මෛත්‍රී පාලනයෙන් නිර්වානය අ‍පේක්ෂා කළ හැකි ද?

මෛත්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි.

එම සංඥා මෙසේයි:‍

මෙය විප්ලවයක් නොව බල සීරුමාරුවකි

සිදු වී තිබෙන්නේ ධනවාදයේ අර්බුදය පුපුරා ගොස් එහි ස්වරූපයේ වෙනසක් සිදු වීම මිස සමාජවාදී විප්ලවයක් නොවන බව මතක තබාගෙන කටයුතු කළ යුතු ය. එහෙයින් ඇතැමුන් අපේක්ෂා කරන ආකාරයේ දැවැන්ත සමාජ විපර්යාසයක් සිදු වන්නේ නැති බව කණගාටුවෙන් වුවත් කිව යුතු ය. එවැනි බලාපොරොත්තු තබාගෙන සිටි අයට අලුත් කලකිරීම් ඇති කර ගැනීමට සිදු වනු ඇත. ‍එහෙත් සුබවාදී නොවී සිටිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැත. වඩා වැදගත් වන්නේ සුබවාදී වෙමින්, අධෛර්ය නො වෙමින් අරගලය පවත්වාගෙන යාමයි.

මෛත්‍රීපාල සිරිසේන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සාමාන්‍ය ඇමතිවරයකු මිස සුවිශේෂ අරගලකරුවකු නො වේ. ඔහු වනාහි දහඅටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම වැනි අධම ක්‍රියාවලට අත එසවූ අයෙකි. ඔහු‍ තුළ යම් සරළකමක් දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රමය වෙනස් කිරීමේ අරගලයට නායකත්වය දීමේ අභියෝගාත්මක, එඩිතර තීරණයකට එළඹීමට ඔහු නිර්භීත වූයේ ය. ඔහුගේ වටිනාකම ඇත්තේ එතැනයි.
ඔහුත්, ඔහු වටා ඒකරාශී වූ පිරිසත් මෙහෙ‍යවනු ලබන්නේ වෙනසක් සඳහා මහජන අභිලාෂය විසිනි. ජනතාව හා ජනමාධ්‍ය විසින් කරනු ලබන බලපෑම මෙහිදී ඉතා වැදගත් ය.

අලුත් බෝතලේ පරණ වයින්

අලුතින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සිදු වූ වෙනසේ තරම නිරූපණය කරන සංකේතයක් ලෙස සැලකිය හැකි ය. අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන්නේ තාවකාලික පදනමකින් දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ය. එය කලින් අමාත්‍යංශවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා ය. දක්ෂකමට වඩා ජ්‍යේෂ්ඨත්වයට මුල් තැන දී ඇති බව පෙනේ. එසේම, මෙම දින 100 තුළ පෙන්වන කාර්යසාධනය මත අනාගත ඇමතිවරුන් තීරණය වනු ඇත.

ඇමති මණ්ඩලයෙන් 70%ක් ම එක්සත් ජාතික පක්ෂයේ ය. ඇතැම් ඇමති තනතුරු මත‍භේදාත්මක ය. විශේෂයෙන් ම, රවි කරුණානායකට මුදල් ඇමතිකම දීම හා අකිල විරාජ් කාරියවසම්ට අධ්‍යාපන ඇමතිකම දීම ජනතාවගේ අවධානයට ලක් වී තිබේ. රනිල් වික්‍රමසිංහ එමගින් පෙන්වා තිබෙන්නේ සිය පරණ ලක්ෂණයි.

කැළේ මාරු වුණත් යූඇන්පියේ පුල්ලි මාරු වන්නේ නැත

එක්සත් ජාතික පක්ෂය සිතාගෙන සිටින්නේ මෙම ජයග්‍රහණය තමන්ගේ එකක් බවයි. තමන් මෛත්‍රීපාලට ජනපති පුටුව පිදුවා යයි රනිල් වික්‍රමසිංහ සිතාගෙන සිටින බව පෙනේ. ඒ කියන්නේ රාජපක්ෂ හිතවාදීන් වෙනුවට තමන්ගේ ම දූෂිතයන් පිරිසක් ස්ථානගත කරගෙන පාලනය ගෙන යාමයි. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව සැබෑ අරගලයක් කළ එක්සත් ජාතික පක්ෂයේ නව පරපුර පසුපසින් තබා පැරණි දූෂිතයන් ඉදිරියට ගැනීමෙන් අප කියන දෙය ඔප්පු වේ.

වෙනසක් වෙනුවෙන් පැවති ජනතා අභිලාෂය මත ලැබුණු ඡන්ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලැබුණු ඒවා ලෙස තේරුම් ගැනීම එම පක්ෂය කර ගන්නා බරපතල වරදකි. මීට කලින් එක්සත් ජාතික පක්ෂ පාලනයන් තුළදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමය ම දින 100 තුළත් ක්‍රියාත්මක කරන්නට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවක් පෙනේ. අපට කියන්නට තිබෙන්නේ කරලා බලමු කියා ය.

ධනවාදීන් අතර සම්මුති

රනිල් වික්‍රමසිංහ රජය මහින්ද රාජපක්ෂ සමග සම්මුතියකට එළඹ තිබෙන බවට සැක කළ හැකි සිද්ධි ගණනාවක් සිදු විය. ඒ අතරින් පළමුවැන්න වන්නේ ජනාධිපතිවරණයට පසු දින සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක වූ පසු රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීමයි. එය ලේ වැගිරීමක් නැවැත්වීමට කළ මැදිහත්වීමක් වුවත්, රාජ්‍ය විරෝධී ක්‍රියාවකට එරෙහිව කටයුතු නො කර සිටීමේ සම්මුතියකට එළඹීමට ඔහුට අයිතියක් නැත. සමස්තයක් ලෙස ම රාජපක්ෂ පාලනයේ දූෂණ හා නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් දකින්නට ලැබෙන්නේ නැත.

දූෂිතයන්ට දඬුවම් දීමේ දේශපාලන අරගලය ආණ්ඩුවට පිටින්

රාජපක්ෂ පාලනය තුළ මහජන මුදල් ගසා කෑ හා විවිධ නීති විරෝධී ක්‍රියාවල යෙදුණු අයට එරෙහිව කියාමාර්ග ගැනීම සිදු වෙමින් පවතින්නේ ආණ්ඩුවට පිටින් ය. ජාතික හෙළ උරුමය පවා මෙහිදී කටයුතු කරන්නේ ආණ්ඩුවට පිටින් සිටිමිනි. මංගල සමරවීර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව රහස් පොලිසියට කළ පැමිණිල්ල ද එවැනි ය.
දූෂිතයන්ට දඬුවම් කිරීම හේතු දෙකක් නිසා අත්‍යවශ්‍ය ය. පළමුවැන්න වන්නේ එවැනි ක්‍රියා කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතන්නට දේශපාලකයන් පෙළඹවීමට එය හේතු වේ. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය ආණ්ඩුවේ දූෂිත දේශපාලකයන් සම්පූර්ණයෙන් ම දේශපාලන කරළියෙන් පිටමං කර දැමිය යුතු ය. ඔවුන්ට අනාගත දේශපාලනය තුළ ඉඩක් ඉතිරි නො කිරීම දේශපාලනිකව රටට අත්‍යවශ්‍ය ය.

අග විනිසුරු

අග විනිසුරු මොහාන් පීරිස් තවමත් තනතුරේ එල්ලී සිටින ආකාරය දෙස බැලූ විට ඔහුත්, ආණ්ඩුවත් අතර යම් සම්මුතියක් ඇති වී තිබේ ද යන සැකය මතු වේ. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයේ නඩු තීන්දු දීමේ සම්මුතියක් ඇති වනවා නම් එය බරපතල ප්‍රශ්නයකි.

උතුර මිලිටරිහරණයේ ආරම්භය

උතුරේ ආණ්ඩුකාර ධුරය හෙබවූ විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඉවත් කර ඔහු වෙනුවට විදේශ සේවයේ සිටි පළපුරුදු නිලධාරියකු හා විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද, රී ලංකා සාම ක්‍රියාවලි සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස කටයුතු කළ එච් එම් ජී එස් පලිහක්කාර එම තනතුරට පත් කර තිබේ.

මෙම පියවර ජාතික සංහිඳියාව ඇති කිරීමේ වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි අගය කරන්නෙමු.

එය එක පැත්තකින් උතුර මිලිටරිහරණය කිරීමේ පියවරක් ලෙස ද සැලකිය හැකි ය. මිලිටරිහරණය යනු ආරක්ෂාව ඉවත් කිරීම නො වේ. බෙදුම්වාදී ජාතිවාදයෙන් රට ආරක්ෂා කළ යුතු ය. එහෙත්, දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට අනවශ්‍ය තරම් හමුදාව මැදිහත් වීම නැවැත්විය යුතු ය. අධි ආරක්ෂක කලාප මුවාවෙන් ජනතාවගේ ඉඩම් විශාල වශයෙන් අල්ලාගෙන සිටීම වෙනුවට ආරක්ෂක කටයුතු වඩා ක්‍රමවත් කළ යුතු ය.

උතුරේ සාමාන්‍ය තත්වය ඇති කිරීම කළ යුතුව තිබෙන්නේ සිංහල ජාතිවාදී නායකයන්ට එය මහජනතාව ප්‍රකෝප කිරීම සඳහා භාවිතා කිරීමට කිසිදු ඉඩක් නො තබමින් ය. මෙහිදී දෙමළ දේශපාලන නායකයන් පැත්තෙන් ද වගකීම් සහගත හැසිරීමක් අවශ්‍ය ය.
උතුරේ ප්‍රශ්නය විසඳීමේදී දෙමළ නායකයන් පැත්තෙන් වගකීම්සහගතභාවය ඇති කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‍ගේ ජයග්‍රහණයකි. මෙම වගකීම්සහගතභාවය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කැපී පෙනිණි.

බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී සිංහල සමාජය තුළ ඇටුවම් බැස ඇති ජාතිවාදී සැක සංකාවන් දුරලීම සඳහා දෙමළ දේශපාලන නායකත්වයෙහි වගකීම්සහගතභාවය ඉතා වැදගත් ය.

අරගලය ඉදිරියට

ඒකාධිපති පාලනයට නැවත හිස ඔසවන්නට ඉඩ නො දිය යුතු ය. දින 100 වැඩසටහන වෙනුවෙන් ආණ්ඩුව ආරක්ෂා කළ යුතු ය. ආණ්ඩුවේ ගමන් මග දෙස සාවධානයෙන් බලා සිටීම හා වැරදි නිර්දය ලෙස විවේචනය කිරීම අත්‍යවශ්‍ය ය. එසේ ම, දින 100 වැඩසටහන තුළ කරන වෙනස වත්මන් ආණ්ඩුවේ කාර්යසාධනය බවට පත් කළ යුතු ය. ජන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එකෙක් දෙන්නෙක් හිරේ යැවීම අවශ්‍ය බව අපද සිතන්නේ පළිගැනීමේ චේතනාවකින් නොවේ. එහි අවශ්‍යතා කීපයකි. එකක්, දූෂිතයන් සිටි බව හා දූෂණ සිදු වූ බව සැක කරන අයගේ සැක දුරු කිරීමය. දෙවැන්න, ඔබ ද සිතනා පරිදි, දූෂිතයන් නැවත කරළියට ඒම වැළැක්වීමය. තෙවැන්න නම් දින සියය වැඩසටහන සඳහා මහජන සහයෝගය වැඩි කර ගැනීමය. සිවුවැන්න, නීතියේ ආධිපත්‍යය යළි තහවුරු වන බවට විශ්වාසයක් මහජනයා තුළ ඇති කිරීමය. තවත් බොහෝ දේ ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ,දුෂිතයන්ට දඬුවම් දිය යුතුය , අඩුම ගන්නනේ දඬුවම අවුරුදු 15 නමනම් මාස 15 හිරේ යැවිය යුතුය , සරත් පොන්සේකා හිරේ දැම්මානම් , එසේ කර මහින්ද මේ දක්වා තරමක හෝ ජනප්‍රිය තාවයක් තබා ගැනීමට සමත් වුනානම් ඇයි නියම දුෂිතයන්ට දඬුවම් දීමට බය වන්නේ , එසේ වුනොත් ජනතාව හිතන්නේ ඔවුන් දුෂිතයන් බව කීවේ චන්ද ලබාගැනීමට කියාය . මහින්දගේ විදුලි පුටුව වාගේ .

      Delete
    2. ඡීෂිනී ඝඟිංඥාණJanuary 16, 2015 at 8:39 AM

      අ.පැ.ජයසිංහයන් වෙත.

      2015 මෛත්‍රි පලනභිශේකයේ නිර්භය බ්ලොග්කරු ලෙස බෞතීස්ම ලද පැරෝ. මතක තියාගන්න, ලංකාවේ පැරෂුට් නැතුව උඩ දාන කට්ටිය අල්ලන්න කවුරුවත් නෑ. ඔබ පෘතුවියට සම්ප්‍රාප්ත වෙන්නේ තම පුර්ව නීර්නය ලොකේෂන් එකකට නොවේ. පුකේ කොහිල කටු ඇනගෙන කුනු කුනු ගානවා හෙම නොවේ!

      මෛත්‍රිවේවා !

      Delete
    3. නලිනි කුමාරි සහ චතූශ කුමාර අතුරුදහන් වූයේ කොහේද?

      Delete
  2. මමත් මයිත්‍රීට තමයි ජන්දය දුන්නේ. මම නං මේ දවස් සියය ඇතුලත වංචාකරුවන්ට, දුෂකයන්ට දඩුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ බලාපොරොත්තුව තමයි ස්වාධින කමිෂන් සභා ක්‍රියාත්මක කොට,විධාකයයේ ඒකාධිපති බලතල අහෝසි කොට,පාර්ලි‌‌මේන්තුවට වගකියනා අගමැති ක්‍රමයක් ඇතිකොට,මනාප ජන්ද ක්‍රමය අහෝසි කොට අලුත් සධාරණ මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම. ඒක මේ දින සීයක කාලය තුලක්‌ කරනවා නං වංචාකරුවන්ට දඩුවම් දීම මාස තුනක් කල් ගියාට කමක් නෑ.

    මොකද ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය තමයි මේ මජර ගහන තත්වයට මුලික හේතුව. ඉතිං එකේ ඵලයට දඩුවම් දීලා වැඩක් නෑ හේතුව තියාගෙන.

    පැරාට ඇයි ඒක නොතේරෙන්නේ?

    ReplyDelete
    Replies
    1. දූෂිතයන්ට දඬුවම් කිරීම පමා කළොත්, ඔවුන් මේ ආණ්ඩුව අස්ථාවර කරන්න කුමන්ත්‍රණ කරන්නට ඉඩ තිබෙනවා. දැන් ඔය සභාපතිකම්, අරවා මේවා ආපසු දෙන්නේ තමන්ට එරෙහිව දූෂණ චෝදනා මතු වන එක වළක්වා ගන්නයි. ඔවුන්ට අවස්ථාව දුන්නොත් ඔවුන් නැගිටිනවා. නැගිටින්නට පාවිච්චි කරන්නේ ජාතිවාදයයි. එය ඉතා හානිකර තත්වයක්.

      Delete
    2. පැරකුම් මහතාණනි,
      ඔව් ඔබ කියන්නේ ඇත්ත, නමුත් මේ අවස්ථාවේ ඔවුන්ට දඩුවම් දුන්නොත් එය දේසපාලන පාලිගැනීමක් ලෙස පෙන්වා ජනතා අනුකම්පාව දිනාගන්නවා (මතක තබාගන්න ශ්‍රී ලංකාවේ බොහෝදෙනා කටයුතු කරන්නේ හැගීම් වලින්, මොලයෙන් නොවෙයි.) කලයුතු හොදම දෙය ස්වාදීන කොමේසන් සබා පත් කරගැනීමයි. කිසිදු දේශපාලනඥයකුට මෙයට ඇගිලි ගැසිය නොහැකි නිසා එය පලිගැනීමක් නොවන අතර සොරුන්ව ඉවත් කිරීම සිදුවෙයි.

      එමනිසා අප බලකළ යුත්තේ මේවා ක්‍රියාත්මක කර ගැනීමටය.

      Delete
  3. පැරා ගේ ලේඛන ශෛලිය තරමක් වෙනස් වෙලා වගේ. මෛත්‍රි පාලනය පිළබද සැකයක් ඇති වුණාද? හෙට දින මෛත්‍රි ශ්‍රි.ල.නි පයේ සභාපති කම ලබා ගැනීමට නියමිතයි. ඒකුමක් සදහාද? ජාතික ආණ්ඩුවක් සෑදීමේදි හා රට තුළ යහ පාලනයක් ඇති කිරිමේදි නිර්පාක්ෂික ජනාධිපති ධුරය වඩාත් සුදුසු නොවන්නේද?

    ReplyDelete
  4. This is what I told on 9t January


    Sithumini Rathnamalala
    January 9 at 11:51am · Colombo ·
    ජනපතිවරණයෙන් පසු මා මේ දක්වන අදහස් බොහෝ විට බොහෝ දෙනකුට අද දවසේ අනුමත කරන්නට නොසිතෙනු ඇත.අද මෙය කියවා ඔබ අතරින් බොහෝ දෙනෙක් මට ගරහනු ඇත. නමුත් වසර ගණනකට පසු දිනෙක, ඔබට මතක තුබුණොත් මේ කියනා දේ වැරදි නොවන වග ඔබේ බුද්ධිය ඔබට පවසනු ඇත.මේ කරුණු සදහන් කොට තබන්නේ අප විසින් පුරෝකථනය කළ කරුණු මෙතෙක් කල් නොවැරදුනු හෙයිනි.
    පර්සි මහේන්ද්‍ර මහත්මයකු බව පෙන්වන්නට කළින්ම නිල නිවසින් නික්ම ගොස් ඇත. නමුත් සත්‍යය නම් ඔහු තරම් නීච කම් කළ පාලකයෙක් මෙතෙක් කලකට මෙරට ජනාධිපති කමක් නොකළ බවයි. අවසන් මොහොතේ පවා අධම ලෙසින් බලයේ රැදී සිටින්නට ඔහු කල දේ මෑත අනාගතයේ දී ම ඔබට සාක්ෂි සහිතව දැනගන්නට ලැබෙනු ඇත. ඔහු සැබවින්ම දුෂ්ට පාලකයෙකි, නීච පාලකයෙකි.ඔහුගේ තුච්ඡ අන්තේවාසිකයන් මෙන්ම කළ වැරදි වලට නිසියාකාර දඩුවම් නොදී ඉවත නොදැමිය යුතු භයානක සත්වයෙකි.
    නමුත් තව ටික දිනකින් ඔබ අත් දකින අවාසනාවන්ත තත්වයක් වන්නේ එය එසේ සිදු නොවන බව වැටහී යාමයි. මෛත්‍රිපාල ලා ද , රනිල් වික්‍රමසිංහලා ද, චන්ද්‍රිකා ලා ද මහින්දට වඩා යහපත් වන්නේ ඉතා සුළු ප්‍රමාණයකින් බවද ඔවුන් එකම කදවුරේ සෙබළුන් පමණක් බවද ඔබට වැටහෙනු ඇත. ඔබ එවිට සටන් බිමට අවතීර්ණ වීමට සුදානම් ව සිටිය යුතු වෙයි.
    මේ රටේ බොහෝ දෙනාට, පර්සි මහේන්ද්‍ර ට මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ට කතිරය ගැසූවන්ටද පර්සි භයානක ත්‍රස්තවාදී යුද්ධයකින් රට බේරා ගත් විරුවෙකි. සරත් ෆොන්සේකා ද ඊනියා විරුවෙකි. නමුත් සත්‍යය නම් එසේ නොවන බවයි. ඔහු අන්ත ජාතිවාදයෙන් දෑස වැසී උන් විමල් ලා පෙරටු කොට ගත් ජවිපේ ත් චම්පික ලා, රතන ලා පෙරටු කොට ගත හෙළ උරුමයේත් දැක්කීම මත කිසිදු දේශපාලනික උපායමාර්ගික විසදුමකට නොගොස් ඉතාමත් අදූරදර්ශී ලෙස, ත්‍රස්තවාදී මට්ටමට වැටි සිටි මේ දේශයේම දරුවන් සමග යුද්ධයකට එළැඹී තවත් අහිංසක සිවිල් ජිවිත දහස් ගණනක් බර අවි යොදා පහර දෙමින් විනාශ කෙළේය . දීර්ඝකාලීනව ගතහොත් ඉතාමත් අදූරදර්ශි ආකාරයෙන් ප්‍රේමදාස සිංහල ජවිපෙ ටසැළකු භාෂාවෙන්ම ඔහු එල්ටීටියට සැලකුවේය.
    උතුරේ මහවර්ගයෙන් වෙනස් අනන්‍යතාවයක් සහිත මේ රටේම මිනිසුන්ට නිසි ලෙස එදා පටන්ම නොසැලකු හෙයින්ම, සුද්දා තනා දුන් බෙදා වෙන් කර සැලකීම අප විසින්ද වසර ගණනක් ක්‍රියාත්මක කළ හෙයින්ම, ආත්මාර්ථකාමී දෙමළ වාර්ගික දේශපාලකයින්ටද අප වැනිම වූ ජනතාවක් බෙදුම්වාදය දෙසට තල්ලු කරන්නට අවස්ථාව අප විසින්ම සළසා දී තිබිණ. ඒ යථාර්තයට පිටුපා, අපෙන්ම පාලනය වන්නැයි ඔවුන්ට බලකොට , එසේ නොවූ මිනිස් හැගීම තේරුම් නොගෙන, "ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයයි" කියමින් තුප්පහි ඇමෙරිකානු ක්‍රමයට මෝඩ සිංහල චන්ද පදනම උදෙසා ඔහු මිනී මැරුවේය. පර්සි ලා, සරත් ලා වැනි ලේ විරුවන් අලංකාරයට නංවන සියලු සිංහලයන් ඒ කළ වරද වෙනුවෙන් දෙමළ සහෝදර ජනතාවගෙන්ද , ඉන් පසු කලෙක ඊටත් අන්ත පරිද්දෙන් "හම්බ වාදයක් " ඇද ගනිමින් නැවතත් ගොටාබය ලා ද, ඥානසාර ලා ද උත්සවලංකාර කරමින් මුස්ලිම් ජනතාව සමග ඇල්ලු උරුට්ටු වලට ඔවුන්ගෙන්ද සමාව ගත යුතුය. ගැටුමක් සිදුවූ පසු පිඩාවට පත්වූ දුබලයාගෙන් ප්‍රබලයා ට ඒ ගැන සමාව ඉල්ලා සිටිය හැකි නම්,ඊටත් වඩා යහපත් කමක්, මහත්මා කමක් තවත් වේද? සමගියක පළමු පියවර විය යුත්තේ එයම නොවේද?

    අපි අලුත් රටක් තනන්නට ප්‍රථම පියවර තැබුවේ පැරණි හොල්මන් සමගමය. එබැවින් කල් නොයවා අලුත්, යහපත් නායකයින් උපද්දවා ගත යුතු වෙයි. පුරවැසියන් ලෙස අපේ මුඛ්‍යතම වගකීම විය යුත්තේ එයයි.
    සමගිය එකම බලයි..... එක්වෙමු ... යහපත් රටක් වෙනුවෙන් සටනේ ඊලග පියවර අරඹමු.....!!!!!!!

    ReplyDelete
    Replies
    1. සිතුමිණි, ඔබ වැනි ෆැන්ටසි ලොවක ජීවත් වෙන අයෙකුගේ අදහස් දැක කුපිත වීමි. ඔබ කියන පරිදි ප්‍රභාකරන් 1000 වතාවක් සාම ගිවිසුම් කඩමින් මිනී මරද්දී එය උපේක්ෂාවෙන් ඉවසමින් බලා සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය සහ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා සෙබලුන් යුද කරද්දී සීතල කාමරයක වී විචාර ලියූ ඔබ වැන්නෝ කළේ කුමක්ද?

      ඊළාම් සටන පරාජය කිරීමෙන් අනාගත පරපුරේ දස දහස් ගණන් නූපන් දරුවන් කොටින්ගෙන් බේරුණ බව (සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම්) ඔබට නොවැටහෙන්නේ නම් එය ඔබේ මුග්ධ කමයි.

      Delete
    2. Anuradha උඹ වගේ සුළුජාතීන්ගේ ලේම ඉල්ලා හඬන අවජතකයින් මේ පොලවේ බිහි නොවුනා නම් වඩා හොඳයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය සහ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා සෙබලුන් කලේ ජනඝාතක අපරාධයක් බව අන්තර්ජාතික තලයේ ඔප්පු වී හමාරයි.

      Delete
    3. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය හිටියෙත් සීතල කාමරයක තමයි හරකෝ.

      Delete
    4. AnonymousJanuary 16, 2015 at 7:03 AM

      අපරාදේ අහිංසක මිනිස්සු කොටින්ගේ බෝම්බ වලින් මරුනේ. තොපි වගේ කොඳු නැති සක්කිලි ඉතුරුවෙලා

      Delete
    5. AnonymousJanuary 16, 2015 at 7:03 AM
      මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ගේම ලේ ඉල්ලා සිටි කොටින් පරාජය කිරීමයි උතුරෙදි වුනේ.සුළු ජාතික ජාතිවාදී ලේ මාපිලුන් වෙනුවෙන් පෙනී සිටින උඹ නිසැකවම හිටපු කොටියෙක් විය යුතුය.

      Delete
    6. AnonymousJanuary 16, 2015 at 10:35 AM

      ජාතිවාදය මානසික ව්‍යාධියකි. කරුණාකර මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න.

      Delete
    7. AnonymousJanuary 16, 2015 at 3:58 PM

      කිසියම් සුළුජනකොටසකට ආයුධ ගෙන ඕනෑ තරම් අපරාධ කිරීමට ඉඩ තිබිය යුතුය.හැබැයි ඊට එරෙහිව කතා කිරීමත් අපරාධයකි.එහෙත් මේ අපරාධ කිරීමේ අවසරය මුස්ලිම්වරුන්ට නැත.මුස්ලිම් ත්‍රස්තවාදය බටහිරට එරෙහි බැවිනි.එබැවින් ඒවාට එන්ජීඕ මුදල් නොලැඹේ.
      ත්‍රස්තවාදීන් කරන සෑම අපරාධයක්ම සාධාරනයැයි කුලියට ලියන කොමෙන්ට් කරන උබල මොනතරම් බඩගැත්තරයොද කියල හිතපල්ල

      Delete
    8. AnonymousJanuary 16, 2015 at 8:07 PM

      ජාතිවාදය මානසික ව්‍යාධියකි. කරුණාකර මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න.

      Delete
    9. ලංකාව වැනි පරිසරයක ජනතාව මත පීඩනයක් නොමැති ව ජාතිවාදයෙන් ඇන්ඳීමෙන් හෝ, බලකිරීමෙන් හෝ මුදල් පොම්ප කිරීමෙන් හෝ බෙදුම්වාදය ට ජිවිත පරිත්‍යාගය හෙවත් මරාගෙන මැරීම දක්වා හිස ඔසවන්නට ඉඩක් නැති බැව් තේරුම් ගත යුතුය.දෙමළ මිනිසුන් අතරින් එල්ටීටිය වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කළෝ නම් පිඩිතයෝ ය. ධනය සහ බලය තුබුවෝ ජීවිතය රැක ගත්හ.ප්‍රබාහරන් නියෝජනය කළේ ඒ පීඩිතයන් ය.
      බෙදුම්වාදය පරාජය කළ හැක්කේ මරා දැමීමෙන් නොව පීඩාවට පත්ව බෙදුම්වාදයට නැඹුරු වන්නන් ගේ පිඩනයට විසඳුම් සෙවිමෙනි. එය බලය පිලිබඳ, ආකල්ප පිලිබඳ නොහොත් හෙජෙමොනික වෙනසකි.
      ත්‍රස්තවාදය තෙක් විසඳුම් නොලැබ ඇදී යන තෙක්ම දිගින් දිගටම ගැටුණේ බලය පීඩාකාරී ලෙස භාවිත කළවුන් සහ උන් අතින් පිඩාවට පත්වූවන් මිස ජාතීන් නොවේ.

      Delete
  5. අනෙ නිකන් ඉදපන් පැරා. රනිල් තමන්ගෙ ජනාධිපතිවරන අපෙක්ශකත්වය පරිත්යාග කරපු එකම ඇති යූන්පී එක පැත්තෙන්. ඒක උඩින් බලයට ඇවිත් ජයග්‍රහනය කොල්ල කන්න හදන්නෙ නැතුව ඉදපන්. ඔන පොඩි එකෙකුට තෙරෙන්න ඔනෙ මයිත්‍රීට හම්බ උනු චන්ද වලින් 90% යූන්පී චන්ද බව.

    ReplyDelete
    Replies
    1. ‍90%ක් ලැබුණේ ආණ්ඩු විරෝධී ඡන්ද කියනවා නම් වඩා නිවැරදියි. එජාපයට තියෙන්නෙත් මේ ආණ්ඩු විරෝධී ඡන්ද පදනම තමයි. එජාපයට ඡන්ද තිබෙනවා කියන්න කොහෙද එජාපය සංවිධාන හදලා විධිමත්ව වැඩ කරන්නේ. එජාපයට හොඳ ඡන්ද පදනමක් ඇති සංවිධායකයන් ඉන්නේ කී දෙනා ද? ඡන්ද පදනම් තිබුණු යූඇන්පී නායකයන් පසුගිය කාලයේ ආණ්ඩුවට ගිය බව දන්නේ නැද්ද?

      තමන්ගේ ඡන්ද පදනම ගැන එජාපය අධි තක්සේරුවකට නො යා යුතුයි. මෛත්‍රීපාල නො ආවා නම් එජාපය මෙම ජනාධිපතිවරණය දිනන්නේ නැති බව පැහැදිලියි.

      Delete
    2. ඒක වැරදියි පැරකුම්. ද්‍රවිඩ , ඉස්ලාම් ජනතාව දුර්දාන්ත , ජනඝාතක රාජපක්ෂ රෙජීමය යටතේ පීඩනය පත්වෙලා හිටපු හැටියට පොල්පිත්තක් ඉදිරිපත් කලත් දිනන්න තිබ්බ. දැන් හැකි ඉක්මනින් ඒ ඝාතකයන් ජාතික හා අන්තර්ජාතික අධිකරණ ඉදිරිපිටට ගෙනවිත් දඬුවම් කල යතුයි. නැත්නම් ද්‍රවිඩ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

      Delete
    3. ඇමති මණ්ඩලයට තෝරා ගත් ඔළු හරහා රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ එ ජා ප කියා "දෙයක්" ඇති බව පෙන්වීමටය.නමුත් එය එතරම් සාර්ථක වන බවක් නොපෙනේ.

      Delete
  6. දැන් පැරා මේව අපිට කියල වැඩක් නෑ. වෙන්නෙ ඕක තමයි කියල අපි නම් කලින්ම දන්නව. දැන් පැරාට තියෙන්නෙ මේ දැක්මෙ ඉඳන් අර ඒ දවස් වල මේ පාලනය පිහිටුවීම වෙනුවෙන් ලියපු දේවල් ආපහු කියව ගන්න එකයි

    ReplyDelete
  7. අපි කලින්ම උපකල්පනය කරපු පාරේ නව රජය යන බවට ඉගි ලැබෙනවා. අපේ උපකල්පනය නිවැරදි වීම අපටම දුකට කාරණක් වන්නේ බෙදුම්වාදය දෙසට රට යාමයි.

    //බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී සිංහල සමාජය තුළ ඇටුවම් බැස ඇති ජාතිවාදී සැක සංකාවන් දුරලීම සඳහා දෙමළ දේශපාලන නායකත්වයෙහි වගකීම්සහගතභාවය ඉතා වැදගත් ය.//
    බලය බෙදනවා නම් ඒකීය රටක් තියෙනවාද?
    දෙමළ දේශපාලන නායකත්වය ජාතිවාදීව හැසිරෙනතාක් ජාතිවාදී සැක සංකාවන් දුරලීම කරන්නේ කෙසේද?
    සහජීවනයකින් තොරව බලය බෙදා ජනවාර්ගික ප්‍රශ්නය විසදන්නේ කෙසේද?
    බලය බෙදුවත් නැතත් ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට නම් සහජීවනයක් අවශ්‍ය වේ. සහජීවනය ඇති කෙරීමට බලය බෙදිය යුතු නැත. මේ ප්‍රශ්න වලට උත්තර දෙනවද පැරා

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න ඔබට අලුත් වුණත් අපි නම් මේවාට වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ පිළිතුරු දී තිබේ. කෙතරම් පිළිතුරු දුන්නත් එක ම ප්‍රශ්නය නැවත නැවත අසන එක ජාතිවාදීන්ගේ ලක්ෂණයකි.

      බලය බෙදා ගැනීමෙන් ඒකීය රාජ්‍යය නැති වේ නම් එය දැනටත් සිදු වී තිබිය යුතු ය. මන්ද, දැනට ද පළාත් සභා ඔස්සේ බලය බෙදා ‍ගෙන තිබේ.

      එසේම, මෙම ඒකීය, එක්සත් වැනි වචනවලට නිරවුල් දේශපාලන අර්ථකථන නැත. වඩා වැදගත් වන්නේ වචන නොව අපට ගැලපෙන ක්‍රමයකි.

      ජාතිවාදී සැක සංකාවන් දුරලීමට දෙමළ පමණක් නොව සිංහල නායකත්වය ද ජාතිවාදී නො විය යුතු ය. එහෙත්, සියලු නායකයන් ජාතිවාදීන් නො වන දිනයක් උදා වන්නේ නැත. ජාතිවාදය යනු සංකීර්ණ දෙයකි. එය මුළුමනින් ම සෝදා දැමීම ද කළ නො හැක්කකි.

      මහින්ද රාජපක්ෂ හැසිරුණේ අමු ම අමු ජාතිවාදියකු ලෙසයි. ප්‍රභාකරන් ද එවැනි ය. දැන් ඒ අය බලයේ නැත. ජාතිවාදී පාඩ කණ්ණාඩි ගලවා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන්, විග්නේශ්වරන් වැනි අය පසුගිය කාලයේ කළ ප්‍රකාශ අධ්‍යයනය කර බලන්න. අපි අපේ සහෝදර ජනතාව විශ්වාස කළ යුතු ය. සිංහල අපි බලවත් ය. ඒ නිසා අප ඔවුන්ට බිය විය යුතු නැත.

      සහජීවනය කියන්නේ දැන් පාස් ය කිව හැකි විභාගයක් නො වේ. එය වනාහි ප්‍රශ්න විසඳා ගැනීමෙන් ගොජනැගෙන තත්වයකි. නිදසුනක් ලෙස පවුලක සැමියා හා බිරිඳ අතර ප්‍රශ්නයක් ගනිමු. බිරිඳ සැමියාට අපහාස කළා ය හිතමු. සැමියා බිරිඳට පහර දුන්නා ය සිතමු. දැන් සැමියා කියනවා, අපි දෙන්නා යාලු වෙලා ඉස්සර වගේ ඉන්න නම් ඔයා ඔක්කොම අමතක කරලා මුලින් මගෙත් එක්ක යාලු වෙන්න ඕනැ කියලා.

      බලය බෙදා ගැනීම දීර්ඝ කාලීන ඉල්ලීමකි. දෙමළ දේශපාලන සමග සහජීවනය ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කළ යුතු ය. ඒ සාකච්ඡාවලදී බලය බෙදා ගැනීම යනු මගහැරිය හැකි කාරණයක් නො වේ.

      ඔබ යොදා ගන්නා වචන ම වැරදි ය. බලය බෙදීම සහ බලය බෙදා ගැනීම යනු සංකල්ප දෙකකි. බලය බෙදීම යනු තමන් අත ඇති බලය අන් අයට දීමයි. ඒ වචනය ම ඒකාධිපති ලක්ෂණ සහිත ය. බලය බෙදා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයකි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර සිදු වන්නේ ද බලය බෙදා ගැනීමකි.

      Delete
    2. පුක කළු ලේ මාපිලා , හූ......... ඇද්ද ??

      Delete
    3. ඒකීය රටක් ම ඉල්ලා හඬන ලේ මාපිල්ලු

      Delete
    4. පැරා මේ පුක කළුවා වගේ මෝඩ හැත්ත ලියන දේවල් වලට උත්තර දෙන්න එපා. මේකා බොබසේ එකෙක්.

      Delete
    5. කලුවෝ තෝ ජාතිවාදේ පතුරෝපු කාලෙ ඉවරයි. දැන් පලයන් පව් නොදී. කාලකණ්ණියා.

      Delete
    6. දෙමළට පුකදෙන ෆෙඩරල් සක්කිලි!

      Delete
    7. අනේ පලයන් ඒකීය හුයන්නො යන්න!

      Delete
    8. ලංකාව නැමැති දිවයින පළමුවරට 'ඒකීය' රටක් බවට පත්වන්නේ 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසුවය. ඉන් පෙර කිසිම දවසක ලංකාව ඒකීය රටක් වූ බවට සාක්ෂි නැත. ලංකාව එක්සත් කළ බව කියන විජයබාහු, පරාක්‍රමබාහු වැනි යුග වලදී පවා දකුණ පවැතියේ ප්‍රාන්ත රාජ්‍යයක් වශයෙනි. කෝට්ටේ යුගය තනිකර්‍රම ෆෙඩරල් යුගයකි. (පෘතුගීසීන් එන්නට පෙර පවා) යටත් විජිත වාදීන්ට මේ රට ඒකීය කිරීමට තිබුණු එකම අවශ්‍යතාවය පරිපාලන පහසුකමයි. එහිදී එක් එක් ජන කොට්සේ සාමාජීය හෝ සංස්කෘතික වෙනස්කම් සැලකිල්ලට ගනු නොලැබිණි. අද වන විට හුදෙක් පරිපාලනමය අවශ්‍යතාවය පිණිස රට ඒකීය කිරීමට කිසිම ඕනෑකමක් නැති අතර බලය කවර ලෙස බෙදිය යුදුද යන්න ජනතාව විසින් තීරණය කළ හැකිය.

      Delete
    9. කළුවො තොගේ ලිපි ටිකත් අරන් කොහෙට හරි පලයන්. මහින්දයා වගේම උඹත් දැන් "REJECTED". උඹලා වගේ උන් නිසා තමයි මේ රටට කෙලවෙන්නේ. උඹලා වගේ ස්වයං චුන් කාරයන් මහින්දයත් එක්කම චුත වන බව ඒකාන්තයි.

      Delete
    10. සක්කිළි දෙමළුන්ගෙ හොරෂොට් ෆෝම් වෙලා තියෙන තරම.... හික් හික් හික් ෆෙඩරල් සක්කිළි හැත්ත. මුන් අම්මත් එක්ක නිදා ගන්න සක්කිලි දෙමළු

      Delete
    11. AnonymousJanuary 16, 2015 at 11:28 AM

      ජාතිවාදය මානසික ව්‍යාධියකි. කරුණාකර මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න.

      Delete
  8. 1) Hitapu Janapathi SLFP sabhaapathikama athhaee-Honda deyak.
    2) Sonagaarachchige puthaata akuru kiyawanna Maithree= Ane me sillara wadawalata janapathi monawatada.

    ReplyDelete
  9. පැරා,
    දැන් තිබෙන්නේ එක එක්කෙනාගේ මොලයේ තරම උරගා බැලීම මිස අන් යමක් නොවේ. තේරෙන භාෂාවෙන් කිවොත් අන්තිමේදී ජය ගන්නේ කොළඹ බුද්ධිය (රනිල්ගේ මොලය) ද,අත්තනගල්ලේ මොලය (චන්ද්‍රිකාගේ මොලය)ද ගම්පහ මොලය (සිරිසේනගේ මොලය) මැදමුලන මොළය (මහින්දගේ මොලය)ද අතර සටනකි.මෙතැනදී වත්තල මොලය (හරින් ප්‍රනාන්දු මොලය වැදගත් වන්නේ නැත.

    මේ ඔක්කොම දෙනා යටි උගුල් ඇදීමේ කප්පිත්තෝ වෙති. සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් හිතන්නේ දකුණේ මොලය සුවුශේෂ බවය. ඒකනේ බෙන්තර ගඟින් එහා ඉඳලා පුස් පැටියෙක් උනත් ගෙනෙනවා නම් ඌ ඇස් ඇරීමට පෙර ගෙනා යුතුය කියල ජනවහරේ තියෙන්නෙ.

    අපිට තියෙන්නෙ ඉවසිල්ලෙන් මේ මොළ තරඟය දිහා බලා ඉඳල කාටද වැඩිපුර මොළයක් තියෙන්නෙ කියල තීරණය කරන්න විතරයි.

    සමරසේකර

    ReplyDelete
  10. ජනපති සෝලංගආරච්චි පුතුට අකුරු කියවන්න එයි

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42987:2015-01-15-05-36-14&catid=90:lakbima-gossip&Itemid=0

    ReplyDelete
  11. Keep looking forward...

    Bu Wa

    ReplyDelete
    Replies
    1. පසුගිය මැතිවරණ සමයේ රනිල් බලයට ගෙන ඒම සඳහා මිනී වලෙන් නැගිට ආ බුවා ප්‍රොෆයිලය , තමන්ගේ ගතමන්ට් එක ලබාගැනීමෙන් පසු නැවතත් මළවුන් අතරට ගොස් ඇත. උංගේ පසුම්බියට වෙනසක් කරගැනීමට කල ෆෝම් කිරිල්ලට සුරාන්තයට පත්වූ සිංහල හරක් බඩේ බත් නැතිව රෙන්න පුකේ ගූ නැතිව උනේ කුමක් දැයි තේරුම් ගත නොහැකිව බලා සිටිති.

      Delete
  12. යම රජ @ ලංකාවJanuary 16, 2015 at 1:50 PM

    2015 දී තමන්ගේ ගතමන්ට් එක ලබාගැනීමෙන් පසු නැවතත් මළවුන් අතරට යන අය අත උස්සන්න.

    ReplyDelete
  13. නොකවුට් කටවුට්January 16, 2015 at 3:12 PM

    තම රුව ඇතුලත් කටවුට් ඉවත්කිරීමට ගරු ජනපති මෛත්‍රිපාල මහතා ගත් තීරනයට මගේ ගෞරවය .
    නමුත් හිටපු ගරු ජනපති මහින්ද මහතා, හිටපු ඇමති බැසිල් සහ හිටපු මැති ඇමති වරුන් රුව යොදා සංවර්ධන ව්‍යාපෘති නමින් ගම්වල සහ නගර වල ,ජනතා මුදල් කොල්ල කා ඉදිකර ඇති බොඩ් ලෑලී තවම ඉවත්කර නැත.තවද
    පාරවල් අවහිරකොට ඉදිකර ඇති හීනමාන දේශපාලුවන්ගේ දේශපාලන තොරන් සහ කටවුට් ඉවත් කල යුතුමයී.

    ReplyDelete
  14. රනිල් එදින රාත්‍රියේ තනි තීරණ ගෙන නැත. නියම මහත්මා දේශපාළණයේ යෙදුන් මහත්මයකු බැවින්, ඔහුට කිසිවකු හමුවීමට බියක් නැත. මෛත්‍රිපාල ආප්පයක් කා පැමිණි හෙයින් ඔහුට අරලිය ගහ මන්දිරයට යා නොහැක. චන්ද්‍රිකාට, සරත් ෆොන්සේකට මෙන්ම බික්ෂුවක් වූවද රතන් හා චම්පිකගේ තත්වයද එසේමය. රනිල් අරලිය ගහ මැදුරට ගොස් තනි තීරන ගත්තේ නැත. ඔහු දුරකථනයෙන් සියල්ලෝම සම්බන්ධ කර ගත්තේය. මේ සියළු දේ අද සෑම මාධ්‍යයකම පළවී ඇත.

    මහින්ද රාජපක්ෂට ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් පිස්සු කෙලින්නට එපා යයි අවවාද ලැබී ඇත. එදා රෑ කෙලින්න ගිය පිස්සුව කෙලියානම්. මේ රට ලේ විලක් බවට පත්ව, සමහර විට ඉන්දියානු හෝ ඇමරිකානු හමදුවල ග්‍රහනයට නතු වන්නද තිබුනේය. එහෙත් රනිල් ක්‍රියා කළ බුද්ධිමත් හා මහත්මා දේශපාළණය හේතුවෙන් ඒ සියල්ල වැලකින.

    මට ප්‍රශ්ණය ඇත්ටෙ සාම දූතයෙක් මෙන් ඉදිරිපත්වූ රනිල්ගෙ ක්‍රියාව කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වන පිරිස. මෛත්‍රිපාල බලය රැක ගැනීම වෙනුවෙන්, යහ පාළණයේ සියළු සම්ම්මුතීන් පඩයකට මායිම් නොකර මහින්ද හා ඔහුගේ හොරු කණ්ඩායම සමඟ කෙලිනා පිස්සුව එකෙකුටවත් නොපෙනීමයි. කම්බ හොරුන් ලේඛම්වරු ලෙස පත් කර ගෙන ඇත. අවසාන මොහිත තෙක් මහින්දට කඩේ ගිය එකෙක් රූපවාහිනියට පත් කොට ඇත. හොරුන් සමඟ එකසිය ගනනට යන ඩීල්ය. කම්බ හොරුමිනීමරුවන් ප්‍රසිද්ධියේම රටින් මාරුවෙයි. මේවා සිඳුවන්නේත් රනිල්ගේ කුමන්ත්‍රණ වලින්ද?

    ReplyDelete
    Replies
    1. යහ පාළණයේ සියළු සම්ම්මුතීන් පඩයකට මායිම් නොකර මහින්ද හා ඔහුගේ හොරු කණ්ඩායම සමඟ කෙලිනා පිස්සුව එකෙකුටවත් නොපෙනීමයි. //
      දැන් අභියෝගය යහපාලන සම්මුතීන් ආරාක්ෂාකර ගැනීමයි.යළිත් ශ්‍රී ලංකා හොර තක්කඩි ආණ්ඩුවක් එයි කියා බයක්ද ඇත.මෙම පත්කිරීම් ඉතා කණගාටුදායකය.ජනතාව අවදියෙන් සිටිය යුතුය.නැත්නම් මෙවරත් සිදුවන්නේ 2001 දි වුනා වගෙ වැඩකි.කොටන් අදින අලි පැත්තක සිටින විට පෙරහර ගොස්ය.බුලත් හපයෝ හොරපාරෙන් ආන්ඩුවකුත් හදාගෙන ඉවරය.

      Delete
    2. හමුදා ප්‍රකාශක සහ චන්ද කොමොසාරිස් තුමා දෙන්නම ප්‍රතික්ශෙප කරපු කතාවක් දැක්කා ඇහුනා වගෙ කියන එකනම් අජූතයි. මට පෙන්නෙ ප්‍රබාකරන් මරපු එකෙ පලිය ගන්න ගහන බොරුවක්.

      රූපවාහිනියට සොමරත්න දාලා තියෙන්නෙ චම්පිකගෙ උපදෙස් මත. එසෙම නයිටීන් එකට රනිල්ගෙ පරන ගොබෙල්ස් තුමා දා ඇත. ඒ කියන්නෙ කට්ටිය බෙදාගෙන කන්නෙ මෙ සැරෙ. බොක්කෙන් යූන්පී උන්ට ඔච්චර තරහ ගන්න දෙයක් නෑ.

      Delete
    3. ඔයාගේ සුරංගනා කතාවේ අන්තිමට මොකද වෙන්නේ මාතලන්, කුමාරි ගෙම්බව ඉම්බට පස්සේ ගෙම්බා කුමාරයෙක් වෙලා රජ වෙනවද ?

      Delete
    4. නෑ.... රතු හැට්ට කාරයින්ව වෘර්කයා ගිලිනවා ඊටපස්සේ නගරසභාවේ වැසිකිලියේ බොකක් දානවා !

      Delete
    5. නෑ රජ්ජුරුවෝ බල්ලා වෙල මැරිලා යනවා. බල්ලගේ මැක්කෝ ඔක්කෝම අළුත් බල්ලෙක් හොයාගෙන යනවා.

      Delete
    6. රටක හිටපු ජනාධිපති සහ සිටින ජනාධිපති දෙපලකට බල්ලා කියා කතා කරන මාතලන් කෙතරම් හීනමානයකින් පෙලෙන අධම තිරිසනෙක් ද කියා තීරණ කිරීම බුද්ධිමත් ඔබ සතුයි.

      Delete
    7. එල්ලෙන්න වැල් නැති නිළමැස්සන්ට බලු බෙට්ටත් දිවිය ළෝකයකි.

      Delete
    8. මාතලන් යු.එන්.පි යට අපහු පාරක් ටින්කිරි වගේ නේද ? බොරුනම් මේ !

      //ජනාධිපති, විපක්‍ෂය, ආණ්ඩුව සියල්ල ශ‍්‍රීලනිපයේ..

      ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නව ශ‍්‍රිලනිප නායකයා ලෙස ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින් නම් කර ඇත.

      ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙල සඳහා පූර්ණ සහාය දෙන බවද එහිදී තීරණය කර ඇත.

      මේ අතර මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා විපක්‍ෂ නායක ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසින් නම් කර ඇති අතර විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාද නම් කර ඇත.

      ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයද ශ‍්‍රීලනිපය නියෝජනය කරයි.//

      Delete
    9. කොහොමත් පට්ට ටින්කිරි පාරක් කයි වගේ නම් තමයි. උන්ට ඇමති පිස්සුව. ලැබුනේ නැති උන්ට හිතේ අමාරු. පොදු හතුරා වෙලා තියෙන්නේ මහින්ද නෙමෙයි රනිල්. අරෙහේ ලේ මපිල්ලු දෙන්නෙක් ලේ ඉල්ලලා දත කනවා. අර නක්කි හම්පඩ පිස්සු විතාරනයටත් මේ රටට වැඩියෙන් වින කරලා තියෙන්නේ යූ ඇන් පීය. ඒත් ප්‍රභාකරන්ටත් වඩා රටට හානියක් කලේ මහින්ද. කස්ටිය සෙට් වෙලා මුන්ට ගේම දෙයි.. ගිය සැරේ අවුරුදු දෙකයි. මේ පාර මාස දෙකයි.

      Delete
    10. මිනිසුන්ගේ ලේම ඉල්ලා හඬ නගන මාතලන් තිරිසනා

      Delete
  15. සිද්ධ වෙන දේවල් දිහා බලද්දි හිතෙනවා අපි දැකපු සිහින කුඩු පට්ටම් වෙලා යනවද කියලා. අපි ඕනෑවට වඩා බලපොරොත්තු තියාගත්තද මන්ද?
    තව ටික දවසකින් අපි එක්ක ඉන්න කොටසක් වික‍රමසිංහ මහත්තයාගේ ආන්ඩුවක් හදල දෙන්න දත කද්දි තව කොටසක් සිරිසේන මහත්තයගෙම ආණ්ඩුවක් හදල දෙන්න දත කයි.
    ඒ නිසා දින 100 වත් එකට ඉදලා, උපරිම සහයෝගය දීල පුලුවන් තරමක් ප‍රතිසංස්කරන ලබා ගමු. මොකද ආපහු ඕන වෙද්දි අපිට පටන් ගන්න තියෙන්නෙ මැද ඉදල.
    රුචිත සිරිවර්ධන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා