නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය

අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන්නේ තාවකාලික පදනමකින් දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ය. එය කලින් අමාත්‍යංශවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා ය. දක්ෂකමට වඩා ජ්‍යේෂ්ඨත්වයට මුල් තැන දී ඇති බව පෙනේ. 

ජෝන් අමරතුංග වැනි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග ගනුදෙනු කරමින් සිටි වයෝවෘද්ධ චරිත ඊළඟ මහ මැතිවරණයෙන් පරාජය වී ඉවත් ව යන්නට ඉඩ තිබෙන බැවින් ඔවුන්ගේ සිත් සතුටු කර විශ්‍රාම ගන්වන්නට මෙම ඇමති තනතුරු පිරිනමා ඇති බව පෙනේ. ඔවුන් ඇමති තනතුරුවලට පෙරේත, නො ලැබුණොත් පලි ගහන පැරණි දේශපාලන සංස්කෘතියට අයිති නිසා ඔවුන් කළමනාකරණය කර ගන්නට ද අවශ්‍ය ය. එසේම, මෙම දින 100 තුළ පෙන්වන කාර්යසාධනය මත අනාගත ඇමතිවරුන් තීරණය වනු ඇත. 

අතුරලියේ රතන හිමි ඇමති තනතුරු එපා කීවාදැයි මම නො දනිමි. එහෙත් ඔහු ඇමති මණ්ඩලයේ සිටිය යුතු කෙනෙකි. 

අකිල විරාජ් කාරියවසම් වැනි නාමල් රාජපක්ෂගේ නම කියන්නට බියෙන් සිටි පුද්ගලයකුට අධ්‍යාපන ඇමතිකම වැනි අතිශය වැදගත් තනතුරක් භාර දී තිබේ. වී. රාධාක්‍රිෂ්ණන්ට අධ්‍යාපන රාජ්‍ය ඇමති තනතුර පැවරීමෙන් එය තුලනය වේ ද යන්න පැහැදිලි නැත. උසස් අධ්‍යාපන ඇමති ධුරය රජීව විජේසිංහට පැවරීම හොඳ ය. ඔහු කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු ය. 

කරු ජයසූරියට දී තිබෙන ඇමති තනතුර වන බුද්ධ ශාසන අමාත්‍යාංශය ඔහුට කැපිල්ලක් බව පැහැදිලිව පෙනේ. 

පසුගිය එජාප ආණ්ඩුව සමයේ සතොස විනාශ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටින රවි කරුණානායකට මුදල් ඇමතිකම දීම නරියාට කුකුළන් බාර දීමක් විය හැකි ය. 

සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති ධුරය භාර දී ඇති නන්දිමිත්‍ර ඒකනායකගේ කලා රසඥතාව ගැන සොයා බැලිය යුතු ය. 

‍ගොවි පවුලකින් පැවත එන ජනාධිපතිවරයකු ය‍ටතේ කෘෂිකර්ම ඇමතිවරයකු නැති වීම විස්මය ජනක ය. කෘෂිකර්ම විෂය ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරාට පැවරී තිබිය හැකි ය. එහෙත් වැවිලි කර්මාන්තය හා සම්බන්ධ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ද, රාජ්‍ය ඇමතිවරයෙක් ද සිටිති. 

ක්‍රීඩා විෂය භාර ඇමතිවරයකු නැතිකම කැපී පෙනෙන ලක්ෂණයකි. ලංකාවේ ක්‍රීඩාව පිරිහී ඇති වකවානුවක ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබිණි. 

කැබිනට් ඇමතිවරුන් 27දෙනා අතර කාන්තාවෝ දෙදෙනෙකි. සම්ප්‍රදායිකව බොහෝ විට කාන්තාවකට පැවරෙන වනිතා කටයුතු අමාත්‍යාංශය චන්ද්‍රානි බංඩාරට ද, කාන්තාවන් බහුතරයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය තලතා අතුකෝරළට ද භාර දී තිබේ. 

ඇමති මණ්ඩලයේ මුස්ලිම් තිදෙනෙක් සිටිති. ඉන් එක් අයෙක් උතුරු පළාත නියෝජනය කරයි. ඒ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ය. රාවුෆ් හකීම් නැගෙනහිර පළාත නියෝජනය කරයි. නැගෙනහිර පළාත නියෝජනය කරන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ද කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි. දෙමළ ජාතික සන්ධානය රජය සමග සම්බන්ධ නොවීම නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව කැබිනට් මණ්ඩලය තුළ හරි හැටි නියෝජනය වන්නේ නැත. 

එහෙත් කාන්තා කටයුතු භාර රාජ්‍ය ඇමතිනිය වන විජයකලා මහේෂ්වරන් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප මන්ත්‍රීවරියකි. 

මැතිවරණ දිස්ත්‍රික් නියෝජනය සැලකිල්ලට ගැනීමේදී මාතලේ, බදුල්ල, මඩකලපුව, පුත්තලම, යාපනය දිස්ත්‍රික්ක කැබිනට් මණ්ඩලය තුළ නියෝජනය වන බවක් නො පෙනිණි. 

කඳුරට දෙමළ ජාතිය නියෝජනය කරන පලනි දිගම්බරම් ද, ලාංකීය දෙමළ ප්‍රභූ සමාජය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී .එම්. ස්වාමිනාදන් ද කැබිනට් මණ්ඩලයේ සිටිති. තවත් කඳුරට දෙමළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන වී. රාධාක්‍රිෂ්ණන් හා කේ. වේලායුදන් රාජ්‍ය ඇමතිවරු ය. 

නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පුහුණු කරමින් සිටින එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, වසන්ත සේනානායක යන අය ජාතික දේශපාලනයේ කැපී පෙනුණු චරිත වන අතර ඔවුන් මීළඟ ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය. 

අලුත් කැබිනට් මණ්ඩලය මෙතැනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Why genaral Fonseka was not given a portfolio ?Any news ?

    ReplyDelete
    Replies
    1. He is not a Member of Parliament. Harin Fernando also has missed the train due to same reason.

      Delete
    2. 'අතුරලියේ රතන හිමි ඇමති තනතුරු එපා කීවාදැයි මම නො දනිමි. එහෙත් ඔහු ඇමති මණ්ඩලයේ සිටිය යුතු කෙනෙකි. '

      ඊයේ සිරස සටන වැඩසටහනට ආවේ රතන හිමි, රාජිත සෙනවිරත්න,ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් සහ විජිතමුණි.

      එතැනදී රතන හිමි කිව්වා කලින් ආණ්ඩු වලදීත් උන්වහන්සේ කැබිනට් එකේ හිටියේ නෑ. මේ සැරෙත් කැබිනට් එකට යන්නේ නෑ කියල. හැබැයි කැබිනට් මණ්ඩලයට වඩා ඉහලින් පිහිටවීමට නියමිත විධායක සභාව කියන එකට නං යනවා කිව්වා.

      පැරා වෙලාවක් තියෙනවා නං ඒක බලන්න. විශේෂයෙන් සුමන්තිරන් ගේ පැහැදිලි කිරීම බලන්න.


      මෙන්න ලින්ක් එකක්.

      Delete
    3. 1. Ranil
      2. Ravi
      3. Eran
      4. Premadasa
      5. Naveen
      6. Harsha
      7. Swaminathan
      8. Gayantha
      9. Mangala
      10. Rajeewa Wijesinghe
      11. Hakeem

      We thank JVPens and Former JVPens for making "our folks" Ministers!


      Floret!!!!

      Delete
    4. අහේතු කාලෙට කජ්ජේ එන පුහුලන්!, .......
      රනිල්ගෙන්, චන්ද්‍රිකාගෙන්, චම්පිකගෙන්, රාජිතගෙන් යහපාලනය සිඟා යන රැවුල් ඇති වම්මුන්!.....,
      පවු ඕයි මුන්!!.......,
      වැඩක් නැත්නම් බලමුද අර කලින් කියපු වැලවත් .........!!!!!!

      Delete
  2. Ravi wani kenekuta mudal amathi kama deemen karanna hadana yahapaalanaya kumak wiya hakida?? Mewani pubbaruwan danatama idiriyata dama ganimen mema rajaye ayushada itha keti bawa pahadil iwama penwa atha - mama. Eka

    ReplyDelete
  3. කැබිනට් මණ්ඩලයක් සියළු පළාත් නියෝජනය කරනවනම් හොඳයි කියන තර්කයට මම නම් එකඟ නැහැ. පළාත් නියෝජනය කරන්න පාර්ලිමේන්තුව තියනවා. කැබිනට් මණ්ඩලය තියෙන්නෙ මුළු රටටම බලපාන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටයි. ඒ කියන්නෙ විධායක ජනාධිපතිවරයා යටතේ තබාගෙන ඇති බලතල වලින් කොටසක් මණ්ඩලයක සාමාජිකයන් අතරේ බෙදී යාමෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී සාමූහික තීරණවලට එළඹීමට කැබිනට් මණ්ඩලයට පුළුවන් වෙන්නයි ඕනැකරන්නෙ.

    මේ වෙලාවෙදි ඇමති තනතුර දෙන්නෙ බැඳතබාගැනීමේ උපක්‍රමයකටත් එක්කලා වෙන්න ඕනෑ. අපි ඒක තේරුම් අරගෙන නිහඬව ඉන්නෙ, එක පාරටම සියල්ල පර්ෆෙක්ට් තත්වයට ගන්න බැරි බව දන්නා නිසයි.
    ජනාධිපතිවරයා ගොවි පවුලකින් පැවතෙන නිසා, කෘෂිකර්ම ඇමතිකම වෙන කාටවත් නොදී තමන් යටෙත් තියාගන්නවා කියා මට හිතෙනවා. කොහොමටත් මේ රට නැවත කෘෂි ආර්ථිකය කරා ගෙන යා යුතු බවක් ජනාධිපතිතුමා කියනවත්නෙ.

    වැඩිය අල පොරවල් දා ගන්නෙ නැතුව ඔහොම යං. දින සීය දිහා ඔක්කොටම වැඩිය උනන්දුවෙන් බලාගෙන ඉන්නවනෙ නිමල් සිරිපාලලා එහෙම.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ කෘෂිකර්ම ඇමැතිකම හිස්ව තියාගන්නෙ හේමකුමාර නානායක්කාර ආවාම දෙන්න. මේ තාවකාලික පත්වීම පමණයි. ගේම පටන් ගන්නෙ ජූනි මාසෙන් පස්සෙ.

      Delete
  4. කොහොම කොහොම හරි පන්ති විප්ලව ගන්කබරයො ටික රනිල්ගෙ ආර්ථික වැඩපිලිවලට හුරෙ දාන තත්වෙට පත් වෙච්ච එකනම් කියන්න බැරි තරම් සන්තොශයක් දැනෙන දෙයක්. රනිල් කියන්නෙ එසෙ මෙහෙ මොලයක් නොවන බව අපි කිව්වෙ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. මේක රනිල්ගේ මොලේ නෙමෙයි! පන්ති විප්ලව ගන්කබරයො ටිකගේ තියන දේශපාලන-කුහකකම

      Delete
    2. Capitalism as lifestyle ?
      නෑ නෑ ..
      බඩගෝස්තරවාදය as lifestyle

      Delete
    3. My last count says there are eleven Royalists in the cabinet!

      I think the JVP has been rehabilitated... now they love us!

      Floret.

      Delete
    4. @Sa rasa
      පවුල් පාලනය වෙනුවට ගජ මිතුරු පාලනය වගෙ නෙද දැන්? කෙසෙ උනත් ජවිපෙට නැවත ඔලුව උස්සන්න දෙන්න හොද නෑ. රනිල් මොඩ ජෙප්පොන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්න නායකයෙක්. ජෙප්පො ඔලුව ඉස්සුවොත් එතුමගෙ ආර්ථික සැලැස්ම බකල් ගහන්න පුලුවන්.

      Delete
    5. @AnonymousJanuary 13, 2015 at 1:46 PM

      අනිවා

      Delete
  5. ප්‍රතිපත්තිමය තීරණ සඳහා මහජන මත විමසා (පබ්ලික් කන්සල්ටේෂන්) කටයුතු කිරීමයි යහ පාලනය සඳහා වැදගත්.

    ReplyDelete
    Replies
    1. ආ මේ සිඩ්නි සළුවඩන මහතා ඇවිත් ඉන්නේ. මම හිතුව මයිත්‍රී පාලනය උදාවුණු සතුටට පපුව ඇල්ලුවද කියල!

      Delete
    2. අමුතුවෙන් පබ්ලික් කන්සල්ටේෂන් ඕනැ නැහැ. පැරාගේ බ්ලොග් එකේ කමෙන්ට් බැලුවාම තේරෙනවා පබ්ලික්ලා හිතන හැටි.

      Delete
  6. මෙන්න පැරාට, මාතලංට සහ රාජ්ට ස්වර්නමය අවස්ථාවක්!!!!

    පෝස්ට් පිට පෝස්ට් දැම්ම නේ මරාගෙයි උගෙ සෙට් එකෙයි වංචා දූෂන ගැන. අන්න චම්පික ඇමති තුමා විස්තර හොයනවා දඬුවම් දෙන්න. කරුනාකර තමන් දන්නා සියළු විස්තර එතුමාට බාර දීල, අපිටත් කියන්න.

    ReplyDelete
  7. "පසුගිය එජාප ආණ්ඩුව සමයේ සතොස විනාශ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටින රවි කරුණානායකට මුදල් ඇමතිකම දීම නරියාට කුකුළන් බාර දීමක් විය හැකි ය."

    විය හැකිය ... මොකද අනියමාර්ථයේ අසම්හවයක් ක්‍රියාවෙන් ලියල. දැන් දිනමිණ උප කතෘ කමවත් ගන්න ඕන නිසා තදට ලියන්නේ නැත්ද?

    ReplyDelete
  8. >>> ඔවුන් ඇමති තනතුරුවලට පෙරේත, නො ලැබුණොත් පලි ගහන පැරණි දේශපාලන සංස්කෘතියට අයිති නිසා ඔවුන් කළමනාකරණය කර ගන්නට ද අවශ්‍ය ය. <<<

    මේව මහින්ද කරනකොට නම් කිව්වෙ අකාර්යක්ෂම නාකි හම් වලට තනතුරු දීල අපේ සල්ලි කනව කියල නේද? ඒ කතාව හරියට හරි....... හැබැයි දැන් මොකද පැරෝ වෙනසක්? යහපාලනය යටතේ ඒකට කියන්නෙ "කලමනාකරනය" ද?

    මහින්ද පාක්ෂිකයො මහින්ද රැෂනලයිස් කරන කොට කිව්වේ ගොට්ටො, කඩේ යන්නො කියල නේද?

    රනිල්ගෙ ගල් කොල්ලා වීම ඇර අකිල විරාජ් ගෙ සුදුසු කමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවදෝ.......???

    ReplyDelete
  9. These portfolios are for 100 days only. Then there will be a general election and a new cabinet will be formed. Right now it is important to keep the unity and those who helped for this dramatic change need to be pleased.Therefore we can't expect a perfect cabinet. In general I would say it is a good cabinet.

    ReplyDelete
  10. For all justifying the voting patters of minorities in N&E... Cat is out of the Bag

    "Tamil Civil Society Forum (TCSF) Spokesman Guruparan Kumaravadivel commenting on the outcome of the Lankan Presidential poll to India's The Hindu newspaper, has stated since the people in the North are skeptical about the new the President, Maithripala Sirisena, delivering on Tamil demands, the Tamil vote was against Rajapaksa and not an endorsement of Maithripala Sirisena."

    ReplyDelete
  11. What is this post "State minister"?
    Is it above deputy minister?
    Is it Cabinet level?

    ReplyDelete
  12. කොහොමත් මේක දවස් 100 කට නේ.. ඒ නිසා සීරියස් ගන්න නරකයි.. ඒකාධිපතියෙක් ගෙදර යවපු එකම මදෑ.. දැන බලන්න ඕන ආයෙත් බලයට පත්වීම වලක්වන්න..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙන්ම පේනවා තොගේ තිබිල තියෙන්නේ රාජපක්ෂ ද්වේශය විතරක් කියල

      තොවගේ කාලකන්නියෙක් , මෝඩ මුසලයෙක්

      Delete
    2. මාතලන්ලා වගෙ ඊනියා බටලන්දෙ ප්‍රජාත්‍රන්තවාදීන් දන්නවා රනිල්ගෙ බෙදුම්වාදී න්යායපත්‍රය දිග අරින්නනම් රටෙ විපක්ශයක් නැති කරලා ඉන්න ඔනෙ කියලා. විපක්ශ නායකකමෙ ඇමරිකන් ගැත්තෙක් තියාගන්න ඔනෙ කියලා. ඒකයි ඔය මහින්දගෙ ප්‍රජාත්‍රන්ත්වාදී අයිතිය නැති කරලා චන්ද්‍රිකාට ශ්‍රීලනිපෙ නායකත්වය අරන් දෙන්න හදන්නෙ.

      මාතො රට පාවලා දෙන්න බටලන්දයොන්ට ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි පිලිගන්නවා. අපිට ඉල්ලන්න තියෙන්නෙ මෙ රටෙ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ සින්හල, දෙමල, මුස්ලිම් වීරයන්ගෙ නාමයෙන් උබලට වැසි නැති හෙණ ගහපල්ලා කියලා විතරයි.

      Delete
    3. විභාග පුද්ගලික සමාගම.January 13, 2015 at 10:31 AM

      2015 වසර මුල පරික්ෂනය.
      ----------------------------------
      කැමති නම් උත්තර සපයන්න.

      1. "රට පාවලා දෙනවා" අර්ථ දක්වන්න.
      2. 1948 පසු ශ්‍රිලංකාව , වෙනත් රටකට හෝ රටවල් කිහීපයකට ආර්ථිකව පාවා නොදුන් පාලකයින් කවුද ?
      3.1948 පසු ශ්‍රිලංකා‍වේ භූමිය, වෙනත් රටකට රිසිසේ භාවිතා කිරිමට අවකාශය ලබා දුන්නේ කුමන පාලන කාලයේදීද?
      4. ශ්‍රිලංකා‍වේ පුරාවිද්‍යා ස්ථාන,පන්සල්,දේවාල විනාශ කරමින් කෙෘතුක වස්තූන් වැඩියෙන්ම කොල්ල කෑවේ කුමන ජනාධිපතිවරයාගේ කාලයේද?
      5.දකුනේ ජනතාවගේ රත්තරං බැංකුවේ නම් උතුරේ ජනතාවගේ රත්තරං කොහෙද?
      6.රටක දේශපාලනයට කේන්දරේ බලපාන හැටි විග්‍රහකරන්න.
      7.පා.ම විමල් විරවංශ අපට වඩා දේශප්‍රේමී වන අකාරය රූප සටහනකින් විග්‍රහ කරන්න.

      *
      (උත්තර දුන්නත් නැතත් සියලු දෙනා 2015 මහ මැතිවරනයට සූදානම් වන්න.!)

      Delete
    4. රට විවිද විදියට පාවලා දෙන්න පුලුවන්. සිරිසෙන මෙහෙයුමෙ රට පාවලා දීමනම් වෙන්නෙ බෙදුම්වාදී කල්ලි වලට සහ බටහිර රටවල උවමනාව මත රටෙ ඒකීයභාවය නැති කර ෆෙඩරල් කිරීමයි. මෙය බොහො විට ජනමත විචාරනයකින් තොරව රනිල් රටෙ නායකයා උනා වගෙ පස්ස දොරෙන් කරනු ඇත. එහි මුල් පියවර ශිරානි බන්ඩාරනායක රටෙ අග විනිසුරු කිරීමයි.

      අපෙ රටෙ නීතිවිරොධී හමුදාවක් ලෙස ක්‍රියා කරපු බෙදුම්වාදී කොටින්ට ගිවිසුම් ගහලා මායිම් ලකුනු කරලා රට දුන්නු කාලෙ විමල් වගෙ බොහො මිනිසුන් ඒ වෙනුවෙන් නොබියව ඉදිරියට ආවා. ඉස්සරහටත් ඔවුන් බටහිර ගැත්තන් සහ ඉත්තන්ගෙ අවලාද වලින් නොසැලී ඒ භූමිකාව ඉටු කරනු ඇතැයි අපි සිතනවා.

      Delete
    5. අනේ ගොන් නාම්බෝ තොපිට ඔය පරණ රෙකෝඩ් කරකවලා ඇති වෙන්නෙම නැද්ද? ඒකීය ඒකීය ඒකීය... එච්චරම තමයි ගහ ගනිලා ඔය ඒකීය භාවය පුකේ. දැන් ඉන්නෙ තොපි වගේ ඒකීය මැට්ටො නෙවෙයි අලුතින් හිතන මිනිස්සු.

      Delete
    6. මහින්ද රාජපක්ෂ වැඩ දෙකක් කරලා තියෙනවා.

      1. මේ රටේ බෞද්ධ මූළධර්මවාදි ලේ පිපාසිතයින් පිරිසක් බිහි කිරීම

      2. මහින්දෝදය විජ්ජාගාර තුල, ටෙස්ට් ටියුබ් තුල බිහි කරණා ළඳ, මහින්ද චින්තන පරපුරක් බිහි කිරීම. මේ සඳහා ශුක්‍රාණු දායකත්වය "අපේ අප්පච්චිගෙනි". මොවුන්ට බුද්ධියක් නැත. විචාරයක් නොමැත. එකාධිපතිත්වයෙන් වියරු වැටි ඇත. මානසිකත්වය, වැඩවසම් මානසිකත්වයයි. දැක්ම, ගල් යුගයේය. පට්ට ගෝත්‍රිකයෝය

      Delete
    7. "ඒකීය භාවය" කියා මේ රටේ සිංහල ජාතිවාදීන් අදහස් කරන්නේ රටේ සියළු ජාතීන් සමගියෙන් එකම රටක ජීවත් වීම නෙවෙයි. සිංහල බහුතරය විසින් සුළුතරයන් පාලනය කිරීමේ ක්‍රයකුයි. ඒක බිඳෙන හැම විටෙකට ඒකීය භාවයට තර්ජනයක් කිය කියා ඔවුන් හැසිරෙන්නේ එනිසයි.

      Delete
    8. සිංහල ජාතිවාදී ලේ පිපාසිත බල්ලන්ට ඕන විදියට නටන්න දුන්න කාලය ඉවරයි. ගහගනියව් තොපේ ඒකීය රෙද්ද පුකේ

      Delete
  13. 'State Ministers' are not in the cabinet. Many names you mentioned in the article '..in the cabinet' are in fact out of it.

    Too bad for a political analyst.

    ReplyDelete
    Replies
    1. Show examples of our errors to correct them. We have not said the state ministers are cabinet ministers. ඇමති මණ්ඩලය is not the cabinet. It is the entire group of ministers.

      Delete
    2. /Show examples of our errors to correct them. We have not said the state ministers are cabinet ministers./

      පැරා සිංහලේ වගේ ඉංග්‍රීසියෙ මෙහෙම බහු වචනයෙන් කතා කරන සිරිතක් නැහැ. පහත සඳහන් පරිදි නිවැරදි විය යුතුයි.

      /Show examples of my errors to correct them. I have not said the state ministers are cabinet ministers./

      Delete
    3. eg:
      ...උසස් අධ්‍යාපන ඇමති ධුරය රජීව විජේසිංහට පැවරීම හොඳ ය. ඔහු කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු ය....

      .......රජය සමග සම්බන්ධ නොවීම නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව කැබිනට් මණ්ඩලය තුළ හරි හැටි නියෝජනය වන්නේ නැත. එහෙත් කාන්තා කටයුතු භාර රාජ්‍ය ඇමතිනිය වන විජයකලා මහේෂ්වරන් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප මන්ත්‍රීවරියකි.

      Delete
  14. අපේ මාරයා අයියා නම් මේ දවස් වල ඉන්නේ හොඳටම සාංකාවෙනි. බලු බෙට්ටක් දැක්කත් අපේ මාරයා අයියාට ආදරණීය මහින්ද අයියා මතක් වේ. මාරයා අයියා ඊයේ පාරේ බලු බෙටි තුනක් දැක පෙරළි පෙරළී ඇඬුවේය. මොකද කියා ඇසූ විට කිව්වේ අනේ බං මහින්ද අයියයි, ගෝටා අයියයි බැසිල් අයියයි මතක් වුණා කියලාය. කක්කුස්සියට යන යන සැරේට මහින්ද අයියා මතක් වෙන නිසා දැන් අපේ මාරයා අයියා බොග දාන්නේත් ලේන්සුවකින් ඇස් බැඳගෙනය.

    ReplyDelete
    Replies
    1. මාරයා අයියා සිය 40 ශ්‍රී ලොරියද, ඔහුගේ අනෙක් සියළු යාලුවන්ද බුකියෙන් හලා, රටින්ද අන්තරස්ධාන වී ඇත.

      මෙයට සෝකයට පත් කබ්බන් පෝස්ට් හලමින් නහයෙන් හඬමින් මාරයා අය්යා ගැන තැවෙයි.

      මේ අතර අපට වාර්ථා වන්නේ මාරයා අය්යා තමන් රිට්ඨාවක් සම්බන්ධ කරමින් කල තඩි අනාවැකියක් බොරු වීමේ ලැජ්ජාවට, සිංගප්පූරුවේ හොටෙලයක පිඟන් සේදීම සඳහා පලා ගොස් ඇති බවයි.

      - නීරස පුවත්

      Delete
    2. මාරයා දැන් ඉන්නෙ පිටරටක නේද? ලැබුණු පළවෙනි අවස්ථාවෙන්ම රට පනිනවා කියලා මෑන්ගෙ බ්ලොග් එකේ දාලා තිබ්බේ.

      පොර මෙහෙට වඩා දියුණු බටහිර රටක ටික කාලෙයක් ජීවත් වුනාම වත් ඔය ගෝත්‍රික ලක්ෂණ මග ඇරෙයිද දන්නෑ. මම කීවේබයියට වැඳුම් පිඳුම් කිරීම, හැම මගැලම ජාතිවාදී කෝණයෙන් බැලීමට ට්‍රයි කිරීම හා නොදන්න ජ්‍යොතිෂ ගොන් වැඩ කිරීම වාගෙ එව්වා...

      හැබැයි ඉතින් කතාවක් තියනවනේ “ බලු වලිගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ කියලා.

      Delete
    3. චතුෂ කුමාර කියන පුද්ගලයා රටින් පැණලා ගියා කියලා ඔහුම කියන්නෙ බොරුවක්. ඔහුගේ පෙම්වතිය නම් තවම වැඩ කරන බව දන්නවා. කොහොම වුණත් මේ පුද්ගලයාට බුකියේ ප්‍රචාරාත්මක කටයුතු කිරීම පිණිස රජයෙන් මුදල් ලැබුණාද සොයා බැලිය යුතුයි.

      Delete
    4. ලොරිය විකුණා පලාගොස් ඇත.....මාරයා නැවත කරලියට එන්නේ නවීන ලැම්බොගිනි කාරයකිනි...

      Delete
  15. “කරු ජයසූරියට දී තිබෙන ඇමති තනතුර වන බුද්ධ ශාසන අමාත්යාංීශය ඔහුට කැපිල්ලක් බව පැහැදිලිව පෙනේ’
    පැරා, හරිහැටි සොයන්නේ බලන්නේ නැතිව හදිසියට ලියන්න ගිහින් වැරදි නිගමන වලට එන්න එපා. කරූට බුද්ධ සාසන ඇමති කම සමග සහපාලනය සහ රාජ්ය පරිපාලන ඇමති කමත් ඇතුලත්. මේ රජයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය වූ යහ පාලනය ඇති කිරීම පවරා තිබෙන්නේ කරූට. ඔහුට කැපිල්ලක් නොවෙයි උඩට දැමීමක් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් බැලුව අපේ ඇමතිතුමා කවුද කියල. නැති තැන මම හිතුව රාජ්ය පරිපාලනය කියන එකත් ස්වදේශ කටයුතු යටතටම දාල කියල.

      ඔබ කියන ආකාරයේ සිද්දියක් නං තියෙන්නෙ ඇමති දූරය නම් කිරීම වැරදියි.
      ඒ වගේම රාජ්ය පරිපාලන සහ ස්වදේශ කටයුතු එකට තිබුනා නං හොඳයි

      Delete
    2. අප තොරතුරු ලබා ගත්, මෙම ලිපියේ ලින්ක් කර තිබෙන ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ නිල වෙබ් අඩවියේ නම් එහෙම එකක් නැත.

      Delete
    3. යකෝ මේ ලෝකෙ තියෙන එකම පිරිසිදු බෞද්ධ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය තමයි වැදගත්ම අමාත්‍යාංශය. අඩෝ අපේ බුද්ධාගමට කොචොක් දාන එවුන්ට මුගලන් හාමුදුරුවො දාල ගස්සනවා... තොපි අනාථපිණ්ඩික කරනවා බුද්ධාගමට අපහාස කළොත් හෙම...!

      Delete
    4. සිංහල ගෝත්‍රික හරක් ට බුද්ධ ශාසන අමාත්යංශය තමයි ලොකුම දේ.

      Delete
  16. පසුගිය එජාප ආණ්ඩුව සමයේ සතොස විනාශ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටින රවි කරුණානායකට මුදල් ඇමතිකම දීම නරියාට කුකුළන් බාර දීමක් විය හැකි ය.

    මම හිතන්නේ කරුණානායකට මේක ගැලපෙන්නේ නැති බව ඇත්ත වුනත්, ආර්ථික අමාත්‍යාංශයත්, ට්‍රෙෂරි එකත් කෙලින්ම හසුරුවන්නේ මෛත්‍රි සහ රනිල්. ට්‍රෙෂරි එකේ වැදගත්ම තනතුර අර්ජූන් මහේන්ද්‍රන් වගේ යම් පැහැදිලි සහ ධනාත්මක දැක්මක් තියෙන බුද්ධිමතෙකුට දීමෙන් ඒක පැහැදිලි වෙනවා.
    http://www.moneycontrol.com/news-topic/arjuna-mahendran/

    ReplyDelete
  17. මේ විජයකලා මහේෂ්වරන් කියන්නේ මැරුණ ටී මහේෂ්වරන්ගේ කව්රුහරිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා