අරාබි වසන්තය හා ලංකාවේ 2015 ජනාධිපතිවරණය

ලංකාවේ ඒකාධිපති දූෂිත පාලනය පලවා හැරීමේ අවශ්‍යතාව අද රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඒ වෙනුවෙන් ඉවහල් කර ගත හැකි මහජන රැල්ලක් ද රටේ නිර්මානය වී තිබේ.

පාලක මහින්ද රාජපක්ෂ රෙජිම නිරතුරුව කියන කරුණක් වන්නේ තමන් පලවා හැර ලංකාවේ රජය දුර්වල කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බවයි. ජනාධිපතිවරණයේදී තමන් පැරදවීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔහුට මේ ජනාධිපතිවරණය නියමිත කලට පෙර කැඳවා ගත්තේ තමන් ම බව අමතක වී තිබේ.

තමන්ට එරෙහිව අරාබි වසන්තයක් ඇති කිරීමට උත්සාහ කරන බව ද ඔහු පවසයි. ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි හා සිරියාවේ අසාද් වැනි කුප්‍රකට ඒකාධිපතියන් පලවා හැරීම ඔහු හඳුන්වන්නේ ශක්තිමත් පාලකයන් පලවා හැරීමේ බටහිර කුමන්ත්‍රණ ලෙසයි. ඔවුන් පලවා හැරීමෙන් පසු ඒ රටවල් අරාජික වී ඇති බව ද ආණ්ඩුව පවසයි. මෙය ඇත්තක් ද?

ඒ ගැන පිළිතුරක් දෙන්නට පළමු අරාබි වසන්තය ලෙස හඳුන්වන ක්‍රියාදාමය සිදු වූ රටවල ඇත්තෙන් ම සිදු වූ දේ කුමක් ද යන්න විමසා බලමු.

2010 ජුලි මස ටියුනීසියාවේ රැකියා විරහිත උපාධිධාරියකු ජීවත් වීම සඳහා එළවළු විකුණමින් සිටි කරත්තය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ගිනි තබාගෙන මිය ගියේ ය. මෙම සිද්ධියෙන් කුපිත වූ ටියුනීසියානු තරුණ පරපුර විසින් දියත් කරන ලද අරගලය අවසානයේදී ටියුනීසියානු ජනාධිපති බෙන් අලි රටින් පළා ගියේ ය. ස්විස් බැංකුවල තැන්පත් කර ඇති ජනතාවගෙන් සොරා ගන්නා ලද මුදල් ආපසු ඔහුට ලබා දීම ස්විට්සර්ලන්ත ආණ්ඩුව විසින් අත්හිටුවන ලදී.

ටියුනීසියාවේ එළවළු විකිණූ තරුණයා වැනි ම රැකියා විරහිත තරුණයකු 2011දී බහරේනයේ ගිනි තබාගෙන මිය යාමත් සමග බහරෙන්හි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂණ ඇරඹිණි.

2011 වසරේ ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල ආරම්භක වකවානුවේදී මෙවැනි සිදුවීමක් වාර්තා විය. හොස්නි මුබාරක්ගේ පාලනයට එරෙහිව පැන නැගුණු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු බලයෙන් පහ කරන ලදී. ඔහුගේ ද විදේශ වත්කම් ඔහුට ලබා දීම අත්හිටුවන ලදී. ඒ මහජනතාවගෙන් මංකොල්ල කන ලද ධනයයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද වෛරයට පාත්‍ර වී තිබෙන සමාජ මාධ්‍ය ඊජිප්තු අරගලයේදී දැවැන්ත දායකත්වයක් සැපයුවේ ය.

මේ හා සමාන්තරව ඉරානයේ, පශ්චාත් සදාම් හුසේන් ඉරාකයේ, ඊශ්‍රායලයේ, ජෝර්දානයේ, යෙමනයේ හා තවත් අරාබි හා අප්‍රිකානු රටවල ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ දියත් විය.

ලිබියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂණ කෲර ලෙස මර්දනය කළ ගඩාෆිට එරෙහිව දියත් වූ දිග්ගැසුණු කැරැල්ල දැවැන්ත යුද්ධයක් බවට පත් වූ අතර නේටෝ යුද හවුලේ රටවල උපකාරයෙන් කැරැලි හමුදා විසින් 2011 අවසානයේදී ගඩාෆිගේ රජය පෙරළා දමන ලදී.

සිරියාව දැවැන්ත වීදි උද්ඝෝෂණ සිදු වූ රටකි. අසාද්ගේ ආණ්ඩුව උද්ඝෝෂණ මර්දනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ඔස්සේ සිය දහස් ගණන් ජීවිත අහිමි විය. අද වන විට සිරියාව සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ලේ විලක් බවට පත් වී තිබේ. දැන් සිරියාවේ සිදු වී තිබෙන්නේ කුමක්දැයි ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයෝ අසති. සිරියාවේ සිදු වී ඇති පරිහාණියට වඩාත් ම වගකිවයුත්තා වන්නේ ලේ ගංගාවක් මැදින් හෝ තම බලය රැක ගන්නට සූදානම් ජනාධිපති බෂාර් අල් අසාද් ය.

අරාබි රටවල වසන්තය ගැන කතා කරන විට වසන්තයට පෙර පැවති දීර්ඝ කාලීන හේමන්තය අමතක කළ යුතු නැත. ඒකාධිපතීන්ගේ අත්තනෝමතික පාලනයන් තුළ ඒ රටවල ද යම් ආර්ථික සංවර්ධනයක් සිදු වූ මුත්, දීර්ඝකාලීනව ගත් කල රටවැසියන්ට මහත් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු විය.

නිදසුනක් ලෙස ඊජිප්තුව සැලකුවහොත්, 1960 දශකයේදී එරට හා දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයන් සමාන මට්ටමක තිබිණි. අඩ සියවසක ආඥාදායක පාලනයකින් පසු අද වන විට ඊජිප්තුව දකුණු කොරියාවට වඩා කෙතරම් පසුපසින් සිටින්නේ ද යත්, දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඊජිප්තුවේ මෙන් පස්ගුණයකි.

ආඥාදායකයාගේ හා ඔහුගේ සමීප ඥාති හා මිත්‍ර පිරිස්වල මෙහෙයවීමෙන් රාජ්‍යය දූෂණයේ හා වංචාවේ ගිලී ගිය අතර සමාජයේ සාමය හා සංහිඳියාව බිඳ වැටී දරුණු ගැටුම් පැන නැගිණි. ආර්ථික සහන හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල පැන නගින්නේ මෙම සංදර්භය තුළයි. ඒවාට ඒකාධිපතීන් සතුව තිබුණු විසඳුම මර්දනයයි. මර්දනයෙන් ප්‍රශ්න නො විසඳුණු අතර ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමට ද, රජයට එරෙහිව ප්‍රචණ්ඩ කැරැලි පැන නැගීමට ද හේතු විය. ගඩාෆි, මුබාරක්, අසාද් හා බෙන් අලි වැනි පාලකයෝ ජනතාවට එපා වී සිටි කෲර අඥාදායකයෝ ය.

මෙම රටවල ඇති වූ මහජන නැගිටීම්වල ප්‍රතිඵල ලෙස ආඥාදායක පාලකයන් බලයෙන් පහ කර ඇතත්, එපමණින් ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී නැති බව ඇත්තකි. එයට එක් හේතුවක් ලෙස මෙම රටවල ඇති ඉස්ලාම් ආගමික බලපෑම දක්වන්නට පුළුවන. ආඥාදායක පාලනයන්ගේ බිඳ වැටීමත් සමගමඅන්තවාදයන් ඉදිරියට පැමිණීම ද දක්නට ලැ‍බිණි. ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය නම් කෲර ත්‍රස්ත කණ්ඩාය‍ම මතු වන්නේ මෙම නැගිටීම්වලින් පසුවයි.

එහෙත්, ඉස්ලාම් ආගම ප්‍රජාතන්ත්‍රවාදය පිටුදකින එකක් ය කියන මතය සත්‍ය එකක් නො වේ. ඉන්දුනීසියාව හා මැෙල්සියාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයන් තිෙබන රටවල් ෙදකක්.
ඉන්දුනීසියාව ලොව වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටයි. එය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගාගෙන ඇත.

පසුගිය දිනවල ඉන්දුනීසියා‍වේ ජනාධිපතිවරණය පැවැත්විණි. ඉන්දුනීසියාවත් සුහර්තෝ, සුකර්ණෝ හා වාහිඩ් පවුල් පාලනයන් පැවති රටකි. පසුගියදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ජය ගත්තේ පවුල් පසුබිම්වලින් නොව කුසලතාවෙන් ඉදිරියට ආ පුද්ගලයෙකි. ඔහුගේ නම ජෝකෝ විල්ඩෝඩෝ හෙවත් ‍ජොකොවි ය. ජොකොවි ඉතා දිළිඳු පැල්පත් සමාජයකින් පැවත එන කෙනෙකි. ඔහු අතින් පරාජය වුණේ හිටපු ජනාධිපති සුහර්තෝ‍ගේ දියණියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රබෝවෝ සුබියැන‍්ටෝයි. ඔහු හිටපු හමුදා ජනරාල්වරයෙකි.

ඊජිප්තුවේ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු මැතිවරණයකින් බලයට පත් මුස්ලිම් සහෝදරත්වය ද හොස්නි මුබාරක් සේ ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකි උපරිම අවමන් කළේ ය. අවසානයේ මැතිවරණයකින් බලයට පත් මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ජනාධිපති මුහම්මඩ් මෝර්සිව කෙටි කලකට පසු හමුදාව විසින් ඉවත් කරන්නේ වීදි බට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහයෝගය මධ්‍යයේයි.

ආඥාදායකත්වයක් විසින් සමාජය මත ඇති කරනු ලබන බලපෑම අතිශය ගැඹුරු ය. එය පැරදවූ සැණින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නො වන්නේ එහෙයිනි. ඒකාධිපති පාලකයන් බලයෙන් පහ කරන්නට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම වෙනුවෙන් ද දැවැන්ත අරගලයක් කරන්නට සිදු වේ. ‍එහෙයින් අරාබි වසන්තයේ සුළං පහරට හසු වූ රටවල් අසාර්ථක වී ඇතැයි කරන තර්කය සාධාරණ නැත.

අරාබි වසන්තයේ සුළං හමා එන මුල් අවධියේදී ම කුවේට්, මො‍‍රොක්කෝ, ජෝර්දාන් වැනි රටවල් තත්වය පාලනය කර ගත්තේ ඒ රටවල පැවති රාජාණ්ඩු තුළ ම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කිරීමෙනි.

අරාබි වසන්‍තයේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් ඇතැමෙක් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ යට‍තේ හා චීනයේ ඩෙන් ෂියාඕ පිං යටතේ පැවති නවීන ඒකාධිපති පාලනයන් ‍මෙවැනි රටවලට වඩා යෝග්‍ය ක්‍රම ලෙස යෝජනා කරති. මන්ද, මෙම පාලනයන් යටතේ නීතියේ දැඩි පාලනයක් තුළ ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නට සිංගප්පූරුව හා චිනය සමත් විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එවැනි ආකෘතියක් අනුගමනය කිරීමට බැරි ඔහු සමීප වන්නේ ලිබියාවේ ගඩාෆිගේ පන්නයේ දූෂිත, විකාරරූපී ආඥාදායකත්වයකට මිස, දැඩි ලෙස නීති ක්‍රියාත්මක කළ, දූෂණය පාලනය කළ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පන්නයේ පාලනයකට නො වන නිසා ය.

මහින්ද රාජපක්ෂට එරෙහිව ලංකාවේ පැන නැගී තිබෙන මහජන රැල්ල එක්තරා ආකාරයකට අරාබි වසන්තය වැන්නකි. එහෙත්, මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව අරාබියේ මෙන් වීදි උද්ඝෝෂණවලට පැමිණියේ නැත. එය මේ රටේ ජනතාවගේ දුර්වලකමක් ලෙස සැලකීම මුග්ධකමකි. ප්‍රචණ්ඩත්වයෙන් දරුණු ලෙස බැට කා පදම් වී තිබෙන ලාංකීය ජනතාව නිසි අවස්ථාව උදා වන තෙක් ඉවසිලිවන්තව බලා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් කැඩී විපක්ෂයේ පොදු අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් වන්නට පසුබිම් වන සිද්ධි දාමය ජනතාවගේ මේ ඉවසිලිවන්තකමේ සන්ධිස්ථානයකි.

ලංකාව ආසියාවේ පැරණි ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකිය හැකි ය. අපට සර්වජන ඡන්ද බලය හා රාජ්‍ය සභාවක් ලැබුණේ 1931 තරම් ඈත යුගයක ය. යම් යම් පුද්ගලයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දමා රාජාණ්ඩු පිහිටුවීමේ ආසාවන් ඇතත්, ලංකාවේ බුද්ධිමත් ජනයා තුළ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තිබෙන ගරුත්වය එයට බාධාවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Agreed 75%. It's not the patience of Sri Lankans that marked time until the opportune moment. The backwardness of the nation coupled with servile attitudes as subjects and acceptance of kingship as the leadership contributed 25% for the silence.

    ReplyDelete
  2. ඇත්තටම මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේ , මහින්ද මාමා විසින් ආරම්බකර ක්‍රියාත්මක කරන ලද අසාර්ථක කුමන්ත්‍රණයක් , ලංකාවේ දැනට පැරණි ක්‍රමයට ඉතුරුවී තිබෙන එකම මැතිවරණයත් මේකයි. මනාප නැහැ එකම ආසනයයි , ප්‍රබල අපේක්ෂකයෝ දෙන්නයි , අර මනාප ක්‍රමයට පවත්වන මැතිවරණ කැලි ක්‍රමයට පවත්වා පුර්ණ රාජ්‍යය බලය යොදා ජය ගත්තාට මෙය එහෙම වෙන්නේ නැහැ , බලයේ සිටින අපේක්‍ෂකයාම ඉදිරිපත් වෙනවානම් ඔහු බලයේ සිටිය කාලයේදී ක්‍රියාකළ , හැසිරුණ ආකාරය ඔහුගේ තෝරාගැනීමට බලපානවා ,
    මහින්දට දැන් පාරේ ළමයි මාමේ කියනවා , ඔහු ළමුන් වඩා ගන්නවා , ආරක්ෂකයෝ ඉඩ දෙනවා , මේ තව රටේ තිබෙනවාද , යුද්දය ඉවරයි නමුත් නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් පාරේ ගියත් වාහන පෝලිමක් යනවා , මිනිසුන් කීදෙනෙක් යටකර මරා දැමුවාද ? ආසන්නම එක සල්මන් කාන් ,
    දෙසපාලකයෝ හැදෙන්නනම් පැරණි මැතිවරණ ක්‍රමය ඉක්මනින්ම ගෙන ආ යුතුයි .
    ජනාධි පති වරණයත් මනාප ක්‍රමයට තිබුනානම් මහින්දට දිනන්න තිබුනා දිස්ත්‍රික් 25 ටම අපේක්ෂකයෝ පක්ෂයකින් 25 ක් විතර දාල මනාප බැලුවානම් , වැඩියෙන් වියදම් කරන කෙනාටනෙ වැඩි මනාප .

    ReplyDelete
    Replies
    1. සලමන් කාන්January 4, 2015 at 9:51 PM

      ෂාරුක් කාන්ට ජය වේවා !

      Delete
    2. රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 09ක් වෙනවා. එහෙත් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළේ නැහැ. පුරවැසිභාවය අලූත්කරගන්න ඇමරිකාවට දුවනවා. මේ අය කරන්නේ කොන්ත‍්‍රාත් එකක්. ඒ කොන්ත‍්‍රාත් එකෙන් හම්බවෙන සල්ලි පාවිච්චි කරලා ඇමරිකාවෙන් දේපල ගන්නවා. ඒ අයගේ මව්බිම ඇමරිකාවයි. ඒ නිසා රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය මේ අයට ඕනෑ.’ යැයි අද (04) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළේය.

      Delete
  3. අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ මැද පෙරදිගද?
    අනික එහෙම තත්වයක් එන්න, මේ රටේ ඉන්න පාලකයා හා පවුල, බෙන් අලී වගේද, සදාම් හුසේන් වගේද, හොස්නි මුබාරක් වගේද, මුවම්මර් ගඩාෆී වගේද, බසාර් අල් අසාද් වගේද?
    අරාබි වසන්තේ එන්න කලින් වෙනස් උන් පාලනයන් තියෙන රටවල් ගැන මොහාන් සමරනායකලා, දයාන් ජයතිලකලා දන්නෙම නැද්ද?
    එහෙම දන්නේ නැත්නම් පැරාගේ මේ ළිපිය වගේම නාලක ගුණවර්ධණ මේ සතියේ රාවයට ලියපු ලිපිය කියවනවද?
    කුමන්ත්‍රණ කරලා මේ රටේ අල්ල ගන්න තියෙන්නේ ලබ්බද?
    අනික එහෙම කරන්න ඕන නම්, මෙලහකට කරලා ඉවරයි නේද?
    චීනට යටත් වෙලා ඉන්න එක යටත්වීමක්, දීන කමක් නෙමෙයිද?
    ඇමරිකාව ඔය තරම් හතුරෙක් නම්, ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ අහවල් එහෙකටද?
    සෝමාවතිය ළඟ හා පැලවත්තේ අක්කර අට දාහක්, ඇමරිකානු ඩෝරා සමාගමට දෙන්නේ, චීනය හරහාද?
    ඇමරිකන් ගැති ඊශ්‍රායලයට හම්බන්තොට වෝටර් ප්‍රොජෙක්ට් දෙන්නේ චීනය හරහාද?
    එහෙම් බලපෑම් තියෙන තානාපති කාර්යාල තියෙනවා නම් ඒ තානාපතිවරු රටින් පිටුවහල් නොකරන්නේ මන්ද?
    යුධ අපරාද නොකරානම් විදුලි පුටුවලට බය වෙන්නේ කුමකටද?
    විදුලි පුටුවේ තබා මරණයට පත් කරන රට කුමක්ද?
    එසේ විදුලි පුටුවේ ඉන්දූ රාජ‍ය නායකයින්, හමුදා නිළධාරීන් කවුද?
    විදේශ අමාත්‍යංශයට පත්වීම් කරන්නේ ඩයස්පෝරාවෙන්ද?
    කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පී ලාට රණවිරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ ඩයස්පෝරාවට බයේද?
    යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම ගැන වගේ වගක් නැත්තේ මන්ද?
    අපේ රටේ නියම හතුරා හඳුනා ගැනීමේ බුද්ධි අංශයක් නැද්ද?
    සිවිල් පුරවැසියන් මොහොතින් කොටි වන්නේත්, ජනාධිපති තුමා ඝාතනය කිරීමට තැත් කළ උන් දේශප්‍රේමීන් වන්නේත් කෙසේද?
    මේ කියනා විදියට ලංකාවේ කොටි තවමත් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවාද?
    උන් රටේ කෑලි තවමත් ඉල්ලනවාද?
    එසේ නම් උන් අත් අඩංගුවට නොගන්නේ මන්ද?
    ආන්ඩුවට එක්වූ විට උන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?
    මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. ගොනෙක් වගේ තපුල්ලන්නේ නැතුව හිටපං බං

      Delete
    2. Be cool මා.

      Delete
    3. Maathalan aiye oya tikama dala post ekak publish karannako

      Delete
  4. අද පෝය දවසේ සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මට අසභ්‍ය ක්‍රියාකාරකමක් කරලා ගියා. මං දැන් මොකෝ කරන්නේ? අජිත් පෑකුම් ජාසිංහ මහතාට එවැනි දෙයක් උනාම ගන්නා පියවර මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පැන පැන දෙන අයෙක්January 4, 2015 at 2:57 PM

      එතුමා මුලින්ම, පෘතක්ජන අපටත් අසභ්‍ය ක්‍රියාකාරකමක් කරවා ගැනිමට හැකි තැන හා වේලාව ආදී සියලු විස්තර w3lanka හි මළපැන්න භෂාවකින් දන්වා සිටියි.

      Delete
  5. ආසන්නතම පළාත් සභා මැතිවරණයේදී දිවයිනේ වලංගු ඡන්ද ප්‍රමාණය වැඩිම දිස්ත්‍රික්ක එකොළහේ මුළු ඡන්ද සංඛ්‍යාව හා රජය ලද ඡන්ද ප්‍රතිශතයන් පහත දැක්වේ.

    1. ගම්පහ - මිලියන 1.6 ප්‍රතිශතය 58%
    2. කොළඹ - මිලියන 1.5 ප්‍රතිශතය 45%
    3. කුරුණෑගල - මිලියන 1.2 ප්‍රතිශතය 69%
    4. මහනුවර - මිලියන 1.0 ප්‍රතිශතය 69%
    5. ගාල්ල - මිලියන 0.8 ප්‍රතිශතය 58%
    6. කළුතර - මිලියන 0.8 ප්‍රතිශතය 59%
    7. රත්නපුර - මිලියන 0.75 ප්‍රතිශතය 60%
    8. අනුරාධපුර - මිලියන 0.6 ප්‍රතිශතය 63%
    9. කෑගල්ල - මිලියන 0.6 ප්‍රතිශතය 58%
    10. බදුල්ල - මිලියන 0.6 ප්‍රතිශතය 47%
    11. මාතර - මිලියන 0.6 ප්‍රතිශතය 60%

    ඉතිරි දිස්ත්‍රික්ක වල ඡන්ද සංඛ්‍යාව මිලියන 0.6 ට අඩුය.

    මෙයින් රජයට 50% ට වඩා අඩුවෙන් ලැබී ඇත්තේ කොළඹ හා බදුල්ල පමණය. ඉතිරි සියල්ලේ 58% ට වඩා වැඩියෙන් ලැබී තිබේ. 60% ට වඩා ලද දිස්ත්‍රික්ක ගණන පහකි.

    බදුල්ල කෙසේ වෙතත් කොළඹ පසුබෑම තීරණාත්මකය. නමුත් එසේම මහනුවර මීට වඩා කඩා වැටීමක් විය හැකිය. අනුරාධපුර ඡන්දත් අඩු වීමට ඉඩ තිබේ. නමුත් මේ සියල්ල හම්පහ, කුරුණෑගල, ගාල්ල හා රත්නපුර වැඩි ඡන්ද වලින් බැලන්ස් කළ හැකිය. (රජය ජනාධිපතිවරණයේදී ලබන ඡන්ද සංඛ්‍යාව පළාත් සභා වලදී ලැබුවාට 5-10% පමණ අඩුය උපකල්පනය කළත්.)

    සුළු ජාතික ජනගහණය වැඩි දිස්ත්‍රික්ක ගණනාවක් විපක්ෂයට වාසිදායකය. නමුත් මේවායේ මුළු ඡන්ද සංඛ්‍යාව අඩු නිසා ලොකු බලපෑමක් එල්ල නොවේ.

    මේ තත්වය යටතේ මෛත්‍රිපාල සිරිසේන මහතා නියත ලෙස දිනන බව කියන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. Owa dala Parakumge athal kadanda epa ban. unge Face book president 08 wenidha wenakam President karamu. uba owa dala Parakumge Joka themanda epa. uge athal thawa dawas deka thunak ganda demu...... U hithan inne uge me labbe Blog eka raten bagayak ewath kiyawanawa kiyala. eth u thama dan na Shinhala minissunge Jana Manasa wada karanne kohomada kiyala. meka niyameta danna kena Mahinda. ekai miniha hari unath waradi unath elaga parath dinanne. Arabi wasantha apu hama ratakama Chanda thibbe na. ape rate onawatath wadiya Chanda thiyanawa.... me gobbayata eka theren na.....

      Delete
    2. මෙම පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග 44%ක් ඡන්ද ලබා ගත් හ. ජාතික හෙළ උරුමය, රජයෙන් කැඩී ආ දෙමළ හා මුස්ලිම් පක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සමග කැඩී ආ ආණ්ඩු පක්ෂයේ පිරිස්වලට 6%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් පහසුවෙන් ලබා ගත හැකි ය. මෛත්‍රීපාල 50% ඉක්මවා ඡන්ද ලබා ගන්නේ එසේ ය.

      Delete
    3. පැරා කරුණාකරලා පෝස්ට් එකක් ලියන්න 40ශ්‍රී ලොරි රියදුරු මහතා විසින් ගන්නා ලද ඓතිහාසික බරපතල දේශපාලන තීන්දුව රටේ අනාගතය කෙසේ බලපායිද කියලා....

      නංගි කෙනෙක් රායප්පුවා ගැන විස්තරත් ඇහුවළු...ටයි පොල්ල දාපු ගමන් ස්පොර්ට්ස් කාර් තමා පස්සෙන් එන්නෙ...

      Delete
    4. අනේ පල අභීත යන්න. උඹ චම්පිකට ලියුමක් ලිව්වෙ කවුරු කියල හිතලද? උඹ ලිව්වොත් ඔන්න සුධර්මන් වගේ එකෙක් ටිකක් සලකල බලයි.

      Delete
    5. අපි නොදන්න ඡන්ද ප්‍රතිශතJanuary 4, 2015 at 2:03 PM

      පූර්ණ රාජ්‍ය බලය යොදා කඩින් කඩ පවැත්වු, පලාත් සභා මැතිවරණ ප්‍රතිපලය සමග ශ්‍රිිිලනිප දෙකඩ වී, ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරනයේ ජන්ද ප්‍රතිපල සමාන කිරීම පුකෙන් සිනහා වීම ද අපහසු මෙව්වා එකකී .

      "කැලණියේ ක.රෝ.ල පියදාසගේ මැතිවරන ප්‍රතිපල සමික්ෂන වර්තා වගේ" කියලා ප්‍රස්ථා පිරුලකුත් තියෙන්නේ අයිබෝං මේව්වට තමයි.

      Delete
    6. https://www.facebook.com/photo.php?fbid=10205833100892629&set=a.4530828274700.2187703.1410804901&type=1&theater

      පැරා ඔන්න මම හැදුව ඇනලයිස් එක අන්තිම පළාත් සභා චන්දෙ, එක්සත් ජනතා සංධානය අරන් තියෙන්නෙ 54% අනිත් සියළුම පක්ශ අරන තියෙනව 46%ක්. මෛත්‍රිටයි ආණ්ඩුවෙන් ආපු අනිත් අයටයි අමතරව ගන්න තියෙන්නෙ 4%ක්. අනිකුත් දේශපාලනික කාරණා පැත්තකින් තිබ්බත් තව 4%ක් ආණ්ඩුවෙන් අඩු උනොත් මහින්ද පරාදයි.

      Delete
    7. /මෙම පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවට විරුද්ධ බලවේග 44%ක් ඡන්ද ලබා ගත් හ. ජාතික හෙළ උරුමය, රජයෙන් කැඩී ආ දෙමළ හා මුස්ලිම් පක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සමග කැඩී ආ ආණ්ඩු පක්ෂයේ පිරිස්වලට 6%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් පහසුවෙන් ලබා ගත හැකි ය. /

      දැන් පැරාගෙ මේ තර්කෙ ගනිමුකො.

      1. ජාතික හෙළ උරුමයට කියලා ඡන්ද පදනමක් නැහැ. ආණ්ඩුවට දෙන ඡන්ද වලින්ම වඩා ජාතිවාදී පිරිස චම්පිකට මනාපයක් දෙනවා. හෙළ උරුමයට සම්ප්‍රදායිකව ඡන්දෙ දෙන මිනිස්සු වැඩි පිරිසක් කොහොමත් හකීම්ලා සම්බන්දන්ලා එක්ක ඉන්න කෙනෙකුට ඡන්දෙ දෙන්න නෑ. අනෙක් අතට හෙළ උරුමය පැහැදිළිව දෙකඩ වෙලා. චම්පික හා රතන දෙන්නා වැඩිම උනොත් 50,000 ක් කඩයි. ඒත් අමාරුවෙන්.

      2. මුස්ලිම් පක්ෂ කවුන්ට් කරන්න බැහැ මොකද වාසි බොහෝ තැන්වල ඒ ගොල්ල වෙනම තරග කරලා තියෙන්නෙ. ඒ ඡන්ද ප්‍රතිශතය කොහොමත් ආණ්ඩුවේ ගාණ ඇතුළේ නැහැ. එකට තරග කරපු තැන් අල්ලන්න 100,000 තියමුකො.

      3. දෙමළ පක්ෂ වලට තව 50,000 තියමු.

      4. මෛත්‍රිපාල ගේන්නෙ මොන ඡන්දද පැරා? පොළොන්නරුවෙ මිනිස්සු කොහොමටත් ඔය පවුල ගැන දන්නවා. ඔය කැඩිලා ආපු අයගෙන් යන්තම් හරි පදනමක් තියෙන්නෙ දුමින්ද දිසානායකටයි හිරුණිකාටයි. පැරා කියන නිසා ඒ අයටත් ඔන්න 100,000 තිබ්බා.

      මෙහෙම කන්සර්වේටිව් තියලත් ලක්ෂ තුනයි. තව ලක්ෂයක් මදි නේද පැරා? ඒක ගේන්නෙ හඳෙන්ද?

      Delete
  6. හොඳ ලමයි වගේ අට වෙනිදට මහින්ද මාමට චන්දෙ දාල ඔනේ වසන්තයක් කරගන්න....

    ReplyDelete
    Replies
    1. නෑ... හොඳ ළමයි ඡන්දය දාන්නේ මෛත්‍රීපාල මාමාට.

      Delete
    2. මොන පිස්සුද හිටං?
      අපි හැමෝම චන්දෙ දෙන්නේ මහින්ද මාමට...

      Delete
    3. @ස රස අයියේ, "අපි හැමෝම" කිව්වේ ඔයාගේ ගෙදර කට්ටිය වෙන්න ඇති. ඒත් අයියේ රටේ කට්ටියගෙන් 64%ක් ම ඡන්දය දෙන්නේ මෛත්‍රීපාල මාමාට... හොඳේ...

      Delete
  7. //ටියුනීසියාවේ එළවළු විකිණූ තරුණයා වැනි ම රැකියා විරහිත තරුණයකු 2011දී බහරේනයේ ගිනි තබාගෙන මිය යාමත් සමග බහරෙන්හි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂණ ඇරඹිණි.//

    මේක වැරදියි පැරා. මම මේ රටේ කාලයක් ජීවත්වෙන වැසියෙ විදිහට දන්නව, මෙහෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී යහපාළනයක් වෙනුවට ඉරානයේ බලපෑම සහිත ෂියා සුන්නි ආගමික ගැටුමක්. මොකද මේ ආන්ඩුවට විරුද්ධව ගේම ඉල්ලන්නෙ සුන්නි සුළුතරය නෙමෙයි, ෂියා බහුතරය විතරයි, හේතුව ඔවුන්ටත් තෙල් සල්ලි වලින් සැපගන්න.

    මේකෙ ආර්ම්භය 1998 වගේ පරණයි. ඒ කාලෙ ඇතිවෙච්චි ගැටුම් වල ප්‍රථිඵලයක් විදිහට මෙහෙට පාර්ලිමේන්තුවක් හඳුනවල දීල මේක "එමීර් කෙනෙක්" වෙනුවට "රාජාන්ඩුවක්" හඳුවල දුන්න. ඒ ගැටුම්වලදි මැරුණ අය හැම දෙසැම්බර් 16 සිට ජනවාරි මාසෙ අෂූර උත්සවය වෙනකල් සැමරෙනව. ඒ කාලෙ ප්‍රච්නඩ ක්‍රිය, ගෑස් සිලින්ඩර් පිපිරවීම් වගේ දේ කරල රජයට විරෝධය දක්වන එක 2011 කලිනුත් තිබ්බ. 2011දි උනේ ඊජිප්තු තහීර් ස්කොයා රටවල රැල්ලට මෙහෙත් පර්ල් වටරවුමෙ ඇවිත් වාඩිවෙලා රජය පෙරළන්න උද්ඝෝෂන අලුතෙන් ඇරඹීම. ඒ සියල්ල කලේ ෂියා මුස්ලිම් ජන කොටස. සුන්නි මුස්ලිම් වරුන්ට සහ විදේශික අහිංසක ශ්‍රමිකයන්ට පහරදෙන තරමට ඒක දුර දිග ගියා.

    ReplyDelete
    Replies
    1. ඔය බහරේනයේ ගැටුම් ඇති උනේ වෙන කිසිවක් නිසා නොවේ. ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු ගිහිං ඒ රටේ ලැගන් ඉන්න හින්දයි ඒක ඇති උනේ. මොකද උපශාන්තගේ කේන්දරය හරිම මුස්පේන්තුයි. ඒක උපශාන්ත ඉන්න රටටත් බලපානවා.

      උදාහරණයක්‌ විදියට උපශාන්ත මෙහෙ හිටපු වෙලේ සුනාමිය ආවා. උපශාන්ත හිටපු හෝටලේ වහන්න උනා. ඊළගට ඇමරිකාවේ යන්න හිටියම එහෙ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට ගැහැව්වා.

      ඒ විතරක් යැයි අර මහා උතුම් මුනිවරයෙක්,මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන්කෙනෙකුන් වගේ ඉන්න අභීත එදිරිසිංහ මැතිදුන්ට එල්ල කරපු අසත්‍ය චෝදනා.

      දැන් ඉතිං උපශාන්ත බහරේනයේ ඉන්න නිසා එහෙත් ගැටුම්.

      Delete
    2. හෙහ්...හෙහ්...පට්ටයි මචෝ!

      Delete
  8. ජනාධිපතිවරණයක් දුන්නේ සුමනදාස ගණන් හදල කියපු හින්දලු. ඒ කියන්නේ සුමනදාස ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ ලන්කාවේ ඒජන්ට් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි !
      සුමනදාස කට්ටඩියා තමයි රියල් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයා.
      වාචාල දේශහිතයිසියොයි, මොංගල් බලසේනා කාරයොයි තමයි මේ ආන්ඩුව නැත්තටම නැතිකෙරුවේ.දැන් ඉතින් සියල්ල හමාරයි.
      ජනබලයට වඩා මිත්‍යාවන්ට ගොදුරු වු කාටත් හොඳ පාඩමක්.

      ගුඩ්බායි මහින්ද !

      Delete
  9. මරා ඒකාධිපතියෙක් වෙන්න ගියොත් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ලැස්ති කරලයි තියෙනේ. බය වෙන්න එපා.

    ReplyDelete
  10. 9වෙනිදට කැවුම් කිරිබත් උයල,ලැස්ති වෙන්න දෙවෙනි ප්‍රභාකරන්වත් එලව ගත්ත කියල!!!

    ReplyDelete
    Replies
    1. අන්න මර්වින් අහකට පැනල.

      http://www.lankadeepa.lk/index.php/top_story/287482

      Delete
    2. නිවුස් පස්January 4, 2015 at 3:23 PM

      රේගුවටද වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ දාහක රේසිං කාර්
      2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 14:48

      කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.

      භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.

      ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin - 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady - 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500 CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.

      එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.

      කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.

      පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

      01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)

      02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)

      03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)

      04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)

      (උපුටා ගැනීම - http://www.lankatruth.com)

      -----------




      Friday, January 2, 2015
      සුපිරි රේසිං කාර් හොරෙන්ම රට පටවති...!!!

      අපේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලකා සුුපිරි ජීවිත ගත කරන මහි්න්දගේ පුතුන් අතර ඔටුන්න හිමි කුමාරයා ලෙසින් උන්ගේම බත් බැලයන් නම් තබා ඇති නාමල්ට අයත් සුපිරි රේසිං කාර් හොරෙන්ම රට පටවා ඇති බව වාර්තාවේ...
      කෝටි ගණනක් වටිනා සිය පුතුන්ගේ රේසිං කාර් 6 ක් නොදන්නා රටකට 29 වැනිදා පටවා යවා ඇත.9-10 දෙදින තුල ලංකාවෙන් පිටත් වීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් බ්ලොක් කර ගෙන සිටී. මෙම ‘බ්ලොක් කිරීම‘ යනුවෙන් අදහස් කරන්නේ එම යානා වල ගුවන් ටිකට් පත් විකිණී අවසාන යැයි කියා මගීන්ට කියන නමුත් එම යානා හිස්ව තබාගෙන ඇති බවයි. එනම් කිසියම් විශේෂ කණ්ඩායමකට රටින් පිටව යෑමට එම යානා නිල නොවන ආකාරයෙන් වෙන් කර තිබේ.

      උපුටා ගැනීම-http://www.lankanews.org

      Delete
    3. ඔවුවා බොරු කතා.... නාමල් කියන්නෙ Mount St Thomas' College එකේ First Fifteen captain කරපු එල කොල්ලෙක්.... හැමොටම ඔවුවව තෙරෙන්නේ නැහැ...

      Delete
    4. //ඔවුවා බොරු කතා.... නාමල් කියන්නෙ Mount St Thomas' College එකේ First Fifteen captain කරපු එල කොල්ලෙක්.... හැමොටම ඔවුවව තෙරෙන්නේ නැහැ...//

      නෑහ්.... !!! O.o
      ඔන්න බලහං මේ ඉරිසියා කාරයෝ ගොතන කථා ... මුන්ගේ කටවලට හෙණ ගහන්න එපැයි :P

      Delete
    5. හෙහ් හෙහ්...ඔය යකා එහෙම කැප්ටන් කරාට මොකෝ සැන් තෝමස් එක ලංකාවෙ රග්බි සෙල්ලන් කරන්නෙ ඩිවිෂන් බී. කොටින්ම කොළඹ නගරය සහ මහනුවර නගරෙන් පිට ඒ ඩිවිෂන් රගර් ගහන්නෙ ගල්කිස්සෙ විද්‍යා විද්‍යාලයෙ විතරයි. මුන්ගෙ සැන් තෝමස් එක සල්ලිවලට ගහන රග්බි මිස හැකියාවට ගහන මගුලක් නෙමේ කියල ආයි ඉතින් කියන්න ඕනෙද?

      Delete
  11. normal beri nam caesar karala hari maina meka gannawa

    ReplyDelete
  12. ස.පෙ.ප නායක කුමාර් ගුණරත්නම් මහත්මයා ලංකාවට ඇවිත් මේ මොනවද කියන්නෙ පැරකුම් ?
    සමාවෙන්න, තේරෙන්නේ නැති හින්දයි අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට අභ්‍යන්තර අවුල් විසඳා ගෙන සෙට්ල් වෙන්නට හෝ දිය වන්නට තව කල් අවශ්‍ය ය.

      Delete
    2. ස්තුතියි ,පැරකුම්.
      ----------------------------------
      මොහොතක් හිතන්න.

      *‍පාර්ලිමේන්තුවේ නිදාගන්නා දේශපාලකයින් ටෙලිවිෂන් එකේ රෑ දෙගොඩරි වෙනකං කෑමොර දෙන්නේ කා වෙනුවෙන්ද?
      * කැමරාවට කඳ මොඩිෆයි කලාට, කට්ටියගේ මොලේ තියෙන්නේ කොහෙද කියල ඔවුන් කට ඇරියම අපි දකිනවාද?
      *මිනිසුන්ගෙ ඇස සහ කන පුරවමින් කුසත් පුරවන ක්‍රමයක් අපට අවශ්‍ය නැද්ද ?

      සුපර්ස්ටාර් පොලිටික්ස් වලින් රටේ මිනිසුන්ගෙ දෑස් නිලංකාර වී, කඳ මන්ද පෝෂණයට ලක් වී ඇත. බිස්නස් කාරයින්ගෙ ඩීල් වලින් ඔබ්බට යන දේශපාලන දැක්මක් සහිත, නිරවුල් ක්‍රියාකාරි වමක් රටට අවශ්‍යම මොහොතක් අප ගතකරමින් සිටියි.

      Delete
  13. ජනවාරි 9 වන දා මහින්ද රාජපක්ෂ මහත්තයා "හිටපු ජනාධිපති" නමැති තනතුර භාර ගනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා