අනෙක් අයට වගේ සෝමරත්නටත් අවස්ථාවක් දී බලමු ද?

උපුටා ගැනීම ෆේස්බුක්හි මෛත්‍රීපාල වෙනුවෙන් දිරියෙන් වැඩ කළ මිනිසකුගෙනි
රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම හරියට පුදපු ගමන් කාපි යකා පන්නයේ වැඩකැයි ඇතැමෙක් පවසති. 

මේ පිළිබඳ අපේ පාඨකයෙකු විසින් අපට කෝචොක් කරමින් තබන ලද සටහනක් මෙතැනින් කියවිය හැකි ය.  

රාජපක්ෂ පාලනය තුළ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි සෝමරත්න රූපවාහිනියේ සභාපති තනතුරට ගෙනැවිත් තිබෙන්නේ අතුරලියේ රතන හිමි හා කරුණාරත්න පරණවිතාන විසිනි. මෙම පත්වීම දින සීයේ වැඩසටහන වෙනුවෙන් බව දැනුම් දී තිබේ. අභ්‍යන්තර ‍විරෝධය මැඩලීම පිණිස රූපවාහිනියට පරිපාලන සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කරන්නට ඔවුන් පොරොන්දු වී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේ මංගල සමරවීර මාධ්‍ය ඇමති වී සිටියදී ඉෂිනි වික්‍රමසිංහ රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර‍ට පත් කරන තෙක් එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ පරිපාලන සේවයේ නිලධාරියෙකි. 

ආරියරත්න ඇතුගල සභාපති ධුරය දරද්දී අධ්‍යක්ෂ ජනරාල්වරයකු නො සිටි අතර ඔහු එම බලතලත් පවරාගෙන කටයුතු කළේ ය. රූපවාහිනියේ ප්‍රායෝගිකව බලවත් තනතුර වන්නේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරයි. සභාපති ධුරය රජයත්, සංස්ථාවත් අතර සම්බන්ධය නඩත්තු කරන තනතුරයි.  මෙම තත්වය තුලනය කරන්නට රූපවාහිනියට අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

එසේම අනෙකුත් දේශපාලනඥයන්ට අවස්ථාවක් දුන්නා සේ සෝමරත්නටත් අපි අවස්ථාවක් දී බලමු ද?

ජාතික රූපවාහිනියේ ද ගැටලු ගොඩක් ඇත. ජනතාව එම චලනය බලන්නේ නැත. එසේම විකාශය කරන්නට සකසන ලද වැඩසටහන් ද රූපවාහිනියට නැති බව දැනගන්නට ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සෝමරත්න දිසානායකට මගෙත් කැමැත්තක් නෑ. ඒ වගේම ඔහුගේ නම ජාතික රුපවාහිනියේ සභාපතිවරයා ලෙස යෝජනා වී ඇති මුත් එම පත්වීම තවම සිදුකොට නැති බව නේද කියන්නේ?

    අනික තමයි ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස පත්කෙරු නිලධාරියා ගැනත් විවේචන එල්ලව තිබෙනවා. එම පත්වීම නම් තාවකාලික එකක් ලෙස කියායි පැවසුයේ.

    වැදගත්ම දේ තමයි මේ තිබෙනා පාර්ලි‌‌මේන්තුව තුල සිටිනා බොහෝ දෙනෙක් ජරාජීර්ණ පුද්ගලයන් කියා අප දන්නවා. හැබැයි දින සියේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට නම් මේ උදවියගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථා සංශෝධනයකට පාර්ලි‌‌මේන්තුව තුල තුනෙන් දෙකේ බහුතරය ගන්න එපයි.

    විෂෙන් විෂ නාශනවා වගේ මේ ඉන්නා උදවිය මගින්ම දින සියේ වැඩ පිළිවෙල සිදු කරගනීමට හැකියාව ලැබෙයි කියා මම හිතනවා. නැතිනම් වෙන්නේ පාර්ලි‌‌මේන්තුව විසිරුවා හරින්න. විශ්‍රාම වැටුප අහිමිවීමට ඉඩ ඇති නිසා ඒකට පාර්ලි‌‌මේන්තුවේ ඉන්න අයත් අකමැති.

    ReplyDelete
  2. හැක් හැක් අවස්තාවක් දෙමුද අහන්නෙ උබට බලතල තියෙනවද ඌව අයින් කරන්න?

    ReplyDelete
    Replies
    1. මහ රජාත් ඔහොම තමයි හිතුවෙ. දැන් ඉන්නෙ අර මැදමුලනෙ ජනෙල් පඩි උඩ නැ‍ගගෙන.

      Delete
    2. අනෙ ගොනො මහින්ද ගෙදර යැව්වෙ චන්ද්‍රිකා. තො චන්ද්‍රිකාගෙ මිනිහද?

      Delete
    3. අනික මහින්දය වෙන වැරදි මොනව කරත් ආයෙ ගෙදර ගිහිල්ලා ජනෙල් පඩියක් උඩ නැග්ගම අවුල් ද?

      උඩට හරි නැගලා මිනිස්සුන්ට කතා කරන්න තරම් ඌට මූඩ් එකක් + ෆිට්නස් එකක් තිබ්බ එක ගැන මට නම් සතුටුයි. කොච්චර කරත් ඌ රටේ හිටි ප්‍රයෝජනචත් පොලිටිෂන් කෙනෙක්. මෙච්චර පිරිහිලත් සියේට පනහකට කිට්ටු වෙන්න චන්ද ගත්තු එකෙක්.

      අච්චර හතුරු කම් කරපු රනිල්ට ඩීසන්සි එක තිබුනා මරාව ඩිප්ලොමටික් විදියට ගෙදර අරින්න. ලොකුවට ධනවාදී ක්‍රමේ මජර කම ගැන කතා කරන සමාජවාදියා ඒකටත් රනිල්ට වැරදි කියනවා.

      මුන්ගෙ බණ තියෙන්නෙ අනික් පැත්තට කියන්න විතරයි.

      පැරා රෙදි නැතුව කඩේ නොයා ඔය පල්ලෙහා ඉන්නෙ මාතලංගෙන් වත් ඉගෙන ගනින් කොන්දක් තියා ගන්න. සෝමරත්න හැදුනෙ නෑ වාසි පැත්තට ආව විතරයි. අද මයිත්‍රීට වැඩ කරත් කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.

      Delete
    4. PRESIDENT SWORN IN CEREMONY : UNSEEN PHOTOS

      යහ පාලනය ලඟා කර දීමවස්, සැදී පැහැදී සිටින අනාගත සංස්ථා සභාපති වරු, අමාත්‍යංශ ලේකම්වරු හා ඔවුන්ගේ දූල පුතාල සෙට් එක. (ආසම අමාත්‍යංශය විදේශ සේවා !)

      පංති නැති සාමාජවාදය හරි ෂෝක් නේද පැරා !

      Delete
  3. මූ එන්නේ සඳුදලු නේ... බලමු ඕකා එයිද කියලා.. යහපාලනය කියන්නේ මේකද රතන හාමුදුරුවනේ... ඔබ වහන්සෙලා යටට අඳිනවද දන්නේ නෑ... මොළේ මයිල් නම් මේ වගේ කාලකන්නියකු පත් කරලා ඉල්ලන් වළඳන්න.. ඕනම නම් මූට රූපවාහිනේ ළමා අංශය දෙන්න.. අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.. මේ වගේ පඩත්තලයන්ට පෝස්ට් දෙන්න නෙමෙයි අපි ජීවීතය පරදුවට තියලා ඔබ වහන්සේලාට වැඩ කලේ..

    ReplyDelete
    Replies
    1. මේ ඩීල් එකට රතන හාමුදුරුවන් මැදිහත් වෙච්ච එක තමයි ලොකුම අවුල. රතන හමුදුරුවොත් මෙහෙම නම් අනිත් අය ??

      Delete
  4. Pitarataka indagenath Mara parajaya gena wisala sathutak lebuwa.namuth somayage rupavahini pathweema ahala kanagatui,sithirawama thama pathwela nethinisa bala imu.(Sewakayo wath gahala pennuwoth) (Ranjan-düsseldorf)

    ReplyDelete
  5. ඔයා ඉංගිරිසියෙන් ලියල තිබුනෙ මේකට ප්‍රතිවිරුද්ධ අදහසක් නේද?
    දින සියයේ වැඩසටහන ඉවර වෙනතුරු පමණක් සෝමරත්න දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් තියාගන්න කියල මාත් කොහෙද මන්ද කමෙන්ට් කළා.

    පොදු අපේක්ෂක වශයෙන් ජනාධිපතිතුමා පොරොන්දු වුනේ සංචිතයක් හදල ඒකෙන් සංස්ථා සභාපතිවරු තෝරගන්න කියල නේද? මං අහල තියෙන්නෙ එහෙම අදහසක්. මට තවම ඕක කියවන්න ලැබුනෙ නෑ.

    කොහොමත් හඩ්ඩා අතුරුදහන් වුනාට පස්සෙ වැඩබලන්නවත් කවුරුහරි ඉන්න ඕනිනෙ. ඔන්නොහෙ කමක් නෑ.

    ReplyDelete
  6. මෛත්‍රී ව පත් කලේ රට දැවැන්ත අධිපති ක්‍රමයකට යාම වලක්වා ගැනීමටයි. ඉන් එහා මෛත්‍රීගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම බලාපොරොත්තුවක් තියනම්වනම් ඒ මෝඩ කමයි. ජේ.ආර්. රටට වින කලාක් මෙන් මෛත්‍රී ද ඒ කාර්යය හොඳින් කරනු ඇත. ප්‍රේමදාස මිනීමැරුවා සේ මෛත්‍රී ද ඒ කාර්යය කරනු ඇත. චන්ද්‍රිකා හොරකම් කලාක් සේ මෛත්‍රී ද හොරකම් කරනු ඇත. මහින්ද සිය ඥාති හිතවතුන්ට තනතුරු උසස් වීම් දුන්නා සේ මෛත්‍රී ද ඒ දේ කරනු ඇත.මහින්ද වගේ ඕනවට වඩා සූරා කන්න ගියොත් තමයි ප්‍රශ්නේ. දේශපාලකයෝ ඕනෑවට වඩා ඉදිමෙන්නේ ජනතාව ඔවුන් කෙරෙහි අනවශ්‍ය බලාපොරොත්තු ඇති කර ගත් විටයි.

    ReplyDelete
    Replies
    1. //මෛත්‍රී ව පත් කලේ රට දැවැන්ත අධිපති ක්‍රමයකට යාම වලක්වා ගැනීමටයි. ඉන් එහා මෛත්‍රීගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න බැහැ. // පිස්සුද රට බෙදන බලාපොරොත්තුව එක නම් ඉටුවේවි

      Delete
  7. Premadasa re-born

    "නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතව තිබේ"

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150110_maithree_kandy

    ReplyDelete
  8. මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු කරලා චන්ද පෙට්ටි මාරු කල කතාවේ කිසිම බොරුවක් නැහැ , ඉතාමත් පැහැදිලි ලෙස චන්ද දුෂණයක් තිබෙනවා , 81.52% චන්දය පාවිච්චි කළා , කියා කිසිසේත් පිළිගන්න බැහැ , 75% වුනත් පිළිගන්න බැහැ , 1% වෙනස කියන්නේ චන්ද 150,000 ක් පමණ වෙනවා , සාමාන්‍යයෙන් 75% චන්දය පාවිච්චි කර මෙය 81.5% දක්වා වෙනස් වුනා කියන්නේ චන්ද 975,000 ක පමන වෙනසක් මෙය සුළුපටු ගණනක් නොවේ ,
    කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ පසුගිය වාර්තා බලනකොට මෙම ප්‍රතිසතය ඉතා අගයක්, මේ නිසා තමා දකුණේ මහින්දට වැඩි චන්ද ප්‍රමාණයක් එකතුවෙන්නේ ,
    කළුතර 84.73% , හම්බන්තොට 84.13% , මාතර 83.36% ගාල්ල 83.49% ,

    ReplyDelete
    Replies
    1. ගොන් ජෝකේ නවත්තාපන් බන්! උඹට ඕනෙනම් චන්දෙදාපු ප්‍රතිශතය පැෆෙරල්ගෙන් අහගනින්!

      Delete
  9. මෙච්චර දවස් පැරකුම්ගේ අඩවිය බලමු මම අද සිටන් ඒක නවත්තනවා. අපි මේ තරං නැහුනේ මේ වගේ දේවල් කරන්නද? පැරකුම් කොහොමද මෙහෙම එක පාරටම හොරු සුද්ද කරන්න පටන් ගත්තේ. ආත්ම ගෞරවයක් කියලා දෙයක් පැරකුම්ට තියෙනවාද? නැත්තං පැරකුම් උනත් ඉස්සරහට මොනවා හරි තැනක් හම්බ වෙයි කියලා බලං ඉන්නවද?

    මොනවද මේ විලි ලැජ්ජ නැති කතා. මං හිතුවේ නැහැ මේ වගේ වාසි අතට හෝයියා කියන දුර්වල පුද්ගලයෙක් කියලා ඔබ? වැරැද්ද දුටු තැනදි ඒක විවේචනය කරන්න. මාතලංගෙන් ආදර්ශයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. පලයං යන්න ගොං හරකා
      මාතලංගෙන් පැරාට ආයේ අමුතුවෙන් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. මාතලං කියන්නේ සිරිකොතෙන් ලක්ෂ විස්සකට කඩේ ගිය මාධ්‍යකරණය කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න කුලී ලියන්නෙක් විතරයි. ඒත් පැරකුම් ජයසිංහ කියන්නේ විශාල කාලයක් මේ ක්ෂේත්‍රයේ අත් දැකීම් ඇති, වසර ගණනාවක අරගලයක නියැළුන පුද්ගලයෙක් ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේ බොහෝයි. ඔය කියන මාතලං හොදයි නංගිලා චූන් කර කර ඉන්නනං.

      Delete
    2. මම නම් පැරකුම්ගේ බ්ලොග් එක බලන එක නවත්වන්න නැහැ.රුපවාහිනියේ හොඳ දෙයක්. එම යහපාලනය ඇති කිරීමට අධ්‍යක්ෂ ජනරාල් විදියට ඊයේ මෛත්‍රී පිලට ආපු මර්වින් සිල්වා පහතා පත් කලොත් නරකද? ආරක්ෂාව ඊයේ ආපු කරුණාට භාර දෙමු. එතකොට පැරාට තවත් හොඳ ලිපියක් ලියන්න ඉඩක් ලැබෙනවා නියතයි.

      සමරසේකර

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා