මණ්ඩලේ කචල් - භයානක ආතල්

මේ වීඩියෝව බලන්න.

මර්වින් සිල්වා ඉදිරිපත් කරන චෝදනා අතිශය වැදගත් ය. ඔහු පවසන්නේ ලංකාවේ සිදු වී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය හා රාගම ලොකු සීයා ඝාතනය වැනි ඝාතන රැසක් සිදු කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව බවයි.

භාරත ලක්ෂ්මන් ඝාතනය නම් කිසියම් හදිසි සිද්ධියක් බව පෙනේ. එහෙත්, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රවිරාජ්, මාධ්‍යවේදී සිවරාම්, කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මහේෂ්වරන්, මූතූර්හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17ක් මැරීම, වැලිකඩ සිරගෙදර සිරකරුවන් සමූහ වශයෙන් මරා දැමීම වැනි ඝාතන රැසක් හා මාධ්‍යකරුවන්ට පහර දීම, පුද්ගලයන් පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම ආදිය පිළිබඳ විමර්ශන යළි මතු කර ගත යුතු ය.


අපි මර්වින් සිල්වාට ගරු නො කරමු. අප ඔහු සලකන්නේ අපරාධ සහායකයකු ලෙසයි. අපරාධ සහායකයකුගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි.

මර්වින් සිල්වාගේ චෝදනා මෙන් ම ඔහුට ඇති චෝදනා ද විභාග කළ යුතු ය. තමන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස දැන් ඔහු ප්‍රසිද්ධියේ අභියෝග කරයි. ඒ චෝදනා විධිමත් අන්දමින් පැමිණිලි ලෙස ඉදිරිපත් කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ ළඟ ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්නට වුව පුළුවන.

මණ්ඩලේ කචල් ය. අපි ඒ කචල්වලට කැමති ය. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට බලා ගන්නට සැරසෙන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෙසේ වෙතත් , කව්රු කොහොම කීවත් , මහින්දලා . ගෝටාභයලා කෙරුවේ මේ රටේ වැඩි දෙනෙක් පාලනය කිරීමට ගැලපෙන ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි . රටේ මිනිසුන්ට ගැලපෙන පාලනය තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීම නිසා තමා මෙවරද ජනයා මෙතරම් චන්දය ඒ අය වෙනුවෙන් පාවිච්චිකලේ .
    මේ පාලන සමයේදී වැඩ වර්ජන තිබුනාද ? සරසවි වසා අවුරුදු 4 රේ කාලය 6, 7 දක්වා දික් වුනාද ? පදික වේදිකා ඉවත් කරද්දී ඒවා විරෝදතා මත නතර වුනාද ?
    වැඩ වර්ජන , සරසවි ගැටුම් , උද්ඝෝසණ වැනි දේ නිර්මාණය කරන්නේ ඒවා බලපාන අයට වඩා වෙනත් දේසපාලන අරමුණු ඉටු කරගන්න බලන පිරිසක් නිසා , ඔවුන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල නිසා ඒවා බොහොමයක් වැලකුනා , අල්ප වුනා ,
    සිසුන්ගෙන් , කම්කරුවන්ගේ කෙලින්ම උද්ඝෝෂණයක් , වර්ජනයක් ඇරම්බුනානම් මෙලෙස මැඩ පවත්වන්ට බැහැ ඒ නිසා රටේ බහුතරයට ගැලපෙන ක්‍රමය රාජපක්ෂලා අනුගමනය කළා .
    කරත්තේ බඳින ගොනාගේ නහය විදලා නාස් දමලා , දකුණට , වමට හරවන්න ඒ ඒ පැත්තට ලනුව අදිනවා ගොනා වේදනාවට හා පසුව පුරුදුවීම නිසා ඒ ඒ පැත්තට හැරෙනවා , හරි ක්‍රමය අපි ගොනාට වමට හැරෙන් , දකුණට හැරෙන් කීම වුනත් ගොනාට තේරෙන්නේ නැති නිසා තෙරණ බාෂාව තොර ගන්නවා වගේ , අපේ රටේ මිනිස්සු හරියට තේරුම් ගන්නකල් වේදනාව දීලා හරි කලයුතු දේ කරන්න සිදුවෙනවා . sf

    ReplyDelete
    Replies
    1. ඉතා ප්‍රතිගාමී, වැරදි අදහසක්. ලංකාව කියා ඔබ තවමත් සිතාගෙන ඉන්නේ සිංහලයන් පමණයි. ලංකාවේ සියලු ජාතීන්ට අයත් බහුතර ජනයා මහින්ද පැරැද්දුවා. එපමණක් නොවෙයි, සිංහලයන්ගෙන් සුවිසල් ප්‍රතිශතයක් ද ඔහුට එරෙහිව ඡන්දය දුන්නා. ඔබ දන්නවාද දැන් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය බලන ගම්වල නූගත් ජනතාව තමන් මහින්දට ඡන්දය දුන් එක ගැන පසුතැවෙන බව. ඒ දවස්වල මේ මිනිසුන්ව රැවටුවේ මේ මාධ්‍ය පාවිච්ච් කරලායි.

      අපේ රටේ ජනතාව ඔබ කියන අන්දමින් හැසිරවිය යුතු නැහැ. ඔවුන්ට සාධාරණ අන්දමින් කරුණු පැහැදිලි කර දී පාලනය ගෙන ගිය ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. එහෙම කියා දුන්නා නම් තේරුම් ගන්න බැරි ජනතාවක් නෙමෙයි ලංකාවේ ඉන්නේ.

      මෙතෙක් පැවති ආණ්ඩු කළේ ජනතාවට කොළේ වහලා ගහන්න උත්සාහ කිරීමයි. මේ ආණ්ඩුවත් එහෙමම කරන්න ඉඩ තිබෙනවා.

      අපි කියන්නේ එහෙම නෙමෙයි. ජනතාව අතර සංවාදයක් ඇති කරමින් ඉදිරියට යමු. ජනමතයට ඉඩ දෙමු. හැබැයි බාල ජනප්‍රියත්වය බැහැර කරමු.

      Delete
    2. /* ඔබ දන්නවාද දැන් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය බලන ගම්වල නූගත් ජනතාව තමන් මහින්දට ඡන්දය දුන් එක ගැන පසුතැවෙන බව. ඒ දවස්වල මේ මිනිසුන්ව රැවටුවේ මේ මාධ්‍ය පාවිච්ච් කරලායි. */

      පැරා කියා ඇති දෙයට සාක්‍ෂියක්.

      ඊයේ දුරකතනයෙන් කතා කරද්දී, තරමක උගත්කමක් ඇති, ලංකාවේ බැංකුවක දෙපලම වැඩකරන පවුලක බිරිඳ කියූ කතාවක් අසා දුක හිතුණා.

      ඇය කීවේ "අයියෝ මේ රාජපක්‍ෂලා කරලා තියෙන දේවල් දැන්නේ තේරෙන්නේ මේ ටෙලිවිෂන්වල යන දේවල් දකින කොට" කියායි.

      මොවුන් රූපවාහිනිය, අයිටීඑන් එක සහ අනිත් නාලිකාවල චංගුමී, දිරිය දියණි, රන්පැය වැනි නරිනාටක බලමින් සිට රාජපක්‍ෂටම ඡන්දය දුන් අයයි.

      මෙයින් පෙනෙන්නේ රාජපක්‍ෂලාගේ ගම්බද ඡන්ද පදනම දෙදරා යන්නට පටන් ගෙන ඇති බවයි.

      Delete
    3. පැරකුම් කියන දේ සම්පුර්ණ ඇත්ත. මහින්දට චන්දය දුන් එසේ පුද්ගලිකව දැන් කනගාටුවට පත් වෙන නූගත් අයිටීඑන් බලන ගම්බද මිනිසුන් ගැන මටත් පුද්ගලිකවම දැනගන්නට ලැබුණා

      Delete
    4. # අපේ රටේ ජනතාව ඔබ කියන අන්දමින් හැසිරවිය යුතු නැහැ. ඔවුන්ට සාධාරණ අන්දමින් කරුණු පැහැදිලි කර දී පාලනය ගෙන ගිය ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. එහෙම කියා දුන්නා නම් තේරුම් ගන්න බැරි ජනතාවක් නෙමෙයි ලංකාවේ ඉන්නේ. #
      ඔබට මතකද චන්ද්‍රිකා ජනාධිපති කාලයේ , රට ඉතාම අස්ථාවර තත්වයකට පත්වී රනිල් අගමැතිවී අවුරුදු 2 ක් පමණ රට පාලනය කළා , රනිල් කොහොම හරි රට තිබුණු තත්වයෙන් ගොඩගෙන යහපත් පාලනයක් ගෙන යන්න ආරම්බ කළා , ඒ දිනවල් සව්ක්කිය සේවයේ වැඩ වර්ජන කොපමණ ඇතිවුනාද , ව්‍යද්‍යවරු , පසුව හෙද හෙදියෝ , සුළු සේවකයෝ ,විද්‍යඥයෝ , වගේ හරියට සහය දිවීමේ තරඟයක් වගේ මාරුවෙන් මාරුවට වර්ජන කෙරුවේ , එදා රාජපක්ෂලා වගේ වැඩ කලානම් කිසි වර්ජනයක් නැහැ , සේවකයින්ට වඩා වෙනත් අයගේ වුවමනාවට ඒවා සිදු වුනේ .

      Delete
    5. අපිනම් දන්නේ සිරිසේනට චන්දයදී රට අරාජික වීමට හා අතිශය නුසුදුස්සන් කැබිනට් මණ්ඩලයට පෛථ්වීම නිසා පසු තැවෙන කොළඹ මධ්‍යමපන්තිකයන් ගැනයි

      Delete
    6. මොහුට ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාචන්ච්‍රවාදය අතර වෙනස තේරෙන්නේ නැති හැඩයි. ඔක්කෝම මැඩ පැවැත්වූයේ බොරුවෙන්. කම්කරුවෝ නෙමෙයි විශ්ව විජ්ජාල මහාචාරයවරුත් ගොනාට ඇන්දුවා. ඉතින් ගමේ හරක් ගැන කුමන කතාද?

      Delete
    7. උදිත මර්වින්ගෙ මේ ක්‍රියාව ගැන මූණු පොතේ දාල තිබ්බ "සැකය" ඇයි මෙහි පල නොකරන්නෙ. ඒක බොහොම වැදගත් සහ අවධානයට යොමුවිය යුතු අදහසක්.

      Delete
    8. AnonymousJanuary 18, 2015 at 5:19 AM

      චන්දෙ කාලෙ මහින්දට කඩේ ගිය එක මහාචාර්‍ය් වරයෙක්(Head of the Department of Microbiology) හිටිය මහේන්ද්‍ර ගුණවර්ධන කියල ඌ රූපවාහිනි සාකච්චාවකට ඇවිත් දවසක් කියනව ස්වාධීන කොමිෂන් සභා කියන්නෙ කිසිම තේරුමක් නැති දෙයක්ලු. මහාචාර්‍ය් වරයෙක් උනාට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව මූලික සරල දැනුම් මට්ටමක්වත් නෑ ඌට.
      පස්සෙ දවසක තිබ්බ සාකච්චවකදි උගේ ඉදිරිපිටම දඹර අමිල හාමුදුරුවො තහවුරු කලා මේ මහාචාර්‍ය් වරය මන්ද බුද්ධිකයෙක් බව. ඒත් ඌට ඒක තේරුම් ගන්න බැරි උනා.
      ඉතින් උඹේ ඔය කතාව ගැන අපි වැඩිය පුදුමයට පත් වෙන්නෙ නෑ.

      ---------------------------------------------------------------------------------------------------

      පැරා කියන කතාව 100% ඇත්ත. මේ ගෙවුන සතියට මහින්දට චන්දෙ දුන්නු විශාල පිරිසක් කලකිරීමට පත් වෙලා ඉන්නෙ. මම වැඩ කරන තැන මගෙත් එක්කම ඉන්න 3 දෙනෙක් ඒක කිව්ව එයාල කලින් මහින්දට වන්දනා කල අය. මට කිසිම විදියකින් කිසිම දෙයක් තෙරුම් කරන්න හැකියාවක් තිබුනෙ නෑ චන්දෙට කලින්. මොනව කිව්වත් පිළිගත්තෙ නෑ රාජපක්ශල ගැන. දැන් කියනව අපි චන්දෙ දුන්නෙ දන්නෙ නැතුවනෙ අයියේ දැන් තමයි අපිට තේරෙන්නෙලු කියල. ඇත්තටම මම පුදුමයට පත් උනා මේ කෙටි කාලයට සිද්ධ වෙලා තියෙන පරිවර්තනය දැකල.

      Delete
    9. //අපිනම් දන්නේ සිරිසේනට චන්දයදී රට අරාජික වීමට හා අතිශය නුසුදුස්සන් කැබිනට් මණ්ඩලයට පෛථ්වීම නිසා පසු තැවෙන කොළඹ මධ්‍යමපන්තිකයන් ගැනයි //

      ආණ්ඩුවට තාම දවස් දහයයි. ඔය කියන තරම් කලකිරෙන්න කල් මදි නේ ද? අනෙක මධ්‍යම පංතියත් ඔය කියන තරම් ම සත් ගුණවත් නැහැ නේ ද?

      Delete
    10. WOW WOW WOW.. must read

      http://www.gossiplankahotnews.com/2015/01/chandrasiri-bandara-ready-to-shoots.html

      Delete
    11. "....ආණ්ඩුවට තාම දවස් දහයයි. ඔය කියන තරම් කලකිරෙන්න කල් මදි නේ ද? ..."

      අපෝ ඇති! අධ්‍යාපනයට තමන්ගේ ගල් කොල්ලව පත් කරපු එක; ආර්ථික කරයුතු වලට විනිමය වංචාකරුවෙක් පත්කරපු එක හොදටම ඇති!

      "...අනෙක මධ්‍යම පංතියත් ඔය කියන තරම් ම සත් ගුණවත් නැහැ නේ ද?.."

      එතකොට යහනේ පාචනය ඕනේ උනේ අගහරු ලෝකෙන් ආපු එවුන්ටද?

      Delete
  2. ජනතාව මර්වින්ව අල්ලා ගස් බඳින එකක් නෑ දැන්නම්!

    ReplyDelete
    Replies
    1. පැරා ගේ අලුත්ම වීරයා මර්වින් සිල්වාය. අලුත්ම තියරිය ආච්චි උනත් මොකද හොදට ලව් කරනව නම්.

      Delete
    2. @AnonymousJanuary 18, 2015 at 11:21 AM
      +++++++++++++

      Delete
    3. Ahe huttho Para has told that we were not respecting to Mervin. Thota Sinhala therenne nethida?

      Delete
  3. යහපාලනයෙ නාමයෙන් අරාජිකත්වය රජ කරද්දී, රජයෙ ඉඩම් වල අනවසර පදින්චිවීම් වෙද්දී, ජවිපෙ ආයෙත් විශ්වවිද්යාල පද්ධතියට රින්ගාගනිද්දී, ගමක පාරක් තියා බොක්කුවක්වත් හැදෙන්නෙ නැති වෙද්දී, උද්ධමනය ආයෙත් 10% වෙද්දී, අධිවෙදී මාර්ග සැලසුම් ටික හැකිලෙද්දී, කොලඹ අලුතෙන් එක උද්යානයක් නොසෑදෙදී මිනිසුන්ට තෙරෙයි කරගත්තු වැරැද්ද. එතකොට පොඩ්ඩක් නැවතිලා හිතන්න අපි කෑවෙ ඉන්දියාවෙ ලණුවක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ ටික එකතු කරන්නෙ නැද්ද? කොටි ගහද්දි, බෝම්බ පුපුරද්දි, රටට කෙළ වෙද්දි ...............

      තාම ආණ්ඩුවට දවස් දහයයි. මේව තමයි මහින්දවාදීන්ගෙ ප්‍රාර්ථනා.

      අපි කරන්නේ ඔය කලකිරීම ප්‍රවර්ධනය කරන එක නෙමෙයි. අපි කරන්නේ විවේචනය කරන ගමන් සුබවාදී වෙන එක.

      Delete
    2. මම හිතන්නෙ නෑ ආයෙත් කොටි නැගිටීවි කියලා. මොකද කොටි කියන්නෙ දෙමල සමාජයෙ යට ස්තරයෙ හිටපු මිනිස්සු, සම්බන්දන්ලා, විග්නෙශ්වරන්ලා කැමති වෙන්නෙ නෑ තමන්ට තියෙන තැන ආයෙත් කුල හීන ප්‍රබාකරන්ලා අතට යනවට. ඒ වගෙම එක බොම්බයක් හො පිපුරුනොත් යහපාලන මිරිගුව දිහා බලාගෙන, නයිටීන්, කොටි සිරස බලාගෙන ස්වන් වින්දනයෙ යෙදෙන රට වැසියන් පියවි සිහිය ලබනවා. ලන්කාවෙ බෙදුවාදය මෙහෙයවන්නෙ පිට රට ඉදන්. ඒ මිනිස්සු ඔය මොඩ කම කරගනියි කියලා හිතන්න අමාරුයි.

      අපි අකමැති 2005ට කලින් තිබුන ආර්ථික සහ දෙශපාලන අස්ථාවරභාවයට. එහෙම නොවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඉන්දියාව මීය කැඩුවෙ අත ලෙවකන්න නොවන බවත් අපි දන්නවා.

      Delete
  4. මේ යකාට පිස්සු. අනේ දෙවියනේ කවුරුවත් නෑනේ කොන්ද පණ තියෙන් එකෙක් මූට වෙඩි තියල දාන්න.

    ReplyDelete
  5. මර්වින්ගෙ ෆයිල් ටික අරන් යන්න මහින්දට අතපහු වෙලා,අරළියගහ මන්දිරෙන් කළබලෙන් පිටවෙලා යනකොට!

    ReplyDelete
  6. All these murders should be re-investigated. I'm sure the Police Department do not need Mervin's assistance. He is trying to be somebody in the society some how. Unfortunately he still gets the media coverage.

    ReplyDelete
  7. දේශප්‍රේමී රාජපක්ෂලාගේ ස්ව්ස් මුදල් අනතුරේ!


    නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉපැයූ මුදල් ස්විස් ගිණුම්වල තැන්පත් කිරීම වැලැක්වීමට ස්විස්ටර්ලන්ත රජය නීති කෙටුම් පත් සකසා ඇතැයි වාර්තා වේ.

    එරට බලධාරීන්ට අනුව ලෝකයේ සුළු ජාතීන් නියෝජනය කරන දේශපාඥයන්, රාජ්‍ය සේවකයන් සහ ව්‍යාපාරිකයන්ගේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇත. වාර්තා වන අන්දමට ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුම් වාර්තා සලකා බැලීමටද තීරණය වී තිබේ.

    පසුගිය කාලයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් අයථා අන්දමින් ඉපැයූ මුදල් ස්විස් ගිණුම්වල තැන්පත් කර ඇති බවට චෝදනා එල්ල විය. වාර්තා වන ආකාරයට මෙම මුදල් තැන්පත් කර ඇත්තේ ඍජුවම ශ්‍රී ලංකානුවන් සිදු කරන තැන්පතුවක් ආකාරයට නොවේ. එම මුදල් සීෂෙල්ස් වැසියන් තැන්පත් කරන ආකාරයට ස්විස් ගිණුම් වල තැන්පත් කර ඇත.

    පසුගිය වසර කීපය තුල ස්විස් ගිණුම් වල ෂීසෙල්ස් වැසියන් විසින් මුදල් තැන්පත් කිරීම අසාමාන්‍ය ආකාරයට වැඩිවීමක් සිදුව ඇතැයි ආර්ථික බලධාරීන් පෙන්වා දෙයි.

    වඩාත්ම පුදුම විය යුතු කාරණය නම් එල්ටීටීඊ සංවිධානයෙන් ලබා ගන්නා ලද රත්‍රං කිලෝ 350ක් ජපානයට විකිනීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට චෝදනා එල්ලවන ණුදෙනුවේ අතරමැදියා ලෙස ක්‍රියාකරනු ලැබුවේ ස්විස් සමාගමකි. වාර්තා වන අන්දමට මෙම ගණුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 400,000,000 කි. මේසා විශාල මුදලක් ලංකාවේ කිසිදු දේශීය බැංකුවක තැන්පත් කර නැතැයි වාර්තා වේ.

    මේ අතර ස්විස් මහ බැංකුව පෙන්වා දෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 98 ක් ශ්‍රී ලාංකිකයින් විසින් ස්විස් බැංකුවල තැන්පත් කර ඇති බවයි.

    ReplyDelete
  8. දැන් ඔය අස්ථාවරයි අස්ථාවර වෙයි කියල කියන අයගෙන් මේ අහන්නෙ.
    1. රට හෝ ආණ්ඩුව ස්ථාවරද නැද්ද කියල ඔබ මනින්නේ කෙසේද? (ඕක දන්නැද්ද බූරුවො කියල ගොන් උත්තර එපාග මාත් විනෝදයට කැමතියි ඒත් මේ දවස් වල වැඩ වැඩියි)
    2. රාජපක්ෂ සමයේ වැඩ වර්ජන නොතිබුනේ (කරපු තැන් වල එවුන් නන්නත්තාර වුනේ) අයිතිවාසිකම් සියල්ල ලැබුනු නිසාද නැත්නම් මර්ධනය දරුණු වුනු නිසාද?
    3. මිනිස්සුන්ට නාස් ලණු දැමීම මගින් තමන්ට අවශ්‍ය මාර්ගය පෙන්වීම හරිද?
    ----හෙනහුරා

    ReplyDelete
    Replies
    1. යහනේ පාචනයේ පලුමු රෙදි අපුල්ලන්නා!

      Delete
  9. මර්වින් ගැන මම අන්තිම ලිපිය මගේ පුද්ගලික බ්ලොග් අඩවියේ ලියද්දි මතු කරපු කාරණය තමයි මර්වින් කියන්නේ හොඳ එකෙක් නෙවෙයි, ඒත් මේ මතුකරන චෝදනාවල ද්වේශසහගත බව යටින් තදින් සලකා බැලිය යුතු සත්‍ය අන්තර්ගත වෙන නිසා. මොකද මර්වින් මහින්ද දිනුවනම් කටවහගෙන පාඩුවේ ආයෙත් කඩේ යනවා..ඒත් මෛත්‍රී දිනපු නිසා තමන් හිරකරගෙන හිටපු පීඩනයයි මේ එලියට දාන්නේ

    ReplyDelete
  10. කැළණිය ආසනේ ,පහුගිය අවුරුදු දහය තුල මර්වින් විසින් ගොඩ නගා තිබුන මාෆියාවට යටින් හිටියෙ බැසිල් .ආර්ථික මධ්‍යස්ථාන වලින් හා කැරෝකේ ක්ල්බ් බාර් මස් කඩ හා කප්පම් මුදලෙන් සියයට ගානක් මහින්දටත් බැසිල්ටත් ගිය බව ඉතා ප්‍රසිද්ධ රහසක්.
    දැන් මේ මර්වියා ගම බෙලිඅත්තේ කිය කියා වමාරන්නෙ ආයෙමත් දේශපාලනේට රිංගලා උගේ සුපුරුදු ජඩ වැඩ ටික කරගෙන යන්න මිසක් වෙන දේකට නෙමේ.

    ReplyDelete
  11. ඔය වගේම කැඩුනු දීගයක් නිසා වික්ටර් අයිවන් ආතල් ගත්තා චන්දිකා ගැන පොතක් ලියලා.. කවුරු හරි කියුවොත් ඒවත් සලකලා බලන්න කියල.. මොකද කරන්නෙ.. පරන වැඩි නිසා අල්ලා දානවද..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා