අද රෑ හොඳ රෑ

ඔබට යන්නම ඕනෑ නම් - ඔබ යන්න ඉතින් නික්මී..............
අද අතිශය වැදගත් දිනයකි. මන්ද, ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරණයේ අවසන් දිනය අදයි. 

අද හොඳ හොඳ සෙල්ලම් වෙන්නට පුළුවන. මහින්දගේ අවසන් රැළියක් අපේ ගම් පළාතේ සංවිධානය වෙමින් තිබේ. ඒක යන්නේ අඩමානෙට ය. රැස්වීම ගැන ‍පෝස්ටරයක්වත් තවම නැත. වෙල්ගමත්, මහින්ද සමරසිංහත් මහින්දගේ ප්‍රචාරණය කර ඇර තිබේ. 

අපි දත කාලා අමාරුවෙන වැඩක් ගොඩ දාගන්නකොට මුං ගිහිල්ලා ඒකෙත් ඉස්සරහින් ඉඳියි ද? කමක් නැහැ. වෙලා මරා තරං නරක නැහැ. 

සජිත් ප්‍රේමදාස යන කතාවක් ද මේ අතර පැතිරේ. සජිත්ගේ ඉතිහාසය බැලූ විට ඔහු යනු ඇතැයි බලා‍ෙපොරොත්තු වන්නට පුළුවන. කෝටි සීයට නැතත්, මේ හාදයා අගමැතිකමට නම් පෙරේත ය. ‍මේ පුංචි මහින්දට පැවැත්මක් තිබෙන්නේ මහින්දගේ ක්‍රමය යටතේ පමණි.

සජිත් හැර ජෝන් අමරතුංගගේ සිට සරත් ෆොන්සේකා දක්වා කවුරු ගියත් මේ ජනරැල්ලට එහෙමට බලපෑමක් නැත. 

සජිත් යනු ඇතැයි ගණන් බලාගෙන වැඩ කරන එක හොඳ ය.

සජිත් ගියොත් මෛත්‍රී පරදියි ද? 

මෙතන මහින්දට වැරදුණු පොඩි කාරණයක් තිබෙනවා. ඒ තමයි, මේ එක්සත් ජාතික පාක්ෂිකයන් ය කියා සමාජ බලවේගයක් තිබෙනවා ය කියන එක. එහෙම එකක් තිබුණා නම්, මේ වන විට ඒක තිබෙන්නේ ආණ්ඩුවේ ම තමයි. හේතුව ජේ.ආර්. එජාපයට හඳුන්වා දුන් මජර දේශපාලනය ඉතා හොඳින් කෙරෙන තැන ආණ්ඩුව නිසායි. ඔබේ ගම් පළාතේ එජාපයේ හිටපු අය අද ඉන්නේ කොතැනද කියා බලන්නකෝ. පසුගිය කාලයේ එජාපයට ඡන්දය දුන් අය ඔය ආණ්ඩුව හිතන ජාතියේ යූඇන්පීකාරයෝ නෙමෙයි. ඒ අය ආණ්ඩු විරෝධියෝ. ආණ්ඩුව හිතන විධියට "අපේ පක්ෂෙට තැනක් නැති නිසා අපි මහින්දට ම ඡන්දෙ දෙනවා," යි ඔවුහු හිතන්නේ නැහැ. නැති යූඇන්පියක් වෙනුවෙන් නිකම් පැස්ටෝල් පුච්චගන්න එපා රජෝ. 

දිනන්න බැරි‍ වෙයිද? මේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයකි. මහින්දට ඡන්දය දෙන්නට තුන් හිතකවත් අදහසක් නැති අයත් මෙසේ බිය වන්නේ මහින්දගේ ප්‍රචාරණයේ බලපෑම නිසා ය. 

මේ වන විට මහින්දගේ ප්‍රචාරණයේ පහත සඳහන් කරුණු හැර අන් කිසිවක් නැත. 

යුද්දෙ දිනුව නිසා මහින්දට කළ ගුණ සලකන්න. 

දෙමළ හා මුස්ලිම් ජනතාව මර්දනය කරන්න මහින්දට ඡන්දෙ දෙන්න. 

එක්සත් ජාතික පාක්ෂිකයන්ට තැනක් නැති නිසා කලකිරෙන්න. 

මහින්ද හොඳින් හෝ නරකින් දිනනවා. 

මහින්ද යුද්දෙ දිනපු එක ගැන කළ ගුණ සලකන එක නම් සිංහල ජාතියේ වගකීමක්. මොකද, ඔහු ඔය කියන ජාති කළේ සිංහලයන්ගේ විසිල් එක මැදනේ. ඒ නිසා ඔහු හා හමුදාවේ අය පමණක් ඒ වෙනුවෙන් පරිප්පු කෑ යුතු නැහැ. ඒ නිසා ඔය කියන විදුලි පුටුවෙන් ඔහු බේරා ගන්න එක සිංහලයන්ගේ යුතුකමක්. හැබැයි ඉතින් කළ ගුණ සලකන්න රටක් කන්න දෙන්න ඕනැ නැහැ. 

මේ අතරින් දෙවෙනි කරුණ හෙවත් දෙමළ හා මුස්ලිම් ජනතාව මර්දනය කිරීම ගැන මඳක් කතා කළ යුුතු ය. මන්ද, විපක්ෂයේ පය එතැන පැටලෙමින් තිබෙන නිසා ය. 

දැන් මුස්ලිම් ජනතාව වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා තිබෙනවා යි කියනවා. සුද්ද හදපු දිස්ත්‍රික්ක ටික අපි එහෙමම තියා ගන්න ඕනැද? පරිපාලනයේ පහසුව සඳහා මේවා වෙනස් කළොත් නරක ද? උදාහරණයක් විධියට හාත්පසින් ම වෙනස් භූගෝලීය හා සමාජ පරිසරයන් වන ගලේවෙල, දඹුල්ල, සීගිරිය, ලග්ගල, නාඋල, රත්තොට හා මාතලේ යනාදී ප්‍රදේශ එක ම දිස්ත්‍රික්කයක් තුළ ‍තිබෙනවාට වඩා මේ දිස්ත්‍රික්ක සීමා වෙනස් කළොත් එය ජනතාවට පහසුවක් වෙන්න පුළුවන්. ‍පරිපාලන දිස්ත්‍රික්ක බෙදීමේදී ජනවාර්ගිකත්වය සැලකිල්ලට ගත යුතු ආකාරය ගැන අපි නැවත කල්පනා කළ යුතුයි. පෞද්ගලිකව මම එයට කැමති නැහැ. එහෙත්, ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන සමාජයක මෙවැනි ඉල්ලීම් මතු වෙන එක වළක්වන්න බැහැ. ඉතින් අනාගත ආණ්ඩුවක් මෙවැනි යෝජනාවක් සාකච්ඡා කරන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. 

ඒ ව‍ගේ ම තමයි, දෙමළ ජාතික සන්ධානය ‍මෛත්‍රීපාලට සහයෝගය දීම. කොළඹ ආණ්ඩුව උතුරේ පාලන බලය හිමි පක්ෂයත් එක්ක සන්ධානගත වීම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අලුත් තත්වයක් නිර්මානය වෙන්න ඉවහල් වෙනවා. 

අපට ඉස්සරහට යන්න නම් ජාතික ප්‍රශ්නය විසඳා ගන්න වෙනවා. ඒ සඳහා සිංහල හා දෙමළ සමාජයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයන් ඉතා වැදගත්. චම්පික රණවකලා, සම්බන්ධන්ලා, හකීම්ලා වගේ ජාතිකවාදීන් එකට ගැටෙන එක නරකද? ප්‍රභාකරන් මැරුවාට මේ ආණ්ඩුව තවමත් බලන්නේ ප්‍රභාකරන්‍ සිටි කාලයේ දාගත්තු කණ්ාඩි කුට්ටමෙන්. දැන් සංදර්භයන් වෙනස්. ප්‍රධාන ධාරාවේ බලවත්ව සිටින සිංහල, දෙමළ, කඳුරට දෙමළ හා මුස්ලිම් පක්ෂ ජාතික ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන වාතාවරණයක් නිර්මානය වෙන එක ඉතා හොඳයි. මොකටද ඇඹරෙන්නේ?

මේ විමල් වීරවංශ වගේ පීඩිත පංතියෙන් ආපු, අසූනමයේදී මැ‍රිච්ච ජවිපෙ සහෝදරවරුන්ගේ කරට පය තබා උඩට නැග්ග මිනිස්සු කියන කතා කොයි තරම් අශිෂ්ට ද බලන්න. 

මෛත්‍රීපාලගේ ආණ්ඩුව දෙමළ ජනතාවගෙන් උදුරාගෙන තිබෙන ඉඩම් ආපසු දෙයිලු. එහි හමුදාව අඩු කරයි ලු. ඉතින් ‍මොකද? දෙමළ ජනතාව මත මිලිටරි බලහත්කාරය යොදවා යටත් කර ගැනීමෙන් රට නො බෙදා තියා ගන්න බැහැ. කළ යුතුව තිබෙන්නේ දෙමළ ජනතාවගේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳා ගන්න ඒ ජනතාව බලවත් කිරීමයි. 

මහින්ද යුද්ධය අවසන් කළාට සාමය ඇති කළේ නැහැ. ඒක තමයි ප්‍රශ්නය. දැන් අපට ඕනෑ සාමය ඇති කරන ආණ්ඩුවක්. ඒ සඳහා සාකච්ඡා කරන්න ඕනැ.

බලයට එන්න ජාතිවාදය ඇද ගන්න මේ වගේ අසික්කිත ආණ්ඩුවක් නැවත බලයට පත් කර ගන්න එපා. බලන්න මහින්ද රාජපක්ෂගේ තුරුළේ සිටින කොටි නෂ්ටාවශේෂ අද වන විට 2005දී ඔහු බලයට ගෙන එන්නට කළ ඡන්ද වර්ජනය ම නැවත වතාවක් කරන්නට උත්සාහ කරන හැටි. 

ඉදිරි කාලයේදී මේ රටේ පාලනය පවත්ව‍ාගෙන යන්න මහින්දට අවුල් සහගත තත්වයක් අවශ්‍යයි. දැන් ඔහුගේ ඔඩොක්කුවේ සිටින හීලෑ කොටින් ටික මොන දේකට පාවිච්චි කරයි ද අපි දන්නෙ නැහැ. 

වත්මන් තරුණ පරම්පරාවේ හඬට සවන් දෙන්න. මව්පියන්ගේ පරම්පරාවේ දූෂිත දේශපාලනය ගැන ඔවුන් කොයි තරම් කලකිරිලා ද ඉන්නේ? ඔවුන්ට වෙනසක් අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ට ඡන්දයකින් සාමකාමීව එය කර ගන්නට දිරි දෙන්න. ඔබේ දරුවාත් කැරැලි ගසන, ටයර් මත පිළි‍ස්සෙන, ගංගාවල පා වන යුගයක් නැවත ඇති වන්නට ඉඩ තබන්න එපා.

ඔය අනෙක් සිරං බිරං කතා නං මෙලෝ රහක් නැහැ. ඩඩ්ලි සිරිසේන කැසිනෝ ගහන එකයි, මෛත්‍රීපාල බඩු ගහන එකයි, අරව මේව අපට මොකද? අපි කියල ඉතින් ඔච්චර හොඳ මිනිස්සුයැ. 

මහින්ද‍ගේ ප්‍රධානම ශක්තිය වන්නේ ඔහුගේ දූෂණවලට සම්බන්ධ පිරිස යයි අපි මුලින් සිතුවාට දැන් බලනකොට එවුනුත් හිමීට ලිස්සලා යනවා.

මේ දවස්වල හැමෝ ම බයෙන් ඉන්නවා මහින්ද හොඳින් බැරිනම් නරකින් හරි දිනනවා කියලා. මහින්දත් ඉන්නේ නිකං 'ඔව් මං එහෙම තමයි,' කියන්නා වගේ. මේ කතාව පතුරුවා හරින්නේ මහින්දගේ ම අය තමයි. 

ඕවට ඉතින් 'ගමේ' භාෂාවෙන් නම් කියන්න තියෙන්නේ මෙහෙමයි. මෛත්‍රීපාල දිනුවොත් නම් ඔය හුකාරිස් හරියන එකක් නැහැ.දින්නොත් ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදීව නැට්ට පුකේ ගහගන්නං.

ඒ නිසා මොන මගුල වුණත් කමක් නැහැ කියලා ජනේරු අට ගහමු ආයුබොවං හංසයට එක හිතින්! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. පොලිටික්කා.January 5, 2015 at 10:33 AM

      සජිත් ගියොත් ,
      1.UNP දිගු කාලීනව ස්ථාවර වේ.
      2.චන්ද්‍රිකා වටා SLFP ප්‍රභලයන් ගොනු වීම කඩිනම්වේ.
      3.මෛත්‍රි ජයග්‍රහනය කලොත් ඔහුගේ දේශපාලන දිවිය අවසාන්වේ.
      4.මහින්ද ජයග්‍රහනය කලත් ඔහුගේ දේශපාලන දිවිය අවසාන්වේ.
      (නාමල්ට ඇති දේශපාලන බාදාවක් ඉවත් කිරිමක් ලෙස.)
      5.ඔහුට තාවකාලිකව බ්ලැක් මේල් ෆයිල් වලින් ගැලවිය හැක.

      සජිත් UNP හිටියත් ,UNP යෙන් ගියත්, ඔහුට ඇත්තේ හිටපු ජනාධිපති ආර් ප්‍රේරමදාස මහතාගේ ගම්උදාව වැනි වැඩසටහන්වල ශේෂ ක්‍රියාකාරිත්වයක් සහ මාධ්‍යය ආයතන කිහිපයක න්‍යයාය පත්‍රයකි.
      (උදාහරනයක් ලෙස, මහන මැෂින් බෙදීම ,ස්වයං රැකියා සදහා ආධාර කිරිම,ආගමික ස්ථාන වලට මුදල් දීම වැනි දේවල් සජිත්ට වඩා ඉතා ජනප්‍රියව දුමින්ද සිල්වා කරයි.)
      ඉදිරියේදි ජාතික මට්ටමේ දේශපාලකයකු තම බලය දිර්ඝ කාලයක් රදවා ගැනිමට නම් ඔහුට ජාතික හා ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් හා ක්‍රියාවලියක් අවශ්‍යය. එමෙන් අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේසම් වීමට ඥානයක්ද තිබිය යුතුය.
      පියාගෙන් පුතාට රටක පාලන බලය යෑම අත්‍යවශ්‍ය කාරනයක් නොවේ.එය ගෝත්‍රික වැඩසම් ක්‍රියාවකී.
      රටක් යනු සිල්ලර කඩයක් නොවේ.

      ජනවාරි 08 වෙනිදා, සිල්ලර කඩයක් වී ඇති ශ්‍රීලංකාව රටක් කිරීම අරඹමු!

      Delete
    2. /////ජනවාරි 08 වෙනිදා, සිල්ලර කඩයක් වී ඇති ශ්‍රීලංකාව රටක් කිරීම අරඹමු!////

      අනිවාර්යයෙන් ම..... අපි ඒ සඳහා සැදී පැහැදී ඉන්නවා.

      Delete
    3. දිනමිණ නව කතෘ අජිත් පැරකුම් ජයසිංහ

      දිනමිණ පුවත්පතේ කතෘ ධුරයට අජිත් පැරකුම් ජයසිංහ මහතා පත්කර ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි. නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස නමක් දිනාගෙන සිටිනා ඒ මහතා යුක්තිය,හිරු,ජනරළ ආදී විකල්ප පුවත්පත් වල මෙන්ම ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙසද සේවය කර ඇත.

      එසේම ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරයෙකු මෙන්ම භාෂා පර්වර්ථකයෙකුද වන අජිත් පැරකුම් ජයසිංහ මහතා සිලෝන්ටුඩේ පුවත්පතටද එමගින් දායක වී ඇත. ඩබ්ලිව් ත්‍රී ලංකා බ්ලොග් අඩවියේද ප්‍රධාන කතෘ වන ඒ මහතා සිය නව තනතුර ගැන අදහස් දක්වමින් කියා සිටියේ ඔහුට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ දිනමිණ පුවත්පත නැවත ජනතාව අතරට ගෙන යාම බවයි.

      Delete
  2. //මෛත්‍රීපාල බඩු ගහන එකයි, අරව මේව අපට මොකද? අපි කියල ඉතින් ඔච්චර හොඳ මිනිස්සුයැ. //

    හොරා .. ඉන්නකෝ අපි හාමිනේට ගිහිල්ල කියන්න. එක්කෝ ඕනෙත් නැහැ. පැරා ඔය පැත්තේ බඩු පොට් එකක් තියෙන තැනක හෝඩුවාවක් එවල ඉන්බොක්ස් කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මහින්දල උපන්දා ඉඳලම නියම සීලවන්තයොනෙ. ඔය දැන් ඉන්න හාමුදුරුවරු වගේ තමයි. සිවුරක් විතරයි අඩු.

      Delete
    2. අනේ යකෝ මෛත්‍රීපාලය බඩු ගහනකොට යහපාලනය ඇතිවෙන්වද?

      Delete
    3. අනෙක් හැම දාකම කාන්තා අයිතීන් වෙනුවෙන් ඉක පුරාගෙන පෙනී සිටින මෙම ලේඛක මහතා අද විතරක් ඒ ස්ථාවරය වෙනස් කරන්නේ මන්ද? මෛත්‍රිපාල වෙනුවට සාරුවා සුනිල් මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් අනාගත දිනමිණ කතුතුමා කියනු ඇත්තේ සාරුවා සුනිල් බඩු ගහපු ඒවා අපට මොටද, අපිත් බඩු ගහන්නෙ කියාද?

      Delete
    4. මීට පෙර දිනකත් පවසා ඇති පරිදි ඉංග්‍රීසි ගුරුවරයකු වන පැරා බඩු ගහන එක ඔච්චර ලොකුවට ගණන් ගතයුතු දෙයක් නොවේ.

      විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන සිතුමිණ රත්නමලල හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඇඳුම් අරන්දී පොන්නයෙක් ගහපු විදිය බ්ලොග් එකේ දාලා තිබුනා මතක නැද්ද?

      සන්ධානේ වෙල්ගම සෙට් කරපු බඩුවක් යූ එන් පි යෙ ජගත්ගේ රෙස්ට් එකේ තියාගෙන සමාජවාදී පැරා ගහනකොට එතනම සංහිඳියාව ඇතිවෙලා නේද?

      අනිත් එක ජනාධිපතිවරනෙට ඉල්ලන අයගෙන් බඩු ගහන්නේ නැත්තේ කවුද? සිරිතුංග ජයසූරියලා පානි විජේසිරිවර්ධනලත් සමාජවාදය පෙන්නලා ඕ ටී හදාගන්න එන කම්කරු ගෑනුන්ටත් බේරිලා ඉන්න දීපු උන් නෙවෙයිනේ. ඉතිං මහින්දයි මෛත්‍රීයි පැරායි බඩු ගහන එක කතාකරන්න තරම් දෙයක් නෙවි.

      Delete
    5. හා දැන් බඩු නොගහපු අය අත උස්සන්න? හිතෙන් හරි ගහපු අය ඇතුලුව!

      Delete
    6. \\අනේ යකෝ මෛත්‍රීපාලය බඩු ගහනකොට යහපාලනය ඇතිවෙන්වද?//

      අන්න එතකොට ඇතිවෙන්නේ පින්වතුනි යහ පාලනේ නොවෙයි "යහනේ පාලනේ"

      Delete
    7. ඒකනේ ඔය බටහිර රටවල්වල යහ පාලනේ නැත්තේ ? අපේ උන් බෝට්ටුවකින් හෝ යන්න බලන්නෙත් එම රටවල් වලටනේ .

      Delete
    8. මගෙ නමත් තියෙන්නේ මෙතන.... මම එහෙම එකක් බ්ලොග් එකක ලිව්වෙ නෑනෙ පුතේ.... :D

      Delete
  3. //මෛත්‍රීපාල දිනුවොත් නම් ඔය හුකාරිස් හරියන එකක් නැහැ.//

    මෛත්‍රී පාලනයක් උදෙසා කැති, පොලු , මන්නා අතට ගමු

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අපිට කැති, පොලු, මන්න තමයි ගන්න වෙන්නෙ. ආංඩුවෙ එවුන් අපේ සල්ලි වලින් ගත්ත මල්ටි බැරල් වලින් අපිටම ගහනකොට.

      Delete
    2. කැත්තක් පොල්ලක් වත් ගන්න සල්ලියක් මේ රටේ මිනිස්සුන්ට ඉතුරු කරල නෑ පර්සි....

      Delete
  4. මහින්දගේ සංවර්දනය චීනෙන් ණයට අරගෙන , ගන්න මුදලින් කොටසක් හොරා කා , ප්‍රමිතියෙන් තොටව කරන එකක් , මේවා ගැන අපිට සතුටු විය නොහැක , අපි උපයාගත් දේ වගේ නොවේ නයට ගන්න දෙය ඉතාමත් කල්පනාකාරීව යෝග්‍යම දෙයට යෙදවිය යුතුය .
    නය ගෙන කොළඹ සංවර්දනය කලාට , රටේම මිනිසුන් නය ගෙවන්න දායක විය යුතුය , පළාත් දිඋනු කරන්න පළාත පාලන ආයතන ආයතන වැඩි දායකත්වයක් දැරිය යුතුය . දැන් අර විමල්ගේ ලක්ෂ 30, බස් හෝල්ට් එක බලමු , 10 දෙනෙකුට සෙවන දෙන එකට ලක්ෂ 30 ක් ලක්ෂ 30 න බස් හෝල්ට් කීයක් හදන්න තිබුනාද ? මන් හිතනේ දැන් ඒ බස් හෝල්ට් එකට් යට වෙලාය , පාර ඉස්සුවාම , ඔය වාගේ ජෝගි සංවර්දනයකට ණය ගෙවන්න රටේ ජනතාව දුක්විදින්න ඕනේ , එම නිසා මේ මන්දබුද්දික දුෂිත යෝ ඉවත් කල යුතුයි .sf

    ReplyDelete
  5. මෙන්න ප්‍රවෘත්ති...

    ජනාධිපතිවරණයේ ලේ වැකි ප්‍රචණ්ඩ අවධිය ආරම්භ වූ අතර මෛත්‍රීපාල සිරිසේන සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවේ දෙවන අඩව්ව අල්ලා තිබේ. නායකත්වයට සුදුසු තමන් යයි පෙන්වීමේ වෑයමක යෙදී සිටින සිරිසේන ජනාධිපතිවරණ සමයේ පළමු මාධ්‍ය බිල්ල ගැනීමේ 'ගෞරවයට' හිමිකම් කියයි. බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී.

    වාර්තා කරන්නේ මතුගම අජිත් පැරකුම් ජයසිංහ

    රැඳී සිටින්න නීරස නිව්ස් ෆස්ට් සමඟ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මහින්දගේ නියත පරාජය හමුවේ මත්ද්‍රව්‍ය පාවිච්චි කොට භ්‍රාන්තියට පත්වී ඇති මහින්දගේ යටත් වැසියෙක්!!!

      Delete
    2. හොඳටම ෂුවර්ද මේ ලියපු එකා මහින්දගේ යටත් වැසියෙක් කියලා?

      Delete
  6. අපි වගේ 40 ශ්‍රී ලොරි පදින කේන්දර කාරයින්ට තැනක් ලැබුනෙ මේ ආණ්ඩුවෙන් තමා.... රටේ ප්‍රශ්න වැඩි වෙන කොට තමා අපිට ආදායම වැඩි...

    ReplyDelete
  7. අජිත් පැරකුම් ජයසිංහ මහතා මින් පෙර මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන ලියා ඇති දේ කියවන්න.

    මෛත්‍රීපාල සිරිසේන, සිරිපාල ගම්ලත් එජාපෙට යටින් වැඩ (2009 දෙසැම්බර් 23 - W3Lanka)

    රටේ පවතින සහල් මිළ ඉහළ යාමේ තත්වයත් සමග කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා සංවරධන ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ගොවිජන සේවා ඇමති සිරිපාල ගම්ලත් හොර රහසේ එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නේ ද යන සැකයක් මතු වී තිබේ.

    එ.ජා.ප.යට සම්බන්ධ ඇතැම් ව්‍යාපාරිකයන් සහල් සඟවා තබාගෙන සහල් හිඟයක් රට තුළ පවතින්නේ යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මේ දිනවල උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ජනතාවට අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති රැස්වීමකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය. ඒ අනුව පකිස්ථානය, වියට්නාමය හා පිලිපීනය යන රටවල් සමඟ දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කැර ඇතැයිද ඔහු පවසයි.

    ඉහත නම් සඳහන් කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරුන් දෙදෙනා සහල් තොග සැපයුම් සිදු කරන රටේ ප්‍රධානත ම සමාගම් හිමිකාරිත්වය සමග ඍජුව ම සම්බන්ධ ය.

    1977 දීත් මේ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගනිමින් දේශපාලන අරමුණ වෙනුවෙන් ඇතැම් ව්‍යාපාරික පිරිස් ක්‍රියා කළ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.

    ReplyDelete
    Replies
    1. ඩඩ්ලි යනු මෛත්‍රීපාලගේ (එක් කුස නුවූවත්) සහෝදරයා වූවත්, ඒ දෙදෙනා අතර ඔය කියන අන්දමේ ව්‍යාපාරික හෝ දේශපාලනික සම්බන්ධතාවක් නැත. ඩඩ්ලිගේ සේවයේ නියුක්ත පිරිස්, මෛත්‍රීපාලව එතරම් ගණන් ගන්නේ ද නැත. මෛත්‍රීපාලගේ ප්‍රසිද්ධිය උපයෝගී කරගෙන ඩඩ්ලි ව්‍යාපාර කළා මිස ඔහුට මෛත්‍රීපාලගෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. ඩඩ්ලිට ව්‍යාපාර කිරීමට උදව් කළේ පොලොන්නරුවේ තවත් ව්‍යාපරිකයකු වන යූ. ඩී. සෝමරත්න යි.

      Delete
    2. /ඩඩ්ලි යනු මෛත්‍රීපාලගේ (එක් කුස නුවූවත්) සහෝදරයා වූවත්, ඒ දෙදෙනා අතර ඔය කියන අන්දමේ ව්‍යාපාරික හෝ දේශපාලනික සම්බන්ධතාවක් නැත. ඩඩ්ලිගේ සේවයේ නියුක්ත පිරිස්, මෛත්‍රීපාලව එතරම් ගණන් ගන්නේ ද නැත. මෛත්‍රීපාලගේ ප්‍රසිද්ධිය උපයෝගී කරගෙන ඩඩ්ලි ව්‍යාපාර කළා මිස ඔහුට මෛත්‍රීපාලගෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. ඩඩ්ලිට ව්‍යාපාර කිරීමට උදව් කළේ පොලොන්නරුවේ තවත් ව්‍යාපරිකයකු වන යූ. ඩී. සෝමරත්න යි./

      ඕක පැරාට කියපන්. එදා ඕවා ලිව්වෙ අද මෛත්‍රිපාලය කඩේ යන පැරා විසින්මයි.

      Delete
  8. මෙතන උඩ කමෙන්ට් දාලා තියෙන සියළුම දෙනාට මන්ද බුද්ධිකයන් කියලා කියන්න බෑ; ඒ සියළු දෙනාම නිර්බුද්ධිකයෝ.

    ReplyDelete
    Replies
    1. සීග්‍රගාමී බුද්ධික ⊗January 5, 2015 at 8:52 AM

      යටින් කමෙන්ට් කල පලමු බුද්දිමතා මමයි හුරේ්්්්්්්්්.

      Delete
  9. මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන දැනට අක්‍රියව සිටින Beyond Frame බ්ලොග්කරු කළ සටහනක්ද කියවමු.

    මෛත්‍රීපාල සිරිසේන දිගු නින්දකින් පසු ඇහැරෙයි (Beyond Frame, January 14, 2010)

    පොලොන්නරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට මැර ප්‍රහාරයක්!

    සාධාරණ මැතිවරණයක් පවත්වමින් සිල් අරගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙපාර්ශවය අතර පොලොන්නරුවේ සිදුවූ ගැටුම වාර්ථාව තිබුනේ එසේ ය. එතුමාට මෙය අදහා ගත නොහැකි ආරංචියක් විය.

    මෙහෙම ද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්නේ? අපි වගේ පක්ෂ කාර්යාලවලට ගහල ද?

    (පොඩ්‍ඩක් වැරදුනා මං කිව්වෙ අපි වගේ කියල ද? සොරි සොරි මේ වෙච්චි වැඩෙන් මගේ ඔලුව හොදටම අවුල් වෙල මං කි‍ව්වෙ අපේ වගේ කියල අපි වගේ කියල නෙමෙයි. කවුරු හරි වැරදියට ලිව්ව නම් මකා ගන්න. අයිටීඑන් එකෙන් ගුවන් විහිළුවෙන් ලේක්හවුස් වගේ ආයතනවලින් ආණ්ඩුවට කඩේ යන්න මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආපු පොල්බූරුවන්ටත් එක්කයි මං කි‍ව්වෙ)

    හැබෑටම පොලිසිය නිදි ද?

    (පක්ෂ කාර්යාලවලට ගහන කොට නිදාගන්න කිව්ව තමයි. ඒ යකෝ අපේ පක්ෂ කාර්යාලවලට ගහන කොට නොවෙයි)

    ඔන්න සරත් ෆොන්සේකා ඇවිල්ලා කරන්න යන ප්‍රජාතන්ත්‍රවාදය!

    (මොනව කිව්ව. විහින් ගහගෙන? කවුද ඒ නොහොබිනා කතාව කිව්වෙ හැබෑට. යකෝ ඒ ‍වගේ තුට්ටු දෙකේ කතා කියන්න පුලුවන් අපට විතරයි)

    පොලොන්නරුවෙ ඕවට ඉඩ නැහැ

    (මේක පිට දාල දුසිම් තුන හතරක්වත් කූඩුවට නොදැම්මොත් බලා ගන්න පුලුවන් රාළහාමි. ගහපු අයම ඕන නැහැ. ටිකක් වැඩිපුර කෑගහන අය හොයල දානව)

    අපි මේවායින් පස්සට යන්නේ නැහැ

    (තව කොච්චරක් කියල යන්න ද හලෝ දැන්නම් අගලක් ගියොත් හෙලේම තමයි)

    අපි පොහොර දීල මුලු ලංකා ධරණිතලයම සරු කරලයි තියෙන්නෙ. ඒකට ඉරිසියාවෙ!

    (කන්න හාල් ටිකක් දෙන්න බැරිවුනාට)

    මේ මොන අඩම්තේට්ටම් කරත් රට බෙදන්න ලැබෙන්නේ අපේ මිනී උඩින් කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනව

    (හොද වෙලාට ටිඇන්ඒ එක අරෑට සෙට් වුනේ, සටන් පාඨ හිදිල ගිය වෙලාවෙ, දාපුව ඔක්කොම අලවෙල ගිය වෙලාවෙ)

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල, මහින්ද සමඟ සන්සන්දනය කරන ඕනෑම කෙනෙකුට තේරෙන්වා වඩා නරක මහින්ද කියලා. ඒ නිසා මේ වගේ නිකං දෙකයි පනහේ සිල්ලර කතා කියන්න එපා.

      Delete
    2. /මෛත්‍රීපාල, මහින්ද සමඟ සන්සන්දනය කරන ඕනෑම කෙනෙකුට තේරෙන්වා වඩා නරක මහින්ද කියලා. ඒ නිසා මේ වගේ නිකං දෙකයි පනහේ සිල්ලර කතා කියන්න එපා./

      මාර තර්කයක්නෙ බං. මහින්ද, මෛත්‍රි දෙන්නා බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො එක්ක සන්සන්දනය කරන ඕනෙම කෙනෙකුටත් තේරෙනවා මේ දෙන්නාම හාමුදුරුවන්ට සාපේක්ෂව වඩා නරකයි කියලා. එහෙම නම් අපි ඡන්දෙ දෙන්න ඕනැ හාමුදුරුවන්ටද?

      ගොන් කතා නොකියා හිටපන්.

      Delete
    3. @ Anonymous January 5, 2015 at 9:47 AM
      අනේ යකෝ, මහින්ද යි මෛත්‍රී යි ඇරුණහම අනිත් අපේක්ෂකයෝ Also Ran බව උඹට තේරෙන්නේ නැද්ද? ඉතිං බත්තරමුල්ලයෙක් මොකටද මම සංසන්දනයට ගන්නේ?

      අනික උඹට cocksure ද බත්තරමුල්ලයා මහින්දට යි මෛත්‍රීට යි වඩා හොඳ යි කියලා?

      Delete
    4. මෛත්‍රිත් also ran තමයි. තව සුමාන දෙකකින් කාටවත් මෛත්‍රි කෙනෙක් හිටියද නැද්ද මතක නැති වෙනවා. ඊට පස්සේ අර සරත් ෆොන්සේකා කිව්වා වගේ උන්දැට ඉතුරු වෙන්නෙ ගෙදර බල්ලා විතරයි.

      Delete
    5. මෛත්‍රීත් also ran නම් ඇයි මහින්දයි උඹලා වගේ මහින්දගේ චක් ගෝලයෝයි නිකං භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ වියරුවෙන් දඟලන්නේ? මෛත්‍රීත් also ran නම් මහින්දට ෂපාන් එකේ ගෙදරට වෙලා ඉඳලා නිකං ම ඡන්දේ දිනන්න පුළුවන්නේ?

      Delete
  10. ඔන්න යහපාලනය ගැන දොඩවපු සමාජවාදියෙක් ලියපු සමාප්ති කතාව....
    කොහොමහර මහින්දව පන්න ගත්හම ඔක්කොම හරි ...
    යකෝ බැලුවහම ඇරියස් කවර් කනවා හැරුනහම් මුන්ගේ වෙන මොනවත් නැහෙනේ

    ReplyDelete
    Replies
    1. යකෝ, මුළු රටට ම මහින්දගෙන් ඇරියස් ගන්න තියෙන වග තෝ දන්නේ නැද්ද?

      Delete
    2. "AnonymousJanuary 5, 2015 at 8:56 AM
      යකෝ, මුළු රටට ම මහින්දගෙන් ඇරියස් ගන්න තියෙන වග තෝ දන්නේ නැද්ද?"

      අනේ සක්කිලියනේ තොපේ යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා

      Delete
    3. දැන් මෛත්‍රි පිළේ ඇත්තො කියනවා පින්වතුනි මහින්දට කළ ගුණ සලකන්න ඕනැම නම් වෙන විදිහකට - ඒ කියන්නෙ තෑග්ගක් තැපැල් කරලා යවලා, මහින්ද ගැන ගුණ කථන කවියක් ලියලා කළ ගුණ සලකන්නලු. ඡන්දය ඒවා එක්ක පටලවා ගන්න එපාලු.

      මහින්ද එක්ක ඇරියස් තියෙන එවුන්ටත් මේ තියරිය අදාළයි නේද? මහින්ද එක්ක තියෙන ඇරියස් වෙන විදිහකට - ඒ කියන්නෙ කුණුහරුපෙන් බැනලා ලියුමක් යවලා, බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඇර ගන්න. ඒකට ඡන්දෙ පටලවා ගන්නෙ මොකටද?

      Delete
    4. ////මහින්ද එක්ක ඇරියස් තියෙන එවුන්ටත් මේ තියරිය අදාළයි නේද? මහින්ද එක්ක තියෙන ඇරියස් වෙන විදිහකට - ඒ කියන්නෙ කුණුහරුපෙන් බැනලා ලියුමක් යවලා, බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඇර ගන්න. ඒකට ඡන්දෙ පටලවා ගන්නෙ මොකටද?/////

      අපිට පුළුවනි මහින්දට කුණුහරුපෙන් බැනලා ලියුමක් අරින්න. ඒත් ඒක කළොත් පහුවදාම අපි සුදු වෑන් එකක අතුරුදහන් වෙලා තියෙයි. ඒ සුදු වෑන් සංස්කෘතිය අවසන් කරන්න තමයි අපි මහින්දව එලවන්නේ. ඇමරිකාවේ ජෝජ් බුෂ් ජනාධිපති වෙලා ඉන්න කාලෙම එයාට විරුද්ධව ෆැරන්හයිට් 9/11 කියලා චිත්‍රපටියකුත් හැදුවා. 1960 ට කලින් ඉපදුණු අයට මතක ඇති ලංකාවෙත් ඒ වගේ පාලකයා විවේචනය කිරීමේ සංස්කෘතියක් තිබුණු බව. ඒක 1975 න් පස්සේ ක්‍රම ක්‍රමයෙන් නැති වෙලා ගියා. අපි හදන්නේ ඒ සංස්කෘතිය නැවත් ලංකාවට ගේන්න.

      Delete
    5. ඉතින් බං එහෙම නම් පැරාව දහ සැරයක් විතර උස්සලා තියෙන්නෙ එපායැ මේ ලියන දේවල් වල හැටියට. ඔය පැරා යසට ඉන්නෙ.

      Delete
  11. මීට පෙර දිනකත් පවසා ඇති පරිදි ඉංග්‍රීසි ගුරුවරයකු වන පැරා බඩු ගහන එක ඔච්චර ලොකුවට ගණන් ගතයුතු දෙයක් නොවේ.

    විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන සිතුමිණ රත්නමලල හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඇඳුම් අරන්දී පොන්නයෙක් ගහපු විදිය බ්ලොග් එකේ දාලා තිබුනා මතක නැද්ද?

    ReplyDelete
  12. මගෙ තරහකාරයෙක්ගෙ ටෝච් එළියට මං දැක්ක පාරෙ සර්පයෙක් යනව.
    ටෝච් එක තරහකාරයගෙ නිසා මං සර්පයාව නොදැක්ක වගේ යන්නද?

    ReplyDelete
    Replies
    1. නොදැක්ක වගේ ගියත් කමක් නෑ කාටවත් අනතුරක් නැත්නම්. ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැම සර්පයම මාරාන්තික විසයි කියලා. මාරාන්තික විෂ තියෙන සර්පයින් හතරයි ලංකාවෙ ඉන්නෙ සර්ප විශේෂ සිය ගාණක් අතුරින්. උනුත් කැලේ ඉන්නවනම් නොමැරුවට කමක් නෑ. අහිංසක සත්තු. දකින දකින සර්පයා මැරීම ලාංකීය සමාජයේ මෝඩ චින්තනයේ පැතිකඩක්.

      Delete
    2. "මගෙ තරහකාරයෙක්ගෙ ටෝච් එළියට මං දැක්ක පාරෙ සර්පයෙක් යනව.
      ටෝච් එක තරහකාරයගෙ නිසා මං සර්පයාව නොදැක්ක වගේ යන්නද?"

      නෑ ඒ සර්පයාට කෙලලා වෙන සර්පයෙක් අල්ලලා රෙද්ද අස්සේ දාගන්නවා

      Delete
    3. හෙනහුරා සර්පයා දුටුවාද?

      එහෙනම් අට වැනිදා මතක ඇතිව මහින්ද මහත්තයට චන්දෙ දෙන්න හොඳේ? ටටා බායී

      Delete
    4. @Sa rasa ---- නෑ, අපි ඡන්දය දෙන්නේ මෛත්‍රී මහත්තයාට.

      Delete
  13. "දක්සපාල මොටෝ රිය හැදුවා තමයි, බලන්න ඒකෙ ඇණ මුරිච්චි සමහර ඒවා හරියට තද කරලාවත් නැහැ, මේක මෙහෙම තව ටිකදවසක් පැද්දොත් මොටෝ රියත් කැඩිල ඒකෙ යන අපිත් තුවාල වෙයි, ඒ මදිවට දක්සපාල මොටෝ රියට දාන සිරප් සහ සෝඩා හොරෙන් බොනවත් මම දැක්කා. මොටෝ රිය මට බාර දෙන්න. මම ඒක වෙනස් කරලා හදන්නම්", ගුණේ කෑ ගැහුවා.

    "නුඹ කියන්නෙ බොරු. වැඩ බැරිදාස සෝඩා වතුරෙන් දුවන මොටෝ රියක් හදනව කියල මාස ගානක් ගතකලා. අපි දීපු සිරප් සහ සෝඩා වතුරත් ඔක්කොම බීලා, අඩුතරමින් සෙල්ලම් කරත්තයක්වත් හැදුවේ නෑ. දැන් දක්සපාල මොටෝ රිය හැදුවාම බොරු කියල ඒක අයිති කරගෙන ආයෙමත් සිරප් සහ සෝඩා වතුර ටික බොන්නයි වැඩබැරි නුඹ එක්ක එකතුවෙලා හදන්නෙ. ඒක තේරුම් ගන්න හරිම ලෙහෙසියි. මේ බුල්කාට උනත් ඒක තේරෙනවා" රිය පදවන කඩිනම් කෑගැහුවා. බුල්කාත් ඔලුව හොලවලා වලිගෙ වැනුවා.

    කුසුම් පුරයේ කුරුපුංචො ඔක්කොම ඒක අනුමත කරලා ගුණේව එතැනින් එලවා ගත්තා. ගුණේට කතාව උගන්නල එවපු වැඩ බැරි දාසවත් එලවලා, සෝඩා වතුරෙන් දුවන මෝටර් රිය වැඩි දියුණු කිරීමට දක්සපාලටම බාර දුන්නා.

    ඒ පරණ කතාවක්...........

    කුසුම් පුරේ දැන් ඉන්න කුරුපුංචො 50% කටවත් බුල්කාට තරම් දෙයක් තේරෙනවද කියල නමවෙනිදට බැලුවහැකි!

    උපුටා ගත්තකි...

    ReplyDelete
  14. ලිංගික හැඟීම් හැමදෙනාටම පහළ වන දේවල්ය. සුළු කොටසකට එසේ පහළ නොවුණත් ගැටළුවක් නැත. ලිංගිකාස්වාදනය සාමාන්‍ය දෙයක් කියා සමාජයේ පිළිගැනීමක් පවතී. නීතිය, ආගම මොනවා කිව්වත් තමන්ගේ නීත්‍යානුකූල සහකරුගෙන් සහකාරියගෙන් පිට ලිංගිකාස්වාදනය ලබා ගැනීමද මහා ලොකු දේවල් නොවේ. එනිසා ඒක මෛත්‍රි කළාද, මහින්ද කළාද, පැරා කළාද, පැරාගේ හාමිනේ කළාද වැදගත් ප්‍රශ්න නොවේ.

    වැදගත් ප්‍රශ්නය තමන්ගේ ලිංගිකාස්වාදය වෙනුවෙන් රජයේ මුදල් හිතුමතයේ වැය කළ පුද්ගලයකු රටේ ජනාධිපතිකමට සුදුස්සෙක්ද යන්නයි. මෙතැන ගැටළුව හොරා කෑම පමණක් නොවේ. හොරා කෑම එකකි. තමන්ගේ පෞද්ගලික හා රාජකාරි ජීවිතය එකට පටළවා ගැනීම ඊට බරපතලය. රටේ ජනාධිපති කෙනෙක් අනියම් භාර්යාවකගේ ඉල්ලීම්වලට නතු වීම එරටට කෙසේ බලපායිද?

    මේ ප්‍රශ්නය පැරාට යොමු කරමි.

    පැරා සේවය කරන විදුහලේ විවාහක විදුහල්පතිතුමා

    (1) ඒ පාසලේම වෙනත් ගුරුවරියක සමඟ අයථා ලිංගික සම්බන්ධයක් පවත්වන්නේ නම්

    (2) එම ගුරුවරියට විශේෂ පහසුකම් සැපැයීම පිණිස පාසලේ පොදු සම්පත් භාවිතා කරන්නේ නම් හා

    (3) එය සිසුන්ද ඇතුළුව පාසලේ හැම දෙනාම දන්නේ නම්

    මේ විදුහල්පති තවදුරටත් ඒ පදවියට සුදුසු බව පැරා සිතනවාද? එසේ නම් ඒ ඇයි?

    ReplyDelete
  15. දැන් මෛත්‍රි පිළේ ඇත්තො කියනවා පින්වතුනි මහින්දට කළ ගුණ සලකන්න ඕනැම නම් වෙන විදිහකට - ඒ කියන්නෙ තෑග්ගක් තැපැල් කරලා යවලා, මහින්ද ගැන ගුණ කථන කවියක් ලියලා කළ ගුණ සලකන්නලු. ඡන්දය ඒවා එක්ක පටලවා ගන්න එපාලු.

    මහින්ද එක්ක ඇරියස් තියෙන එවුන්ටත් මේ තියරිය අදාළයි නේද? මහින්ද එක්ක තියෙන ඇරියස් වෙන විදිහකට - ඒ කියන්නෙ කුණුහරුපෙන් බැනලා ලියුමක් යවලා, බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඇර ගන්න. ඒකට ඡන්දෙ පටලවා ගන්නෙ මොකටද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඡන්ද තියෙන්නෙ මොන පුකටද බයියො?

      Delete
    2. අපිට පුළුවනි මහින්දට කුණුහරුපෙන් බැනලා ලියුමක් අරින්න. ඒත් ඒක කළොත් පහුවදාම අපි සුදු වෑන් එකක අතුරුදහන් වෙලා තියෙයි. ඒ සුදු වෑන් සංස්කෘතිය අවසන් කරන්න තමයි අපි මහින්දව එලවන්නේ. ඇමරිකාවේ ජෝජ් බුෂ් ජනාධිපති වෙලා ඉන්න කාලෙම එයාට විරුද්ධව ෆැරන්හයිට් 9/11 කියලා චිත්‍රපටියකුත් හැදුවා. 1960 ට කලින් ඉපදුණු අයට මතක ඇති ලංකාවෙත් ඒ වගේ පාලකයා විවේචනය කිරීමේ සංස්කෘතියක් තිබුණු බව. ඒක 1975 න් පස්සේ ක්‍රම ක්‍රමයෙන් නැති වෙලා ගියා. අපි හදන්නේ ඒ සංස්කෘතිය නැවත් ලංකාවට ගේන්න.

      Delete
    3. ඉතින් බං එහෙම නම් පැරාව දහ සැරයක් විතර උස්සලා තියෙන්නෙ එපායැ මේ ලියන දේවල් වල හැටියට. ඔය පැරා යසට ඉන්නෙ.

      Delete
    4. ඡන්දයක් කියල දෙයක් තියෙන්නෙ රටට වැඩක් කරපු, ඉදිරියට කරන්න පුළුවන් නායකයෙක් වෙනුවෙන් පාවිච්චි කරන්න. නැතුව මෛත්‍රිපාල වගේ තමන්ගෙ හොර ගෑනුන්ගෙ කාර් වලට ආණ්ඩුවෙ සල්ලි වලින් පෙට්රල් ගහපු, සහෝදරයන්ගෙ බිස්නස් කරන්න දේශපාලන බලය යොදවපු පෙන්දෙක් රටේ නායකයා කරන්න නෙවෙයි.

      Delete
    5. එතකොට උඹ උඹේ දෙමව්පියන්ට කෙලෙහිගුන සලකන්නෙ ඇයි? උන් උන්ගෙ සියළු දේවල් කැප කරල උඹව පොෂණය කලා, උඹව රැක බලා ගත්ත. උන්ට පඩියක් හම්බුනේ නැනේ. මහින්දයට මොන හු____කටද යකෝ කල ගුන සලකන්නෙ, ඌට ඌ කරන රස්සාවට ලොකු පඩියක් ගෙව්ව, ඌ උගේ පඩිය වගේ කෝටි ගුනයක් හොරා කෑව. මොනවද යකෝ තවත් කල ගුන සලකන්නෙ, ඌට තවත් හොරා කන්න අවස්ථාව දෙන්න ඕන කියන එකටද කල ගුන සලකනව කියන්නෙ තොපි වගේ හරක් ඉන්නකල් ලංකාවෙ හැම එකාටම වගේ වගක් නෑ යකෝ?

      Delete
  16. අද පොස්ට් එක කාර් ලබයි එකටත් වඩා අල වුනානේද පැරා?
    තව මේ වගේ පොස්ට් දෙක-තුනක් දැම්මොත් මහින්ද දින්නත් ඉඩ තියෙනවා?

    ReplyDelete
    Replies
    1. @Anonymous January 5, 2015 at 10:11 AM ---
      නෑ, මේ වගේ පෝස්ට් තව දෙක තුනක් දැම්මොත් මහින්දගේ ඡන්ද තව තවත් කැඩෙන එක සක්කරයාගේ පුතා වෛමාටවත් බැහැ. උඹ කරන්න හදන්නේ සයිකොලොජිකලි අපිව වට්ටන්න. ඒ හුකාරිස් හරි යන්නේ නෑ පුතෝ.

      Delete
  17. පට්ට ලිවිල්ල පැරා... අපේ උන්ට තේරෙන්න නම් ලියන්න ඕනා මේ විදියටය...

    ReplyDelete
    Replies
    1. ඔව් ගූ ගඳට ඇදෙන්නේ උඹවගේ නිල මැස්සෝ තමයි!

      Delete
    2. මාතා සමඟ 100% ක් එකඟ යි. මහින්දගේ පරාජය නියත යි.

      Delete
    3. එතකොට මගේ ගූ ගොඩ උඩ වහලා ඉන්න උඹ මී මැස්සද....?

      Delete
  18. පලමුව රටJanuary 5, 2015 at 10:57 AM

    facebook,twitter වැනි සමාජ ජාලා තියෙන්නේ අරාබි වසන්තවලට නොවේ ජනතාවට ෆන් ගන්නලු කියලා මහින්දගේ ඇඩ් එකක් තියෙනවා . අපට කෙලවුනත් රජ පවුලේ අයට නම් ලංකාවම ෆන් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. දැන් ෆේස්බුක් එකට නෙමෙයි කොරවක්කන්ටත් බයයි... උනුත් පේන්නේ හංසයෝ වගේ...

      Delete
    2. මාස දෙකකට විතර කලින් මහින්ද කොහොමටවත් පරද්දන්න බෑ කියන ස්ථාවරයෙ හිටිය මාතෙ නේද මේ...? ඇයි අනේ ඔයා වෙනස් වුණේ?

      Delete
    3. කවදද අනේ එහෙම කිව්වේ. ඔයාලා එහෙම හිතාගෙන ඉන්න ඇති...

      Delete
  19. පැරාගේ මේ අගනා පෝස්ටුව කියවලා [හිටපු ජනාධිපති නමැති තනතුරට පත්වෙන්න යන] මහින්දගේ යටත් වැසියෝ සලිත වෙලා.
    අනේ පව්!

    ReplyDelete
  20. මතවාදයෙන් ගැටී, හොඳටම මත් වී මහින්ද මාමාට අටවෙනිදා චන්දය දී ..... ... My3 පරදවමු...

    ReplyDelete
    Replies
    1. MY3 ජනාධිපති පදවියට පත් කරමු. මහින්ද "හිටපු ජනාධිපති" පදවියට පත් කරමු!

      Delete
  21. මහින්ද චන්ද්‍රිකාට කලගුණ සැලකුවාද ? ඒ කෙසේද ? ඔහුව බලයට ගෙන ආ JVP යට කළගුණ සලකුවාද ? ශ්‍රීපති සුරියආරච්චිට කාලගුණ සලකුවාද ? LTTE කැරැල්ල විනාස කල යුද වීරයන් කී දෙනෙකුට ක ලගුණ සැලකුවාද ?

    ReplyDelete
    Replies
    1. මහින්ද කිසිම කෙළෙහි ගුණයක් නැති එකෙක් කියලා ඔප්පු වුණේ 1992 දී පාද යාත්‍රා යන කාලේ ම යි.

      Delete
  22. පැරා දැන් My3 ඇවිත් තමන්ට දිනමිණ කර්තෘ කම දෙයි කියලා හීන දකිනවා. මට නම් හිතෙන්නෙ ඕවා වෙන්නෙ නැහැ. My3 ආවත් චන්ද්‍රිකාගෙ ගෝලයකුටම දෙයි ඒක. මොකද උනුත් සිංහල ලියන්න දන්නවනෙ.

    ReplyDelete
  23. ඇහින්ද රජපස් තුමා වැදගත් විදිහට දෙවරක් කාලා බැහැලා ගියා නම් ඉතිහාසයේ නම ලියා ගන්ට වත් තිබුණා.....

    හැබෑටම මේ මිනිහා පැරදුනාම රට බේරගත්ත නායකයා කියලා උඩ දාලා උඩ දාලා ඒ රටේ ජනතාව විසින්ම ඒ රට බේර ගත්තා යැයි දොඩවන මහා රජ පතුමා ගෙදර එලවීම ජාතික වශයෙන් ද පජාතික වශයෙන්ද පජාත වීමකි........

    වැදගත් විදිහට දෙවරක් කා බැහැලා ගියා නම් ඉවරයිනේ....

    ReplyDelete
  24. Mechchara ikmanata mehema andum galawanna puluwannam parata 8 wenida wenakota me site eka nikam trible x ekak wage weyi wage.. Dan para heluwen indagena eka eka maama walin video danawa wage parage heluwe.. Apita nam mewa jugupsa janakayi.. Eka paarak Chandrika sudda karanna post ekak damma .. Dan badu gahuwath kamak nathilu maithree nam.. Ane ithin umbe blog eke umbata mona kara ganna barida.. Me blog eka follow karana ayata honda awastha thamayi mewa me maithreeta kade yana unge redi asse thiyenne monada kiyala balaganna.. Oni puk..k apita oni maithree thamayi meyalage satan paathya.. Come on para ohoma yan ohoma yan.. Eliwena jameta honda honda sellam kiwwalu

    ReplyDelete
    Replies
    1. ගොං තැරියා. සිංහලෙන් කොටංට ඉගෙන ගෙන වරෙං බොට කියලා දෙන්ට.

      Delete
    2. Onna redi galawila.... Hoo hoo.. Mokakda ellenne..

      Delete
    3. My 3 , My 3 :-) :-)

      Delete
  25. අද රෑට...... අද රෑට අද රෑට පනිනවා ආ ආ......... අද රෑට පනිනවා....

    ReplyDelete
  26. පරාජයේ මං සළකුණු.....

    අන්න පනික්කියාගේ සීනිවුස් වෙබ් සයිට් එක අන්තරස්දාන වෙලා...!!!

    ReplyDelete
  27. \\මහින්ද යුද්දෙ දිනපු එක ගැන කළ ගුණ සලකන එක නම් සිංහල ජාතියේ වගකීමක්. මොකද, ඔහු ඔය කියන ජාති කළේ සිංහලයන්ගේ විසිල් එක මැදනේ. ඒ නිසා ඔහු හා හමුදාවේ අය පමණක් ඒ වෙනුවෙන් පරිප්පු කෑ යුතු නැහැ.//
    Well said Mr. Perakum.....

    ReplyDelete
    Replies
    1. \\විශව විද්‍යාල ප්‍රවේශය නොලැබූ ඊලඟට සිටින දක්ෂතම ශිෂ්‍ය කණ්ඩායම ජාතික විශ්ව විද්‍යාල තුළටම ශිෂ්‍ය ණය ක්‍රමයක් යටතේ **ගාස්තු අයකර** බඳවා ගැනීමට කටයුතු කෙරේ//

      අනේ මේකටත් Well said Mr. Sirisena කියන්නකො සිතුමිණි අයියෙ.

      Delete
  28. සෑම දේශපාලන කරුමයකටම මුල ජේ.ආර් ගේ ව්‍යවස්ථා පඩංගුව බව 50 ට 50 කතාවකි.පැති මාරුව නම් වු ගෙඹි සංස්කෘතිය නම් ජේ.ආර් ගේ පඩංගුවේ නැත.ඒ වයවස්ථාවට අනුව පිල් මාරුව තහනම් කතාවකි.ඒ වුනාට ලංකාවේ අධිකරනය විසින් චන්ද්‍රිකා ගේ කාලයේදි පැති මාරුව වරදක් නොව නියම නිවැරදි ක්‍රමයක් ලෙසට පිලිගන්නා ලදුව මහින්ද මාමා ඒකෙන් විපුල පල නෙලා ගත් පුද්ගලයා බවට පත් වුනේ ලංකාවේ සියළු දේශපාලන පක්ෂ රාජපක්ෂකරණය කරමිනි.අවසානයේ මහින්දගේ ඔඩොක්කුවේ ඒ න්‍යෂ්ටික බොම්බය පුපුරා ගියේ මරාවාදි අධිකරණයත් පුස්සක් කරමින් සියළු දේශපාලන ගෝත්‍රවලට බලු ලේබල් අලවමිනි.මහින්දගේ ආගමනයට පසු පැවති සියළු මැතිවරණ ඇරඹුනේ මහින්ද විසින් සියළු විපක්ෂ දේශපාලන පක්ෂවලට එල්ල කරන ලද මාරාන්තික බොම්බ එල්ල කරමිනි.මෑතකදි පැවති වයඹ පලාත් සභා මැතිවරණයේ මහින්ද විසින් පාවිච්චි කලේ 'දයා-සිරි' නම් වු බොම්බයයි.නමුත් අවසානයේ මහින්දගේම ඡන්දයේදි 'මෛත්‍රී' නම් වු පරමාණු බෝම්බය මහින්දගේ ඔඩොක්කුවේම පුපුරා ගිය දා ............................මහින්දට මෙසේ සිතෙන්නට ඇති.'මා විසින් නිර්මාණ දායකත්වය සපයා පොෂණය කල ජනමූල සංස්කෘතියට මා ම බිලිවුවා නේද','හත් දෙයියනේ මට වුන වියෝයා' කියා.මහින්දගේ දෛවයේ සරදම නං තමන්ගේ පක්ෂයෙ ප්‍රධාන අනුසාශක චන්ද්‍රිකා මේ බෝම්බය නිපදවීමේ විශාල කාර්‍යභාරයක් ඉ‍ටු කිරිමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා