන් අමතක වෙන පන්තිය. අපි අපහු සමාජවාදී තෙල් බෙහෙත් විකිනිම පටන්ගමුද

      Delete
  13. තව සතියක් දෙකක් බලමුකෝ........

    ReplyDelete
  14. සනි ලියෝන්January 11, 2015 at 1:46 PM

    ශ්‍රි ලංකාවේ සිදුවුයේ බල පෙරලියක් මිස ක්‍රම පෙරලියක් නොවේ. (රෙජීම් චෙන්ජ් එකක්)

    ReplyDelete
  15. මෙය මාසෙකට පෙර මා බුකියේ දැමූ කොමෙන්ටුවකි. එය අදත් දමන්නට සිදු වීම අවාසනාවකි

    ඉතිහාසය උගන්නලා තියෙන පාඩම තමයි දේශපාලකයො මොන පිලේ හිටියත් කාගෙවත් ෆයිල් අදින්නේ නෑ කියන එක. රාජපක්ෂලාගේ ෆයිල් ඇද්දොත් චන්ද්‍රිකාලගේ ෆයිලුත් අදින්න වෙනවා. මේක ඩීල් උඩ දුවන දේශපාලනයක්. අදාල ඩීල් එක දාගන්න්නට බැරි තරම් මෝඩ (හෝ අවංක ) වෙච්ච සිරිමයි සරත් ෆොන්සේකයි විතරයි ඉතිහසෙටම ඇනගෙන තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ කතාව හරියටම හරි, මම ඔය ගැන හිතුව නමුත් ඔච්චර ලස්සනට ලියන්න හැකියාවක් නෑ

      Delete
  16. මේ ලිපිය අනතුරු සඥාවක්.ඉදිරියෙදි ජාතිකත්වය ගැන කතා කරන සියළුම දෙනා ජාතිවාදී ලේබලය දාල මර්ධනය කරන්න ඉඩ තියනවා.සිංහල කියන වචනයවත් කියන්න මිනිස්සු බයකරන්න රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන කණ්ඩායම් ක්‍රියා කරාවි.මෙය සියළු සැබෑ මානව හිතවාදීන් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිලිගන්නා අය අවධානය යොමු කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඊලාම් ව්යාපෘතියෙ ප්‍රධාන අවිය තමයි ඕක. සින්හලයා රට ගැන කතා කරත් ජාතිවාදියා. ගෙදර ගියපු ආණ්ඩුවට යුද්දෙ කරන්න පුලුවන් උනෙ වෙන මුකුත් නිසා නෙවෙ ඔන්න ඔය NGO මතවාදය පරාජය කරපු නිසයි. දැන් ඔය මතවාදය නැවත් ඔලුව උස්සන්නෙ මොකටද කියලා යහපාලනයෙන් අන්ධ නොවූ, ඉතිහාසය දන්නා අපිටනම් පැහැදිලියි.

      Delete
  17. දැන් බලාපල්ලා රජා මොකක්ද කරන්න යන්නේ කියලා. SLFP එකේ සබාපති කම ගන්න ගේමක් දෙනවා. මේ අර අපි හිතන මැදමුලනට ගිහින් බුලත් හපයක් හහගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න පුලුවන් ජාතියෙපුතයෙක් නෙවෙයි. රනිල් මේ පාරත් උදේ පාන්දරම කෝපි බිව්වා.

    ReplyDelete
  18. There can't be any hidden agreement between MR and Ranil. MR is now the Ex-President and Ranil supported him for a peaceful transition. One should know that without Ranil there was absolutely no chance for Maithri to become the President.Right now we are watching the "member drain" of SLFP which is a part of strategy. We can't expect perfection in a situation like this. But things are going well. Maithri,Ranil, Rajitha & Champika knows the game and play by rules.Eventually, MR will loose the power of SLFP.

    ReplyDelete
  19. බලමුකෝ.............. අපිත් ඉන්නේ මේ රටේනේ.... අපිට අැමරිකාවේ ගෙවල් නෑනේ...... ඉතින් කොහේ යන්නද???

    ReplyDelete
  20. Be nice to people on your way up because you will meet them on your way down
    Wilson Mizner

    ReplyDelete
  21. පැරා කරුණාකරලා 'බ්ලොග් මෝඩයෙක්'වෙන්න එපා.පැරා කියන එක හරි නං අර පොලිස් කාරයෝ ආයුධ හොයන්න ගිහිං පාතල පොරවල් කියා ගඟේ පනින ගානට මහින්දයාවත් පත් කරන්න ඕනේ.ලංකාවේ මිනිස්සු අළුත් ආණ්ඩුවක් පත් කරගත්තේ දුෂිතයින්ට,අපරාධකාරයින්ට නීතිය මගින් දඬුවම් කරන්න මිස වෙන වැඩකට නෙවෙයි.

    ReplyDelete
  22. ජන අරගලය? හැක් හැක් මෙ ඊනියා විප්ලවවාදී ධනවාදී කිහිලි කරුවො දන්නෙ නෑ වගෙ රනිල් සහ ඔහුව බලයට ගෙන ඒම පිටිපස්සෙ හැමදාම හිටියෙ ඇමරිකාව කියලා. චන්ද්‍රිකා පිටිපස්සෙ ඉන්නෙ එන්ගලන්තෙ කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ බන් මේ අය මේක ඉහටත් උඩින් දන්නවා, සමාජ වාදය ගැන කෙප්ප කෙල කෙල ඉදල අවස්ථව ආවහම තමුන්ම පට්ට ගහපු පාලකයෝ තුරුල්ලට මිනිස්සුන්ව දක්කනවා ( එහෙම කියල හිතන් ඉන්නවා). මේ අය 94, 2005, 2010, හා 2015 දී කලේ ඕක. ඉදිරියට කරන්නෙත් ඕක. දැන් තව සති දෙකකින් පුළුවන් ආපහු සමාජවාදී කෙප්ප කෙලින එක පටන් ගන්න.

      Delete
    2. ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානීන්ට සිදු වූ දේ ගැන ආරංචියක් නැත. ජනතාවගේ මුදල් කොල්ල කෑ ඒකාධිපතියන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් යැයි පවසා දූෂණ සහ අක්‍රමිකතා යට ගසන්නට හදනවා නම් එහි තිබෙන යහ පාලනය කුමක් ද? ඊට අමතරව අපට ඇති ගැටළු නම්

      මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ පනස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?

      ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?

      ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?

      අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?

      ඉහත ප්‍රශ්ණ වලට පිළිගුරු පසෙක තිබියදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට හොර තක්කඩි සෝමරත්න දිසානායක පත් කිරීම සහ යහ පාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? අඩුම තරමේ මෙම තනතුරු යහ පාලනයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි ගාමිනී වියන්ගොඩට, ධර්මසිරි බණ්ඩාරනායකට හෝ ලූෂන් බුලත්සිංහලට ලබා නොදීමේ හේතුව කුමක්ද? ජාතික ගැටලුව ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටි එවන් පුද්ගලයෙකුට මේ තනතුර ලබා දී සිංහල බෞද්ධ අවිඥාණක ආත්මය කැළැල් කර ගන්න මේ අය අකමැතිවූවාද? එසේ නම් නරුමවාදී සිංහල බෞද්ධයන්ට ගැලපෙන හොර තක්කඩියා සෝමේ මිස වෙන කිසිවෙක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ රංජන් රාමනායකය. එය යහ පාලනය ගැන අපූර්ව සංඥාවක් බව නම් අපට පැහැදිලිය. චන්ද්‍රිකා බලයට පත් වූ විගස ඇය අසල සිටියේ සනත් ගුණතිලකය. මේවා ගැන යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

      3mana

      Delete
    3. \\අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?//
      සූප්පුවක් කටේ ගසාගෙන බුදියාගත්තානං මොකද...????
      කාටවත් සහතික දී වැඩ කළ හැකි නෙලුම් මලෙන් උපදින දේශපාලනයක් හදිස්සියේ 3මාන ට අවශ්‍ය ව තිබෙන්නේ මන්ද?

      Delete
  23. ------ලංකාවේ ජොලි සහ වලි සටහන-------

    .............2005-2014..................2015
    PA..........පුල් ජොලි..................පුල් වලි
    UNP..........පුල් වලි....................ජොලි
    JVP............වලි..........................?
    JHU............වලි.......................ජොලි
    TNA..........ජොලි.......................වලි
    අපි...........මඤ්ඤං...................අන්දොස්

    ReplyDelete
  24. http://sinhalanews.readsrilanka.com/2015/01/11/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%AD%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1/

    ReplyDelete
  25. බැසිල් රාජපක්ෂ තම රාජධානිය වු ඇමරිකාවට ගියේ ඇයි..?

    රාජපක්ෂ පවුල් පාලනයේ ප්‍රබල භූමිකාවක් සිදුකළ බැසිල් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග තම සුපුරුදු නිවහන වූ ඇමරිකාව බලා අද (11දා)උදෑසන දිවයිනෙන් පිටත්වූහ. ඔවුහු අලුයම 2.55ට ඊ.කේ. 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්වූ අතර ඩුබායි සිට ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බලා පිටත්වීමට නියමිතය. මේ වන විට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කල්ලි කණ්ඩායම් රට අස්ථාවර කිරීමේ සැලැස්මක සිටින බව අප මීට පෙර අනාවරණය කළ අතර ඉදිරියේදී ඊට අවශ්‍ය ජාත්‍යන්තර ජාලය ගොඩනැඟීමටත්, මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය සඳහාත් අවශ්‍ය වගකීම් පවරා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා වෙත බව අප වෙත ලැබෙන ඉතා විශ්වාසනීය ආරංචිමාර්ගවල සඳහන්වේ.
    රාජපක්ෂ පාලනය සිදුකළ මුල්‍යමය වංචාවන්වලදී ඉහළින්ම කියැවෙන කුප්‍රකට නාමයක් ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂ නාමය බව සඳහන්ය. බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශය සහ මහාමාර්ග හා වරයා අමාත්‍යාංශය හැරුණු විට අනිකුත් සියලුම අමාත්‍යාංශවලට සෘජු මැදිහත්වීම් කළේය. එමෙන්ම අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර තිබීමද විශේෂත්වයකි.
    සමෘද්ධි සංවර්ධ වැඩසටහන, දිවිනැගුම ව්‍යාපෘතිය ආදේශකර රුපියල් කෝටි දහස් ගණනක විවිධ වැඩසටහන්වලට යොදවනු ලැබීය. අවසානයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්ද පිහිටුවීය.
    එයට සමෘද්ධි අරමුදල්, උඩරට ගැමි පුණරුත්තාපන අරමුදල් සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ අරමුදල් යන සියල්ල ලබාගත් අතර ගැමිදිරිය වැඩසටහනේ මහජන අරමුදල් රුපියල් කෝටි දහසකට අධික ප්‍රමාණයක්ද ලබාගැනීමට උත්සාහ දැරීය.
    මෙවැනි විශාල මුදල් සම්භාරයක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට යටතට ගනිමින් විවිධ දේශපාලන ව්‍යාපෘති සඳහා යෙදවීය. අවසානයේ ජනාධිපතිවරණය වෙනුවෙන් නීතිවිරෝධී ආකාරයෙන් මෙම මුදල් යොදවා ඇති බව හෙළිවෙමින් තිබේ.
    ආශ්‍රිත පුවත්: රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි
    පැරදුනු මහින්ද සමඟ සැනසෙන්න ජාතිවාදය අවුස්සන සැලැස්මක් (Video)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා