ජනාධිපතිවරණයේ ජාතිවාදී මඩ ගොහොරු‍වෙන් පියුමක් සේ පිපෙන්නට

මෙවර ජනාධිපතිවරණය ඇත්තෙන් ම බුද්ධිමය සංවාදයකට වඩා ආණ්ඩුවේ මඩ, අවලාද, කුමන්ත්‍රණ හා ඒවාට විපක්ෂය කරන පිළිතුරු බැඳීම්වලට සීමා විය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තමන් තවත් වරක් බලය ඉල්ලන්නේ කුමක් වෙනුවෙන් ද යන කරුණ සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමේ වගකීමක් නො තිබිණි. ඔහු කීවේ ආප්ප කාලා ගිය එක වැරදියි, පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්නා, ගුණමකුයි, මට කළ ගුණ සලකන්න වැනි කරුණු හා තමන් බලවත් බව පෙන්වන වහසි බස් ය. මේ වහසි බස් ජනතාව වෙත මුදාහැරුණේ රජයේ දේපල භාවිතා කරමින් ය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ දැවැන්ත ජාතිවාදයක් මුදා හැරිණි. හුදෙක් ම සිංහල බෞද්ධ ඡන්ද පමණක් ඉලක්ක කරගෙන සිදු කළ මෙම ප්‍රචාරණයෙහි ප්‍රතිඵලයක් ලෙස සුළු ජාතීන් හා ආගමිකයන් තව තවත් ඔහු කෙරෙන් ඈත් වූ හ. සිංහල සමාජය බෙදී තිබෙන වටපිටාවක් තුළ, තනිකර සිංහල ඡන්දවලින් පමණක් දිනන්නට ඔහු දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵල 9දා දැන ගන්නට හැකි ය.

රටට ම ජනාධිපති වන්නට බලාපොරොත්තු වන්නකු විසින් කරනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි තරම් ජාතිවාදයක් මුදා හළ මෙම ප්‍රචාරණ‍ය විපක්ෂය කම්පනයට පත් කළ බව ඇත්තකි.

නිදසුනක් ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන් යන වදන භාවිතා කිරීම දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරය බලන්න. එහිදී භාවිතා කළ පහත් ජාතිවාදයට මුහුණ දීම විපක්ෂයට පහසු වූයේ නැත.
අප පහත පිළිතුරු දීමට උත්සාහ කරන්නේ වඩා ශිෂ්ට ‍පොදු ප්‍රශ්න කීපයකටයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පළාත් සභා ශක්තිමත් වෙනවා ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සියලු මහජන ආයතන ශක්තිමත් වෙන බව ඇත්තයි. පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන පමණක් නොවෙයි ගමේ මරණාධාර සමිතිය දක්වා සියලු මහජන සංවිධාන ශක්තිමත් වෙනවා. එය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මහජන ආයතන ශක්තිමත් වීමේ තිබෙන ගැටලුව මොකක් ද? මේ මහජන ආයතන තිබෙන්නේ ඒවා නියෝජනය කරන ජනයාගේ සුබසිද්ධිය වෙනුවෙන්. එතකොට පළාත් සභා ශක්තිමත් වෙනවා කියන්නේ තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වැඩි හැකියාවක් පළාත් සභාවලට ලැබෙන එකයි. දැන් දකුණේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න දකුණු පළාත් සභාව ශක්තිමත් වෙන එක ගැන සිංහල මිනිසුන්ට ගැටලුවක් නැහැනේ. සිංහලයන්ට ගැටලුව තිබෙන්නේ උතුරු පළාත් සභාව ශක්තිමත් වුණොත්, බෙදුම්වාදී ප්‍රවණතා ඇති‍ වෙයි කියලානේ.

මේ සැකය අසාධාරණයි කියලා අපි කියන්නේ නැහැ. එහෙත්, මේ රටේ සහෝදර ජනතාවන් එක්ක එකට පවතින්න නම් අපි සැක සංකා දුරු කරගෙන ජාතීන් අතර, ආගම් අතර විශ්වාසය ගොඩනගා ගත යුතුයි. පවුලක වුණත් සාමාජිකයන් එකිනෙකා විශ්වාස නො කරනවා නම් සමගියක් පවතින්නේ නැහැ නේ ද? බිරිඳ කොයි වෙලාවක හෝ තමා දමා යනු ඇතැයි සැකයෙන් ජීවත් වෙන පිරිමියකුටවිවාහය සාර්ථක කර ගන්න බැහැ. පවුලක බැඳීම ඇති කර ගත හැක්කේ ශක්තිවන්තයා වන පිරිමියා සෙසු අය බිය ගන්වා තමන්ට යටත් කර තබා ගැනීමෙන් නොවෙයි. පවුලේ පියා කළ යුත්තේ තමන් ගැන ආදරය, ගෞරවය ඇති කර ගැනීමයි. රටක වුණත් එහෙම තමයි. මහ ජාතිය කළ යුත්තේ සෙසු ජාතීන්ගේ ආදරය ගෞරවය දිනා ගැනීමයි. අනුන්ට ආදරය, ගෞරවය නො දක්වන කෙනෙකුට ඒවා ආපසු ලැබෙන්නේ නැහැ.

පළාත් සභා ශක්තිමත් වුණොත්, බෙදුම්වාදී ප්‍රවණතා ඇති වෙන්නට පුළුවන් ය කියන කාරණය මම නම් ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් කියන්නේ බලය බෙදා ගැනීමෙන් ශක්තිමත් වූ රටක්. ශ්‍රී ලංකාවේ ‍තිබුණු දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යාපාරය නිසා සිංහලයන් තුළ සැකයක් ඇති වන්නට පුළුවන්. ඒ සැකය දුරලීමේ වගකීම මධ්‍යස්ථ දෙමළ ජාතික නායකයන්ටත් පැවරෙනවා. එය නැති කරන්නට හැකි වන්නේ ශක්තිමත් පළාත් සභාවක් ලෙස උතුරු නැගෙනහිර පළාත් සභාව දකුණේ ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් ක්‍රියා කිරීමෙනුයි. 

සිංහලයන්ගේ සැකයට අපි අවස්ථාවක් දෙමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ විට ආණ්ඩුකාරවරයා හරහා ජනාධිපතිවරයාට පළාත් සභාවලට කළ හැකි මැදිහත්වීම දිගට ම තබා ගන්නට අවශ්‍ය නම්, විධායක ජනාධිපති ධුරය අහෝසි කර පත් කරන නාමික ජනාධිපතිවරයා වෙත එම බලතල පවරන්නට පුළුවන්. මේවා විසඳා ගත නො හැකි ගැටලු නොවෙයි.

පළාත් සභාවලින් රට බෙදන්න පුළුවන් නම්, උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිව සිටි වර්ධරාජා පෙරුමාල් 1990දී ඊලම ප්‍රකාශ කළ වෙලාවේ ර‍ට දෙකට කැඩෙන්න ඉඩ තිබුණා. එහෙම ඊලම ප්‍රකාශ කළ පළියට රට බෙදෙන්නේ නැහැ. මතක තියා ගන්න ඒ කාලේ උතුරු නැගෙනහිර පළාත් සභාවට වෙනම පොලිසියකුත් තිබුණා. විස්තර ඕනැ නම් දැන් ආණ්ඩුවත් එක්ක ඉන්න දයාන් ජයතිලකගෙන් අහන්න පුළුවන්. ඔහු ඊලම ප්‍රකාශයට පත් කළ ඒ පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක්.

මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ වෙන් වීමේ ආකල්ප 2009දී කොටි සංවිධානයේ විනාශයත් සමග බොහෝ දුරට යටපත් වුණා. ඒවා නැවත පණ ගන්වන්නට කොටි සංවිධානය හා ඔවුන්ට සහාය දෙන දෙමළ ඩයස්පෝරාව උත්සාහ කරනවා. දැන් කොටි සංවිධානයේ ඉතිරි වූ කොටස් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නායකත්වය දෙන කණ්ඩායම, ටැමිල්නෙට් හා වෙනත් කොටි හිතවාදීන් දෙමළ ජනතාවට කියන්නේ ඡන්දය දෙන්න එපා කියායි. එය නම් අපූරු තත්වයක්. 2005 ජනාධිපතිවරණයේදීත් ඔවුන් අනුගමනය කළේ මෙම උපායමාර්ගයමයි. මහින්ද රාජපක්ෂ බලයට පත් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් බෙදුම්වාදය ශක්තිමත් වෙනවා නම්, බෙදුම්වාදී කොටි දැනට ඉන්න විධායක ජනාධිපති දිනවා විධායක ජනාධිපති ක්‍රමය රැක ගන්නට උත්සාහ කරන්නේ ඇයි?

බෙදුම්වාදී ප්‍රවණතා දුරලිය හැක්කේ පළාත් සභා ශක්තිමත් කිරීමෙනුයි.

නැගෙනහිර පළාතේ කල්මුණේට මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් දෙයි ද?

එහෙම එකක් ඉල්ලලා නැති බව හකීම් කියනවා. එහෙම දෙයකට එකඟ වී නැති බව පොදු විපක්ෂය කියනවා.

දුන්නා යි කියමුකෝ. ඒක ඔබ දැනට සිටින දිස්ත්‍රික්කය වගේ තවත් එකක්. එහි දිස්ත්‍රික් ලේකම්වරයෙක් හා ඔහු යටතේ ප්‍රාදේශීය ලේකම්වරු ඉඳියි. දිස්ත්‍රික් පදනම අදාළ වන ඡන්දයකදී එයින් මුස්ලිම් නියෝජිතයන් පත් වෙයි. වැඩිම වුණොත් මුස්ලිම් නියෝජනය තව එක්කෙනෙකුගෙන් දෙන්නෙකුගෙන් වැඩි වෙයි. ඒ හා සමාන්තරව සිංහල ජනයා බහුතරය වන දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සිංහල නියෝජනය වැඩි වෙන්නත් ඉඩ තිබෙනවා.

ඇති කරන වෙනස තුළ අපි උත්සාහ කරන්න ඕනැ සැබැවින් ම ලාංකීය ජාතියක් තුළට රටේ සියලු ජනතාවන් දිනා ගන්න. එහෙම පසුබිමක මේවා කොහෙත් ම ප්‍රශ්න නොවෙයි.

කොහොම හරි දිනයි ද?

මෙයත් ආණ්ඩුව විසින් පතුරුවා හරින තවත් එක් දුර්මතයක්. එහි අරමුණ ජනතාව බිය වැද්දීම හා දුර්මුඛ කිරීමයි. මහින්ද ඡන්ද දූෂණ කරනු ඇති ය හා හමුදා මැදිහත්වීම් ආදිය සිදු වනු ඇතැයි අදහසක් සමාජයේ පතුරුවා හරිමින් තිබෙනවා.

මූලිකව ම මෙවැනි දෙයක් කරන්න අවශ්‍ය තරමට රට අරාජික කර ගන්න අද අමාරුයි. හේතුව යුද්ධයක් නැතිකමයි. අනෙක් පැත්තෙන් මේ වන විට මෙම මැතිවරණය ලෝකයේ ම අවධානයට ලක් වෙලා. විශේෂයෙන් ම ඉන්දියාව එවැනි දේ ඉවසන එකක් නැහැ. ඒ වගේ ම, ආරක්ෂක හමුදා, පොලිසිය හා රජයේ සේවයත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර බෙදිලා. හැම තැන ම විපක්ෂයේ ආධාරකරුවෝ ඉන්නවා. ඡන්ද දූෂණ කරන්න කැමැත්ත ඇති. ඒත්, ලේසි නැහැ. අපි ඒවා වළක්වමු. මැතිවරණ රාජකාරි යන රජයේ සේවයේ නිලධාරීන් වගේ ම, පොදු ජනතාවත් මෙහිදී පරීක්ෂාවෙන් සිටිය යුතුයි. බිය විය යුතු නැහැ. අපි තනි වෙලා නැහැ.

අපේ රටේ දුර්වල ආණ්ඩුවක් බිහි වෙයි ද?

ආණ්ඩුව දුර්වල වන්නේ විධායක ජනාධිපති ය‍ටතේයි. එහිදී ශක්තිමත් වන්නේ එක් පුද්ගලයෙක්. දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු සිදු වන ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දීමත් එක්ක අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය, පාර්ලිමේන්තුව ආදිය ශක්තිමත් වෙනවා. එතකොට අපට ශක්තිමත් එක් පාලකයෙක් වෙනුවට ශක්තිමත් ආයතන පද්ධතියක් ලැබෙනවා. දශක තුනකට වැඩි කාලයකට පසුව අපි අලුත් දේශපාලන සංස්කෘතියකට පිවිසෙනවා. ගොඩ ඉඳලා බැහැ. අපි වැඩට බැහැලා ම බලමු.

ඔය කියන පොරොන්දු ඉටු කරයි ද?

පොදු විපක්ෂය නිශ්චිත දින සීයක වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා, දින වකවානු සහිතව. ඉන් අනතුරුව මහ මැතිවරණයක් එළඹෙනවා. ඒ කියන්නේ අපට ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නට තවත් අවස්ථාවක් නුදුරේදී ම එළඹෙනවා. පොරොන්දු ඉටු කරන්නට උදව් කරනවා වගේ ම, ඒවා ඉටු කළ යුතු බවට පීඩනයක් ආණ්ඩුව මත පවත්වාගෙන යන්නත් ජනතාව ලෙස අප කටයුතු කළ යුතුයි.

මෙය මහා විප්ලවයක් නොවෙයි. ධනපති ක්‍රමය තුළ ම යම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ටිකක් මෙහිදී සිදු වෙනවා. ඒවායින් ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙත්, ඒකාධිපතිවාදය විසින් රට ඇද දමනු ලබන අනතුරුදායක තත්වය වළක්වා ගැනීමට එය ඉවහල් වෙනවා. සමාජවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන් කවුරුත් කොන්දේසි විරහිතව ඒකාධිපතිවාදයට එරෙහි විය යුතුයි.

මේ මැතිවරණය තීරණාත්මක අවස්ථාවක් මෙහි තිබෙන්නේ එක ප්‍රශ්නයක් පමණයි. මේ ඒකාධිපති වියරුව අවසන් කරනවා ද, නැද්ද යන්න පමණයි. පළමුව ඒකාධිපතිවාදය පරදවමු. දෙවනුව වෙනස ක්‍රියාත්මක කරන්නට අපි ශක්තිමත් වෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. අම්මපා, මං ලියලත් කැපුවා.

      Delete
    2. ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින අපිJanuary 7, 2015 at 10:12 PM

      පැරාගේ සයිබර් ප්‍රොපගැන්ඩා එකට සුභ පැතුම්. වැඩේ ගොඩ.
      ඒක නෙවේ පැරා ඔයාගෙ ඇල්ටෝ එකේ 09 වෙනි දා අපි රවුමක් දාමුද? බුලත් හපයක් දාගෙන, ගොලිප් එකක් බීගෙන, ලෙමන් පෆ් කාගෙන ,වීරවංශත් පටවාගෙන සීගිරිය බලන්න යංද. දඹුලුත් ගිහිං එලෝලුත් අරං රයිස් එකක් දාගෙන පාශාන පාරක් දාලා වැවක නාලා හීං ආතල් එකකුත් ගමු. අනික රනිල් කියලත් තියෙනවා 'ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න' කියලා.

      Delete
    3. පැරාගෙ යාලුවෝ.January 8, 2015 at 1:41 AM

      forbes --
      http://www.forbes.com/sites/meghabahree/2015/01/06/in-sri-lanka-opposition-on-track-to-win-elections-in-the-midst-of-violence/

      channel4 --
      http://www.channel4.com/news/sri-lanka-presidential-election-rajapaksa-sirisena-tamil

      South China Morning Post --
      http://www.scmp.com/news/asia/article/1675872/sirisena-gaining-ground-race-against-rajapaksa-sri-lakan-presidency

      times of india --
      http://timesofindia.indiatimes.com/world/south-asia/Rajapaksa-faces-toughest-challenge-as-Lanka-goes-to-polls/articleshow/45790172.cms

      reuters--
      http://www.reuters.com/article/2015/01/07/us-sri-lanka-election-idUSKBN0KG1ZI20150107

      Delete
    4. පෙම් සිහිනේ සිත සැනසු.... සේයාවි.....
      ..ඔබ මාගේ සිත රැවටු.... මායාවි

      Delete
  2. මේක තමයි මගේ පළමු වැනි ජනාධිපතිවරන ජන්දය. මමත් කල්පනා කරලා තීරණයක්‌ ගත්තා මයිත්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න. මගේ මිතුරු මිතුරියන් බහුතරයත් එසේයි. මම වගේ අලුත් ජන්ද වලින් වැඩි ප්‍රමානයක්, අඩුම ගානේ 70% ක් වත් මයිත්‍රීපාල මහතාට ලැබෙයි කියලා හිතනවා. ඒ කියන්නේ මුල්ම වතාවට ජන්දය දමනා තරුණ ජන්ද ලක්ෂ 10 ක් තියෙනවා මේ පාර. ඒවායින් ජන්ද ලක්ෂ 7 ක් වැටුනොත් අඩුම ලක්ෂ 5 ක් වත් මයිත්‍රී මහතාට ලැබෙයි.

    හැබැයි මෙතුමන් කියලා තිබෙනා දේවල් දින 100 ක් ඇතුලත කලේ නැත්තම් ඊලගට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ කණ්ඩායමට ජන්දය දෙන්නේ නැත.

    ReplyDelete
  3. //මෙවර ජනාධිපතිවරණය ඇත්තෙන් ම බුද්ධිමය සංවාදයකට වඩා ආණ්ඩුවේ මඩ, අවලාද, කුමන්ත්‍රණ හා ඒවාට විපක්ෂය කරන පිළිතුරු බැඳීම්වලට සීමා විය. ///

    මෙන්න මේ කථාවට එකඟ වෙන්න අමාරුයි...

    මෙවර විපක්ශයේ ප්‍රධාන කථිකයා උනේ චම්පිකයි. ඔහු ආන්ඩුවට එරෙහිව ඉතා පැහැදිලිව දූෂණ් වංචා චෝදනා ඉදිරිපත් කලා..අධීවේගී මාර්ග සම්භන්ධව ඔහු එල්ල කල චෝදනා වලට පිලිතුරු දීමට , මෙතෙක් කලක් මිනිස්සුන්ගෙන් වහන් වෙලා හිටපු, රාහපක්ශගේ මුදල් තබන්නාට මාධ්‍ය ඉස්සරට එන්න උනා... ඊට අමතරව කුඩු, එත්නෝල් වැනි සාමාජීය ප්‍රශ්ණ මිනිස්සුන්ට ඉතා සාර්ථකව ඉදිරිපත් කලා....

    ආණ්ඩුව කලේ මේ චෝදනා වල්ලින් මිදෙන්න , අවධානය වෙනතකට හරවන්න දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත් කල එකයි..පැරත් ආන්ඩුවේ මඩ ව්‍යාපාරයේ තවට් එක වික්ටිම් එකක් ද කියලා හුතුනාඅ මේ වාක්‍යය දැක්කම?

    ReplyDelete
    Replies
    1. මක්කද මේ කුණුහර්පත් ලියාලා තියෙන්නේ

      Delete
  4. ඒ නෙළුම හෙට පිපෙන්නට පටන් ගෙන අනිද්දා 9 වැනිදා හිරු පායද්දී මුළු රටටම දීප්තිය දෙමින් පිපෙනු ඇත. ඒ මෛත්‍රී පාලන සමය උදාවන්නේ රටටම යහපත සලසමිනි.

    ReplyDelete
  5. පැරා දැන් මේ මෛත්‍රිට ඡන්ද හදනවාද, තියෙන ඡන්දත් කඩනවාද? (නිර්මාල් වගේ)

    ReplyDelete
    Replies
    1. maath hithanne mu maye chandeth kaeduwa wage :D

      Delete
  6. මෛත්‍රී ට සිංහල බෞද්ද චන්ද 7,600,000 කින් 3,100,000 පමණ ගත හැකි වේවිද ? එසේනම් මෛත්‍රී ජය ගන්නවා සිකුරුය මොකද එය එසේ වන්නේ මහින්දගේම සමීක්ෂණයකට අනුවය. එම සමීක්ෂණයට අනුව මෛත්‍රී දිනන්න සිංහල බෞද්ද චන්ද 3,100,000 පමණ ගැනීම සැහේ .

    ReplyDelete
    Replies
    1. he can get required 40% of sinhala buddhist votes easily. Even in 2010 elections, MR got only 63~65% from southern province, where 97% is sinhala buddhists.
      do you think he's going to get the same this time too. Zero chance.
      BTW who did this survey?

      Delete
    2. Survey details from Bolg writer Mr. Abeetha's (Tikak Hinaawenna Awith Yanna) blog , on 7th Jan.2015

      Delete
    3. abheetha kiyanne ara Meemure winasa karana bath gotta neda? unta machan ithin me anduwa peradunoth benefits nethi wenawane.

      Delete
    4. අර ණය අරන් ගෙව්වේ නැති එකා !!!

      Delete
  7. kawruhari wirudda adahasak comment kalama eka kunuharapayak keema langadee indan Prage mostharaya wela.

    ReplyDelete
  8. මීගමුවේ ධීවර උද්ඝෝශණ, රතු පස්වල උද්ඝෝශණ වලදී මහ ජනතාව මිය ගියේය. පාසැල් ගිය සිසුවෙක්ද ගෙදර ආවේ මිනී පෙට්ටියකිනි. නමුත් ඊට එහා අතීතය අපට මතකය. උද්ඝෝෂණයකදී පොලීසිය අවම බලය වෙනුවට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, උපරිම බලය පාවිච්චි කල අවස්ථා එමටය. තම ඉල්ලීම් දිනා ගැන්මට ගොස් සමූහ වශයෙන් ඝාතනය වූ කාලයක් තිබිණ. උතුර නැගෙනහිර පෙදෙස්වල ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ. ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ. ඒ අප තුල තිබෙන මතකයයි.. 2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය... අද එසේ නැත. එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.

    ඒ කාලයට "සාපේක්ෂව" මේ කාලයේ වෙනස මෙයයි. වෙනස ඇති වී ඇත. යහ පාලනයද ඇති වී ඇත. එබැවින් එය නන්නත්තාර කර ගන්නවාද? නැතිනම් එය තව දුරටත් පිළිවෙළක් කර ගන්නවාද? යන්න ඔබ විසින් තීරණය කල යුතුය. මැතිවරණ වේදිකාවේ තිබෙන ප්‍රධාන කරුණු කිහිපය මම කෙටියෙන් දැක්වීමි. මෙහි බේසික් එක නැත්නම් ප්‍රාථමික ස්වරූපය එලෙස යැයි අපි සැවොම දනිමු. නමුත් අපේ ඇසේ තිබෙන පාට කණ්ණාඩි නිසා අපි මේ කතා අපිට ඕන විදිහට වෙනස් කරගෙන සිටිමු.

    මෛත්‍රීපාල මැතිඳුන්ට පැමිණ යහපාලනයක් කියා ඇති කිරීමට දෙයක් නොමැත. ඔහුට ඇත්තේ "යහපාලනය" නමැති නිවසේ පදිංචි වීමය. ඕනනම් ඇටෑච් බාතෲම් සාදා, සිවිලිම් ගසා, වායු සමීකරණ සවි කිරීමට ඔහුට හැකිය. නමුත් දේශපාලන වශයෙන් දිගු කාලයක් අනාත වී සිටි ඇරියස් කාරයින් බොහෝ දෙනෙක් ඔහු වටේ සිටිති.. ඔවුන් මේ ඇරියස් කවර් කරන කල, ඔහුට "යහපාලන" නිවසේ වහලය, මෙන්ම දොර ජනෙල්ද ගලවා තෙමි තෙමි සිටින්නට සිදු වන්නේය.

    මා දකින යහපාලනය මෙයයි.. ෆැන්ටසිය අත හැර පොළවට පය තැබිය යුතුය... එවිට මේ සියල්ල තේරුම් යනු ඇත. එසේ වූ කල මෛත්‍රීට ඡන්දය දිය යුතුද යන ගැටළුව ඔබ ඔබෙන්ම අසාවි. රටේ අවිනිශ්චිත යහපාලනයක් ගැන සිතා මෛත්‍රීට ඡන්දය දී ඔබේ අයිතියේ වටිනාකම අඩු කරගන්නට ඔබ කැමතිදැයි මට ඔබෙන් අසන්නට සිත් වේ. බුද්ධියට මෙන්ම හදවතට ඉඩ දෙන්න... ඔබේ ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න.


    පැරාගේ හා රාජ්ගේ මැතිවරණ අනාවැකි බොරු කරන අභීතගේ අභීත මැතිවරණ අනාවැකිය.

    බලන්න http://tikakhinawenna.blogspot.com/2015/01/2015.html

    ReplyDelete
    Replies
    1. mekath kiyapanko mahinda peradunahama umbe oya anaa wekiya gena hithagena puke egilla gahala kate dagena balapan umbe mole rahaa kohomada kiyala ***umbalath mahinda wagema rata kanna apu upan gei kala kanni***

      Delete
    2. http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13528:2015-01-07-03-57-21&catid=36:2011-10-17-04

      Delete
    3. අනේ උඹේ ෆැන්ටසිය !!! හැම බ්ලොග් එකටම එකම වචන සෙට් එක අලව අලව...ඔයිට වඩා හොඳයි ලේන්සුවක් එලන් හිඟා කෑවනම්.

      Delete
  9. මෝඩ චුන්January 8, 2015 at 12:53 AM

    මහින්දගෙ පරාජයේදි දිවිනසාගන්නා බව කියන ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර සහ ජ්‍යොතිශාස්ත්‍රඥ මාපලගම විමලරත්න සත්‍යගරුකවේද ? නැතිනම් ඔවුන්ට එහෙම කියු බව අමතක වේද ? - තව දින 01 -

    මේ හුනියම් කාරයොත් එක්ක පච කට්ටඩි සෙට් එකම තොලෙංචි උනොත් මිනිසුන්ට සහනයක්.

    ReplyDelete
    Replies
    1. පැරා 09 වෙනිදට ඇල්ටෝ එකේ කට්ටඩී සුමනෙත් දාගෙන යන්ද . ෂුවර් ඈ..

      Delete
    2. 09 වෙනිදාට 40 ශ්‍රි ලොරි1/2න් කට්ටියම පොලොන්නරුවෙ යං ගරු ජනාධිපති මෛත්‍රිපාල මැතිතුමා බලන්න.

      Delete
  10. පැරාගේ ගොන් කතා, ගොන් තර්ක, හීන හෙට දවල් වෙනකොට ඉවරයි. මොකද දිනන්නේ මහින්ද නිසා. ඡන්ද දූෂණ සිදුනොවන බවට ජවිපෙ නායකයා මේ වන විටත් සදහන් කොට ඇති නිසා මහින්දගේ ජයග්‍රහණය ඡන්ද දූෂණයෙන් සිදුවූවා යැයි පවසන්නට ඉඩක් නැත. පැරා සහ ඔහුගේ අතවැසියන්ට වෙන්නේ පුක මූට්ටු කරගෙන ඉන්නටය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  11. මෙත්මල් පිබිදේවා...
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රීපාල සිරිසේන - 55% +

    ReplyDelete
    Replies
    1. mama hithanneth ehemai. me chandaya close ekak wei kiyala hemoma kiyanne MR peradenawa kiyana eka too good to be true kiyala hemoma hithana nisaa.

      Delete
    2. සිංදු මැකෝJanuary 8, 2015 at 2:36 PM

      මෛත්‍රීපාල සිරිසේන - 57% +
      ජය අපටයි ලංකාවේ ..අතන මෙතන කොතන ගියත් ලංකාවේ........
      ජය අපටයි... ජය අපටයි...ජය.... අපටයි......2015වේ.
      ජය.... අපටයි......2015වේ.

      Delete
  12. Oi paraaa mona pakak karanawada.. dan 1130 th unaaa thaama aluth post 1k nehe

    ReplyDelete
  13. සුලු ජාතිවාදී මඩ ගොහොරුවෙ ඉදන් පිපෙන්නට හදන පැරා. බලාගෙන සයනයිඩ් කරලක් කවයි.

    ReplyDelete
  14. ඇර සොයිසාJanuary 8, 2015 at 3:34 PM

    සැරද පැරකුම් මස්සිනෙ ..අප නිසයි ඔබ වෙහෙසුනේ
    අප නිසයි ඔබ.... වෙහෙසුනේ...
    දෙවිකෙනෙකි‍ ඔබ. මෑ...තකේ
    දෙවිකෙනෙකි‍ ඔබ. මෑ...තකේ
    දෙවිකෙනෙකි‍ ඔබ. මෑ...තකේ

    මෙන්න වැන්දා මස්සිනේ...//
    පරාන ආසා අතහැරලා - මහින්ද එක්කල පොරවැදිලා
    හොම්බෙන් ඇරියා - චුත කරලා
    පින්දෙමු මේකට දන ගහලා....//

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා