දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩුවට බල කරන්න වීදි බසිමු

පැවති රජයේ දූෂණ, වංචා ඇතුළු වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ.

අලුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වූ පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් ද පැමිණිල්ලක් ඇත. 

පැමිණිලි ඇත. ක්‍රියාමාර්ග නැත. කිසිවකු අත්අඩංගුවට පත් වී නැත. මහ හොරු පළා ගොසිනි. ලොව කොහේ සිටියත් අල්ලා ගෙන එන බව කීව ද ඒවා සිදු වන්නේ නැත. මීට බොහෝ කලකට ඉහතදී ප්‍රමුඛ බැංකුවේ වංචාවට වගකිව යුතු රොහාන් පෙරේරා පළාගොස් දැන් අවුරුදු 15ක් පමණ වේ. අහු වුණේ නැත. ගෝල්ඩන් කී අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල සිංගප්පූරුවේ සිටින මුත් අත් අඩංගුවට ගත්තේ නැත. 

පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නො ගැනෙන්නට හේතුවක් වන්නේ පැමිණිලි විමර්ශනය කිරීමට අදාළ අංශ කටයුතු නො කිරීමයි. කාලාන්තරයක් තිස්සේ මේ අංශ පුරුදු වී සිටින්නේ දේශපාලන බලාධිකාරය විසින් නියම කරනු ලබන පැමිණිලි පමණක් විමර්ශනය කර ක්‍රියාමාර්ග ගැනීමටයි. එහෙයින් ඔවුන් දැනටත් බලා ඉන්නේ ආණ්ඩුව මොකක් හෝ කියනකල් විය හැකි ය. එහෙත් ආණ්ඩුව කිසිවක් කියන්නේ නැත. එය ද බරපතල සැක සංකා ඇති කරයි. මේ සුපුරුදු ගජමිතුරුවාදය විය හැකි ය. එහෙත්, ජනබලයෙන් මේ හීතල හොරුන් අවදි කරන්නට පුළුවන.

දූෂණ, වංචා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් දිගින් දිගට ම හෙළිදරව් කිරීම් සිදු කරමින් තිබේ. මේවා වනාහි රසවත් ප්‍රවෘත්ති පමණක් නො වේ. මේ සෑම වංචාවක්, දූෂණයක් පිටුපස ම මහජන මුදල් හා  ජනතාව විඳි අපමණ දුක් කම්කටොලු තිබේ. එහෙයින් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන්නේ නැතිනම් සිදු වන්නේ මේ දේ සාමාන්‍යකරණය වීමයි. තාවකාලිකව පසුබසින වංචනිකයන් හෙමින් සැරේ යළි සිය කාර්යයන් ආරම්භ කරනු ඇත.

පැමිණිලිවලින් චූන් වෙමින් සිටියා ඇති ය. දැන් ඉතින් වහා ක්‍රියාත්මක විය යුතු ය. පැමිණිලි විමර්ශනය කරන ලෙස හා අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙසත්, ඔවුන් රටින් පළා යාම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බල කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට යා යුතු ය. වීදි බැසිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ඔස්ට්‍රේලියාවේ ඉදන්ද?

      Delete
    2. පචායුධ මල් ශාලාවJanuary 20, 2015 at 9:00 PM

      අපි ලෑස්තියි ශ‍්‍රීලනිපයත් නැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න. වැඩි ඈතකදී නොවෙයි. ඊළඟ මැතිවරණයේදීම…
      පා.ම විමල් විරවංශ -

      විරවංශගේ ප්ලැන් එක, මිනිය තියාගන බූරුගහන්න

      Delete
    3. //විරවංශගේ ප්ලැන් එක, මිනිය තියාගන බූරුගහන්න//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. First priority should be given for the 100 Day Program targeted to provide immediate benefit for the public.Secondly, an immediate firm action required for any kind of misbehavior at present.Thirdly, a proper investigation should commence for malpractices of the past regime.That is the only way to have a stable government at the next election in April.

    ReplyDelete
  3. මේ සතියේ විසල්ගේ විග්‍රහය බලන්නකෝ.

    ReplyDelete
  4. අනෙ මෙහෙමත් හරක්. දූශිතයොන්ට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නවනම් මුලින්ම පටන් ගන්න ඔනෙ මයිත්‍රී, මහින්ද, චන්ද්‍රිකා කියන තුන් දෙනාගෙන්. මහින්දට විරුද්දව ක්‍රියාමාර්ග ගත්තත් අනිත් දෙන්නට විරුද්දව මුකුත් වෙයිද? මොනාද මෙ විහිලු?

    ඉන්දියාව තමන්ට නටවන්න පුලුවන් ආකාරයෙ ආණ්ඩුවක් පත් කරගත්තා. දැන් අපි බලන්න ඔනෙ ඒ ආන්ඩුව ඉන්දියාවෙ අවශ්යතා උඩ නැතුව අපෙ රටෙ අවශ්යතා වෙනුවෙන් නැටවෙන ආණ්ඩුවක් කරගන්නයි. දූශන කියලා අපි වීදි සටන් පටන්ගත්තොත් ඉන්දියාව අපූරුවට උන්ගෙ වැඩ ටික කර ගනියි, අපි බලන් ඉද්දීම අපෙ රට ගිනි ගනියි.

    ReplyDelete
    Replies
    1. දූෂිතයන් රැකගනිමු. එවිට ඔබත් රැකේ, පවුලත් රැකේ.
      -ශනි

      Delete
    2. දුෂිතයන් ඔක්කොම එලවමු, අන්තිමට මොකෙක්වත් ඉතුරුවෙන්නේ නැති නිසා විජේ ඩයස් ජනපති කර, සිරිතුංග හාදයා අගමැති කරමු

      Delete
  5. දූෂණ විරෝධී වලිප්පු කාරයෝ
    ------------------------------------
    දැන් අළුත් වීරයෝ පිරිසක් බිහි වී තිබේ. ඔවුහු දූෂණ විරෝධියෝය. රූපවාහිණී දේශපාලන වැඩ සටහන් වල සුපර් ස්ටාර්ලාය. එසේම හදිසි කාරයෝය. ඔවුන් කියන්නේ රාජපක්ෂලා ඇතුළු දූෂණ සහ වංචාවලට සම්බන්ධ පිරිස් කණින් ඇද ගෙන ඇවිත් අත් අඩංගුවට ගත යුතු බවය. රටින් පැන යෑම වහාම නවතා දැමිය යුතු බවය. මහ පාරේ හෝ නඩු අසා දඩුවම් කල යුතු බවය. පොදු අපේක්ෂකයාට චන්දය දෙන්න කියා කෙලින් කියන්න බැරි වූ, මෛත්‍රී ගැන ගැරන්ටියක් දෙන්න බැහැයි කී මේ වලිප්පු කාරයෝ සතියක් ඇතුලත නව රජයට එරෙහිව පාරට බසින බවට පාරම්බාමින් සිටී. නව ආණ්ඩුව බිහි කර පරිපාලනමය කටයුතු අවසන් කර එයට ස්ථාවර වන්නට ඉඩ අවස්ථාවක් නොදී බොරු දූෂණ වීරයෝ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ කට්ටිවාදී දේශපාලනයක නිරත වනවාද යන සැකය දැන් මතුවෙමින් තිබේ.

    පසුගිය 17 වෙනිදා සිරස සටන දේශපාලන වැඩ සටහනට පැමිණි වසන්ත සමරසිංහ නොනවත්වා ප්‍රකාශ කළේ මේ රජය දූෂීතයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අණ නොදෙන බවයි. හාස්‍ය වන්නේ මේ වැඩ සටහන් වලදී වසන්ත සමරසිංහලාට උඩ ගෙඩි දෙන්නේ පාට් ටයිම් මාධ්‍යවේදී සහ ෆුල් ටයිම් රාජපක්ෂවාදී ශ්‍රී රංගා වැනි දූෂිත මූසිකයන් වීමය.

    මේ වැඩසටහන් වල ඉලක්කය වූයේ දූෂිතයින් නොවේ. මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවය. දූෂණ චෝදනා කරළියට ගෙන ඒමටත් දූෂිතයින් නීතිය හමුවට ගෙන ඒමටත් තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන මෙහෙයුම ගැන මාධ්‍ය ඉදිරියේ වීරයන් වන මේ ලදරු වලිප්පු කාරයන්ට නිසි වැටහීමක් හෝ අවබෝධයක් නැති බව කණගාටුවෙන් වුව කිව යුතුව තිබේ.

    දැනට තොග ගණනින් ලැබෙන අල්ලස් සහ දූෂණ චෝදනා විභාග කිරීම දේශපාලනික කාර්යයක් නොවේ. එය නීතිමය කෘත්‍යයකි. පොලිසිය සහ අධිකරණය හරහා සිදුවිය යුතු ක්‍රියාදාමයකි. මෙම ක්‍රියාදාමය දේශපාලන බලපෑම් වලින් තොරව සිදුවිය යුතුය. නව ජනවරම වෙනුවෙන් ක්‍රියාත්මක වූ දැනුවත් කොටස් බලාපොරොත්තු වූයේද දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමය. එම ප්‍රතිපත්තිය මොනම තත්වයක් යටතේ හෝ වෙනස් කළ යුතු නැත. චෝදනා එල්ල වන්නේ දේශපාලන ප්‍රතිවාදීන්ට වීම සහ චෝදනා බැලූ බැල්මට සත්‍ය ලෙස පෙනීම නීතිමය ක්‍රියාකාරිත්වයට මැදිහත් වීම සාධාණීකරණය කළ නොහැක. දේශපාලන කුලප්පුව සෑදුන කිහිප දෙනෙක් දැඟලුවාට වගකීම් සහිත පාලනයකට විධායක බලට අහෝසි කොට බලතල ස්වාධීන කොමිෂන් වලට පවරන බවට පොරොන්දු වූ පාලනයකට එසේ හැසිරිය නොහැක.

    88/89 කාලයේ කසිප්පු කාරයින්ගේ කට කැපූ පූර්වාදර්ශය අනුව වගකිව යුතු රජයකට වැඩ කළ නොහැකිය. රාජපක්ෂලාට දඬුවම් කළ යුතු වන්නේ සාධාරණ නඩු විභාගයකිනි. එම දඬුවම දේශීයව හෝ ජාත්‍යන්තරව දේශපාලන පලි ගැනීමක් ලෙස අර්ථ කථනය කරන්න කිසිම ඉඩක් තැබිය යුතු නැත.

    උදාහරණයක් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමට කෙරෙන ප්‍රදර්ශනවාදී පැමිණිලි ගනිමු. ඒවා සමහරක් ප්‍රදර්ශනවාදී යයි කිව යුත්තේ අධිකරණයට යා යුතු සිදුවීම් වුව රැගෙන ටීවී නඩයක්ද සමග අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් ඒ ඉදිරිපිටට වී චන්ඩි වොයිස් කට් දෙන පිරිසක් බෝ වී සිටින නිසාය. අල්ලස් කොමිසමේ ලොක්කා බාලපටබැඳිටද චෝදනා තිබේ. ඔහු ඉවත් කර වෙනත් අයෙකු පත් නොකරන්නේ මන්දැයි ජනාධිපති ගෙන් විමසති. දැන් මේ ජනාධිපති ආවේ අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන කරන බවට පොරොන්දු වෙමිනි. එය එසේ නම් බාලපටබැඳි එළවීමට විධායක බලය භාවිතා කිරීමද හරි? නැතිනම් මඳක් ඉවසා පාර්ලිමේන්තුවට සංශෝධනය ගෙනැවිත් එය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් එම කොමිසමට අලුත් අය පත් කරමින් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමද හරි?

    හයිඩ් පාක් පිටියේ පැවැති පුරවැසි බලය මංගල රැස්වීමේ වේදිකාවට නගින්නට පළමුව පොරොන්දු වී පසුව පොල්ල තියා හේතුව ලෙස මෛත්‍රී වේදිකාවට නැගීම නිසා අපට බැහැයි කී නායකයෝ පසුව රට පුරා මෛත්‍රී රැල්ල නැග එද්දී පුරවැසි බලයේ අවසන් රැස්වීමේ කැම්බල් පිටිය වේදිකාවට නැග්ගෝය. නැග්ගාට පසුව බස්සා ගන්නද අමාරු විය. එවන් අවස්ථාවාදීන් මෙම අඳ බාල දූෂණ විරෝධී වීරයෝ වී සිටීම කණගාටු දායකය.

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෝ එහෙම උනාට අපේ රන්ජා දෙන ලයින් එක ගැන එහෙම හිතන්න එපා. හෙට අනිද්දා නාමල් ගලවපු ජංගි වගයක් ගැන ඔත්තුවක් ආවා කියලා ජනතාව සමග කැමරා පිරිවරාගෙන දළදා මාලිගාවට ගිහින් කරඬුව ඇතුලත් සර්ච් කරනවා.

      හැබැයි බැසිල් මහත්තය සජින් මහත්තය ෆන්ඩ් ට්‍රාන්සර් කරන කොට පොඩ්ඩක් අහක බලාගන්නවා.

      Delete
    2. ජෙවිපී බල්ලො හදන්නෙ අලුත් ආණ්ඩුවටත් බාල්දි පෙරලලා උන් ලකුනු දාගන්න. උන්ගෙ ඔය තර්ජන වලින් බෙරෙන්නනම් මයිත්‍රී-රනිල්-හෙල උරුම ජාතික ආණ්ඩුවක් හදන්න ඔනෙ. අලුත් ආණ්ඩුවෙ හතුරා මහින්ද නෙවෙ අනුර. අද කිව්වා කියලා මතක තියාගනිල්ලා.

      Delete
    3. ++++++++++++++

      මාතලන්ගෙ එකෙත් කිව්ව වගෙ මුන්ට අල බහිනකම් ඉන්න පුලුවන් තැම්බෙනකම් ඉන්න බැ.
      මුන් හැමෝටම ඕන තමන් නිසයි මෙව උනෙ කියල ලකුනු පොතට නම දාගන්න.
      විශේශයෙන් ජෙප්පො උන් දන්නව ඊලග චන්දෙදි උන්ට තනියම ඉල්ලල ආසන දෙකකට තුනකට හත‍රකට වඩා යන්න බැකියල.

      පහුගුය චන්දෙන් හුගක් සමාජ ජාල වලට තැනැක් ලැබුනනෙ ඒක දැකපු ගොඩක් උන් ඊළග චන්දෙට කලින් පෝලිමේ ඉස්ස‍රහට පනින්න දගලනව. මම දැකල තියෙනව චන්දෙට කලින් ඒ සම්බන්ධව කිසි දෙයක් නොකියපු උන් දැන් කියනව අපෙ මහන්සිවෙලා ආන්ඩුව පත්ක‍්රේ මේවටද කියල. මේව දකිනකොට පුකෙනුත් හිනා. ඔය සිරසෙ රංග කියන්නෙ එහෙම එකෙක්.

      Delete
    4. ඉහත සටහන ඊනිව්ස් එකේ විසල් ගේ ලිපියක කොටසක් බව සදහන් කරන්න

      Delete
    5. දූෂන සොයන ලෙස පුරවැසි මාධ්‍යකරුවන් ඉල්ලන්නේ වලිප්පුවක් සෑදීම නිසා නොවේ.කරුණු කිහිපයක් නිසාය.එකක් නම් කම්බ හොරු නිදහස වී හාල්මැස්සන්ට දඩුවම් ළැබෙන ඉතිහාසයක් අපට තිබෙන නිසාය.සුදු කරපටි හොරුන්ට නම් කවදාවත් දඩුවම් ලැබෙන්නේ නැත.පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ එකිනෙකා හා ඩීල් දා ගත් අය වෙති.
      ඉතිහාසය එසේ වුනත් දැන් සේරම වෙනස් බවත් ඇත්තේ යහපාලනයක් බවත් කෙනෙක් කීමට ඉඩ ඇත.එවැනි බලාපොරොත්තුවක් තිබුනානම් එය බිදවැටෙන ලෙස පත්වීම සහ ඩීල් දැමීම් ගැන අසන්නට ලැබේ
      යළි මහින්ද බලයට ඒවියැයි බියවිය යුතු නැත.එවැන්නක් යළි ඇතිවීමේ ඉඩ ඉතාම අල්පය.විශේෂයෙන් ඔහුට ශ්‍රීලනිප නායකත්වය අහිමි වූ පසු.

      මනාප ක්‍රමය වෙනස් කරන්නත් බැරිලු.සියළු දූෂනවලට මුල මනාප ක්‍රමයයි.එහෙත් එය නැතිව හොරුන්ට පැවැත්මක් නැත
      .ආණ්ඩු විරෝධී හොරුන්ට පැවැත්මක් නැත යනුවෙන් යහපාලනය ඉතාම ඉක්මනින් සංශෝධනය වනු ඇත.

      ජනතාව වශයෙන් අපට අවශ්‍ය මේ ප්‍රවණතාව පැරදවීමය.

      දැන් වැඩ සිද්ධවෙන්නේ හොරු බේරෙන විදියටය.ජවිපෙට හා රන්ජන්ට නම් හොරුන් පිටු දැකීමේ අවංක වුවමනාවක් තිබෙන බව පෙනේ.එහෙත් රංජන්ගේ බයිස්කෝප් නිසා මෙය විහිළුවක් වීමේ අවදානමක්ද ඇත.

      Delete
    6. යහපාලනය කියන්නෙ රන්ජන්ට ඔනෙ විදියට ගෙවල් අස්සට පැනලා කාර් හොයන එක කියලා හිතන එවුන් ඉද්දී මොන යහපාලනයක්ද?

      යහපාලනය කියන්නෙ නීතිය ක්‍රියාත්මක වීම ස්වාධීන සහ කාර්යක්ශම කිරීමයි. ඒක එහෙම උනොත් රන්ජන්ට විරුද්දව තියෙන කලු ජූලියෙදී රත්තරන් කඩයක් කඩපු පැමණිල්ලත් විභාග වෙන්න ඔනෙ. ඒක එහෙම නොවී රාජප්ක්ශලාගෙ හොරකම් විතරක් හොයනවනම් වෙලා තියෙන්නෙ සරල ආණ්ඩු මාරුවක් විතරයි.

      Delete
    7. මාධ්‍යකරුවන්ගේ කාර්යය වන්නේ පීඩනය පවත්වාගෙන යාමයි.

      මෙතැන වී තිබෙන දෙය වන්නේ දේශපාලකයන් විසින් කළ යුතු කාර්යය වන වැඩ නො කෙරෙන්නට හේතු පැහැදිලි කිරීමත් මාධ්‍යකරුවන් තමන්ට පවරා ගැනීමයි.

      සොරුන්ට දඬුවම් කළ යුතු ය. කල් අරිමින් ඔවුන්ට පනින්නට ඉඩ දීම, සාක්ෂි විනාශ වන්නට හැරීම හා වැරදි සාමාන්‍යකරණය වන්නට ඉඩ හැරීම වැළැක්විය යුතු ය.

      Delete
    8. "....මෙතැන වී තිබෙන දෙය වන්නේ දේශපාලකයන් විසින් කළ යුතු කාර්යය වන වැඩ නො කෙරෙන්නට හේතු පැහැදිලි කිරීමත් මාධ්‍යකරුවන් තමන්ට පවරා ගැනීමයි. ."

      ඔය මාතලන්ලා කරන්නේ ඕක තමයි! බොරුවට මුලින් බැනල පස්සසේ කියනවා රවී කරුණානායක අධිකරණයෙන් දඩුවම් ලබල තියෙනවද කියල

      Delete
  6. ඔන්න පැරාත් දූෂණ චැම්පියන් කෙනෙක් වෙන්නයි යන්නේ. ඔයිට වැඩිය හොඳ නැද්ද පැරා මේ බ්ලොග් අවකාශයේම වෙච්චි දූෂණ හෙළි කරන එක?

    1. අභීත එදිරිසිංහ අහිංසක මිනිස්සු රවට්ටලා ණය අරගෙන පොලු තියපුවා (ඔබාමාමා, ඉන්දික, ඕනයා, සෝරෝ...)

    2. චතුෂ කුමාර හෙවත් මාරයා මේකෙ ඉන්න මෝඩ ගෑණුයි දැරිවියොයි රවට්ටා ගෙන ජ්‍යෝතිෂ මැජික් පෙන්නපුවා, ලිංගික අතවර කරපුවා...

    3. රසියා චමීර ඇතුළු පිරිස අපේ පොකට් එකට විදමින් අමු මිරිස් කාපුවා

    4. පොඩිමෑන් බ්ලොග් හමු මෙහයවන්න සල්ලි එකතු කරලා ඒ ටිකත් අරන් අතුරුදහන් වෙච්චි සිද්ධි

    ReplyDelete
    Replies
    1. ඇයි මාතලන් කේන්දර බලන්න 700 ගැනේ ගත්තුවා

      Delete
    2. මාතලන් 700 ක් ගත්තද? අපෙ මාරයා අයියා නම් ගත්තෙ 600 යි හරිම සාධාරණයි. සුමනෙ ගත්තලු රුපියල් 25,000 ක්.

      Delete
    3. ඇයි රාජ් හොරෙන් ඔටි දාපුව රාජකාරි වෙලවේ බුකියේ හිටපුව

      පැරා පාසල් කාලය තුල බ්ලොග් ලියපුවා

      Delete
  7. බල්ලොත් සමග නිදාගෙන හැදූ ආන්ඩුවට මැක්කන් ගෙන් මරාගෙන මැරෙන ප්‍රහාර .....

    ReplyDelete
  8. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට,අන්තරේ දේශපාලනය කර පැමිණි පානදුරේ ප්‍රනාන්දු නමැති තරුණ ගුරුවරයා 88/89 භීෂණ සමයේදී ඝාතනය කෙරුණි. මොහුගේ ඝාතනය පාවාදීමක ප්‍රතිපලයක් බවත්,එහි මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ දැන් ලෝකෙට බන දෙසනා අජිත් පැරකුම් බවත් ගැහැටවෙල කිත්සිරි පසුගියදාකත් පැවසුවේය. එසේම පානදුරේ ප්‍රනාන්දු සහෘදයා ආශා අජිත් පැරකුම් සමගම එකට වීරවිල කදවුරේ සිටි රත්කරව්වේ ලලිත්ද මෙය තහවුරු කළේය.

    මේ පාවා දීම් ගැන අජිත් පැරකුම් කටක් නාරින්නේ ඇයි? හෘද සාක්ෂිය ඔබට වද දෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. ඒගැන මට මොකක්වත් වද දෙන්නේ නැත. හෘද සාක්ෂිය යනු කුමක්ද?

      -පැරා

      Delete
    2. ලංගම ගැහිලි ගැන සාක්ෂි නැතුව (ලංගම දුෂණ ගුහාවක් බව ඇත්තය.) ලිපියක් ලියපු වෙලාවේ මම පැරාට කිව්වා සාක්ෂි නැතුව ලිපි ලියන සංස්කෘතිය ප්‍රවර්ධනය කරාම මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා.

      මෙහෙම ඕපදූප වලින් වින්දිතයාට වෙන හානියට වගකියන්නේ කවුද?

      රන්ජා වගේ ගොන්නු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගෙවල් ගානේ රිංගන එකත් මේ වගේම දෙයක් තමයි. නිකමට හිතන්න පැරාගේ ගෙදර ශිරන්තිගේ රත්තරං වගයක් හංගලා තියෙනවා කියලා කවුරුහරි රන්ජාට කියලා මිනිහා වටපිට උන් ඉස්සරහ පොලිසියෙන් දම්මලා ගෙදර අල්මාරි සර්ච් කරවනකොට ඇතිවෙන හැඟීම.

      Delete
    3. හහ් හහ් හා! ඔන්න මං කට ඇරියා.

      හැබැයි 89 ගැන මෙවැනි විහිළු කතා කියන්න පුළුවන් ඒ යුගය ගැන අත්දැකීම් නැති, හෘදය සාක්ෂියක් නැති මිනිසුන්ට පමණයි.

      Delete
  9. මට හිතෙන්නෙ ඔක්කොම දෙනා පටලවාගෙන ඉන්නෙ.
    යහපාලනය කියන්නේ හොරකම් නොකර ඉන්න එකවත් කරපු හොරකම් අල්ලන එකවත් නොවේ.
    ***********************************************************************************************
    යහපාලනය කියන්නේ හොරකම් නොකර ඉන්න එකවත් කරපු හොරකම් අල්ලන එකවත් නොවේ.
    ***********************************************************************************************
    යහපාලනය කියන්නෙ හොරකම් කිරීමට නොහැකි වන ලෙසත් කරපු හොරකම් අහුවෙන ලෙසත් ක්‍රියාමාර්ග සකස් කිරීමයි.
    ඒ වැඩේ පටන් ගන්නවා කියන්නෙ අදයි.
    ඉතින් පොඩ්ඩක් බලමු. අර ඇනෝ කෙනෙක් “දූෂණ විරෝධී වලිප්පු කාරයෝ“ යනුවෙන් දමා ඇති කමෙන්ට් එක බොහෝ දුරට නිවැරදි ය.

    ReplyDelete
  10. රන්ජන්ගෙ වීර වික්‍රමාන්විත ලැම්බොගිනි මෙහෙයුම් දිහා අපි කටවල් ඇරන් බලා ඉද්දී රට පරණ ක්‍රමයටම යනවා. ලෙක්-හවුස් සාභාපති ලෙස සාගල රත්නායකගෙ අයියව දාලා. මහින්ද අඩුම ගානෙ මාද්යවෙදියෙක්ව මෙ තනතුරට දැම්මා.

    ReplyDelete
    Replies
    1. සඳරුවන්ට සොරිද?

      එතකොට දිනමිණ පැරාට දෙන්නෙත් නැද්ද?

      Delete
    2. අනෙද කියන්නෙ. ශිරාල් ලක්තිලකට ජනාධිපති උපදෙශක තනතුරකුත් දීලා. NGO ගැන උපදෙස් ගන්නද මන්දා.

      Delete
  11. මාතලන්ට දාපු අදහස මෙතනටත් අදාලයි කියල හිතන නිසා දානවා.

    "හොරු අල්ලලා නිතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන 'යහපාලන' ක්‍රමයකුත් තියෙනවානෙ. ගාල කඩාගත්තා වගේ කරොත් අර කියපු ක්‍රමයට ගැලපෙන්නේ නෑ. මේ රට නීතිය හා සාධරනත්වය ගැන කිසිම සැලකිල්ලක් නැති වල් වැදිච්ච රටක්නෙ. ඉතින් හැමෝමෙ බලාපොරොත්තුවෙන්නෙ මේ ආණ්ඩුවත් කලින් විධියටම කරයි කියලා (ෆොන්සේකාට කරා වගේ)."

    ReplyDelete
  12. පැරාට දිනමිණ දියව්!!!

    ReplyDelete
  13. අද තියෙන්නේ දූෂිතයින්ට එරෙහිව දූෂිතයින්ගේ කැරැල්ලක්! පිරිසිදු අත් ඇති දේශපාලනඥයින් කවුරුන්ද? අනුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දේශපාලනය කරන්නෝ ලංකාවේ සිටිත්ද? වත්මන් මනාප ඡන්ද ක්‍රමය යටතේ මිලියන ගණන් මුදල් වැය කරමින් මැතිවරණ ජයග්‍රහණය කරන්නේ පිරිසිදු දෑත් දෙස බලමින් සතුටුවන්නටද? දේශපාලනයට ප්‍රවේශවෙන විටම ඔවුන් ගේ හිත් දූෂණයවි හමාරයි. එබැවින් දූෂිත සිතින් කරන කටයුතු වල ප්‍රතිඵලයන්ද දූෂිත ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා