ස්ත්‍රී දූෂක දේශපාලනයට එරෙහිව චන්ද්‍රිකා

මධ්‍යතන යුගයේදී බලවත් ගැහැනුන් මායාකාරියන් ලෙස සලකා වධ දී මරා දැමූ ආකාරය. 
චන්ද්‍රිකාට එරෙහිව මේ ආණ්ඩුව විසින් එල්ල කර තිබෙන ප්‍රහාරය ගැන පොදු විපක්ෂය මීට වඩා කතා කළ යුතු ය. 

මම පෞද්ගලිකව චන්ද්‍රිකාට කැමති නැත. ඇය හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි කීවොත් මම ඇය තෝරා ගන්නේ නැත. එහෙත් ඇය ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වී නැත. ඒ නිසා ඒ ප්‍රශ්නය අදාළ නො වේ. 

ඇය මේ රටේ හිටපු ජනාධිපතිවරියකි. එසේ ම, ඇය විජය කුමාරතුංග නම් ප්‍රගතිශීලී දේශපාලනඥයාගේ බිරිඳයි. ඔහු ඝාතනය වූයේ දේශපාලනික හේතු නිසා ය. 

එසේම ඇය ද කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි බේරා ගත් අයෙකි. ඇයට එයින් ඇසක් අහිමි විය. 

ඇගේ පාලන කාලය තුළ ඇය මේ රටේ ජනප්‍රිය නායිකාවකි. ඇය කළ මුල් ම වරද ඇය කෙරෙහි ජනතාව විසින් තබන ලද බලාපොරොත්තු ඉටු නො කිරීමයි. ඇය වරක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ගෙන ආවා ය. එහෙත් ඇයට එය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සහයෝගය නො තිබිණි. අද පොදු විපක්ෂයේ තේමා බවට පත් වී ඇති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යහපාලනය පිහිටුවීම ආදිය පමණක් නොව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාමාර්ග ද එදා ඇගේ යෝජනාවලියේ තිබිණි. 

ඇගේ පාලන කාලය තුළ ඇය ප්‍රජාතන්ත්‍රවාදය සමග ක්‍රීඩා කළා ය. දූෂණයේ යෙදුණා ය. මැරවරකම් කළා ය. යුද්ධ කළා ය. බොරු කීවා ය. බලයේ එල්ලී සිටීමට උත්සාහ කළා ය. 

එහෙත්, ඇය ඒවා කළ ප්‍රමාණයත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ දේ කරන ප්‍රමාණයත් සන්සන්දනය කර වඩා නරක කවුරුදැයි ඔබට ම තීරණය කරන්නට පුළුවන. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමග ඇය සන්සන්දනය කර බලන්න. වඩා නරක ඇය ද?

ඇය හොඳ නැත. එහෙත් අද ඇය නිරුවත් කර පාරේ දුවවන්නට කතා කරන එස්.බී දිසානායක හා අනෙක් අය එදා ඇගේ අතින් කා, ඇගේ පාමුල දැවටෙමින් පුරු පුරු ගෑ පූස් පැටවු ය. චන්ද්‍රිකාගේ අනුග්‍රහය යම් යම් මට්ටම්වලින් නො ලැබිණි නම්, මහින්ද රාජපක්ෂගේ සිට පහළට කිසිවෙක්  අද ඔය තැන්වල නැත. ඔවුන් කරන්නේ තමන්ට කන්න දුන් අත හපා කෑමකි. 1994දී ඇය ශ්‍රීලනිපයට නායකත්වය දෙන්නට නො පැමිණියා නම් තවමත් පවතින්නේ එජාප ආණ්ඩුවක් විය හැකි ය. 

අපි ඒ කාරණයත් පැත්තක තබමු. මේ රටේ හිටපු රාජ්‍ය නායිකාවක වූ ඇයට ඇගේ ම අනුගාමිකයන් කරන මේ ගැරහීම කෙතරම් නින්දිත ද? තමන්ගේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදි සම්බන්ධයෙන් තමන් සමග කැබිනට් මණ්ඩලයේ හිඳිමින් සාමූහිකව වගකීම් බෙදා ගත් අය ද වගකිව යුතු බව මෑතදී දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය. 

අද චන්ද්‍රිකාට ගරහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇගේ ආණ්ඩුවේ අගමැති ලෙස කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම බෙදා ගත් අයෙකි. අනෙක් අය ද එසේ ය. 

එසේම, චන්ද්‍රිකා යනු ගැහැනියකි. මවකි. ඒ ගැහැනිය මේ රටේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකුගේ දියණියකි. ඇගේ පියා ද, සැමියා ද දිවි පිදුවේ දේශපාලන අරමුණු වෙනුවෙනි. ඇය ද දේශපාලන අරමුණක් වෙනුවෙන් සිය ඇසක් දන් දුන් කෙනෙකි. ඇය මේ රටේ ඉතිහාසයේ කොටස්කාරියක නො වේ ද? ඇයට හිමි ගරුත්වයක් නැද්ද? ඇයට දේශපාලනය කරන්නට අයිතියක් නැද්ද? 

ඇය අනෙකුත් දේශපාලන නායකයන්ගෙන් වෙනස් වන එක ම හේතුව ඇය ගැහැනියක වීම පමණි. ඇයට එරෙහිව වෛරය පතුරුවන දේශපාලකයන් ගරහන ප්‍රධාන ම දෙය ඇගේ  ගැහැනුකමයි. ස්ත්‍රීත්වයයි. මාතෘත්වයයි. 

එයින් ප්‍රකාශ වන්නේ මේ රටේ ජනගහණයෙන් අඩක් වන ස්ත්‍රීන්ට මේ රටේ දේශපාලනය තුළ ලබා දී තිබෙන තැන නො වේ ද? මේ රටේ පුරුෂෝත්තම දේශපාලනය තුළ ඇය හා පවිත්‍රා වන්නිආරච්චි වැනි ආක්‍රමණශීලී ගැහැනුන්ට පවා දේශපාලනයේ යෙදෙන්නට හැකි වාතාවරණයක් නැත. 

ලංකාවේ ජනගහණයෙන් අඩක් ගැහැනු ය. රටේ සත්‍ය ජීවනාලිය වන විදේශ ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ගැහැනු ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රධාන බලවේග වන ඇඟලුම් කම්කරුවන් හා වතු කම්කරුවන්ගෙන් ද බහුතරය ගැහැනු ය. මේ රටේ සේවා ආර්ථිකයේ ගුරු, හෙද, වෛද්‍ය, ලිපිකාර වැනි වෘත්තීය ක්ෂේත්‍රවලත් බහුතරය ගැහැනු ය. එහෙත්, දේශපාලනය ගෙන බලන්න. අති බහුතරය පිරිමි ය. 

ලංකාවේ දේශපාලන ව්‍යූහය ස්ත්‍රී දූෂක දේශපාලනයකි. ස්ත්‍රියකට එ‍හි දේශපාලනයේ යෙදෙන්නට බැරි ය. ප්‍රගතිශීලී යයි කියන වාමාංශික පක්ෂයකවත් දේශපාලන මණ්ඩලයේ ගැහැනියක නැත. ජවිපෙ, සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී කිසිදු පක්ෂයක මේ වන විට කාන්තා නායිකාවක් නැත. 

ලංකාවේ දේශපාලනය සාමූහික ස්ත්‍රී දූෂණයකි. එස්. බී. දිසානායකගේ මුවින් එළියට පැන්නේ ඒ ස්ත්‍රී විරෝධයේ ශුක්‍රානු ය. 

මේ රටේ කාන්තා පරපුර තමන් පිළිබඳ නැවත සිතා බැලිය යුතු ය. තමන් අතරින් බිහි වූ බලවත් ම ස්ත්‍රිය බිම පෙරළාගෙන දූෂණය කරන ආකාරය ගැන පිරිමි දේශපාලුවන් සිතින් සිහින දකින්නේ ඇයි ද යන්න ගැන කාන්තාවන් කල්පනා කළ යුතු ය. 

කාන්තාවන්ට දේශපාලනය තුළ තිබෙන ශක්තිය ආරක්ෂා කර නො ගෙන ඉදිරියට යා නො හැකි ය. අනාගතයේ යම් දිනෙක චන්ද්‍රිකා නැවත  රාජ්‍ය පාලනයට පිවිසෙන්නේ නම් ඇයට භාර දිය යුත්තේ වනිතා කටයුතු අමාත්‍යාංශයයි. කාන්තාවන් දේශපාලනිකව ශක්තිමත් කිරීමේ වගකීම ඇය මෙවර හෝ අතට ගත යුතු ය. 

වික්ටර් අයිවන්ගේ චෞර රැජින නම් ප්‍රබන්ධ කෘතිය විසින් ඇගේ චරිතය ඝාතනය කර දමන ලදී. ඇය අනාගතේ දිනෙක හෝ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. වික්ටර් අයිවන් ඒ පොතෙන් ඇයට කළ අපහාසවලට පොතේ ආදායම හෝ වන්දි ලෙස ගෙවිය යුතු ය. එසේ ම, ඒ පොතෙහි ඇති ස්ත්‍රී විරෝධය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු ය.  

අපි මේ කරුණ කියන්නේ අද නො වේ. මීට බොහෝ කලකට පෙර ද අපි කීවෙමු. පහත සඳහන් ලිපිය කියවන්න. අප එය මුලින් ප්‍රසිද්ධ කළේ 2007 පමණ වකවානුවේ ය. එ් මෙම මාධ්‍ය අවකාශය ආරම්භ කිරීමට පෙර ය. 


ලංකාවේ පිරිමි ස්ත්‍රී බලයට බිය ඇයිදැයි විමසීම සඳහා 2008 වසරේ පළ කරන ලද මෙම ලිපිය යළි පළ කරමි. 

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman


ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.

පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.

මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.'

කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?

නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.

මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.

නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.

පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.

මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.

‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.

මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.

මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.

පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.

මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.

‛මායාකාරිය' නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය' නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්' නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.

සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.

එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.

බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.

බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම' නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.

වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.

එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.

මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.

මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.

බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?

1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින' කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.

අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?

පසුව එකතු කරමි: රාජපක්ෂ පවුල් පාලනය ශිරානි බංඩාරනායක හිටපු අග විනිසුරුවරියට එළව එළවා පහර දෙන්නට හේතුව ද මෙවැනි ම නො වේ ද? 

තත්වය එසේ වුවත්, ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අවසානයේදී පැරාට නැවතත් ලියනවාට ගෙවන්නට අනුග්‍රාහිකාවක් ලැබී ඇත. රාජ්‍ය නොවන සංවිධානයන්හී මූල්‍ය ශක්තියට සදා පෙම් බැඳි පැරාට තව දුරටත් සිය බඩගෝස්තරය වෙනුවෙන් නොදන්නා පරිවර්තන කාර්යයන් කරමින් රුපියල් සත සිඟා කෑමට උවමනා නැත.

    ReplyDelete
    Replies
    1. අපේ මාරයා අයියාට ඕවා පුරස්න නොවේ.... ටයි පොල්ලක් දමා පින්තූරයක් බුකියේ දමා දේශප්‍රේමී පෝස්ටුවක් දැමූකල 40ශ්‍රී ලොරි පමනක් නොව ඉන්ග්ලිශ් නම්බර් ස්පොර්ට්ස් කාර් පවා පස්සෙන් එයි...

      Delete
    2. අනේ මාරයියේ
      අපටත් රජෙක් ඉන්නේ (දැන්)
      තොගෙ රජා යන්නේ
      උගේ කරුමේ ඌට වන්නේ

      මෛත්‍රි දිනුවෝතින්
      කොඩි සේසත් නඟන්නම්
      කිරිබත් උයන්නම්
      බඩ පිරෙන කල් තොට කවන්නම්

      Delete
    3. දැන් ඉතින් ලොරිය විකුණන්න වෙයි වගේ...

      Delete
    4. පැරා මේක කපන්න ඉඩ තිබුණත් මේ කතාවත් ලියන්නම ඕනැ කාන්තාවන් සම්බන්ධ ආකල්ප වලට අදාළ නිසා.

      උදාහරණයක් හැටියට මාරයා ගනිමු. ඔහුගේ ජඩකම අමනුස්සකම කොයි තරම්ද පෙනෙනවා පහුගිය දවස් වල රත්නපුරේ බට්ටි කියන පොලිසියෙන් අමානුෂික ලෙස පහර කාපු ලිංගික සේවා සපයන්නියව සමච්චලයට ලක් කරමින් ඔහු දිගින් දිගටම ලියපු කමෙන්ට් කරපු ඒවා දිහා බැලුවාම. අපේ අනුකම්පාවට භාජනය විය යුතු ඒ වගේ චරිතයක් තවත් සමච්චලයට භාජනය කළ හැක්කේ කකාගේ වචන වලින් මනපහතයකුට පමණක් බව මගේ මතයයි.

      ඒ එක්කම මේ මාරයා කියන පුද්ගලයා වරක් බ්ලොග් සටහනක් ලිව්වා ඔහු ගුවන් හමුදාවේ ඉඳිද්දි ලිංගික සේවා ලබා ගත්තු කාන්තාවක් ගැන. කොන්ඩෝම් නැති නිසා ඔවුන් භාවිතාකරලා තියෙන්නෙ බත් ඔතන තුනී පොලිතින් කොළ. තමන්ගේ සහගකුට ඒ පොලිතීන් කොලේ බත් ඔතපු පැත්තේ මිරිස් හොදි වගයක් ගෑවිලා තිබිලා වෙච්චි අකරතැබ්බයක් ගැනයි ඔහු ලියලා තිබුණේ. කවුදෝ කමෙන්ට් කරලා අහලා තිබුණා එතකොට කොළේ අනෙක් පැත්තට දාලා අක්කට දැනෙන්නේ නැද්ද කියලා. මාරයාගේ පිළිතුර ඒකිට ඕවා ගානක් නෑ බං කියලයි.

      මෙහම ලියන එකෙක් මනපහතයෙක් නෙවෙයි නම් කවුද?

      Delete
    5. මරාට කඩේ යන අභීත එදිරිසිංහ කියන පල් හොරා ගැන මොකද හිතෙන්නෙ?

      Delete
    6. හෑ !!!!!!
      ස්ත්‍රී දූෂක දේශපාලනයට එරෙහිව චන්ද්‍රිකා ?????


      මේ දිග බඩගෝස්තර හෑල්ල කියෝලා හිනාවෙනකොට මට හෙන සද්දෙන් වාතයක් ගියා ඕයි

      Wayamba is associated with one of the most, if not the most horrible election-related incident when way back in 1999, during the Provincial Council (PC) elections, at the time President Chandrika Kumratunge was at the helm of affairs, a woman supporting the opposition United National Party (UNP) was stripped of her clothes and made to walk (naturally in a state of undress) on the roads with hundreds of people watching, helpless and desperate, not being able to anything to help an unfortunate woman, in the face of blatant intimidation by politically-backed, powerful, uncouth men.


      LOL

      Delete
    7. We would like to ask madams Serasinghe, Illaperuma and Peiris in which country they were living when in October 1997 a UNP candidate was assaulted, tortured, stripped naked and displayed in public by PA goons? Where were these mild-mannered mamas in December 1999 when the PA plastered the nation's walls with posters of a UNP supporter stripped naked, tied to a lamp-post and burnt alive by the JVP? How was it that these self-appointed watchdogs let their attentions wander when in the run-up to the notorious Wayamba election in 1997, a 53-year-old woman, perceived as a UNP supporter, was stripped of her clothing and dragged naked and at gunpoint down a public highway, together with her children? Despite wide publicity in the independent media, Kumaratunga has not up to now so much as issued a statement condemning this barbaric and cruel crime that agitates against the very roots of our culture and civilisation.

      http://www.thesundayleader.lk/archive/20011104/editorial.htm

      පැරකුම් සර් .. ඔහේට ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නැද්ද හැබෑට ??

      Delete
  2. මම පෞද්ගලිකව චන්ද්‍රිකාට කැමති නැත. ඇය හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි කීවොත් මම ඇය තෝරා ගන්නේ නැත.

    Ow ow dan gani wala welane. Para ubata 94 hatharedi thoraganda kiuwanam nikan idhi.... Api nodanna Para.......

    ReplyDelete
  3. චන්ද්‍රිකා කොන්ඩෙ කපපු චන්ද්‍රලේඛා ගැහැනියක් නෙවෙයිද?

    චන්ද්‍රිකා ගෙදර ගිනිතියපු අනෝජා වීරසිංහ ගැහැනියක් නෙවෙයිද?

    මැයි පෙළපාලියේ චන්ද්‍රිකා වගේ ඇඳගෙන ගියපු ගෑනිගේ ගෙදර ගිනිතියද්දි ගෑනු පිරිමි බවට මොකද උනේ.

    බැද්දගානේ සංජීව ජනාධිපති ආරක්ෂකයෙක් උනේ කාගේ කාලෙදීද? සනත් ගුණතිලකව ජනාධිපති මන්දිරේ තියාගෙන ඌට පිස්සු කෙලින්න දුන්නේ කවුද?

    පැරා කන්න ඕන උනාම කබරයාව තලගොයා කරන්න එපා. චන්ද්‍රිකාගේ රෙදි ගලවලා පාරේ යවන එක වැරදියි. ඒත් චන්ද්‍රිකායි පවිත්‍රායි දෙදෙනාම රළු විවේචනයන්ට මූණ දෙන්න ඕන. අතගාලා කියන දේවල් ඒ දෙන්නම අහන්නේ නෑ.

    ReplyDelete
  4. සිරා වෙනුවෙන් පැරා
    ගන්න මුත් පුක ඉරා
    අන්තිමට කිරුළු දරා
    දිනන්නේ අපෙ මරා

    ReplyDelete
    Replies
    1. පුක තමයි. බලාගෙන හිටපන්.

      Delete
  5. චන්ද්‍රිකා කියන්නෙ බෙදුවාදී බලවෙග වල ප්‍රධාන ඉත්තෙක්. ආණ්ඩුවෙන් ඇමතිවරු බාන්නෙත් සිරිසෙන නෙවෙ චන්ද්‍රිකා. තනාපති කාර්යාල එක්ක ගනුදෙනුව කරන්නෙත් එයා. චැනල් 4 එකෙ ලොකුවට දාන්නෙත් චන්ද්‍රිකාගෙ ද්‍රොහී ප්‍රකාශ. මෙච්චර වයිරී වැඩ කරන චන්ද්‍රිකා උබලට හොද වෙන්නෙ උබලගෙ ජන්ම ගත වෙලා තියෙන සින්හල බෞද්ධ විරොධය නිසා නෙවෙද?

    ReplyDelete
  6. අර අලුත් පරපුරේ සමනලී දාපු නාට්‍ය ගැන පැරකුම් මොකද හිතන්නේ. සමනලීලට ගහපු එක වැරදියි. ඒත් බොරුවට අමාරුයි වගේ රඟපාන එක? ඒක යහපාලනයට එකඟද?

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නෙ සමනලීට ගහපු එකත් නාට්යක්ද දන්නෙ නෑ. මොක්ද බනිනවා, හූ කියනවා මිසක් ගහනවා මමනම් දැක්කෙ නෑ. සිරිසෙන දිනලා ඔය හාදයා ආණ්ඩුවට පැන්නොත් ඌත් මහත්මයෙක්, යහපාලකයෙක් වෙනවා.

      Delete
  7. ඕක තමයි අපි කලින්ම කිව්වේ.. ආවට බැක් කලාට කමක් නෑ. ඉස්ටේජ් නග්ගන්න එපා කියලා.. දැන් නානවා.. එයාගේ කට කොහොමත් හොඳ නෑ.. මහින්ද කරපු ගොන් කම තමයි චන්ද්‍රිකාට ඉල්ලන්න බෑ කියලා උසාවියෙන් කියව ගත්ත එක. එහෙම නැතුව චන්ද්‍රිකා ආවා නම් මහින්ද උඩින් දිණුම්...

    ReplyDelete
    Replies
    1. ප්‍රායොගික ලොකෙ එහෙම පුලුවන්ද බන්. කෙක් ගෙඩිය උදුර ගත්තට පස්සෙ කට්ටියම ඕකට පොර කනවා. චන්ද්‍රිකා තමයි ආණ්ඩුවෙ තමන්ට යටහත් පහත් ඇමතියො ටික බාගන්න ප්‍රධාන මෙහෙයුම කරෙ. එන්ගලන්තෙ ඉදන් ආවෙම ඒකට. එහෙම කරලා පැත්තකට වෙලා ඉන්න එයා කැමති වෙයිද?

      Delete
    2. පොලිටික්ස් වල පොලිට්‍රික්ස් කියලා දෙයක් තියෙනවා.. දැන් බලහන් මිස්ටර් ප්‍රභාකරන් කියලා නාන නෑම.. අරුන් ටොපික් හොය හොයා ඉන්නවා.. මෙයා පැනලා දෙනවා...

      Delete
    3. පොතලන් කොහොමත් හොරාට කඩෙ යන්නෙ මරාටනෙ. ප්‍රබාකරන් කියන්නෙත් මෙ රටෙ මිනිහෙක්. ඔහුට සහය දැක්වූයෙ මෙ රටෙ තැලෙන පොඩිවෙන දෙමල මිනිස්සු. රටෙ ලොකු යුධ ඉල්ලුමක් තිබුනා කියන එක බොරුවක්. එහෙනම් කොහොමද රනිල් 2002දී දිනුවෙ? මිනිස්සුන්ට සාමයෙන් විසදන්න ඔනෙ උනු ප්‍රශ්නයක් මිනී මැරිල්ලකින් අවසාන උනෙ ගොටාබයගෙ සහ හමුදාවෙ ඔනෙ කමට. 2009දී දෙමල මිනිස්සුන්ට උන දෙ 2013දී වැලිවෙරියෙදී සින්හල මිනිස්සුන්ට උනා. මොකක්ද වෙනස?

      Delete
    4. Athokota karuna amman ta kiyane , Mr da , sir da,

      Delete
    5. මාතලන් අරුන් මුන් වැඩක් නෑ උඹේ අදහස කියහන්කො, ප්‍රභාකරන්ට මිස්ට කියපු එක ගැන උඹේ අදහස මොකද්ද? දේශපාලනේ නෙවෙයි අහන්නෙ.

      Delete
    6. ඉන්ගිරිසි කියන්නෙ වැදගත් භාෂාවක් කියලනේ කියන්නේ.. ඒත් ඒකේ ප්‍රභාට ලියුමක් ලිව්වත් ලියන්නේ ඩියර් සෑර් කියලා.. අපේ පැරා දන්නවා ඕවා මට වඩා..

      හොඳ වෙලාවට ප්‍රභා මරලා දැම්මේ. නැත්නම් උඹලටත් ඌට මිස්ටර් නෙමෙයි. සෑර් කියන්නයි වෙන්නේ. කරුණා අම්මාන් අපේ හමුදාවේ ගාඩ් එකත් එක්ක සැලුට් ගහගෙන සෑර් කියාගෙන ආර්පිකෝ එකට එනකොට මට නම් පුකෙන් හිනා යනවා. ප්‍රභා හිටියනම් ප්‍රභා තමයි මහින්දගේ අගමැති..

      Delete
    7. මොනවද බන් මාතලන් උඹේ හතර බීරි කතා, /ඉන්ගිරිසි කියන්නෙ වැදගත් භාෂාවක් කියලනේ කියන්නේ.. / කියලනේ නෙවෙයි උඹ වැදගත් නම් උඹ ඒක කියපන්, /අපේ පැරා දන්නවා ඕවා මට වඩා.. / පැරා දන්නව නෙවෙයි උඹ දන්නව නම් දන්නව කියපන් නැත්නම් මුකුත් නොකිය හිටපන්, අනිත් එක තිත් තියන්න ඕනෙ නෑනෙ ඔච්චර මොනව හරි ලියනකොට.
      /හොඳ වෙලාවට ප්‍රභා මරලා දැම්මේ. නැත්නම් උඹලටත් ඌට මිස්ටර් නෙමෙයි. සෑර් කියන්නයි වෙන්නේ. / උඹ මොනව කියලද කතා කරන්නෙ එහෙනම්?

      Delete
    8. මාතලන් බොරුවට කරුණා පිල්ලයාන් ගැන පොඩ්ඩක් කියනවා මරාට කඩෙ යන්නෙ නෑ කියලා පෙන්නන්න. හැබැයි මරාගෙ හොද කිය කියා කඩෙ යනවා තමන්ගෙ බ්ලොග් එකෙ. රජවාසලෙ රිලවා සහ මාතලන් අතරෙ ලොකු වෙනසක් නෑ.

      Delete
    9. දෙමලාගේ පුක ලොවින්නෝ,

      "... ප්‍රබාකරන් කියන්නෙත් මෙ රටෙ මිනිහෙක්. ඔහුට සහය දැක්වූයෙ මෙ රටෙ තැලෙන පොඩිවෙන දෙමල මිනිස්සු...."
      පුක තමයි, ප්‍රභාට සහය දැක්වූයෙ විවිධ හේතු නිසා මෙරට හැරගිය දෙමෙල්ලු හා පිටරටවල්වල ඉන්න දෙමෙල්ලු. මේ ලෝකේ ඉන්න මිලියන 80 වන දෙමෙල්ලුන්ට තමගේ කියල රටක් නැහැ. උන්ට මේක ලොකු අඩුවක්. උන් රටක් ගන්න 1960 ගණන්වල ඉන්දියාවේදී උත්සහකලා. ඉන්දියාව උනිට ටොපිය දීලා වැඩේ නැවැත්තුවා. ඊළගට 1970 උන් ඕකම මලයාසියාවේදී උත්සහකලා. මහතීර් මොහොමඩලා බුමිපුත්‍ර නීති ගෙනෙල්ල වැඩේ අලකලා. ඊළගට වැඩේ ලංකාවේ පටන්ගත්තා. උඹල වගේ ගොන්නු නිසා වැඩේ අවුරුදු 30ක් ඇදුනා.

      "රටෙ ලොකු යුධ ඉල්ලුමක් තිබුනා කියන එක බොරුවක්. එහෙනම් කොහොමද රනිල් 2002දී දිනුවෙ?"
      ගොනෝ චන්ද්‍රිකා සාමේ කරලා, තවලම් ගිහිල්ල, Mr. ප්‍රභාට ලියුම් 20ක් ලියල ඌ එකට කෙල කරහම අන්තිමට යුද්ධ කරලා, ජය සිකුරුවලින් නාල, අලිමංකඩ නැතිකරගෙන, කටුනායකට වැදිලා රෙන්න පුකේ ගූත් නැතුව ඉන්න වෙලාවේ. මිනිස්සුන්ගේ මොරාල් එක අම්බානකට වැටිලා හිටියේ. ඉතින් වෙනසක් කරන්න එවෙලාවේ මිනිස්සු රනිල්ට බලය දුන්නා. මහින්දත් මුලින් සාකච්චා කරන්නනේ ගියේ. පස්සේ Mr. ප්‍රභා ක්ලේමෝ තිය තිය හමුදාවේ කොල්ලෝ මරද්දී හෙළ උරුමයයි JVP එකයි තමයි මහින්දව උද්ධ කරන්න දැක්කුවේ. ගොටභය හින්ද මහිදත් බය නැතුව හමුදාව වැඩිකරලා හරිය යුද්දේ කරලා අවරුදු 3.5න් වැඩේ ඉවර කලා. නැතුව අල්ල අල්ල හොටියනම් තාම කොළඹ බෝම්බ පුපුරනවා. මට තියෙන එක දුකක් තමයි උඹල වගේ සක්කිලි ඉතුරු වෙලා හොද මිනිස්සු Mr. ප්‍රභාගේ බෝම්බ වලින් මැරිච්ච එක.

      "...මිනිස්සුන්ට සාමයෙන් විසදන්න ඔනෙද උනු ප්‍රශ්නයක් මිනී මැරිල්ලකින් අවසාන උනෙ ගොටාබයගෙ සහ හමුදාවෙ ඔනෙ කමට...."
      අනේ --කේ, මිනිස්සුන්ට මේක සාමෙන් විසදන්න ඕනඋනාට Mr. ප්‍රභාටයි අනිත් දෙමළ ජාතිවදීන්ටයි මේක සාමෙන් විසදන්න ඕන උනේ නැහැනේ. ගොඩක් සාමාන්‍ය දෙමලුන්ටත් ඕන උනේ තමන්ගේ කොල්ලෝ යුද්ධ කරනවා බලන්නේ. ඉතින් අපි කොහොමද තනියෙන් සාමේ දෙන්නේ. එහෙනම් උන්ට මුලින් ඊළමයි පස්සේ මුළු ලංකාවයි දීලා කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ. උබට එක හොදනම් ඉන්න විදිහට හිටපන් මොකද මහින්ද කරන්නෙත් Mr. ප්‍රභා කරන්න හිටපු දේමයි.

      "... 2009දී දෙමල මිනිස්සුන්ට උන දෙ 2013දී වැලිවෙරියෙදී සින්හල මිනිස්සුන්ට උනා. මොකක්ද වෙනස?.."
      කිසිම වෙනසක් නැත. දෙමළ ත්‍රස්තවදින්ටත්, සිංහල ත්‍රස්තවදින්ටත් දෙන්නේ එකම බෙහෙතයි. එක 1971දිත්, 1989දිත්, 2009දිත්, 2013දිත් පෙන්නුම්කලා.

      Delete
  8. Replies
    1. ඕකනෙ හැමදාම උනෙ. කොලඹ මද්යම පන්තිය වැරදි තීරන ගන්නවා. ඒවා නිවැරදි කරන්න ගම් වල කොල්ලො හමුදාවට ගිහින් මැරෙනවා. ඊට පස්සෙ ගම් වල මිනිසුන්ට හරක්, කඩෙ යන එවුන් කියලා අපහාසත් කරනවා.

      Delete
    2. මහා කළු සිංහලයා හැමවිටම රට වෙනුවෙන් කියන එක වැරදියි නේද? එහෙම නම් මහා කළු ලාංකිකයා කිව යුතුයි නේද? දැන් ඔබ මහා කළු සිංහලයා කියා ගැනීමෙන්ම හා අනෙක් ජාතීන් පහත් කර සිංහල ජාතිය උඩ දැමීමෙන්ම පැහැදිළි වන්නේ ඔබට වැදගත් රට නොව ජාතිය කියන එක නේද?

      Delete
    3. මහා පුක කළු සිංහලය කියල දා ගනින්

      Delete
    4. මූ නලින්ද සිල්ව කියල ඉන්න පිස්සගෙ ගොලයෙක්ද කොහෙද? මහා කළු සිංහලයා අනේ හුකේ

      Delete
    5. උඹ කවුද කියලා ලේක් හවුස් ඒකෙන් දැනගත්තා. බලාගෙන හිටපන් 8 වෙනිදට පස්සේ උඹේ රෙදි ඉබේම ගැලවෙන හැටි.

      Delete
  9. //අද චන්ද්‍රිකාට ගරහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇගේ ආණ්ඩුවේ අගමැති ලෙස කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම බෙදා ගත් අයෙකි. අනෙක් අය ද එසේ ය. // බම්බුව තමයි.....ඒ කාලේ චන්ද්‍රිකා ආණ්ඩුවේ නිලනොලත් කැබිනට් රිපෝටර් කියල කිව්වෙ කාටද ? කැබිනට් මණ්ඩලේ කතාවෙන දේවල් එලියට යන්නත් කලින් විපක්ෂෙට පත්තරවලට දුන්නෙ කවුද ?එහෙවු මිනිස්සු තමයි දැන් කුමන්ත්‍රණ කකුලෙන් ඇදීම් ගැන කථා කරන්නෙ.අනික 94 චන්ද්‍රිකාගේ මැතිවරණ ව්‍යාපාරෙ මහින්ද කලේ මොකද්ද ? අද මයිත්‍රීගෙ සටනෙ සජිත් කරන ටික වත් කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. "අනික 94 චන්ද්‍රිකාගේ මැතිවරණ ව්‍යාපාරෙ මහින්ද කලේ මොකද්ද ?"

      94ට පෙර පාද-යාත්‍රා ගිහින් UNP ආණ්ඩුවේ වැරදි පෙන්නලාදීල, ප්‍රන්සිස්කු කරණය කරලා දකුණු පළාත් සභාව හොල්ලා චන්ද්‍රිකාගේ ජය මාවත හැදුවේ මහින්ද නෙමෙයිද?

      Delete
  10. කවුරු ගියත් කවුරු ආවත් දිනන්නේ රට කැමති, රටට හිතැති, රට බේරාගත් අති ගරු ශ්‍රීමත් විශ්ව කීර්ති ශ්‍රී සිංහලාදීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒක හෙට උදේ පායන ඉර වගේ, පෝයදාට පායන හඳ වගේ ගුරුත්වාකර්ෂන බලය ව‍ගේ ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹේ නම,ගමත් දාපන් !!!
      රසික - අම්බලන්ගොඩ

      Delete
  11. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අවාසිදායක වනු ඇති බවට කෙරෙන පුරෝකථන හේතුවෙන් බලයේ රැඳී සිටීමේ අවසාන උත්සාහයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දියත් කිරීමේ සැලැසුමක් ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජනාධිපතිවරණ දිනයේ දී ඡන්දය ප‍්‍රකාශ වීමේ තත්වය සැලකිල්ලට ගෙන ජාතිවාදී ගැටුමක් තුළින් ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් රහසිගතව සැලැසුම් කර තිබේ.
    එවැනි කලබලකාරී තත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කිරීමට මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු අඩාල කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගත හැකිවනු ඇතැයි සැලැසුම්කරුවෝ විශ්වාස කරති. එවැනි අවස්ථාවක හදිසි නීතිය පැනවීමෙන් මැතිවරණ කටයුතු අත්හිටුවිය හැකිය. එවිට ආණ්ඩුවට විවිධ හේතු දක්වමින් නැවත ජනාධිපතිවරණයක් කැඳවන අවස්ථාවක් වන තුරු ජනාධිපතිවරයාගේ බලය පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ලෝකයේ විවිධ රටවල ඒකාධිපතියන් මැතිවරණවල දී ඇති වූ අවාසිදායක තත්වයන් හමුවේ ක‍්‍රියාත්මක කර ඇති මෙම උපක‍්‍රමය අවසාන වශයෙන් යොදා ගැනීමට රාජපක්ෂ පාලනය තීරණය කර ඇත.

    ReplyDelete
    Replies
    1. උඹට කිය කියා තමයි මහින්ද කරන්නේ.

      පල ගෙම්බො යන්න. 8වෙනිදා මෛත්‍රී දිනනවා. ප්‍රථිපල නවත්තන්න කාටවත් බෑ. යකෝ නිකම් ගැටුම් ඇතිවෙනවද? මහින්ද පරදින බව දන්න එකේ මොකාද නිකම් චාටර් කන්න සෙට් වෙන්නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා