පාලිත තෙවරප්පෙරුම සිද්ධියේ දේශපාලන අරුත්

අගලවත්ත නගරයේදී පසුගිය ඉරිදා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහර දීම හා දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ප්‍රසිද්ධියේ නගර මැද දනගැස්වීම මෙම දේශපාලන මොහොත සංකේතවත් කරන වැදගත් සිද්ධියකි. 

මෙහි වැදගත් ම අවස්ථාව වන්නේ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑතරම් හේතු සාධක තිබියදී පොලිසිය අකර්මන්‍ය වීමයි. සිදුවීම වෙද්දී ද හුදෙක් නිරීක්ෂකයන් වී ඇති පොලිසිය සිද්ධියෙන් පසුව ද ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක වන්නැයි නියෝග දුන්නාට පසුව ය. එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි. 

පොලිසිය, රාජ්‍ය ‍සේවය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම, රාජ්‍ය මාධ්‍ය වැනි යාන්ත්‍රණ තවමත් දුවන්නේ පැරණි ක්‍රමයට ම බව මෙම සිද්ධියෙන් මනාව ඔප්පු වේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ක්‍රමයකට වෙනස්ව ක්‍රියාත්මක කිරීම පහසු නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ පමණින් මේ දීනකම, රාජපක්ෂපාතිත්වය හා අකාර්යක්ෂමකම එක වරම නැති වී යන්නේ නැත. ඒ සඳහා දැඩි සටනක් කරන්නට සිදු වනු ඇත.

පාලිත තෙවරප්පෙරුම යනු බ්‍රේක් නැති වාහනයක් බව ලෝක ප්‍රසිද්ධ ය. එහෙත්, අගලවත්තේ ශ්‍රීලනිප මැරවයන් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී.ඩී. දර්ශන හා පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ වැනි අය සමග රාජ්‍ය බලය නැති කාලයේ පාලිත තෙවරප්පෙරුම පැටලෙන්නට ගියේ නැත. 

ධම්මික රණසිංහ සුරතලයට ඇති කළ, ඔහු පසුපස යන වල් උෟරෙක් වෛද්‍යවරයකුගේ වාහනයක හැපී මිය ගිය විට ධම්මික රණසිංහ බලහත්කාරයෙන් එම ඌරු කුණ වෛද්‍යවරයාගේ කාරයට පැටවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඩී.ඩී. දර්ශන අගලවත්ත මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් චාමින්ද රණවකට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිකම කරන්නට ඉඩ දුන්නේ නැත. එහෙව් මැරවරයන් දැන් පුවත්පත් සාකච්ඡා පවත්වන්නේ කොළඹට පළා ගොස් ය. එහෙත්, යහපාලනයෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔවුන් වෙනුවට පාලිත තෙවරප්පෙරුමලා අ‍ාදේශ කර ගැනීමට ද?

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම සිද්ධිය ගැන නිහඬව සිටීමට හේතුව ඉදිරි මහ මැතිවරණයේදී එම පක්ෂය වෙනුවෙන් තරග කිරීමට සිටින්නේ මෙවැනි පිරිසක් වීමයි. 

අනෙක් පැත්තෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් වී සිටි දර්ශනලා, ධම්මිකලා මෙන්ම රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි අය දැන් දත මදිමින් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන යටතේ නැවත තරග කර මහ මැතිවරණය දිනාගෙන යළි පාර්ලිමේන්තුවට පත්වන්නටයි.

පාලිත තෙවරප්පෙරුම සිද්ධිය විසින් නිරූපණය කරන්නේ අප හමුවේ තිබෙන ගැඹුරු අභියෝගයකි. අප එයට විසඳුම් සොයා ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. It was little bit late but the action has been taken against this culprit.Most important is not to nominate him or if so, not to elect him again.

    ReplyDelete
  2. අර ගොල්ලෝ කාගෙන, කාගෙන, කාගෙන ගිහිල්ලා අතුරුපසෙන් නැවැත්තුවා. මේ ගොල්ලෝත් කාගෙන, කාගෙන, කාගෙන යන්න පටන් ගනීවි ලඟදීම. මේ කන්නේ පෙර කෑම නොහොත් ඇපිටයිසර්ස්.

    මෙතන "අප හමුවේ තිබෙන ගැඹුරු අභියෝගයකි" යන්නේ කියන කොට අප කියන්නේ කුඩා පිරිසක් කියායි මට හිතෙන්නේ. ඔය නම් කරලා තියෙන හැම තකතීරුවාටම නොමිනේෂනුත් ලැබෙනවා, ඊට පස්සේ උන් මනාපත් ගන්නවා. සාරුවා සුනිල්ට පක්‍ෂව පෙළපාලි ගිය රට නේ!

    ReplyDelete
    Replies
    1. අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලුවෝ , මෙසේ දුෂිත දෙසපලුවෝ පත් වීමට විශේෂයෙන් බලපාපු කරුණු දෙකක් තමා , නීතියට වග නොකියන ජනාධිපති , හා මනාප ක්‍රමය , පළමුවැන්න නම් සංසෝදනය වෙනවා කියනවා , නමුත් මෙවරද මනාප ක්‍රමය වෙනස් කරන්නේ නැහැලු , කල් මදිලු ., නටන්න බැරි මිනිහට පොලොව ඇද වාගේ .,
      මනාප 3 ක් තිබෙන නිසා තමා මේ නළු නිලි , ගණිකාවෝ , මැරයෝ , චෙන් කඩා පු උන් , මන්ත්‍රීලා වෙන්නේ ., චන්ද දායකයා 1 වෙනි මනාපේ දෙනවා කල්පනා කරලා ලයිස්තුවේ ඉන්න තරමක් හෝ හොඳ කෙනෙකුට ., දෙවැන්න ටිකක් කල්පනා කරලා එම ආසන්න දිනවල තමාට , පෝන් එකක් , 3 වීල් ටයරයක් , ඔරලෝසුවක් , හෝ ආහාර වේලක් හෝ මත්පැන් ටිකක් දුන්න කෙනාට දෙනවා , ඊළඟ මනාපේ තමාගේ ප්‍රියතම නිලියට , නළුවාට ගායකයාට , එසේත් නැතිනම් හොඳම ජාතිවාදියට හෝ ආගම්වාදියාට දෙනවා .
      මේ හේතුව නිසා නුසුදුසු අය පත් වෙනවා , කලින් සැරේ කරු ජයසුරියලා අබිභවා පබා ආවේ එලෙසයි , රාජකරුනලා කලේ පබා ඉදිරියේ .
      ඉතින් මේ මනාප 3 ක් තියෙන නිසා මුදල් වියදම් කරන උන් හා ගයේෂ පෙරේරලා වගේඅයත් හොඳ මිනිසුන් පලදා ඉදිරියට එනවා .
      නීති සංසෝදනය කරන්න කල් මදිනම් එක චන්ද දායකයට එක චන්දයයි , එක (1) මනාපයි වගේ සීමා කලොත් ටිකක් හෝ තාවය යහපත් වේවි . එසේත් බැරි නම් නගර සභා චන්ද වල මෙන් මනාප 3 නම එකම කෙනාට ප්‍රකාශ කිරීමට හැකියාව හෝ දිය යුතුය .

      Delete
  3. මොකා පත්වුනත් දේශපාලුකයන්ගෙන් දුෂණය හැරුන විට කිසිවක් බලාපොරොත්තු විය නොහැක. පිලියම වන්නේ ජනතාවව දැනුවත් කොට අධික ලෙස දූෂිත දේශපාලුකයන් ඡන්ද වලදී ප්‍රතික්ෂේප කිරීමයි. පසුගිය ජනාධිපතිවරනයේත් සිදුවුයේ එයයි. නමුත් මෙය සිදුවිය හැක්කේ මිනිසුන් දූෂණයට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධනම් පමණයි. හෙවත්, අබ සරණයි.

    ReplyDelete
  4. මේ සිද්ධීන් එච්චර ගැඹුරට යන්න ඕනෑ නැති බව මගේ නං හැඟීම.

    වේගයෙන් යන වාහනයක් බ්‍රේක් ගහල එක තැන නවත්වන්න බෑ වගේ මහින්ද රාජපක්ෂ (සහ ඔහුට කලින් පාලකයන්) ඇතිකරල තියන ක්‍රමය එකවරම නවතින්නෙ නෑ. ඒ වගේම යූ ටර්න් එක ගහන්න බැරිකමකුත් නෑ උවමනා නං.

    මෛත්‍රීට අවංකවම උවමනාව තියනව නං ඔය නියෝග දෙන්න වෙන්න වෙයි දෙතුන් වතාවක්. පොලීසියත් මේ වෙලාවෙ කරන්නෙ මුට්ටිය දාල බැලීමක්. එක එක්කෙනා සම්බන්ධව එක එක නීති ලොක්ක ක්‍රියාත්මක කරන බව තේරෙනව නං එයාලත් පෙර පුරුදු ගමන යයි. එහෙම නොවෙනව නං එයාලත් අලුත් තත්වයට හැඩගැහෙයි.

    හවස තුන හමාරට විතර මම ඩියුටි හිටිය ඡන්ද මධ්‍යස්ථානය ලඟට ආපු ඩිපෙන්ඩරයකින් රතිඥ්ඥා තොගයක් බෑව. ඡන්ද පෙට්ටි ගෙනියන අවස්ථාවෙදි පත්තු කරන්න. ඒකට ආවෙ මේ පැත්තෙ ඉන්න මිනීමැරුම් චෝදනා පවා තියන ඉලන්දාරියෙක්. අපි එක්ක හිටිය පොලිස් රාලහාමි මෑන් ගැන කිව්ව. ටී පනස් හයක් තියාගෙන ඉන්න හාදයෙක්ලු ඒ. මම ඇහුව ඇයි අල්ලන්නෙ නැත්තෙ කියල. රාලහාමි කියනව ඇල්ලුවට වැඩක් නෑ ඉහලින් ඕඩරේ ආවම අත්හරින්න වෙනව කියල.
    ඔන්න ඔයවගේ පීඩනයක තමයි පොලිසිය ඉන්නෙ. දූෂිතයන් වගේම හොඳ මිනිස්සුත් ඉන්නව. තමන්ට ආරක්ෂාව තියන බව තේරුම්ගන්න පළමු මොහොතේම ක්‍රියාත්මක වෙන්න ඔවුන් සූදානම්. ඒවගේ පරිසරයක් තමයි නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත. අද මයිත්‍රීගෙ මල්ලි ටෙලිකොම් එකේ සබාපති කරලා.

      දැන් මහින්ද කරගෙන කරගෙන ආපු මේ වගෙ ඤාති සංග්‍රහ එක පාරටම නවත්තන්න බැහැ. මයි3 පාලනයක් යටතෙ ටික ටික ඕන මේව නවත්තන්න. තනිකරම මහින්දගෙ වරද මේක.

      Delete
    2. උඹ කථා කරන්නේ කටින්ද පුකෙන්ද බන්. ටෙලිකොම් එකේ සභාපති පත් කරන එක වැලඅදිනවා වගේ වැඩක්ද? මොචනේ වෙන්න ලගයි දැන් ඉතිං නවත්වන්න බෑ කියන්නේ.
      ඇයි තොපිට කියන්න ලජ්ජද රනිලලා, සිරිසේනලා, මහින්දලා ඔක්කොම එකයි මුන් කොර ගන්නේ මුනටම තමයි, මෙදා පොටෙත් අපි යහ පාලනයකට කතිරේ ගහල කෙලව ගත්ත කියන එක.

      Delete
    3. January 22, 2015 at 8:22 PM මෝඩ ඇනෝට සාකැසම් කියන දේ නොතේරෙන පාටයි. පව්!

      Delete
  5. Replies
    1. මාතලන් මොකද බන් මේ ලජ්ජා බිමින් තියන් මේකට එන්නේ මේ පැරා උඹට පන්න පන්න ගහද්දි

      Delete
    2. පැරා අලින්ට මාර බයයි නේ ඕයි.. එතකොට එයා ආයෙත් ඉල්ලන්නේ අර ප්‍රගතිශීලී සෙට් එකද.. මාර සමාජවාදේ නේ බං.. පට්ටයි ඕයි..

      පැරාලයි ගෙදර බල්ලා පාරේ යන මිනිහෙක් හපා කෑවත් පැරාලගේ මුළු පවුලටම ගේම දෙන්න ඕන.. ඒකනේ මේ කියන්නේ..

      පැරා සතිපඨ්ඨානේ වඩන කොට වෙන්න ඇති අලින්ගෙන් කෑවේ...

      Delete
  6. 'එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි'

    මගේ අදහස නං ඔය පැරා කියනවා වගේ දේශපාලනික නායකයන් පොලිසියට නිතිය ක්‍රියාත්මක කරන්න කියලා උ‍පදෙස් දෙන්න එන එකම මහා විහිළුවක්. මොකක් හරි ප්‍රශ්නයක් උනාම හැමදාම අපි දකින්නේ 'මේ සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිවරයා,ආදාළ ඇමතිවරයා ඉල්ලා පොලිසියට උපදෙස් දී ඇත' කියලා නිවුස් වල යනව.

    මම කියන්නේ ඕක වෙනස් වෙන්න ඕනි. දේශපාලකයන්ගේ උපදෙස් ඕනි නෑ පොලිසියට ක්‍රියාත්මක වෙන්න. එහෙම උපදෙස් දෙන්න වෙලා තියෙනවා කියන ඒකෙන්ම අදහස් වෙන්නේ නිතිය හරියට ක්‍රියාත්මක නොවෙන ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. එතකොට දේශපාලන උපදෙස් නැත්තන් පොලිසිය උඩ බලං ඉන්න ඕනිද?

    මේ සිදුවීමේදී නිතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා රනිල් පොලිසියට උපදෙස් දුන්නද නැද්ද කියලා මම දන්නේ නෑ. හැබැයි ඒ වගේ උපදෙස් නොදී හිටියා නං මම වඩාත් කැමතියි. කාගෙවත් උපදෙස් නැතිව හරියට වැඩ කරන්න පද්ධතියකුයි පොලිසියට ඇතිකර දෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. //දේශපාලකයන්ගේ උපදෙස් ඕනි නෑ පොලිසියට ක්‍රියාත්මක වෙන්න. එහෙම උපදෙස් දෙන්න වෙලා තියෙනවා කියන ඒකෙන්ම අදහස් වෙන්නේ නිතිය හරියට ක්‍රියාත්මක නොවෙන ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. එතකොට දේශපාලන උපදෙස් නැත්තන් පොලිසිය උඩ බලං ඉන්න ඕනිද?//

      බැලූ බැල්මට මේක ඇත්ත. අවුල තියෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි දේශපාලන ඇඟිලි ගැහැලි එන එක. කොටින්ම පොලිසියෙ රාජකාරිය කියන්නෙ (මේ යන ක්‍රමයේදි) දේශපාලකයාට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම. "අහවල් රාජකාරිය කරපං" "අහවල් එක කරන්න එපා" වශයෙන් උපදෙස් දෙනකොට පොලිසිය ඉබේම හැඩගැහෙනව 'ඕඩර් එකක් දුන්නොත් විතරක් වැඩ කරන්න'. හරිම සිම්පල් කේස් එකක්. මේකට තියන විසඳුම තමයි පොලිසියට ස්වාධීනව තීරණ ගන්න පුළුවන් තත්වයකට පත්කිරීම. දැනට ඒ තත්වය නෑ. රාජකාරියක් හරියට කලාම ලැබෙන්නෙ මාරුවීම්. මතකනෙ 'හුලා' ගෙ ගෑනිගෙ බූරුපිටිය වටලපු පොලිසියට වෙච්ච දේ.

      Delete
    2. පළයන් රාජ් යන්න.. ඊයේ ජෝන් අමරතුංග පිස්සු කෙලින්න ගියාම. පිස්සු නම් කෙලින්න එපා ලොක්කා කියලා කියන්න පුළුවන් ඕ අයි සී ලා ඉන්න බවත් අමතක කරන්න එපා. නොන්ජල් උන් හින්දා තමයි මේ රට හදන්න බැරි.. හැමදාම බෑ බෑ බෑ...

      බෑ කියපු ළොකුම එකත් කරේ බං

      Delete
    3. මාතලන් කේජී කැල්ලක් ඇදලා වගේ.

      Delete
    4. මාතලන් ගැන ෂුවර් පිට කියන්න පුළුවන් ගහල තියෙන්නෙ කේජී නෙවේ ඇල්කොහොල් ජාතියක් මොකක් උනත්. ඔය වීර ටෝක් දෙන්නෙ ඒකයි.

      හරියට රාජකාරි කරන්න ගියපු මිනිස්සු නැවතුනේ කොතනද කියල දැනගන්න උඹේම ඊයෙ දාපු පෝස්ටුව කියවපං.

      මම විශ්වාස කරන විදියට පොලිසියට හෝ වෙන මොන මගුලට උනත් අවශ්‍ය වෙන්නෙ කොන්ද කෙලින් තියාගන්න පුළුවන් නීති පද්ධතියක්. මොකෝ ලංකාවෙ හැම එකාම නෝන්ජල් එවුන් නොවෙනව වගේම හැම එකාම වීරයොත් නොවන නිසා. වීරයටයි නෝන්ජලයටයි එකසේ අවුලක් නැතිව රස්සාවත් කරගෙන රටටත් සේවයක් කරන්න පුළුවන් එතකොටයි.

      Delete
    5. මාතලන් වගේ යාළුවෙක් මටත් ඉන්නවා. පොරට ඒ කියන්නේ මිනිහත් පොඩි අඩියක් එහෙම ගහපු ගමන් ලොකු ලොකු කතා දෙන්නේ.

      දවසක් මම ගියා පොරගේ ගෙදර. බෝතලයක් එහෙම අරං,බයිට් එකටත් අරං,තව කෑමත් අරං ගියේ. මේකාත් ඉතිං බිලා ටිකක් වෙලා ගිහිං ලොකු ලොකු ටෝක්ස් දුන්නා මට. පස්සේ ඌ මාත් එක්ක කෙල ගන්නත් ආවා. කොච්චර බිව්වත් මම ඉන්නේ මීටරෙන්. මේ ඉතිං උන්ගේ ගෙදර නිසා මම කරබාගෙන ඉදලා පස්සේ ආවා.

      ආයේ දවසක මම මගේ තවත් යාළුවෙක් එක්ක සෙට් වෙලා, ඔය මුලින් කිව්ව පොරටත් කතා කරා අපේ ගෙදර වරෙන් බොන්න කියලා. ඊට පස්සේ ඔය වලි දාන පොර ටිකක් බොනකන් අපි දෙන්න බොරුවට බොනවා වගේ රඟපාමින් හිටියා. අරුට ටිකක් වෙරි උන ගමන් සුපුරුදු පරිදි වලියට ආවා.

      අපේ දෙන්නා එකතු වෙලා දුන්නා ඔය වලිකාරයට ගූ යන්නම. අපිත් වෙරි වගේ බොරුවට ඇක්ට් කරමින් තමයි අරුට ගුටි දුන්නේ. එදායින් පස්සේ නං ඒකා කොච්චර බිව්වත් ලොකු ටෝක්ස් දුන්නේ නෑ. බොන්න පටන් ගන්නකොටම ඌට ඔය සීන් එක මතක් කෙරුවම ආයේ ලොකු කතා නෑ.

      Delete
    6. පොලිසියට ඕඩර්ස් දෙනව වෙනුවට ඇක්ෂන් නොගත්තට නිදහසට කරුණු ඇහීමයි කළයුත්තෙ 
      ඉන්දරේ

      Delete
    7. කොන්දක් නැති එකාට කොන්දක් දාන එක, බොහෝම අමරු ඔපරේසොන් එකක්..

      අනික ඒකට කෙල උනාම නර්ව්ස් සිස්ටම් අවුට් ගිහින් මනෝ විකාර වැඩත් කරනවා.. පිස්සු කියවනවා..

      නීතිපතිටත් කොන්දක් නොතිබ්බා නම් අද කොමෙන්ට්ස් නෙමෙයි පෝස්ට් හිටං නෑ..

      Delete
    8. ඕක යූ.එන්.පී හෝ ශ්‍රී ලංකා කියලා වෙනසක් නෑ..මොකා පත්වුණත් දැනට පුරුදු වෙලා තියෙන්නේ පොලිසියට ඕඩර් දීලා වැඩ කරන එක. දැන් පොලීසියත් බලන් ඉන්නේ උඩින් ඕඩර් එක එනකං.මොකද තනියම හිතලා පියවරක් ගත්තත් වැඩක් නෑ ආයෙත් උඩින් ඕඩර් ඇවිත් පියවර වෙනස් කරන නිසා. හැබැයි මෛත්‍රී ලොක්කා මෙතනදි කරපු දේ වඩාත් ප්‍රායෝගිකයි. බලන් හිටියා පොලිසිය යමක් කරයි කියලා, එහෙම නැතිවුණ තැන ඕඩර් එක දිලා පෙන්නලා දුන්න පියවර ගත යුත්තේ තමන් නොව පොලීසිය බවත් ඒකට තමන්ගෙන් බාධාවක් නැති බවත්

      Delete
  7. ඇයි පැරා මේවා පැරාටම ප්‍රශ්න වෙන්නෙ? රටේ ඒකීය භාවය රැකෙනව නම් මදිද?

    ReplyDelete
  8. කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    මේ අනුව අමාත්‍යවරුන් ගණන 28 ක්ද, රාජ්‍ය ඇමැතිවරුන් 11 ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ලෙසද මොහොමඩ් තම්බි හසන් අලී සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙසද දිවුරුම් දුන්හ.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස

    රන්ජන් රාමානායක - සමාජ සේවා සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන

    වසන්ත අළුවිහාරේ - මහවැලි සංවර්ධන හා පරිසර

    අමීර් අලි සහබ්දීන් - නිවාස හා සමෘද්ධි

    මොහොම්මදු ෂරීෆ් තවුෆික් - අභ්‍යන්තර ප්‍රවාහන යන මහත්වරු දිවුරුම් දුන්හ

    ReplyDelete
    Replies
    1. කොහොමද තම්බිලගේ බලේ. අමාත්‍ය මණ්ඩල සංයුතිය ජන අනුපාතය අනුව බැලුවම මොන වගේද තියෙන්නේ? තම්බිලා වැඩිද?

      Delete
    2. අමාත්‍ය මණ්ඩල සංයුතිය ජන අනුපාතය අනුව බලනවා නම් මෝඩ මූසලයෝ ඇමැති මණ්ඩයේ 50% වැඩිය කාන්තාවන් ඉන්න ඕනෑ නේද? තොට ඒ පොල් පරාළෙ පේන්නෙ නෑ, කෙන්ද නම් පේනවා.

      Delete
    3. කේන්ති ගන්න එපා. මම දැනගන්න ඇහුවේ. ඇමති මණ්ඩලේ ඔක්කොම තම්බි උනත් මට මොකද? මම වැඩ කරන්නේ තම්බියෙක්ගේ කොම්පැනියක. MAS, Brandix ඔක්කොම තම්බි කොම්පැනි තමයි හොඳටම ගෙවන්නේ.

      තම්බින්ට ඇමතිකම් වැඩිවෙනකොට අපේ කොම්පැනිවල බිස්නස් වැඩි වෙනවා. එතකොට අපිට බෝනස් වැඩිවෙනවා. ඉතිං අපිට හෙන ජොලි.

      Delete
  9. අලුත් තත්වයන්ට හැඩගැහෙන්න පොලීසියට වුණත් එක පාරම බැරුව ඇති.මේ වගේ මිනිස්සුන්ට නාම යෝජනා නොදෙන්න පක්‍ෂ නායකයින්ට බලපෑම් කරන්න ඕනේ.නැතිනම් වෙන්නේ මොන යහපාලනේ තිබ්බත් මේ වගේ සිදුවීම් වර්තා වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මිනිස්සු මුන්ට කෙළ ගහලා පිළිතුරු දෙන්නේ නැත්තේ.ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර ලෝකෙට නරක වුණත් තෙවරප්පෙරුමලා තමන්ගේ පස්සේ ඉන්න සෙට් එකට හොඳයි..ඒක නිසා තෙවරප්පෙරුමලා මිනීමැරුවත් රකින්න පිරිසක් ඉන්නවා

      Delete
  10. මට මතක විදිහට නම් පැරා මිටි ඉස්සර දවසක (අලුත්ගම සිද්ධියේදී) මේ blog එකේදිම තෙවරප්පෙරුම වීරයෙක් කරලා තිබුනා. දැන් මොකද මේ? කන්න ඕන උනාම කබරයා තල ගොයා වෙනවද? එහෙම නැත් නම් නිර්ආගමිකයකු වශයෙන් පෙනී සිටිමින් බුදුදහමට විතර පහර දෙන පැරා මේ වෙලාවේ බුදු දහමම පාවිච්චි කරමින් ලොව ස්ථිරවම පවතින්නේ වෙනස්වීම පමණක් යන සත්‍ය පහදා දීමට නව ව්‍යාපෘතියක් අරඹලාද ?


    සමරසේකර

    ReplyDelete
    Replies
    1. තෙවරප්පෙරුම ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් මිනිසුන් බේරා ගන්න ඉදිරිපත් වී ගුටි කෑවා. එතැනදී ඒ මිනිස්සු මුස්ලිම් ද කියන කාරණය වැදගත් නැහැ. අපි මේ බ්ලොගයේ මුස්ලිම් අන්තවාදයට ‍එරෙහිවත් ඕනෑ තරම් ලියා තිබෙනවා.

      පාලිත වීරකමක් කළා නම් ඒක වීරකමක් ය කියන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒ වගේ ම ඔහු වැරදි වැඩක් කළා ම එය වවේචනය කරන්නත් ඔහුගේ අතීත ක්‍රියාකාරිත්වයන් බාධාවක් නොවෙයි.

      සමරසේක‍ර හැම දෙයක් දිහා ම ජාතිවාදී කණ්ණාඩියෙන් බලන පටු මිනිහෙක් වෙන්න එපා.

      Delete
    2. අයියෝ සමරසේකර මහත්තයා, ඇයි මේ ඔබ්ජෙක්ෂන් දාන්න විතරක් එන්නෙ? පැරා කියන දේ අවබෝද කරගන්න බැහැ කියල විශ්වාස කරන්න බෑ.

      තෙවරප්පෙරුම කල නිවැරදි දේට නිවැරදියි කියන්නත් වැරැද්දට වැරදියි කියන්නත් ඔච්චර තටමන්නෙ මොකටද?

      Delete
    3. මට කලින් පැරා උත්තර දීල!

      Delete
    4. අපේ සරමසේකර මහත්තයට එක එක ඒවා කියනවා එහෙම නෙමෙයි..

      Delete
    5. සමරසේකර මහත්තයා මෙහෙම කියනවා ---- ////ලොව ස්ථිරවම පවතින්නේ වෙනස්වීම පමණක්////

      ආගමික ශාස්තෲවරුන්ගේ දර්ශන ගෙන හැරපාන්නේ නැතිව "වෙනස්වීම" කියන දෙය විද්‍යාත්මකව විග්‍රහ කළ හැකි ද සමරසේකර මහත්මයාට?

      Delete
    6. විද්‍යාත්මක විග්‍රහ, විග්‍රහ කළ හැකි ද විද්‍යාත්මකව ?

      Delete
    7. මේ සරමසේකර කියන්නේ අර ගැටඹේ පන්සලට පඬුරක් දාලා කාරෙකේ ලයිට් නැතුව ගිහින් පොලීසියෙන් බේරෙන්න පුළුවනිය කියා කියපු පොර නේද?

      Delete
    8. ආගම දේශපාලනය අන්ත දෙකක තිබ්බත් එක තැනකදි හරි එකතු වෙනවා. කොහොම වුනත් නිර්දය විවේචනයකට වඩා සාධාරණ පැහැදිලි කිරීම වටිනවා. නමුත් හොඳ දේ කරන්නේ කවුද තරාතිරම නොබලා ඇගයීමත් එහි ප්‍රතිලෝමය කිරීමත් වැදගත්

      Delete
    9. @ පැරා,
      ඔබේ උත්තරෙන් මා නැවත වරක් මුල් ලිපිය බැලුවා.ඔබ එහි කිසි තැනක කියල නැහැ හොඳ දෙයක් කල විටෙක තෙවරප්පෙරුමගේ හොඳ කියනවා වාගේ නරක දෙයක් කල විටෙක විවේචනය කරනවා කියල.ඔබ ගණන් දීමේ සංකල්පය concept of accountability කියල දෙයක් අහලා තියෙනවා ඇති සිතමි.මම ගණන් ඉල්ලුවා, එකට ඔබ ගණන් දුන්නා.ඒ ගණන් දීම හරිද කියල මේක බලන අය තේරුම් ගනීවි
      @ රාජ් පැරා කියන දෙය සත්‍ය වීමට එය ශාක්ෂි මගින් ඔප්පු කල යුතුයි. ඔබ සිතු පරිදි මම පැරා කියූ දෙයට objection දමන්නම මේකට එනවා නොවේ පැරා කියා ඇති සත්‍ය දේවලට මා මීට පෙර බොහෝ අවස්ථාඅ වලදී ඔහු පසසා ඇත.
      @ ක.කා .
      මා පොරක් තමයි. ඒ මා ලද නිදහස් අධ්‍යාපනයට ගෙවිය යුතු නය තවමත් ගෙවා ඉවර නැති බව සිතන නිසා. 1991දි මට එංගලන්තයේදී ගල් වෙන්න තිබුනා.1997දි මට ජපානයේදී ගල් වෙන්න තිබුනා.2010දි මට නවසීලන්තයේදී ගල් වෙන්න තිබුනා. එහෙම කරන අයුරුත් ඉන් පසු p.r.සහ ඉන්පසු citizenship ගන්න හැටි මා නොදැන සිටියා නොවේ.
      මහපාරේ පොලිසියේ රාජකාරි කරන අය විඳින දුක ඒ අයගේ පැත්තෙන් බලපුවාම අනුකම්පාවක් දැක්වීම මට සුළු දෙයක් ඒක හදවතින්ම පෙන්නන්න පුලුවන්කෙනා අතින් වන වැරැද්දක් ගැන ඔවුන් උනත් සානුකම්පිතව බලන බව මා අද්දැකිමෙන්ම දන්නවා.ඒ පැත්තෙනුත් මා පොරක්. ඔබටත් පුළුවන් මගේ තත්වයට ඇවිල්ලා පොරක් වෙන්න.හැබැයි ඒකට හදවතට එකඟව උත්සාහ කරන්න ඕනෑ.
      සමරසේකර .

      Delete
    10. Niyamayi uncle, hambawunaa neda kakata kora wennama

      Delete
    11. රසික උත්තර දෙන්න, සරමසේකර මහත්තයා කියනවා ඔයා ගල් ඉබ්බෙක්ලූ. එක ඇත්තද?

      Delete
  11. හරියට හරි පැරා. අපේ රටේ මිනිස්සුන්ට රජෙක්ම ඕනැවෙලා තියෙන්නෙ ඕකයිනෙ. සිස්ටම් වලට වැඩ කරන්න දන්නෙ නෑ. කෙළ මෝලෙන් අනින්නම ඕනැ.
    මේක බලන්නකො

    ReplyDelete
    Replies
    1. ඇමති මණ්ඩලේට තව තම්බි තුන්දෙනෙක් ඇවිල්ල. හෙන අයියාට මාර හැපී නේද?

      Delete
    2. ආණ්ඩුවයි අපියි අතරේ ගිවිසුම් තිබුනේ නෑ...,තිබුනේ ඩිල් විතරයි. මොන එකාද කියන්නේ ඩිල් වලට ගිවිසුම් කියල?

      හකීම්

      Delete
  12. හම්බයන්ට ජයවේවා!!!

    සියලු හම්බයන්ට ඇමතිකම් ලැබේවා!!!

    අජිත් පැරකුම්ට දිනමිණ ලැබේවා!!!

    සිළුමිණත් හම්බයෙකුටම ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. Oyakiyana hambayo lankaawata enakota kaanthavo samaga aave nehe.
      Sinhala kaanthaawo denna hondai. Emathikam narakai.
      Sri Laankika vidiyata hithamu. Nathnam goda ena eka boru.

      Delete
    2. 83 දෙමළට වෛර කරා, දැන් තම්බියට වෛර කරලා වැඩක් නෑ. උන්ට එහා යන්න පුළුවන් සිංහලයෝ ටිකක් හදාගන්නවා මිසක්. උන් ගහන්නේ මොලෙන්නම් සිංහලයා ගැසිය යුත්තේද මොලෙන් මිස අතින් පයින් නොව. නැතිනම් පචවී කුජීත වන්නේද සිංහලයාමය

      Delete
  13. ARA ANO Kenek kiwwa wage Break nethiwa yana Wahanayak ekaparama nawaththanna bahe,Oya wage Chandi Desapalakayanwa, Punuruththapanya kalaheki,Den Udaharanayata Parma gamu,Thrasthawadayen Prajathanthrawadayata Awe punuruththapanaya wela lassanata,(Paththagoda-Dhargatown)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා