න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නො කළ ප්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. එහෙයින් මේ අති වාම කොටස් රාජපක්ෂ පැරදවීමේ අරගලයට සම්බන්ධ වූයේ නැත.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය තර්ක කීපයක් තිබිණි. ඒවා මෙසේ ය:


  • මෙය ධනපති පංතියේ අර්බුදයේ ප්‍රතිඵලයකි. එය සමහන් කරගැනීම සඳහා පීඩිත පංතිකයෝ උදව් කළ යුතු නැත.
  • එක් ධනපතියකුට එරෙහිව තවත් ධනපතියකු බලයට පත් කිරීමට උදව් කළ යුතු නැත.
  • මෙම අරගලයෙන් 'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය' දිනා ගත නො හැකි ය.
  • කළ යුතුව තිබෙන්නේ මෙය නොව සමාජවාදී විප්ලවය සඳහා අරගල කිරීමයි.

මේ අතර දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසියක් ලෙස සලකන අති වාම කොටස් හා කොටි සංවිධානය උත්සාහ කළේ දෙමළ ජනතාව ලවා ඡන්දය වර්ජනය කරවන්නටයි.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලා තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කළ හ. ‍ජවිපෙන් හා පෙරටුගාමී පක්ෂයෙන් කැඩී ගිය සමහර කුඩා අති වාම කණ්ඩායම් කිසිවක් නො කර වෙන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරන ස්ථාවරයක් ප්‍රකාශ කළ හ.

මෙම තත්වය ජනතා විමුක්ති පෙරමුණට ද බල පෑ අතර ජවිපෙ විපක්ෂ පොදු අපේක්ෂකයා වෙනුවෙන් කෙළින් ම සහාය ප්‍රකාශ කරන්නේ නැතිව‍, ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බවත්, එහෙත් ඡන්දය දිය යුත්තේ කාටදැයි තමන් නො කියන බවත් කියමින් මොකක්දෝ අමුතු ක්‍රීඩාවක් කළේ ය.

එහෙත්, මේ ලියන අප ඇතුළු වාමාංශික හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ බොහෝ දෙනෙක් මේ වාම විප්‍රකාර පිළිකෙව් කරමින් කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීම පිණිස විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරි‍සේනට සහාය දුන් හ. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් පසුව ද අපි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව අපි ඉතා පැහැදිලිව කීවෙමු. සමූහයක් ලෙස අපි එය කරගෙන යමින් සිටිමු.

මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දොරටුවක් විවර කර ගත හැකි බව අපි කීවෙමු. එවැනි දොරටුවක් විවර වී ඇති බව අපි දැන් දකිමු. දැන් අප අත තිබෙන වගකීම් වන්නේ ඒ දොරටුව වැසෙන්නට නො දී ඇර තැබීම හා දොරටුවෙන් විවර වූ අවකාශය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අරගල කිරීමයි.

මාක්ස්වාදය යනු සමාජ අරගල හා සම්බන්ධ නො වන, පරමාදර්ශයන් වෙනුවෙන් පමණක් කටයුතු කරන දර්ශනයක් නො වේ. ලොව පුරා මාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලවල කොටස්කරුවන් වී තිබේ. ලොව කිසිදු සමාජවාදියෙක් එවැනි බහුජන අරගලවලදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකයන්ට වාසි වන උපායමාර්ග තෝරා ගන්නේ නැත. ලංකාවේ සැබෑ සුපිරි වාමාංශිකයන් තමන් යයි සිතා සිටින අති වාම බලවේග කළේ මහින්ද රාජපක්ෂ බලයේ රඳවා ගැනීම සඳහා අනියමින් උදව් කිරීමයි. එය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඍජුව පෙනී සිටි සමසමාජ, කොමියුනිස්ට්, වාසුදේව වැනි පක්ෂවල ක්‍රියා කලාපය ම ය. දෙක ම එක සේ ප්‍රතිගාමී ය.

මහින්ද රාජපක්ෂ වැනි දූෂිත ඒකාධිපතියකු බලයේ රඳවා ගැනීමෙන් මේ අති වාම කණ්ඩායම් බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක් ද? මහින්ද රාජපක්ෂ බ‍ලයේ සිටියහොත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වී සමාජවාදී විප්ලවයකට අවස්ථාව ලැබෙනු ඇති ය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව බව පෙනේ. එහෙම වෙයි ද? අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වනවා ඇත. එහෙත්, නොවන දෙය වන්නේ සමාජවාදී විප්ලවයයි. එයට හේතුව වන්නේ අන් කිසිවක් නොව ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයයි. ජනතාව සමාජවාදී විප්ලවයකට පෙළ ගස්වන්නට හැකි නායකත්ව බලවේගයක් නිර්මානය කිරීමට ලංකාවේ වමට බැරි ය. මූලික හේතුව වම ඒ සඳහා කිසිදු ගෙදර වැඩක් මේ මොහොතේ කරමින් නැතිකම පමණක් නො වේ. ලංකාවේ වම යනු ආගමික ස්වරූපී භක්තියකින් ප්‍රාතිහාර්ය සිදු වනු ඇතැයි සිතා සිටින මනෝරාජික සමාජවාදීහු පිරිසකි.

ඔවුන් සිතා සිටින්නේ අර්බුදය මැදින් නායකත්වයක් බිහි වී ව්‍යාපාරයක් ගොඩනැගෙනු ඇති ය කියා ය. එහෙත්, අද වන විට වාමාංශිකයන්ට පහේ කමිටුවක් හදාගන්නටවත් බැරි තරමට ආත්ම කේන්ද්‍රීය හා පුද්ගලෝත්තමවාදී ලෙස වාමාංශිකයෝ සීසීකඩ විසිර ගොසිනි. මෙම අතිවාම කණ්ඩායමිවල ජනප්‍රිය බහුජන නායකයන් කිසිවෙක් නැත.

මේ අතර, දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසිය ලෙස සලකන බලවේගය බලාපොරොත්තු වන්නේ සිංහල සමාජය ජාතික අන්තවාදය දෙසට තල්ලු වීමයි. ඔවුන් බලාපොරොත්තු වන්‍නා සේ ම ඒකාධිපතියා දිගට ම බලයේ සිටියා නම් බොදු බල සේනා වැනි උමතු ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් සමග එක්ව සිංහල සමාජය ජාති හා ආගම් අන්තවාදයන් වෙත තල්ලු කරනවා ඇත. එය දෙමළ ජාතිවාදීන්ට සිය දෙමළ විමුක්ති අරගලය හෙවත් ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ සටන ඉදිරියට ගෙන යාමට හොඳ තත්වයකි.

ඒකාධිපතියා සිය බලතල, ඔහුගේ ආධාරක පදනම, මාධ්‍ය, අධ්‍යාපනය ආදී සි‍යලු දේ භාවිතා කරන්නේ ජාතිවාදය, ආගම්වාදය, ජ්‍යෝතිෂය, හොර වෙදකම්, ප්‍රාතිහාර්ය ආදී ප්‍රතිගාමී අදහස් ප්‍රවර්ධනය කරන්නටයි. එවන් සංදර්භයක් තුළ සමාජවාදය පිළිබඳ කතිකාවක් සමාජය තුළ ඇති කරන්නට හැකි වන්නේ නැත.

ඒකාධිපතියා පළවා හැරීමත් සමග විවර වන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සමාජවාදී කතිකාව ඉදිරියට ගෙන යාම සඳහා යෝග්‍ය පසුබිමක් නිර්මානය කරයි. අපි ‍දොර ඇර ගත්තෙමු. දැන් කළ යුතුව තිබෙන්නේ කෝ අරක නෑ නේද, මේක නෑ නේද කියමින් කෝචොක් කර කර සිටීම නොව, නැති දේ ඇති කිරීමට අරගල කිරීමයි. ඕක හරියන්නෙ නැහැ, කරන්න ඕන මේක මුළුමනින් ම අනෙක් පැත්ත හැරවීම ය කියමින් කුටුම්බවලට ගාල් වී පාරිභෝජනවාදී ජීවිතවල ගිලී සිටින ඊනියා වම්මුන්ට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ වෙනුවෙන් ඉතිහාසය කටුගෙවල් නිර්මානය කරමින් තිබේ. අනාගතය තිබෙන්නේ ජනතාව සමග එක් වී අරගල කරන, ජනතාවට නායකත්වය දෙන වාමාංශිකයන්ට පමණි.


අපි මෛත්‍රීපාලගෙන් සමාජවාදය අපේක්ෂා නො කළෙමු. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් අපි අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමටයි. දැන් අති වාම කණ්ඩායම් පැත්තක සිට අපට කෝචොක් කරති. කෝ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා ද, යහපාලනය ඇති කළා ද වැනි ප්‍රශ්න ඔවුහු අපෙන් අසති. ධනවාදය තුළ 'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය' ඇති නො වන බව කියති. මේ කිසිවත් අරගලයකින් තොරව සිදු වන්නේ නැත. එහෙයින් අපි තවමත් අරගල කරමින් සිටිමු. දෑස් ඇර බලන්න. ඒකාධිපති රාජපක්ෂ පවුලේ දූෂණ හෙළිදරව් වෙමින් තිබේ. ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි සටන් කරමින් සිටිමු. 2005 සිට රටේ බලය අල්ලාගෙන සිටි දුෂ්ට කල්ලියක බලය ශීඝ්‍රයෙන් හැකිළෙමින් තිබේ. සමාජය මිලිටරිහරණය සඳහා ඉවහල් වන ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. නවතම නිදසුන විශ්වවිද්‍යාලවලට ඇතුල් වන සිසුන් සඳහා අනිවාර්ය කර තිබූ, ආරක්ෂක හමුදා විසින් සපයන ලද නායකත්ව පුහුණුව නවත්වා තිබීමයි. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර ධුරය හොබවමින් ආඥාදායක ස්වරූපයකින් පළාත් සභා මර්දනය කරමින් කටයුතු කළ හමුදා නිලධාරීන් ඉවත් කර තිබේ. පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

මේ කිසිවක් පරිපූර්ණ නැත. වෙනස යනු අප විසින් අරගලයක් ඔස්සේ නිර්මානය කළ යුතු දෙයකි. ධනේශ්වර පක්ෂ අපට ප්‍රජාතන්ත්‍රවාදය තිලිණ කර දෙන්නේ නැත. අපි එය අරගල කර දිනා ගත යුතු ය. සිදු වෙමින් තිබෙන දේ කෙරෙහි අන්ධ වී සිටින අති වාම කොටස් මෙම බහුජන අරගලවලට ද සම්බන්ධ වන්නේ නැත. ප්‍රායෝගික ජනතා අරගලවලට සම්බන්ධ නො වී න්‍යාය පට්ට ගසමින් සිටින මාක්ස්වාදීන් වමාරා කන හරකුන් වැනි ය.

සමාජ ක්‍රමය කඩා වැටී මිනිසුන්ට වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැන සමාජවාදය තෝරා ගනු ඇතැයි සිතා සිටීම මනෝරාජික අදහසකි. එය කිසිදාක සිදු වන්නේ නැත. ධනවාදය සමාජවාදය දෙසට පරිවර්තනය කළ හැකි ය. එසේම එය ම්ලේච්ඡත්ව වෙත ගමන් කරන්නටත් ඉඩ ඇති බව පෝලන්ත සමාජවාදී නායිකා රෝසා ලක්ෂම්බර්ග් සියවසකට ඉහතදී පෙන්වා දී තිබේ.

ලංකාවේ සමාජවාදියෝ යහපාලනයට විරුද්ධ ය. ඔවුන් යහපාලනය දකින්නේ ධනවාදයේ අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය. එහෙත්, යහපාලනයක් නොමැති තැනක නිර්මානය වන්නේ කාලකන්නිකම හා කලකිරීම පමණි. එයින් මිනිසුන් සමාජවාදය වෙත යොමු වන්නේ නැත. බොහෝ විට සිදු වන්නේ ජනතාව ජාතික හා ආගමික අන්තවාදයන්ගේ පිළිසරණ පැතීමයි.

මේ මොහොත වන විට ධනේශ්වර එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර බල අරගලයක් ඇරඹී තිබේ. චමපික රණවක වැනි සිංහල ජාතිකවාදීහු ද සිය බලය වෙනුවෙන් සීතල යුද්ධයක් ආරම්භ කර හමාර ය. දින සීයේ වැඩපිළිවෙල අවසන් වන්නේ මෙම බලවේග අතර සංහිඳියාව සුණු විසුණු කර දමමිනි. එහෙත්, දින සීයේ වැඩපිළිවෙල යනු මෙම බලවේග ඔස්සේ ‍මේ රටේ සාක්ෂාත් කර ගත හැකි ඉතා ප්‍රගතිශීලී ජයග්‍රහණයකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වේ. මහින්ද රාජපක්ෂ වැනි ආඥාදායකයන් නැවත මතු වීම තීරණාත්මකව පරාජය කිරීමට එය ඉවහල් වනු ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ අයුක්තිය හා අකාර්යක්ෂමතාව ‍දෙසට නම්නීකරණය කර තිබුණු පොලිසිය, අධිකරණය, රාජ්‍ය ‍සේවය වැනි ව්‍යූහයන් හරි දිශාවට දුවවීම කෙතරම් අමාරු කාර්යයක් ද යන්න පැහැදිලි කරන උදාහරණයකි, පාලිත තෙවරප්පෙරුම සිද්ධිය. වීඩියෝ සාක්ෂි සහිතව හෙළිදරව් වූ ප්‍රසිද්ධ හිංසන ක්‍රියාවක් වූ එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන අණ කළාට පසුවයි.

මෙම සංදර්භය තුළ අපගේ කාර්යභාරය කුමක් ද? දින සීයෙන් පසු ඇති වන තත්වයන් තුළ අපි අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? දැනට පෙනෙන්නට තිබෙන තත්වය තුළ, දින සීයෙන් පසු ශ්‍රිලනිපය හා එජාපය වෙන වෙන ම සන්ධාන ගොඩනගාගෙන මහ මැතිවරණය තරග කරනු ඇත. දින සීයේ වැඩසටහන තුළ සිදු විය යුතු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල වැදගත්කම මතු වනු ඇත්තේ අලුත් සංදර්භය තුළයි. මහජන මතය විකෘති වන අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම හා මුදලට හා වරප්‍රසාදවලට අලෙවි වීම නැවැත්විය යුතු ය.

අනෙක් පැත්තෙන් ඊළඟ මහ මැතිවරණයකදී සිදු විය හැකි දෙයක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන යාන්ත්‍රණය මේ වන විට සැකසී තිබෙන්නේ රාජපක්ෂ පාලනය තුළ ශ්‍රීලනිප ‍ප්‍රාදේශීය නායකත්වය විසින් කරන ලද භූමිකාවට සමාන්තරවයි. කෙටියෙන් කීවොත්, එජාප ප්‍රාදේශීය නායකත්වය යනු පාලිත තෙවරප්පෙරුමලා ය. මංකොල්ල නඩුවක සැකකරුවකු ලෙස සිටියදී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ රොයිස් විජිතලා ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාකාරයන් ප්‍රාදේශීය මට්ටමෙන් දැක්වූ ක්‍රියාකාරිත්වයට තමන් ආදේශ වීමයි. ඔවුන් නැවැත්වූ තැන සිට තමන් කරගෙන යාමයි. එසේම, ශ්‍රීලනිපයෙන් ධනවත් වූ හා බලවත් වූ නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිශාන්ත මුතුහෙට්ටිගම, වැනි නම්වලින් සංකේතවත් වන ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත දේශපාලනඥයන් සිය ධන බලය පාවිච්චි කර නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වීම මුළුමනින් ම වැළැක්වීමට දින සීයේ වැඩසටහන සමත් වේ යයි සිතිය නො හැකි ය.

මෙවැනි සංදර්භයක් තුළ අරගලය පාර්ලිමේන්තුව තුළින් ද ඉදිරියට ගෙන යන්නට නම් ප්‍රගතිශීලීන් විපක්ෂය තුළ ශක්තිමත් විය යුතු ය. ඒ වෙනුවෙන් පුළුල් බහුජන පෙරමුණක් ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමටත්, විනයගරුක, දක්ෂ, ප්‍රගතිශීලී අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමටත් කටයුතු කළ යුතුව තිබේ.

-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦❦
      කන්ගැට්ටා මහතාට නිවන් සුව ලැබේවා!
      ❦❦❦❦W3Lanka❦තරුන කැල❦❦❦❦

      Delete
    2. මං ඉස්සර පුංචි වෙළෙන්දා..
      ස්වීප් විකුනාලයි ජිවත් වෙන්නේ...ස්වීප් විකුනාලයි ජිවත් වෙන්නේ....

      අපේ රටේ සංවර්ධනේ...අපේ රටේ සංවර්ධනේ
      පුංචි අපේ වර්ධනේ...

      Delete
    3. කන්නංගර හාඩ්වෙයාර්, රාළහාමි හාඩ්ඩේයාර්, රාළහාමි හාජ්ජියාර්.

      සුදු වෑන් එකක ආපු සිල් කාරයෝ සෙට් එකක් මගේ කටට පඩයක් ඇරියා. මම පැයක් තිස්සේ පඩේ හප හපා ඉන්නේ.

      Delete
  2. වෙ‍ලේ සුදාගේ කුඩු විකුණූ හිටපු ‍පොලිස්පතිට සහ මන්ත්‍රීට මොකද වෙන්නේ...? duminda silva?

    ReplyDelete
  3. /ලොව පුමාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලවල කොටස්කරුවන් වී තිබේ. /

    පුමාක්ස්වාදීන් කියන්නෙ කවුද පැරා? පුකේ මාක්ස්වාදීන්?

    ReplyDelete
    Replies
    1. ලොව පුරා මාක්ස්වාදීන් ලෙස නිවැරදි විය යුතු ය.

      Delete
    2. ලොව පුරා කෙහෙද පැරා මාක්ස්වාදීන්? එවුන් ඉන්නෙ ලංකාවෙයි කියුබාවෙයි විතරයි. ලංකාවෙත් කොළඹ විතරයි. කොළඹත් ඔය හයිඩ් පාක් එක කිට්ටුව, පබ්ලික් ලයිබ්‍රරියෙ වගේ තැන් කීපයක විතරයි.

      Delete
    3. ජනතාව එක කණ්ඩායමකට කාන්දමක් වගේ ඇලෙනවා. ඒක එපා වෙලා ඈත්වෙලා වෙනත් කාන්දම් කණ්ඩායමක ඇලෙනවා. මේ කාන්දම් දෙකේ ඇලෙනවා ඇරෙන්න වෙන මොනවා හරි විකල්පයක් තියෙනවාද කියන ප‍්‍රශ්නයත් ජනතාවට තියෙනවා. පහුගිය දශක දෙක ඇතුලේ සමාජය තුළ වම අවලංගු කරපු නිසා, ඒ භූමිකාව නැති කරපු නිසා, එහෙම භූමිකාවල් ගොඩන ගන එක පහසු නැහැ. අපි හිතනවා දිගුකාලීනව කරන්න ඕන දේ ඒක. අද මේ අදහස තේරෙන්නේ නැති අය හෙට මේක තේරුම් ගනියි.

      Delete
  4. /ඕක හරියන්නෙ නැහැ, කරන්න ඕන මේක මුළුමනින් ම අනෙක් පැත්ත හැරවීම ය කියමින් කුටුම්බවලට ගාල් වී පාරිභෝජනවාදී ජීවිතවල ගිලී සිටින ඊනියා වම්මුන්ට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ වෙනුවෙන් ඉතිහාසය කටුගෙවල් නිර්මානය කරමින් තිබේ. අනාගතය තිබෙන්නේ ජනතාව සමග එක් වී අරගල කරන, ජනතාවට නායකත්වය දෙන වාමාංශිකයන්ට පමණි./

    මේක සම්පූර්ණ ඇත්ත.

    පහුගිය ආණ්ඩු කාලෙ වුණත් තැනක් තිබුණේ විජේ ඩයස්ලාට සිරිතුංග ජයසූරියලාට නොව වාසුදේවලා ඩිව්ලා තිස්ස විතාරණලා වගේ ජනතාවට නායකත්වය දීපු වාමාංශිකයන්ටනෙ.

    ReplyDelete
  5. දවසක් විතර රෙස්ට් කරල හොඳ ලිපියක් ලියල තියෙන්නෙ.
    සමාජවාදයෙන් තොරව සියළු ප්‍රශ්න විසඳීමට නොහැකිය.
    ධනවාදය පුපුරා යාමෙන් සමාජවාදය බිහි කර ගැනීමට ඉඩක් ලැබෙන බවත් ඇත්තය.
    ධනවාදය කුණු වන්නේ සමාජය ද කුණු කරමිනි. 2009 සිට 2014 දක්වා අවුරුදු පහ තුළ රාජපක්ෂ පාලනය කුණු වූයේ ජාතිවාදය සහ තවත් දහසකුත් එකක් සමාජවිරෝධී “ගුණාංග“ සමාජය තුළ පැලපදියම් කරවමිනි.
    එවැනි කුණු වූ සමාජයක් තුළ සමාජවාදී බීජ රෝපණය වන්නේ නැත.
    සමාජවාදී බීජයන් මුහුකුරා යාමට තවානක් අවශ්‍ය ය. තවානක් හදාගත හැක්කේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලින් හෙබි ලිබරල් ධනවාදයක් තුළ මිස කුණු වූ වැඩවසම්වාදී සමාජයක් තුළ නොවේ.
    මේ මා දකින න්‍යායයයි.

    ReplyDelete
    Replies
    1. සමාජවාදයට ගමන් කළ හැක්කේ නව ලිබරල් ධනවාදයක් තුළින්ලු.

      මාර න්‍යාය අප්පා.

      නිර්වාණයට ගමන් කළ හැක්කේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමෙන්ය කියලා කියනවා වගේ කතාවක් ඒක...

      Delete
    2. හා...හා ළමයි අනම් මනම් කියන එපා, ඕක මාක්ස්ගේ පරණ පොතක තිබිල පැරා වගේ උන්දැලාට හම්බවුනු පරණ න්‍යායක් නෙව ( අර පරණ බෙහෙත් වට්ටෝරුවක් වගේ එකක්). ඕකෙන් කබර මස් තලගොයි මස් කරලා, බලු මස් එලුමස් කරලා කන්න පුළුවන්)

      Delete
    3. හෙන අයියා හෙනම ආතල් එකේ ඉන්නේ මේ දවස්වල. තම්බි 8 දෙනෙක් ඇමතිලානේ.

      Delete
    4. අජිත් පැරකුම්ගේ ලිපියේ තේරුමටත්
      හෙනහුරාගේත් අදහසටත් මා එකඟයි
      දේශපාලනය ගැන ඉගෙන ගන්න ප්‍රාථමික පාසල් වුවත්
      මගේ දෙවැනි මනාපය සිරිතුංගට
      තුන්වැන්න පෙරටුගාමීන්ට
      උඹලගෙ බොරුව අපිට තේරනව කියල පෙන්වන්න.

      Delete
  6. පාලකයො අරහෙ අමාත්ය ලෙකම් වරුන්ට රජයෙ අවසරයක් නැතුව මාද්ය වලට ප්‍රකාශ නිකුති කිරීම තහනම් කරනවා. ආණ්ඩුවට කඩෙ යන බ්ලොග් කාරයො ප්‍රජාත්‍රන්තවාදයක් ගැන හීන දකිනවා. රනිල් අගමැති උනෙම පාර්ලිමෙන්තුවෙ බහුතරයක් නැතුව. ඔන්න තොපෙ පජාතන්තවාදෙ.

    ReplyDelete
  7. " THINK OUT SIDE THE BOX "
    -Ajith Perakum Jayasinghe

    දියුනුවේ රන් දොරටුව.
    -දයා රෝහණ අතුකෝරළ

    ReplyDelete
  8. Dan inne sirisena rajjuruwo, Anna raaja balaya paawichchi karala malliwa Telecom mul putuwata daala.. Ane huke nannaane.. Paro

    ReplyDelete
  9. Pathwela masayak wath na.. Upasakaya wage mama okkoma ath harinawa widhayaka balaya atha harinawa kiya kiyaa rata wate giya manussaya onna dan lajja nathuwa thamange mallilata salakanna widhayaka balaya paawichchi karanawa sathi dekak yanna issella, sathi deken mehema nam awuruddak dekak yanakota kohoma weyida.. Umbala redi galola dan heluwen duwapalla gon haththa... Aluth rajaa wage

    ReplyDelete
  10. පුකේ වම්මුන්ට (සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ!! හුකෑස්....!!!!) 'ප්‍රයෝගික අරගලය' යනු එම්බාම් කරුවන්ට ගල් අරක්කු වැනි දෙයකි. දෙකක් දා ගත්තම ඕන මලකුනක් ඔපරේෂන් කල හැකිය. ඕන මලකුනක් වෙනුවෙන් පෙනිහිටිය හැකිය.

    මෙන්න ප්‍රයෝගික අරගලයේ අළුත්ම ස්කෝර් එක

    //එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීලා 49යි.. ඉන් 40ක් ඇමතිලා.. ප‍්‍රතිශතය 80% පනී..//
    ක්සත් ජාතික පක්‍ෂය දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 49 දෙනාගෙන් 40 දෙනෙකුටම මේ වන විට ඇමති තනතුරු හිමිව තිබේ.

    මේ ඇමති තනතුරු හිමිව ඇත්තේ වත්මන් ආණ්ඩුවේ 53ක් වූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් අතරිනි.

    ReplyDelete
    Replies
    1. රනිල් මොල කාරයා. වම්මු ටික කරත්තෙට බැදගෙන එතුමා එතුමගෙ ගමන යනවා. වම්මු ටිකත් සැරෙන් සැරෙ උන්බෑ කියනව මිසක් පස්ස හැරිලා කරත්තෙ දිහා බලන්නෙ නෑ.

      Delete
    2. පෙට්‍රල් අඩු කරානේ මල්ලි.

      Delete
    3. //දූෂණ සෙවීම ජවිපෙ නායකයාට පවරයි !//
      //සන්ධානයේ හොරකම් අල්ලන කමිටුව නම් කෙරේ.. සම්බන්ධීකාරක අනුර දිසානායක..//

      ප්‍රායෝගික අරගලයේ ජීවමාන නායකත්වය පුක නෑ නේද ඕයි!!!

      Delete
    4. පෙට්‍රල් අඩුකළ ඔබාමාට හා ඔබාමා සමග වලි දා ගන්නා පුටින්ට හා චාර්වේස්ට ප්‍රයෝගික අරගලයේ පුකේ වම්මුන් වන අපේ උපහාරය

      Delete
  11. ප්‍රයෝගික අරගලය ඉස්මුරුත්තාවට ගිය අනික් අය

    1.ලංකා සමසමාජ පක්ෂය (අවුරුදු 79 ක පක්ෂයක්),
    2.ශ‍්‍රී ලංකාවේ කොමියුනුස්ට් පක්ෂය ( අවුරුදු 70 ක පක්ෂයක්)
    3.ජනතා විමුක්ති පෙරමුණ ( අවුරුදු 50 ක ට ලග පක්ෂයක්)
    4. නව සමසමාජ පක්ෂය

    මේ අය කරපු "ප්‍රයෝගික" අරගල වලින් අන්තිමට උනේ ලංකාවේ ධනපතියෝ ටික ගොඩ ගිය එක නෙමෙයිද ??

    ReplyDelete
  12. ඔක්කෝටම කලින් ලංකාවේ ඉන්න අම්බ ශ්‍රී ලංකා කාරයෝ ටිකයි, අම්බ යූඇන්පී කාරයෝ ටිකයි අම්බ ජේවීපී කාරයෝ ටිකයි අල්ලලා උන්ව පුනුරුත්තාපනේ කරන්න ඕන.

    අම්බ ශ්‍රී ලංකා උන්ට දැන් ආණ්ඩුවෙන් මොක කලත් වැරදි. උන්ගෙ පස්ස මසාජ් කලත් උන් අහන්නේ අනේ උබේ අත රිදෙනවාද කියලා නෙවේ යකෝ මගේ පස්ස රිදෙනවා කියලා . ඒ තරම්ම කුහකයෝ ටිකක් ඉන්නවා ඒකෙ. පරාජය කියන එක දරා ගන්න හැකියාවක් නෑ උන්ට.

    අම්බ යූඇන්පී උන් හිතන්නේ උන් නැත්තම් මේ ආණ්ඩුව කොරයි කියලා. උන්ට දැන් මතක නෑ අවුරුදු ගානක් තිස්සෙ පරාද වෙවී මග ලැරි වෙලා හිටපු ඇති. මේ ආණ්ඩුව හැමෝගෙම සහයෝගෙන් හදපු එකක් කියලත් මතක නෑ. දැන් හිතන් ඉන්නෙ උන් තරම් උන් ටිකක් ලෝකේටම නෑ කියලා.

    අම්බ ජේවීපී කාරයෝ ටිකට හැම එකම පේන්නේ ධනේශ්වර පාලන ක්‍රමේ කියලා. උන් හිතන් ඉන්නේ තාම 88,89 කාලේ වගේ කැරලි ගහලා පිස්සු කෙලලා ක්‍රමේ වෙනස් කරන්න. උන් තාම ඉන්නේ අර පරණ කාලෙමයි. වෙලාවකට හිතෙනවා මුන් කොමා එකකවත් ඉදලා ඊයේ පෙරේදා සිහිය ආපු උන්ද කියලවත්. අලුත් ජේවීපී ප්‍රතිපත්ති වලට උන් කැමති නෑ. ලෝකේ එක්ක අපේ රටත් ඉස්සරහට යන්න ඕන කියලා උන්ට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට යටින් " THINK OUT SIDE THE BOX "

      Delete
  13. පැරාට දිනමිණ දියව්!!!

    ReplyDelete
  14. පුකේ වම්මුන්ගේ ප්‍රායෝගික සරම රනිලා ගලවන් ගියපසු බිජ්ජ රාවයේ පිටුවලින් වසා ගැනීම නොහොත් THINK OUT SIDE THE BOX. දැන් ඉතිං ශේප් එකේ සරම හොයාගනින් පැරා.

    දැන් ඉතිං ශේප් එකේ සරම හොයාගනින් පැරා (click here)

    ReplyDelete
  15. පෙට්‍රල් අඩුකල ආණ්ඩුවට ජයවේවා!!!

    ආණ්ඩුවට ලාබෙට තෙල් දෙන තම්බින්ට ජයවේවා!!!

    තම්බින්ට සප් එක දෙන පැරාට සහ හෙන අයියට ජයවේවා!!!!

    තම්බින්ට ඇමතිකම් දීපු ජනාධිපතිතුමාට ජයවේවා!!!

    තම්බින්ගේ කොම්පැනිවල වැඩකරන අපිටත් ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොකෙන් උතුම් රටේ පොරක්January 23, 2015 at 10:30 PM

      තම්බින්ට පුක දෙන්නැති මහජාති සිංහල පරයා වෙත.

      පරයෝ , ඔයා පරිභෝජනය කරන,
      අනයනික අහාර
      දේශීය ආහාර(පොහොර,රසායන ද්‍රවය සඳහා) ,
      ඖෂධ,
      ඉන්ධන
      ඉලෙට්‍රොනික් හා ඉලෙක්ට්‍රික් භන්ඩ,
      රටේ විදේශ ණය පියවීම්
      රජයේ පුනරාවර්තන වියදම්.
      ආදී බොහෝ අත්‍යවශ්‍ය කාරනා සදහා වැඩියෙන්ම මුදල් සපයන්නේ විදෙස් රටවල ශ්‍රමය වගුරන ලාංකිකයන්ගෙ විදෙස් මුදල්ය. එයිනුත් මැදපෙරදිග කලාපය ප්‍රමුඛය.

      මැදපෙරදිග අනේක දුක් විඳ අපේ එවුන් එවන තම්බිලාගේ සල්ලී වලින් දුවන රටක ජිවත් වෙන්න තොට ලැජ්ජා හිතුන් නැද්ද?

      *ජාතිවාදය, දේශපාලන ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කල සමහරු කලින්ම නිවන් දැක්කා අනික් අය කිචවෙලා ගෙදර ගියා.
      එ් අයගේ නං ගං අවශ්‍යයද?

      ("පරයා" යනු අනුන්ගෙන් යැපෙන්නා ලෙස අර්ථ ගනු."තොට" යනු හෙල වදනකි,)

      Delete
  16. හරි පැරා, ඔයාගේ තර්කෙ ශක්තිමත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් එලවාදැමීමට අපි කොන්දේසි විරහිතව එකතු වෙන්න ඕන. ඒත් ඒ අඩු වැඩි වශයෙන් එවැනිම පාලනයක් වෙනුවෙන්ද? දින සියය කාලය ඇතුලත විශේෂයෙන් ඊළග ඡන්දෙ වෙනකං ඔය ලොක්කෝ ඔක්කොම ඔය කියන සිවිල් සමාජයට ඇහුංකං දෙයි. ඒත් අපි කොච්චර කෑ ගැහුවත් ඊට පස්සෙත් ඔය කියන සිවිල් බලවේග වලට මුං ඇහුංකං දෙයි කියලා හිතනවද? දැනටමත් යුඇන්පී සහ ඔය ආණ්ඩුවෙ ඉන්න ඈයෝ තමන්ගේ ඇත්ත පාට පෙන්නමින් ඉන්නේ. මේ ආණ්ඩුවේ මේ කාලය ඇතුලතදි යම් ආකාරයක ධනාත්මක වැඩ කිහිපයක් කරලා වුණත් ව්‍යූහාත්මක වශයෙන් දිගුකාලීනව බලපාන වැඩ කිසිම දේකට අතගහලා තියෙනවද? ඊට වඩා වෙලා තියෙන්නෙ මහින්ද ගේ රටාවම පාවිච්චි කරමින් පොඩි පොඩි පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් එන වැඩ කරන එක.
    මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි රනිල් යටතේ ලිබරල් ප්‍රතිසංස්කරණ ටිකවත් කරගන්න එක. එතකොට අධ්‍යාපනය පෞද්ගලීකරනය කරන්න එපා කියලා හරියන්නේ නැහැ. ඔය රණගලාලා ආයෙත් කොල්ලොන්ට ගහනවා එතකොට. එහෙම නැත්තං 6%ක් දෙයි කියලා හිතනවද?
    ඡන්දෙ උණුසුම තාම තියෙන හින්දා ඔය සිවිල් කට්ටියට ටිකක් ඇහුකං දෙනවා වගේ පේනවා, ඒත් මම ආයෙත් කියන්නේ මහින්ද තරං තමනගේ පවුලට කේන්ද්‍රගත නොවුණත් සමාජක්‍රමයක් හැටියට ඊට අඩුවැඩි වශයෙන් සමාන දේශපාලන ක්‍රමයක් ඉක්මනටම ලංකාවට එනවා, මෛත්‍රී කරන අතරම

    ReplyDelete
  17. Absolutely, already one can see a clear contrast between what Maithree was telling in his campaign around the country and just into two weeks after the win he has shamelessly used his executive powers to appoint his brother into a key and lucrative post.. Its just two weeks men! and isn't that a telling sign where it is all going.. Where are the protesters and critics? Not even a grunt can be heard from the opposite camp and this will be used as a good rehearsal by this cunning man to get more and more of his relatives and henchmen into the government. Where are the ethics.. All just double standards.. We have warned o this before happening and now its time to take corrective measures asap

    ReplyDelete
  18. Dan aanduwen diesel adu kalaama bus gaasthu adu karanna thiranaya karanne bus gamunuda? thamath bus wala parana gaanamayi ganne, 3 wheel gaasthuth adu wiya youthuyi ayi aanduwa me gana soya balanne naththe

    ReplyDelete
    Replies
    1. ලංකාව තුල දැනට ආණ්ඩුවක් නොමැති අතර ඇත්තේ හොරා පොලිස් සෙල්ලමක් වේ. හොරා පොලිස් සෙල්ම අවසන් වූ පසු මහ චන්ද සෙල්ලම පටන් ගනී. මහා චන්ද සෙල්ලමෙන් යු.එන් .පී යට ඕන අසන ගාන නොලැබුනොත් නැවතත් ඩිල් සෙල්ලම පටන්ගනී. ඩිල් සෙල්ලමෙන් පසු පොඩි ඉන්ටවල් එකක් ලැබීමට නියමිත අතර, ඒ කාලය තුලදී ඔවැනි අවශේෂ කරුණු සලකා බලනු ඇත.

      Delete
  19. Repeating "Rajapakse- the dictator" like a "mantra" won't help.Those who dislike him can have a mental satisfaction but those who like him can not be changed by doing so. Regardless of our personal opinion, we need to face reality. MR was successful in defeating LTTE and unite the land. He purposely ignored to unite the people of North and South.Therefore people defeated him. In the next general election we need people's vote including "Rajapaksists" to unite the people. Maithri-Ranil is a good combination for that task and we really have to take this opportunity.

    Left Wing- they made a terrible mistake again by standing with the wrong ally. As usual, they will announce their regret later.

    ReplyDelete
  20. මම නම් කෙලින්ම මෛත්රිට සහය දුන්නේ නැහැ. ඒත් දරුවෙ මිට සමාන අදහසක්. අරගලය ඉදිරියට ගෙන ය යුතුයි කියන එක මිසක් සභාග දේශපාලනයකට නොයා යුතුයි කියන එක. පැහැදිලි කරන්න හැදුවෙත් ඒක.. මේක මගේ බ්ලොගය ප්‍රොමෝට් කට්‍රන්න නොවෙයි දාන්නේ. මෙතනට අදාල නිසා. ප්‍රතිගමිත්වයට සේවය කිරීමෙන් සමාජවාදයට යන්න බහ වගේම අති වාමාන්ශයේ ළඳරු වලිප්පුවෙනුත් මුකුත් කරන්න බැහැ.
    http://kolambagamaya.blogspot.co.uk/2015/01/blog-post_7.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා