සුන්දර ඉංගිරිසි: පොලිටිකල් කලටිපොල්

මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේ ලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණ හේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා.

මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත් පාවිච්චි කරනවා.

ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේට යන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් State Council. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ‍ඒකට කවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා.

ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliament කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේ වචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේ සාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා.
කොමිටිය (committee), බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත් භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්.

මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එක දාගෙන. මේ තත්භව වචනයක්. මුල් ඉංග්‍රීසි වචනය escort උච්චාරණය කරන්නේ එස්කොට් කියලායි. හල් ටයන්න අගට එන ඉංග්‍රීසි වචන සිංහලට තත්භව වෙද්දි හල් ඩයන්න වෙන අවස්ථා තවත් තිබෙනවා. වොලිබෝල් පිටියට (court) සිංහල ඉංගිරිසියේ කෝඩ්ඩෙක කියනවා. වයර් කෝඩ්ඩෙක කියනකොට නම් එතන තිබෙන්නේ නම් වදනයි.

ඡන්ද කාලෙට රැස්වීම් තිබෙනවා. මේවාට රැළි කියනවා. මෙයත් රැලී (rally)  නම් ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. මීටිං (meeting) කියන සිංහල වදනේ ඒක වචන ස්වරූපය ලෙස භාවිතා වන්නේ මීටිමයි. දැන් පුංචි රැස්වීමට පොකට් මීටිම කියලාත් කියනවා.

පිකටිං කියන වචනෙත් දේශපාලනය එක්ක සම්බන්ධයි. එහි ඉංග්‍රීසි මූලික ස්වරූපය picket වුණත් සිංහලේදී පිකට් කරනවා කියන්නේ නැහැ. කියන්නේ පිකටිං කරනවා කියලායි.

පෝස්ටර්, බැනර්, කටවුට්, හෑන්ඩ් බිල්, ලීෆ්ලට් වගේ වචනත් දේශපාලනය එක්ක සිංහල වුණ ඉංග්‍රීසි වචනයි.

මේ සටහන අවසන් කරන්න පුංචි විහිළු කතා දෙකක් සඳහන් කරනවා. 1977 මැතිවරණයේදී සිරිමා බංඩාරනායක අගමැති ධුරය දැරූ සමගි පෙරමුණු ආණ්ඩුව ජනතාවට කොයි තරම් එපා වෙලා තිබුණා ද කිව්වොත් එක්සත් ජාතික පක්ෂයෙන් පොල්පිත්තක් තිබ්බත් පාර්ලිමේන්තුවට තේරෙන තත්වයක් තිබුණා. 77ට කලින් පාර්ලිමේන්තුවේ සිටියේ තරමක් දැන උගත් මිනිස්සු. ඒත්, 77න් පසුව තත්වය වෙනස් වුණා. 77දි පාර්ලිමේන්තුවට තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන හිනා වෙන කතන්දර නිර්මානය වුණා.

එක් කතාවකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කලබල ඇති වුණා ම එජාප නායකයා එක් අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවලු ඔය පැත්තට කර්ෆිව් දාන්න ද කියලා. එතකොට ඒ මන්ත්‍රී කිව්වලු “අනේ සර්, කව්පි නම් කාලා ඇති වෙලා තියෙන්නේ. දානව නම් මයිසූර් පරිප්පු ටිකක් දාන්න” කියලා.

ඊට ටිකක් පස්සෙ කාලෙක ජේ.ආර්.ගෙ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න පටන් ගත්තා. ඔය කාලෙම තමයි, ඒ කාලේ ලෝක බැංකුවේ සභාපති ධුරය දැරූ සයිරස් වෑන්ස් ලංකාවට ආවේ. සයිරස් වෑන්ස් එන බව ඇසූ ඇතැම් මන්ත්‍රීවරු තමන්ටත් වෑන් එකක් ඕනෑ කියලා කිව්වාලු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි.//

    ලංකාවට පාර්ලිමේන්තුව ( The Parliament ) කියන එක අඳුනවල දුන්නෙ 78 පප්ප ව්‍යවස්ථාවෙන්. අර මැයි 22 වෙනිද ව්‍යවස්ථාවෙන් ඇන්ටි දුන්නෙ ජාතික රාජ්‍ය සභාව (National State Assembly) කියල එකක්. ඊට කලින් තිබ්බෙ නියෝජිත මන්ත්‍රී මණඩලය (House of Representatives) සහ රාජ්‍ය මන්තණ සභාව State Council ) .

    ReplyDelete
  2. මෑත ඉතිහාසෙද කොහෙද මන්ත්‍රී කෙනෙක් කියල තිබුන "තමුන්නාන්සෙ මට බාධා කලොත් මම ඉන්ග්‍රීසියෙන් කතා කරනව" කියල.

    ReplyDelete
  3. දැන් පැරා මේ කොලම ජනවාරි මාසෙ ඉඳන් ලියන්නෙ දිනමිණටද සිළුමිණටද?

    ReplyDelete
  4. එක යුගේක ඉංගිරිසියෙන් හිතලා සිංහලෙන් කතා කරපු මන්ත්‍රීවරුන් ගැනත් ලියන්න පුළුවන් නම් හොඳයි.

    ජේ. ආර්. ජයවර්ධනට වරක් මෙන්න මේ අදහස සිංහලෙන් කියන්න ඕනැ වුණා.

    You complain about the costs of Gam Udava. Can we make an omelet without breaking an egg?

    ඔහු කිව්වෙ මෙහෙමයි.

    "තමුන්නාන්සෙලා කියන්න පුළුවන් අපි ගම් උදාවට වියදම් කරනවා වැඩියි කියලා. ගම් උදාව කියන්නෙ බිත්තර ආප්පයක්. බිත්තර කඩන්නෙ නැතිව බිත්තර ආප්ප හදන්න බැහැ."

    කොල්වින් ආර්. ද සිල්වාට කියන්න ඕනෑ වුණා A to Z කියලා සිංහලෙන්. බාගයක් කියන කොට තමයි තේරුණේ සිංහල හෝඩියේ අන්තිම අකුර තමන් දන්නේ නෑ කියලා. ඒ හන්දා කිව්වෙ මෙහෙම.

    "...අ යන්නේ සිට සිංහල හෝඩියේ අන්තිම අකුර කුමක්ද ඒ අකුර දක්වාම..."

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්. කියන්නෙ ඉංග්‍රීසියෙන් හිතල, සිංහලෙන් කථා කරන කෙනෙක්. ප්‍රේමදාස, මහින්ද කියන්නෙ සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කථා කරපු, කථා කරන අය. ඒ අතරට ඉංග්‍රීසියෙන් හිතල ඉංග්‍රීසියෙන්ම කතා කරන්න වගේම සිංහලෙන් හිතල සිංහලෙන් කථා කරන්න පුළුවන් දෙන්නෙක් තමයි චන්ද්‍රිකා හා රනිල්!

      Delete
    2. "ඒ අතරට ඉංග්‍රීසියෙන් හිතල ඉංග්‍රීසියෙන්ම කතා කරන්න වගේම සිංහලෙන් හිතල සිංහලෙන් කථා කරන්න පුළුවන් දෙන්නෙක් තමයි චන්ද්‍රිකා හා රනිල්!"

      පුක තමයි!
      පුක යනු කුනුහරුපයක් නොවේ - කකා

      Delete
    3. චන්ද්‍රිකා හා රනිල් දෙදෙනා මිනිසුන්ට එපා වී ඇත්තේ එක්තරා දුරකට ඔවුන්ගේ වරදිනි. එක්තරා දුරකට මිනිසුන්ගේ වරදිනි.

      චන්ද්‍රිකා හා රනිල් දෙදෙනාම (මහින්ද මෙන් නොව) උගත්තුය. එනිසා සාමාන්‍ය ජනතාව තමන්ට පහළින් සිටින්නේය යන අදහසක් දෙදෙනා තුළම ඇති බව පෙනේ. මේ නිසා දෙදෙනාගෙන් එක් අයෙකුට වත් සාමාන්‍ය මිනිසකුට සවන් දීමේ උවමනාවක් නැත. ඔවුන්ට මිනිසුන් මතක් වන්නේ තම වැඩකාරයින් මතක් වන්නාක් සේ විධානයක් දෙන්නට අවශ්‍ය වූ විට පමණෙකි. (ඔවුන් දෙදෙනා පමණක් නොව හැම උගතෙක්ම හැසිරෙන්නේ මෙසේය. නමුත් මිනිස්සු විශ්ව විද්‍යාල මහාචාර්යවරයකුගෙන් බලාපොරොත්තු වන හැසිරීමට වඩා වෙනස් හැසිරීමක් දේශපාලකයකුගෙන් බලාපොරොත්තු වෙති.)

      මිනිසුන්ගේ වරද 'මුන් දෙන්නගේ අලි ඔළුව' කියා ඊට වඩා අන්තිම භයානක මහින්ද අගය කිරීමය. මහින්ද මිනිසුන් හොඳින් ඇසුරු කරයි. ඔවුන්ට සවන් දෙයි. තමන්ද ඔවුන්ගේම එකකු බව පෙන්වයි. අලි ඔළුවක් නැත. නමුත් යනවිට පොකට් එකද අරගෙන යයි. මිනිසුන්ට වැදගත් මුල ඒවා මිස අන්තිම එක නොවන නිසා මහින්ද හැමදාම දිනයි.

      Delete
    4. ඉහත ඇනෝ (AnonymousDecember 21, 2014 at 7:41 AM) පිළිතුරු දී ඇත්තේ මා කලින් ඇසු ප්‍රශ්නයකටයි. නමුත් මාධ්‍ය සදාචාරය , යහපාලනය ගැන උඩුබුරුලන පැරකුම් දැන් දැන් තම මතවාදයට නොගැලපෙන , තමන්ට කඩේ නොයන කිසිසේත් කුණුහරප ගනයේ සැලකිය නොහැකි කොමෙන්ටුද නිර්ලජ්ජිත ලෙස ඉවත් කරමින් පවතී. ඔහොම යං දොරේ ... ඔය ගමන අපි මීට කලිං දැකල තියෙනවා. අන්තිම කාලේ කක්කුස්සි බාල්දි කාපු මහින්ද අබේසුන්දරත් පැරකුම් විදියටම තමයි තමන්ගේ මාධ්‍ය ගමනත් පටන් ගත්තේ.

      මම ආයිත් ඔබ ඉවත් කරපු කොමෙන්ටුව දානවා. තමන්ගේ නිර්ලජ්ජිත ඒක පාර්ශවිය බව පෙන්වන්න ආයි ඒක ඉවත් කරන්න. මම එහෙම දාන ඒවා වෙන තැනකත් පල කරනවා.

      // AnonymousDecember 21, 2014 at 6:35 AM
      එසේ වූ චන්ද්‍රිකා , රනිල් යන දෙදෙනාම අන්ත පජාත.... මිනිසුන් උංගේ නම ඇසු කල කාරා කෙල ගසන ගෙවල ප්‍රේත තත්වයට පත් වීමට හේතුව කුමක් ද ?

      උං දෙදෙනාම මය්ත්‍රිට හේත්තු වීමේ හේතුව කුමක් ද ? //

      Delete
    5. අපේ කමෙන්ට් පළ කිරීමේ ප්‍රතිපත්තිය ඉහත පැහැදිලිව දක්වා තිබේ. ඔබේ ආසාව නිසා අප කපා දැමූ කමෙන්ටුව නැවත පළ කරන්නම්. මෙමගින් ඔබ කරන්නේ ඔබගේ පුද්ගල බද්ධ වෛරයක් ප්‍රකාශ කිරීමයි. එය ඔබට ඔබගේ අවකාශයක කරන්නට හැකි වුණත්, ඔබ එය මෙහි කරන්නේ ඔබ කියවන්නට පාඨකයන් නැති නිසා වන්නට පුළුවන. අනෙක් පැත්තෙන් ඔබ පුද්ගලයන්ට අපහාස කරන්නේ නියම නමක් ගමක් නැති පිල්ලියකට මුවා වී ය. බය නැති නම් කියන දෙයක් නමින් ඉදිරිපත් වී තමන්ගේ වගකීම සහිත තැනක කියන්නට ඔබට පුළුවන.

      අනෙක් කාරණය වන්නේ ඔබ මේ කියන තත්වය ඔබගේ ම හිතලුවක් පමණක් වීමයි. මිනිස්සු දැන් අඩු තරමේ සෞඛ්‍යය ගැන හෝ සංවේදී ය. ඔය අන්දමින් කෙළ ගැසීම තහනම් කළ යුතු සෞඛ්‍යමය වරදකි.

      ප්‍රකාශනයේ නිදහස යනු වල් බූරු නිදහස නො වන බව ඔබ වැනි අයට තේරුම් ගන්නට උවමනාවක් නැත.

      මේ කමෙන්ටුව විසින් හෙළිදරව් කරන එක ම සත්‍යය ඔබ ගැන මිස අන් කි‍සිවෙකුවත් ගැන නො වේ.

      Delete
    6. තමන්ට මතවාදීව එරෙහි කමෙන්ට් කපන එක පැරා විතරක් නෙවෙයි රාජ්, ඉන්දික වගේ බොහෝ බ්ලොග්කරුවන් කරන දෙයක්. ඇත්තටම මේක කුජීත වැඩක්. හැබැයි කරනවා. එහෙම කරලා කළේ නැහැ කියලත් සමහරු පොර ටෝක් දෙනවා. අභීත මොනවා කවුරු වුණත් ඔහුට මම ගරු කරන එක හේතුවක් නම් කවදාවත් ඒ වගේ තමන්ට බනින කමෙන්ට් එකක් කපන්නේ නැති වීම.

      Delete
    7. පැරා ඔය දිනමිණ කර්තෘ වෙලා මෛත්‍රි ජනාධිපතිතුමාට බැනලා එවන දේවල් පළ නොකිරීමේ කාර්යයට පුහුණු වෙනවා.

      Delete
    8. ඌරන්ට මොන සෞක්‍යද ඇනෝ!

      Delete
    9. //AnonymousDecember 21, 2014 at 3:20 PM//

      වැඩක් නෑ, අපේ නලියත් දිණමින දාල යන එකේ පැරා ගිහින් මොනා කරන්නද?

      Delete
    10. මහසොහොන්ගෙ චෝදනාව ස්පෑම් වීමක් වගේ වරදක් කියල හිතුවත් දැන් පැර පිලිගෙන තියනව ඒක කැපූ බව. ඒක බොහොම වැරදි වැඩක්. ලියමන් රහ උනත් සන්වාදය යහපත් අතට ගෙනයාමේදී පැරා ඉන්නෙ සෑහෙන්න පිටිපස්සෙන්.
      3.19 ඇනෝ,
      ලොරියක් සම්බන්ද කමෙන්ට්, හීහී ගාන කමෙන්ට්, අනවශ්යවිදියට මාරයාට ගහන කමෙන්ට්... ඉවත් කරනව. බල්ලන්ට එහේ ඉඩ නෑ.නමුත් මතවාදයන්ට තහනමක් නෑ.
      ඔය කේන්ති ගන්න බොහෝ දෙනා දෙකයි පනහෙ කමෙන්ට් දාන අය.

      Delete
    11. රාජ්, මමත් උඩින් " ඌරන්ට මොන සෞක්‍යද ඇනෝ! " කිව්වෙ ඔය 3.19 ඇනෝටම තමා.

      මිනිහ මාර චරිතයක් එක්ක අපිව සසඳල තීනව දැක්කම මට අර "ආදරණීය වික්ටෝරියා" පොතේ වික්ටෝරියා නංගිගෙ ස්පෙෂල් සෙන්ට් එකේ ගන්ධය ආවෙ!

      Delete
    12. පැරා..........

      ඔබේ ලිපි කියවන්නන් ගෙන් 99% ක් ම ඔබගේ මතය අනුමත කරන්නන් බව සිතමි.

      යමෙක් එබේ මතය හා එකඟ නොවන්නේ නම් වරක් දෙවරකට වඩා මේ අඩවියට පිවිසෙන්නේ නැත... (අපි අයිටීඑන් පජාතික වැනි රූපවාහිනී බලන්නේ නෑනේ)

      එහෙත් දිගින් දිගටම යමෙක් ඔබේ මතය ප්‍රතික්ෂේප කරන්නේ නම් මෙම අඩවිය තුළ නින්දිත ප්‍රකාශ කරනවා හැර ඔහු මෙහි පැමිනෙන්නේ ඔබගේ මතය / පෝස්ටුව කියවීමට නොවේ.

      ඒ සඳහා ඔවුන් හට මෙම අවකාශය තුල ඔබ ඉතා සාධාරණ අවස්ථා ලබා දී ඇති බව ඕනෑම මධ්‍යස්ථ මතයක් දරන අයෙකුට පෙනී යන දෙයකි.

      එසේ තිබියදී යමෙක් මෙම අවකාශය දිගින් දිගටම අවභාවිතයේ යොදා ගන්නේ නම් ඔහු සිදු කරන්නේ ඔබට මෙන්ම මෙහි පෝස්ටු කියවා යම් අදහසක් දක්වන බහුතරයකට විශාල පීඩාවකි... හානියකි...

      එබැවින් එවැනි තත්වයන් පාලනය කිරීමට ඔබ ගෙන ඇති ක්‍රියා මාර්ගය අගය කරමි.... එසේම රාජ්, ඉන්දික ඇතුළු එවැනි ක්‍රියා මාර්ග සඳහා සහයෝගය දක්වන බ්ලොග් කරුවන්ද මෙහි ලා අගය කොට සලකමි...

      Delete
    13. ඉන්දික උපශාන්ත නං මම දාලා තියෙන එක කොමෙන්ට් එකක්වත් කපලා නෑ. මම ඉන්න ගමන් ඉන්දිකගේ බ්ලොග් එකේ ඕනි තරං කොමෙන්ට් දාලා තියෙනවා ඉන්දිකව ජෝක් එකට අරං. හැබැයි ඒවා අයින් කරන්නේ නෑ. පස්සේ මටම ඉන්දික ගැන දුක හිතිලා මිනිහව ජෝක් කරන් කොමෙන්ට් දාන එක අත හැරියා.

      රාජ් නං ලොකු ටෝක් දුන්නට මිනිහා කැමති නැති කොමෙන්ට් පටස් ගාලා ඩිලීට් කරනවා. එකේ මිනිහගේ මතයට පක්ෂපාතිව දාන කොමෙන්ට් විතරයි ඉතිරි වෙන්නේ. දැන් ඒකයි ගොඩ දෙනෙක් රාජ්ගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්නේ නැත්තේ. බොරුනං බලන්න මේ ඊයේ පෙරේදා රාජ් දාපු ලිපිය. කොමෙන්ට්,හිට්ස් නැතිව වෙලෙන්නේ නිකං ගිනි මද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් වගේ.

      අභීත කොමෙන්ට් කපනවද නැද්ද කියලා මට නං හරියටම කියන්න බැහැ. හැබැයි මිනිහා මම දාපු කොමෙන්ට් නං සේරම පබ්ලිෂ් කරලා තියෙනවා. එකේ තියෙන අවුල තමයි පොර කොමෙන්ට් පබ්ලිෂ් කරන්නේ මොඩරේට් කරලා. ඉතිං අද දාපු කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්නේ හෙට. අනික ඒ වගේ කොමෙන්ට් මොඩරේට් කරනකොට අපි දන්නේ නෑනේ අභීත පබ්ලිෂ් කරන්නේ මිනිහට ඕනි කොමෙන්ට් විතරද කියලා. ඒ නිසා මම එකේ කොමෙන්ට් දාන ඒකත් අතහැරියා.

      ගුතලන් නං ලොකු ලොකු කයි කතා කිව්වට දැන් ඉතිං රන්ගොජාට පුක දෙනවනේ. ඒ නිසා ඇනෝ කොමෙන්ට් එකේ බ්ලොක් කරලා. පොරට කියමු ගිහිං මරාගේ ගූ බෙට්ටක් පුච්චන් කන්න කියලා.

      මයිත්‍රීකාරයා දින්නම දිනමිණ කතෘ වෙන්න බලං ඉන්න පැරා නං හිටපු ගමන් කොමෙන්ට් කපනවා, ආයේ කොමෙන්ට් පබ්ලිෂ් කරනවා. මිනිහට හරි හමං ප්‍රතිපත්තියක් නෑ. පොරත් නිකං මයිත්‍රීයා වටේ ඉන්න රැල වගේම තමයි. එක එක එවුන් එක එක කතා කියන්නේ.

      ඔන්න ඔය වෙලේ තමයි අපේ උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වෙන කකාගේ පරණ බ්ලොග් එකේ අගය මතක් වෙන්නේ. කකාගේ අලුත් බ්ලොග් එක නං පටන් අරං තියෙන්නේ නරකම වේලාවකද කොහෙද. එකනේ ඒකට තාම හරියට හිට්ස් ගන්න බැරි උනේ.

      Delete
    14. සමාන්‍යයෙන් කමෙන්ට් කපන කිසිම බ්ලොග්කරුවෙක් තමන් මතවාදී ප්‍රශ්න නිසා කමෙන්ට් කපනවා කියල පිළි ගන්නෙ නෑ. කියන්නෙ අපි කුණුහරුප නිසා කපනවා, තුන්වන පාර්ශ්වයන්ට නින්දා කරන නිසා කපනවා වගේ අන්තිම බොළඳ කතා. හැබැයි මාතලන්, පැරා, රාජ්, ඉන්දික මේ සියල්ලන්ම විසින් තමන්ගේ කමෙන්ට් කපපු එවුන් දන්නව එහෙම නොවෙන විත්තිය.

      Delete
    15. ඉන්දික අනෙක් පැත්තට මඩ ගහන හැටියෙන්ම පේනවා තමන්ගෙ හෙළුව එළි කළාම කොයි තරම් රිදිලද කියලා.

      Delete
    16. /ඒ සඳහා ඔවුන් හට මෙම අවකාශය තුල ඔබ ඉතා සාධාරණ අවස්ථා ලබා දී ඇති බව ඕනෑම මධ්‍යස්ථ මතයක් දරන අයෙකුට පෙනී යන දෙයකි./

      දී කිරට බලල්ලුත් සාක්කි!

      Delete
    17. /ඔබේ ලිපි කියවන්නන් ගෙන් 99% ක් ම ඔබගේ මතය අනුමත කරන්නන් බව සිතමි./

      කාර් ලාබයි ලිපියට වැටුණු කමෙන්ට්ස් බලල එන්න බුවායියා

      Delete
    18. /ඔබේ ලිපි කියවන්නන් ගෙන් 99% ක් ම ඔබගේ මතය අනුමත කරන්නන් බව සිතමි./

      බැලූ බැල්මට නම් පේන්නෙ එහෙම තමයි. ඇයි එකඟ නොවෙන එවුන්ගෙ කමෙන්ට් කපනවනෙ. අර 1% එකඟ නොවෙන කමෙන්ට් ඉතුරු වෙලා තියෙන්නෙ මඟ ඇරුණු එව්වා. නැත්නම් ඒකත් කපලා.

      Delete
    19. මේ වෙලාවේ අවංකව දේශපාලන අදහස් ප්‍රකාශ කරන එකම එක්කෙනා අභීත. පැරාලා, රාජ්ලා, මාතලන්ලා ඉන්දිකලා, මාරයලා, රනාලා ඔක්කෝම අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගෙ පුද්ගලික ප්‍රයෝජනයට මිසක් රට ගැන හිතලා නෙවෙයි.

      Delete
    20. ///කාර් ලාබයි ලිපියට වැටුණු කමෙන්ට්ස් බලල එන්න බුවායියා////

      ඇනොනිමස් කොමෙන්ට් 100 ක් යනු පුද්ගලයන් සිය දෙනෙකුගේ අදහස් විය නොහැක......

      Delete
  5. මෙන්න මේ වගේ දේශපාලන ලිපිනම් කියවන්නත් ආසයි..

    ReplyDelete
  6. "බු වාDecember 21, 2014 at 4:27 PM
    පැරා..........

    ඔබේ ලිපි කියවන්නන් ගෙන් 99% ක් ම ඔබගේ මතය අනුමත කරන්නන් බව සිතමි.

    යමෙක් එබේ මතය හා එකඟ නොවන්නේ නම් වරක් දෙවරකට වඩා මේ අඩවියට පිවිසෙන්නේ නැත... (අපි අයිටීඑන් පජාතික වැනි රූපවාහිනී බලන්නේ නෑනේ)

    එහෙත් දිගින් දිගටම යමෙක් ඔබේ මතය ප්‍රතික්ෂේප කරන්නේ නම් මෙම අඩවිය තුළ නින්දිත ප්‍රකාශ කරනවා හැර ඔහු මෙහි පැමිනෙන්නේ ඔබගේ මතය / පෝස්ටුව කියවීමට නොවේ.

    ඒ සඳහා ඔවුන් හට මෙම අවකාශය තුල ඔබ ඉතා සාධාරණ අවස්ථා ලබා දී ඇති බව ඕනෑම මධ්‍යස්ථ මතයක් දරන අයෙකුට පෙනී යන දෙයකි.

    එසේ තිබියදී යමෙක් මෙම අවකාශය දිගින් දිගටම අවභාවිතයේ යොදා ගන්නේ නම් ඔහු සිදු කරන්නේ ඔබට මෙන්ම මෙහි පෝස්ටු කියවා යම් අදහසක් දක්වන බහුතරයකට විශාල පීඩාවකි... හානියකි...

    එබැවින් එවැනි තත්වයන් පාලනය කිරීමට ඔබ ගෙන ඇති ක්‍රියා මාර්ගය අගය කරමි.... එසේම රාජ්, ඉන්දික ඇතුළු එවැනි ක්‍රියා මාර්ග සඳහා සහයෝගය දක්වන බ්ලොග් කරුවන්ද මෙහි ලා අගය කොට සලකමි..."

    බුවාගේ ඉහත කොමෙන්ටුව ඔහුගේ ඊනියා සදාචරය පළිබද හොද නිදසුනකි. මෙමෙ බ්ලොග් අඩවියට පැමිනෙන් වැඩි ප්‍රමානයක් ඔහු සිතන පරිදි පැරාගේ අදහස් අනුමත කර්න්නන්මනොවේ. මානම් මෙහි පැමිනෙනේ පැරාගේ සමහර ළදරු තර්කවලට දමාඇති කොමෙන්ටු කියවිමටයි. කෙසේවෙත් පැරා මෛත්‍රි-පාලනයේ දිනමිණ කතෘවුවිට බුවාගේ කොමෙන්ටුව පරිදිම ක්‍රියාකරන බවට සැක නැත

    ReplyDelete
  7. "ඉන්දික උපශාන්තDecember 21, 2014 at 3:21 PM
    ඌරන්ට මොන සෞක්‍යද ඇනෝ!"

    රාජකාරිවෙලාවේ බීල පස්සේ ඔටි කරන රාජ් එක්ක මොන යහපාලනයද?

    කොමෙන්ට් කපන පැරා එක්ක මොන මාධ්‍ය සදාචාරයද?

    සිල්ලර කඩයක්වත් කරගන්නබැරි මාතලන් එක්ක මොන ආර්ථික වර්ධනයද?

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂට වගේම රාජ්ට පඩි ගෙවන්නෙත් අපේ මුදලින්. ඔහුට කාර්යාලයෙ අන්තර්ජාලය භාවිතා කරන්න වැයවෙන්නෙ මහජන මුදල්. මහින්ද රාජපක්ෂ තමන්ගෙ දේශපාලන කටයුතු වලට රජයේ දේපල යොදා ගන්න කොට කෑගහන පිරිස් රාජුත් ඒකම කරන කොට (වඩා අඩු මට්ටමකින්) එකට විරුද්ධ නොවෙන්නෙ ඇයි?

      Delete
  8. For those who think like Buwa....

    "“If you resist reading what you disagree with, how will you ever acquire deeper insights into what you believe? The things most worth reading are precisely those that challenge our convictions.”"

    ReplyDelete
    Replies
    1. ඔබ සිංහල තේරුම් ගනීවී යැයි සිතමි.....

      ///මා නම් මෙහි පැමිනෙනේ පැරාගේ සමහර ළදරු තර්කවලට දමාඇති කොමෙන්ටු කියවිමටයි.///

      පෝස්ටුව කියවීමෙන් තොරව යමෙක්, පූර්ව නිගමනයකට පැමිණ ඉහත ප්‍රකාශය පරිදි ක්‍රියා කරන්නේ නම් ඒ කුමන අවශ්‍යතායක් නිසාද?

      ///The things most worth reading are precisely those that challenge our convictions.///

      I completely agree with you and I didn't insist it with my above comment...

      Delete
    2. Buwa, I hope you will understand simple English.

      No need to back track. Your have clearly shown your level in the comment posted at December 21, 2014 at 4:27 PM. Keep reading LankaEnews...

      Delete
    3. බුවා @ December 21, 2014 at 4:27 PM "...අපි අයිටීඑන් පජාතික වැනි රූපවාහිනී බලන්නේ නෑනේ.."

      බුවා @ December 22, 2014 at 8:32 AM "... කියවීමෙන් තොරව යමෙක්, පූර්ව නිගමනයකට පැමිණ..."

      self-contradiction?

      Delete
    4. Yes. I have shown my level....

      //AnonymousDecember 22, 2014 at 9:48 AM//

      You might have hurt, since you may be the person who comes here to read only the comments which has been published against the writer and all the readers may know who you are...........

      self-contradiction

      ///"...අපි අයිටීඑන් පජාතික වැනි රූපවාහිනී බලන්නේ නෑනේ.."///
      ///"... කියවීමෙන් තොරව යමෙක්, පූර්ව නිගමනයකට පැමිණ..."///


      ///යමෙක් එබේ මතය හා එකඟ නොවන්නේ නම් වරක් දෙවරකට වඩා මේ අඩවියට පිවිසෙන්නේ නැත... (අපි අයිටීඑන් පජාතික වැනි රූපවාහිනී බලන්නේ නෑනේ)///

      ///වරක් දෙවරකට වඩා///

      Try to understand what I have said.... There's no any contradiction.

      Delete
  9. Raj,"Thamunnanse mata bada kaloth, mama Ingrisiyen Kathakaranawa kiyalakiwwe.1977-1986 Athara, kaleka ewakata Kalawana manthri, Sarath muththetuwegama-(CP) mahatha wisin Ududumbara Manthri ARMB Aththanayaka mahathatai-(UNP),ta(Parlimenthuwedi) Eyath ona welawaka kata hari Bada karanawa.hebei porata kaddabe.Ithin miniha sailance.(oyagena,pasukaleka mahinda abesundarath liyala thibuna,(Ranjan)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා