අපි මෙහෙමයි රට දිනන්නෙ

ජ්‍යෝතිෂය වැනි අවිද්‍යාත්මක ප්‍රාතිහාර්යයකින් මිස අන් ආකාරයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගත හැකි බවක් අපගේ නිරීක්ෂණවලින් හා ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කර නැත.

දැනට සුළු ජාතික ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින්නේ තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. මේ රටේ සුළුතර ප්‍රජාවන්ට 25%කට වැඩි ඡන්ද පදනමක් තිබේ. දැනට පවතින පෙළගැස්ම අනුව ලංකාවේ සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ ඡන්දවලින් මහින්ද රාජපක්ෂට 20%ක්වත් ලබා ගන්නට හැකියාවක් නැත. අඩුම වශයෙන් 80%ක් පමණ ඡන්ද මෛත්‍රීපාලට ලැබෙනු ඇත. එය සමස්ත ඡන්දවලින් 20%ක් පමණ වේ. සියයට පනහේ බහුතරය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් 30%ක් පමණි.

රටේ බහුතර ප්‍රජාව වන සිංහලයන්ගේ ප්‍රතිශතය 75%ක් පමණ වේ. එම ජනගහණයෙන් 40%ක ප්‍රතිශතයක් ලබා ගත්තත් මෛත්‍රීපාල සිරිසේනට 50% ඉක්මවා යා හැකි ය.

පසුගිය පළාත් සභා මැතිවරණ නවයේ ම ප්‍රතිඵල සලකා බැලූ විට එක්සත් ජාතික පක්ෂය තනිව 26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ අද විපක්ෂය සමග සිටියත්, මෙම පළාත් සභා මැතිවරණවලදී ඔවුන් සිටියේ ආණ්ඩුව සමගයි. එම පක්ෂ අතහැර අද මෛත්‍රීපාල සමග සිටින දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්, විපක්ෂයේ සිටින ජවිපෙත් මෙම පළාත් සභා මැතිවරණ නවයේදී 44%ක් ඡන්ද ලබා ගත් හ. ඒ ආණ්ඩුවට වාසිදායක කොන්දේසි තිබියදී ය. හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලට හා මෛත්‍රීපාල සිරිසේන සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ පිරිස්වලට ඉතිරි 6% ලබා ගත නො හැකි ද?

මහින්ද රාජපක්ෂ ජයගැනීමට නම් සිංහල ඡන්දවලින් 60%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීමට සිදු වේ. මෙය ඔහුට කළ හැකි වේ ද? අද ඔහු උපරිමයෙන් ජාතිවාදය අවුළුවමින් සිටින්නේ මේ ඉලක්කය වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු සුළු ජාතික ඡන්ද අතහැර දමා තිබේ. එහෙත් සිංහලයන් අතරින් එතරම් ඡන්ද සංඛ්‍යාවක් ඔහුට ලැබෙනු ඇතැයි ඔබට නිරීක්ෂණය කළ හැකි ද? උපරිම වශයෙන් බැලුවත් ඔහුට සිංහල ඡන්දවලින් 50%කට වඩා ලබා ගත නො හැකි ය.

අනෙක් පැත්තෙන් ඔහුට සුළු ජාතික ඡන්දවලින් 20%ක් ලබා ගැනීම පවා අද පවතින තත්වය තුළ ඉතා දුෂ්කර ය.

උපරිම වාසිදායක තත්වයක් තුළ කඩින් කඩ පවත්වන ලද පළාත් සභා නවයේ මැතිවරණවල ප්‍රතිඵල එකතු කර බැලුවත් ආණ්ඩුව ලබාගෙන තිබෙන්නේ 54%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණත් සමග ය. දැන් මහින්ද රාජපක්ෂට ඒ කිසිවෙකු නොමැතිව 50% ඉක්මවා යන්නට හැකි ද?

සුළු ජාතික දේශපාලන පක්ෂ අතරින් ලංකා ‍කම්කරු කොංග්‍රසය හැරුණු විට මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිතවාදී ස්ථාවරයකට පැමිණ සිටින්නේ කොටි සංවිධානය, කොටින් අනුගමනය කරන දෙමළ ඩයස්පෝරාවේ කොටස් හා හා ඔවුන් සමග සම්බන්ධ ලංකාවේ කණ්ඩායම් පමණි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දිනෙක ටැමිල්නෙට් වෙබ් අඩවියට සිය ස්ථාවරය හෙළිදරව් කරමින් අඟවා ඇත්තේ දෙමළ ජනතාව 2005දී මෙන් මෙවර ද ඡන්දය වර්ජනය කළ යුතු බවයි. එහෙත්, කොටි සංවිධානයට 2005දී මෙන් සාර්ථක අන්දමින් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් දියත් කිරීමේ හැකියාව ලංකාවේ භෞතිකව නැත. එසේම, කොටි සංවිධානය එවැන්නක් දියත් කළ හැකි මට්ටමට ක්ෂණිකව ඔසවා තබන්නට සමත් කුමන හෝ ජගතෙක් ද නැත.
ජනවාරි 8දා ඔබට මේ රටේ අනාගතය සම්බන්ධ‍යෙන් ඔබට පැහැදිලි තීරණ දෙකක් තිබේ.

ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද? ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ ‍සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුදල් ප්‍රතිශතයන් ඔබට ප්‍රමාණවත් ද? සරළව කීවොත් රටේ පාසල් දසදහසකින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ඔබට ප්‍රමාණවත් ද? රටේ ඵලදායී සෞඛ්‍ය සේවාවක් නැති වීම ඔබට සතුටක් ද? රජයේ කාර්යාලයකින් හරියට වැඩක් කර ගන්නට බැරි වුණත්, තව තවත් නිලධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ගැන ඔබට ආඩම්බර ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්, ඩීසල්, පෙට්‍රල්වලින් පවා අසීමිතව බදු ගෙවමින්, ගෙවන බදුවල‍ට සරිලන සේවාවක් නො ලැබුණත් ඔබට සතුටින් ජීවත් වන්නට පුළුවන් ද?

මේ රට කවදාවත් හරි නො යන නිසා කවදා හෝ දවසක ඔබේ දරුවන් හෝ මේ රටින් සමු ගෙන පි‍ටරටකට යනු ඇතියි ඔබ සිහින දකිනවා ද?

හොඳ පිරිමි පෙනුමක් ඇති, ලොකු පවුලක් ඇති, දරුවන් වඩා ගන්නා, වහසි බස් දොඩන්නට දක්ෂ, උත්සව ශ්‍රීයෙන් එහෙ මෙහෙ යන, වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක් හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා සභාවලට තේරී පත් වූ නියෝජිතයන් ඔබ අමතක කර ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වීම ගැන ඔබට ආඩම්බර ද? පෞද්ගලික ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඔබේ මහජන මුදල් වැය කරමින් හොඳින් හෝ නරකින් හෝ ඡන්ද දිනීම වීරකමකැයි ඔබ සිතනවා ද? පරිසරය වනසන පොලිතින්, ප්ලාස්ටික් ගොඩගසමින්, ඔබේ අනාගතය යහපත් කිරීම සඳහා යොදා ගන්නට තිබුණු දැවැන්ත ධනයක් නාස්ති කිරීම ගැන ඔබට ආඩම්බර ද?

තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පරපුර ලංකාවේ යාවජීව රාජ්‍ය නායකයන් කළ යුතු යයි ඔබ සිතනවා ද? යුද්ධය කළේ ඔහු පමණක් නො වේ. ශ්‍රී ලාංකික ජාතියෙන් සැලකිය යුතු පිරිසක් එයට දායක වූ අතර එහි ගෞරවය හෝ අගෞරවය හෝ තනි පුද්ගලයකුට හිමි නො විය යුතු ය. එසේ ම, ජාතියක බහුතරයගේ උවමනාව වෙනුවෙන් කළ යුද්ධයකදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ වෙනත් යුද නායකයන් හෝ පමණක් වැරදිකරුවන් විය යුතු නො වේ.
ඔබේ ඡන්දය බුලත් කොළයට දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත බලයට පත් කළහොත්, ඔහු තව තවත් ණය ගනිමින්, දූෂණයේ ගිලෙමින් අත්තනෝමතික ලෙස තීරණය කරන ලද මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා ඇත. පාර්ලිමේන්තුව හා වෙනත් මහජන සභා වෙනුවට ඔහු හා ඔහුගේ අන්තේවාසිකයන් ම පමණක් තව තවත් ශක්තිමත් වනු ඇත. නීතියේ ආධිපත්‍යය වෙනුවට දේශපාලන ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් පාලනයකුත් තහවුරු වනු ඇත. ඔබේ දරු මුණුපුරන්ටත් මීට වඩා යහපත් ජීවිතයක් නො ලැබෙන්නට ඉඩ තිබේ.

ඔබ මේ ක්‍රමයට අකැමැති ද? දූෂණය, අල්ලස හා බලහත්කාරකම් මැද මෙහෙම ඉදිරියට යන්නට බැරි යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවන් වෙනුවෙන් මීට වඩා යහපත් රටක් ගොඩනැගිය යුතු යයි ඔබ සිතනවා ද? ඒ රට නීතිගරුක රටක් විය යුතු යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන බියක් නැති හෙට දවසකට ඔබ කැමති ද? ස්වාධීන අධිකරණයක්, පොලිසියක් තිබිය යුතු යයි සිතනවා ද? රාජ්‍ය ‍‍‍සේවය ඵලදායී විය යුතු යයි සිතනවා ද?

ඔබේ මතය ශක්තිමත් ලෙස නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනයට පත් කර යැවිය යුතු යයි ඔබ සිතනවා ද? පල් හොරුන් නොවන, කටපුරා නායකයන් යයි කිව හැකි සැබෑ නායකයන් බිහි කර ගැනීමට අප වැඩ කළ යුතු යයි ඔබ සිතනවා ද? ඔබ රට භාර දුන් භාරකරු සොරා කා එය වවුල් හපයක් නො කරන අනාගතයක් ගැන ඔබ සිහින දකිනවා ද?

සංවර්ධනය යනු අධිවේගී මාර්ග, ගුවන් තොට, වරාය හැදීම පමණක් නො වන බවත්, පරිසරය, අපේ ජීවිත හා අනාගතය සුරක්ෂිත කිරීම හා සුවපහසු කිරීමත් සංවර්ධනයෙන් සිදු විය යුතු බව ඔබ පිළි ගන්නවා ද?

අපේ පුංචි ලංකාව කාගේවත් අතකොළුවක් නොවී, කාටවත් බය නැතිව, ලෝකය සමග සාමයෙන් සංහිඳියාවෙන් පවතිනවාට ඔබ කැමති ද? අපේ රටට චීනයෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් යහපත් ආයෝජකයන්, සංචාරකයන් පැමිණෙන, විදේශ තානාපති කාර්යාල රටින් පළා යන්නට උත්සාහ කරන නීති විරෝධී සරණාගතයන් ලෙස අපට නො සලකන, ලංකාව ගෞරවනීය ‍දේශයක් ලෙස ලෝක‍යේ සම්භාවනාවට ලක් වෙන දවසක් ගැන ඔබට සිහිනයක් තිබෙනවා ද?

අපේ රටේ විවිධ ජාතීන්, ආගම් හා කුල ආදිය රට කෑලි කඩන්නට උත්සාහ නො කරන, ලාංකික ජාතියක් ලෙස සියලු දෙනා එක්සත්ව නැගී සිටින, එකිනෙකාට ගරු කරමින් සාමයෙන්, සංහිඳියාවෙන්, සතුටින් වාසය කරන දවසක් ගැන ඔබට සිහිනයක් තිබේ ද?
එසේ නම්, මුලින් ම දැනට පවතින ක්‍රමයේ සංකේතාත්මක ආරක්ෂකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු ය. ඒ සඳහා හොඳම ක්‍රමය යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ සිහින නියෝජනය කරන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දිනවීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින පරිදි යුද්ධය ජය ගැනීම වෙනුවෙන් ඔහුට කෘත ගුණ සැලකීමක් ලෙස අප රිසි සේ රට පාලනය ඔහුට පැවරිය යුතු ද? නැත. ජාතික ප්‍රශ්නය හා යුද්ධය නිසා අපමණ දුක් විඳි, යුද්ධයේ බරපැණ නිහඬව ඉවසා දරා ගත් මේ රටේ ජනතාවටත් තමන් කළ දේ වෙනුවෙන් ගුණයක් ලැබිය යුතු ය. දුෂ්කර වර්තමානය වෙනුවට, අපේ දරුවන්ට හෝ යහපත් අනාගතයක් තිබිය යුතු ය.

මෛත්‍රීපාල සිරිසේන දිනවීම යනු හුදු පුද්ගලයෙකු දිනවීමෙන් ඔබ්බට ගිය සැබෑ මහජන ජයග්‍රහණයක් බවට පත් කිරීමට නම් අප සැම දෙනා එක් විය යුතු ය. ඒ වෙනුවෙන් ජනවාරි 8දායින් ඔබ්බට විහිදෙන මහජන සමගියක් හා වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි අරගල කළ යුත්තෙමු. පොදු අපේක්ෂකයා ජනපති වුවහොත්, ඔහු ලවා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට අවශ්‍ය පීඩනය පවත්වා ගැනීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය.

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන්, ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන්, යහපාලනය සම්බන්ධයෙන්, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන්, දූෂණ දුරලීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් දෙන ලද පොරොන්දු කඩිනමින් ඉටු කළ යුතු ය.

රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළ යුතු ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටින දේශපාලන පක්ෂ හා පුරවැසි සංවිධාන එකතු වී ප්‍රශ්නයකට විසඳුමක් සාකච්ඡා කිරීම කිසි සේත් ම වරදක් නො වේ. එවැනි ක්‍රියා ජාතිවාදී පදනමින් හෙළා දකින නරුමයන් කිසි සේත් ම බලයට පත් නො කළ යුතු ය.

දූෂණය වැළැක්විය යුතු ය. විදේශ රටවලින් ලබා ගත් ණය මංකොල්ල කමින් පෞද්ගලිකව ගොඩනගා ගත් දේශීය හා විදේශීය දේපල ආපසු ලබාගෙන විදේශ ණය ගෙවීම සඳහා යොදා ගත යුතු ය.

අධික බදු බර අඩු කර ජනතාවට සහන ලබා දිය යුතු ය. විශේෂයෙන් ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බදුවලින් නිදහස් කළ යුතු ය.

අත්‍යවශ්‍ය අසරණ ජන කොටස් මිස සෙසු ජනතාව ආණ්ඩුවෙන් සහනාධාර සිඟන්නේ නැත. අවශ්‍ය වන්නේ ජනතාවට දෙපයින් නැගිටීමට අවස්ථාව දෙන ආර්ථික ක්‍රමයකි. ජනතාවගේ මිළ දී ගැනීමේ හැකියාව වර්ධනය කළ යුතු ය. අසාධාරණ ලෙස බදු අය කිරීම නැවැත්විය යුතු ය.

රැකියා හා ජීවනෝපාය අවස්ථා සුලබ කරන ආර්ථික ක්‍රියාමාර්ග ගත යුතු ය. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන අභිවෘද්ධියට හේතු වන අංශවලට කරන ආයෝජන වැඩි කළ යුතු ය. මහජන සෞඛ්‍යාරක්ෂාව නැංවීම සඳහා අරමුදල් ලබා දිය යුතු ය. සෑම දරුවකුට ම සරසවි අධ්‍යාපනය දක්වා නොමිළේ ඉගෙනුම ලැබීම සඳහා පාසල් හා විශ්ව විද්‍යාල පහසුකම් පුළුල් කළ යුතු ය. විශේෂයෙන් ම විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් සංවර්ධන ප්‍රමුඛතා නො සලකා හරිමින්, දැවැන්ත ණය බරක් ජනතාව මත පටවමින් සංවර්ධනය කර තිබෙන මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය වැනි යටිතලයන් ඵලදායී අන්දමින් භාවිතයට ගැනීමට කටයුතු සම්පාදනය කළ යුතු ය. 

අත්තනෝමතික විධායක ජනාධිපති බලතල සංශෝධනය කළ යුතු ය. පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන බලගැන්විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන පරිදි ස්වාධීන අධිකරණයක්, පොලිසියක්, මැතිවරණ කොමිසමක් පිහිටුවිය යුතු ය. දූෂණය දුරලීම සඳහා ස්වාධීන අල්ලස් දූෂණ විමර්ශන කොමිසමක් පිහිටුවිය යුතු ය. රාජ්‍ය සේවය මහජන මුදලින් පිංපඩි ගන්නා නිකමුන්ගෙන් පුරවනවා වෙනුවට මහජනතාවට ඵලදායී කාර්යක්ෂම සේවාවක් කළ යුතු ය.

විනාශයේ මාවතට පිවිස ඇති ලාංකීය රාජ්‍යය හා ජන සමාජය ගැන අලුතෙන් නො සිතා අපට ඉදිරියට යා නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කවුරු කවුරුත් 8 වෙනිදර බොරුවට අපරාදේ 'මරා' ගන්නේ නැතුව හැමෝම හැමෝටම 'මෛත්‍රී' කරමු.

    ReplyDelete
  2. ‘ලංකා සී නිවුස්' බත් බැලයන් කාර්යාලය වසා පැන යයි!

    Coming colors not good...

    ReplyDelete
  3. ජාතික රූපවාහිනිය හමුදාව සමග එක්ව රාජපක්ෂ පාලනයට යටත් කරයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.6.20) ජාතික රූපවාහිනියේ සාමාන්‍ය පරිපාලනය අත්හිටුවා අද රාත්‍රී සිට ඍජුවම ආරක්ෂක හමුදා සමග රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මේ අනුව පරිපාලන අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලත් අය හැර අන් කිසිවෙකුට රූපවාහිනී භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අද සවස ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ මෙසේය.

    ජනාධිපතිවරණය පරිපාලන අංශය
    සියළුම අංශ ප්‍රධානීන්ට
    2015 ජන 06

    අද දින රාත්‍රී සේවා මුර රාජකාරියේ හෝ වෙනත් රාජකාරී අවශ්‍යතාවයන් මත රාත්‍රී සේවයේ නියුතු නිලධාරීන්ගේ ලේඛනයක් අද 6 දා සවස 3 ට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන්න.

    අංශ ප්‍රධානියාගේ අවසරයකින් තොරව කිසිදු නිලධාරියෙකු අද පස්වරු 6 න් පසු සංස්ථා පරිශ්‍රයේ රැඳී නොසිටිය යුතු අතර අත්‍යාවශ්‍ය රාජකාරියක් නොමැති කිසිදු නිලධාරියෙකු සංස්ථාව තුල රඳවා නොගත යුතු බවටද දැනුම් දෙමි.

    චන්ද්‍රපාල ලියනගේ
    අධ්‍යක්ෂ ජෙනරාල්

    පිටපත
    ප්‍රධාන ආරක්ෂක නිලධාරී
    ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.

    මෙම ලිඛිත නියෝගයෙන් පසු අංශ ප්‍රධානීන් අවසර දී ඇත්තේ තෝරා බේරා ගත් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අන්ත මරාවාදීන්ගේ නම් ලැයිස්තුවකට පමණය. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක නිෂ්පාදක වරයෙක් ‘මේ කියන්නේ හෙට සිට අප රැකියාවට නොපැමිණිය යුතුද? යි අංශ ප්‍රධානිගෙන් අසා ඇත. එවිට දී ඇති පිලිතුර නම් ‘ඔව්‘ යන්නයි.

    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුනු නිල නොවන වාර්තා වල සඳහන් වන්නේ ජාතික රූපවාහිනියට ආරක්ෂක හමුදා සියයකට අධික පිරිසක් සහ යුද හමුදා බෆල් රථ 3 ක් යවා ඇති බවයි.

    පසුගිය කාලයේ SLTTI රූපවාහිනී පුහුණු කිරීමේ ආයතනය ගෙන්වන ලද යුද හමුදා නිලධාරීන් කන්ඩායමකට රූපවාහිනී ආයතන ක්‍රියාකාරිත්වය ගැන පුහුණුවක් ලබා දී තිබේ.

    මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවලදී පිලිතුරු දෙන ආකාරය පවා යුද හමුදා නිලධාරීන්ට පුහුණු කරවූ බව ලංකා ඊ නිව්ස් මීට මාස ගණනාවකට පෙර වාර්තා කර තිබිණ.

    http://lankaenews.com/news/1022

    umbala hithagena inna widihata mainawa chanda walin witharak paraddanna ba 2010 karapu game ekama me sereth karanawa

    ReplyDelete
    Replies
    1. සින්හල කොටියගෙ බොරු වලට උබලා 2010දිත් රැවටුනා, මෙ සැරෙත් රැවටියල්ලා.

      Delete
    2. hamudawa dammala alla gaththama umbalage oya maha loku internet pirimikamth na genu wage asse ringan nethuwa eliyata behela balapalla

      Delete
  4. රටෙ ජනතාව ජාතීන් විදියට කුට්ටි කරලා ඒවා මත දෙශපාලනය කිරීම කුජීතයි. රටෙ බෙදුම්වාදී ප්‍රශ්නය උඩු දිව්වෙත් මෙන්න මෙ සුලු ජාතික චන්ද කුට්ටි වෙන්දිසි කරන දෙශපාලන බලවෙග වලට බය නිසයි. තමන් වාමාන්ශිකයැයි කියන මිනිස්සුත් ජාතිවාදී ප්‍රවෙශය අනුමත කිරීම ශොචනීයයි.

    ReplyDelete
  5. විශේෂ බෝට්ටු බලගන ඒකකය රහසිගත මෙහෙයුමකට

    ත්‍රිකුණාමලයේ පිහිටුවා තිබෙන විශේෂ බොට්ටු බලගන එකකය කිසියම් රහසිගත කටයුත්තක් සඳහා කොළඹ බලා පැමිණීමට සූධානම් කර තිබෙන බව වාර්තාවේ.

    එම බෝට්ටු බලගන ඒකකය සාමාන්‍යයෙන් දෛනික කටයුතුවල නොයොදන බව අනාවරනය වේ. තොරාගත් විශේෂ කටයුතු සඳහා මෙම ඒකකය වෙන් කර තිබෙන බවද පැවසේ.

    එසේ තිබියදී එම බලගන ඒකකය හදිසියේ කොළඹ ආසන්නයට කැඳවන්නේ කුමකටදැයි නාවික හමුදා සෙබළුන් සහ එහි සෙසු නිලධාරීන්ට බරපතල සැකයක් මතුව ඇතැයි වැඩිදුරටත් වාරතා වේ.

    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13525:2015-01-06-13-03-20&catid=41:local&Itemid=74

    ReplyDelete
    Replies
    1. අන්තිම ජනමත සමීක්ශනයෙනුත් කාගෙත් සුරතලීට තිබුනෙ 44%ක් නිසා බොරු ප්‍රචාරය කරලා මිනිස්සු බය කරලා චන්ද එකතු කරගන්න බලන ව්යායාමයක්. ඔය ජෙප්පොන්ගෙ පච මඩල්ල කියලවත් ඔහෙ දන්නෙ නැද්ද?

      Delete
    2. umba me anduwe puka lewa kala bota monawada hambune

      Delete
    3. සාමකාමී රටක ජීවත් වීමෙ වරම ලැබුනා, රට දියුනු වෙන නිසා පිට රට පැනීමෙ අදහස අත් ඇරලා කට ඇරලා මගෙ කියන්න පුලුවන් රටක ජීවත් වීමෙ භාග්ය ලැබුනා.

      Delete
    4. wow ehemada meka kiyawannako babe

      https://pdf.yt/document/8S3cn4_KZV5ihu8A/download

      Delete
    5. උබලා ගැනනම් දුකයි. ශ්‍රීලන්කා ගාර්ඩියන් කියන්නෙ යුද්දෙ කාලෙ සිට බොරු ප්‍රචාර ගෙන ගිය මඩ මාද්යක්. කොටින්ගෙ සල්ලි වලට අම්මව උනත් පාවලා දෙන එවුන්. උබලව දැන් බෙරගන්න බෑ, උබලා හිතුවට උබලා හෙන වැඩක් කරනවා කියලා උබල ඔය නොදැනුවත් කඩෙ යන්නෙ කොටියට. ප්‍රබාකරන් මරපු එක පලිය උන් ඔය ගන්නෙ. කිසිම සාක්ශියක් නැතුව මහින්දගෙ අහවල් පුතාට කාර් 20යි කිව්වම පිලිගන්න තරම් අඩු මානසිකත්වයක්ද උබලට තියෙන්නෙ? හඩ නගලා අහන්න කොන්දක් නැද්ද කො වාහන අන්ක කො ලියාපදින්චි සහතික කියලා?

      තුන් වෙනි ලොකෙ රටවල මිනිස්සුන්ගෙ ගතියක් තමයි මුකුත් විමසන්නෙ නැතුව පිලිගන්නවා. ඕක බටහිරයො අපූරුවට පාවිච්චි කරනවා. 1815දී උඩරට අන්තිම රජ්ජුරුවො ගැන සුද්දො ගොතපු බොරු ඇහුවම අපෙ ජාතිය ගැනම ලැජ්ජා හිතෙනවා.

      Delete
  6. 2015 ජනවාරි 5 රාත්‍රි 12.00 න් සියළු ඡන්ද ප්‍රචාර කටයුතු අවසන් කළ යුතුය. නීතියක් ලෙස මෙය බ්ලොග් වලට අදාළ නැති වුවද මෙසේ කරන හේතුව ප්‍රචාරයන්ගෙන් මිදී ස්වාධීනව තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට ඉඩ සලසා දීමය. එනිසා ජනවාරි පස් වැනිදා රාත්‍රි 12.00 න් පසු කරන ඕනෑම ඡන්ද ප්‍රචාරක කටයුත්තක් සදාචාර විරෝධී වෙයි. (මේ කියන්නේ නීතිය ගැන නොවේ.)

    අනුන්ගේ සදාචාරය නිතර ප්‍රශ්න කරන අජිත් පැරකුම් ජයසිංහ මහතා මේ සදාචාරය බිඳින්නේ තමන් දිනමිණ කර්තෘ කමට නිසි සුදුස්සෙක් බව ඔප්පු කරන්නටද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේ , පවු දෙන්නේ නැතිව යනවා අයිසේ යන්න. ආයුධ අරං ආණ්ඩු පෙරලන්න හදපු, විප්ලව කාරී අදහස් තියෙන පැරකුම් සර් තමුසෙලගෙ ඔය බිජ්ජේ නීති පඩේකට ගනං ගන්නේ නැහැ අයිසේ. සර් ට තියෙනේ තමන්ගේම නීති. තමන්ගේම ප්‍රතිපත්ති.

      පරකුම් සර් ට ඕනේ නං අට වෙනිදා වෙනකං තමන්ට ඕන පක්ෂයක් ගැන ලියනවා.. ඊට පස්සෙත් ඕන නං ලියනවා. අපේ සර් සදාචාරයත් දන්නවා. ඒවා උගන්නනත් දන්නවා. ඒවා ගැන ප්‍රශ්න කරන්න තමුසේ කවුද ? දොළොස් වෙනිද දිනමිණ පත්තරේ කතුවැකිය කියවනවා. "සදාචාරාත්මක දේශයක්. මයිත්‍රී යුගයක්" කියල. පැරකුම් සර් දැනටමත් ඒක ලියල තියාගෙන ඉන්නේ.

      පැ.බේ.ජා.ස කැඳවුම්කරු වෙනුවෙන් එහි කා.කා.ස

      Delete
    3. පැ.බේ.ජා.ස කැඳවුම්කරු වෙනුවෙන් එහි කා.කා.ස සහ.........

      මිහිඳු රජපස් ජේෂ්ඨ උපදේශක....
      නයිටීඑන් ප්‍රධාන වැඩසටහන් නිශ්පාදක.....
      හඩුසන්ගේ නිත්‍ය උපදේශක....
      ජාති වාදයේ පියා වන.....
      කොටි නැසූ බල පරාක්‍රමය වන....
      නීති ගරුක අති උතුම්......

      ---මසොපි..

      Delete
    4. කා.කා.ස වෙලා ඉඳල එච්චර දෙයක් ලැබෙනවා නං කොච්චර දෙයක්ද !ෆිට් එකට අහන්නේ ... උඹට කීයක් ලැබුනද මචං ? :)

      Delete
    5. අ.ඩො බිලියන 100 ක්...! ණයක් වත් ඕනැද?

      Delete
    6. ඔය ගෝලිප් එකක් ගන්න කීයක් හරි දියං බං :)

      Delete
    7. ගෝල්ලිප් දෙක්කුයි ගල් බාගයකුයි අරං යනව බං මැතිවරණ රාජකාරියට.... අපිට කියලා ඕටී තියන එකක් යෑ.... හෙට හවසට සැට් වෙමු...

      Delete
  7. My3 aagamanaya wagema My3ge chanda prathipalayath apa pudumayata path karaavi Dhushanayata erehi mahajana mathaya eliyata enakota ehemai.

    ReplyDelete
  8. ජෙප්පෝත් "හිටපු" ජෙප්පෝත් අන්තිම හිනමානයකින් පෙලෙන ඊරිසියාකාරයෝය....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. "ජෙප්පොන්ට ඔනෙ උන්ගෙම යුගයක් ඒකට ඔනෙ අස්ථාවර රජයක්".

      ජෙප්පො කාටද උදවු කරන්නෙ මොලයක් ඇති මිනිස්සු ඊට විරුද්ද පැත්තට චන්දෙ දෙන්න ඔනෙ.

      Delete
    2. එතකොට මොලයක් නැති මිනිස්සු? උඹ වගේ විකාර දොඩවන්න ඕනෙ.

      Delete
  9. Thawa dawas 1 thiyenne. ganin athal....... 9 wenidha ahariyan...

    ReplyDelete
  10. Kuhaka munak thiyene Parakum mahatha wetha. Ala Pau Champika Lestertage hoto ekak wikurthi karapu eka gana uba mokada kiyanne. punchi detath puka iragena lipi liyala gadha blog space eka gadha gassana uba ewata nihada ai. kuhakaya...... ualage yahapalana set eke prabalama porak mewage deyak karaddhi api ubala gana wiswasa karane kohomadha?

    ReplyDelete
    Replies
    1. කව්ද උඹට කිව්වෙ විස්වාස කරන්න කියල, උඹේ වැඩක් බලාගෙන ඉදහන් බන්.

      Delete
  11. හංසයාගේ ජය ඉර හඳ මෙන් විශ්වාසයි. මරාට පුක දීපු එවුන් දැන් රෙන්න පුකත් නැතිවෙයි කියලා බය වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. දලදා හාමුදුරුවො වැඩ ඉන්න මෙ රටට එහෙම නැස්පැත්තියක් වෙන්නෙ නෑ. අවුරුදු 30කින් පස්සෙ රට එක්සෙසත් කරපු නායකයා තව ටික කාලයක් හො මෙ රට පාලනය කරනවා. ඒක අපෙ ඉතිහාසයෙ හැමදාම උන දෙයක්.

      Delete
    2. එකනේ දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මහනුවරට සුනාමි නො ආවේ , හැබැයි රටටනම් නස්පැත්තියක් වුනා නේද

      Delete
    3. මොන විකාරද මචන්ස්ලා. My 3 ආවොත් කොටි ගහනවා කියලා මරා කියපු බොරුව දැන් ඈත ගම්වල මිනිස්සුත් තේරුම් අරන් තියනවා. මාතර ඌරුබොක්ක පැත්තේ මම ඊයේ ගියා. මරාට ඒ කාලේ චන්දෙ දීපු මිනිස්සුන්ගෙන් සීයට හැත්තෑවක් විතර මේ පාර මයිත්‍රිට දෙන්නේ.

      Delete
    4. AnonymousJanuary 7, 2015 at 12:45 AM
      තොපි වගේ ගොන්නුත් බ්ලොග් කියවනවනෙ, උඹලට තමයි උඹගෙ ගෝත්‍රික නායකය ITN කියල එකක් අපේ සල්ලි වලින් පවත්වගෙන යන්නෙ

      Delete
  12. දැනට පවතින පෙළගැස්ම අනුව ලංකාවේ සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ ඡන්දවලින් මහින්ද රාජපක්ෂට 20%ක්වත් ලබා ගන්නට හැකියාවක් නැත. අඩුම වශයෙන් 80%ක් පමණ ඡන්ද මෛත්‍රීපාලට ලැබෙනු ඇත.

    only racist idiot who failed at maths and prefer to live in dreams will claim above

    mahinda will win over 52%. i have explained why in my blog. i also predicted correctly last time while this blog failed http://llibertarian.blogspot.com/2015/01/reasons-why-mahinda-will-win-by.html .

    ReplyDelete
    Replies
    1. අනේ අපේ පැරායියට එහෙම කියන්න එපා. පැරායියා ගිය සැරෙත් සරත් ෆොන්සේකා සහතිකවම දිනනවා කිව්වා. සරත් ෆොන්සේකා දින්නෙ නැද්ද?

      Delete
    2. Only morons are blind to see that the Sinhala polity is divided between Mahinda and My3 in this election.If one is extremely fair, it is 50:50. In my perception, My3 gets more Sinhala votes.

      There is vast difference in the people's mentality today compared to the Provincial Council elections. These Provincial Council elections were held from 2011 to 2014 and this is 2015. Provincial Council elections are always advantageous to the ruling party.

      In those elections also the opposition sans My3, JHU, Badurdeen, Digambaram and UPF gained 44%. The opposition needs only 7% increase to win.

      Delete
  13. ලැජ්ජයි පැරා, ලැජ්ජයි. සුලු ජාතිවාදී චන්ද පාවිච්චි කරලා සිරිසෙන බලයට ඒම තෙරුම් ගන්න පුලුවන්. වාමාන්ශිකයො කොහොමද ඒකට උදවු කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ජාකිවාදය මහ ජාතිවාදයත් එකයි. සුළු ජාතිවාදයත් එකයි.

      මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරය තනිකර ම සිංහල ජාතිවාදීයි. අපට ඔහු සමග සිට ගන්නට බැරි ඒ නිසායි.

      සුළු ජාතිකයන් හා සිංහලයන්ගෙන් බහුතරය මෛත්‍රීට ඡන්දය දෙන්නේ ජාතිවාදී පදනමකින් නොවේ. ජාතිවාදය පරදවන්නයි.

      වාමාංශිකයන් මේ ඡන්දයේදී මහින්දට විරුද්ධ ජාතිවාදයට විරුද්ධ පදනමකින් ය කියන එක ඉතා පැහැදිලියි.

      Delete
    2. ජාතිවාදී නොවෙන සුලු ජාතීන් 75%-80% ප්‍රතිශත වලින් එක පැත්තකට චන්දෙ දෙනවා. ජාතීවාදියි කියන සින්හලයා 55%-45% ප්‍රතිශතයකින් බෙදෙනවා. මෙ කතා අහ අහා ජීවත් වෙන්න උනානෙ දෙයියනෙ. බැරි වෙලාවත් පොදු සුරතලී දිනුවොත් යුද්දය කියන්නෙත් සින්හල ජාතිවාදී ව්යායාමයෙ මහා පාපකාරී ක්‍රියාවක් කියලා මෙ කට්ටිය ඉතිහාසය ලියනවා. මහින්ද කියන ජාතිවාදී නායකයා ප්‍රබාකරන් කියන නිදහස් සටන් කාමියාව(මිස්ටර් ) මැරුවා කියලා අපෙ ඊලග පරම්පරාවට උගන්නයි.

      Delete
  14. ආසන්නතම පළාත් සභා මැතිවරණයේදී දිවයිනේ වලංගු ඡන්ද ප්‍රමාණය වැඩිම දිස්ත්‍රික්ක එකොළහේ මුළු ඡන්ද සංඛ්‍යාව හා රජය ලද ඡන්ද ප්‍රතිශතයන් පහත දැක්වේ.

    1. ගම්පහ - මිලියන 1.6 ප්‍රතිශතය 58%
    2. කොළඹ - මිලියන 1.5 ප්‍රතිශතය 45%
    3. කුරුණෑගල - මිලියන 1.2 ප්‍රතිශතය 69%
    4. මහනුවර - මිලියන 1.0 ප්‍රතිශතය 69%
    5. ගාල්ල - මිලියන 0.8 ප්‍රතිශතය 58%
    6. කළුතර - මිලියන 0.8 ප්‍රතිශතය 59%
    7. රත්නපුර - මිලියන 0.75 ප්‍රතිශතය 60%
    8. අනුරාධපුර - මිලියන 0.6 ප්‍රතිශතය 63%
    9. කෑගල්ල - මිලියන 0.6 ප්‍රතිශතය 58%
    10. බදුල්ල - මිලියන 0.6 ප්‍රතිශතය 47%
    11. මාතර - මිලියන 0.6 ප්‍රතිශතය 60%

    ඉතිරි දිස්ත්‍රික්ක වල ඡන්ද සංඛ්‍යාව මිලියන 0.6 ට අඩුය.

    මෙයින් රජයට 50% ට වඩා අඩුවෙන් ලැබී ඇත්තේ කොළඹ හා බදුල්ල පමණය. ඉතිරි සියල්ලේ 58% ට වඩා වැඩියෙන් ලැබී තිබේ. 60% ට වඩා ලද දිස්ත්‍රික්ක ගණන පහකි.

    බදුල්ල කෙසේ වෙතත් කොළඹ පසුබෑම තීරණාත්මකය. නමුත් එසේම මහනුවර මීට වඩා කඩා වැටීමක් විය හැකිය. අනුරාධපුර ඡන්දත් අඩු වීමට ඉඩ තිබේ. නමුත් මේ සියල්ල හම්පහ, කුරුණෑගල, ගාල්ල හා රත්නපුර වැඩි ඡන්ද වලින් බැලන්ස් කළ හැකිය. (රජය ජනාධිපතිවරණයේදී ලබන ඡන්ද සංඛ්‍යාව පළාත් සභා වලදී ලැබුවාට 5-10% පමණ අඩුය උපකල්පනය කළත්.)

    සුළු ජාතික ජනගහණය වැඩි දිස්ත්‍රික්ක ගණනාවක් විපක්ෂයට වාසිදායකය. නමුත් මේවායේ මුළු ඡන්ද සංඛ්‍යාව අඩු නිසා ලොකු බලපෑමක් එල්ල නොවේ.

    මේ තත්වය යටතේ මෛත්‍රිපාල සිරිසේන මහතා නියත ලෙස දිනන බව කියන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මේ පළාත් සභා මැතිවරණවලදී මෛත්‍රී, ජාතික හෙළ උරුමය, බදුර්දීන් හා දිගම්බරම් නැතිව විපක්ෂය 44%ක් ඡන්ද ගත්තා.

      මේ පළාත් සභා මැතිවරණ පැවැත්වුණේ 2011 සිටයි. දැන් 2015යි.

      පළාත් සභා මැතිවරණ හැම විට ම බලයේ සිටින පක්ෂයට වාසිදායකයි.

      ජනාධිපතිවරණයේදී මහින්දගේ ඡන්ද ප්‍රතිශතය 10%කින් අඩු වෙන්න පුළුවන්.

      එතකොට ප්‍රතිඵලය මොකක් ද කියා හිතා බලන්න.

      Delete
    2. ////1. ගම්පහ - මිලියන 1.6 ප්‍රතිශතය 58%//// ඒ කියන්නේ ලක්ෂ 16 යක් ......?

      මොනවද බොල මේ දොඩවන්නේ?

      පට්ටපල් බොරු.....

      මෙන්න සත්‍ය ප්‍රථිපල..... එක උදාහරණයක්

      Provincial Council Elections 2014

      Gampaha District
      United People's Freedom Alliance
      චන්ද 582,668 (පන්ලක්ෂ අසූ දෙදාස් හයසිය හැට අටයි) ආසන්නව මිලියන 0.5 යි.
      ප්‍රථිශතය 57.98 %
      ආසන 23 යි

      Delete
    3. පැරාගේ ගනන් වැරදි. 2011 සිට පැවත්වූ පලාත් සභා චන්ද වලදී එක්සත් ජනතා නිදහස් සන්දානය 54%යි අරන් තියෙන්නෙ අනිකුත් සියළු පක්ශ 46%ක් අරන් තියෙනව (http://www.slelections.gov.lk/) දත්ත පරික්ෂා කර බලන්න. වෙන වෙනම පක්ශ ලබා ගත් චන්ද වෙනම සලකා බැලිය යුතුයි.

      පහත සබැදියෙන් පලාත් සභා චන්ද ප්‍රතිපල සංෂිප්තව බලා ගන්න පුළුවන්.

      https://www.facebook.com/photo.php?fbid=10205833100892629&set=a.4530828274700.2187703.1410804901&type=1&theater

      ජන වර්ගය අනුව අනුව සමීක්ශණයක් පහත සබැදියෙන් බලන්න

      https://www.facebook.com/photo.php?fbid=10205788416015535&set=a.4530828274700.2187703.1410804901&type=1&theater

      Delete
    4. /මෙම පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග 44%ක් ඡන්ද ලබා ගත් හ. ජාතික හෙළ උරුමය, රජයෙන් කැඩී ආ දෙමළ හා මුස්ලිම් පක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සමග කැඩී ආ ආණ්ඩු පක්ෂයේ පිරිස්වලට 6%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් පහසුවෙන් ලබා ගත හැකි ය. /

      දැන් පැරාගෙ මේ තර්කෙ ගනිමුකො.

      1. ජාතික හෙළ උරුමයට කියලා ඡන්ද පදනමක් නැහැ. ආණ්ඩුවට දෙන ඡන්ද වලින්ම වඩා ජාතිවාදී පිරිස චම්පිකට මනාපයක් දෙනවා. හෙළ උරුමයට සම්ප්‍රදායිකව ඡන්දෙ දෙන මිනිස්සු වැඩි පිරිසක් කොහොමත් හකීම්ලා සම්බන්දන්ලා එක්ක ඉන්න කෙනෙකුට ඡන්දෙ දෙන්න නෑ. අනෙක් අතට හෙළ උරුමය පැහැදිළිව දෙකඩ වෙලා. චම්පික හා රතන දෙන්නා වැඩිම උනොත් 50,000 ක් කඩයි. ඒත් අමාරුවෙන්.

      2. මුස්ලිම් පක්ෂ කවුන්ට් කරන්න බැහැ මොකද වාසි බොහෝ තැන්වල ඒ ගොල්ල වෙනම තරග කරලා තියෙන්නෙ. ඒ ඡන්ද ප්‍රතිශතය කොහොමත් ආණ්ඩුවේ ගාණ ඇතුළේ නැහැ. එකට තරග කරපු තැන් අල්ලන්න 100,000 තියමුකො.

      3. දෙමළ පක්ෂ වලට තව 50,000 තියමු.

      4. මෛත්‍රිපාල ගේන්නෙ මොන ඡන්දද පැරා? පොළොන්නරුවෙ මිනිස්සු කොහොමටත් ඔය පවුල ගැන දන්නවා. ඔය කැඩිලා ආපු අයගෙන් යන්තම් හරි පදනමක් තියෙන්නෙ දුමින්ද දිසානායකටයි හිරුණිකාටයි. පැරා කියන නිසා ඒ අයටත් ඔන්න 100,000 තිබ්බා.

      මෙහෙම කන්සර්වේටිව් තියලත් ලක්ෂ තුනයි. තව ලක්ෂයක් මදි නේද පැරා? ඒක ගේන්නෙ හඳෙන්ද?

      Delete
    5. අළුත් කමෙන්ට් එකක් දාපන්කො බන් එකම කොපි පේස්ට් කරන්නෙ නැතුව.

      Delete
    6. පැරා අලුත් පෝස්ට් එකක් දාපු දවසට අලුත් කමෙන්ට් එකක් දාන්නම්. පරණ පෝස්ට් පරාටා වලින් ඊළඟ දවසෙ කොත්තු හදලා දාන කොට පරණ කමෙන්ට්ම දාන්න වෙනවා.

      Delete
  15. /මෙම පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග 44%ක් ඡන්ද ලබා ගත් හ. ජාතික හෙළ උරුමය, රජයෙන් කැඩී ආ දෙමළ හා මුස්ලිම් පක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සමග කැඩී ආ ආණ්ඩු පක්ෂයේ පිරිස්වලට 6%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් පහසුවෙන් ලබා ගත හැකි ය. /

    දැන් පැරාගෙ මේ තර්කෙ ගනිමුකො.

    1. ජාතික හෙළ උරුමයට කියලා ඡන්ද පදනමක් නැහැ. ආණ්ඩුවට දෙන ඡන්ද වලින්ම වඩා ජාතිවාදී පිරිස චම්පිකට මනාපයක් දෙනවා. හෙළ උරුමයට සම්ප්‍රදායිකව ඡන්දෙ දෙන මිනිස්සු වැඩි පිරිසක් කොහොමත් හකීම්ලා සම්බන්දන්ලා එක්ක ඉන්න කෙනෙකුට ඡන්දෙ දෙන්න නෑ. අනෙක් අතට හෙළ උරුමය පැහැදිළිව දෙකඩ වෙලා. චම්පික හා රතන දෙන්නා වැඩිම උනොත් 50,000 ක් කඩයි. ඒත් අමාරුවෙන්.

    2. මුස්ලිම් පක්ෂ කවුන්ට් කරන්න බැහැ මොකද වාසි බොහෝ තැන්වල ඒ ගොල්ල වෙනම තරග කරලා තියෙන්නෙ. ඒ ඡන්ද ප්‍රතිශතය කොහොමත් ආණ්ඩුවේ ගාණ ඇතුළේ නැහැ. එකට තරග කරපු තැන් අල්ලන්න 100,000 තියමුකො.

    3. දෙමළ පක්ෂ වලට තව 50,000 තියමු.

    4. මෛත්‍රිපාල ගේන්නෙ මොන ඡන්දද පැරා? පොළොන්නරුවෙ මිනිස්සු කොහොමටත් ඔය පවුල ගැන දන්නවා. ඔය කැඩිලා ආපු අයගෙන් යන්තම් හරි පදනමක් තියෙන්නෙ දුමින්ද දිසානායකටයි හිරුණිකාටයි. පැරා කියන නිසා ඒ අයටත් ඔන්න 100,000 තිබ්බා.

    මෙහෙම කන්සර්වේටිව් තියලත් ලක්ෂ තුනයි. තව ලක්ෂයක් මදි නේද පැරා? ඒක ගේන්නෙ හඳෙන්ද?

    ReplyDelete
    Replies
    1. ////මෙහෙම කන්සර්වේටිව් තියලත් ලක්ෂ තුනයි.///

      මොකක්ද බොල මේ කියන ගොං කතාව?

      ඉල්ලංකාවේ දෙමළ හා මුස්ලිම් චන්ද ලක්ෂ 5 යිද තියෙන්නේ?

      දෙමළ වාර්ලික චන්ද පමණක් ලක්ෂ 15 ට වඩා තියනවා.....

      Delete
    2. අනේ හරකෝ. ප්‍රශ්න අහන්න කලින් කියන දේ තේරුම් ගනින්.

      Delete
    3. අනේ ගොනෝ කියන දෙයක් තේරෙන්න කියපං....

      ////3. දෙමළ පක්ෂ වලට තව 50,000 තියමු////

      ගොනෝ.....

      සුළු වාර්ගික චංද ප්‍රතිශතය සියයට විසි පහක් නම් ඉන් සියයට අසූවක් යනු චන්ද වලින් ලක්ෂ දහයකට වැඩී.......

      Delete
    4. ඔයා කවුරුද කියන එක ඔය කොන්සවේටිව් කියන වචනෙන් එළියට එනවා. ඒ වචනය තමන්‍ගේ වේලෙන බ්ලොගයට මෙතන නොමිළේ ඇඩ් එකක් දමාගෙන තිබෙන sittingnutගේ වචනයක්.

      ඕව ඔහොම තමයි. මේ කළු සුද්දෝ ඉංග්‍රීසියෙන් ලියනකොට තර්කානුකූල වෙන්න උත්සාහ කරනවා. සිංහලෙන් ලියනකොට මේ වගේ තමයි ලියන්නේ. ඔවුන් හිතන්නේ සියලු සිංහලයන් අර විමල් වීරවංශගේ කතා අහන ජාතියේ අයයි කියලායි.

      Delete
    5. අනේ හරකෝ. ප්‍රශ්න අහන්න කලින් කියන දේ තේරුම් ගනින්.

      Delete
    6. උගේම නයි - උගේම කයි......!

      Delete
  16. නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගැනීමට නියමිත ඡන්ද සංඛ්‍යාව: 6,500,000

    නව ජනාධිපතිතුමන්ගේ ප්‍රධානම බ්ලොග් ප්‍රචාරකයා වන අජිත් පැරකුම් මහතා එක පෝස්ට් එකකට ලබා ගන්නා සාමන්‍ය කමෙන්ට් සංඛ්‍යාව: 30

    ReplyDelete
  17. ඔය සංඛ්‍යා ලේඛන සේරම කැලේ අනිද්දා හවසට ලොක්කා ලක්ෂ 20කින් දිනලා කිව්වම
    දැන්ම ලෑස්ති වෙන්න හැමෝම තව අවුරුදු 8ක් පව් ගෙවන්න

    ReplyDelete
  18. පැරා මේ ලිපිය හරිනම් ප්‍රින්ට් අවුට් අරන් ලංකාව වටේ බෙදන්න ඕනෙ.

    ReplyDelete
  19. යුද්දෙ කාලෙ ඉදන් ආණ්ඩුව වට්ටන්න හීන දැකපු කල්ලිය තාම හීන දකිනවා.

    41% සින්හලයන් ඉන්න කොලබ දිස්ත්‍රික්කයෙත් ආණ්ඩුව 46%ක් ගත්තා. රටෙ සින්හල අනුපාතය 75%. පයිතගරස්ලා ඔනෙද ආණ්ඩුව චන්දෙ දිනනවා කියන්න?

    සුලු ජාතිවාදයට යටවෙලා ඉන්නකම් අපි තොපිට චන්දෙ දෙන්නෙ නෑ. මහින්ද කියන්නෙ සින්හල ජාතිවාදියෙක් කියලා අපි පිලිගන්නෙත් නෑ. යකො සාමය ගෙනාවෙ සින්හලයන්ට විතරද?

    ReplyDelete
    Replies
    1. දැන් උඹ ඔය මොකද්ද කියන්න තටමන්නෙ?

      Delete
    2. ඉතා නින්දිත හා පහත් විදිහට මහින්ද ජාතී වාදය මේ පොළව මත වැපිරුවා.... ඉතිහාසයේ අන්තිම කැත නාමයක් ඒ වෙනුවෙන් මහින්ද ඉදිරියේ ලියවෙන්න නියමිතයි...

      බොදු බල සේනා වැනි තුප්පහි සංවිධාන හරහා බුදු දහමට ජාත්‍යන්තර වශයෙන් නිග්‍රහ කළා....

      යුධ ජයග්‍රහණයෙන් පසු සහජීවන සමාජයකට මග විවර කිරීම වෙනුවට නැවතත් යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළා....

      තවත් මොනවද....?

      මහින්දගේ අන්තේවාසික වන්දිභටිටයනි..... තොපට සිදුවන්නේද ඒ පාපයට කර ගැසීමටයි...

      Delete
    3. ඉතින් මහින්ද පරදිනව නම් බුවායියට ගැටළුවක් නැහැනෙ.

      Delete
  20. කවුද දිනන්නෙ, ප්‍රතිශතය කීයද, වැඩි ඡන්ද කීයද වගේ කාරණා ගැන මේ වෙලාවෙ අජිත් පැරකුම් එක්ක මරා ගන්න අපට කිසිම උවමනාවක් නැහැ. තව දවස් දෙකකින් වැඩිම වුණොත් තුනකින් මේ සියල්ලටම නිශ්චිත පිළිතුරු ලැබෙනවා. ඇත්තටම මට නම් වැදගත් දිනන කෙනා විතරයි. එක ඡන්දෙකින් දිනුවත් දිනුම්. වැඩි ඡන්ද ලක්ෂ දහයකින් දිනුවත් දිනුම්. දෙකම එකයි.

    නමුත් අජිත් පැරකුම් මතක තියා ගන්න ඔයා මේ සෙල්ලම් කරන්නෙ ඔයාගෙ ක්‍රෙඩිබිලිටි එක එක්ක. යම් යෙහෙකින් ඔයා කියන අනාවැකි වැරදුණොත් ඒකෙන් ඔප්පු වෙනවා අජිත් පැරකුම් කියන්නෙ දේශපාලනික වශයෙන් පරිණත පුද්ගලයෙක් නෙවෙයි අඳබාලයෙක් කියලා. ඒ වෙලාවට ඕවා කම්පියුටර් ජිල්මාට්, සාධාරණ ඡන්දයක් තිබුණා නම් අපි දිනනවා වගේ කතා කියන්න නම් එන්න එපා. ඒවා ඕනම ගොනෙකුට කියන්න පුළුවන්. දේශපාලනයේ පරිණත පුද්ගලයෙක් නම් මේ මැතිවරණයේ දිනන්නේ කවුද, දළ වශයෙන් කොයිතරම් වැඩි ඡන්ද ගණනකින්ද (1% කින්ද, 5% කින්ද 10% කින්ද) කියලා නිවැරදිව කියන්න පුළුවන් වෙන්න ඕනෑ.

    ඔන්න හැමෝම මතක තියා ගන්න අජිත් පරකුම් කියන්නේ මෛත්‍රිපාල සිරිසේන දිනනවා ලොකු වැඩි ඡන්ද ප්‍රමාණයකින් කියලා.

    ReplyDelete
    Replies
    1. හරි මචන් මම මතක තියා ගන්නම් උඹ කියපු නිසා, මේ ඇනෝවත් උඹ මතක තියා ගනින් මේ ඇනෝ කියන්නෙත් මෛත්‍රී දිනනව කියල.

      Delete
    2. මම අනාවැකි කියන්නෙක් නො වෙමි. මන්ද මට අනාගතය දකින්නට අමුතු ඇහැක් නැත. යම් අනුමාන පමණක් කළ හැකි ය.

      ඇනෝ ඇවිත් මගේ ‍කෙඩිබිලිටිය ප්‍රශ්න කරන අයට මගේ දුරකථන අංකයෙන් හෝ ඊමේල් ලිපිනයෙන් තබා මේ කමෙන්ටුව නමින් පළ කිරීමෙන්වත් එසේ කරන්නට කොන්ද පණ නැත.

      මට කොන්ද පණ ඇත. මම 2010දී සරත් ෆොන්සේකාට ද 2015දී මෛත්‍රීපාල සි‍රිසේනට ද කැම්පේන් කළෙමි. ඒ ඉතා පැහැදිලිව ම ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි.

      ඒකාධිපතිවාදීන් කුමක් සිතුවත්, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මට ඒ සඳහා අයිතියක් තිබේ.

      නැවත කියමි. ම කරන්නේ දේශපාලන කැම්පේන් එකක් මිස ස්වාධීන ජනමත සමීක්ෂණයක් නො වේ. මම පක්ෂපාතී ය. ඉතා පැහැදිලිව ම ඒ මෛත්‍රීපාල සිරිසේනට ය.

      මම ඒකට බය නැත. එය මගේ අයිතියකි.

      Delete
    3. දැන් මේ ඉහත කියල තියෙන්නෙ අනාවැකියක් නෙවෙයිද? හුදෙක් අනුමානයක් විතරද? ඒ කියන්නෙ පැරාටවත් විශ්වාසයක් නැද්ද මේ කියන දේවල් හරිය කියලා?

      උගත් බුද්ධිමත් මිනිස්සුන්ට නම් අනාගතය දකින්න ඇස් තියෙනවා. (ජ්‍යොතිෂය නෙවෙයි.) අප දන්නා දේ ඇසුරින් යම් යම් දේ ප්‍රකාශ කළ හැකියි. උදාහරණයක් හැටියට මහින්ද 51-52% ක අවම ප්‍රතිශතයක් අරගෙන දිනාවි යැයි මා සිතනවා. නවවැනිදාට බලමු පැරාද මමද හරි කියලා.

      Delete
    4. ඔයා කවුරුද? නමක් තිබෙනවා නම් බය නැතිව කියන්න. බුද්ධිමත් මිනිස්සු නම කියන්න බය ද?

      අනාවැකි කියන්නේ පෞද්ගලික දෙයක්. ඡන්දයක් කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ පොදු ජන කාරණාවක්.

      ඔබ කියන්නේ ඔබේ බලාපොරොත්තුවයි. අපට ද බලාපොරොත්තු තිබේ. එහෙත් අපි ඒවා අනාමැකි ලෙස කියන්නට යන්නේ නැත.

      බුද්ධිමත්කම යනු කුමක්දැයි තීරණය කිරීම පාඨකයාට පවරමි.

      Delete
    5. ඉහත මගේ බලාපොරොත්තුව නෙවෙයි. මගේ බලපොරොත්තුව දුමින්ද නාගමුව සහෝදරයායි. මේ මගේ බුද්ධිමත් අනාවැකියයි. තව දෙදිනකින් කවුද හරි බලමු. ඊට නම් ගම් ඕනැ නැහැ නේද?

      Delete
  21. මහනුවර ප්‍රදේශයේ දේශපාලන විද්‍යාව පුද්ගලික පන්ති පවත්වන මිතුරෙක් 2014-12-02 දින තම පන්තියට සහභාගිවු සිසුන් 232 නෙක් යොදා සිදුකළ සමික්ෂණයේ ප්‍රඵිපල අනුව
    මහින්ද රාජපක්ෂ - 105 - 45.26%
    මෙෙත‍්‍රීපාල සිරිසේන - 127 - 54.74%

    ඔහු විසින් එම පන්තියේදීම නැවතත් 2015-01-05 දින එම සමික්ෂණ පවත්වා අැති අතර, එදින සිසුන් 244 දෙනෙකු පන්තියේ සිට අැත.
    මහින්ද රාජපක්ෂ - 101 - 41.39%
    මෙෙත‍්‍රීපාල සිරිසේන - 143 - 58.61%

    මාසයක් වැනි කාලයක් තුල මෙෙත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රතිශතය 4% පමණ වර්ධනය වී අැත.

    ReplyDelete
  22. අනේ මෛත්‍රීපාල මහත්තයෝ අපි වැඩ කරන මේ ලංගමයේ බොහොමයක් සේවකයන් හට මාස 4ක පමණ සිට වැටුප් නැත.2010යේ සිට සෙවක අර්ධසාදකයට මුදල් බැර කර නැත.පොලී නොමැතිව එම මුදල රුපියල් මිලියන780 ඉක්මවා ඇත.
    ඩිපෝ ඉංජිනේරු මහතුන් හට නිළ වාහන නැත.දුරකථන,විදුලි,ජල,ඩීසල් හා අමතර කොටස් වල මුදල් ගෙවා නැත. අප දෙස බලනු මැන.
    තවද ලංගම හට අන්තර්ජාලය තුල ඉඩ කඩ මදිය.ඩිපෝ තුළ පරිගණක තාක්ෂණය නැත.

    ReplyDelete
    Replies
    1. මහින්ද ආවට පස්සෙ වෙලේ නියරවල් දිගේ ඉඳන් වයිෆයි. එතකන් ඉවසන්න.
      ණය ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒවා අපි ගෙවන්න ඕනැ නෑ. අපේ පොඩි එවුන් (අපට බැණ බැණ හරි) ණය ගෙවන්න බලයි. බැරි වුනොත් ඉතින් කෙළවෙනව. ඒත් එතකොට ඒව දකින්න අපි නෑනෙ. අපායෙ ඉන්නකොට කොහොමත් දිවැස් නෑ.

      Delete
    2. නියර වල් දිගේ wifi එන්න කලින් අපිට ලැබූනු බස් 2200 ස්පෙයා වීල් එකයි,ජැක් එකටයි වෙච්ච දෙයක් නැත.ජන්ද රැස්වීම් වලට බස් ගත්තට මුදල් නැත.එම පාඩුව කෝටි 12 ඉක්මවා ඇත.විශාමික සේවකයන් හට තවම EPF නැත.මෙතෙක් ඉතිහාසයේ ලංගම නොමැති ලෙස වෙල්ගමයා ලංගම ආණ්ඩුවට කඩේ යැවීම කටයුතු සලසා ඇත.අප දැන් රටම ණය වි ඇත.සමාජය සිතන්නේ අපිට යහමින් මුදල් ඇත කියාය.අපගේ දරුවන්ගේ බඩ වියත රකින්නේ කොහොමද කියා සිතුවාද…? අපගේ දෙමාපියන් රැකිය යුතුය.සමාජ වගකීම් ඉටුකළ යුතුය.
      මේ ගැනත් හිතන්න.……!!

      Delete
  23. පැරා 12 වෙනිදාම දිනමිණ බාරගන්නවැයි?

    ReplyDelete
  24. Mahinda yanakota yanne Sumanadasalath aragenama ekenuth ratata yahapathak venawa.

    ReplyDelete
  25. Para Dinamina editor unath den wagema wewi,minihatath wirudda matha pennabene.(Adath pitapatha Parakum jayasinhagen)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා