අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම

අනේ ඉතින් අපි දෙන්නට................
විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

මෙය කළ නො හැකි ය.

අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

  • ජනාධිපති මුක්තිය ඉවත් කරන්න
  • ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න.
  • 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න
  • 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න
  • මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත්‍රී ආසන  ක්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය.
  • සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න.

විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලුවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිතා කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නො වේ.

එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප්‍රමාණවත් ය.

අනෙක් පැත්තෙන්, යහපාලනය, දූෂණයට වැට බැඳීම, නීතියේ පාලනය ඇති කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් මතු කර ගැනීමට ජනාධිපතිවරණය ඉතා හොඳ අවස්ථාවකි.

පොදු අපේක්ෂකයා දිනුවත්, නැතත්, කවර හෝ ආණ්ඩුවකට මෙම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා බල කරන මහජන බලවේගයක් මේ සමග නිර්මානය කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. ඒ සඳහා මෙම මහජන බලවේගය අපරාජිතව, ශක්තිමත්ව පැවතීම අවශ්‍ය ය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් අතර සංවාදය ඉදිරියට යා යුුතු ය. විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව කුමක් වුවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර සම්මුතියක් නිර්මානය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය.

එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.

ජනාධිපතිවරණ සටන මඩ දේශපාලනයෙන් තොරව, බුද්ධිමය සංවාදයක තලයට ගෙන යාමට විපක්ෂය හැකි තරම් උත්සාහ කළ යුතු ය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය පළමු කොට තමන්ගේ කථිකයන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වැඩමුළුවක් පවත්වා කතා කළ යුතු හා නො යුතු දේ ගැන උපදෙස් දිය යුතු ය. ප්‍රධාන කථිකයන් දැඩි ලෙස විනයගත නො වුවහොත්, ආණ්ඩුව ඒවායින් වාසි ගනු ඇත.

මේ අවිධිමත් සටහනින් අප කිය්නට අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කුමන ගැටලු තිබුණත්, ලංකාවේ සමාජය අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය උපරිමයෙන් පාවිච්චි කිරීම අපගේ වගකීමක් බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොදු අපේක්ෂකයාට ප්‍රශ්න පහක් සහ උත්තර දහයක්

    01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?
    වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.
    හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. අපේ රට අන්තර්ජාතික වශයෙන් හුදකලා වෙලා. මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ස ජයග්‍රහණය කලොත් මේ රට මිලිටරි පාලනයකට යටත් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවන බවත් මට තේරුණා. මේ අපිට ලැබෙන අවසාන අවස්ථාව. එක නිසයි මම තිබුන තනතුරුත්, දෙන්න හැදුව තනතුරුත් අත ඇරලා රට වෙනුවෙන් ඉදිරිපත් උනේ. මොන දේ කරන්නත් රට ඉතුරු වෙලා තියෙන්න ඕනනේ.

    02. ඔබ ජනාධිපති වූ විගස කරන්නේ කුමක්ද?
    වැරදි උත්තරය: මම රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනවා.
    හරි උත්තරය: අපේ පළවෙනි කාර්යය තමයි මේ රටේ යහපාලනය නැවත ස්ථාපනය කරන එක. ඒ සඳහා ප්‍රධානම බාධකයක් වෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. පළවෙනි දින සීය ඇතුලත එම කාර්යය ඉටු කිරීම සඳහා අපි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. එම දින සීය සඳහා සියළුම පක්ෂ එකතුව භාරකාර රජයක් පිහිටවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ජනාධිපති නිසා අනික් විශාලම පක්ෂය වන එකසත් ජාතික පක්ෂයේ නායක තුමාට භාරකාර රජයේ අගමැතිකම් දිය යුතුයි කියල තමා මම හිතන්නේ. ඒ වගේම අනික් පක්ෂ වලටත් භාරකාර රජයේ වගකිවයුතු තනතුරු දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.දින සීය ඇතුලත ව්‍යවස්ථා වෙනස්කම් කිරීමෙන් අනතුරුව මහා මැතිවරණයක් කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ජනතාවට පුළුවන් සුදුසු ආණ්ඩුවක් අගමැතිවරයෙක් තෝරාගන්න.

    03. ඔබගේ ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ භූමිකාව කුමක්ද?
    වැරදි උත්තරය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණයකල බණ්ඩාරනායක උරුමය තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ළඟ. එතුමිය මෙහි විශාල කාර්යභාරයක් කරනවා. (මක්‍රෆෝනය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට)
    හරි උත්තරය: මේ කටයුත්තෙදි එතුමිය අපිට විශාල සහයෝගයක් දෙනවා. කෙසේවෙතත් එතුමිය අප පිහිටවන ආණ්ඩුවේ කිසියම් තනතුරක් ලබාගැනීමට හෝ ක්‍රියාකාරීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මාධ්‍ය අමතන්නේ නෑ)

    04. කෝ ආණ්ඩුවෙන් එනව කියපු කට්ටිය?
    වැරදි උත්තරය: හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
    හරි උත්තරය: අපි ආරාධනා කරනවා ආණ්ඩුවේ ඉන්න අයටත් අනික සියලු දෙනාටත් අපි එක්ක එකතු වෙන්න කියල. ඒ වුනාට මේ වැඩ පිළිවෙල මම හෝ තව පුද්ගලයන් කිහිපදෙනෙක් මත රඳා පවතින දෙයක් නෙමේ. මේක ජනතාවගේ වැඩපිළිවෙලක්. එක නිසා අපි සියලු දෙනාම එකතුවෙලා මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ඕන.

    05. ඔබගේ සහෝදරයන්ට එල්ලවන සහල් මාෆියාව වැලිගොඩ දැමීම වැනි චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්ද?
    වැරදි උත්තරය: මොන මාෆියවක්ද එහෙනම් මම ඒ පැත්තේ ඉද්දි ඕව කියන්න එපැය. ඔය මාෆියාවේ ඉන්නවා කියන අනික් කෙනා තාම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්නෙ.
    හරි උත්තරය: මමත් දැක්ක ඔය චෝදනාව කරලා තියනවා. මම කියන්නේ මගේ සහෝදරයා උනත් වරදක් කරලා තියනවනම් නීතිය ඉදිරියට ගෙනල්ල දඬුවම් කරන්න කියල. මම කවදාවත් කිසිම ආයතනයකට මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් බලපෑමක් කරලත් නෑ. කරන්නෙත් නෑ. ඔය කියන චෝදනාවලිනුත් පැහැදිලියි අපේ රටේ නීතිය යහපාලනය අධිකරණය ශක්තිමත් කරන්න ඕන කියල. මොකද මහජනයාට ඔය ආයතන ගැන විශ්වාසය තියනවනම් ඔය වගේ චෝදනා එල්ල වෙන්න නෑ. මොකද වැරදිකාරයන්ට දඬුවම් ලැබෙනවා කියල පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨයි !!
      මේ කොමෙන්ටුව මයිත්‍රී ගෙ ඇස ගැටේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

      Delete
    2. //විශිෂ්ඨයි !! මේ කොමෙන්ටුව මයිත්‍රී ගෙ ඇස ගැටේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.//
      ඒ මොකටද ? බොරු කියන්න ටියුෂන් ගන්නද ?

      ඔය හරි උත්තර ලයිස්තුවේ තිබෙන කිසි දෙයක් ඉෂ්ට නොවෙන බව නොදන්නා ළදරුවෝ ලංකාවේ නැහැ නේ .

      එක හින්ද හිතා ගන්න තියෙන්නේ එක දෙයයි. මයිත්‍රී පමුඛ පෙරමුණ චන්දයක් දිනා ගැනීම සඳහා බොරු පොරොන්දුවක් වක් වත් ගැට ගහ ගැනීමට තරම්වත් දේශපාලන බුද්ධියක් නැති, රටේ මිනිසුන්ගේ මුලික දේශපාලන අපේක්ෂාවන් වත් අවබෝධ කල නොගත් දේපාලන අබ්බගාතයන් රැලක් බවයි.

      Delete
    3. මහසොහොන්,

      පලමු කොමෙන්ටුවේ තියෙන බොරු මොනවද? ඒ, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්විය යුතු, පොදු අපේක්ශක කතිකාවේ දිගින් දිගටම කතා කෙරුනු, සමස්තයක් ලෙස හැමගේම පුලුල්ව සහය ලැබුනු කරුනු.

      වැඩි කතා ඕනෙ නැහැ. ඔබ මහින්ද රාජපක්ශට පක්ශයි වගේ නේ පේන්නේ. හොඳයි.. ඔබ මහින්ද රාජපක්ශට තවත් අවුරුදු 8 ක් බලය දෙන්න ඕනෙ මෙන්න මේ හින්දයි කියල පුලුවන්නම් හේතු 5ක් කියන්න (ටිකකට මෛත්‍රීපාලව අමතක කරන්න ).

      - Dimithri

      Delete
    4. //පලමු කොමෙන්ටුවේ තියෙන බොරු මොනවද?//
      බොරු කිසිවක් නැත. "හරි උත්තරය:" යටතේ එන ඒවා සත්තකින්ම ජනතා අභිලාෂයන් වන්නේය. බොරුවන්නේ ඒවා ඉෂ්ට කිරීමේ අපේක්ෂාවක් නොමැතිව දෙසා බාන බැවිනි. ඔබට පොඩ්ඩක් පැටලී ඇති බව පෙනේ. නැවත වරක් කියවෙන්නේ නම් මැනවි.

      //වැඩි කතා ඕනෙ නැහැ. ඔබ මහින්ද රාජපක්ශට පක්ශයි වගේ නේ පේන්නේ//
      හිකිස් .... හා හා මයිත්රිපාල විවේචනය කියන්නේ මහින්දට පක්ෂ වීම කියල හිතන ඔබට මන් ගානේ බල මාළු කිලෝවක් .... :)

      ඔකුං දෙන්නගෙම දහදුරා වැඩ දන්නා මට කෝකත් අප්පිරියයි.

      Delete
    5. me mahasona mahindayamayi.

      https://www.facebook.com/video.php?v=742127252547275

      Delete
    6. මේ කමෙන්ට් එක අරන් තියෙන්නේ මේ බ්ලොග් පොස්ට් එකෙන්:

      http://iamdasaya.blogspot.fi/2014/11/blog-post_26.html

      Delete
    7. යකෝ මූ කමෙන්ට් එකත් හොරකම් කරල. මහින්දයටත් එහා එකෙක්නෙ මූ

      Delete
  2. ලකුණු පහෙන් පහයි. මේ උත්තරය දුන්නනම් අද තත්ත්වෙ වෙනස්. මෛත්‍රීපාලට සෞඛ්‍ය ඇමතිකම කරන්ට නොදුන් කාරණය අපට වැඩක් නෑ. අද අපිට වැදගත් මේ හොරා ඉවත් කරන්නේ කොසේද යන්නයි. මූ හොරෙක් නිසා මෛත්‍රීට ඡන්දය දෙනවා විනා මෛත්‍රීගේ රැස විහිදෙන බවක නොපෙනෙය්. එ්ත් රාජපක්‍ෂ වනාන්තරය කපා එළි කළ යුතුය.

    http://i.imgur.com/Z9GkAGZ.jpg

    ReplyDelete
  3. සාගරයේ නානා මාදිලියේ බෙල්ලන් ඉන්නවා එහෙත් මුතු ඇට තියන බෙල්ලන් හොයාගන්න අමාරුයි දුර්ලභයි. කැලයේ කොතරම් ගස්වර්ග තිබුනත් සදුන් වගේ වටිනා ගස් දුර්ලභයි. දිය ගොඩ කොතරම් ගල් වර්ග තිබුනත් මැණික් ගල් දුර්ලභයි. ඒ වගේ තමයි මනුෂ්ය සංහතිය ගත්තොත් මහින්ද රාජපක්ෂ මහතා තරම් සුවිශේෂි දුර්ලභ ඝණයේ සේනාධිපති නායකයෙක් මෙම ලෝ තලයේ නොමැත.

    ReplyDelete
    Replies
    1. AnonymousNovember 27, 2014 at 1:26 AM, සේනාධිපතියෙක් අවශ්‍ය වන්නේ යුද්ධයක් කිරීමට ය. යුද්ධයේදී සේනාධිනායකයා වශයෙන් දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ලබා දුන්නේය. දැන් යුද්ධයක් නැත. ඔබ කියූ ආකාරයටම දැන් මහින්ද කරනුයේ මුතු, මැණික්, වටිනා ගස් පමණක් නොව රටේ සියළු සම්පත් ඔහුගේ හා පවුලට එක්රැස් කිරීමය. මහින්ද වගේ එකෙක් මේ ලෝ තලයේම නැත.

      Delete
    2. https://www.facebook.com/video.php?v=742127252547275

      මෙවන් හොරෙක් කලින් දැකල නෑ තමයි. මහජන දේපොල කොල්ල කන මූ ලොකුම හොරා. ජනපති දීමනාවෙන්මද ජීවත් වෙන්නෙ.

      Delete
  4. දුෂිතයෙක් ට විරුද්ධව තවත් දුෂිතයෙක් , හොරෙක් , කපටියෙක් අලි කොටි නරි පැන්ෂන් අම්මන්ඩිල සමග අශුද්ධ සන්ධානයක පෙළ ගැසිලා. ඉන්ටර්නෙට් මැතිවරනෙන් දිනන පැත්ත සැමවිටම සැබෑ මැතිවරනෙන් පැරදිලා.

    ඉන්ටෙර්නෙට් මැතිවරනෙන් මයිත්‍රී ජයගත්තා යනු ......

    ReplyDelete
  5. මුල් අනොගේ කොමෙන්ටුව ඉතා අනර්ගයි, විශිෂ්ටයි. එත් ඔය කොමෙන්ටුව අමත්රණය කරන්නේ සමාජයේ සිටින විචක්ෂනශීලී බුද්දිමත් කැපුවත් නිල කැපුවත් කොළ දේශපාලන පක්ෂෙකට සම්බනන්ධ නැති ප්‍රගතිශීලී චන්ද දායකයෝ කොටස විතරයි. සාක්ෂරතාවයෙන් වැඩි, විචක්ෂනශීලී භාවයෙන් අඩු, ආගම, කුලය මෙන්ම දේශපාලන දැක්මත් පරපුරෙන් පරපුරට උරුමවෙන ලංකාව වගේ රටක චන්ද ගන්න ඔයවගේ සීලාචාර ගමන් ගිහිල්ලම විතරක් අමාරුයි.
    කොමෙන්ටුව ලිපියට වැඩිය ගොඩක් වැදගත් නිසා කොමෙන්ටුවට මුලින්ම ප්‍රතිචාර දැම්මේ.

    //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.//

    මිස්ටේර් බීන් ගේ විහිලු මොන විහිළුද ? මෙන්න නියම විහිලු!!! කණගාටුවට කාරණේ නම් ප්‍රජාතන්ත්‍රවාදේ රෙද්ද පල්ලෙන් බේරෙන, සමාජය වෙනස් කරන්න හදනව වගේ කතා කරන පැරා වගේ එවුනුත් කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්. හැමදාම මහින්දට බැනල, මතයක් හදල චන්දයක් අවම එයාගේ හොද කියල සපෝර්ට් කරන එකත් එක්තරවිදියක ශුක්ෂම කපටි ප්‍රචාරක ක්‍රමයක්. මේ ක්‍රමේ තමයි පාවෙන චන්ද කඩාගන්න හොදම ක්‍රමේ. එක දිගට ජනාධිපති කමේ ඉන්න එක වලක්වන්න නීති හදන්න, මහින්දට 3 වෙනි පාරටත් පිට පිටම චන්දෙ දෙන්න කියන පැරා වගේ අවජාතක කල්ලතෝනි නිසා තමයි, රට ගැන හිතන සුළු කොටසත් ඇත් වෙන්නේ. දැන් මට තේරෙනවා චන්ද නැති කාලෙට මහින්දව තදින් විවෙචය කරමින් මේ වගේ බ්ලොග් කඩමලු කාරයන්ට කිසිම කරදරයක් නැතුව මේව දිගටම ලියන්න පුළුවන් වුනේ ඇයි කියල.

    ReplyDelete
    Replies
    1. පැරා පව් බං !

      Delete
    2. //දැන් මට තේරෙනවා චන්ද නැති කාලෙට මහින්දව තදින් විවෙචය කරමින් මේ වගේ බ්ලොග් කඩමලු කාරයන්ට කිසිම කරදරයක් නැතුව මේව දිගටම ලියන්න පුළුවන් වුනේ ඇයි කියල.//
      ඕක තමයි බං ඇත්ත.පුළුවන් නම් නෑ කියපන් පැරා.

      Delete
  6. රාජ් සහ පැරා හෙටදින මාරයියාගේ ධාතු පූජාවට සහභාගී වීමට නියමිතයි. එදිනම වියලි කලාපීය උරුමයක් සහිත අපේක්ෂකයන් දෙපලම (MS සහ MR) තෙත්කලාපීය නෑබඩ (MS) සහ නාර්තුපානේ(MR) දී ජනහමු පැවැත්වීමටත් නියමිතයි.

    ReplyDelete
  7. මගේ යෝජනාවක් තියනව. ජනාධිපතිවරණය ප්‍රකාශ කලාම ජනපති බලතල පාර්ලිමේන්තුවට පවරන්න. තරගය වඩාත් සාධාරණ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මම මේ යෝජනාව පිළිගන්නවා. අපි එහෙම කරමු

      Delete
    2. ජනාධිපතිවරනයක් කැඳවු විට තාවකාලිකව භාරකාර ආණ්ඩුවකට බලතල සැපයීම. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවල නියෝජිතයින් තුලින් යම් අධීක්ශනයකට යටත්ව. කවදා කරයිද ඒ වගේ දේවල්.....

      Delete
  8. සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  9. Replies
    1. මේ උඩ දාපු ලින්ක් එක බලන්න. මෙන්න දැවෙන ප්‍රශ්ණ

      Delete
  10. """එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය."""
    .......සබේ සිනා .......!!!!!!

    ReplyDelete
  11. අපි යහ පාලනය කරනවා කියුවට ගමෙ ගොඩෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ..දැන් නුවර ඉන්න යුඑන්පි කාරයත් හිත යටින් බලන් ඉන්නෙ පැය එකහමාරෙන් කොලඹ් එන්න.. මිනිහාගේ චන්දෙ ගන්න හැටි කෝ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා