ක්‍රීඩා පිටියක වටිනාකම නො තේරෙන ආණ්ඩුවක්

ශ්‍රී ලංකාවේ බරපතල ක්‍රීඩා පිට්ටනි හිඟයක් ඇති බව ඔබ දන්නවා ද?

මේ බව වැඩිපුුර ම තේරෙන්නේ ඔබ ක්‍රීඩා විෂය සම්බන්ධ පරිපාලන කටයුත්තක යෙදෙනවා නම් පමණි. පාසල් ක්‍රීඩා උත්සව කාලයට හා ක්‍රිකට් තරග පැවැත්වෙන කාලයට ක්‍රීඩා පිටි හිඟය උග්‍රව දැනේ. ක්‍රීඩා පිටටනියක් වෙන් කර ගැනීමට මාස ගණන් බලා සිටින්නට සිදු වේ.

නිිසි ලෙස ජලය බැස යන, මැනැවින් නඩත්තු කළ ක්‍රීඩා පිට්ටනි සංඛ්‍යාව ඉතා අල්ප ය. නිදසුනක් ලෙස කලුතර දිස්ත්‍රික්කයේ එවැනි යම් මට්ටමක ක්‍රීඩා පිටි තිබෙන්නේ මා දන්නා පමණින් මේ කියන කීපය පමණි.

මග්ගොන සරේ ක්‍රීඩාංගනය (ක්‍රිකට් පමණි)
තක්ෂිලා විද්‍යාලය, හොරණ
මීවනපළාන විද්‍යාලය, හොරණ
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය
පානදුර නගර සභාව
රාජකීය විද්‍යාලය, හොරණ
ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ

කලුතර මහජන පිටිය නිසි ලෙස නඩත්තු නො කිරීම නිසා විනාශ වී ඇත. මතුගම මහජන පිටිය මේ වන විට භාවිතා කළ හැකි තත්වයක නැත. සෙසු බොහෝ ක්‍රීඩා පිටි ඉතා කුඩා ය.

ක්‍රීඩා පිටිවල ක්‍රීඩාවලට අමතරව කෙරෙන තවත් දේ තිබේ. ඒ අතරින් ප්‍රධාන කාර්යය වන්නේ සංගීත ප්‍රසංග හා කිනාවල් ය. එයින් එකක් අවසන් වන්නේ පිට්ටනිය සෑහෙන දුරට වනසලා ය.

මා මේ කරුණ ගෙන හැර පෑවේ ක්‍රීඩා පිටි හිඟයේ තරම පෙන්වන්නට ය. මෙවැනි තත්වයක් තුළ රටක ක්‍රීඩාව දියුණු වේ යයි හෝ ජනතාව සෞඛ්‍ය සම්පන්න වේ යයි ඔබ සිතනවා ද?

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල ඡන්ද රැස්වීම වෙනුවෙන් මේ වන විට ක්‍රීඩා පිටියක කොටසක් රුපියල් කෝටියක මහජන මුදලින් විනාශ කරමින් තිබෙන බව වාර්තා වේ. එසේ කරන්නේ වැස්සෙන් ආරක්ෂා වීම සඳහා මඩුවක් ඉදි කිරීමට සල්ගාදු පිටියේ කොටසක් කොංක්‍රීට් කිරීමෙනි. එසේ විනාශ කරනු ලැබූ පිටියක් යථා තත්වයට පත් කිරීමට තවත් රුපියල් කෝටි ගණනක් අවශ්‍ය වනු ඇත.

මෙය ජනාධිපතිවරයාගේ රැස්වීමක්වත් නො වේ. මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන රැස්වීමකි. ඒ වෙනුවෙන් මහජන මුදල් වැය කරන්නේ මහජනයාට දිගු කාලීනව දැවැන්ත හානියක් සිදු වන අන්දමටයි.

මෙමගින් කරන විනාශය අනුරාධපුර දිස්ත්‍රික්කයට ම බලපාන එකකි. මේ හානි කරන්නේ ජාතියේ සෞඛ්‍යයටයි. රටක ක්‍රීඩාවටයි.

 

(ඡායාරූප බීබීසී)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ------------------------------------------w3Lanka--------------------------------------------------
      ....... පැසිපික් ශාන්තිකර කලාපයේ වැඩියෙන්ම බලන වෙබ් පුවත් මංජුසාව ..........


      ︘ ප්‍රාදේශිය වර්තාකරුවන් බදවාගැනේ︘
      ︘දැන්වීම් බාරගනු ලැබේ.︘


      ප්‍රධාන කතෘ -
      ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ
      හිටපු කතෘ (සමාජවාදී) w3Lanka -Socialism as life style.

      Delete
  2. උතුරු මැද ක්‍රීඩා නිලධාරීන් මේ වැඩේ නවත්වන්න කියල ඉල්ලීමක් කරාම, පළාත් සභාවේ සභාපති මේ ගැන කියල තිබුනෙ , 'ජනාධිපතිතුමාගේ මංගල රැස්වීම තියන්න වෙන තැනක් නැති නිසා, මේ ක්‍රීඩාන්ගනයේම තියන්න ඉල්ලීමක් කරලා තියෙනව. ඒ නිසා මේ ඉඳිකිරීම් නැවැත්විය නොහැකි' බවයි.

    ඉතින් ඇයි අපි මේ ගැන තවත් ප්‍රශ්න ඇතිකරන්න හදන්නේ.

    ReplyDelete
  3. meka yanne ratama kala

    ReplyDelete
  4. රට මහින්දගෙ නම් මහින්ද රටේ නම් කාටවත් ඇයි වේදනා පැරා?

    ReplyDelete
  5. මාෂා අල්ලාහ්

    ReplyDelete
  6. කමක් නෑ පැරා. ගෝට අබය මහත්තය හදපු ට්‍රැක් එකකට‍ ගිහිල්ල ව්‍යායාම කරන්න.

    ReplyDelete
  7. මේ රටේ ක්‍රීඩාව කාලා ඉවරයි. තව කන්න දෙයක් නෑ. සියළුම ක්‍රීඩාවන්ට වඩා ළොකු ක්‍රීඩාව වෙනුවෙන් එයාලා ඕවා නෙමෙයි සුගතදාස එක හරි විනාශ කරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කළත් අවුලක් නෑනෙ මචං, ජදාධිපතිවරණෙන් එයා දිනන සයිස් එකක් තියේනං උඹේ මනාපෙත් එයාටනෙ.

      Delete
    2. සියළුම - සියලුම
      ෙළොකු - ලොකු
      හරියට අකුරු කොටපිය

      Delete
  8. දැන් එතකොට මහින්ද මාර දක්ෂයෙක්නෙ, සමහර විචාරක තුමන්ලට අනුව මහින්ද එක්ක අනිත් අයට හැරෙන්නවත් බෑනෙ මහින්ද යනු දේශපාලනයෙන් අගතැන්පත්නෙ.
    දැන් එතකොට අපි කරන්න ඕනෙත් මහින්ද මාරයි, ලොක්කට ගහන්න වෙන කෙනෙක් නෑ, මගේ මනාපෙත් මහින්ද ලොක්කටම තමයි වගේ දේවල් කිය කිය ඉන්න එකද?
    මහින්ද කියන්නෙ පල් හොරෙක් නෙවෙයිද? අධික තණ්හාවෙන් පිරුණු මළම මළ පෙරේතයෙක් නෙවෙයිද?
    ලංකාවෙ දේශපාලනය හැඩ ගැසිය යුත්තෙ ඒ හොරකම් ඔස්සේද?
    ලංකාව නීතියක් නැති රටක් කරේ මහින්ද නෙවෙයිද?

    දේශපාලනය කරන්න දන්නව කියන්නෙ හොරුන් හැසිරවීමට දැනගැනීමද?
    ක්‍රමය වැරදි නම් එය වෙනස් කිරීමට අපි උත්සහ කල යුතු නැද්ද?
    දියුනු සමාජ ක්‍රම පවතින රටක බලි මන්තර හූනියම් ජීවම් කිරීම් වලට හිමි ස්ථානය කුමක්ද?
    ඇත්තටම මහින්දට රටේ ජනතාව සහ රට ගැන ඇති හැගීම කිනම් ආකාරයේ එකක්ද? එවැනි හැගීමක් මහින්දට තියෙනවද?
    හොරා කන මහජන නියෝජිතයෙකුට හොරා ලෙස ඇමතූ ප්‍රේක්ෂකය අප විසින් අගය කල යුතු නොවන්නේද?

    මේ රටට ප්‍රේම කරන්න අපිට අයිතියක් නැද්ද මහින්දට විරුද්ධ වීමෙන්?

    බොදු බල සේනාව මෙහෙයවන්නේ ගෝඨාභය නෙවෙයිද? ඇයි අපි දැනගෙන නොදන්නවා මෙන් ගෝඨා නම් මාර පොරක් කොළඹ ලස්සන කරනව කිය කිය ඉන්නෙ?

    ලංකාවට කුඩු ගෙන්වන්නෙ කවුද? කුඩු බිස්නස් එකේ ලාබෙන් කොටසක් රාජපක්ශලාට ලැබෙන බව ලංකාවේ මිනිස්සු දන්නේ නැදද?

    මොන මගුලකටද යකෝ තවත් රාපක්ශලගෙ ගුන වයන්නෙ?

    ReplyDelete
    Replies
    1. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මඩ ගහන්න එපා. එතුමන් තමයි මේ රට බේරා ගත්තු නායකයා.

      ඔය මයිති වගේ කන්න දුන්න අත හපා කන එවුන්ට පුලුවන්ද ජනාධිපතිතුමා පරද්දන්න? ගිය පාර පොන්සේකාට උන දේ තමයි මෙදා පොටේ මයිත්‍රියට වෙන්නේ.

      අතිගරු ජනාධිපතිතුමා මේ විදියට අධිවේගී මාර්ග,ගුවන්තොටුපල, වරාය හදමින් යෝධ සංවර්ධනයක් ඉටුකරමින් යන මොහොතේ කොටි ඒජන්තයන්ට චන්දෙ දීලා දිනාගත්තු ජයග්‍රහණ ආපස්සට ගෙනියන්න අපි ඉඩ තියන්නේ නෑ.

      මේ පාර මයිත්‍රීට වඩා ජන්ද ලක්ෂ 10 කටටත් වඩා අරන් තමයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් ජයග්‍රහණය විජයක්ග්‍රහණයක් වෙන්නේ. කොටින්ම කිවොත් පොළොන්නරුවවත් මයිත්‍රී පරදිනවා.

      අපි සැමදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි.

      Delete
    2. යකෝ, අපේ මාරයා අයියා අපටත් හොරෙන් ඇවිත් ඇනෝ දාලා.

      Delete
  9. මට හිතෙන විදිහට දැන් දේසපාලන රැස්වීම් සඳහා ක්‍රීඩාපිටි කොන්ක්‍රීට් කරාට වරදක් නැහැ වාගේ , මොකද අපේ රටේ ජනප්ප්‍රියම ක්‍රීඩාව දේසපාලනේ නිසා , අපේ මිනිසුන් හුරේ දමන්නේ තමන්ගේ දේසපාලන ක්‍රීඩකයන් හොඳින් ප්‍රතිවාදියාට පහර දෙන විටය . දැන් ඉතාලිය , ප්‍රංසය , වැනි යුරෝපා රටවලත් වෙනත් දියුණුයි කියන බොහොමයක් දෙනා ඉන්නා රටවල් වල මිනිසුන් දේසපාලනය නැත , රැස්වීම් නැත තිබුනත් ඒවාට යන්නේ නැහැ , නමුත් ඔවුන් සහය දක්වන හෝ ඔවුන් ගේ පළාතේ ක්‍රීඩා සමාජය තරංග කරන කොට දුම්රිය පවා වෙන්කරගෙන ඒවා නරබන්නට යනවාය හරියට අපේ රටේ මැයි පෙළපාලියට යනවා වාගේ , ගුටිකෙලි යනවය ඉඳහිට එකෙක් දෙන්නෙක් මරෙනවාය ,තමන්ගේ නිවාස වල ක්‍රීඩා සමාජයේ හෝ තමාගේ පළාතේ කොඩි ප්‍රදර්ශනය කරනවාය .
    TV වල මෙම තරංග පෙන්වනවාය මිනිසුන් නිදිමරාගෙන නරබනවාය අපේ දේසපාලන සංවාද වගේ ,
    ක්‍රීඩකයන්ට හොඳට ගෙවනවාය අපේ මැති ඇමතිවරුන්ට වාගේ , සමහර ක්‍රීඩා සමාජ වෙනත් රටවල ක්‍රීඩකයන් මුදල් ගෙවා ඔවුන්ගේ පිලට ගන්නවාය අපේ මන්ත්‍රීලා මිලට ගන්නවා වගේ ,
    ඒ රටවල මිනිසුන්ගේ සටන්කාමිත්වය ක්‍රීඩාව හරහා පිටකර ගන්නවාය , අපේ ඉතා සීමිත කොටසක් බිග් මැච් කාලෙට පිටකර ගන්නවා වාගේ ඔවුන් දෙසපලනයට ඇන කොටාගන්නේ නැත , දැන් අපේ රටෙත් වර්ල්ඩ් කප් එක ළඟදී පැවැත්වේ මෙදින වල මුලික තරංග පැවැත්වේ TV නාලිකාවලට හරියට වැඩ ඇත .හැබැයි පාපන්දු ක්‍රීඩකයෝ නම් ක්‍රීඩා කිරීම නිසා ශාරීර ලක්ෂණ හොඳට හදා ගන්නවාය නමුත් අපේ දේසපාලන බොහෝ ක්‍රීඩකයන්ගේ බෙල්ලක් නැත ඔලුව කදට සවිවේ .
    අපේ මිනිසුන්වත් මේ දේසපාලන ක්‍රීඩාවෙන් මුදාගන්නනම් මම හිතන්නේ ටික ටික හරි අපේ රටෙත් පාපන්දු ක්‍රීඩාව (මොකද එකට වැඩි වියදමක් නැති නිසා ) ගම මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් වාගේ පවත්වා සටන් කාමිත්වය ඒ තුලින් පිට කර ගන්න සිතුවොත් ඔය ජාති බේද , ආගම් බේද , පක්ෂ බෙදා ටිකක් අඩුකර ගන්න හැකි වේවි . මොකද එවිට අපේ අයට සටන් කරන්න මාතෘකාවක් තියෙන නිසා , අනික බොහෝවිට ඇනකොටා ගන්නෙත් තරමක බුද්දියේ අඩුපාඩුවක් තිබෙන අයයි . ඔවුන් ක්‍රීඩාවට යොමු කලාම සෞකියටත් හොඳය .

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක් ඒත් ඒක අදහසක්ම පමණයි, අපේ ඉන්න ගොයියන්ට ඕව තේරෙනව නම් රටට මෙහෙම වෙයිද?

      Delete
  10. දැන් අපිද සයෝගේ දක්වන මහින්ද නෙවෙයි ද ? රෙන්න බර වෙන්න අහගත්තා පාර කඩේ යන්න පාර පෙන්නේ නැද්ද හොර ඉංගිරිසි ගුරෝ? අනේ උබේ දේශපාලනේ. ඕකට අපි නම් __සපාලනේ.

    ReplyDelete
  11. උබ හොරාට කඩේ යන්නේ නැතිනම් උබ බ්ලොග් ලියන්නද බන් මෙච්චර කල් ? උබ වගේ එවුන් ඉන්නේ මේ වගේ වෙලාවට කඩේ යන්න නේද ?
    ගූ කාපු මකර වගේ දැන් උබත්.

    ReplyDelete
  12. Online Poll 2015
    http://bit.ly/slpeonlinepoll

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා