කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැරි වුණොත්.......

අන්තර්ජාලයේ හා සමාජ ජාල වෙබ් අඩවිවල කට කතා නිර්මාන මේ වන විට අතිශය විනාශකාරී තත්වයකට පත්ව තිබේ. 

එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බව පෙනෙන වෙබ් අඩවි කීපයක් කලක සිට ම ආණ්ඩුවට හා විපක්ෂයේ තම සතුරන්ට එරෙහිව ප්‍රබන්ධ ලිවීම ජීවනෝපාය කරගෙන තිබිණි. මෑතක සිට හතු පිපෙන්නා සේ මෙවැනි ඕපාදූපකාරයන් බිහි වී තිබේ. 

ඔවුන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තොරතුරු මූලාශ්‍රවල හිඟයයි. එහෙත්, ඔවුන්ට හොඳ පරිකල්පනයක් තිබේ. ඇසින් දුටුවා සේ අල්ලේ පැලවෙන බොරු ලියන්නට ඔවුහු සමත් ය. 

ඔවුන්ගේ ප්‍රවෘත්තිවල මූලාශ්‍රය ඔවුන්ගේ ම මනෝරාජික අපේක්ෂා ය. මේ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග බද්ධ වෛරයකින් පෙළෙති. එහෙයින් අතට හසු වන ඕනෑම දෙයකින් ඔහුට පහර දෙති. 

ඔවුන්ගේ මනෝ ලෝකය පොළවේ නැත. එහෙත්, ඔවුන්ට රැවටෙන ඇතැමෙක් ඒ ලෝකය භෞතික ලෝකය තුළ සොයන්නට දත කති. නැති තැන අපේක්ෂා භංගත්වයට පත් වෙති.

විපක්ෂ පොදු අපේක්ෂකයා ඉදිරියේ තිබෙන ලොකු ම අභියෝගයක් වන්නේ මේ ඕපාදූප නිර්මානකරුවෝ ය. ඔවුන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධ යථාර්ථය බවට පත් වන තෙක් බලා සිටින එජාප පාක්ෂිකයෝ එසේ නො වූ කල පහසුවෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙති. 

මහින්දගේ ආශ්චර්යයන්ට ගැලපෙන දේශපාලන විජ්ජා පෙන්වන පොදු අපේක්ෂකයකු පිළිබඳ නිර්මානය කරන ලද අපේක්ෂා මේ වන විටත් බිඳ වැටී තිබේ. අහවල්ලු එති, අයවැය පරදියි, පළාත් සභා බලය අල්ලයි, පාර්ලිමේන්තුවත් හොල්ලයි ආදී වශයෙන් කියවෙන කටකතාවලින් ජනතාව නො මග යැවීම අතිශය භයානක ය.

මේ ඕපාදූපකාරයන්ට මුදල් සපයන එජාපය එයින් තමන්ට වන හානිය ගැන දැන්වත් සිතිය යුතු ය. 

මාධ්‍ය දේශපාලනය කියන්නේ ඕපාදූප නිර්මානය නොවේ. ජනතාව තුළ අදහස් ගොඩනැගීමයි.

විපක්ෂ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ ප්‍රගතිශීලී අදහස් ගොඩනැංවීමකි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, දූෂණයට එරෙහි අරගලය, යහපාලනය, සංහිඳියාව, නිදහස, සංවර්ධනය වැනි මාතෘකා ජනතාව අතරට ගෙන යා යුතු ය.

ආණ්ඩුව මඩ දේශපාලනය ආරම්භ කර තිබේ. විපක්ෂය එයින් මිදිය යුතු ය. මෛත්‍රීපාල සිරිසේන මහනායක හිමිවරුන් හමු වීමෙන් පසු කළ ප්‍රකාශය තුළ වැදගත් කරුණක් තිබිණි. මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව, විනයගරුකව, හික්මීමකින් යුක්තව, ශීලාචාරව, කිසිවකුට අගෞරව නො කර, චරිත ඝාතනවලින් තොරව පවත්වාගෙන යන බව ඔහු නිවේදනය කළේ ය. 

විපක්ෂ පොදු අපේක්ෂකයකු ගොඩනැගීමට අප උත්සාහ කළ යුතු ය. ඔහු හැකි තරම් දුරට රාජපක්ෂ ක්‍රමයට විකල්පයක් බවට පත් කළ යුතු ය. 

මාධ්‍ය විසින් ජනාධිපතිවරණ සටන යොමු කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂ ක්‍රමයෙන් ඉවතට මිස තව දුරටත් එය තුළට නො වේ. 

2010 ජනාධිපතිවරණ සටනින් පාඩම් උගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැබයි ඉතින් එහෙම කරලා හරියන්නෙත් නෑ. හැබයි පුක කැඩිච්ච කඩි වගේ පිසු වැටිලා දඟලන්න ඕනත් නෑ. කොහොම හරි මෛත්‍රී එක පාස්, දෙක ෆේල්..

    ReplyDelete
    Replies
    1. එහෙම නම් මෛත්‍රීට ටියුෂන් දීලා තුන පාස් කරවමු.

      Delete
    2. දුකට පත්මාNovember 24, 2014 at 10:39 PM

      මා සහ පැරා වැනි විශාරද බොගයන්ගෙ අනාගත දේශපාලන අනවැකී සහ විචාර එදිනෙදා සිදුවීම් වලින් අන්දමන්ද වී,නාහෙන් අඬන සුපර්ස්ටාර්ල දෙන්නෙක් බවට පත්වීම, මා වැන්නෙකුට ඉවසිය හැකි නොවේ.

      Delete
    3. දැරියන් 29 ක් ඝාතනය කරන මහා බිලී පූජාවක් ! අම්මේ තාත්තේ ඔබේ දැරුවා ‍රැකගන්න


      ඒකාධිපති වියරුවෙන් මනස විකෘති වි තමන් අතින් ගිලිහෙන බලය හා කොල්ලකා ගත් අතිමහත් මහජන දේපල අහිමිවීමේ බියෙන් මනස විකෘතිව සිටින ඒකාධිපති රාජපක්ෂ රෙජිමය මහා බිලී පූජාවක් පවත්වා බලය ‍රැක ගැනීමේ තකතීරූ උත්සාහයක යෙදෙන බව ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙත අනාවරණය වේ.

      මේ සම්බන්ධයෙන් තහවුරු කළ ආරංචි මාර්ග අනුව මෙය වයස අවුරුදු 9 යේ අහිංසක කුඩා දැරියන් 29 ක් බිලි දෙන මහා බිලි පූජාවකි. සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දරුවන් පැහැර ගැනීම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. මෙය ඉන්දියාවේ ගුරුකම් ශ්‍රාස්ත්‍රකරුවකුගේ උපදෙස් මත සිදු කෙරෙන අතර මේ කටයුත්තට මැදිහත්ව සිටින්නේ එල්ටීටීඊ සංවිධානයෙන් ආණ්ඩුවට එකතු කරගත් ප්‍රබලයන් දෙදෙනෙකි.

      දකුණු ඉන්දියාවේ අති බලැති මලයාලම් ගුරුකම් පිලිබද විශේෂඥ කණ්ඩායමක් මේ වන විටත් ලංකාවට ගෙන්වා තිබේ .දැනට ලැබුන ආරංචි මාර්ග අනුව උතුරු ප‍්‍රදේශයේ විශේෂ මැදුරක මෙම යාගය පැවැත්වීමට සැලසුම් කර ඇත.

      ජෝතිෂ්‍ය හා ගුරුකම් ගැන අති මහත් විස්වාසයක් තබා සිටින මේ ඒකාධිපතියන් තම බලය අවසන් මොහොතේ රැක ගැනීමට කළ හැකි සෑම දෙයක් ම කරනු ඇත. බිලියන් ගනනක එල්ටීටීඊ සල්ලි සහ රත්තරන් ටොන් ගනනින් තමන් අතට පත් කරගත් බොරු දේශපේ‍්‍රමීන් බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම පහත් ක‍්‍රියාවකට පෙළඹීම ගැන පුදුම වන්නට දෙයක් නැත.

      නිශ්චිත වශයෙන්ම ජනවාරී 08 වන දින ජෝතිෂයවේදීන්ගේ උපදෙස් මත ජනාධිපතිවරණය පැවැත්වෙන බව මුල් වරට හෙළිදරව් කළේ අප විසින් වන අතර එම තොරතුරු මුලාශ්‍රය විසින්ම මෙම තොරතුරු අප වෙත ලැබිමට සැලැස්වීය..
      .....

      පැරාටත් ගැහැණු දරුවෝ ඉන්නවා නේද? පරිස්සමෙන්.

      Delete
    4. ඇත්තටම මේ ප්‍රවෘත්තිය හරි එකක්. ඒත් වෙන්නේ මෙහෙම නෙවෙයි.. මුලින්ම මේ විදියට ප්‍රචාරයක් යවා, ඉන් අනතුරුව රනිල්ගේ සුවච කිකරු දඩ බල්ලකු වන මෝදරවානේ ගුරුසිංහ යන මැරයා ලවා ලංකාවේ ස්ථාන කිහිපයකින් දැරියන් පැහැර ගැනීම කරනු ඇත. ඉන් අනතුරුව එකී දැරියන් මේ ආකාරයෙන්ම බිලි පූජාවකට ලක් කිරීමට නියමිත අතර එම බිලි පූජාව පැවැත්වෙන්නේ මෑතකදී තිරුපති වැඳිමට ගිය රනිල් වික්‍රම සිංහ හට එහිදි හමුවූ ඔහුගේ ප්‍රදාන ගුප්ත උපදේශකයකු වන නාන්දු මලෙයි බ්‍රහ්මමූර්ති නම් වූ ඉන්දියානු සාමිවරයාගේ උපදෙස් මතය. මෙම බිලි පූජාව කර තමාට ඇති අපල දුරු කර ගන්නා ලෙස එකී සාමිවරයා විසින් රනිල්ට දැන්වූ පසුව රනිල් එය මාගේ ළගම හිතවනුත් කිහිපදෙනෙකු හරහා ඉටු කරන්නට යන විට කෙසේ හෝ මලික් සමරවික්‍රම අතින් මංගලගේ කනට වැටී ඇත. එයින් පසුව මංගල වහාම රනිල් හමු වී මෙය මෙසේ නොකරනා ලෙස දන්වා සිටියද රනිල් තම මතයේම සිට ඇති අතර පසුව කිසිවක් කරකියාගත නොහැකි වූ මංගල මෙය කරන්නට අවශ්‍යම නම් මෙයට වඩා සාර්ථක මෙහෙයුමකට අනුව කරමු යැයි පවසා මෙය ආණ්ඩුවේ ගිණුමට බැර වන සේ සැලසුම සාදා ඇත. එහි පළමු පියවර වශයෙන් පලමුව මෙසේ බිලි පූජාවක් මරා වෙනුවෙන් තබන බවට ප්‍රසිද්ධ කිරීමට පැරකුම් මහතාගේ බ්ලොග් අඩවිය ප්‍රයෝජනයට ගෙන ඇති අතර දෙවැනි පියවර වශයෙන් අංක තහඩු නොමැති සුදු වෑන් කිහිපයක් ආධාරයෙන් දිවයිනේ කිහිප තැනකින් දැරියන් පැහැරගෙන යනු ඇත. මේ සඳහා පහසුකම් සපයන්නේ මලික් සමරවික්‍රම වන අතර සියළුම වැඩ මෝදරවානේ ගුරුසිංහ ඇතුළු තවත් තිදෙනෙකුහට පමණක් පවරා ඇත. පිරිස වැඩි වීමෙන් වැඩ පිලිවෙල අවුල් විය හැකි නිසා අවම පිරිසක් සහභාගි කරගැනීමට නියමිත අතර මලික් සමර වික්‍රම විසින් මෙය මංගලට පැවසූ අවස්තාවේ එයට කුපිත වූ මංගල යම් අයකුට මෙය පැවසීම නිසා මෙම පුවත අප අතට පත්ව ඇත. එකි තොරතුරු වලට අනුව ඉදිරි සති දෙක ඇතුලත ඉන්දියාවේ සිට ගුප්තාචාරීන් සිව් දෙනෙකු මෙහි පැමිණිමට නියමිත අතර ඔවුන් හට සියළු නවාතැන් මහ නුවර වටපුළුවේ සූදානම් කර ඇත. සියලු යාග කටයුතු මහියංගනයට ආසන්න මහවැලි ගං ඉවුරේදී කරන්නට නියමිත අතර එකී ස්ථානය මේ වන විටත් හරියටම අප හට දැන ගන්නට ලැබී නැත.

      කොයි මොහොතේ හෝ මෙම සැලැස්මේ පලමු අදියර වශයෙන් මෙම ප්‍රචාරය ආරම්භ වූ අවස්තාවේදී මෙම කුමණ්ත්‍රණය හෙළි දරවු කිරීමට අප බලා පොරොත්තුවෙන් සිටි නිසා මෙය මෙසේ හෙලි දරවු කරන ලද බවද සඳහන් කර සිටිමි.

      Delete
    5. 100 ට 100 ක් අත්දුටුවයී !November 25, 2014 at 11:04 AM

      පැරකුම් සාමී
      w3lanka ගුරුකම් මැඳුර
      මතුගම.

      Delete
    6. පැරා කරුණාකරලා මේ මංගලගෙයි ඩලස්ගෙයි මිඩීයා යුනිට්වලට මේක තෝතැන්නක් කරන්න එපා. මේවා දැක්කම මිනිස්සු නිකං බය වෙනවා. කරුණා කරලා මේවා ඉවත් කරන්න.

      Delete
    7. බිලිපූජා වලට අපේ මාරයියා නම් විරුද්ධය.

      Delete
    8. මේක ඇත්තක්ද? අපිටත් ලමයි ඉන්නව.

      Delete
    9. බිලි දීම සඳහා මීගමුවේ සාන්ත මරියා පාසලෙන් සහ ගාල්ලේ සන්ඝමිත්තෙන් රැගෙන ආ දැරියන් තිදෙනෙකු දැනට හම්බන්තොට කාර්ල්ටන් නිවසේ සිරගතකොට ඇති බව අප වෙත දැන් ලැබුණු ප්‍රවුර්ථියකින් සනාථ වෙනවා.

      Delete
    10. මේ බොරු. කට කථා විශ්වාස නොකරන ලෙස අපේ මාරයියා සියල්ලන්ගෙන් ඉල්ලා සිටියි.

      Delete
    11. පොඩි නිවැරිදි කිරීමක් මීගමුවෙන් පැහැර ගත් ඒ දැරිවියන් තිදෙනාම මේ වන විට කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ නිවසක රඳවා ඇති අතර අද සවස්වන විට මහනුවර වටපුළුවේ මලික් සමරවික්‍රමගේ නිවසට ගෙන යාමට නියමිතයි.

      Delete
  2. අපේ මාරයියා නම් දැන් ආපහු මහින්ද අයියටම ඡන්දෙ දෙනවලු.

    ReplyDelete
    Replies
    1. මාරයියාට විරුද්ධව කකා සහ පැරා ගෙනයන ව්‍යාපාරය හෙලා දකිමු.

      කකා ලැම්බට් බව ප්‍රචාරය කලේ මාරයියා නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරමු. ලොරිය වැඩිමල් නැද්ද විමසූ ලපටියන්ට කියන්නට ඇත්තේ මාරයියා ලොරිය එලෙව්වාට ලොරිය සල්ලිවලට ගත්තේ නැති බවයි.

      කම්මැලි කමට ත්‍රීවීල් වල ගිහින් හයර් එක ගෙවල බහින්නේ නැතුව ගෙදර තියා ගත්තු එවුන් තමයි අපේ මාරයියාට මඩ ගහන්නේ.

      Delete
  3. ආංඩුවෙන් පනින උන් ගැන හිතල වැඩක් තියෙයිද? උන් පනිනකම් බලා ඉඳල වැඩක් තියෙයිද? පැන්නත් පනින්නෙ මේ රට උලාකාපු පරන මලහෝන්තු ටිකමනෙ.
    අද කලයුතු එකම දෙය ජනතාවට මැජික් පෙන්වීම නොව ජනතාව දැනුවත් කිරීමයි.

    ReplyDelete
  4. සාගරයේ නානා මාදිලියේ බෙල්ලන් ඉන්නවා එහෙත් මුතු ඇට තියන බෙල්ලන් හොයාගන්න අමාරුයි දුර්ලභයි. කැලයේ කොතරම් ගස්වර්ග තිබුනත් සදුන් වගේ වටිනා ගස් දුර්ලභයි. දිය ගොඩ කොතරම් ගල් වර්ග තිබුනත් මැණික් ගල් දුර්ලභයි. ඒ වගේ තමයි මනුෂ්ය සංහතිය ගත්තොත් මහින්ද රාජපක්ෂ මහතා තරම් සුවිශේෂි දුර්ලභ ඝණයේ සේනාධිපති නායකයෙක් මෙම ලෝ තලයේ නොමැත.

    ReplyDelete
    Replies
    1. සාධු, සාධු, සාධු....!!!!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මූලාශ්‍ර නැති මඩ කතා වලින්ම පිරුන සයිට් එකක් ගැන කියනවනම් , වීරවංසගේ සයිට් එකට ගහන්න එකක් නෑ. ඒකෙ ස්පෙෂලිටි එක තමයි 'වැල් බොරු'. හෙට කියන්න බලාපොරොත්තුවෙන බොරුවට අදාල පොඩි බොරුවක් අද දානවා. මඩත් එක්ක අනපු ප්‍රධාන බොරුව හෙට දානවා. සම-හරක් ඉතින්, ඊයේ ගියපු පොඩි බොරුව විස්වාස කරපු නිසා, ඒ අනුව, හෙට යන ලොකු බොරුව (+මඩ ) ත් විස්වාස කරනවා.

    සයිට් එක පටන් ගතිපු කාලෙ මමත් ඉඳහිට ඔය පැත්තේ කැරකුනා. සමහර කෑලි ටයිප් කරන්නත්, පොඩි පොඩි කෑලි ලියන්නත් සහභාගී උනා. ඒ කාලෙදි තමයි මට ඔය 'වැල් බොරු' තියරි එක අහන්න ලැබුනේ. කට්ටියගේ වැඩ දැන ගන්න , දැන ගන්න ඒ පැත්තේ යන එක එපා වෙලා නවත්තල දැම්ම. දැන් නං කවුරුත් දන්නව උනාට, ඒ කාලෙ (මට) ඒ තරම්ම පැහැදිලි වෙලා තිබුනේ නෑ විමලේ කවුද කියල. ඒ දවස් වල අපට දීපු කතා දැන් මතක් කලොත් එහෙම මිනිහ PSD එක ගෙදරට එවයි.

    ReplyDelete
    Replies
    1. උඹ මොන නමින්ද හිටියෙ කියපන්කො

      Delete
    2. ලංකා නිව්ස් වෙබ් සහ ලංකා ඊ නිව්ස් කියන සයිට් දෙක නම් කිසිම බොරුවක් කියන්න තියා ඒ ගැන හිතන්නෙවත් නෑ.

      Delete
    3. මාත් ඒ දවස් වල ගියානෙ ඒ පැත්තෙ, අම්මට සිරි ලංකාවේ මෙන්න බොලේ සෙට් එකක් මාව අන්දන්න හෝ ගාල කමෙන්ට් වලට රෙප්ලයි කරනව. පාස්සෙ දැනගත්තෙ ඒක විමලගෙ සයිට් එක කියල.

      Delete
  7. මෛත්‍රීව දිනවිය හැක්කේ ජනතාවට පමණි. ඔහුට සහය දී ඔහු ප්‍රකාශ කළ උතුම් අරමුණ ඉටු කරන්නට පාර්ලිමේන්තුවේ ඇමතිවරු මන්ත්‍රීවරු එන්නේ නැත. ඒ ඔවුන් අති දූෂිත බැවිනි. උන්ට ඇමති වරප්‍රසාද නැතිව ඉන්ට බැරිය. එනවායි කී අය වඩාත් ජනපතිට ලංවී සිටිති. ඒ ඇයි. මෙය දේශපාලනයට වඩා අද ආර්ථික ගණුදෙනුවකි. වරප්‍රසාද නැතිව පැයකීපයක් වත් උන්ට සිටිය නොහැක. වැඩ කරන්නට නොදුන්නා යැයි කියන්නේම හොරකම් කිරීමට අවස්ථාව නිසි පරිදි නොදුන්නා යන්නයි. මේ ආණ්ඩුව අමුතු එකකි. කිසිත් විකුණන්නේ නැත. ඒවායේ මේන්ටෙනන්ස් වලින් ගසති. විකුණූ චොදනා වලින් නිදහස්ය. රාජ්‍ය සේවයම අල්ලස් ලබා ගත්තෝය. උන්ට ඇති ජොලිය මැකී නොයයි. මේ ඡන්දය මෛත්‍රී දිනවන්නේ පෞද්ගලික හා ස්වයං රැකියා කරන්නන්ය.

    ReplyDelete
    Replies
    1. එතකොට මෛත්‍රී පිටිපස්සේ ඉන්න චන්ද්‍රිකා? එයා පරම පවිත්‍රද?

      MS ගේන්න ඕන MS නායකයා කරන්න මිසක් චන්ද්‍රිකා හෝ රනිල් නැවත බලයට ගෙන ඒමට නොවේ. එහෙම ඕන නම් ඒ දෙන්නට ඉල්ලලා බලන්න පුළුවන්නේ.

      MS ව පෙන්නලා අර ඩබල රජ වෙන පාටක් තිබුනොත් ඊට වඩා දන්න මහින්ද හොඳයි කියල කියන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ.

      Delete
    2. මොනවද බන් මහින්දගෙ තියෙන හොද?

      Delete
    3. /මොනවද බන් මහින්දගෙ තියෙන හොද?/

      මහින්දගේ ගොං වැඩ සහ නරක බොහොමයක් ඇත. එහෙත් මහින්ද

      1. යුද්දේ ඉවර කරා. ඒ හින්ද බය නැතුව අපි පාරේ බැහැලා යනවා.
      2. පාරවල් හැදුවා. ඒ හින්ද පැය එක හමාරෙන් මාතරට යනවා.


      මහින්ද තව පාරක් හිටියොත්
      1. නීතිය සහ යහපාලනය බල්ලට යනවා.
      2. පරම්පරාවට ගෑවිච්ච ඔක්කොම හොඳට හම්බ කරනවා.
      ඒත්
      අපි පැය එක හමාරෙන් නුවරට යයි. යාපනේටත් පැය තුනකින් යයි.

      මහින්ද පරද්දල MS ගෙනාවොත් හොඳවෙයි.
      ඒත්
      MS පෙන්නලා චන්ද්‍රිකා රනිල් ඩබල අවොත්
      1.නීතිය සහ යහ පාලනය ඇතිවෙයිද? දෙන්න කලින් හිටපු කාලේ මේවා තිබ්බද? ඉන්දියාවෙන් දීපු ටකරන් වලින් හිටන් හොරකම් කලේ ඒකාලේ නේද?
      2.කොටි ඉල්ලුවොත් රටේ උඩ කෑල්ල දෙන්න බෑ කියයිද? සුනාමි සහන මණ්ඩලය දෙන්න මේ දෙන්නගේ කිසිම අකමැත්තක් තිබ්බේ නැති බව මතකද?
      3. අමු ගොං වැඩ උනත් අන්තිමට වරායක් ගුවන් තොටුපලක්, ක්‍රීඩාංගන, කියල කොන්ක්‍රීට් ගොඩක් හරි ඉතුරු වෙලා තියෙනවා. ඒත් චන්ද්‍රිකාගේ කාලේ රටට ඉතුරු වෙච්ච කිසිම දෙයක් තියෙනවද? රනිල්ට නම් අවුරුදු දෙකේම චන්ද්‍රිකා සෘණ කරපු ආර්ථිකේ ධන කරන්න වෙච්ච නිසා ඒ ගැන සමාව දෙන්න වෙනවා.

      Delete
    4. චන්ද්‍රිකා ගේ වැඩ මේ තියෙන්නේ තව. එතකොට කොමි සනා ? චන්ද්‍රලේකා සින් එක ? අපරාදේ කියන්න බැහැ මහින්ද ගේ කාලේ මේ වගේ පාදඩ වැඩ නං උනේ නැහැ.

      ඒ කනවැන්දුන් බොන්ඩි නේ දැන් "මගේ තුනේ" පිටිපස්සේ ඉන්නේ

      Delete
    5. චන්ද්‍රිකා කනවැන්දුම්ද නැද්ද කියන එක පර්සනල් දෙයක් නේද? ඒක දේශපාලනේට අදාළ නෑ නේද? කම්පිටුයර් භාවිතා කළත් සමහරු තාමත් ගල් යුගයෙන් මෙපිටට ඇවිත් නැහැ.

      Delete
    6. කනවැන්දුම් බව දේශපාලනයට අදාළ නැත. එහෙත් චන්ද්‍රිකා කනවැන්දුම් බව දේශපාලනයේදී මාකට් කරනවා.

      පර්සනල් දෙයක් උනත් චන්ද්‍රිකාගේ කාලකන්නි කම නම් රටටම බලපෑවා. 10ට එනවා කිව්වොත් එන්නේ 12ත් පහුවෙලා.

      එහෙත් මසොපි මෙතන කනවැන්දුම් කම ඇදල ගැනීම සමග මම එකඟ නැත.

      Delete
    7. චන්ද්‍රිකාගෙන් අපට වැඩක් නැත. බැසිල්ට වඩා ඩඩ්ලි සැර පාටය. ඒත් මහින්දට තුන දෙන්ට බැරිය.

      Delete
    8. මහසොහොන් පිල්ලිය, චන්ද්‍රිකා හොඳයි. රෝහිතයගෙ චන්ද්‍රිකාව දකිනකොට. තොට පේන්නෙ නැද්ද ඒක අහසෙ යනව. මම දැනුත් දැක්ක. චූකොල්ලන්ගෙ ගූ වැඩ ඇති දැන්. හෙන ගහනව අහිංසක මිනිස්සුන්ගෙ අල කිලෝවෙන් පරිප්පු පන්සීයෙන් ගහන ගැහිලි. රනිල් ඊට වඩා හොඳ දෙයක් කරාවි. උට මහජන දේපොල කවන්ඩ ළමයි නෑ. ඌ හොඳයි. මිහිදු ඉවරයි.

      Delete
  8. Mahinda saha MyThree gana Ramachandrage wigrahaya balanna... Ithamath wishishtayi, bahubootha na, point ekatama kiyala thiyenawa.. E witharak nemeyi anoth arala ...:-)

    ReplyDelete
  9. ///////එහෙන් මෙහාට මාරුවෙන ගාන ගණන් කර කර ඉන්නවට වඩා කලයුතු වන්නේ මැතිවරන ව්‍යාපාරයට ශක්තියක් එකතුකිරීමයි. එන මන්ත්‍රියාට වඩා වටින්නේ පොදු ජනතාව එක් රැස් කරගැනීමයි. එන එකා ප්‍රමාදවුවත්, නාවත්, ගෙන්වා ගතයුතු ඡන්දදායකයා ගැන විමසිල්ලෙන් සිටීමයි නිවැරදි.////////////

    පැරාගේ කලින් පෝස්ට් එකට දැම්මෙත් මේ කමෙන්ට් එකමයි. කවුරු ආවත්, කවුරු නාවත් , දැණුවත් විය යුත්තේ ජනතාවයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා