අහවලා මෛත්‍රීට! අහවලා ආණ්ඩුවට!

අහවලා මෛත්‍රීට! අහවලා ආණ්ඩුවට!

මේ දවස්වල වෙබ් අඩවිවලට හිට් ලබා ගැනීමටත්, පුවත්පත් විකුණා ගැනීමටත් හොඳම ක්‍රමය මෙවැනි පුවත් නිර්මානය කිරීමයි.

එසේම, මේ දිනවල රටේ ප්‍රධාන දේශපාලන වැඩසටහන වී තිබෙන්නේ ද මේ ඒ පැත්තට මේ පැත්තට පැනීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව අත දිග හැර වියදම් කරමින් ද, තනතුරු හා වරප්‍රසාද පුදමින් ද සිටියි. එසේම, අලුත් ගෙම්බන් මහ ඉහළින් පිළි ගැනීම තුළින් තැන අහිමි වන පැරණි ගෙම්බන් වයින් කර ගැනීම ද කරති.

විපක්ෂ දේශපාලකයෙක් ආණ්ඩුවට එක් වීමත්, ආණ්ඩු පක්ෂයෙන්‍ දේශපාලකයෙක් විපක්ෂයට එක් වීමත් සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා නො වන බව අපි කලින් ද කීවෙමු. එයට හේතුව, විපක්ෂය තෝරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිදහස පිළිබඳ අපේක්ෂා සහිත ඉදිරිගාමී පියවරක් වීමත්, ආණ්ඩුව තෝරා ගැනීම යනු ඍජුවම පවුල්වාදය, දූෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා ඒකාධිපතිවාදය සරණ යාම වීමත් නිසා ය.

රාජපක්ෂ ජනාධිපතිවරයාට එක් වන අයට ‍කළ ගුණ සැලකීම වැනි අදේශපාලනික කතන්දර හැර වෙනත් කියන්නට දෙයක් නැත.

එහෙත්, මෛත්‍රීපාල යනු මේ මොහොතේ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ඇති අවංක ජනතා අපේක්ෂාවකි.

අප මෙම සටහන තබන්නේ අන් කිසිවක් නිසා නො වේ. ආණ්ඩුවෙන් කවරෙක් විපක්ෂයට එක් වෙනවා ද යන්න අපි නො දනිමු. බැසිල් රාජපක්ෂ එකතු වුණත් පුදුම ද නො වන්නෙමු. නාමල් රාජපක්ෂ නම් එකතු නො වන බව දනිමු. අනෙක් ඕනෑම කෙනෙකුට විපක්ෂය සමග එකතු වීමට හේතු ප්‍රත්‍ය තිබේ.

එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් ද කිහිප දෙනෙක් ආණ්ඩුවට එකතු වනු ඇත. මේ වනාහි දේශපාලන කාලකන්නිකමෙහි ප්‍රතිඵලයකි.

පහත නම් සඳහන් කවරෙක් හෝ ආණ්ඩුවට එකතු වීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ගේ පාවා දීමෙන් විගලිත නො වීමට ජන මනස සූදානම් කිරීම වැදගත් ය.

ජෝන් අමරතුංග
සජිත් ප්‍රේමදාස
කරු ජයසූරිය
රවි කරුණානායක
රෝසි සේනානායක
විජේදාස රාජපක්ෂ
පාලිත තෙවරප්පෙරුම
පාලිත රංගෙ බංඩාර
මංගල සමරවීර
හරින් ප්‍රනාන්දු
චන්ද්‍රානි බංඩාර
බුද්ධික පතිරණ
දයා ගමගේ

මේ අය විවිධ මට්ටම්වලින් පැනීම සඳහා සාකච්ඡා පැවැත්වූ අයයි. තවත් නම් මෙම ලේඛනයට එකතු කළ හැකි ය. එහෙත්, ඔවුන්ගේ වටිනාකම අඩු ය. රතු පාටින් දැක්වෙන්නේ පැනීමෙන් ආණ්ඩුවට වැඩි වාසියක් ලබා ගත හැකි චරිත ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වූවා නම්, මේ පිරිස මේ වන විටත් විපක්ෂය පාවා දී හමාර ය.

විශ්වාස කළ නො හැකි මේ පාවා දෙන්නන් මීළඟ ඡන්දයකදී දේශපාලනයෙන් පන්නා දැමීම එක්සත් ජාතික පාක්ෂිකයන් සතු වගකීමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Politicians who join My3 are like investors who look at future.. they know everything they consumed under Mahinda is no longer available..My3 is the new gold mine.. Joining Mahinda is the risk.. its like jump in to a sinking ship..

    Just imagine Tiss Attanayake's fate.. he was in opposition/UNP when it was a utter joke.. bearing all. Now he has jumped to Mahinda which will keep him rest of his life in opposition..

    ReplyDelete
    Replies
    1. Mokakda ban kale, matane eka wenna thibune.. Ha kamak na, eyi koti ano! Mama umbata udin harida.. Mama deka

      Delete
    2. සොයා දෙන්න.December 18, 2014 at 2:35 PM

      රත්නපුර "බට්ටි" ආගිය අතක් නැහැ !


      රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" නමැති කාන්තාව අතුරුදන්වී ඇතැයි පොලිසිය කියා සිටී.


      මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන සීතාවකපුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ කාන්තිලතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඇය සිටින ස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කළද කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට හැකිවී ඇතැයි පැවසේ.

      Delete
    3. අන්තර්ජාලයෙන් දැන් ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව බට්ටි රාජපක්ෂගේ අත්තං පුරයේ පසුවේ. ගෝටා විසින් යවනු ලැබූ සුදුවෑන් රථයක ගමන් කල ජනපති ආරක්ෂක බලකායේ කොස්තාපල් සමන් කුමාර සමග මර්වින් සිල්වා විසින් කක්කුස්සි වත්තේ ඇති බට්ටිගේ නිවසේ දී අද උදෑසන මෙම පැහැර ගැනීම සිදුකර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර විස්තර සඳහා රැඳී සිටින්න

      Delete
    4. වේ*යකටවත් පාරේ බැස යා නොහැකි වන සේ අරාජික වූ ලංකාව රාජපක්ෂ රෙජීමයෙන් මුදාගැනීමට සුපිරිසිදු දේශපාලනයේ යෙදෙන මයිත්‍රී ට ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න

      Delete
  2. You got it correct my friend!! What I can't comprehend is how these so-called and seemingly politically tempered people like Parakum sound so naive and childish looking at all these antics of the politicians.. He thinks all these rogues joining my3 are genuinely worried about correcting the system.. Political hypocrasy?? (of Para)

    ReplyDelete
    Replies
    1. This is politics my friend. There is one basic question that you evade. That is whether we must continue with Rajapaksha regime or not. All your arguments serve to the continuation of the Rajapaksha regime but you have no guts to say it.

      People have coming to a stand that this must discontinue. That does not mean My3 is Santa Claus of delivering promises. What we are trying is to mobilize people for change.

      Change will not be 100%. But 1% is also a change. I prefer it over present dictatorship.

      Delete
    2. Well other's who thinks that Mahinda's continuance will be good for the country are not anti-democrotic either. As you think that MY3 can be controlled they think that Mahinda can be controlled in the future with more balanced parliment.

      Delete
    3. You may not be anti-democratic but Mahinda is definitely so. He has already proven he cannot be controlled. I can't guarantee My3 but he is people's hope at the moment. People's hope is more important than My3.

      It is upto you to think Mahinda can be controlled. But it seems naive and childish to call others naive and childish.

      Delete
    4. Oh yes; it is very matured to say " එයට හේතුව, විපක්ෂය තෝරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිදහස පිළිබඳ අපේක්ෂා සහිත ඉදිරිගාමී පියවරක් වීමත්, ආණ්ඩුව තෝරා ගැනීම යනු ඍජුවම පවුල්වාදය, දූෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා ඒකාධිපතිවාදය සරණ යාම වීමත් නිසා ය."

      Delete
    5. //This is politics my friend. There is one basic question that you evade
      .
      That is whether we must continue with Rajapaksha regime or not.//

      This is the simplest explanation for current situation...

      Delete
    6. "That is whether we must continue with Rajapaksha regime or not"

      Not without a viable alternative! Look what happen to countries like Egypt, Libya, Tunisia after they threw out democratic-dictators without a suitable alternative!

      Delete
    7. //democratic-dictators//

      Keep it mind.............! There's no democracy in dictatorship....

      Democratic dictators are only in the movies.......

      Hitler also developed Germany and he was popular in Germany in one hand. Do you say that he was a democratic dictator?

      Delete
    8. සිංහලයගේ රටේ සුද්දගෙ බාසාවෙන් කමෙන්ට් කිරීම පර ගැති බවේ ලක්ෂණයකි. අපේ මරයියා නම් සුද්දාගේ යටත් විජිත පාලනයට විරුද්ධත්වය පළ කිරීම පිණිස කවදාවත් ඉංග්‍රීසි ඉගෙන නොගන්නෙමියැයි ස්ථාවරයක සිටියි. අපේ මරයියා හැම්දෙනාගෙනම ඉල්ලන්නේ නලින් ද සිල්වා හා විමල් වීරවංශ වැනි ධීර වීර සිංහලයන් කළාක් මෙන්ම සියළු දෙනාම තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ නැතුව සිටිය යුතු බවයි.

      Delete
    9. Democratic_dictator term is an oxymoron. MR uses elections to show the world that SL has democracy but at as an dictator. However, the burning issue for the SL people is who will replace MR? Recently, I have seen enough carnage in the countries (e.g. Ukraine, Egypt, Libya...) when the existing strong leaders were thrown out of power without a viable alternative.

      Delete
  3. There is a French saying: "The more things change, the more they stay the same". Given the track records of those behind MY3 and MY3 himself, what is in store for Sri Lankans in coming years is told by the French saying in style if MY3 wins!

    ReplyDelete
  4. Change will not be 100%. But 1% is also a change. I prefer it over present dictatorship.

    ReplyDelete
  5. Maashaa Allah. Parakum brother , All mighty Allah may give you the strength to write more great articles like this one.

    ReplyDelete
  6. Someone said that thre are no astrologers in UNP camp; for those

    https://www.facebook.com/video.php?v=588534231246156

    ReplyDelete
  7. පට්ට විවරණේ පැරා..

    //විපක්ෂය තෝරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිදහස පිළිබඳ අපේක්ෂා සහිත ඉදිරිගාමී පියවරක් වීමත්, ආණ්ඩුව තෝරා ගැනීම යනු ඍජුවම පවුල්වාදය, දූෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා ඒකාධිපතිවාදය සරණ යාම වීමත් නිසා ය.//

    මේ දෙක මට පේන්නේ නම් වෙනත් විදියකට. ආන්ඩුවෙන් විපක්ෂෙට එන්නේ ඔය පැරා කියන එකකටවත් නෙමෙයි. කාපු කෑම දිගටම කාගෙන යන්න. එහෙම නැත්නම් ඊට වැඩියෙන් කන්න. පැරා කියන හේතු වලට එනවා නම්. සිරිසේනලා, රාජිතලා එන්න ඕන මීට කලින්. ආන්ඩුවට යන්නේ කන්න හම්බ උනේ නැති කෑම වල රහ බලන්න. යන හැම එකාම දන්නවා යන දවසේ ජනාධිපති තුමා එක්ක කතා කරන්න හම්බ උනාට. ඊට පස්සේ පොන්නයෝ කියලා. ඊට පස්සෙ නාමල් බේබිටත් සෑර් කියන්න ඕන. නමුත් කට්ටක් හරි ලෙවකන්න ලැබෙනවා.

    මට නම් ඔය කොයි පැනිල්ලත් එකයි. මේක මේ ව්‍යවස්ථාවේ වැරද්දකුත් නෙමෙයි. බඩු ගහපු නඩු කාරයකුගේ වැඩක්. එතකොට ආන්ඩුවේ වත් විපක්ශේ එකෙකුටවත් ඇයි මේක වෙනස් කරන්න ඕන කමක් නැත්තේ. ඇයි මේක ඉස්සරහටවත් වෙනස් කරනවා කියලා කියන්නේ නැත්තේ. මේක තනිකර බිස්නස් එකක් නිසා. බිස්නස් ඔපචුනිටීස් නැති කර ගන්න අකමැති නිසා.

    මට දුක ඔය සිවිල් සංවිධාන වල එකෙක්වත් මේකට විරුද්ධව සටන් කරන්නේ නැත්තේ ඇයි කියලා. මේක තමයි මේ රටේ තියෙන තුච්චම ක්‍රියාදාමය. ප්‍රධානම් මූලික මිනිස් අයිතිවාසිකම් අවම කිරීම. ඔක්කෝටම කලින් මෙන්න මේකට තිත තියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බඩු ගැසීම සහ නීතිය අතර ඇති සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරනවද? බඩු ගැසීම රටක නීතිය නැති කර දමනවා නම් බඩු ගැසීම සහ බඩු බැලීම ප්‍රවර්ධනය කරන මාතලන්ට ඒ ගැන කතා කිරීමට සදාචාරමය අයිතියක් තියෙනවද?

      Delete
    2. ඇනෝ,
      බඩු ගැහිල්ලයි නඩු ඇහිල්ලයි දෙකක් විදියට කලාට අපිට මොකෝ. නමුත් බඩු නඩු එක්ක පටලවාගැනීම අවුල්. ඔය කියන මහත්තයට තියෙන්නෙ අාං ඒ චෝදනාව.

      Delete
    3. එහෙන් මෙහෙට පනින එකයි මෙහෙන් එහෙට පනින එකයි දෙකම එකයි.
      මෛත්‍රි ආව කියල කිසි වෙනසක් වෙන්නෙ නෑ මහින්ද විදියම තමයි මේ ක්‍රමයම තමයි.
      සමහරක්ගේ කතාව ඕකනෙ.
      සම හරක් මොකක් කිව්වත් උත්තරේ ඊට වඩා මහින්ද හොදයි කියන එකයි. එහෙම කියන හරක්ට අනුව අපි එහෙනම් මුකුත් කතා නොකර ඉමු මහින්දටම ඕන විදියකට කරගෙන යන්න දීල ඔහේ පැත්තකට වෙලා ඉමු.

      Delete
    4. /බඩු ගැසීම සහ නීතිය අතර ඇති සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරනවද?/
      හිතෙන ඕනෑම බඩුවකට ගැසීමට නීතියෙන් අවසර නැත. නිසි වයසට (16ට) වැඩි වීම සහ බඩුවගේ කැමැත්ත අවශ්‍යවේ.

      / බඩු ගැසීම රටක නීතිය නැති කර දමනවා නම්.../
      නීතිමය රාමුව තුල බඩු ගැසීම ගැටළුවක් නොවේ. මාතලන් පමනක් නොව පැරා රාජ් මාරයා අභීත කැලුම් බී ඕනයා අටමා ඇතුළු බ්ලොග්කාරයෝ සියල්ල බඩු ගසති. සිතුමිණ පොන්නයෙක් ගැසූ ආකාරය ටැබූ සබ්ජෙක්ට් ලියන කාලයේ ලිව්වේය. නීතීඥ නිමල් සිරිපාල ඇමතිවරයා බඩු ගැසුවේ අමාත්‍යංශයේ තියාගෙනය. රස්තියාදුකාරයන් සහ සංචාරක මග පෙන්වන්නන් පමණක් නොව දේශපාලනඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාඨශාලාචාර්යවරුන්, බ්ලොග්කරුවන්, නක්ෂත්‍රකරුවන්, කවියන්, කාර්මිකයන් ආදී සමාජයේ සෑම තලයකම බඩු ගැසීම සිදුවේ.

      නීතිය නැතිවන්නේ ගහන බඩුවට සපෝට් එකට අනිත් උන්ට කෙල කිරීමෙනි. නැත්නම් නඩුකාරයන් බඩුකාරයන් වූ විට ගැටලුව වන්නේ රෑ එළිවෙනකම් බඩු ගසමින් සිට පහුවෙනිදා උදේට ගොස් මෝල්පිට නඩු තීන්දු දීමෙනි.


      Delete
    5. එතකොට බඩු කාරයෙක් රටේ පාලකයා වූ විට?

      Delete
    6. මහින්දට බඩු සප්ලයි කරේ මර්වින් සිලවා නේද?

      Delete
    7. අයියෝ පැරයියේ ආතල මාතෘකාවක් ගැන සංවාදයක් යනකොට ඒකට කෙලවන්න කමෙන්ට් කපන්න එපා අයියේ

      Delete
  8. / විපක්ෂය තෝරා ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නිදහස පිළිබඳ අපේක්ෂා සහිත ඉදිරිගාමී පියවරක් වීමත්, ආණ්ඩුව තෝරා ගැනීම යනු ඍජුවම පවුල්වාදය, දූෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා ඒකාධිපතිවාදය සරණ යාම වීමත් නිසා ය./

    ආණ්ඩුවට යන උන්ට සල්ලි හම්බවෙනවා. ඒකහරි.

    එතකොට මේ පැත්තට එන අයට කීයක්වත් හම්බවෙන්නෙම නැද්ද? උන් පට්ට අවංක යහපාලනය නැති නිසා නින්ද යන්නේ නැති සුපිරිසිදු චරිතද? චන්ද්‍රිකා පැත්තකින් තියමුකෝ. රාජිතල නවීන්ලා දුමින්දලා ගියේ යහපාලනය ගෙන පරම පවිත්‍ර චේතනවෙන්ද? ගිලෙන නැවෙන් පැනල බේරෙන්න එහෙම නෙවෙයිද? කොහොමත් නැව ගිලුනේ නැත්නම් මේගොල්ලන්ගේ අවංක බව බලාගන්න පුළුවන් වෙයි බිම දිගේ බඩගාගෙන රජාගෙන් සමාව ඉල්ලන්න යනකොට. අනිත් එක මර්වින් සිල්වත් මෛත්‍රීට කතාකරානේ එන්නද අහන්න. මර්වින් ආවනම් ඒ එන්නෙත් යහපාලනය ගේන්නද?

    මේකනම් මාරයි මෙයා. මට නිකම් පිස්සු වගෙයි.

    අනිත් එක පැරෝ හරීන් ප්‍රනාන්දු මේපාර පනින්නේ නෑ. උන්ට මොලේ තියෙනවා උඹට වඩා. හරීන්ගේ වයස තාම අවුරුදු 36. මිනිහට යූ එන් පී ආණ්ඩුවක් එනකම් බලං ඉන්න එක වාසියි. දයාසිරිට වෙච්ච දේත් දැක දැක ආණ්ඩුවට එන්න මිනිහට පිස්සු තියෙන්න ඕන. ජෝන්ට තව බලං ඉන්න කාලයක් නෑනේ. ඉතිං මිනිහා අනිවා ආණ්ඩුවට එකතු වෙනවා. උඹ හිතං ඉන්නවා වගේ පට්ටි ගොන්නු නෙවි දේශපාලකයෝ කියන්නේ. තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතල තමයි උන් තීරණ ගන්නේ. නැතුව සල්ලි දුන්නු පලියට උන් එන්නෙවත් යන්නේවත් නෑ. උන් "බහුතර ජනතාව" හිතන විදිය දන්නවා. කුට්ටිආරච්චි ආණ්ඩුවට ආවේ සාල්ලි වලට විතරද? නෑ මිනිහට මොනරාගලින් පාර්ලිමේන්තුවට එන්න නම් සන්ධානෙන් ඉල්ලන එක වාසි නිසයි මිනිහ පැන්නේ.

    ReplyDelete
    Replies
    1. පැරා පැහැදිලිවම කියා තිබෙනවා බලාපොරොත්තුව 1% වෙනසක් බව...

      //Change will not be 100%. But 1% is also a change. I prefer it over present dictatorship.//

      ඔබ කියන්නේ 1% වෙනසක් වත් වනවාට වඩා පවතින තක්කඩි පාලනය අගනා බවද?

      Delete
    2. වත්මන් පාලනය තක්කඩි බව සහ මහින්ද ගෙදර යවන්නට හේතු ඕන තරම් ඇති බවට විවාදයක් නැත.

      ගැටලුව ඇත්තේ මහින්ද ගියාට පස්සේ වෙන්නේ මොකක්ද කියන එකය.

      ඔය කියන 1% හොඳ පැත්තට වන බවට ඇති සහතිකය කුමක්ද?

      මෛත්‍රී පසුපස සිටින්නන්ගේ පරණ වැඩ කිඩ මතක අපිට මේ තියෙන තක්කඩිකම් වලට අමතරව තව ගොන්පාට් එකතු නොවන බවට කිසිදු විශ්වාසයක් නැත.

      තව දින දෙකකින් එළිදක්වන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්වත් මෛත්‍රී දින්නට පස්සේ කරන්නේ මොකක්ද කියල කිව්වොත් හොඳයි.

      මම කලින් තැනකත් ඇහුවා වගේ ලසන්ත මරපු එකෙයි රෝහණ කුමාර මරපු එකෙයි වෙනසක් තියෙනවද? චන්ද්‍රිකාගේ කාලේ මර්වින්ගේ පුතා කල්බ් වල වලි දාගත්තේ නැද්ද? මනෝ තිත්තවල්ලලා චන්ද්‍රිකාගේ පිහිටෙන් හම්බ කරගත්තේ නැද්ද? ඒ දවස්වල අධිකරණයෙන් තෝරු මෝරු කාටහරි දඬුවම් දුන්නද?

      Delete
    3. අපි ඔක්කොම වතුර ටැංකියක ගිලී ඉන්නවා...

      ටැංකියේ පාලකයා අපිව නහය ගාවටම වතුර තියෙද්දී අමාරුවෙන් හුස්ම ගද්දී දිගටම පාලනයේ ඉන්න හදනවා...

      ඌ ලඟ හිටපු තව අපතයෙක් ඇවිත් හිටං කියනවා දනිහ ගාවට වතුර අඩු කරලා දෙන්නං කියලා...

      දැං අපි මක්කද කරන්නේ?

      අර ආපු අපතයා දැං ඉන්න තක්කඩියා නෙවෙයිනේ....

      ඌ වතුර කලදක් වත් අඩු කරයි කියන විශ්වාසයෙන් අපි ඌ ට පාලනය දෙනවාද?

      නැත්තං ඌත් ඉන්න තක්කඩියා ලඟ හිටපු නිසා ඉන්න තක්කඩියා ම හොඳයි කියලා හිටං මෙහෙමම ඉන්නවාද?

      Delete
    4. චන්ද්‍රිකා එක්ක බැලුවම මහින්ද ඊට දහස් ගුණයක් හොඳයි.. අනික 1% වෙන දැනෙන වෙනසක් නෙවෙයි නේ.. දින්නොත් ඕනම් නම් 18 අයින් කරලා.. 17 ගෙනෙයි එච්චරයි. අනිත් ඔක්කෝම එහෙමමයි..

      Delete
    5. අහෝ මාතලන්.....

      //දින්නොත් ඕනම් නම් 18 අයින් කරලා.. 17 ගෙනෙයි එච්චරයි.//

      ඒ මදෑ....

      Delete
    6. අපි දිගින් දිගටම මෙහිදී කියා සිටින්නේ වෙනස් වන්නට නම් ජනතාව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි. ඔබත් මේ රටේ ජනතාවට අයිති යයි ඔබ සිතනවා නම් වෙනස වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. එය කාටවත් කොන්ත්‍රාත් දී බලා සිටිය හැකි දෙයක් නොවේ. කල් දැමිය හැකි දෙයක් ද නො වේ.

      ඉදිරිගාමී මහජන ක්‍රියාකාරකම් කෙරෙහි අසුබවාදිත්වය ප්‍රතිගාමිත්වයේ ලක්ෂණයකි.

      Delete
    7. ඔය බුවයියා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. කුකුල් කොටුවේ පාලනය නරියාගෙන් වෘකයට දුන්නාම සියළු ප්‍රශ්න බලා ඉන්දැද්දි විසඳෙනවා.

      පැරා කියන්නෙත් ඇත්ත. ඔබත් වහාම මේ බ්ලොග් එකේ වෙනස වෙනුවෙන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කමෙන්ට් කොට වෙනස ඇති කිරීමට දායක වන්න.

      Delete
    8. /නැත්තං ඌත් ඉන්න තක්කඩියා ලඟ හිටපු නිසා ඉන්න තක්කඩියා ම හොඳයි කියලා හිටං මෙහෙමම ඉන්නවාද?/

      දැන් ඉන්න තක්කඩියා ළඟ හිටපු අපතයෙක් දෙන පොරොන්දුව සලකා බැලිය හැකි බව පිලිගනිමි.

      ගැටලුව තිබෙන්නේ අපතයාව තක්කඩියාගෙන් කඩලා අපි ගාවට එව්වා තක්කඩි ගෑනි අපිව පාලනය කරපු කාලේ නහයෙනුත් උඩට වතුර ගිහින් තිබ්බ එකනේ. ගෑනි එළවලා ආපු රනිල්ට අවුරුදු දෙකේම උනේ ටැංකියේ වතුර ඉහින්න.

      /ඉදිරිගාමී මහජන ක්‍රියාකාරකම් කෙරෙහි අසුබවාදිත්වය ප්‍රතිගාමිත්වයේ ලක්ෂණයකි. /

      හා.

      ඉදිරිගාමී ප්‍රගතිශීලී වැඩකාරයා වෙනස වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා බ්ලොග් ලියනවා. මෛත්‍රී දින්නොත් ඊට පස්සෙත් බ්ලොග් ලියනවා. මෛත්‍රීව පෙන්නලා චන්දෙ ගත්ත උන් අජිත් පැරකුම් ජයසිංහගේ බ්ලොග් එක බලලා හොඳ ළමයි වෙනවා. ඊයේ බිව්වේ මොනවද පැරා? ජොනියගේ අරක්කුද නැත්නම් ලක්ෂ්මන් වසන්තගේ හාල් වලින් පෙරන බියර්ද? රුපියල් හැටක් වැඩිපුර දීලා සංස්ථා ගල් බෝතලයක් ගන්න. පහුවෙනිදා ඔලුවේ කැක්කුම තිබ්බට මොලේ කොලොප්පන් වෙන්නේ නෑ.

      Delete
    9. //තක්කඩි ගෑනි අපිව පාලනය කරපු කාලේ නහයෙනුත් උඩට වතුර ගිහින් තිබ්බ එකනේ//

      මහින්ද චන්ද්‍රිකා සංසංදනය කිරීමෙන් පළක් නෑ....කොටිං කියනවා නම් මෙතන චංද්‍රිකාගෙන් වැඩක් නෑ.... චංද්‍රිකා නැවත බලයට එන්න නම් නම් ජනතාව චංදය දෙන්න ඕන...

      //හා.//

      දේශපාලනය සදාතනික ක්‍රියාවලියක්... සදාකාලිකවම යහපත් සමාජයක් වෙනුවෙන් මිනිසා අරගල කල යුතුයි....


      Delete
    10. //දින්නොත් ඕනම් නම් 18 අයින් කරලා.. 17 ගෙනෙයි එච්චරයි.//

      ඒ මදෑ....

      නෑ ඒ මදි.


      ඇත්තටම බුවා අංකල් ඔයාට කියක් හම්බ වෙනවද මේ M3 ප්‍රවර්ධන වැඩසටහන මෙහෙයවනවට ? ඔයා විකිනුන ගාන කීයද ??

      Delete
    11. දේශපාලනය සදාතනික ක්‍රියාවලියක්... සදාකාලිකවම යහපත් සමාජයක් වෙනුවෙන් මිනිසා අරගල කල යුතුයි....

      ඒක වෙන්ඩ ඇති රනිල් වික්‍රමසිංහ මැරෙනකල් විපක්ෂනායක කමේ ඉන්න යන්නෙ...

      Delete
    12. /මහින්ද චන්ද්‍රිකා සංසංදනය කිරීමෙන් පළක් නෑ....කොටිං කියනවා නම් මෙතන චංද්‍රිකාගෙන් වැඩක් නෑ/

      චන්ද්‍රිකාගෙන් මටත් වැඩක් නෑ.

      ඒත් බලන්නකෝ මෛත්‍රීගේ පලවෙනි මාධ්‍ය සාකච්චාව. අර එලියට බැස්ස ගමන් තියපු එක. මෛත්‍රීට කතාකරා ඇති කියන්නෙත් චන්ද්‍රිකානේ. ඒ අපි චන්දෙ දීලද මෛත්‍රී කතාකරන එක චන්ද්‍රිකා නැවැත්තුවේ.

      චන්දෙ දිනලා චන්ද්‍රිකා එනවනම් කරන්න දෙයක් නෑ. මොකද මම අකමැතියි කියන එක අදාළ නෑනේ.

      නමුත් වැඩකට නැති චන්ද්‍රිකා (අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ඉල්ලලා බලන්න කියන්නකෝ දිනන්නේ යූ එන් පී එකේ හර්ෂනද චන්ද්‍රිකාද කියල බලන්න) අපි මෛත්‍රීට චන්දෙ දුන්නම ඒක පොකට් ගහලා මෛත්‍රීට වැඩ කරන්න ඕන විදිය කියල දෙන එක තමයි අවුල.

      Delete
    13. /ඒක වෙන්ඩ ඇති රනිල් වික්‍රමසිංහ මැරෙනකල් විපක්ෂනායක කමේ ඉන්න යන්නෙ.../

      අපට පාන් නැතත්

      2019-2022 කාලය තුල රනිල් විධායක ජනාධිපති වනු ඇත.

      Delete
    14. ආවම කොහොම වෙයිද දන්නේ නෑ. මම ජනපති උනත්, චන්ද්‍රිකාට, රනිල්ට මැඩම්, සර් ගානවා කියන කෙනෙක්ගේ පෞර්ෂත්වය ගැන බුවාට ගැටළුවක් ඇත්තේම නැද්ද...?

      Delete
    15. රනිල්ට මැඩම්සර් කියන එකේ වරද මොකද්ද? ඌ කරන්නෙ ඒ වගේ වැඩනෙ.

      Delete
    16. /දේශපාලනය සදාතනික ක්‍රියාවලියක්... සදාකාලිකවම යහපත් සමාජයක් වෙනුවෙන් මිනිසා අරගල කල යුතුයි..../

      සම හරක් මහ ලොකුවට බ්ලොග් ලිව්වට ඕක තේරෙන්නෙ නෑ. නම නොකිව්වට මේ බ්ලොග් කියවන උන් දන්නව මෙහෙම කියනකොටම කා ගැනද කියන්නෙ කියල. මොකක් කිව්වත් කට ඇරගෙන ඉන්නෙ ඊට වඩා මහින්ද හොදයි කියන්න.

      Delete
    17. ///ඒත් බලන්නකෝ මෛත්‍රීගේ පලවෙනි මාධ්‍ය සාකච්චාව. අර එලියට බැස්ස ගමන් තියපු එක. මෛත්‍රීට කතාකරා ඇති කියන්නෙත් චන්ද්‍රිකානේ.///

      ///මම ජනපති උනත්, චන්ද්‍රිකාට, රනිල්ට මැඩම්, සර් ගානවා කියන කෙනෙක්ගේ පෞර්ෂත්වය ගැන බුවාට ගැටළුවක් ඇත්තේම නැද්ද...?///

      වෙනත් ප්‍රශ්ණ නැතිද මහත්වරුණි?

      Delete
    18. Anybody with brains should realize that the whole circus of common-candidate is just get power to two rejected politicians Chandrika and/or Ranil. How democratic is that?

      In the beginning, the main objective of the common candidate is to abolish the Executive presidency. I didn't hear a single reference of that lately from anyone in the CC's camp.

      Delete
    19. Machanla, Thissakuttiarachhci ta naduwak thiyanawa neda?Election violence case ekak?
      It may be one reason for the bugger switched sides, apart from a big chunk of $$$$$$$$$$$

      Delete
  9. සමාජවාදය ජීවන විලාසිතාවක් ලෙස ප්‍රවර්ධනය කරන්නට වෙහෙසුනු පැරා දැන් නාමික විපක්ෂයෙන් ආණ්ඩුවට පනින එවුන් දැක අප්සෙට් නොවීමට ජන මනස සූදානම් කිරීමේ ඓතිහාසික කාර්යභාරය පටන් ගෙන ඇත. ජය වේවා......... ඒ සමගම තවත් දෙයක් කරන්නට තිබේ. එනම් ජනවාරි 9 වැනිදා වන විට මෛත්‍රී පැරදුනු පසුව එය දරා ගන්නට ද ජන මනස සූදානම් කිරීමයි.
    අප නම් නැවතත් කියන්නේ එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් පනින පැනිලි දෙකම එකක් බවයි.
    ආණ්ඩුවෙන් මෛත්‍රි පැත්තට පැන්නේ ඔහු දිනවිය හැකි බවට විශ්වාස කර එසේ දිනූ පසු ඒ රජය තුල තම පැවැත්ම හා බිස්නස් තහවුරු තර ගැනීමේ අපේක්ෂාව සහිත අයයි. මෛර්‍තී පැරදුනද ඔවුන්ට ගැටළුවක් නැත. මහින්දගෙන් සමාව ඉල්ලා නැවත ඒමේ හැකියාව ඔවුන්ට ඇත. ඒ සඳහා ඕනැම නිර්ලජ්ජිත කතාවක් ඔවුන්ට ගෙතිය හැක.
    විපක්ෂයෙන් ආණ්ඩුවට පනින්නේ මහින්ද දිනනු ඇති බවට විශ්වාස කොට ඒ ආණ්ඩුව තුලින් සිය පැවැත්ම තහවුරු කර ගැනීමටයි.මහින්ද පැරදුනද ඔවුන්ට ගැටළුවක් නැත. රනිල්ගෙන් සමාව ඉල්ලා නැවත ඒමේ හැකියාව ඔවුන්ට ඇත. ඒ සඳහා ඕනැම නිර්ලජ්ජිත කතාවක් ඔවුන්ටද ගෙතිය හැක. ඒ හැර ඔය පැරා කියන ජාතියේ බක්කක් ඔය එකෙක්ගේ වත් ඔළුවේ නැත.

    ReplyDelete
    Replies
    1. AnonymousDecember 18, 2014 at 11:04 AM
      නිවැරදියි එකඟයි.........
      නමුත් මේ මොහොතේ චන්ද දායකයා කල යුත්තේ කුමක්ද? මේ තක්කඩි පාලනය අනුමත කිරීමද? නැතිනම් ප්‍රතික්ෂේප කිරීමද?

      පිළිතුර ප්‍රත්ක්ෂේප කිරීම නම්, කළ යුත්තේ ඇනෝ කී පරිදි පොද්දා ප්‍රවර්ධනය කිරීමයි.... (කඩේ යාම ලෙස කීමේ වැරැද්දක්ද නැත)

      Delete
    2. /නමුත් මේ මොහොතේ චන්ද දායකයා කල යුත්තේ කුමක්ද?/

      චූ කරලා බුදිය ගැනීම.

      Delete
    3. මෛත්‍රී පැරදුණත් අපේ සටන අපි ඉදිරියට ගෙන යා යුතුයි. පැරදුණා කියලා අපි මෙතෙක් අතහැර දාලා නැහැ.

      Delete
    4. අන්න ග්‍රේට් කියමනක් පැරා. 2010 දි සරත් ෆොන්සේකා ඉල්ලනකොට අපි කිව්වෙත් ඕකම තමයි.

      Delete
    5. අපේ ගොනා , අපිට හොඳා.

      Delete
    6. //මෛත්‍රී පැරදුණත් අපේ සටන අපි ඉදිරියට ගෙන යා යුතුයි. පැරදුණා කියලා අපි මෙතෙක් අතහැර දාලා නැහැ.//

      පැරා, මෙක "මෛත්‍රී දින්නත් පැරදුණත්" යනුවෙන් සංශෙඔධනය විය යුතුය. අපේ සටන මෛත්‍රී දිනවීම නොව යහපාළනය ඇති කිරීමයි. මහින්ද පැරදීම යනු "සොරෙකුට ඉඩක් නැත" යන්න ජනගත කිරීමක් පමණි. සටන ඉන් අවසන් විය යුතු නැත.

      Delete
    7. ඉන්දික......

      මේ නිස්චිත මොහොතේ නිහඬව සිටීම පවතින තත්ත්වය ඉතා අධම තත්ත්වයක් දක්වා ඇද දමීමකි.........

      //මහින්ද පැරදීම යනු "සොරෙකුට ඉඩක් නැත" යන්න ජනගත කිරීමක් පමණි. සටන ඉන් අවසන් විය යුතු නැත.//

      මේ ඉතා වැදගත් සටන්පාඨයකි......

      Delete
  10. අද මොකද බාගෙට බාගයක් කමෙන්ට් ඉංග්‍රීසි? අපේ මාරයියා කියනවා ඕවට එන්න එපා මේ සිංහලයගේ සිංහල රටේ කියලා. වහාම පරිවර්තනයක් නොදැම්මොත් පැරාගේ ඇල්ටෝ එකේ රෝද දෙකක හුළං අරින බව මාරයියා නිවේදනවය කරනවා.

    ReplyDelete
  11. 50 up shall we try for 100 comments?

    ReplyDelete
  12. වියට්නාම් යුද්ධය කාලේ ඇමෙරිකාවේ ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් (LBJ). මේ ඒ කාලේ ප්‍රකට සටන් පාඨයක්.

    LBJ, LBJ How many kids you killed today?

    අදට ගැළපෙන හැටියට වෙනස් කළා.

    APJ, APJ How many comments you blocked today?

    ReplyDelete
  13. පැරයියේ ඒව නම් කැත වඩ හොදේ ඔයාගෙ සමාජවාදී ජීවන විලාසිතාවට ගැලපෙනවද ඇ?

    ReplyDelete
  14. Ajith why are you leaving comments that are referring to CTKumara (Maraya)? If you are going to censor derogatory comments please do it for all such comments.

    ReplyDelete
  15. මෙත්‍රී පිල තුල ඇති මේ බිම් මට්ටමේ දුර්වලතාවට මුලිකවම වගකිව යුත්තේ එජාපයයි.රටේ ප්‍රධානම විපක්ෂයට දශක ගණනාවකට පසු බලයට පත් වීමට ලැබෙන මේ අවස්ථාව හරි හැටි කළමනාකරණය කර ගන්නවා වෙනුවට තමුන්ගේ කුට්ටිය ගැන මූද හත් ගව්වක් තියෙද්දී සිතීමත්, කකුලෙන් ඇදීම් සහ කර ඇරීම් නිසා මේ වන විට චන්ද්‍රිකා සහ චම්පික රණවක වැන්නන් මත දුවන බිම් මට්ටමක් නැති ජන්ද ව්‍යාපාරයක යෙදීමට මෙත්‍රීට සිදුව ඇත. ජන්දයේ බර ඇදිය යුතු කරු සජිත් රවී ආදී දෙවැනි පෙළ නායකයන් සිටින්නේ ආණ්ඩුවට පනිනවාද නැද්ද යන දෙගිඩියාවකය.පක්ෂයේ දෙවැනියා වන සජිත් පසුගියදා සිරස සටන වැඩසටහනට සහභාගි වුයේ ජන්ද ව්‍යාපාරයකට නායකත්වය දෙන්න්නෙකුට වඩා ලිස්සා කර අරින දියාරු දේශපාලකයෙකු ලෙසිනි.යොවුන් පෙරමුණේ නායකයා වන රුවන් විජේවර්ධන ප්‍රශ්න වලට උත්තර දුන් අයුරු දුටු විට සිතුනේ යූ ඇන් පීයට තරුණ නායකයන්ගේ සාගතයක් ඇති බවයි.එදා 2005 දී මහින්ද රාජපක්ෂගේ ජන්ද සටන තුල සියල්ලන්ම කර අරින විට බර දැරුවේ ජවිපෙයි.අද අඩියෙන් අඩියට කටවුට් ගහන මහින්දට එදා එකෙකුවත් නැති විට පෝස්ටර් ගැහුවේ ජවිපෙයයි .උන්ට එජාපෙන් දහයෙන් පංගුවකවත් ජන්ද පදනමක් නැත.හැබැයි එජාපෙට ජවිපෙන් සීයෙන් පංගුවකවත් දේශපාලන විනයක් ජවයක් හෝ කුට්ටිය ගැන නොසිතා ගේමකට බොක්කෙන්ම බැස ගේම ඉවර කරන උණක් තිබුණා නම් මෙත්‍රීගේ මීටිං වලට බස් නොදා අල්ලස් නොදී ගලා එන දාස් ගාණක් ඔලු ගෙඩි ජන්ද බවට හැරවීම කජ්ජක් නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා