උතුර මිලිටරිහරණයේ ආරම්භය

උතුරේ ආණ්ඩුකාර ධුරය හෙබවූ විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඉවත් කර ඔහු වෙනුවට විදේශ සේවයේ සිටි පළපුරුදු නිලධාරියකු හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද, රී ලංකා සාම ක්‍රියාවලි සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස කටයුතු කළ එච් එම් ජී එස් පලිහක්කාර එම තනතුරට පත් කර තිබේ.

මෙම පියවර ජාතික සංහිඳියාව ඇති කිරීමේ වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි අගය කරන්නෙමු.

එය එක පැත්තකින් උතුර මිලිටරිහරණය කිරීමේ පියවරක් ලෙස ද සැලකිය හැකි ය. මිලිටරිහරණය යනු ආරක්ෂාව ඉවත් කිරීම නො වේ. බෙදුම්වාදී ජාතිවාදයෙන් රට ආරක්ෂා කළ යුතු ය. එහෙත්, දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට අනවශ්‍ය තරම් හමුදාව මැදිහත් වීම නැවැත්විය යුතු ය. අධි ආරක්ෂක කලාප මුවාවෙන් ජනතාවගේ ඉඩම් විශාල වශයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට ආරක්ෂක කටයුතු වඩා ක්‍රමවත් කළ යුතු ය. 

උතුරේ සාමාන්‍ය තත්වය ඇති කිරීම කළ යුතුව තිබෙන්නේ සිංහල ජාතිවාදී නායකයන්ට එය මහජනතාව ප්‍රකෝප කිරීම සඳහා භාවිතා කිරීමට කිසිදු ඉඩක් නො තබමින් ය. මෙහිදී දෙමළ දේශපාලන නායකයන් පැත්තෙන් ද වගකීම් සහගත හැසිරීමක් අවශ්‍ය ය.

උතුරේ ප්‍රශ්නය විසඳීමේදී දෙමළ නායකයන් පැත්තෙන් වගකීම්සහගතභාවය ඇති කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‍ගේ ජයග්‍රහණයකි. මෙම වගකීම්සහගතභාවය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කැපී පෙනිණි.

බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී සිංහල සමාජය තුළ ඇටුවම් බැස ඇති ජාතිවාදී සැක සංකාවන් දුරලීම සඳහා දෙමළ දේශපාලන නායකත්වයෙහි වගකීම්සහගතභාවය ඉතා වැදගත් ය.

පසුගිය සමයේ සිංහල සමාජය තුළ මුල්බස්වන ලද අදහස වන්නේ බලය බෙදා ගැනීමෙන් රට බෙදේ ය යන්නයි. එසේ නො වන බව පෙන්වීමේ වගකීමක් දෙමළ ජාතික සන්ධානයට තිබෙන්නා සේ ම, ඇත්ත වාර්තා කිරීමේ වගකීමක් ජනමාධ්‍යවලට ද තිබේ.

ජනමාධ්‍ය නිසි ලෙස පාලනය නො කර ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත නො හැකි ය.  


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උතුරේ ආන්ඩුකාරයා වශයෙන් දෙමල ජාතිකයෙක් පත් කලා නම් ඊට වඩා හොඳ බව මගේ හැඟීමයි

    ReplyDelete
    Replies
    1. යම් ප්‍රාන්තයක බහුතර ජන කොටසක් අතුරින් එහි ආණ්ඩුකාරයා පත් නොකිරීම ඉන්දියාවේ පවා පිළිපදින සිරිතක්. මේ නිසා බොහෝ විට ආණ්ඩුකාරයාට නිදහස්ව තීරණ ගන්න්නට පුළුවන්. අනෙක ප්‍රාන්තයේ මහ ඇමැති අනිවාර්යයෙන්ම එහි බහුතර ජන කොටසින් නිසා බැලන්ස් එකක් ඇති වෙනවා.

      දෙමළ හා මුස්ලිම් ජාතිකයින් ආණ්ඩුකාරයින් සේ පත්කළ යුත්තේ දකුණේ පළාත් සභා වලටයි.

      Delete
  2. මේ අනුවම ජාතීන් අතර සමගිය ඇති කිරීමේ දෙවෙනි පියවර ලෙස දර්ගාටවුන්, කාදියවත්ත, බේරුවල යනාදී ප්‍රදේශ වලින් රථවාහන පොලිසිය ඉවත් කල යුතුය.

    ReplyDelete
  3. අපි මේ ප්‍රවේශයට විධිමත් ව යන පළවෙනි අවස්ථාව මෙය වන බැවින් හරිම කල්පනාකාරී විය යුතුයි...

    ReplyDelete
  4. හොඳ වැඩක්. චන්ද්‍රසිරි නෑව නෙව!

    ReplyDelete
  5. "පසුගිය සමයේ සිංහල සමාජය තුළ මුල්බස්වන ලද අදහස වන්නේ බලය බෙදා ගැනීමෙන් රට බෙදේ ය යන්නයි."

    100% True
    අනේද කියන්නේ පැරා. සම හරක් ට බලය බෙදීම කියන වචනේ ඇහුනත් දඟලනවා නේ. සිංහල ජාතිවාදීන්ගේ මතයට නැමුනොත් මේ සැරේ මේක කරන්න හම්බ වෙන්නෙත් නැහැ. මෙතන වඩා වැදගත්ම සාධකය වෙන්නේ ජාතිවාදය වපුරන් කන මරා ට නැවත දේශපාලනය කරන්න කිසිම අවස්තාවක් නොදීම.

    ReplyDelete
    Replies
    1. // "පසුගිය සමය් සිංහල සමාජය තළ මුල්බස්වන ලද අදහස වන්න් බලය බදා ගැනීමන් රට බද් ය යන්නයි."//

      මේක එක පැත්තකින් සාදාරනයි. රනිල්ලා ගෙනගිය වැඩසටහන දිගට ගියා නං බෙදෙන්නත් තිබුන.

      ඊට විරුද්දව මහින්ද කලේ මිලිටරි නායකයන්ට උතුරේ පාලනය භාරදීමත්, අමතරව චන්දෙ කාලෙට ජාතිවාදය ඇවිස්සීමත්.

      මේ අන්ත දෙකම ප්‍රතික්ශේප කරල දෙගොල්ල සමගි කිරීම මෛත්‍රීට භාරයි

      Delete
  6. ජනමාධ්‍ය නිසි ලෙස පාලනය නො කර ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත නො හැකි ය.

    ලේ පිපාසිත මරාට ගැති ජනමාධ්‍ය ඊලාම් කොඩිය ඉසුව වගේ බොරු ප්‍රවුර්තී ඉදිරිපත් කරලා ජාතිවාදය අවුස්සලා තවත් ලේ වැගිරීමකට පාර කපන්න ඉඩ තියෙනවා. උතුර මිලිටරිහරණය කරලා සංහිඳියාවක් ඇති කරනකම් මාධ්‍ය වාරණයක් තිබීම හොඳයි කියල පාරාට හිතෙන්නේ නැද්ද ?

    ReplyDelete
  7. බලය බෙදනවා වගෙ බරපතල දෙවල් කරන්න ඔනෙ සමාජයෙ කතිකාවක් ඇති වෙන්න ඉඩ දීලා ජනමත විචාරනයකට පස්සෙ. බලය බෙදීමට විරුද්ද මිනිස්සු ජාතිවාදීන් කියලා කටවල් වහලා දැමීම යහපාලනය නෙවෙ.

    පැරාලා කලින් සැරෙ කරා වගෙ විරුද්දවාදීන් ටයර් උඩ ගිනි තියලා, සොබිත හාමුදුරුවන්ගෙ තට්ටෙ රතු වෙන්න ගහලා බලය බෙදන්න එහෙම ලෑස්ති වෙනවා නෙමෙ.

    රාජ්ය ශක්තිමත් වෙන විදියට බලය බෙදන්නත් පුලුවන්, රාජ්ය දුර්වල කරන විදියට බලය බෙදන්නත් පුලුවන්. මතකද ක්‍රිමියාව යුක්‍රෙනයෙන් කැඩිලා ගියා? මතකද පැරාලගෙ බටහිරයො යුගොස්ලාවියාව කෑලි 6කට කැඩුවා?

    ReplyDelete
  8. //මිලිටරිහරණය යනු ආරක්ෂාව ඉවත් කිරීම නො වේ. බෙදුම්වාදී ජාතිවාදයෙන් රට ආරක්ෂා කළ යුතු ය. එහෙත්, දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට අනවශ්‍ය තරම් හමුදාව මැදිහත් වීම නැවැත්විය යුතු ය. අධි ආරක්ෂක කලාප මුවාවෙන් ජනතාවගේ ඉඩම් විශාල වශයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට ආරක්ෂක කටයුතු වඩා ක්‍රමවත් කළ යුතු ය. //

    හරියට හරි පැරා! ඔය ටික ජාතිවාදෙන් ඇස් අන්ධවෙලා ඉන්න දෙපැත්තෙම හැම කෙනාටම තේරුන් කරල දෙන්න පුලුඅන් උනොත්!.

    සමස්ථයක් විදිහට ගත්තම මේ ලිපිය මෑත කාලෙ පැරාගෙන් ලියවෙච්චි ඉතාම සමබර සහ සම්පූර්ණයෙන් එකඟවිය හැකි දේශපලන ලිපියක් කියතහැකි ( දවසට දෙක ගානෙ දානකොට සමහර හොඳ ඒව මිස් උනාද දන්නෙ නෑ )

    ReplyDelete
  9. ''ජනමාධ්‍ය නිසි ලෙස පාලනය නො කර ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත නො හැකි ය.''

    බුහාහාහා .......හා ............හිනාව නවත්ත ගන්න බෑ ඔයි. අර මහින්ද අබේසුන්දර විමසුම ලියන කාලේවත් මේවගේ ඒවා කිව්වේ නෑ. ධනපති ආණ්ඩු වලට මාද්‍ය පාලනය කරන්න උපදෙස් දෙන නිර්දන කේවට්ටයෝ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. හපෝයි සමාජවාදී ජිවිත !!!!!!!!!!

    ReplyDelete
  10. //උතුරේ ප්‍රශ්නය විසඳීමේදී දෙමළ නායකයන් පැත්තෙන් වගකීම්සහගතභාවය ඇති කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‍ගේ ජයග්‍රහණයකි.වගකීම්සහගතභාවය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කැපී පෙනිණි.//

    අයියා...... අප්පිට ජනාදිපති මෙව්වා එකදි රවට්ටන්න තියෙන්නේ සිංහල ගොනා සොරි සොරි සිංහල මුනියා......පාර්ලිමේතු මෙව්වා එකේදී තමයි අපි නියම කලස් දානවා.....එතෙන්දි තමයි අපිට 13+ ද ඉඩම්, පොලිස්ද අරවාද මේවද ඕනා.....එතකම් අප්පි සිරිසේන මුනියගේ ඔලුව අතගගා අං තියෙයිද බල බල ඉන්නවා.

    ReplyDelete
  11. තවත් නි. ඇමතිවරයෙක් දිවුරයි..

    එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

    ReplyDelete
  12. කෝ අර පඳුරක් පඳුරක් ගයේ හුජ්ජ කර කර යන බල්ලා වගේ තමන්ගේ සයිට් එකේ වරුණේ කියලා ඇඩ් දදා යන පුක කළුවා තවම නැත්තේ මොකද

    ReplyDelete
    Replies
    1. මං ආවා . මං ආවා .

      Delete
    2. umba puka suduwa neda?

      Delete
  13. ජනමාධ්‍ය පාළණය කරන්න යන්න නරකයි. ජනතාවගේ ආදරය දිනාගැනීමයි කරන්න ඕන. එහෙම එකක් වත් නොකර, මේ වගේ දේවල් කරන එක බෙදුම්වාදින්ට උඩ ගෙඩි දීමක්.

    පළමු නෑම - සෝමරත්න දිසානායක
    දෙක - ලේඛම්වරු ලෙස කම්බ කාළකන්නි පත් කිරීම
    තුන - අමාත්‍ය මන්ඩළය 25 ඉක්මවීම
    හතර - මේක

    මිනිසුන්ට කිසිම දෙක අද වෙනක්න් කළේ නෑ..

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට කිසිම දෙක අද වෙනක්න් කළේ නෑ..

      මිනිස්සු ගැන බොරුවට අඬන්නේ නැතුව හිටපං. කාට නැතත් උඹට කරගත්තා නේ. ඒ මදිද ?

      Delete
    2. මදි මචං.. මම විතරක් ගොඩ ගිහින් මදි.. උඹලා වගේ හූල්ලන උන්ටත් දෙන්න එපාය.

      Delete
  14. Good step. Northerners will realize that southerners recognize them. True reconciliation.

    ReplyDelete
  15. නිකං වැඩි කතන්දර ඔනේ නැ කෙලින්ම කිවුවොත් උතුර මිලිටරිහරණය කරන්ණ ඔනේ නැ දැන්මම ඔක අයෙත් වැඩ දෙල් කරගන්න කරන වැඩක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා