ජනාධිපති අපේක්ෂකයෝ ළමා අපචාරවල

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක දැන්වීම්වල පමණක් නොව ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එරෙහි කුමන්ත්‍රණවලට පවා බාල වයස්කාර දරුවන් යොදා ගන්නා පහත් තත්වයකට ආණ්ඩුව වැටී තිබේ. ඒ බව පහත පළ වන හඬ පටයෙන් පැහැදිලි වේ. 

අනාගත පරපුරේ නාමයෙන් මෙම නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ වන්න.

මෛත්‍රීපාල සිරිසේනගේ ඇතැම් ප්‍රචාරක දැන්වීම්වලත් ළමයින් යොදාගෙන තිබේ. වහාම මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම නැවැත්විය යුතු ය.







මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ළමයාගේ අම්මා,තාත්තා කැමති නං ළමයාව දැන්වීමට යොදාගෙන කියක් හරි හම්බ කරගත්තට කමක් නෑ. මොකද ඔව්වට විරුද්ධ වෙන එවුන් ඇවිත් ළමයට කන්ඩ අදින්න දෙනවද?

    මම එහෙම පැරකුම්ලා තත්තා උනා නං ඒ කාලේ පැරකුම්ව විකුනලා දානවා කරවල වාඩියකට. එහෙම නැත්තන් කොහේ හරි ගෙදරක වැඩකාර කමට යවලා කියක් හරි හම්බ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. තෝ වගේ කාලකන්ණියෙක් , මෝඩ මුසලයෙක්
      - පැරා බේරාගැනීමේ ජාතික සංවිධානයේ(පැබේජාස) කැඳවුම්කරු

      Delete
    2. - පැරා බේරාගැනීමේ ජාතික සංවිධානයේ(පැබේජාස) කැඳවුම්කරු මසොපි.

      Delete
  2. Ekathuwa wisihathai (BBC sinhala). Dan ithin Tissata aapasu enna puluwan.(vissak noaapu nisane eya giye)
    Dayasiri aawoth me velave hari watinawa

    ReplyDelete
  3. පැරාලට තවමත් තේරුම් ගන්න බැරි වෙලා තියෙන දේ ඕක තමයි. ඡන්දෙ ඉල්ලන එවුන්ට ළමය ද, වැඩිහිටියද, ගුරුවරයද, වෛද්‍යවරයද, ..................... ඔය කිසි දෙයක් වැදගත් නෑ. උන්ට වැදගත් වෙන්නෙ කොහොම හරි මිනිස්සුන්ගෙ ඡන්ද ටික කඩා ගන්න එක. ඒකට සදාචාර සීමා තියාගන්න බෑ. දැන් අද පැරාලත් රෙදි ගලවලා පැත්තක තියල පෙනී සිටින ව්‍යාපාරයත් එහෙමම තමයි. දැන් ඉතින් මෙහෙම පෝස්ට් එකක් දැම්ම කියල ඕව නවතින්නෙ නෑ.

    ReplyDelete
  4. දේශපාලන වාසි සදහා ළමුන් යොදාගැනීමේ ඒකාධිකාරය ඇත්තේ දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට (උදා. සන්ධ්‍යා එක්නැලිගොඩ) පමණයි! මහින්දට හෝ මෛත්‍රීපාලට ඒ අයිතිය නැත.

    ReplyDelete
    Replies
    1. හපොයි මෙහෙම තිරිසන් කතාවක්.

      තමන් ගේ පියා අතුරුදහන් කිරීම ගැන කතා කරන්න එක්නැලිගොඩ ළමයින්ට බැරිද? එය "දේශපාලන වාසි සදහා ළමුන් යොදාගැනී"මක් වෙන්නේ කොහොමද?

      Delete
    2. මේ කමෙන්ට්කාරයා කාගේවත් දරුවෙක් වෙන්නත් බෑ, මොහුට දරුවෙක් ඉන්නවා වෙන්නත් බෑ.

      Delete
    3. දේශපාලනය නිසා මනුස්සයෙකුට මෙච්චර පහතට වැටෙන්න පුලුවන්ද ? අයියෝ ලංකාව.

      Delete
    4. මේක ලිව්ව බැල්ලිගෙ පුතාට තාත්තෙක් නැතුව ඇති... සුවර් එකට අම්ම දන්නෙවත් නැතුව ඇති තාත්ත කවුද කියලා... නැත්නම් මේ වගේ අදහසක් හිතට එන්නෙත් නෑ..

      Delete
    5. මෙවැනි කොමෙන්ට් එකක් දැමීමට හැකි බ්ලොග් අවකාශයේ සිටින මන පහතයන් මෙසේය....

      1. අපේ මාරයා අයියා (මහත්තයා, දැන් ටයි දාලනෙ ඉන්නෙ)
      2. මීමුරේ පල් හොරා නොහොත් කැහැටු වලා
      3. අමුමිරිස් රනා
      4. මහා කලු කපු දෙන්නා

      අටමා මෝඩයෙකු බැවින් ඔහුට මෙවැනි කථා කිව නොහැක....

      Delete
    6. ඇයි .. අපේ පැරා සර් ටත් පුළුවන්. දරුවෝ බලං ඉඳිද්දී කාන්තාවක් නිරුවත් කරල පාරේ අවිද්දවපු ජඩ චන්ද්‍රිකා ගෑනි ගරුකටයුතු උත්තමාවක් කියල ඊයේ සුදුහුණු ගාන්න දිග හෑල්ලක් ලියපු පාරා ට ඕක මොකද්ද !!!

      How was it that these self-appointed watchdogs let their attentions wander when in the run-up to the notorious Wayamba election in 1997, a 53-year-old woman, perceived as a UNP supporter, was stripped of her clothing and dragged naked and at gunpoint down a public highway, together with her children?

      ****** Despite wide publicity in the independent media, Kumaratunga has not up to now so much as issued a statement condemning this barbaric and cruel crime that agitates against the very roots of our culture and civilisation. *****

      http://www.thesundayleader.lk/archive/20011104/editorial.htm

      Delete
    7. හැබැයි ඕකෙ තියෙන්නෙ කලුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර රංග මිගාර වීරක්කොඩි මහතාගේ ශෛලිය.

      Delete
    8. /මේක ලිව්ව බැල්ලිගෙ පුතාට තාත්තෙක් නැතුව ඇති... /

      දොස්තර වීරක්කොඩිට නම් තාත්තෙක් ඉන්නවා. මාරයා අයියාටත් හිටියද කොහෙදලු. නමුත් මාරයා අයියා එයාගෙ සොහොන තියෙන තැනවත් දන්නෙ නැතිලු. මී මුරේ මාමට නම් තාත්තෙක් හිටියද අහලා නැහැ. නැතුවත් ඇති සමහරවිට...තාත්තක් හිටිය නම් ඔය කරන ජඩ වැඩ පොඩි කාලෙත් කරන කොට ටොක්කක් ඇනලා හදලා ගන්නවනෙ. කලුවගෙ තාත්තා නම් කවුද කියන්න අමාරුයි. රනාගෙ තාත්තා අමු මිරිස් කන්න ගිහින් හිරවෙලා මළාද කොහෙද...

      Delete
    9. ඔය හැමෝගෙම තාත්තා ආඩම්බරකාර තාත්තා තමා....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මට පේන හැටියට මෙතැන වෙලා තියෙන්නෙ මේ දරුවාගෙ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටීම හා ඔහුගේ මව මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අනියම් භාර්යාව වශයෙන් තබා ගැනීම නිසා උද්ගත වූ තත්වයක්. මෛත්‍රිපාල සිරිසේන මහතාට අනියම් භාර්යාවන් කීප දෙනෙක් සිටි බව පෙනෙනවා. සාමාන්‍යයෙන් මේක හැම දේශපාලකයකුටම පොදු දෙයක් නිසා මා ඔහු එය කිරීම සම්බන්ධයෙන් විශේෂ වැරද්දක් දකින්නේ නැහැ. නමුත් ඕවා කරන කොට පොඩ්ඩක් පරෙස්සම් නොවී කරේ එලාගෙන කුණු මාලු කන්න ගියාම ඔහොම දේවල් වෙනවා. දැන් ඔයිට වඩා දේවල් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කියන්න පුළුවන් ඇති. නමුත් කවුරුවත් එසේ නොකිරීම තුළින් පෙනෙන්නේ ඔහු ඊට වඩා පරෙස්සමෙන් කුණු මාලු කා ඇති බවයි. දේශපානයේදී ශූර බුද්ධිය ඉතා වැදගත්.

    ළමා අපහරණය ගැන කියනවා නම් පැරා කියන කාරණාවට එකඟයි. නමුත් ලංකාවේ සිදුවන ළමා අපහරණ ගැන කතා කිරීමේදී මේක ඉතාම නොගිණිය හැකි දෙයක්. මෙහෙමද ලංකාවේ ළමයි අපහරණය වෙන්නෙ? දැන් පැරාටත් මේ සිද්ධිය වැදගත් වෙන්නෙ දේශපාලනය නිසානෙ.

    මං හිතන්නේ මහින්ද පිළෙන් මේක ඉදිරිපත් කරන්නෙ විපක්ෂය කුලප්පු කරන්න. පසුගිය වරත් ඕකම වුණා සරත් ෆොන්සේකා මහතා අන්තිම මොහොතේ වට්ටන්න. ෆොන්සේකා මහත්තයාත් කුලප්පු වෙලා කලවැදි කතා කියා කාන්තා පක්ෂයේ ඡන්ද කඩා ගත්තා. දැන් මෙතැනත් සිදුවෙමින් පවතින්නේ එවැනි දෙයක් බව පේනවා. මේවා යටපත් වී තියෙනවා නම් විපක්ෂයට වාසියි. කවුරු හරි කවුරු වැරදි වුණත් මේ වගේ දේවල් තව තව ඇවිස්සීම තුළින් පාඩු විපක්ෂයටම පමණයි. ළමා අපහරණ කළාය කියලා කවුරුත් ආණ්ඩුවට ඡන්දේ දෙන්න හිටියා නම් නොදී ඉන්නෙ නෑ. නමුත් අනියම් භාර්යාවන්ගේ කේස් වලට මෛත්‍රිපාල මහත්තයාට පාවෙන ඡන්ද ටිකක් හරි කැඩෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ළමා අපචාරවලට එරෙහිව පෙනී සිටින්නේ මේ සිද්ධියේදී පමණක් නො වන බව ඔබට මෙම බ්ලොගයේ අතීත ලිපි කියවා බැලුවොත් තේරෙයි. අපි ළමයින් මහණ කිරීමේ සිට ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක ළමා මවකට උපහාර පිදීම හා ෆෙස්බුක් නිසා විදුහල්පතිලා දරුවන් නො මරා මැරීම වැනි සිද්ධි රැසකදී ළමයින් වෙනුවෙන් පෙනී සිටියා. ‍සොයා බලන්න.

      Delete
    2. පැරකුම් ළමා අපචාර පප්පෙක් බව අපි දන්නවා... නැවත මතක් කර දීම ගැන ස්තූතියි.

      Delete
    3. මහින්ද කරපු එව්වටත් සාක්කි තියෙනවා.... හැබැයි ඉතින් විවිධ හේතු නිසා කවුරුත් කටක් අරින්න කැමති නෑ....

      Delete
    4. මහින්ද කරපු දේවල් දෙකතුනක් මෙතැන ඇනෝ ඇවිත් කියන්නකෝ. නිකම් දැන ගන්න ආසයි...

      Delete
    5. අජිත් පැරකුම් ජයසිංහ මහතාට දිනමිණ කර්තෘ පදවිය පිරිනමනවා කියා අප එකඟතාවයකට පැමිණ නැති බව කරුණාවෙන් සලකන්න. එසේ කරනවා නම් කරන්නේ ඔහු ඉදිරි දින කිහිපය තුළ අප වෙනුවෙන් කරන කාර්යභාරය සලකා බැලීමෙන් පසුවය.

      ඔහු ඉදිරි දින කිහිපය තුළ අප වෙනුවෙන් කරන කාර්යභාරය මදි නම් ඔහුට දිනමිණ කර්තෘ ධුරය වෙනුවට තරුණී හෝ සුබසෙත වැනි වෙනත් ලේක් හවුස් ප්‍රකාශනයක කර්තෘ තනතුර හෝ උප කර්තෘ තනතුරක් ලබා දීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

      - මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ සංවිධායක කමිටුව

      Delete
  7. ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ඉහත සඳහන් වී ඇති නිසා මේ ටික එකතු කරන්න කැමැතියි. 'If you've eliminated all other possibilities whatever remains must be the truth,' කියා කියමනක් තියෙනවා. මේ කියන්නේ ආතර් කොනන් ඩොයිල්ගේ සුප්‍රකට රහස් පරීක්ෂක චරිතය ෂර්ලොක් හෝම්ස්.

    දැන් අපි මේ අතුරුදහන් වීම හා සම්බන්ධ impossibilities එකින් එක අයින් කරමු.

    එක්නැලිගොඩ මේ දක්වා ලංකාවේ බලෙන් රඳවා ගෙන ඉන්නවා වෙන්න බැහැ. එහෙම හැකියාවක් ඇත්නම් ඒ නාවුක හමුදාවටම පමණයි. ඔවුන්ගේ ත්‍රිකුණාමල කඳවුරේ එහෙම අතිශය රහසිගතව රඳවා තබා ගන්න පුළුවන්. ආමි එකටත් මා දන්න තරමින් බැහැ. එළි වෙනවා. කොහොම වුණත් ඇයි මේ අවැදගත් පුද්ගලයා එච්චර මහන්සි වෙලා මෙසේ සිර කර තබන්නේ? ඒක අත අරිමු.

    එක්නැලිගොඩ ලංකාවේ තමන්ම සැඟවී ඉන්නවාද? මේකත් වෙන්න බැහැ. එහෙම සැඟවී ඉන්න ඔහුට ඇති උවමනාව මොකද්ද? ඔහුට කන්න බොන්න දෙන්නේ කවුද? රස්සාවක් නැතුව පෝෂණය වෙන්නේ කොහොමද? ඇයි දරුවන්ට බිරිඳට කථා නොකරන්නේ? මේකත් වෙන්න බැහැ.

    ඔහු මරා දැමුවාද? ඇයි මේ අහක ඉන්න මනුස්සයා මරන්නේ කවුරුත්? එහෙම එළි නොවෙන්න මිනිස්සු මරන්න පුළුවන්ද? ලසන්ත වික්‍රමතුංග මැරුවේත් කවුද කියලා අපි දන්නවානෙ. ඔප්පු නොකළාට. මේකත් වෙන්න ඉඩ අඩුයි.

    ඉතින් වෙන්න පුළුවන් එකම කාරණාව එක්නැලිගොඩ තමන්ට විදේශ ආණ්ඩුවකින් ලැබුණු වරප්‍රසාදයක් භාවිතා කොට විදෙස් රටකට පැණ ගැනීම විතරයි. මෙහෙම දරු පවුල් අත ඇරලා රට පැනපු එකම පුද්ගලයා ඔහු නෙවෙයි. සමහරවිට ඔහු එය කරන්නේ දුකකින් වෙන්න පුළුවන්. ඒත් හැමෝටම තමන්ට කියලා ජීවිතයක් තියෙනවා. විශේෂයෙන් ජීවිතේ හුඟාක් දුක් විඳි මිනිස්සු ටිකක් හරි සැප විඳින්න කැමැතියි.

    මේ අවසන් විකල්පය පිළි ගන්නවා නම් අප පිළිතුරු දිය යුතු එකම ප්‍රශ්නය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් බේරී ඔහු රට ගියේ කොහොමද කියන එකයි. එහෙම ගිය එකම පුද්ගලයා ඔහු නොවන නිසා ඒකටත් තරමක උත්තරයක් දෙන්න පුළුවන්. සෝමවංශ අමරසිංහත් මේ වගේම රටින් පිටවුණා නේද?

    ReplyDelete
  8. මහින්ද අබේසුන්දර මෑරිල නෑ යකුනේ !

    ReplyDelete
    Replies
    1. අනේ අපේ පැරාට මහින්ද අබේසුන්දර කියන්න එපා. පව්.

      Delete
  9. මදෑ මටත් වෙන වැඩ...

    ඔන්න හා හා පුරා කියලා අද මෛත්‍රී මහතැනගේ කැන්වසින් ටීම් එකක් හම්බු උනා... ටීම් එකක් කිව්වට ඉතිං ළමයි තුන් දෙනෙක්.. එක කොල්ලයි.. කෙල්ලෝ දෙකයි... ටිකක් විතර බයෙන් බයෙන් වගේ අල්ලපු ගෙවල් දෙක තුනකට එබෙනවා මං බලාගෙන.. කොහොම හරි ගේට්ටුව ගාව හිටිය මං දිහාත් බලං එක ළමයෙක් සැකෙන් සැකෙන් වගේ ඉද්දි මං ඉස්සරහට ගිහිං ඇහුවා මොකදෑ කියලා... මේ.. මේ.. කියලා ගොත ගහන ගමන් ඔන්න මටත් දික් කරපි ටිකක් ලොකු කොලයක් වගේ එකක්... ඈත තියාම හංසයා දැක්කම මට ඔන්න නෑයෙක් දැක්කා වගේ හිනා ගියා ...

    මං හිතන්නේ මේ දරුවෝ තුන් දෙනාට තාම ඡන්ද අයිතියවත් නැතිව ඇති... දාසයක් දාහතක් වගේ ඇති.. සමහර විට එතන හිටිය කොලුවට ඡන්දේ ඇති කියලත් හිතෙනවා.. ඒකටනං දහ අටක් විතර සමහර විට තියෙන්න පුළුවන්...
    ඒකා පස්සට වෙලා ඉද්දි ගෑණු ළමයෙක් තමා කොලේ දුන්නේ... අනිත් ගෑණු ළමයා පාරෙන් අනිත් පැත්තට වෙලා කොල මිටිය පපුවට තියං එයින් එහෙක කොනක් හපනවා...

    ඔන්න ඉතිං මාත් නිකං ඉන්න එකේ කියලා හිතලා බැස්සා වැඩේට.. ආ මෛත්‍රී මහත්තයා නේද.. බය වෙන්න එපා අපි දෙනවා.. කියලා මාත් ඔන්න හිනා වෙලා ගත්තා කොලය... අපේ වැඩ එහෙමයි.. මොනවා උනත් ඡන්දේ දවස වෙනකල්වත් ඒ අයව සතුටෙන් තියෙන විදියේ ආරංචියක්වත් යවන්න එපෑ.. ගිය ගිය තැනින් බනිනවා වගේ දේවල් අහනවට වඩා හැම තැනම සර්ට සපෝට් කියලා නෙව ආරංචිය යවන්න ඕන.. අර ගිය පාර ෆොන්සේකා මහත්තයට දුන්න ලනුව වගේ.. ඉතිං මාත් එහෙම හිතාගෙන හිමිහිට වැඩේට බැස්සට මොකද... ළමයි දෙන්නගෙන් (පාරෙන් එහා පැත්තේ හිටිය ළමයට ඇහෙන්න නැතිව ඇති..) එකෙකුගෙවත් නෙවෙයි මූණට හිනා පොදක් ආවේ.. බිරන්තට්ටු වෙලා බලන් ඉන්නවා.. ඔන්න ඉතිං මං දැන් කොර වේගන එනවා... කෝකටත් කියලා මං දෙවැනි වචනෙත් දැම්මා...

    “මේ හරියෙනං මේ වෙලාවට වැඩිය කට්ටිය ගෙවල්වල නැහැ.. අනික අමුතුවෙන් කොල දෙන්න දෙයකුත් නැහැ.. හැමෝම මෙයාට තමයි“

    ම්හූ... ළමය දෙන්නා තාමත් සද්ද නැහැ.. තවත් ඉතිං ඉදිරියට ඇදං යන්න මොකක්ද වගේ හින්දා මං වැඩේ අතෑරියා... මං ඒ පාර ගේට්ටුව වහලා දාලා එන්න ආවා... මට තාමත් හිතා ගන්න බැහැ මොකදෑ මේ ළමයින්ගේ කිසිම උද්යෝගයක් ආවේ නැත්තේ මෙහෙම සපෝට් එකට කතා කරලවත් කියලා... හනේ මටත් වෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. අපරාදේ මාරෙ ඇනෝ ඇවිත් නාස්ති කරන යුනිකෝඩ්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා