ලැබූ ජය කෙතරම් සුවිසල් එකක් ද යන වග

එය වනාහි ලංකා ඉතිහාසයේ නින්දිත, සාපරාධී යුගයකි. යුද්ධය හා යුද ජයග්‍රහණය මුවාවෙන් ඔවුහු ලංකාවේ සියලු අංශ විනාශ කළ හ.
  • අධිකරණයේ මුල් පුටුවලට සිය බැලයන් පත් කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය නැති කර දමන ලදී.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටස් වෙළඳ පළේ කොටස් සේ විකිණෙන තත්වයට පත් කර මහජන නියෝජනය විහිළුවක් බවට පත් කරන ලදී.
  • රාජ්‍ය සේවයේ හැම අස්සක් මුල්ලක් නෑර ම දේශපාලන ඇඟිලිගැසීම් ව්‍යාප්ත කරමින් ද, වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා දූෂිතයන්ගෙන් රාජ්‍ය සේවය පුරවමින් ද, අල්ලස, දූෂණය රජ කරවමින් ද එය විනාශ මුඛයට ඇද දමන ලදී.
  • නීතියේ පාලනය නැති කර දමමින් මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නිරතුරුව වාර්තා වන තත්වයක් නිර්මානය කරන ලදී.
  • දේශපාලනික ජනප්‍රියත්වය පිණිස පොලිසිය ලවා නීතියට පිටින් අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දියත් කරමින් භීෂණය වැපිරුවේ ය.
  • විරුද්ධ මත පළ කරන්නන්ට හිංසා කිරීම, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම දිගට ම කරගෙන යමින්, දේශපාලනික භීෂණයක් නිර්මානය කරමින්, විකල්ප මත දරන්නන්ට රටින් පළා යන්නට හා/හෝ නිහඬ වන්නට සිදු වන තත්වයක් ඇති කරන ලදී.
  • සංවර්ධනය නමින් මහජන අනුමැතියකින් තොරව ගිනි පොළියට ණය ලබා ගනිමින්, එයින් විශාල කොටසක් ගසා කමින්, අනාගත පරම්පරා ණය බරින් මිරිකා දමන ලදී.
  • අන්තවාදීන්ට පහසුකම් හා නීතිමය මුක්තිය ලබා දෙමින්, ජාතිවාදය හා ආගම්වාදය වපුරමින්, සමාජය ගැඹුරින් ම බෙදා වෙන් කරන ලදී. මිනිසුන් ජාති, ආගම් ලෙස ඇණ කොටා ගන්නා තත්වයක් නිර්මානය කරන ලදී.
අප‍ මෙම කරුණු ටික මෙහි සඳහන් කළේ 2015 ජනවාරි 08දා මේ රටේ ජනතාව විසින් ඡන්ද බලය උපයෝගී කරගෙන පරාජය කරනු ලැබුවේ කෙතරම් දුෂ්ට බලවේගයක් ද යන්න හා ඒ ජයග්‍රහණය කෙතරම් සමාජමය වටිනාකමකින් යුක්ත එකක් ද යන්න පෙන්වා දීමට ය.

එය ‍ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමට සිදු වී තිබේ. හේතුව, දැන් රජයේ මුල් පුටු ඩැහැගෙන සිටින හා දේශපාලන වශයෙන් බලවත් වී සිටින පිරිස්වලට එහි ගැඹුර නො තේරෙන බැවිනි. ඔවුන් වැඩි දෙනෙක් පැවති පාලනය තුළ ද වරප්‍රසාද ලැබූ අයයි. සිදු වූ වෙනසෙහි ගැඹුර වැටහෙන්නේ පැවති අයුක්ති සහගත, නින්දිත, තුච්ඡ පාලනයෙන් සැබැවින් බැට කෑ, එය වෙනස් කිරීම සඳහා දිවි හිමියෙන් අරගල කළ ජනතාවටයි.

ආරම්භ කළ වෙනස ඉදිරියට ගෙන යාම හා ලැබූ ජයග්‍රහණය රැක ගැනීමත්, ඒකාධිපති පවුල හා ඔවුන්ගෙන් ප්‍රීණනය ලැබූ අන්තේවාසිකයන් නැවත බලයට පැමිණීමට දරන උත්සාහය වැළැක්වීමත් අපගේ බරපතල වගකීමකි.


අරගලය ජනවාරි අටවෙනිදා අවසන් නො වන්නක් බවත්, එය අඛන්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් අපි කීවෙමු. එහෙත්, තනතුරු බෙදා ගැනීමේ හා දේශපාලන බලය ගොඩනගා ගැනීමේ අරගලය මැද ජන අරගලය අඩාල වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය. මෙම ලක්ෂණය වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ සිවිල් සමාජ සංවිධාන අතර ය. නිදසුනක් ලෙස ජාතික හෙළ උරුමය හා සිවිල් සමාජ සංවිධාන එකතුව ආරම්භ කරන ලද දූෂණ විරෝධී පෙරමුණේ කටයුතු චම්පිකලාට ඇමති තනතුරු හා ශිරාල් ලක්තිලකලාට උපදේශක තනතුරු හිමි වීමත් සමග යටපත් වූ බවක් පෙනේ.

දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ දූෂණ විරෝධී අරගලයේ ඉදිරියෙන් සිටියි. ඇතැමෙක් ඔවුන් විවේචනය කරන්නේ ඔවුන් දූෂණ විරෝධී අරගලය මාධ්‍ය සංදර්ශනයක් කරගෙන ඇති බව පවසමිනි. එහි ඇති වරද කුමක් ද? දූෂණ විරෝධී අරගලය අනිවාර්යයෙන් ම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු ය. හේතුව, දූෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම දූෂණ විරෝධී අරගලයේ කොටසක් වන නිසා ය.

පසුගිය සමයේ අධිකරණය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම, පොලිසිය වැනි ආයතන කෙතරම් පරිහාණියකට පත් වී තිබේ ද යන කරුණ මේ දිනවල සිදු වන දෙයින් පෙන්නුම් කෙරේ. පැමිණිලි විමර්ශනය කරන්නට හා බලවත් පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්නට ශක්තියක් නැති තරමට මේ ආයතන දුර්වල ය. ඒවා යළි පණගැන්වීම ලෙහෙසි නැත. 

අගලවත්තේදී පාලිත තෙවරප්පෙරුමගේ හැසිරීම නීති විරෝධී ය. සදාචාර විරෝදී ය. එහෙත්, ඔහු හැප්පෙන්නේ එසේ මෙසේ චන්ඩින් පිරිසක් සමග නො වේ. ඔහුගෙන් කුණු බිත්තර පහර කෑ ඩී.ඩී. දර්ශන යනු වැඩි ඡන්දයෙන් තේරී පත් වුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම අපේක්ෂකයකු වූ චාමින්ද රණවකට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිකම කරන්නට බාධා කරන අයෙකි. කොළඹ ගොස් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන පාලින්දනුවර ප්‍ර‍ාදේශීය සභාපති වනාහි තමන් පසුපස යන සුරතල් ඌරා වාහනයක හැපී මළ පසු ඒ ඌරු කුණ රිය හිමි වෛද්‍යවරයාගේ වාහනයට බලෙන් පටවා එවීමට තරම් චන්ඩියෙකි. කෙසේ වෙතත්, පාලිත වැරදි ය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ පොලිසිය ඔහුටත් වඩා වැරදි ය. පොලිසිය පණ ගැන්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇණවුමෙනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගැන අත්අඩංගුවට පත් වූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා විසින් බරපතල හෙළිදරව්වක් කර තිබේ. දුමින්ද සිල්වාට එරෙහිව ද පොලිසිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය. එහිදී ද ‍පොලිසිය උත්තේජනයක් බලාපොරොත්තු වන බවක් පෙනේ. 

සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස හා අදාළ අත්අඩංගුවට ගැනීම් කිරීම පිණිස ජනාධිපතිවරයා මැදිහත් විය යුතු ද?

තමන් විසින් ම අදාළ විමර්ශන අංශවල නිර්මානය කරන ලද අකාර්යක්ෂමතාවෙන් රැකවරණය ලබන හිටපු පාලකයෝ දැන් "කෝ අපට කළා ද?" යි කියා අසන තරමට එඩිතර වී සිටිති. එසේම, ඔවුන්ට එරෙහිව කරනු ලබන විමර්ශන පළිගැනීම් ලෙස හඳුන්වන්නට ද 'කෝ යහපාලනය?' යි අසන්නට ද ඔවුහු ඉදිරිපත් වී ඇත. සමාජයට එරෙහිව අපරාධ කළවුන්ට දඬුවම් කිරීම හා සමාජ විරෝධී බලවේග යළි මතු වන්නට ඉඩ නො දීම යහපාලනයේ මුල් පියවරකි.

ඔවුහු කල් යල් බලමින් සිටින්නේ යළි හිස එසවීමට අවස්ථාව ලැබෙන තෙක් ය. ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂකයකු වන අග විනිසුරු මොහාන් පීරිස් තනතුරේ එල්ලී සිටින්නට ප්‍රයත්න දරන්නේ ද එහි ම කොටසක් ලෙස ය. එය කිසි සේත් ඉඩ නො දිය යුතු තත්වයකි. 

ජනවාරි 8දා මේ රටේ ජනතාව සලකුණු කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව අප නිතර සිහිපත් කළ යුතු ය. අප පැරදවූයේ ඉතා බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, දුෂ්ට බලවේගයකි. එම අරගලයෙන් පැරදුණා නම් තමන්ට සිදු විය හැකි දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී තම ගමේ ජනතාව ඉදිරියේ කීවේ ය.

ජනවාරි 8දා අප විසින් සනිටුහන් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයට බාධාකාරී විය හැකි අභියෝග කීපයක් අප ඉදිරියේ තිබේ. එයින් පළමුවැන්න වන්නේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දින 100 වැඩසටන ක්‍රියාත්මක කිරීමට ඇති බාධකයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී හිටපු පාලකයන් විසින් පත් කර ගන්නා ලද අග විනිසුරුවරයා ධුරයෙන් ඉවත් නො වීම ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉදිරියේ තිබෙන ප්‍රබල අභියෝගයකි. 

අනෙක් ප්‍රබල ම අභියෝගය වන්නේ ජාතිවාදයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුවේ සෙසු ප්‍රබලයන් ඉදිරියට එන්නට උත්සාහ කරන්නේ ජාතිවාදයේ කර පිටිනි. ඔවුන් සමාජ ජාල හරහා කරන ප්‍රචාරණය අධ්‍යයනය කර බැලීමෙන් එය හොඳින් පැහැදිලි කර ගත හැකි ය. එහිදී ඔවුන් පෙන්වා දීමට උත්සාහ කරන කරුණක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වුණේ සුළු ජාතික ඡන්දවලින් බවයි. 

ලංකාවේ සුළුතර ජාතීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමට ගත් තීරණය තුළ ගැබ් වූ තවත් වැදගත් දේශපාලන සංරචකයක් තිබේ. ඒ වනාහි ඔවුන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා ඔවුන්ට පක්ෂපාතී දෙමළ ඩයස්පෝරා බලවේගවලට දැක්වූ ප්‍රතිචාරයයි. මෙම කොටස්වලට අවශ්‍ය වුණේ 2005දී මෙන් දෙමළ ජනයා ජනාධිපතිවරණය වර්ජනය කරන තැනකට තල්ලු කර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීමයි. ඔවුන් බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ බලයට පත් වී ජාතිත වශයෙන් උග්‍ර ජාතිවාදී පාලනයක් තුළ සුළුතර ජාතීන් මර්දනයට ලක් කරමින් ජාත්‍යන්තරව ද මහා වියවුලක් නිර්මානය කර ගන්නා සංදර්භයකි. බටහිර රටවල් විසින් ලංකාවට ආර්ථික සම්බාධක පනවා ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දෙන තත්වයක් තුළ තම අරමුණු ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි මේ දෙමළ ජාතිවාදීහු බලාපොරොත්තු වූ හ. 

සිංහල වාමාංශිකයන් අතර අන්තවාදී කොටස්වලට ද උවමනා වුණේ මහින්ද රාජපක්ෂ පාලනය පවත්වා ගනිමින් මෙවැනි අරාජිකවාදයක් නිර්මානය කර ගැනීමයි. එවැනි අරාජිකත්වයකින් සමාජවාදය සඳහා මගක් මතු කර ගන්නට හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූ හ. 

මෙම සංදර්භය තුළ සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන් කෙරෙහි ද පරීක්ෂාවෙන් සිටීම ඉතා වැදගත් ය. මේ වන විටත්, දෙමළ ජාතිවාදීන් තර්ක කරමින් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ දෙමළ ඡන්දවලින් බවයි. ඒ නිසා දෙමළ ඉල්ලීම් ‍කොන්දේසි විරහිතව ලබා දිය යුතු බවට ඔවුහු බලපෑම් කරති. 

ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය එක්ව කටයුතු කළ යුත්තේ දැඩි පරිස්සමකිනි.‍ දෙමළ හා සිංහල මධ්‍යස්ථ පිරිස් අතර ඇති වී තිබෙන අවබෝධය උපයෝගී කරගෙන13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් ජාතික සංහිඳියාව ඇති කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු ය. එහිදී සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන්ට ද අවස්ථාව නො දීමට ආණ්ඩුව පරිස්සම් විය යුතු ය. විශේෂයෙන් ම ජනමාධ්‍ය හා සිවිල් සමාජ සංවිධානවලට මෙහිදී බැරෑරුම් වගකීමක් පැවරේ.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති විය හැකි බල අරගලය රට ඉදිරියේ ඇති තවත් අභියෝගයකි. එමගින් රට අස්ථාවර තත්වයකට තල්ලු කිරීමට පරාජිත රාජපක්ෂ රෙජිම උත්සාහ කරනු ඇත. එය වැළැක්වීමට නම් ‍ප්‍රධාන පක්ෂ සියල්ලේ ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතු ය. පසුගිය කාලයේ පැවති පාලන ක්‍රමය විසින් ඉදිරියට ගන්නා ලද දූෂිත, අවස්ථාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලක කැලත වෙනුවට රටට ආදරය කරන වෘත්තීය දේශපාලනඥයන් පිරිසක් බිහි කර ගැනීමට එය ඉවහල් වනු ඇත. ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවලින් නාම යෝජනා ලැබෙන්නේ කාටද යන කරුණ මෙහිදී ඉතා වැදගත් ය. 

නැවත වරක් අවධාරණය කළ යුතු කරුණ වන්නේ 2015 ජනවාරි 8දා සිදු වුණේ සාමාන්‍ය පුටු මාරුවක් නො වන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක ජයග්‍රහණයකි. එය රැක ගත යුතු ය. ඉදිරිරයට ගෙන යා යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 1977 මැතිවරණ ජය මොකක්ද කියලා හිතෙනවා මේ ජයග්‍රහණයේ ඇති විශාලත්වය සහ වැදගත් කම බලපුවාම. හිට්ලර්ව මැතිවරණයකින් පැරදුවාට සමානයි. අපි ගැන අපි ආඩම්බර වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. 1977 හැබෑට, ලොක්කා ඔයාගේ පාට පෙන්වා වගේ 1994 එහෙම මතක නෑ !

      Delete
    2. 1994 මොකද්ද බං ජයග්‍රහනේ. ඒ වගේද 1977 දි ජේ ආර් ලොක්කා හයෙන් පහක බලයක් ගත්තෙ. ඊට පස්සේ හිටිය එකෙකුටවත් පුළුවන් උනාද එහෙම කරන්න.

      Delete
    3. සව්දම් ජෙමාJanuary 31, 2015 at 9:09 AM

      පැරා, රාජපක්සලාගේ මැදමුලන චින්තනයට වඩා යහපාලන එකමුතුව රටේ සාමාන්‍ය ජනතාවට සහනයකි.එය සාපේක්ෂ සත්‍යයකි.නමුත් යහපාලන එකමුතුවේ ඉන්න සමහරු රාජපක්සලාට නොදෙවෙනි හොරු සහ දූෂිතයන්ය. දින 100 ක් යනකං බැටළු හම පොරවාගෙන ඉඳියි.ඉදිරි මහමැතිවරනයෙන් පසුවත් රටේ යහපාලනයක් පවතීද?
      දැන් ඉතින් සයිබරයේ අපි මොකද කරන්නේ...

      1.යහපාලනයේ ඇති දෝෂ පෙන්වාදෙමු.
      යහපාලනයේ වන්දිභට්ටයන් නොවී අපට ජනතාවට ප්‍රතිලාභ ලගාකරවන්නන් විය හැක .එයින් යහපාලනයේ ආයුෂද වැඩිවේ.
      2.දින 100 න් පසු ලංකාවට අවශ්‍ය කතිතාවක් සයිබරය තුල ගොඩ නගමු.
      විසුරුනු මතවාද ගොනුකොට රටේ අනාගතයට යහපත් බලපෑමක් කිරිමට හැකියාවක් එයින් ඇතිවේ.

      Delete
    4. 1977 මෙන්ම 1994 ජයග්‍රහනයද වැදගත්ය.1977 දී පසුගාමී රදලහාමිනේ කෙනෙකුගේ පවුල් ගසක් පරාජය කෙරුණි.1994 දී අති බිහිසුණු මිනීමරු ඒකාධිපති පාලනයක් පරාජය කෙරුණි.එදා සොත්ති උපාලිලා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේද සීටියේය.අගනුවර සැබෑ පාලකයන් වුනේ මාලු නිහාල්,සොත්ති උපාලි වැනි අයයි.එදා සමාජ ජාල වෙබ් අඩවි තිබුනානම් පෝස්ට් දමන්නට පැය 24 මදි වනු ඇත.
      කලු ලකී වෙනුවට අසාත් සාලි ආදේශ වීමත් (කලු ලකී නම් ගේ ඇතුලට ගියේ නැත ) ,වත්තල ප්‍රාදේශීය සභාවේ සිද්දියත් දෙස බලන විට ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්ඩ බව පැහැදිලිය.විමසිලිමත් නොවුනොත් යහපාලනය අවසන් වන්නේ ටයර් සෑයවල් වලිනි.

      Delete
    5. AnonymousJanuary 31, 2015 at 8:32 AM @ 1977 දී ජේ ආර්ට හයෙන් පහක බලය ලැබුනෙ කේවල ක්‍රමය නිසයි .සමානුපාතික ක්‍රමය තිබුනනම් ඔහුටත් 1994 දී පොදු පෙරමුණට ලැබුන වගෙ බලයක් ලැබෙන්නෙ
      සමහර විට 1994 විපක්ෂයට වඩාප්‍රබල විපක්ෂයක් 1977 දී ඇති වෙන්න ඉඩ තුන .ඒ ඡන්දෙ සමානුපාතික ක්‍රමයට තිබ්බානම්

      Delete
  2. //ප්‍රධාන පක්ෂ සියල්ලේ ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය //
    මේක හදන එක තමයි කෙළිය වෙලා තියෙන්නෙ.
    මට පේන විදිහට ඉස්සෙල්ලම කරන්න වෙන්නෙ මහජනතාවට පජාතන්ත්‍රවාදය කියල දෙන එකයි.

    ReplyDelete
  3. මහින්දට ගොට්ට අල්ලන එවුන්ගේ පුකවල් තාම සනීප වෙලා නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ගොට්ට අල්ලනකොට පුකවල් කොහොමාද අප්සට් යන්නේ? උඹ කියන කුණුහරුප වල තේරුම උබවත් දන්නේ නැ නේද ??

      Delete
    2. මහින්දගේ තංගල්ලේ කක්කුස්සියේ ඉඳන් ඌට ගොට්ට අල්ලන එවුන්ගේ කෑම කන පිඟන්වලට නළ පද්ධතියක් හයි කරන්න ඕනේ. එතකොට මහින්ද රෙන රෙන පාරක් ගානේ ඔය ගොට්ට අල්ලන එවුන්ට උගේ නැවුම් ගූ එවෙලේම බුදින්න පුළුවන් කම ලැබෙනවා.

      Delete
  4. 19954 බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව ඊට පෙර බලයේ සිටි එජාපයේ අපරාධකරුවන්ට දඬුවම් කළේ නැත. එසේ වූවා නම් බටලන්දේ රනිල් අද පැරාලාගේ ආශීර්වාදයෙන් අගමැති නොවනු ඇත. එමෙන්ම 2004 දි බලය ගත් එජනිස ආණ්ඩුවද ඊට පෙර තිබූ රනිල් ගේ ආණ්ඩුවේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නැත. මෙවර රනිල් ඊට කෘතගුණ සලකනු ඇත. එනිසා පැරාලා කොතරම් කෑ ගැහැව්වද, පැයකට එක බැගින් POST දැමුවද අවසානයේ කිසිවක් සිදු නොවනු ඇත. දැන් චෝදනා එල්ල වන අපරාධකරුවන් හා වංචනිකයන් තව අවුරුදු කීපයකින් පැරාලාගේ ආශීර්වාදයද සහිතව නැවත ආණ්ඩු බලය ලබා ගනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉහත අවුරුද්ද 1994 විය යුතුය

      Delete
  5. http://sinhala.lankanewsweb.net/features/15573-2015-01-30-13-13-01

    කියවන්න.

    ReplyDelete
  6. පැරකුම් සුදා ඔයාලගේ NGO සෙට් එක, රාවයේ ඒ දවස්වල හිටපු පුකේ වම්මු එහෙම අර උඩ දාල තියෙන කරුණු සෙට් එක ඔය විදියටම දාල 1994 දීත් මාර ජයක් ලැබුවා කිවුව්ව නේද ? එකම පොස්ට් නැවත නැවත දාන්න වෙන එක පට්ට ආතල් නේද ?? මිනිස්සුන්ට ලාබෙට හීන විකුණන එක ඒ උනාට හරි කැතයි නේද?

    ReplyDelete
    Replies
    1. +++

      වෙන රටවල ඉතිහාසය රිපීට් වෙනවා..අපේ රටේ "ප්‍රගතිශීලින්" විසින් ඉතිහාසය රිපීට් කරවනවා

      Delete
  7. පැරා ඔයා සුටුස් ගාලා 2005 දීද ලකාවට ප්‍රතිර්භුත උනේ, අපිනම් දන්නේ අර බුලට් පොයින්ට් 1977 ඉදන් තියනවා කියල තමයි. අපි මේ බැලුව දවසට දෙක ගානේ පොස්ට් දාන්නේ ඇයි කියල බැලින්නම් ටයිම් ලයින් එකේ අවුලක්නේ.

    ReplyDelete
  8. අග විනිසුරු නාඩගම

    අගමැතිවරයා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (2015 ජනවාරි 30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කර ඇත. මේ එහි සඳහන් ප්‍රධාන කරුණු ගැන කෙරෙන ප්‍රතිචාරයකි.

    ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පිළිබඳ ව යෝජනාවක් 2012 නොවැම්බර් 06 වැනි දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදුව ඒ පිළිබඳ ව කමිටුවක් පත්කරන ලද බව 2012 නොවැම්බර් 14 වැනිදා නිවේදනය කෙරිණි. ඒ කමිටුව පත්කළ හැක්කේ ස්ථාවර නියෝග 78 (අ) යටතේ ය. ස්ථාවර නියෝග 78 පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙනි.

    ඉහත කී කමිටුව එසේ පත්කරන ලද්දේ විනිසුරුවන් ඉවත්කිරීම හා සම්බන්ධ ව්‍යවස්ථාවේ 107 (2) හා 107 (3) වගන්ති යටතේ ය. එබැවින් ඒ කමිටුව එසේ පත්කිරීම නීත්‍යානුකූල ය. ඒ නීත්‍යානුකූල නොවේ යැයි කීම කිසිසේත්ම පිළිගත නො හැකි ය. නොවැම්බර් 06 වැනි දා ගෙනෙන ලද යෝජනාවේ කමිටුවක් පත්කිරීම ගැන සඳහන් වීම නිසා යෝජනාවට වරදක් සිදු නො වේ. එවැනි කමිටුවක් පත්කළ යුතු බවට යෝජනාවේ සඳහන් වුවත් නැතත් කථානායකවරයා ස්ථාවර නියෝග 78 (අ) (2) යටතේ කමිටුව පත්කළ යුත්තේ ය. කමිටුවක් පත්කිරීම ගැන යෝජනාවේ සඳහන් වීම නිසා යෝජනාවේ නෛතිකභාවයට කිසිසේත් ම හානියක් නොවන අතර එසේ සඳහන් කිරීම කථානායකවරයාට කමිටුවක් පත්කිරීමට බාධාවක් නොවන්නේ ය.

    එසේ කථානායකවරයා විසින් පත්කරන ලද කමිටුව මසක් ඇතුළත ඒ පිලිබඳ ව විභාග කරන ලද සාක්‍ෂි ද සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ස්ථාවර නියෝග 78 (අ) (6) යටතේ සඳහන් වෙයි. එහෙත් අගමැති කියන ආකාරයට කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එහි සඳහන් නො වේ. එහි කියැවෙන්නේ වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව ය. වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව කළ යුතු බව අතර වෙනසක් ඇති බව පැහැදිලි ය. අනෙක් අතට වාර්තා කිරීම හා වාර්තාවක් ඉදිරිපත් කිරීම යනු දෙකක් මිස එකක් නො වේ. එබැවින් 78 (අ) (6) උල්ලංඝනය වී නොමැත.

    කමිටුව පාර්ලිමේන්තුවට 78 (අ) (6) යටතේ වාර්තා කිරීමෙන් පසු ඒ පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් 2012 ජනවාරි 10 හා 11 දිනවල පැවැත්වූ අතර අදාළ යෝජනාව තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් 11 වැනි දා සම්මත විය. එහි කථානායකවරයා ඉතා පැහැදිලිව කියන්නේ ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය ප්‍රකාර යෝජනාව ඉදිරිපත් කෙරී ඇති බව ය. රාජිත සේනාරත්න මේ කමිටුවේ සාමාජිකයකු වූ අතර මෛත්‍රිපාල සිරිසේන යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා පමණක් නොව කතාවක් ද කළේ ය.

    යෝජනාව සම්මත වීමෙන් පසුව කතානායවරයා ඒ බව ජනාධිපතිතුමාට ලිපියකින් දන්වා ඇත. එසේ කරන්නේ ස්ථාවර නියෝග 78 (අ) (7) යටතේ ය. ලිපියේ 78 (අ) (7) ගැන සඳහන් වුවත් නැතත් ලිපිය යවා ඇත්තේ ඒ් ස්ථාවර නියෝගය යටතේ බව පැහැදිලි ය. එය අහම්බෙන් යැවුණු ලිපියක් නොව ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය හා ස්ථාවර නියෝග 78 (අ) යටතේ කෙරුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය.

    කෙසේ වුවත් මේ සියල්ල කෙරී ඇති ආකාරය නිවැරදි දැයි තීරණය කරන්නේ මා වත් අධිකරණ ඇමතිවත් නීතිඥ සංගමයවත් නො වේ. එය ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයක් නම් එය කෙරිය යුතුව ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසිනි. එය පාර්ලිමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ව නම් එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග පිළිබඳ ව උසාවියකට වුවත් තීරණයක් දිය නො හැකි ය.

    http://www1.kalaya.org/

    ReplyDelete
    Replies
    1. 'හොරාගේ අම්මගෙන් අහනවා වගේ' කියන්නේ යල්පැන ගිය යෙදුමක්, එය 'හොරාගෙන් අහන්න' ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    2. අධිකරණෙය් සවාධීනත්වය

      107. (1) අග විනිශචයකාරවරයාද, අභියාචනාධිකරණෙය් සභාපතිවරයා
      ද ෙශෂේඨාධිකරණෙය් හා අභියාචනාධිකරණෙය් ෙවනත් සෑම
      විනිශ්චයකාරවරෙයක් ද * [ ] ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටෙත්
      වූ අධිකාර පතයක් මගින් පත් කරනු ලබන්නා හ.
      (2) ඉහත කී සෑම විනිශචයකාරවරෙයක් ් ම යථා පැවැත්ෙමන් සිටින
      තාක් ධුරය දරන්ෙන් ය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා
      ඔප්පු වී ඇති විෂම පැවැත්ම ෙහෝ අබලතාව ෙහෝ පදනම් ෙකොටෙගන
      (ෙනොපැමිණි මන්තීවරයන් ද ඇතුළුව) පාර්ලිෙම්න්තුෙව් මුළු මන්තීවරයන්
      සංඛɕාෙවන් බහුතර සංඛɕාවක් විසින් සම්මත කරන ලද පාර්ලිෙම්න්තුෙව්
      ෙයෝජනාවක් ජනාධිපතිවරයා ෙවත ඉදිරිපත් කරනු ලැබීෙමන් පසුව
      ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු
      ඉවත් කළ ෙනොහැක්ෙක් ය :
      එෙසේ වුව ද, එවැනි ෙයෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ ෙයෝජනා
      සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිෙම්න්තුෙව් මුළු මන්තීවරයන් සංඛɕාෙවන්
      යටත් පිරිෙසයින් තුෙනන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා ෙචෝදිත
      විෂම පැවැත්ම ෙහෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම්
      මිස කථානායකවරයා විසින් එවැනි ෙයෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ
      කිසිම ෙයෝජනා සම්මතයක් භාර ගැනීම ෙහෝ පාර්ලිෙම්න්තුෙව් නɕාය
      පතයට ඇතුළත් කිරීම ෙහෝ ෙනොකළ යුත්ෙත් ය.
      (3) ඒ ෙයෝජනා සම්මතය සම්මත කිරීෙම් කාර්ය පටිපාටිය ද ඇතුළුව
      එවැනි ෙයෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද ෙචෝදිත විෂම පැවැත්ම
      ෙහෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද
      විනිශ්චයකාරවරයාට ෙපෞද්ගලිකව ම ෙහෝ නිෙයෝජිතයකු මගින් ෙහෝ ෙපනී
      සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූ ද සියලු කාරණා
      සඳහා පාර්ලිෙම්න්තුව විසින් නීති මගින් ෙහෝ ස්ථාවර නිෙයෝග මගින් ෙහෝ
      විධිවිධාන සැලැස්විය යුත්ෙත් ය.
      (4) අග විනිශචයකාරවරයා ් වශෙයන් ෙහෝ අභියාචනාධිකරණෙය්
      සභාපතිවරයා වශෙයන් ෙහෝ ෙශේෂඨාධිකරණෙය් ් නැතෙහොත්
      අභියාචනාධිකරණෙය් විනිශ්චයකාරවරයකු වශෙයන් ෙහෝ පත් කරනු ලැබූ
      නැතෙහොත් ඒ ධුරයක වැඩ බැලීම සඳහා පත් කරනු ලැබූ සෑම තැනැත්තකු ම
      ජනාධිපතිවරයා ඉදිරිෙය්, හතරවන උපෙල්ඛනෙය් දැක්ෙවන පතිඥාව ෙහෝ
      දිවුරුම ෙහෝ දී ඊට අත්සන් තබන ෙතක් ධුරෙය් කාර්යයන්හි ෙනොෙයදිය
      යුත්ෙත් ය.
      (5) ෙශේෂඨාධිකරණෙය් විනිශ්චයකාරවරයන් විශාම ගත යුතු වයස
      අවුරුදු හැට පහ වන අතර, අභියාචනාධිකරණෙය් විනිශචයකාරවරයන්
      විශාම ගත යුතු වයස අවුරුදු හැට තුන වන්ෙන් ය.

      Delete
  9. මට කියන්න තියෙන්නේත් උඩින් අදහස් දක්වලා තියෙන ඇනෝල කියන ටිකම තමයි. පැරාගේ බුලට් පොයින්ට්ස් ටික අඩු වැඩි වශයෙන් 77 පස්සේ ආපු හැම ආණ්ඩුවකටම අදාලයි. රාජපක්ෂලාව විතරක් හංවඩු ගහන එකෙන් වෙන්නේ, ඒ වගේම තව හොරු සෙට් එකකට මෙතන ඉඳලා කාගෙන යන්න පාර හදලා දෙන එකයි. රාජපක්ෂලා නීතිරීති වලට සෙල්ලම් නොකරන නිසා අපිත් එහෙම කලාට කමක් නෑ කියලා පැරා කිව්වේ මේ පොල් පැලේට හැරෙන්න තමයි. හැබැයි පැරෝ මේ අරක්කු අපිට කෙලින පටන් ගන්න දවස් 100වත් යන්නේ නෑ. එදාට අපි මේ කරන්නේ පොලිටික්ස්, ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පු.. ඇඟිල්ල ගහ ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙයි..

    දූෂණ චෝදනා මාධ්‍ය සංදර්ශනයක් වීමෙන් සිදු වන්නේ..එහි ඇති විශ්වාසනීයත්වය ගිලිහී ජෝක් එකක් බවට පත් වීමයි. රනිල්ගේ බටලන්ද වගේ ඉදිරියේදී මහින්දගේ සීෂෙල්ස් මාලිගාව, නාමල්ගේ ලැම්බෲගිනිය ආදිය මැතිවරණ කාලෙට ගැලරියට ආතල් දෙන බයිලා පමණක් වෙවී.

    ප.ලි
    ආයේ පොස්ට් එකක් දාන්න කලින් කෙටි විවේකයක් ගන්නා මෙන් පැරගේ දීර්ඝකාලීන පාඨකයෙක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
  10. /* නැවත වරක් අවධාරණය කළ යුතු කරුණ වන්නේ 2015 ජනවාරි 8දා සිදු වුණේ සාමාන්‍ය පුටු මාරුවක් නො වන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක ජයග්‍රහණයකි. */

    අවංකවම කියනවා නම්, එදා 1994 දී රනිල් ගේ ආණ්ඩුව පරදා චන්ද්‍රිකා දිනුවාම අපි හිතුවේත් දාහත්වසරකට පසු ලංකාවේ දුෂණය. භීෂණය ඉවරවුණා, ලංකාවට සදාකාලික වෙනසක් වුණා, සාමය උදාවුණා, බ්ලා, බ්ලා, බ්ලා කියලා තමයි!

    silly me!

    ReplyDelete
    Replies
    1. ඊ..යා .....වැවවසම් යුගයක කලවැද්දෝ. තූ නොදකින්..

      Delete
    2. එහෙම වෙන්නත් බැරි නැහැ රසික. ඒත්, දින සීයේ වැඩපිළිවෙලවත් ඉටු කර ගන්න උත්සාහ කරන්න ඕනැ අසුබවාදී නොවී.

      එහෙම නො වුණොත් ඕනැ නම් පස්සෙ අපට හිනා වෙයි. ඉතින් මොකද? මම නම් මේක කරන්නෙ ජාතික වීරයෙක් වෙන්නවත්, ඉතිහාසගත වෙන්නවත් නෙමෙයි.

      අදට වඩා හෙට හොඳයි බලන්න.

      Delete
    3. AnonymousJanuary 31, 2015 at 9:43 AM

      ඊ..යා .....වැවවසම් යුගයක කලවැද්දෝ. තූ නොදකින්
      ------------

      පැරෝ,
      comment Reply එකකට Reply එකක් විදිහට ඉහත රුවන් වැකිය එවන ලදි.
      comment සහReply වලට සුදු වෑන් එවනකොට පැරා මීට වඩා ටිකිරි මොලය වෙහෙසිය යුතුය.

      Delete
  11. අධ්‍යත්මවේදී මාපලගම සුමනදාස බංඩාරJanuary 31, 2015 at 8:21 AM

    2015 ජනවාරි 8දා සිදු වුණේ සාමාන්‍ය පුටු මාරුවක් නො වන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක ග්‍රහ මාරුවකි. එය 1977,1994 සහ 2005 වසර වල සිදු වු ග්‍රහ මාරු වලට වඩා සුවිශේෂී වනනේ ලංකා කේන්දරයේ ප්‍රභල ග්‍රහයන් කීපදෙනෙක් සදාකාලික නීච වීමයී.ග්‍රහයන් කීපදෙනෙක් තාවකාලිකව උච්චවීම හා සතුරු ග්‍රහයන් මිත්‍ර වී වීමය. .
    පින්වත් දරුවනි 2014 සිට ඉන්දියාවේ ප්‍රභල ග්‍රහයින් වසර 5 යනතුරු BJP තුල උච්චව ගමන් කරයි.

    ReplyDelete
    Replies
    1. අධ්‍යත්මවේදී මාපලගම සුමනදාස බංඩාරJanuary 31, 2015 at 9:32 AM

      බියනොවන්න පින්වත් දරුවා, default option ලෙසම මාගේ ඇට දෙක අසලම අකුනු සන්නායකය (Lightning Rod) සවිවී ඇත. පින්වත් දරුවට එසේ Rod එකක් නැතිනම් උපන් වෙලාවත් රැගෙන මගේ ජෝතිශ මැදුර පැත්තට එන්ඩකෝ....

      Delete
  12. Mashaa Allah. May Allah Bless you Mr Parakum

    ReplyDelete
    Replies
    1. මම දෙවියන් විශ්වාස නො කරමි. එහෙයින් මට කිසිදු දෙවි කෙනෙකුගේ ආශිර්වාද අවශ්‍ය නො වේ. මේ අන්දමින් නිතර කමෙන්ට් දමන තැනැත්තා ඉස්ලාම් ආගම අදහන්නෙක් නො වේ. ඔහුට අවශ්‍ය මා මුස්ලිම් ජාතියට පක්ෂපාතී බව පෙන්නා මා කියන දේ ජාතිවාදී අර්ථයකින් ගන්නට ය.

      මෙවැන්නන් ගැන අනුකම්පා කළ යුතු බැවින් මෙතෙක් කල් මෙවැනි කමෙන්ට් ඉවසුවෙමි. එහෙත් මින් ඉදිරියට කපා දමමි. නිකම් කාලය නාස්ති කර නො ගන්න.

      Delete
    2. Mr Parakum , May the Triple Gem bless you , your family and your endeavours.

      Delete
    3. මට හැ‍ෙඟෙන පරිදි ‍ඉහත කමෙන්ටුවේ අරමුණ ද බුදු දහමට අපහාස කිරීම විය හැකි ය. මෙතන කිසිවෙක් ආගමික ප්‍රාර්ථනා කළ යුතු නැත. මෙම බ්ලොගයේ අරමුණ එය නො වේ. අනෙක් පැත්තෙන් මම කිසිදු ආගමක් අදහන්නේ ද නැත. ‍එසේම ම‍ගේ ස්ථාවරය වන්නේ ආගම්වලින් මිනිසුන් නිදහස් කළ යුතු බවයි.

      Delete
    4. One time , there was a Brahmin who scolded and insulted every clergymen who dare come in front of his door step. One day Lord Buddha saw through his dhyana that this unfortunate man is going to die soon and going straightly to hell. Just like you.

      So next day Lord Buddha visited this unfortunate man's home and with out hesitation he delivered his filthy speech upon Lord Buddha. Lord Buddha didn't say anything and left for the day. This kept happening for 7 days.

      After one week that arrogant brahmin started wondering how much patience this new Sramana must have to bear all his filthy talks. This made his heart melt a little and a small compassion and love developed in his heart. He died the same day and was born in human relame again.

      May this small story bring out the Buddha nature in you and may you be happy and contend. I will not stop blessing you. Its your choice to do anything with it.

      Delete
  13. මෙය අපායේ ඉන්ටිබල් එක වාගේය. ගූ ගොඩේ ඔළුවෙන් හිටගෙන උන් ජනතාවට, නැක්ටෝ එකක බී, සිගරට් එකක් බී ආතල් ගැනීමට ඉන්ටිබල් එකක් ලැබී ඇත. යම පල්ලන් බලා සිටිනුයේ ඉන්ටිබල් එක අහවර වන තෙක්ය. එහෙත් සිකරට් ගගහා ආතල් එකේ ඉන්නවාට වඩා, යම පල්ලන් හා යමයා බැඳ තබා ගැනීමට ඉන්ටිබල් එක භාවිතයට ගත යුතුය. එසේ නොමැති වුවහොත් අපායේ ඉන්ටිබල් අහවර වූ විගස අසූචී වලේ නැවතත් ඔළුවෙන් සිට ගැනීමට සිඳු වනවා ඇත.

    ReplyDelete
    Replies
    1. චී..චී... මතලන්ගේ යාව ජිව නායක, රනිල්ට අසුචි වලේ යමපල්ල කියන එකනම් අන්තිම වැරදියි. ඔන්න බටලන්දේ යමපල්ල කිව්වනම් කමක්වත් නෑ.

      Delete
    2. රනිල් නෙමෙයි මහින්ද මහත්තයත් ඒ කාළේ නියම ගේම් ටිකක් දුන්නා, මැදමුලනේ ට්‍රිප් එකක් ගියපු වෙලාවට ලොක්කගෙන්ම අහගනින්..

      Delete
  14. පැරා අද රෑම තව පොස්ට් එකක් දාගත්තොත් ජනවාරියට හාල්ෆ් සෙන්චරියක් !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා