ජනාධිපතිවරණයේදී කුණු මඩ හා ජඩ පැනිලි


මේ වන විට ජනාධිපතිවරණ රැල්ල සම්පූර්ණයෙන් ම පාහේ මෛත්‍රීපාල සිරිසේන පැත්තට හැරී හමාර ය. 

එහෙත්, මහින්ද රාජපක්ෂ තවමත් සටන අතහැර දමා නැත. ඔහුට අතහැර දමන්නට බැරි ය. ගේම යන්නේ ඕල‍්මොස්ට් තනියෙන් ම ය. 

ආණ්ඩුවට රැස්වීමක් කරන්නට සිය ගණන් බස් අවශ්‍ය ය. බස්වල සීට් ගානටවත් සෙනග නැත. අවංකව මහින්දට ඡන්දය දෙන්නට එන පිරිස අර ඉස්සරහ ඉඳන් කෑ ගහන අය අතර සිටින බීපු නැති පිරිස පමණි. තමන් ද සම්බ්න්ධ වී තිබෙන දේශපාලන දූෂණ හේතුවෙන් මේ අය රැස්වීම්වලට එන මුත්, මේ සෙනග ඡන්ද බවට පත් වන්නේ නැත. ඔවුන් මේ ආණ්ඩුවෙන් විවිධ ඵල ප්‍රයෝජන ගත් අයයි. හෙට මොවුන් අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ ය. 

1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට, නමයට බැස්සේ ය. වාමාංශික එක්සත් පෙරමුණ හෙවත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේ ය. එහෙත්, ඡන්දයට කලින් ඔවුන්ගේ රැස්වීම්වල ද මහ සෙනග දක්නට ලැබිණි. 

ආණ්ඩුවේ රැස්වීම්වලට ‍සෙනග එන්නේ අවසන් ගෞරව දක්වන්නට යයි සිතා ගැනීම හොඳ ය. 

පවුලේ අවුල් මැද බැසිල් ද අනෙක් පැත්තට පනිනු ඇතැයි කටකතා පැතිරේ. පවුලේ සහෝදරයෙක් මෛත්‍රීපාල පැත්තට එවා සටන් විරාමයක් දමා ගන්නට උත්සාහ කරන බව අනුමාන කළ හැකි ය. හැබැයි, මහජනතාවගෙන් කොල්ල කෑ මුදල් ආපසු දිය යුතු ය. 

දැන් ආණ්ඩුවක් නැත. තිබෙන්නේ පාණ්ඩුවකි. ගහන්නේ කුණු ම කුණු, කැත ම කැත මඩ ය. අනාගතයේ රටක් පාලනය කරන්නට බලාපොරොත්තු වන පාලකයයෙක් මේ තරම් නින්දිත අන්දමින් ජාතිවාදය අවුස්සන්නේ නැත. මහින්ද පරාජය වන බව ඔහු ම පිළි ගෙන තිබෙන බව මේ ජාතිවාදය ඇවිස්සිල්ලෙන් පෙනේ. 

මේ අතර, සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා මිළ දී ගැනීම සඳහා ආණ්ඩුව ලොකු ලන්සුවක් තබා ඇති බව දැන ගන්නට ඇත. ප්‍රකෝටි ගණන් සල්ලිත්, අගමැති වැනි තනතුරුත් පිරිනමා ඇති බව දැන ගන්නට තිබේ. ආණ්ඩුවට වැඩේ ගොඩ දාගන්නට උත්සාහ කරන්නට හෝ පුළුවන් මේ දෙන්නා මගින් පමණි. ජෝන් අමරතුංගගේ සිට කරු ජයසූරිය දක්වා කාටවත් දැන් නම් මේ රැල්ල හරවන්නට තබා හිතන්නටවත් බැරි ය. 

සජිතුත්, ෆොන්සේකාත් මේ හම්බ වෙන ගානත් අරගෙන දේශපාලනයෙන් තොලොංචි වෙනවා ද යන්න තීරණය කළ යුතු ය. 

හොඳම ජාතිවාදියා තේරීමේ තරගයේ සුපර් ස්ටාර් වී තිබෙන්නේ විමල් වීරවංශ ය. මෙවන් පුතුන් බිහි කළ ජවිපෙට ආඩම්බර ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා අද හැට්‍රික් එකක් ගැහුවා නේද ?? :)

    ReplyDelete
    Replies
    1. සජිත් එන්නෙත් නැහැ. පොන්සේකා එන්නෙත් නැහැ (80% ෂුවර්. හැබැයි හමුදා කුමන්ත්‍රණ ප්‍රශ්නයක් නිසා පොන්සේකා ට කිසිම වගකිවයුතු ආරක්ෂක අංශයේ නිලයක් මයිත්‍රී ආණ්ඩුවෙන් නොලැබී කැපිල යන්න තියෙන ඉඩ නිසා MR ට හේත්තු වෙන්නත් ඉඩක් තියෙනවා). හැබැයි මහින්දත් දිනනවා. කෝ ඉතිං මොන රැල්ල තිබ්බත් මාත් එක්ක 50K ඔට්ටුව අල්ලන්න කෙනෙක් නෑ නේ :)

      Delete
    2. ජල්ලියාDecember 29, 2014 at 1:26 PM

      //හැබැයි මහින්දත් දිනනවා. කෝ ඉතිං මොන රැල්ල තිබ්බත් මාත් එක්ක 50K ඔට්ටුව අල්ලන්න කෙනෙක් නෑ නේ :)//
      පිල්ලියක් නිසා අනාගතේ පේනවා ඇති.. ඒකනෙ මහින්ද දිනනවාමයි කියලා ඔට්ටු අල්ලන්න ඔච්චර දත කන්නෙ.
      උඹට ඔච්චර ඔට්ටු අල්ලන්න ගායක් තියනවනම් ධම්මික පෙරේරගෙ බැලීස් එකට හරි එම්ජීඑම් එකට හරි බෙලාජියෝ එකට හරි ගිහිං කැසිනෝ ඔට්ටුවක් දාපංකො.
      හැබැයි මමත් තවමත් හිතන්නෙ මහින්ද දිනයි කියල තමයි. මොකද මහින්ද දන්නවා ලාංකීය ටිපිකල් ඡන්නදායකයා හසුරුවන්න ඕන කොහොමද කියලා.

      Delete
    3. ලාංකීය ටිපිකල් ඡන්නදායකයා = චතුෂ තුෂර කුමාර (මාරයා)

      Delete
    4. http://www.lankaguardian.com/2014/12/blog-post_71.html

      මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ නොහැකි ලෙසටත් එසේ වෙනස් කිරීම සාපරාධී වරදක් ලෙසත් සලකා නීති සම්පාදනය කර තිබේ. ලංකාවේ නීතියද එසේමය. මිනිසෙකු තම උප්පැන්න සහතිකයේ හෝ අන් කවර රජයේ ලේඛනයක හෝ තම උපන් දිනය වෙනස් කළ හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 455 වන වගන්තිය යටතේ වසර 7 ක සිර දඬුවමකට යටත් විය යුතුය. දඩයකටද යටත් විය යුතුමය.

      මෙම නීතිමය හේතු වලටත් වඩා ශිෂ්ඨාචාර මිනිසෙකුට තම උපන්දිනය වෙනස් කර ජීවත් විය නොහැකිය. ඒ ශිෂ්ඨාචාර මිනිසාගේ බොහෝ සංස්කෘතික බැඳීම් උපන්දිනය හා බැඳී ඇති නිසාය. එබැවින් යම් පුද්ගලයෙක් තම උපන් දිනය කූඨ ලෙස වෙනස් කරන්නේ නම් ඔහු වසර 7 ක් සිර දඬුවම් විඳිනවා පමණක් නොව අශිෂ්ඨ වනචාරියෙක් ලෙස ශිෂ්ඨාචාර සමාජය සලකනු ලබන්නේ ය.

      ඉහත කී පූර්විකාව ලීවේ දැනටමත් තම නාමය තෙවරක් වෙනස් කරගෙන ජීවත් වන පුද්ගලයෙක් වන වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ සිය උපන් වර්ෂය ද ව්‍යාජ ලෙස සකසා ඇති බව හෙළිදරව් කිරීමට ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ ද තම නාමයත්, උපන් වර්ෂයත්, උපන් දිනයත්, උපන් ස්ථානයත් ව්‍යාජ ලෙස සකස්ගෙන කරගෙන තිබේ.

      Delete
    5. මොකක්ද මේ ඔට්ටුව? රුපියක් 50,000 ක් ද?

      Delete
    6. දැනට තිබෙන තත්වය අනුව මෛත්‍රී දිනන එක පැහැදිලිය . නමුත් 50 k නෙමේ 100k වාගේ ඔට්ටුවක් අල්ලන්න වුනත් පුළුවන් මහින්ද සාදාරන ලෙස මැතිවරණය පැවැත්වීමට ඉඩ දෙනවා කියන එක විස්වාසනම් , මේ මැතිවරණයේදී මෛත්‍රී දිනන බවට අඩුතරමින් ඔට්ටුවක් ඇල්ලියහැක්කේ 8 දා චන්දය පවත්වා , චන්ද පෙට්ටි චන්ද ගනින ස්ථාන වලට රැගෙන ගියාට පසු රාත්‍රී 9.00 10.00 වගේ වෙලාවට තමා , ප්‍රතිපල නිකුත් වීමට පෙර , මොකද මහින්දගේ චන්ද ව්‍යාපාරය එතරම් ම අවිනීතිය .
      උදාහරණයකට වර්තමාන ඉන්දියානු ජාතික පාපන්දු කණ්ඩායම හා බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම අතර පාපන්දු තරඟයක් පැවතුනොත් බ්‍රසීල කණ්ඩායම දිනන බව පැහැදිලිය , නමුත් තරඟ විනිශ්චය කරුට පුළුවනි දඬුවම් පහරවල් , රෙඩ් කාර්ඩ් , වැනි දේ අසාදාරන ලෙස ක්‍රීඩාවට නොගැලපෙන ලෙස යොදාගෙන ඉන්දියානු කණ්ඩායමට ජයගැනීමට අවස්ථාව ලබාදීමට , නමුත් ඉන් එහාට වෙන දේ ................. ?

      Delete
  2. 2015 ජනවාරි නව වැනිදා පැරා ලියන සටහනේ තේමාව පහත ඒවා අතරින් තෝරා අළුත්ම අළුත් මරුටි ඇල්ටෝ එකක රේඩියේටර් කැප් එකේ සාඩම්බර හිමිකරුවෙක් වන්න.

    1. මෛත්‍රි පැරැදුණේ කොම්පියුටර් ජිල්මාට් නිසා

    2. මෛත්‍රි පැරදුණේ අපේ රටේ ගොන් වාහෙලා ඌට ඡන්දෙ නුදුන් නිසා. නුවණක්කාර මිනිස්සු ටිකක් විතරයි දුන්නේ

    3. මෛත්‍රි පැරදුණේ යූ. එන්.පී./ජවිපෙ/වමේ වැරදි නිසා

    4. මහින්ද දින්නේ විශාල ලෙස රාජ්‍ය සම්පත් නීතියට පටහැනිව තමන්ගේ මැතිවරණ ප්‍රචාරයට යොදා ගනිමින්

    5. මෛත්‍රි පැරදුණත් අපේ සටන ඉදිරියට ගෙනයමු. දස දහස් ගණනින් පාරට බසිමු

    6. ඉහත ඒවායේ කම්බිනේෂන් එකක්

    ReplyDelete
    Replies
    1. පුක තමයි බලාගෙන හිටපන් මරාට පුකෙන් යන්න පුකක්වත් ඉතුරුවෙන්නේ නෑ.

      Delete
    2. ඒ එකක් වත් නොවේ " මහින්දගේ අන්ත පරාජයට හේතුව , පැරණි ශ්‍රී ලංකා කාරයෝ නැවතත් බණ්ඩාරනායකලට චන්දය දුන්නු නිසා "

      Delete
  3. රටේ ප්‍රධාන දේශපාලන දිශානතියේ තීරණාත්මකය, සිංහල ජාතික කදවුර බව තවදුරටත් තහවුරු කෙරෙන අදෝනාවකි ලිපිය. මෙවැනි ම වු අදෝනාවක් මෑතකදී කුමාර් ඩේවිඩ් ද කර තිබෙනු දු‍ටුවෙමි.....

    ජාතිකත්වය ගැන මෙලෝ හසරක් නොදැන සිටි මහින්දව , මහින්ද චින්තනය නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, ජාතික කදවුරේ සිරකරුවෙක් බවට පත්කල චම්පික රණවක, ඒ බෙහෙත් වට්ටෝරූවම මයිත්‍රීටත් පෙවීමට පසුබට වී නැත. මෛත්‍රිගේ ප්‍රතිපත්ති පොතම එයට සාක්ෂිය.

    කෙසේ නමුත් වර්තමානය, අනාගතය ගලපා පවතින දේශපාලන සුවද පහුරක් කොට දේශපාලන සුරාන්තය දැකීම නැමති කාරනයේ, පාඨලී දක්වන සමර්ථයයේ ප්‍රධානම බාදකය මෛත්‍රීවත්, චන්ද්‍රිකාවත් නොව දේශපාලන චෙස් පුවරූවේ කෙල පැමිනියෙකු වූ රනිල් වික්‍රමසිංහය. මෛත්‍රී දින්නත් පැරදුනත් රනිල් හා චම්පික යන දෙදෙනාම දිනුම්ය...ඔවුන් සෙල්ලම ක්‍රීසා කරන්නේ ඒ අවබෝධයෙන්ය.

    කෙල්ලෙක් හා කොටියෙක් සිටියාය. ගමන පටන් ගන්න කොට කෙල්ල හිටියේ කොටියාගේ කර උඩය. ගමන නිමා කරන විට කෙල්ල හිටියේ කොටියාගේ බඩ තුලය...

    හාන්සි පු‍ටු දේශපාලනයේ යෙදෙන වම සිතන් හීටියේ මෛත්‍රිගේ කරේ යෑමටය.එහෙත් වම පන්නා චම්පික රනිල්-මෛත්‍රි කොටියාගේ ඇඟට ගොඩ වී ඇත. ඒත් කොටියා හිතං ඉන්න කෙල්ල අතීතයේ හිටි කෙල්ල මෙන් මට සිළු‍ටු නැත. බ්‍රේව් කාටූන් චිත්‍රපට්යේ මෘග වලසා මැරූ, ලපටි මොලකාර කුමාරිකාව සිහියට නගා ගැනීම ප්‍රමාණවත්ය......

    ReplyDelete
    Replies
    1. මොනවද ඕයි මේ පිස්සු හුටං. මෛත්‍රී දිනනවා. ආයෙ දෙකක් නෑ. තමුසේ ස්වයංවින්දනයේ දීලා බුදියගන්නවා

      Delete
  4. Latest news! TNA has decided to support Mithripala! So entire Tamil community from the North and East would support Mithripala. That means a cool 30% of the votes(Tamils, Muslims, Christians and Catholics) would go for Mithri.



    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා