ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන බලවේගයකි. කිසිවකුට එය මගහැර යා නො හැකි ය.

එය හුදෙක් ම ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙස ලඝු කළ නො හැකි ය. එය ප්‍රධාන වශයෙන් ම ගැමි මධ්‍යම පංතික පදනමක් සහිත පක්ෂයක් ලෙස සැලකිය හැකි ය. නායකත්වය ද බොහෝ විට සමන්විත වන්නේ ගැමි මධ්‍යම පංතියෙන් ධනේශ්වර පංතියට සංක්‍රමණය වූ හා එසේ වන්නට අපේක්ෂා කරන ස්ථරයකිනි.

මෙම ස්ථරය දේශපාලන බලය පමණක් නොව ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නේ ද ශ්‍රිලනිපය භාවිතා කරමිනි. ශ්‍රිලනිපය අද මුහුණ දී සිටින ගැටලු බොහොමයක මූලය ඇත්තේ එතැනයි.

2004න් පසු වකවානුවේදී රාජ්‍ය බලය සහිත ශ්‍රිලනිප නායකත්වය පත් වුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ගැමි, ප්‍රභූ පැළැන්තියක් අතටයි. ඔවුහු රාජ්‍ය බලය, යුද්ධය, මර්දනය හා සංවර්ධනය පාවිච්චි කරමින් සීමාන්තික ලෙස  ධනය එක්රැස් කරන්නට පටන් ගැනීමත් සමගම බරපතල ගැටලු රැසකට රටට මුහුණ දෙන්නට සිදු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම පැළැන්තියේ ම සාමාජිකයකු වන මෛත්‍රිපාල සිරිසේන කැඩී වෙන් වී පැමිණ 2015 ජනාධිපතිවරණයට නායකත්වය දී මහින්ද රාජපක්ෂ පරාජය කළේ ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය පදනම සකස් කර දුන්නේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රිලනිපයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි.

ඒ සමග ම මහින්ද රාජපක්ෂගේ බල ව්‍යුහය කඩා වැටිණි. දින කීපයක් තුළ ඔහු හුදකලාභාවයට ඇද දමමින් ශ්‍රිලනිපය ඔහුගෙන් විතැන් විය. රාජපක්ෂ පවුලේ සමගිය ද බිඳ වැටිණි. දූෂණ චෝදනාවලින් ඇඏ බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වී දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට කැමැත්ත පළ කර තිබේ. ඔහු පෙන්වන පරිදි ඔහු ඉල්ලා ඇත්තේ සිය පුතුන්ගේ අනාගතයට බාධා නො කරන ලෙස පමණි. හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු ලෙස එම හැසිරීම හොඳ ය. එහෙත් ඔහුගේ තක්කඩි දේශපාලන ඉතිහාසය හේතුවෙන් ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයකු නො වන බව කියන්නට සිදු වී තිබේ.

ශ්‍රීලනිපය මේ වන විට නැවතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇඟට කඩා වැටී තිබේ. මහින්ද රාජපක්ෂගේ සෙවණේ දූෂණයේ ගිලුණු ශ්‍රීලනිප දෙවන හා තුන්වන පෙළ නායකත්වය රැකවරණය අපේක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගෙනි. ‍දෛවයේ සරදම වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙම බලවේගය මෛත්‍රීපාල සිරිසේන පරදවන්නට දිවි හිමියෙන් කැප වී ක්‍රියා කිරීමයි.

මෙම සංදර්භය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ දෙන්නේ සංකීර්ණ ප්‍රශ්නයකට බව නො රහසකි. ඔහු කුමන ආකාරයකට කටයුතු කරනු ඇද්ද යන්න තවම පැහැදිලි නැත. 

ඔහු තමන්ට බලයට ඒමට උපකාර කළ එක්සත් ජාතික පක්ෂය නො තකා හැර සිය ජනප්‍රියත්වය පාවිච්චි කරමින් දින 100 වැඩසටහනින් පසු යළි ශ්‍රීලනිප රජයක් පිහිටුවීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාකාරයෝ බලාපොරොත්තු වෙති. රෝහිත අබේගුණවර්ධන වැනි රාජපක්ෂ සෙ‍වණේ වැඩුණු දූෂිතයෙක් පවා ලැජ්ජා විරහිතව ඒ පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇමති තනතුරු පත් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය එජාපයේ අනාගතය ගැන සංඥාවක් සපයයි. පසුගිය කාලයේ එජාපය වෙනුවෙන් සැබැවින් සටන් කළ තරුණ නායකත්වය වෙනුවට ඔහු ඉදිරියට ගෙනැවිත් ඇත්තේ වයෝවෘද්ධ, අසාර්ථක, පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂට සහාය දුන් පිරිසක් හා තමන්ගේ පෞද්ගලික අන්තේවාසික තරුණ පිරිසකි. එජාප නායකයාගේ මේ අහංකාර ලක්ෂණවලට ද දඬුවම් ලැබිය යුතු ය. 

මෙම සංදර්භය තුළ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ශක්තිමත් වන එක හොඳ ය. එහෙත්, මෙම දින 100 අතරතුර ශ්‍රිලනිපය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු ය. 

එම ප්‍රතිසංස්කරණය ගැන ඉතා කෙටියෙන් කියනවා නම්, මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් පහත නම් සඳහන් මෛත්‍රිපාල පැරදවීමට පෙරමුණ ගත් දේ‍රා්හීන් සහ තවත් එවැනි අප්‍රියජනක දූෂිතයන් පාර්ලිමේන්තුවට හා පළාත් සභාවලට පත් නොවන තත්වයක් නිර්මානය කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
ශෂීන්ද්‍ර රාජපක්ෂ
නාමල් රාජපක්ෂ
විමල් වීරවංශ
උදය ගම්මන්පිල
ඩලස් අලහප්පෙරුම
තිස්ස අත්තනායක
රෝහිත අබේගුණවර්ධන
එස්.බී. දිසානායක
මහින්දානන්ද අලුත්ග‍මගේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මර්වින් සිල්වා
නිමල් ලංසා
දුමින්ද සිල්වා
කරුණා අම්මාන්
පිල්ලෙයාන්
මහීපාල හේරත්
තව බොහෝ නම්.............................

මේ නම් සඳහන් අය වනාහි පුනරුත්ථාපනයට යොමු කළ යුතු A ශ්‍රේණියේ ප්‍රජාතන්ත්‍ර වි‍රෝධියෝ ය. යහපාලනයට එරෙහි ත්‍රස්තවාදියෝ ය. 

ප්‍රතිසංස්කරණය වූ ශ්‍රීලනිපයක් යනු සන්ධානයකින් හෝ මොවුන්ට නාම යෝජනා නො දෙන පක්ෂයකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. SLFP saha UNP athara loku wenasak netha. Me paksha deka ekkak venewanam hondai. Evita JVP vipakshaya venawa. Ratata honda parlimenthuwak nirmanaya wenawa.

    ReplyDelete
    Replies
    1. මහින්ද පරපුර VS අපේ පරපුරJanuary 19, 2015 at 10:03 AM

      ජනවාරි 9 වෙනිදාට පෙර-
      යහ පාලනයක් වෙනුවෙන් වෙහෙස වු ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර වයඹ රාජපක්ෂ හෙන්චයියංගෙන් ගුටිකයි.

      ජනවාරි 9 වෙනිදාට පසු-
      ජනපති අපේක්ෂක මෛත්‍රිට "හිටං හුටං" යැයි අවලාද නගමින් රාජපක්ෂ චින්තනය දිනවීමට වෙහෙස වු ගායන ශිල්පි දයාසිරි ජයසේකර දැන් රෙනකොටත් "මෛත්‍රි" නමින් තටමන බව සදහන්.

      Delete
    2. ඇනෝ 6:26 වෙත,
      එකක් විදිහට තිබුනු එක්සත් ජාතික පක්ෂය තමයි 1952දි දෙකක් වුනේ.
      මුලදි එ.ජා.ප. නියෝජනය කළේ නාගරික ව්‍යාපාරික ස්ථරය කියන එකයි ඒ ගැන ලියැවුනු පොත පත කියවීමෙන් දැන කියාගත් මගේ අදහස. ශ්‍රී ල නි ප ගම්බද ප්‍රභූ පැළැන්තිය නියෝජනය කළා. මේ ගැමිකම නිකං සමාජවාදයක් වගේ හිතපු නිසා ල ස ස ප හා ල කො ප තමන්ගෙ සාමාජිකත්වයෙන් විශාල කොටසක් අහිමි කරගෙන හේත්තු වුනා 1963දි ශ්‍රී ලංකා එකට. කැඩුනු කට්ටිය කොප චීනපිල, ලකප. විකොස, ආදී වශයෙන් විසිරුනා. (මේ බිඳීම් වලට ජාත්‍යන්තර තලයේ මව් සංවිධාන වල බෙදීම් ද ඉවහල් වුනා.) තවත් කොටසකින් ජවිපෙ බිහි වුනා. 1970දි සමගි පෙරමුණ ආණ්ඩුව ශ්‍රීලනිප, කොප හා ලසසප එකතුවක්. 74දි ලසසප අයින් වුනා. 75දි කොප අයින් වුනා. 77දි සුනාමියක් වගේ ඇවිත් ජේ ආර් 5/6ක බලයක් ගත්තෙ ශ්‍රී ලංකා එකට වඩා ද්‍රඑවිපෙට මන්ත්‍රී ආසන වැඩි කරමින්. දා හත් අවුරුද්දක් ආන්ඩු කරපු යූ ඇන් පී එකට ජේ ආර් අවුරුදු 12කට කිට්ටුව නායකත්වය දෙමින් ශ්‍රී ලංකා එක නන්නත්තාර කළා. (විධායක ජනාධිපති ක්‍රමයත් තිස් අවුරුදු යුද්ධයේ ආරම්භයත් ජේ ආර් ලොක්කගෙ නිර්මාණ තමයි) ඊට පස්සෙ 93දි විතර චන්ද්‍රිකා කඩා පාත් වුනා ශ්‍රී ලංකා එකට. වැලේ වැල් නැතුව හිටිය ශ්‍රී ලංකා එක පණ ගහල ආවෙ දකුණු පළාත් සභා චන්දෙත් එක්කලා. 95දි චන්ද්‍රිකා ජනාධිපති වුනේ ඓතිහාසික වැඩිම ඡන්ද ප්‍රතිපලයක් ලබා ගනිමින්. ඒත් එක්කම යූ ඇන් පී එක එපා වෙලා හිටපු අලුගුත්තේරු නඩේකුත් ශ්‍රී ලංකා එ්කට රිංගුවා. 2005න් පස්සෙ යූ ඇන් පී එකේ හිටපු අනිත් රිලවුන් ටිකත් රිංගුව ශ්‍රී ලංකා එකට. රිංගලා පැරණි ශ්‍රී ලංකා කාරයොන්ගෙ කර ඇඹුවා. අඩපණ කළා. අන්තිමට හැදුනෙ කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැති මහදැනමුත්තා සහ ගෝල පිරිස වගේ පක්ෂයක්. ඔය අතරෙ සම්ප්‍රදායික ධනේශ්වරයන්ගේ පක්ෂය වූ එජාපය ලිබරල්වාදී පිළිවෙතකට හැරුනේ ගෝලීය ප්‍රවණතා එක්කලයි. හොඳ හෝ නරක ගැන මේ වෙලාවෙ වාදයකට මා සූදානම් නැති නමුත් ධනේශ්වරය සිය පැවැත්ම සඳහා උපාමාරු භාවිතා කළා. ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී හා විද්‍යාත්මක ප්‍රතිපත්තීන් ආරූඨ කරගත්තා. පැරණි ව්‍යාපාරිකයන් තේරුම් ගත්තා නව ප්‍රවණතාව. අනුකූලතාවක් දැක්වුවා, කළකිරිලා පැත්තකට වෙන්නෙ නැතුව. 1994 කියන්නෙ යූ ඇන් පී එකේ හැරවුම් ලක්ෂ්‍යයක්. සමහර විට ඒක 1990 හෝ 1992 ද විය හැකියි. නැත්නම් 77-92 කාල පරාසය වෙන්නත් පුළුවනි.
      කොහොමත් අද වෙනකොට ශ්‍රී ල නි ප කියන්නෙ අපි කුඩා කාලෙ වැළඳගෙන හිටපු අහිංසක දේශීය ගැමි බලවේගය නෙවෙයි. කූට ව්‍යාපාරික බලවේගයක්. යූ ඇන් පිය කියන්නෙ අපි කුඩා කාලෙ අප්‍රිය කළ ගොරහැඩි මදාවි පක්ෂය නෙවෙයි, සිස්ටමැටික් ධනපති පංතියයි.
      ජේ ආර් 77දි හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල නම් කළේ. එතකොට කාටවත් මේක ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සමාජවාදී ස්වරූපයකින් පිටට ගෙනියන්න බෑ. ලෝක ධනවාදය ඉගෙනගත්තා තවදුරටත් බයි ෆෝස් එකෙන් ජනතාව රවටන්න බැහැයි කියල. දැන් ඔවුන් සියල්ල කරන්නෙ සමාජ විද්‍යාත්මකව. 77දි හා ඉන් පෙර කරපු මෝඩ වැඩ දැන් අඩුයි.
      පක්ෂ දෙකම එකතු කරන්න තියෙන්නෙ අවශ්‍ය පුද්ගලයන් තෝරලා පොඩි ඩිසිප්ලිනරි කෝස් එකක් කිරීම විතරක් වේවි සමහර විට.

      Delete
    3. බලාපල්ලාකෝමුන්ගෙයහපාලනේ.
      http://www.lankaguardian.com/2015/01/72.html

      Delete
    4. මම සුමනදාස නොවෙමීJanuary 19, 2015 at 2:50 PM

      09 වෙනිදා , රාජපක්ෂ+හමුදා කුමන්ත්‍රණය පරාජය කල අගමැති රනිල් මැතිදුන්ට ,
      ශ්‍රි ලංකා පොලිසියට,ඇමෙරිකාව,ඉන්දියාව සහ ඉවසීමෙන් කටයුුතු කල මෛත්‍රි කන්ඩයමට ස්තුතිය.


      09 වෙනිදා එම රාජපක්ෂ+හමුදා කුමන්ත්‍රණය ඔවුන් ජයග්‍රහනය කලා නම්

      අද(19) වන විට -

      *මෛත්‍රි ඇතුලු ප්‍රභලයින් සිරගත කොට හමාරය.
      *10.000 ට වැඩි පිරිසක් වීදි වල මරාදමා අවසන්.
      *යහ පාලන සටනට එකවු 100000 ගානක් කදවුරු ගත කෙරේ.
      *සුළු ජාතිකයන්ගේ දේපල කොල්ල කා තවත් විශාල පිරිසක් ඝාතනය කොට හමාරයි.(BBS),
      *මහින්දවාදීන් තම ප්‍රතිවාදින්ව කොල්ලකෑම ,ස්ත්‍රින් දුෂනයකිරීම්.කුරිරූ වද හිංසාකිරිම හා ඝාතනයන්.
      *මෛත්‍රිවාදීන් රැකියාවලින් දොට්ට.
      *මෛත්‍රිවාදීන්ට දිලිදු සහන අවසන්.
      *නිල් බලකාය, හමුදාව සමග ග්‍රාමීය ප්‍රදේශ පාලනය කරයි.
      *දයාසිරි වැනි වාචාලයින් මෛත්‍රිට ගරහමින්, මහින්දට ප්‍රශස්ති වයමින් ටෙලිවිෂන් අරක්ගෙන ඇත.(ඡන්දෙන් පසුව යහ පාලනයට ආ සියල්ලන් මෛත්‍රි විරෝධීන්ය )
      *ආදී වශයෙන් සිතා ගැනීමට අපහසු අකටයුතු කම් සිදුවේ.

      Delete
    5. මම මාතලන් නොවෙමිJanuary 19, 2015 at 2:54 PM

      09 වෙනිදා , රාජපක්ෂ+හමුදා කුමන්ත්‍රණය පරාජය කල අගමැති රනිල් මැතිදුන්ට ,
      ශ්‍රි ලංකා පොලිසියට,ඇමෙරිකාව,ඉන්දියාව සහ ඉවසීමෙන් කටයුුතු කල මෛත්‍රි කන්ඩයමට ස්තුතිය.


      09 වෙනිදා එම රාජපක්ෂ+හමුදා කුමන්ත්‍රණය ඔවුන් ජයග්‍රහනය කලා නම්

      අද(19) වන විට -

      *මෛත්‍රි ඇතුලු ප්‍රභලයින් සිරගත කොට හමාරය.
      *10.000 ට වැඩි පිරිසක් වීදි වල මරාදමා අවසන්.
      *යහ පාලන සටනට එකවු 100000 ගානක් කදවුරු ගත කෙරේ.
      *සුළු ජාතිකයන්ගේ දේපල කොල්ල කා තවත් විශාල පිරිසක් ඝාතනය කොට හමාරයි.(BBS),
      *මහින්දවාදීන් තම ප්‍රතිවාදින්ව කොල්ලකෑම ,ස්ත්‍රින් දුෂනයකිරීම්.කුරිරූ වද හිංසාකිරිම හා ඝාතනයන්.
      *මෛත්‍රිවාදීන් රැකියාවලින් දොට්ට.
      *මෛත්‍රිවාදීන්ට දිලිදු සහන අවසන්.
      *නිල් බලකාය, හමුදාව සමග ග්‍රාමීය ප්‍රදේශ පාලනය කරයි.
      *දයාසිරි වැනි වාචාලයින් මෛත්‍රිට ගරහමින්, මහින්දට ප්‍රශස්ති වයමින් ටෙලිවිෂන් අරක්ගෙන ඇත.(ඡන්දෙන් පසුව යහ පාලනයට ආ සියල්ලන් මෛත්‍රි විරෝධීන්ය )
      *ආදී වශයෙන් සිතා ගැනීමට අපහසු අකටයුතු කම් සිදුවේ.

      Delete
    6. see this..
      http://www.lankaguardian.com/2015/01/72.html

      Delete
    7. දැන් සුරංගනා කථා කරළිය යන්නේ ගාර්ඩියන් එකේද ? කොහෙන්ද ස්ක්‍රිප්ට් එක හොයා ගත්තේ හිට්ලර්ගේ ෆිල්ම් එකක් බලලද??

      දැන් ඉතිං රනිල් මැතිදුගේ ආණ්ඩුවනේ තියෙන්නේ මෙතන කොමෙන්ට් කොටන වෙලාවේ කට්ටිය අත්අඩංගුවට ගන්න තිබුනනේ??

      Delete
    8. මුන්ට අනුව රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කියනෙත් අල්ලස් පැමිණිලි වගේ ජාතියක්. මංගලය සිකරට් එකක් බිබී, කැමරා කාරයෝ රොත්තක් එක්ක ගිහින් පොලිසියට පැමිණිල්ලක් දානව, පස්සේ පොලිස් මහත්තුරැ හිමිට පැමිණිල්ල හොයල බලනවා! අනේ යකෝ!!

      එක නෙමෙයි මොකද මේ කෙප්ප කෙළ කෙළ දගල්ලන්නේ යහ පාලනේ එන්නේ නැ වගේද??

      Delete
    9. වෙලේ සුදාගේ කට උත්තරයෙන් දුමින්ද සිල්වා කොට උඩ යන ලකුණු..

      කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

      ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වන වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර, ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය සහ හෙරොයින් ජාවාරම් සිදුකළ ආකාරය රහස් පොලීසිය හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස්
      පොලීසිය ඉහත තොරතුරු අනාවරණය කරගෙන ඇත.

      වෙලේ සුදා 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් පලාගොස් පකිස්ථානයේ සැගව සිටි අතර මහින්ද රාජපක්ෂ පරාජයවීමෙන් පසු රහස් පොලීසිය විසින් ඉන්ටපෝල් හරහා ඔහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

      පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට කන්ටේනර් පිටින් හෙරොයින් එවා තිබුනේ වෙලේ සුදා විසිනි. එම ජාවාරම සඳහා පැවති ආණ්ඩුවෙන් වෙලේ සුදාට ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බව ඔහු විසින් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

      එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය අවස්ථාවේ රුපියල් කෝටියක (ලක්ෂ 100ක) රත්තරන් දුමින්ද සිල්වා හරහා වෙලේ සුදා ලබාදුන් බවට පැතිර තිබූ රාවය අසත්‍යක් බවද රහස් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

      පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත ද, ඔහුව අත්අඩංගුවට ගැනීම අපහසු වන බව රහස් පොලිස් නිලධාරීන්ගේ මතයයි.

      මන්ද යත් දුමින්ද සිල්වා හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ සොයුරාගේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා බලපත්‍ර අහෝසි වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඒවා ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ රෙජීමය හා එකතු වුවද, ඔහු දිගටම එක්සත් ජාතික පක්ෂයේ විවිධ පුද්ගලයන්ට මූල්‍යමය වශයෙන් ආධාර කර තිබීම නිසා, එම පුද්ගලයන් දුමින්ද සිල්වා ආරක්ෂා කරනු ඇති බව අප වෙත මෙම තොරතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් පවසා සිටියහ.

      Delete
  2. SLFP nirmaanaya une Bandaranaike agamethi karanna. DS miyagiyawita Dudley agamethi nokara Sir John agamethi wela anupilivelata aavanam eka venne nehe. SLFP eka hadanna vena hethuwak thibune nehe. SLFP ekata venvela inna hethuwak dan aththeth nehe.

    ReplyDelete
  3. පැරා අත්ශෝක්තියෙන් කතා කරන්නාවූ සිරි ලංකා නිදහස් පක්ෂයක් අද ඇත්තේ නැත. අද තිබෙනුයේ, සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු, සිරි ලංකා නිදහස් පක්ෂයක් නොව, කුඩු, එතනෝල, බාර්, බඩු ඉස්පොට්, කසිප්පු, ගංජා, රේප්කාරයෝ, කුළී මිනීමරුවෝ, මදාවියෝ හා පාතලයන් පිරි, සිරි ලංකා නිදහස් පක්ෂයකි. තත්වය කෙතරම් දරුණුද යත්, මහින්ද පාළණය තුල ඔවුන් එජාපයට අසලකටත් ලංවීමටවත් නොහැකි ආකාරයට පාදඩ සංස්කෘතිය, පක්ෂයේ මූලික ලක්ෂණය බවට පත් කොට ගෙන ඇත. කම්බ හොරුන් වන, රත්තරන්ලා, දයාසිරිලා, ලක්ෂ්මන් යාපලා තගරියෙන් ගේම ගෙනියන්නට තැත් කරන්නේ එබැවිනි.

    සිරි ලංකා නිදහස් පක්ෂයට පැරා වැනි වමනේ කාරයන් ඉතා කැමත්තක් දක්වන්නේ ඇයි? එල්ලෙන්න වැල් නැති සමාජවාදි පක්ෂයන්ට හොරුන් සමඟ හෙළුවෙන්, ඉතා පහසුවෙන්, සිට ගත හැකි එකම පක්ෂය එය බැවිනි. මේ රටේ ඉතිහාසයේ කිසිම දිනක සිරි ලංකා නිදහස් පක්ෂය තනිව ඡන්දයක් ජයග්‍රහණය කොට නොමැත. මේ වමනේ කාරයන් අවසාන මොහොතේ එක් කර ගැනීම නිසා, පක්ෂය වෙනුවෙන් දර දිය අඳිමින් කැපවීමෙන් තම ජීවිතය පරදුවට තබා කරනා සේවය සත පහකට මායිම් නොකොට අවසාන මොහොතේ එක්වන වමනේ කාරයන්ට ඉඩ ප්‍රස්ථා ලබා දීම නිසා, පක්ෂය කෙරේ කළකිරුන පිරිස බොහෝය. අතීතයේ ඉතා වැදගත් පුද්ගලයින්ට එම අවස්ථාව අහිමිව ගියද, අද තත්වය අනුව බැලූ කළ, වමනේ කාරයන්ගේ පැමිණීම හේතු කොට ගෙන මදාවියන්ගේ අවස්ථාවන් අඩු වීම එක අතකින් ඉතා හොඳ දෙයකි.

    මාතලන් නම් කැමති වන්නේ, තනි තනි පක්ෂ ලෙස තරඟයට එළබෙනා ගේමක් බලන්න්ටය. එවිට කයිවාරු කාරයන්ගේ තරම ඉතා හොඳින් බලා ගත හැකි බැවිනි. මෙවර ජනාධිපතිවරනයේදි වමේ නියෝජනය වූ පසුගාමි කොට්ටෝරුවාට ලැබුන චන්ද ප්‍රමාණය ඒ බව මනාව පෙන්වයි. කෙසේ හෝ සිරි ලංකා කාරයන් මෙන්ම, වමනේ කාරයන්ද එජාපයට බියවී ඇති බව, පැරාගෙම ළිපි කීපයක් කියවීමෙන්ම ඉතා පැහැදිලිවම අවබෝධ කොට ගත හැක. 29 වනදායින් පසු, සිරි ලංකා කාරයන්ට හා වමනේ කාරයන්ට අති දරුණු පාචන රෝග ඇති විය හැකි බවට, අනාවැකියක් පල කිරීමට කැමැත්තෙමි.

    එවිට මා හිතවත් පැරාට, කොළරා කාළේ බැඳි ආලේ වැනි, මුළු ළෝකයේම ඇගයිමට ලක් වන කෘතියක් බිහි කිරීමට හේතු වාසනා වේවායි පතනුයේ බොක්කෙන්ය.

    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. පොද්දට රෙද්ද නැතුව කඩේ ගිය පැරෝ, පන්තියට වැඩ කරන හැටි, පන්තිය වෙනුවෙන් පෙනී ඉන්න හැටි මාතලන්ගෙන් ඉගෙන ගන්න.

      මහින්දය එලවන්න ඔයා මේ බ්ලොග් පඩන්ගුවෙන් මාර වැඩක් කොරාය කියල ඔයාම මාවන්ඉන්න ෆැන්ටසියෙන් බිමට බහින්න.

      හැමදාම උදේට ''මේවා ඉතිං අපෙයි අලින්ගෙයි වැඩ" කියල බෙල්ල කරකවන කොට හතර කොනින් හිනා යනවා ඔයි.

      Delete
    2. රෙද්ද පෙන්නපු ගමන් කපල ඇඳ ගන්නා වමනේ බුවාලට අපේ ප්‍රණාමය. අපි කලින් උන් නවත්වපු තැන ඉදන් කාගෙන කාගෙන ගිහින් ඉතුරු වෙච්ච කටු ටිකක් ඔයාලට තැපෑලෙන් එවන්නම්. ඇඩ්‍රස් එක මාතලන්ට දෙන්න.

      දැන් සනීපෙට නින්ද යනවා ඇති නේද?

      -කොලපාට සමාජය-

      Delete
    3. AnonymousJanuary 16, 2015 at 8:25 PM

      සිද්ධ වෙන දේවල් දිහා බලද්දි හිතෙනවා අපි දැකපු සිහින කුඩු පට්ටම් වෙලා යනවද කියලා. අපි ඕනෑවට වඩා බලපොරොත්තු තියාගත්තද මන්ද?
      තව ටික දවසකින් අපි එක්ක ඉන්න කොටසක් වික‍රමසිංහ මහත්තයාගේ ආන්ඩුවක් හදල දෙන්න දත කද්දි තව කොටසක් සිරිසේන මහත්තයගෙම ආණ්ඩුවක් හදල දෙන්න දත කයි.
      ඒ නිසා දින 100 වත් එකට ඉදලා, උපරිම සහයෝගය දීල පුලුවන් තරමක් ප‍රතිසංස්කරන ලබා ගමු. මොකද ආපහු ඕන වෙද්දි අපිට පටන් ගන්න තියෙන්නෙ මැද ඉදල.
      රුචිත සිරිවර්ධන.

      Delete
    4. "...පන්තියට වැඩ කරන හැටි, පන්තිය වෙනුවෙන් පෙනී ඉන්න හැටි මාතලන්ගෙන් ඉගෙන ගන්න..."

      රෝයල් එකට ගියාට මුව ඒ පන්තියට/කාණ්ඩයට ගන්නේ නැහැ! මු නිකන් වල්ව්වුවේ පොඩි හාමුලත් එක්ක සෙල්ලම් කරන්න ගෙනාපු බෝය් කොල්ල වගේ. හැබැයි පනයනකන් හාමුලට කඹුරනවා!

      Delete
    5. නැතුව හිඟන්නන්ටයි, පුක හෝදන වමටයි කඹුරන්නය.

      Delete
  4. දැං ඔය ලිස්ට් එකට අහුවෙන්නෙ නැතිව බේරෙන එකෙක්වත් ඉන්නවද...?

    ReplyDelete
    Replies
    1. @ Kaushi AriyabanduJanuary 19, 2015 at 7:46 AM

      කෝ ඔයා මතන හි හි කියලා නැහැනේ. සාමාන්‍යයෙන් ඔයාගේ හැම කොමෙන්ට් එකකම හි හි කෑල්ල තියනවනේ.

      Delete
  5. කවුද ඩෝ අපේ මාරයා අයියා දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්තු සිරි ලංකා නිදහස් පක්ෂයට කිණ්ඩිය දාන්නෙ?

    සිරි ලංකා නිදහස් පක්ෂයක් නොතිබුණා නම් අපේ රටේ යුද්ධයක් ඇති වෙනවද හරකෝ? එතකොට කෝමද බං අපේ මාරයා අයියා වගේ ලන්තෑරස් පොරවල් එයා ෆෝස් එකට ජොයින් වෙලා පැනලා ඇවිල්ලා වීරයෝ වගේ පරණ කාලෙ කතා ලියලා නාකි දොස්තරලා දා ගන්නේ?

    සිරි ලංකා නිදහස් පක්ෂයක් නොතිබුණා නම් කෝමද බං ජ්‍යෝතිශය වාගේ අධ්‍යාපනික වැදගත්කමකින් යුතු විෂයකට තැනක් ලැබෙන්නෙ? එතෙකොට කෝමද බං අපේ මාරයා අයියා ස්කයිප් වලින් හඳහන බලලා සුපියල් 600, 600 ගානේ හොයා ගන්නේ? යූ ඇන් පී කාලේ ඕවා කලෑකිද?

    සිරි ලංකා නිදහස් පක්ෂයක් නොතිබුණා නම් කෝමද බං අපේ මාරයා අයියා එළ පවුසිට දීලා ලංගමේ කොන්දොස්තර ජොබ් එකක් හොයා ගන්නේ?

    අන්න ඒ නිසා සිරි ලංකා නිදහස් පක්ෂේට විතරක් බනින්න එපා. ඔන්ද පක්ෂේ.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔය මෝඩයා වගේ නුගත්,කාලකන්නි,පරාජිතයෙක් ගැන කතා නොකර ඉදහල්ලකෝ.

      Delete
    2. ඔය පරයා ඡන්දෙට කලින් කියපු ජඩ කතා වලට උගේ ඇට දෙක කපන්න තිබුණෙ. අපි මෛත්‍රි කරපු නිසා ඌ බේරුණා.

      Delete
  6. 'පසුගිය කාලයේ එජාපය වෙනුවෙන් සැබැවින් සටන් කළ තරුණ නායකත්වය වෙනුවට ඔහු ඉදිරියට ගෙනැවිත් ඇත්තේ වයෝවෘද්ධ, අසාර්ථක, පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂට සහාය දුන් පිරිසක් හා තමන්ගේ පෞද්ගලික අන්තේවාසික තරුණ පිරිසකි'

    මෙන්න මේ කාරණේ නං පැහැදිලි මදි. පැරා කියන විදියට එජාපයේ ඉදිරියට ගතයුතු තරුණ නායකයන් තව කවුද ඉන්නේ? පහුගිය කාලේ පක්ෂය වෙනුවෙන් සටන් කෙරු අය නොසලකා ඉන්නවා නං කවුද ඒ?

    මොකද පක්ෂය වෙනුවෙන් හඬ නැගු සේනසිංහ,හර්ෂ,අජිත් පී පෙරේරා,විජයදාස,හරින් වගේ අයට තැනක් ලැබිලා තියෙන්නේ.

    ඔය බුද්ධික පතිරණ වගේ එජාපයේ නායකත්වය එලවන්න කිලිමහාරාජා එක්ක ඩීල් දාගෙන ඉන්නා උන් නං ඔය දොඩව දොඩවා ඉන්නේ. ඒ ඇරන්න වෙන කවුද ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. එතකොට පැරාට පේන්නේ නෑ මහින්ද ගාව ඇමතිකම් දරාපු, නාකී, ලොනත, හම්පඩ, ලොම් හැලිච්ච, පරණ පිත්තල තරම් වත් නොවටිනා, වමනේ කාරයෝ.

      පුළුවන්නම් ඕකුන්ට අර පසුගාමි උන් එක්කම් සෙට් වෙලා වමේ බලවේයගයක් විදියට එන්න කියනකෝ තව ඕනම නම් 5000ක් හම්බ වෙයි. කාළකන්නි හැත්ත.

      Delete
    2. ප්‍රීති !මාතලන් ප්‍රීති!!, පැරාගේ කනට මි පැනි වක්කරන්නා සේ ආතල් යැයි සිතමි.

      Delete
    3. "පැරා කියන විදියට එජාපයේ ඉදිරියට ගතයුතු තරුණ නායකයන් තව කවුද ඉන්නේ? පහුගිය කාලේ පක්ෂය වෙනුවෙන් සටන් කෙරු අය නොසලකා ඉන්නවා නං කවුද ඒ?"

      සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න වැනි අය අරගලයේ ඉදිරියෙන් ම සිටි ඇමති තනතුරු සඳහා සුදුසුකම් ඇති අය.

      අකිල විරාජ් කාරියවසම් කියන්නේ නාමල් රාජපක්ෂගේ නම කියන්න බය වෙලා හිටිය කෙනෙක්.

      ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, ගාමිනී ජයවික්‍රම වැනි අය දැන් කටුගෙට යැවිය යුතුයි. ජෝන් නම් හරි නම් ඉන්න ඕනැ මැදමුලනෙ.

      රන්ජන් රාමනායක, අජිත් මාන්නප්පෙරුම වැනි අය මුළුමනින් ම අමතක වුණා නේ ද?

      මාතලන් මෙහෙම කියනවා: "එතකොට පැරාට පේන්නේ නෑ මහින්ද ගාව ඇමතිකම් දරාපු, නාකී, ලොනත, හම්පඩ, ලොම් හැලිච්ච, පරණ පිත්තල තරම් වත් නොවටිනා, වමනේ කාරයෝ."

      දැන් මේ රනිල්ගේ ඇමතිවරුන් ගැන මොනවද කියන්න තියෙන්නේ? ජෝන්ලා, ජෝශප් මයිකල්ලා, ගාමිනී ජයවික්‍රමලා මාර කාර්යක්ෂම ඇති. දිමුලා ඩිව්ලාත් ඒ වගේ තමයි.

      මට කරුණාකරලා කියන්න අකිල විරාජ්ට අධ්‍යාපන වගේ ඇමතිකමක් දෙන්න තිබෙන සුදුසුකම.

      හොරෙක්, මංකොල්ලකාරයෙක් ය කියා කියා ගන්නා මාතලන්ට නො දී රවි කරුණානායකට මුදල් ඇමතිකම දෙන්න හේතුව මොකක් ද?

      රනිල්ගේ සුද අපි මේ වතාවෙ ඉගිලෙනකොට දැක්කා.

      අපි හිතුවා එජාප පැරණි සංස්කෘතිය වෙනස් වෙලා කියලා. බලාගෙන යනකොට කිසි වෙනසක් වෙලා නැහැ.

      Delete
    4. තනතුරු දීම එජාපය කලේ යම් නිර්ණායකයකට අනුවයි. එක් වරකට වඩා මහජන වරමෙන් පාර්ලිමේන්තුවට පත් වූවන්ට කැබිනට් තනතුරු දී ඇත. තරුණ කණ්ඩායමටද අවස්ථාවන් විවිර කර දී ඇත. මෛත්‍රී ගේ මහජන වරමට ඍජු ලෙස දායක වූවන්ට ඇමති කම් දී තිබේ. ප්‍රතිපත්තියක් ලෙස මෙවර ඇමති මණ්ඩලයට ඇතුල් වීමට දෙමල සංධානය සහ ජවිපෙ අකමැති වී ඇත. කාර්යක්ෂමතාවය මැන බැලීමට තවමත් කල් වැඩියි.

      Delete
    5. පැරා ලංකාවේ දේශපාළණ සංස්කෘතිය දන්නේ නැති කෙනෙක් වගේ කතා කරන්නේ. එක හීනෙන් එලි වෙන්නේ නෑ. නාකි හම්පඩයන්ට මොකා ඇමතිකම් දුන්නත් මාතලන් විරුද්ධයි. ඒ වගෙම පැරා කියන අයට ඇමතිකම් නොදුන්න එකටත් මම විරුද්ධයි. අකිල ගැන තියෙන්නේ තේරුමක් නැති තර්කයක්. නමුත් ඔහු තමයි ඔය ඔක්කෝම බයියෝ කියලා කිව්වේ. රවී කරුණානායක හොරෙක් කියලා කොහේවත් ඔප්පු වෙලා නෑ. මටත් පුළුවන් පැරා අමු හොරෙක් කියලා කියන්න. නමුත් එහෙම කිව්වට වැඩක් නෑ. ඔප්පු කරන්න ඕන.

      ඔන්න පැරාට එකතු වෙන්න මහින්ද මහත්තයා විමලේ එක්ක අළුත් පක්ෂයක් හදනවලු. වමනේ සෙට් එකත් ඒකෙලු. ජාතිවාදී නඩෙයි, කම්බ හොරු සෙට් එකත් ඒකෙලු. පැරාටත් තියෙන්නේ ආන් ඒ ප්‍රගතිශීලී බලවේගේ එක්ක එකතු වෙන්න.

      පැරාට එජාපයෙන් අසාධාරණයක් උනා කියලා හැමදාම වෛර බඳින්න එපා. මෛත්‍රී කරන්නත් පුරුදු වෙන්න. වෛරයෙන් වෛරය නොසන්සිදේ.. ඒක කිව්වේත් ජේ ආර් පප්පා.. බුදු හාමුදුරුවෝ එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියලා මිනිස්සු දන්නෙ ඉන් පස්සේ.

      ජය වේවා...!!!

      Delete
    6. නහි වෙරෙන වෙරානි ..... කිව්වෙ ජේ ආර් පප්ප. බුදුහාමුදුරුවො කියල කෙනෙකුත් එහෙම එකක් කියල තිබිල තියනව. (කළින් කිව්වෙ කව්ද කියන්න ෂුවර් නෑ)

      Delete
  7. අපි මහින්දට සපෝට් කරන කොට ඒක මහින්දට කඩේ යාමක්. පිටරටවල ඩොලර් වලට කහින ,බ්ලොග් ලියන උන් මයිත්‍රීට සපෝට් කරන කොට ඒක උන්ගේ බුද්ධිමත් කම.හැමෝටම තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න, ඒ වෙනුවෙන් පෙනී හිටින්න අයිතියක් තියෙනවා. ඔය පිට රට ඉපදිලා වගෙ සුද්දාගෙ පඩි කන ''සමහර'' උන් ඉතින් හිතන්නෙ උන් හරිම ප්‍රගතිශීලී කියලා. ඒ සමහර අයට ලංකාවෙ ඉන්න අමාරුයි,තමන්ගෙ අඩු ලුහුඬුකම් අනිත් අයදැනගනී කියලා. ඉතින් හැමතිස්සෙම අනුන්ගෙ වැරදි හොය හොය හරි අසහනෙන් ඉන්නෙ.තමන්ගෙ බ්ලොග් වලත් මාරයට බැනල , දැන් මෙතනත් ඇවිත් බනිනව ජාතිවාදී කියලා.ඒ අයගෙ බ්ලොග් හැමදාම රනිල්ට හරි, බටහිර ගැත්තන්ට හරි කඩේ යනවා.මම අවධාරණය කරනවා මහින්දට විරුද්ධව එකතු වුන උන්ට ඉක්මනටම තේරෙවි කියලා තමන්ගේ ඊනියා පටිසෝත ගාමී, ප්‍රගතිශීලී භාවිතාව ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ කියලා. යාපනයේ අදම ඊලාම් කොඩිය එසවූ බව තමයි ආරංචිය.තම්බි,දෙමලු එක්ක එකතු වෙලා මේ රටට ආදරය කරන අයගෙ බලාපොරොත්තු ඉහිරවා දැමීමට චන්දය පාවිච්චි කරපු උන්ට හොඳක් වෙන්න එපා කියලා මම ඉතාම මයිත්‍රී සහගතව ප්‍රාතනා කරනවා.අපි බලා ඉඳිමු

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා බ‍බෝ! මහින්ද මාමි කේපී අන්නා එක්ක සෙට් වෙලා ඔයාට කොහොම හරි යාපනේ කොටි කොඩිය උස්සල දෙයි. එතකල් දෙකට නැවිලා හොටු හූරගන්න. ‍ඔහොම සරම උස්සලා නහය පිහිනකොට චූව පේනවා.

      Delete
    2. පැරා මට පේන්නෙ මේ මහින්දට කඩේ යන එව්වොන්ගෙ ජාතිවාදය දැකලම අර විදුලි පුටුවද මොකක්ද එකට මහින්දව ගෙනියන්න ඉඩ තියනව. මානව හිමිකම් කඩවෙනව කියල නිකම්ම ඔප්පු වෙනවනෙ.

      Delete
  8. පැරා මේ දවස් වල දවාලෙත් කමෙන්ට් කරන්නෙ ඉස්කෝලෙ වැඩ නැතුවයි? එහෙම නැත්නම් අර දිනමිණේ හම්බවෙනවයි කියන ජොබ් එක හම්බ වුනාවත්ද?

    ReplyDelete
    Replies
    1. යහපාලනයට රාජ්ජය සම්පත් යොදාගැනීම ප්‍රගතිශීලි බව දන්නේ නැත්ද?

      දැන් රනිල් තමුන්ගේ දේශපාලන හිත්වදියන්ගේ මළ ගෙවල්වල් යන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගන්නෙත් යහපලනයටෙනේ ( දිනය 2015-01-18 ස්ථානය පිළියන්දල )

      Delete
    2. යකඩෝ රටේ අගමැති මළ ගෙවල් වල යන්න ඕනැ ඩෙලිකා එකේද?

      Delete
    3. නෑ ... හිටපු ජනාධිපති විතරයි ඩෙලික වලින් යන්න ඕන, පාලනය යටතේ ඉන්න අගමැතිට, ජනාධිපතිට හෙලිකොප්ටර් එකක් නෙමෙයි දුසිමක් ගියත් කමක් නෑ

      Delete
  9. පැරා පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගෙ මැරයො අගලවත්තෙදී මිනිස්සු ඉදිරිපිටම මහින්දට වැඩ කරපු තරුණයෙක් දනගස්සවා ඔලුව පැලෙන්න හෙල්මට් එකකින් ගැසීම ප්‍රගතිශීලීද? ප්‍රතිගාමීද?

    වෙනදා ඇමතිවරුන්ගෙ චන්ඩිකම් ගැන පෞද්ගලික මාද්යකින් හො අහන්න තිබුනට අද පෞද්ගලික මාද්ය පවා ස්වයන් වාරණයක් දාගෙන ඉන්නෙ සමාරජ මිලිටරීකරනයෙ ප්‍රතිපලයක් ලෙසද? නැත්නම් මෙක ධනවාදී සමාජ ක්‍රමයෙ නග්න ස්වරූපයද?

    පිස්සු හැදෙනවා වාමාන්ශිකයො බටහිරන්ගෙ සුරතල්ලුන්ගෙ ජන්ගි හොදන තත්වෙට වැටීමනම්.

    ReplyDelete
    Replies
    1. මහින්ද ගෙදර ගියේ ලංකාවේ වම්මුන්ගේ , ප්‍රගතිශීලි යැයි කියන උන්ගේ,සිවිල් සමාජ පොරවල්ගේ සරමත් ගලවාගෙනය. මුන්ගේ ජුන්ඩාන්ගේ සයිස් එක ලෝකෙට පෙනෙන නිසා ඔවැනි සිල්ලර කේස් වලට එලියට බහින්නේ නැත.

      Delete
    2. පැරා ලොක්කා මෙන් තවත් යහ පාලන කේස් එකක්,

      පසුගිය දා දඹුල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට රහසග පෙන්වූයේ යැයි යන චෝදනාව මත පාසල් ගුරුවරයෙකු ගස් බැදීමේ සිද්ධියක් වාර්ථා වුණා. එකී සිද්ධියේ මාධ්‍ය වාර්ථා පලකල ආකාරයට මේ සිද්ධියට සම්පූර්ණයෙන්ම එකී පාසල් ගුරුවරයා වැරදිකරු බවට සියළු දෙනාම චෝදනා නැගීය.

      යහ පාලනය මත පදනම් වන මෛත්‍රී පාලනයක් ගොඩ නැගීමේ දින සියයේ වැඩ පිළිවෙල තුළ දැන් ඉන්නේ හොද මිනිසුන් විතරය. දැන් අපට ඇත්තේ හොද ආණ්ඩුවක් සහ නරක විපක්ෂයකි. ඒ අනුව මේ හොද ආණ්ඩුවේ පළමු යහ පාලන නාටක ගස් බැදීමේ සිද්ධියකි.

      අපට මෙකී ගස් බැදීමට ලක්වූ ගුරුවරයා ලබා දුන් තොරතුරු අනුව සිද්ධිය ඇත්තටම සිද්ධ වී අත්තේ අප දන්නා සිද්ධියට ප්‍රතිවරෝධීවය.

      මෙකී ගුරුවරයා ගමනක් යමින් සිටින අතර සුළුදිය බෑම සදහා තමන් ගමන් කල බයිසිකලය නතර කළ පාරෙන් තරමක් ඈතීන් වූ වනරොදකට වැද තිබේ. මෙකී කාර්ය කරන අතරතුරදී පවා ඔහු සෝදිසියෙන් ඉද ඇති අතර මෙසේ ඉන්නා අතර ත්‍රීරෝද රථයක් නතර කර ටික වේලාවක් නතර කර යන්නට ගොස් ඇත. පසුව තම කාර්ය අවස්න කළ මේ ගුරුවරයා බයිසිකලයට නැගී පිටව ගොස් ඇත. මෙසේ ඔහු කිලෝ මීටර් දෙකක් පමණ දුරක් ගිය විට නැවත් ඔහු පසු පසින් පෙරකී ත්‍රීරෝද රථය පැමිණ ඔහු අසල නවතා ඇත. පසුව එයින් පැමිණි අයෙක් අඩෝ උබ අර කෙල්ල එක්ක යාළුයි නේද කියා විමසා ඇත.එවිට මොන කෙල්ලද? මම දන්නේ නැහැ කෙල්ලෙක්ව කියා පවසා ඇත. ඒත් සමගම ත්‍රීරෝද රථයෙන් පැමිණි පිරිස ඔහුට පහරා දී ඇත. ඒත් සමගම රථයෙන් පිටතට පැමිනි තරුණියක් පවසා ඇත්තේ මෙයා තමයි මට පෙන්නුවේ කියාය. ඒත් සමගම මේ ගුරුවරයාව මෙකී පිරිස රැගෙන ගොස් ගස් බැද ඇත. මේ කාර්ය සදහා දඹුල් නගර සභාවේ විපක්ෂ නායක ( ඔහු කලින් ශ්‍රී ලංකා නිදහස් පක්යේ සිට පසුව එ.ජා.පයට එක් වූ අයෙක්ය.) වරයා විසින් සම්පූර්ණ සහය දක්වා ඇත. පසුව මේ ගුරුවරයා පවසා ඇත්තේ තමන් එවන් කිසිම වරදක් නොකල බවත් තමන්ගේ සහෝදරයෙකු හිටපු මන්ත්‍රීවරයෙකු වන බවත්ය. ඒත් සමගම පෙරකී විපක්ෂ නායකවරයා ඔහුට පහර දී ඇත්තේ යකෝ මෛත්‍රී පාලනය යටතේ එහෙම කරන්න පුලුවන්ද කියා අසමින්ය. මේ වන විටත් මේ ගුරුවරයා රොහල් ගතකර සිටින අතර ඔහුට විරුද්ධව අසෝභන ලෙස හැසිරීම, ඇතුලු චෝදනා ගොනු කරමින් නඩු පවරන්නට පොලීසිය විසින් කටයුතු කර ඇත. ‍

      තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න යැයි මේ ගුරුවරයා සිය පියාට පවසා ඇත. නමුත් මේ වන විටත් පැමිණිල් බාර ගන්නට පොලීසිය ඉඩ දී නැත. මේ අකාරයෙන් ඉතා අසාධාරණ ලෙස බොරු චෝදනාවකට වරදකරු කරමින් පහර කෑමට ලක්වූ ගුරුවරයාට මෛත්‍රී පාලනයෙන් යහපාලනයට යටතේ බඩකට පිරෙන්නට ගුටි ලබා දී තම බලය පෙන්වා ඇත්තේ එ.ජා.ප විපක්ෂ නායකවරයාය. මේ සම්බන්ධ අසත්‍ය ප්‍රවෘත්තිය පළ කරනු ලැබ ඇත්තේ ලංකාදීප දඹුල්ල ප්‍රාදේශීය වාර්ථාකරු කාංචන කුමාර ආරියදාසය. මේ සම්බන්ධයෙන් වගකීම සෘජුවම ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතා භාරගත යුතුය. මේ සම්බන්ධයෙන් අප සමග සාකච්ඡා කළ මානව හිමිකම් නීතීඥවරයෙකු ප්‍රකාශ කලේ ඉහත සදහන් සියළු පාර්ශවයන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවය.

      3mana

      Delete
    3. පොලීසියට ඕවා හොයන්න වෙලාවක් නෑ දැන්. ලන්කාවෙම පොලීසිය දැන් යොදවලා තියෙන්නෙ ගෙවල් අස්සෙ ලැම්බොගිනි හොයන්න. පොලීසියට අණ දෙන්නෙ පොලීසියෙ ලොක්කො නෙවෙ ආණ්ඩුවෙ දෙශපාලන චරිත. පිස්සු යහපාලනෙ.

      Delete
  10. Mathalan la monawa kiyanawada? Para Madya wediyek kiyala kayyagahanawa namuth Francewala "Charli Hebdo" eke madya wedeen Gathanaya gena KATE Pittu.(Paththagodaya)

    ReplyDelete
  11. අර කියපු නම් ටික අයින් කලාම නිදහස් පක්ෂයක් නෑ නේ..... උං සියඹලා ගෙනල්ලම නැද්ද එතකොට.....??? :D

    ReplyDelete
  12. SRI Lankawe,Dasapalakayanta,Blog karuwnta,saha Janamadya wedeenta,Pramithi sahathika,W3 Ayathanaye,AP jayasinha wethin labagathayuthi, eya thamai LOKETA LOKKA!!!

    ReplyDelete
  13. Siyalu Desapalakayan PRAMITHI SAHATHIKA Sandaha,Yauthu Ekama Thena,W3 lanka.AP JAYASINHA Mahatha,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා