අලුත් දේශපාලන සංස්කෘතියක එළිපත්තේ සිට

(විශේෂ නිවේදනයයි: උතුරේ රජයේ කාර්යාලවල කොටි කොඩි ඔසවා ඇති බවට ද, හමුදා කඳවුරු වට කර දෙමළ ජනයා පහර දෙන බවට ද මහින්ද රාජපක්ෂ හිතවාදීහු කටකතා පතුරවමින් සිටිති. ඒවා බොරු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවා පවසා ඇත. මේවාට විරුද්ධ වන්න. කටකතා පතුරුවා හරින්නන් පිළිබඳ පොලිසියට දැනුම් දෙන්න. දිනූ ජය රැකගන්න ක්‍රියාත්මක වන්න.) 

අපි අලුත් දේශපාලන සංස්කෘතියක එළිපත්තේ සිටිමු. නිතැතින් ම සිදු වූ කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. 

පළමුව, පොදු විපක්ෂයේ ජයග්‍රහණයෙන් පසු තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැත. සුළු සුළු පළිගැනීම් සිදු විය හැකි ය. විශේෂයෙන් ලබන සඳුදා රජයේ කාර්යාල විවෘත වන විට සිදු විය හැකි ගැටුම් මැඩ පැවැත්වීමට රජය පැත්තෙන් දැඩි පියවර ගත යුතු ය. අසාධාරණය ක්‍රියාත්මක කරමින් සිටි අය පවා අසාධාරණයට ලක් නො විය යුතු ය. හැබැයි, මේ කිසිවකින් සොරුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම අත්හිටවිය යුතු ය යන අදහස මතු නො කරමි. 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙම ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වූ එඩිතර ආකාරය රටේ ම රාජ්‍ය සේවකයන්ට ආදර්ශයකි. නිර්භීත වන්න. සාධාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. 

කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ලංකාවේ සිට නැරඹීමට තිබුණු බාධා ඉවත් කර ඇත. ‍සෙසු වෙබ් අඩවි සම්බන්ධයෙන් ද ඒ ක්‍රියාමාර්ගය ගැනීම අවශ්‍ය ය. එහෙත්, ඕපාදූප නිර්මානය සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් ස්වයං විනයක් ගොඩනගා ගත යුතු ය. 

බියෙන් පළා ගිය මාධ්‍යකරුවන්ට ආපසු එන්නට අවස්ථාව ලබා දීම ද වැදගත් ය. (කවුරුවත් නැවත ආපසු එන්නට උවමනාවක් නම් තවම පෙන්වා නැත.)

රටින් පළා ගිය සියලු ජාතීන්ට අයත් වැදගත් පුරවැසියන් නැවත ගෙන්වාගෙන මේ රටේ උන්නතිය වෙනුවෙන් යොදවා ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු විය යුතු ය. 

මෙම අඩවියේ අදහසක් පළ කළ පාඨකයෙක් මෙසේ කීවේ ය.  "සැ. යු.: අද සිට බ්ලොග් අවකාශයේ නිර්නාමිකව දේශපාලන අදහස් දැක්වීමට අවශ්‍ය නැත. ඒ ගෝඨාභයට තිබූ බිය පහව ගිය නිසා ය. එනිසා නියම නමින් ම අදහස් දක්වමි."

1994 මැතිවරණයේ එක් සටන් පාඨයක් වූයේ 'බියෙන් අත්මිදෙමු!' යන්නයි. 

තවත් කාරණයක් වන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ චාම් දිවුරුම් දීමයි. අසංවිධානාත්මකකම නැති කර ගත යුතු ය. එහෙත්, රාජපක්ෂගේ නාස්තිකාරී උත්සවවලට මෙය අතුල් පහරකි. අගය කළ යුතු ය. 

ඉදිරියට යමු. අපි දිගට ම මිතුරු විවේචනයේ සිටින්නෙමු. තමන්ගේ කටයුතු වඩා හොඳින් කරන්නට අපට සවන් දෙන්න. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 'තවත් කාරණයක් වන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ චාම් දිවුරුම් දීමයි. අසංවිධානාත්මකකම නැති කර ගත යුතු ය. එහෙත්, රාජපක්ෂගේ නාස්තිකාරී උත්සවවලට මෙය අතුල් පහරකි. අගය කළ යුතු ය.'

    ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.


    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි. නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දිවුරුම්දීමේ උත්සවයේ සියලු කටයුතු විනාඩි 25 කට නොඅඩු කාලයකදී අවසන් වීමද විශේෂත්වයකි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත.

    එහෙත් අභියෝගයන් අවදානයන් බොහොමයක් ඇති මොහොතක ජනාධිපතිතුමාගේ' ආරක්ෂාව ගැන දැක්වූ අවධානය හොදම මට්ටමකනම් නොතිබුණි. කෙසේ වුව,හෙට දවසේ ඇමතිවරු අවමකර දුෂණය නතර කල හැකිනම් හෙට දවස සුබ වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඊයේ සවස මෛත්‍රීගේ ජග්‍රහණය සමරා පැවති මධුපානොත්සවයකදී සිරිකොතේ මාධ්‍ය අංශයේ ස** අබේ**** නැමැත්තා මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වී ක්‍රියා කල, තමන් ගේ මඩ ප්‍රශ්න කරන සියල්ලන්ටම හරකා නාමයෙන් ආමන්ත්‍රණය කරන ප්‍රසිද්ධ බ්ලොග් රචකයෙකුට කොම්පැක් ලැප්ටොප් බෑගයක ඇසිරු ලක්ෂ විස්සකට නොඅඩු මුදලක් ලබා දුන් කරුණ සත්‍යයක් ද ?

      එය වාහනයටම ගෙනගොස් ඉදිරිපස අසුනේ තබා ස්තුති කිරීමට තරම් මේ බ්ලොග් රචකයා සිරිකොතේ මාධ්‍ය අංශයට කල සේවය කුමක්ද ?

      Delete
    2. පැරා සමාජවාදී ජංගිය පත්වෙලා ඔයාගේ කක්ක පැත්ත (පුක) පේනවා හිමිට ටිකක් උස්සගත්තොත් හොදයි නේද ??

      Delete
    3. දැන් හෙට ජනාධිපති නුවර ඉඳන් ජාතිය අමතන්න කොළඔ ඉඳන් රිය පෙරහැරක් යනවලු අපිටත් එන්ඩලු. ඒවා නාස්ති නෙවෙයිද? ඔය යන්ඩ ඕන ටික විතරක් වාහන කීපයක ගිහිල්ල ඔය වැඩේ කරා නම් මදිද? ඇයි දැන් ජනවරම දීල ඉවරනෙ. ආය මොනවද මගදි පිළිගන්න තියෙන්නෙ එහෙම නම් ලංකාවෙ හැම පාරකම යන්ඩ වෙයිනෙ. අළුත් මූණු වලින් පරණ වැඩේම නේද යන්න හදන්නෙ?

      Delete
    4. "රූපවාහිනියට සෝමරත්න දිසානායක

      ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පත්කොට ඇතැයි වාර්තාවේ.
      මෙම පත්කිරීම සිදුකොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත්ව වන අතර මැතිවරණ සමයේ ජාතික රූපවාහිනිය මගින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා එහි අත්තනෝමතික සභාපති ධුරය එළිපිටමකටයුතු කරනු ලැබීය."

      පුක නෑ නේද ඕයි !!!!!!!!!!!!!!!!!!!!!!! යහ පාලනේ, කොල්ලනේ යහ පාලනේ!

      Delete
    5. Divurum deeme uthsavaya okkoma hondayi habayi jathika geeya kiwwe antheemata janadhipathithuma pitavelathj giyata passe. Meeta passevath rajya uthsavayak arambhayedi jathika geeya gayanna kiyala mathak karanava.

      Delete
  2. අලුත් ඇමති මන්ඩලේට TNA එකෙන් 3 දෙනෙක් (සුමන්දිරන් විදේශ ඇමති) ඇතුලත් කලොත් පැරා කැමතිද.
    මේක මම මාතලන්ගෙන් ඇහුවා. ඒත් එයා ඒක දැම්මෙ නෑ ඇයිද මන්දා

    ReplyDelete
    Replies
    1. ආයෙත් දාපන් මචෝ වැරදිලා ඩිලීට් උනා...

      Delete
    2. ආයෙත් දමන්න අවශ්‍ය නෑ. අලුත් ආන්ඩුවේදි දෙමළ ජනතාව වෙනුවෙන් TNA එකට දිය යුතු තැන ගැන මින් පසු පෝස්ට් එකකදිවත් මාතලන්ගෙ අදහස දැන ගැනීමට කැමතියි

      Delete
    3. TNA එකට ඇමති මණ්ඩලයේ වගකීම් ලබා දීම වරදක් නැත, එවිට ඔවුන්ද සාමුහික වගකීමෙන් බැඳේ. නමුත් සුමන්තිරන්ට විදේශ ඇමති කම ලබාදීමට ඔහුතුල ඇති රාජ්‍යතාන්ත්‍රික භාවය කුමක් ද? එසේම ඒ සඳහා ඔහුට ඇති සුදුසුකම කුමක්ද යන්න විමසා බැලිය යුතුයි. TNA වූ පලියට නොව සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ක්‍රමයට වැඩ සිදුවිය යුතුය . එවිට TNA ද SLFPද UNPද JVP ද යන පැනය අදාළ නොවේ

      Delete
    4. මිනිහගෙ කතා ඇහුවොත්නම් ජීඑල්ට, සජින් වාස්ට වඩා ගොඩාක් සුදුසුයි කියල හිතෙනවා

      Delete
    5. දෙමළ සංධානෙට දිය යුතු තැන ආන්ඩුව දෙයි.. ඒක හරිද වැරදිද කියලා දුන්නයින් පස්සෙ කතා කරමු.. ඊට වඩා ගොඩාක් ප්‍රශ්ණ අපිට තියෙනවා.. හොරා කාලා පැන්න උන් ගැන...

      Delete
    6. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවකට සම්බන්ධ කර ගත හැකි නම් ඇත්තෙන් ම හොඳ දෙයකි. එමගින් සිංහල දෙමළ ඉහළ දේශපාලන සමාජයේ සම්බන්ධකම් නිර්මානය වෙයි. දෙමළ නායකයන් වඩා සක්‍රිය ලෙස රාජ්‍ය කටයුතු සමග සම්බන්ධ වනු ඇත. ලාංකීය ජාතියක් ගොඩනැගීමේ කාර්යයේදී එය යහපත් ය.

      Delete
    7. ජීවන්, සජීන්, පවිත්‍රා, සුමේදා, වගේ ගොන් හැත්ත එක්ක බැළුවහම සුමන්තිරන් ගොඩක් හොදයි

      Delete
    8. ''ඒවා බොරු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවා පවසා ඇත.''

      ඒදවස්වල පැරා පොලිස් මාද්‍ය ප්‍රකාෂක, හමුදා මාද්‍ය ප්‍රකාෂක වගේ අය කියන ඒවා විශ්වාස කලේ නෑ නේද දැන් තත්වේ වෙනස්ද? දැන් අපි ඒ අය කියන ඒවා විශ්වාස කරන්න පටන්ගන්නද ?

      Delete
    9. @ AnonymousJanuary 10, 2015 at 1:04 PM

      ඇයි හරකෝ තොට මොලයක් නැද්ද? පැරා අරකා මේකා කියන ඒවා නෙවෙයි තොගේ මොලෙන් කල්පනා කරලා හරි වරද හොයාගන්.

      Delete
    10. තව අවුරුදු 08 ක් මහින්ද හිටිය නම් චීන ජාතිකයන්ටත් අැමතිකම් 1 - 2ක් දෙන්න වෙනවා.

      හා බොරුද මං කියන්නේ.

      එතකොට 2023 දී ලංකාවේ ජන සංයුතිය -%
      සිංහල - 65
      දෙමළ - 15
      මුස්ලිම් -12
      චීන - 05
      අනෙකුත් - 03

      Delete
    11. නිල මැසි සේනාවJanuary 10, 2015 at 3:00 PM

      LTTE නායකයින් ඇමති මන්ඩලේ තියාගත්ත බබාලා දැන් TNA ගැන නාහෙන් අඬනවා .

      උක්කුං බාබාලා ,පැරා මාමීට වධ නොදී,
      අක්කුං බොන ගමන් මේ වීඩියෝවත් බලන්නකෝ.

      https://www.youtube.com/watch?v=2DQ64bDD3Yk

      Delete
    12. කොහොමටත් දෙමළ සහ මුස්ලිම් අයට වැඩි තැනක් දෙන්නම ඕන. මොකද උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් විතරක් නව ජනාධිපති වැඩි ඡන්ද 654511 කින් දිනුම්. අනෙක් පළාත් සියල්ලෙන්ම ඔහු ඡන්ද 205439 කින් පරාදයි. ඉතින් උතුරට නැගෙනහිරට වැඩියෙන් සලකන්නම වෙනව

      Delete
  3. ඉදිරියට යමු. අපි දිගට ම මිතුරු විවේචනයේ සිටින්නෙමු.

    ReplyDelete
  4. විවේචනයෙන් වඩා හොඳ අදහසක් නිර්මාණයකර දෙයි. ඒකාධිපතියෝ විවේචන නොඉවසයි.

    ReplyDelete
  5. සුදුසුනම් මොනජාතිකයට හෝ ඇමතිකමක් ලබා දුන්නට කමක් නැහැ , ඇමති කමක් ලබාගත්තාම සමහරවිට ඔහු නියෝජනය කරන පිරිස හා ඔහු අතර ඇති බැඳීම විනාස වෙන අවස්ථාද තිබෙනවා , N .M පෙරේරා , පීටර් කෙනමන් , කොල්වින් වගේ අයැට ඔවුන්ගේ දේසපාලන ජීවිතය විනාස කරගන්න උනේ 1970 සිරිමා බණ්ඩාරනායකගේ රජයේ ඇමතිකම් ගෙන , පසුව ඔවුන් බලයේ නොසිටි කාලයේ කල ඉල්ලීම් , බලය ලැබූ කල කම්කරුවන් වෙනුවෙන් ඉටු කිරීමට නොහැකි වූ නිසා ,

    ReplyDelete
  6. මම හිතන්නේ මණ්ඩල , පත්කිරීම් කාරනා වගේම ඉතා වැදගත් කාරනාවක් වන්නේ , මහින්ද බලයට පත් වූ දා සිටම , විශේසයෙන් ප්‍රභාකරන්ගේ කැරැල්ල මැඩපවත් වීමෙන් පසුව , ITN , රුපවාහිනි , ලේක් හවුස් , ගුවන් විදුලිය , (හඩ් ඩා ) ඇතුළු සමහර ඇමතිවරු (විමලේ, ජොනී ) වැනි අයත් විසින් අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාවගේ සිත් තුල තැන්පත් කරවන ලද දුෂිත සිතුවිල හැකි ඉක්මනින් ඉවත් කිරීම කල යුතුයි .
    මෙය ඉතා ප්‍රමුක කාරනාවකි , මේ සඳහා නැවත වරන් එම මාද්‍යම ප්‍රයෝජනයට ගෙන , පසුගිය දිනවල මෛත්‍රී ගේ ජයග්ග්‍රහණය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කල බුධිමත් පිරිස , ශෝබිත හිමි , මහාචාර්ය සරත් විජේසුරිය , දඹර අමිල හිමි, නීතිවේදී , උපුල් ජයසුරිය , උපුල් ශාන්ත සන්නස්ගල , ධර්මසිරි බණ්ඩාරනායක ,.................. වැනි තවත් සුදුසු අය ලවා කරුණු පහදා දී ඔවුන්ගේ සිත් පිරිසිඳු කල යුතුයි .

    නැතිනම් පරාජයෙන් පසුවත් ප්‍රවුර්ති සාකච්චා පවත්වා විමලයා වගේ උන් උන්ගේ බලය සඳහා රටම උනත් ගිනි තියාවි , විමලය තරුණයන් බිල්ලට දී දැන් සුරසැප විඳින අලිජ්ජිත පුද්ගලයෙකි .

    ReplyDelete
    Replies
    1. "විමලයා තරුණයන් බිල්ලට දී දැන් සුරසැප විඳින අලිජ්ජිත පුද්ගලයෙකි ."

      එහෙම කියන්න එපා Ano ,

      විමල් වීරවංශ රජයේ වාහන 4-5 ව‍ටකරගෙන බයිසිකල් පදිනවා කියලත් ඔයා දැන් කියයි.
      හෝකන්දර කෝටි15ක විතර මාලිගාවක් තියෙනවාත් කියයි.
      ගෙදර ලයිට් බිල රු. 125,000 ක් වෙනවත් කියයී

      Ano ට තේරෙන්නැද්ද,
      විමල් වීරවංශ රු 45,000 හේ කමිස ඇදගෙන, ජෙල් නාගෙන, බලකා හදාගෙන දගලන්නේ සිිංහල ජාතිය දෙමල ඩයස්පොරාවෙන් බේරාගන්නලූ.

      පව්නේ මෙයා එයාට එහෙම කියන එක.

      Delete
    2. "රූපවාහිනියට සෝමරත්න දිසානායක

      ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පත්කොට ඇතැයි වාර්තාවේ.
      මෙම පත්කිරීම සිදුකොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත්ව වන අතර මැතිවරණ සමයේ ජාතික රූපවාහිනිය මගින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා එහි අත්තනෝමතික සභාපති ධුරය එළිපිටමකටයුතු කරනු ලැබීය."

      පුක නෑ නේද ඕයි !!!!!!!!!!!!!!!!!!!!!!! යහ පාලනේ, කොල්ලනේ යහ පාලනේ!

      Delete
    3. ‘‘රිතූ’’ ටෙලිනාට්‍යය තහනමට ලක් කරමින් දිල්හානි අසෝකමාලා රඟන ‘‘දේවිය සුගලා’’ නාට්‍යය විකාශනය කිරීමට සුදානම් වන බවදට ද ආරංචි පැතිර යමින් තිබේ.

      දිල්හානි කෙල්ලටත් පාඩු උනේ නෑ එහෙනම් ප්‍රගතිශීලී උනාට ......

      Delete
  7. රෝහිතගේ රොකට් එකට මොකද කරන්නේ. ඒක මැදමූලන වෙලකට පාත්කරමුද.

    ReplyDelete
  8. මේක - අජිත් කීපවතාවක් අවධාරනය කරන්නට යෙදුනු - මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහයක් නොවෙන බව මතක තබා ගත යුතුයි. අපි මේ වෙනස කරලා තියෙන්නෙ උනත්, ඒ වෙනසට දායක උන සංයුතිය ගැන අප ඉතාම අවදියෙන් සිටිය යුතුයි. අමුවෙන් කිව්වොත්, දකුනේ ජනතාවට දූශිත ඒකාධිපති පාලනය ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්‍රතිපල වලින් පිලිබිඹු වන ඇත්ත ඒකනේ. ඒ නිසා, ඇමති මන්ඩලය තේරීමේදී හෝ වෙන කිසිම දෙයකදී හෝ ජාතිවාදය ඇවිස්සීමට අවස්ථාවක් ලබා දෙන දේ නොකිරීමට වග බලා ගත යුතුයි. එසේ නොවුවහොත්, මේක ආපහු මහින්ද / බොබසේ යුගය වෙන්න පුලුවන්.

    - Dimithri

    ReplyDelete
  9. පලමුව රටJanuary 10, 2015 at 3:17 PM

    රට දමා යන්නේ නෑ.. මැදමුලනේ පදිංචි වෙනවා..
    - හිටපු ජනාධිපතිවරයා

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෛත්‍රි පාලනය ක්‍රමයට හොඳම උදාහරණක්.

    ****ෆයිල් වලින් රට පාලනයට තිත. යහ පාලනයක ඇරඹුම.****

    ReplyDelete
    Replies
    1. ප්‍රජාචන්ත්‍රවාදී මහින්ද දිනුවනං අපි රෝහිතගේ රොකට් එකකින් හඳත් පහුකරලා ගිහිල්ලා මෙලහට,
      නැද්ද පැරා.

      Delete
  10. අද (9) පාන්දර 2 ට පමන හමුදාපතිවරැන් සහ ගරැ නිතිපති අරලියගහ මන්දිරයට කැදවු පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මැතිවරන ප්‍රථිපල අත්හිටුවිම සදහා හදිසි නිතිය පනවනලෙස ට නියම කරන ලදි. එහෙත් එහෙත් එම යොජනාව නිතිපති වරයා විසින් තරයේ ප්‍රතික්ක්‍ෂප කරන ලදි. හමුදාවද ජයගත් අයගේ පැත්ත ගන්නා ලදුව ,කරකියාගන්නට දෙයක් නොමැති මාරා නිල නිවසින් පිටවි යනලදි. මහත්මා දේශපාලනයක ලකුන !

    by Ajith P Perera on his FB

    ReplyDelete
    Replies
    1. හදිසි නිතිය පනවන්න මොන අලෙකටද බන් නීතිපතියි හමුදාවේ ලොක්කොයි, කෙප්ප කෙලින්න කලින් අං එනවද බලපන්. මේ අර සිරිකොතේ පර්ටිය ඉවරද? සරුවට තිබුනද ??

      Delete
    2. (9) වෙනිදා උදෑසන තම පිලේ ජයග්‍රහණය සැක හැර දැනගත් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා , ආරක්ෂක හමුදාවේ තම මිතුරු බ්‍රිගේඩියර් වරයෙකු ගේ සහය ලබාගෙන දියත් කිරීමට සැලසුම් කල කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ ආකාරය දැන් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ගෙන් පිටවී තිබේ .

      තමන්හට කල අඩත්තේට්ටම් වලට පලිගැනීම උදෙසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා (9) වෙනිදා උදෑසන 7 වන විට පැහැරගෙන යාමට හෝ ඝාතනය කිරීමට සැලසුම් කල මේ කුමන්ත්‍රණය උදෑසන 4 ට පමණ දැනගත් රනිල් වික්‍රම සිංහ මහතා වහා ඒ ගැන දුරකථනයෙන් ජනපති දැනුවත් කරන විටත් බුද්ධි අංශ මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුවත්ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය ආරක්ෂා ක්‍රියාමාර්ග සලසා තබා ගෙන ඇත.

      ඉන්පසු වහා ජනපති හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා , ඇතිව ඇති තත්වය හමුවේ ජනදිපතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට හෝ අන් කිසිවෙකුට හැකියාවක් නොමැති තත්වයක් යටතේ ස්වකිය ආරක්ෂාව පතා අරලියගහ මන්දිරයෙන් පිටව යනලෙස දැනුම්දු පසු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වහා එයින් නික්ම පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත හිමිදිරි උදෑසනම පිටව ගිය බව වාර්තා වේ.

      Delete
  11. Modi for India & Maithri for Sri Lanka. Both countries are blessed.
    Birds of a feather flock together.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා