මේ ප්‍රාණ මිතුදම් වී අලුත් - රැඳේවා අහසේ සිත් - auld lang syne (සුන්දර ඉංගිරිසි)

ඕල්ඩ් ලෑං සයින් කියන මේ ගීය තමයි ලෝකයේ ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේ. එය පැරණි ස්කොට් ගීයක්. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි 18වන සියවසේදී එය ප්‍රසිද්ධ කළේ.

මම මේ සටහන ලියන්නේ 2015 අවුරුද්ද උදා වෙලා හෝරා කීපයකට පසුවයි. අලුත් අවුරුද්ද උදා වූ පසුව මේ ගීය ගයා එකිනෙකාට සුබ පතා ගැනීමේ චාරිත්‍රයක් ඉංග්‍රීසි සංස්කෘතියේ තිබෙනවා.

ඒ අදහස හා තනුව අනුව යමින් ගීයක් නිර්මානය කරන්න මම උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න. ටියුබ් ඔස්සේ auld lang syne ලෙස සෙවීමක් කළ විට මේ ගීයට සවන් දෙන්න පුළුවන්.



මේ ගීය කොයි තරම් ප්‍රසිද්ධ වුණත්, ඇතැම් ස්කොට්ලන්ත ජාතිකයන් පවා එහි වචන හරියට දන්නේ නැහැ. එහි තිබෙන්නේ පැරණි ඉංග්‍රීසි ව්‍යවහාරයක්.

ඕල්ඩ් ලෑං සයින් කියන්නේ බොහෝ ඈත කාලයක සිට කියන අරුත දෙන යෙදුමක්. එහි පද වැල මෙහෙමයි. අපි මිතුදම් අමතක නො කළ යුත්තේ ඒ ඈත කාලයේ නාමයෙන් ය කියායි මෙහි අදහස් වන්නේ.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

CHORUS:
For auld lang syne, my dear,
for auld lang syne,
we'll take a cup of kindness yet,
for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.

මේ පදවැල ඇසුරින් සිංහලෙන් ගීයක් නිර්මානය කරන්නට මම වසර කීපයක‍ට පෙර උත්සාහ කළා. ‍මෙහි අරුතත්, තනුවත් හැකි තාක් දුරට ඉංග්‍රීසි ගීයට සමානව නිර්මානය කරන්නට මම උත්සාහ කළා.

මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්

CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
ඈත කාලෙ සෙයින්

ඉතින් අලුත් අවුරුද්දට මම ඔබට දෙන තෑග්ග තමයි මේ ගීය.

මේ ගීය ගැන තවත් රසවත් කතාවක් තිබෙනවා. මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කර තිබෙන්නේ මේ ගීයේ තනුව පාදක කරගෙනයි. එහි සංගීතය සංයෝජනය කළේ ශ්‍රී ලාංකික පන්ඩිත් අමරදේවයන් විසිනුයි.

දකුණු කොරියාවේ ජාතික ගීයේ සංගීතයේත් මේ ගීයේ ආභාසය තිබෙනවා.

වෝටර්ලූ බ්‍රිජ් නම් ඉංග්‍රීසි චිත්‍රපටයේ තේමා ගීතය මෙයයි.





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔසී ජාතික ගීයේත් මේ ස්කොටිෂ් ගීයේ තාලය ලාවට තියෙනවා!

    https://www.youtube.com/watch?v=wHuoWZxu4XU

    ReplyDelete
  2. හපොයි පැරා දැන් මේවා මෙතන දාලා නාස්ති කළාම 2016 ජනවාරි පළවැනිදා දිනමිණ පත්තරේ දාන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. සිංහලයට ඕන දෙයක් මතක සුමානයයි. 2016 දී මේවා රී යුස් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ
      - පැරා

      Delete
    2. මේ උත්තර දිලා තියෙන්නේ ඇනෝනිමස් කමෙන්ට් කරුවෙක්ද නැත්නම් ඇත්තටම පැරා ද මන්දා?

      මේ අද පෝස්ට් එක රී-සයිකල් එකක් තමයි.

      කාට අමතක වුනත් මට නම් ලේසියෙන් අමතක වෙන්නේ නෑ!

      http://www.w3lanka.com/2012/12/auld-lang-syne.html

      ඒ තියෙන්නේ 2014 දාපු පෝස්ට් එකයි!

      Delete
    3. හෆොයි, පැරාත් නිකම් නලින් ද සිල්වා වගේ වෙලානෙ. නලියාත් හැමදාම සිංහල අවුරුද්දට රී සයිකල් කරන්නෙ එකම ආටිකල් එක.

      Delete
  3. "Auld lang syne" තාලයට පැරා ගේ පදමාලාව ගායනා කරන්න උත්සාහ කළා. නිකං පල්ලියේ ගීතිකාවක් වගේ වෙනවා.

    මට හිතෙන විදියට ඒකට එක් හේතුවක් නම් ගීයේ බොහෝ පද අවසාන වෙන්නේ හල්-කිරීම් වලින් (අලුත්, සිත්, අලුත්, සෙයින්) නිසායි.

    ReplyDelete
    Replies
    1. පල්ලියේ ගීතිකා වල තියෙන වරද මොකද්ද?

      සරච්චන්ද්‍ර මාක් ඇන්ටනි ප්‍රන්නන්දු සිංහයාට තෝරා ගත්තා කියන්නෙත් පල්ලියේ ගීතිකා කියා පුරුද්ද තිබුණු නිසාලු.

      බඹරු ඇවිත් චිත්‍රපටයේ ගීත වලටත් පල්ලියේ ගීතිකා ආභාෂය ලැබී තියෙනවා.

      Delete
    2. ඉතින් මට මොකෝ
      - රසික

      Delete
  4. සුබ නව වසරක් වේවා පැරා!

    ReplyDelete
    Replies
    1. රාජයියාටත් අක්කාටත් මෛත්‍රි පාලනය උදාවීමෙන් පසුව බලාපොරොත්තු වන උසස්වීම් ලැබෙන වසරක් වේවායි පතමි.

      Delete
    2. 2015දිත් රාජකාරි වෙලාවේ සුර්වී ඊලග සතිඅන්තයේ අතිකාලයේ යෙදීමට හැකිවේවායි පතමි!

      තවත් එක බදු ගෙවන්නෙක් !

      Delete
  5. පැරා බේරා ගැනීමේ ජාතික සංවිධානයේ, ඇනෝ සංසදයේ කාරක සභික වන අපි , අනාගත දිනමිණ කර්තෘ සත් ගුණවත් පැරකුම් මැතිතුමාට ලැබුවා වූ සුභ නව වසරට සුභාසිංසන පුද කරනවා. නව මයිත්‍රී පාලනයක් යටතේ සියලුදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අනාගතයකට ආසිරි ...

    මෙය මුදල් ගෙවා පලකරන ලද දැන්වීමකි

    ReplyDelete
  6. ඕල්ඩ් ලෑන්ග් සයින් ගීතයේ තනුව, වාදනයක් ලෙස, ඒ ආකාරයෙන්ම, අදටත් ලෝකයේ බොහොමයක් හමුදා, තම පෙළපාලි වලදී භාවිත කරනවා. අපේ හමුදාවත් එලෙස භාවිත කරනවා. විශේෂයෙන් මේ වාදනය ඉදිරිපත් කරන්නේ, මූලික පුහුණුව ලබා විසිර යන නිලධාරීන් සහ සෙසු නිලයන් ගේ විරිරයාමේ පෙළපාලියේ අවසාන කොටසේදීයි. එය ඉතා සංවේදී අවස්ථාවක්.

    http://en.wikipedia.org/wiki/Auld_Lang_Syne

    https://www.youtube.com/watch?v=LlefB3uRZbE

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බොෂ් ඒක ෂංවේදී වෙන්නේ?

      Delete
  7. දැනුම එක් කලාට ස්තූතියි.. 9 වෙනිදට එකපාර සුභ පතන්නම්..

    ReplyDelete
    Replies
    1. 9වෙනිදට තුන්පාරක් ෂුබ පතන්ඩ ඕන ෂරිද?

      අද ෂුබ පතන්නේ නැතුව ඉටියට
      ඊටපෂ්ෂේ අපේ මෛත්‍රී බෝෂ් දින්නට
      ඊටත්පෂ්ෂේ අපේ පැරා බෝෂ් ලේක්අවුෂ් එකට ගියාට

      අමතක කරන්ඩ එහෙම එපා අරිද කල්‍යාණ බොෂ් .

      Delete
  8. නව වසර සඳහා වූ සුබ පැතුම් ජනවාරි 9 දක්වා කල් දමා ඇත.

    http://rasikalogy.blogspot.com/2015/01/my-new-year-started-nicely-how-about-you.html


    ReplyDelete
  9. මෛත්‍රිය පැතිරෙන, පුරවැසි බලය දින දින වැඩෙන සුබ නව වසරක් වේවා!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. දිමිත්‍රිට සුභ අලුත් අවුුරුද්දක් වේවා. වැඩිපුර දකින්න ලැබේවා.

      Delete
    2. රාජ් බොෂ්ටත් එෂේම වේවා !!

      Delete
    3. ඔබටත් එසේම වේවා රාජ්!

      වැඩිපුර දකින්න නැත්තේ ද?.. මේ දවස්වල ඉතින් ෆුල් ටයිම්....

      My3 වෙනුවෙන් Dimi3..! ;-)

      - Dimithri

      Delete
  10. පැරා ඇතුළු w3 lanka පාඨක ප්‍රජාවට සුභ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. දොස්තරලාට හැර අනෙක් සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      පැරා සහ රාජ් ප්‍රමුඛ නර්ස්ලාගේ හස්බන්ඩ් සංවිධානය

      Delete
  11. අනාගත දිනමිණ කතු අතිගරු අජිත් පැරකුම් ජයසිංහ උතුමාණන්ට සුභ නව වසරකට ආසිරි!!!

    -අනාගත දිනමිණ පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. පැරා ඇතුළු w3 lanka සියළුම පාඨකයන්ටත් සමස්ත බ්ලොග් කරුවන්ටත් සුභ නව වසරක් වේවා....

      බොහෝ සෙයින් රස විඳි ගීතයක්... අර්ථය ගැන එතරම් හිතුවේ නැහැ....
      ඉංග්‍රීසි ගීත හෝ වෙනත් භාෂාවක ගී රස විඳින්නන් බොහෝ විට ගීතයකට සවන්දෙන්නේ හෝ වශී වෙන්නේ තනුව පදනම් කරගෙන කියලයි මයේ හිතේ.....

      Delete
    2. බුවායියාටත් එසේම වේවා!!

      8 වෙනිදායින් පස්සේ බුවායියට මුකුත් පෝස්ට් එකක් ලැබෙන්නේ නැතෙයි?

      Delete
  12. සියලු පැතුමන් ඉටුවන සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා