මෛත්‍රී එක්ක ඔය කියන තරං කට්ටිය එයි ද?

දුප්පතුන් සිතන හැටි නො දැන ඡන්ද කරන්නට බැරි ය.
ජනාධිපතිවරණ සටන මේ මොහොතේ තිබෙන්නේ ආරම්භක ශක්තිය ගොනු කර ගන්නා අදියරේ ය. 

මෛත්‍රීපාල සිරිසේන ධාවන පථයට පිළිපන් අලුත් අශ්වයෙක් වැනි ය. ඔහු හමුවේ ප්‍රශ්න කීපයක් තිබේ. 

කූට බුද්ධිය හා භූමියේ දේශපාලන හැකියාවන් අතින් ඔහුට මහින්ද රාජපක්ෂ සමග සම විය හැකි ද?

විපක්ෂය ඔහුට දෙන සහයෝගය කුමක් ද? 

පළමුවන ප්‍රශ්නයට පිළිතුර ඉතා කෙටි කලකින් ලැබෙනු ඇත. ඒ මෛත්‍රීපාල ශ්‍රීලනිපයෙන් කඩා ගන්නා කුට්ටියේ තරම අනුව ය. කලින් වූ පොරොන්දු ඒ අන්දමින් ම පවතී ද, මහින්දගේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගය හමුවේ කීදෙනෙක් පය ආපසු ගනීවි ද යන්න මේ සතියේ දැන ගන්නට ලැබෙනු ඇත. මෛත්‍රීපාලගේ ආරම්භක ශක්තිය තීරණය වන්නේ ඒ අනුවයි. එසේම, ජනාධිපතිවරණ සංවිධාන ක්‍රියාවලිය ශ්‍රීලනිප පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට ඔහුට හැකියාව තිබිය යුතු ය.

දැන් ඔහු විපක්ෂයේ නායකත්වය සියතට ගෙන තිබේ. ඔහුට එය කළමනාකරණය කර ගන්නට පුළුවන් ද? ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ගැඹුරින් දිනා ගන්නට ඔහු සමත් වේ ද? එක්සත් ජාතික පක්ෂය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට උර දෙයි ද? 

ජාතික හෙළ උරුමය තමන්ට සහාය දෙන තැනකට ගන්නට ඔහු සමත් වේ ද? ජවිපෙ කුමක් කරනු ඇද්ද? දැනට දකින්නට ලැබෙන ආකාරයට නම් ජවිපෙ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට සැරසෙන්නේ එතරම් සටන්කාමී පියවරක් නො වේ. මෙම පක්ෂ දෙක දිනා ගන්නේ නැතිව ජනතාව තුළ බලාපොරොත්තු සහගතභාවයක් ගොඩනගන්නට හෝ නිසි ලෙස කරුණු පැහැදිලි කර දෙන්නට හෝ විපක්ෂයට හැකියාවක් නැත.

ගැම්මක් ඇති වන්නට නම් රනිල්, සජිත්, කරු ජයසූරිය, මංගල, චන්ද්‍රිකා, සරත් ෆොන්සේකා, චම්පික රණවක, අතුරලියේ රතන, අනුර කුමාර දිසානායක, මාදුළුවාවේ සෝභිත වැනි සංකේතාත්මක චරිත මෛත්‍රීපාලගේ වේදිකාවේ සිටිය යුතු ය. මේ අය .ඔන්න බුදුනෙ මල් - මෙන්න මං ගියා‘ ප්‍රතිපත්තියෙන් කටයුතු කළොත් මෛත්‍රීපාල අමාරුවේ වැටෙනු ඇත.

මේ අතර පෙරටුගාමී පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ද මෛත්‍රීපාලට නො තකා සිටිය හැකි කාරණයක් නො වේ. 

ශ්‍රීලනිපයෙන් ප්‍රබල බලවේගයක් කඩා ගන්නේ නැතිව මෛත්‍රීපාලට ඉදිරියට යන්නට අමාරු ය. ඔහු පිළිබඳ බලාපොරොත්තු තබා තිබෙන ජනතාව මේ මොහොතේත් කතා කරමින් ඉන්නේ එන්නට ඉන්න අය ගැනයි. එන්නට ඉන්න අයට දැනට මෛත්‍රීපාලට යටින් සම්මාදමක් දී ජනාධිපතිවරණයෙන් පසුව එකතු වන්නට බලා ඉන්නටත් පුළුවන්කම තිබේ. 

අනෙක් පැත්තෙන් මහින්ද කී ෆයිල් කතාව සුළුපටු තර්ජනයක් නො වේ. ප්‍රාදේශී සභා මන්ත්‍රී දක්වා ශ්‍රිලනිප දේශපාලකයන්ට හොරාකන්නට ඇති තරම් අවස්ථාව දුන් ආණ්ඩුවක නායකයා මෙහෙම කියනකොට තැති නො ගන්නට තරම් පිරිසිදු චරිත කිසිවක් ඔය එන අය අතරේ නැත. මතක තබා ගන්න. ඔය හැම ඇමති කෙනෙකුගේ ම ලේකම්වරයා ජනාධිපති විසින් පත් කළ කෙනෙකි. 

මෛත්‍රීපාලගේ ඡන්ද සටනේ ප්‍රතිපත්තිමය කාරණා තවම එළි දුටුවේ නැත. එපමණක් නො වේ. තවමත් විපක්ෂයේ නායකයන්ගෙන් කියවෙන්නේ පරස්පර විරෝධී කතා ය. බලයට පැමිණ පැය විසිහතරෙන් මෛත්‍රීපාල එජාප නායකයාට බලය පවරන බවක් තිස්ස අත්තනායක කියයි. දින සීයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියන මෛත්‍රීපාල ජනාධිපතිගේ බලතල සීමා කරන බවක් ද කියයි.

මෛත්‍රීපාල විධායක ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු එය ඔය කියන තරම් පහසුවෙන් අත හරීවි යයි කිසිවෙක් විශ්වාස කරන්නේ නැත. ඒ නිසා සුරංගනා කතා කියන්නට යාම තේරුමක් නැත. තමන් උදා කරන්නට යන සහජීවනය කුමක් ද යන්න ඔහු පැහැදිලිව කිව යුතු ය. 

එසේම, දැනට ජනතාව බලාපොරොත්තු තබා තිබෙන්නේ විශාල පිරිසක් ශ්‍රිලනිපයෙන් කැඩී ඇවිත් මහින්දට ලොකු ගේමක් දෙන කුමන්ත්‍රණයක් ගැන ය. එය සාර්ථක නො වුණොත් ඊළඟට කරන්නේ කුමක් ද යන්න ගැන විපක්ෂයට අදහසක් තිබිය යුතු ය.  ඕපාදූප පුවත් නිර්මානයෙන් ජනාධිපතිවරණ සටන ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ තව සතියක් පමණි.

දූෂණ විරෝධය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය හා ජාතික සංහිඳියාව වැනි සත්‍ය සටන් පාඨ ඉදිරියට ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙලක් විපක්ෂයට තිබිය යුතු ය. විපක්ෂය සංවිධානමය වශයෙන් ගොනු කර ගන්නට හැකි විය යුතු ය. හුදෙක් ජනමාධ්‍ය වාගාඩම්බරවලින් පමණක් සමාජ වෙනසක් නිර්මානය කරන්නට බැරි ය. බිම් මට්ටම දක්වා දේශපාලන කතිකාවන් නිර්මානය කළ යුතු ය. සරළව කිවහොත් ඡන්ද හරවන ස්වේච්ඡා බලකායක් නිර්මානය විය යුතු ය. ඔවුන්ට තමන් කරන දෙය ගැන විශ්වාසය ඇති විය යුතු ය. 

මෛත්‍රීපාලගේ පැමිණීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ පහළ මට්ටමේ දේශපාලකයන් හැසිරෙන්නේ ආණ්ඩු බලය අතට ගෙන වගේ ය. ඔවුන් පෙන්වන්නට යන්නේ තමන් ආණ්ඩු පක්ෂයට වඩා හොඳ ධාතු සුනඛයන් බව ය. ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි තත්වයක් නො වේ. ඒ ලක්ෂණවලින් තරග කරන්නට යනවා නම් මේ ආණ්ඩුවට ළං වන්නටවත් විපක්ෂයට බැරි ය. 

මේ සියල්ල සිදු වන්නේ මහින්ද රාජපක්ෂ මහ පොළවේ සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටින සංදර්භයක් තුළ ය. ඔහු මේ මොහොතේ කරමින් සිටින්නේ අප මෙහි සඳහන් කළ දේ නො කෙරෙන තැනට වැඩ කිරීමයි. විපක්ෂයේ ඇතැමුන් සිතන තරම් පහසුවෙන් ඔහු සටන අතහරින්නේ නැත. විපක්ෂයේ සිටින බොහෝ දෙනාට වඩා ඔහු දක්ෂ සටන්කරුවෙකි. වෙහෙස නො බලා වැඩ කරන්නෙකි. 

එහෙත්, ශ්‍රීලනිපය තුළ ඇති වූ දෙදරීම ගණන් නො ගෙන සිටින්නට ඔහුටත් බැරි වනු ඇත. සිය පවුල්වාදී බලහත්කාරය හකුළුවා ගන්නට සිදු වන තත්වයක් හා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂය තුළ හා ආණ්ඩුව තුළ ඇති කර ගන්නට සිදු වන තත්වයක් නිර්මානය කරන්නට ශ්‍රීලනිප දෙවන පෙළ නායකයන්ට මේ අවස්ථාව පාවිච්චි කරන්නට පුළුවන. 

ජනතාව ලෙස අප මේ අවස්ථාව උපයෝගී කර ගත යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ය. දූෂණ විරෝධය, යහපාලනය, මානව හිමිකම්, ජාතික සංහිඳියාව වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ම දැඩි බලපෑමක් කරන්නට මෙම අවස්ථාව පාවිච්චි කළ යුතු ය. 

ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත්, දිනන්නා ලවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරවා ගන්නට හැකි ශක්තිමත් පීඩන කණ්ඩායමක් මේ ඡන්ද සටන තුළින් නිර්මානය කර ගන්නට අප උත්සාහ කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෛත්‍රී එන දවසේ තිබ්බ කික් එක මේ වෙනකොට ටිකක් අඩුවෙලා දෝ කියල හිතෙනවා. මෛත්‍රී එක්ක ආව වැඩි දෙනා තමන්ගේ ඇරියස් පිරිමහගන්න බලන් ඉන්න කට්ටිය. ඊට වැඩිය සාධාරණ හේතු තියන කීප දෙනෙක් නාවොත් මෛත්‍රීට ටිකක් වැඩේ අමාරු වෙයි. මොනවා උනත් රාජපක්ෂට කොළඹ ඉන්න සහ ඉන්ටර්නෙට් එකේ සැරි සරණ අයට වැඩියෙන් පිළිගැනීමක් ගමේ ඉන්න අයට තියනවා. කෙටියෙන් කියනවා නම් පාරට කාපට් දාන කොට කීයක් ගැහුවද කියන එකට වැඩිය ඒ අයට පාර කාර්පට් කරපු එක වැඩියෙන් දැනෙනවා.

    මෛත්‍රී, තව මහන්සි වෙන්න...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නං මයිත්‍රී සමග ඇති බලවේග අවතක්සේරු නොකළ යුතු බවයි. මන්ද අවසන් මොහොත වනතෙක්ම ඔහු මැතිවරණයට ඉදිරිපත්වන බව සැඟවීමට ඔවුන් දක්ෂ උනා. ආණ්ඩු ගැති සියළුම මාධ්‍යය පොදු අපේක්ෂකයා කරු, රනිල්, සොබිත හිමි වැනි අය බවට සදහන් කරමිනුයි සිටියේ. සිරස සහ ටිරාන් අලස්ගේ මව්බිම වැනි පත්තරත් රනිල් මැතිවරණයට ඉදිරිපත් වන බවට සදහන් කළා.

      මේ කරුණු සියල්ල කළමනාකරණය කිරීමට මයිත්‍රී,රනිල්,චන්ද්‍රිකා ඇතුළු අයට හැකියාව ලැබුනා, කිසිම කෙනෙකුට නොදැනෙන්න.

      අනික තමයි අද දින අයවැය පරාද කරන ලෙසට අභියෝග කරමින් කැසිනෝ රවීගේ රිවිර පුවත්පතේ සහ විරවශගේ සීනිවුස් එකේ පුවත් පලව තිබෙනවා. ඒ උනත් අද දවසේ අයවැය නම් පරාජය කිරීමට විපක්ෂය කල්පනා කරන්නේ නෑ. මොකද ආණ්ඩුව විසිර වීමක් මේ මොහොතේ කරන්න අවශ්‍ය නෑ. අනික අයවැය සම්මත කරාට ඒකෙ තියෙන දේවල් කරන්න රාජපක්ෂ ජනාධිපතිට හැකියාවක් නෑ. එතකොට ඒකත් මැතිවරණයේදී කතාකිරීමට ගතහැකි මාතෘකාවක් වනවා.

      Delete
  2. හිතුව තරම් මන්ත්‍රී ප්‍රමාණයක් මහින්දගෙන් ගැලවෙන්නේ නැත. ඔවුන් බලා සිටියේ සෙට් එකක් ගැලවෙනතුරුය. මන්ද, ඊට පසු මහින්දට ලංවී තව හොඳට කන්න පුළුවන් නිසා.
    මෛත්‍රීපාල ප්‍රාදේශීය නායකයෙකු මිස ජාතික නායකයෙකු නොවේ. බොහෝ අයට මෛත්‍රීපාල සමග නිමල් සිරිපාල පැටලාවේ. ඒ ඔහු මිනිස් හදවත් තුල තදින් තැම්පත් නොවන නිසා. මොන මන්ත්‍රී උනත් තව මැතිවරණයකට මුහුණ දිය යුතුය, එය එක්කෝ ආසන මට්ටමින් හෝ වර්තමාන මැතිවරණ ක්‍රමය තුලින්. සමහරුන්ට ආසන ක්‍රමයෙන් ගොඩ එන්න හිතන්නවත් බැරිය. එසේ අය මහින්දගේ කෝටි 50 හරි 100 හරි අරගෙන පැත්තකට වෙන්න පුළුවන්. එසේ නැති නම් ඒ සල්ලි අරන් මේ ක්‍රමය යටතේම නැවත ඡන්දේ ඉල්ලන්න පුළුවන් ඒ නිසා දෙවන පෙළ කණ්ඩායම හැරෙන්න වෙන කවුරුත් මෛත්‍රීපාල සමග එක් වේයැයි සිතිය නොහැක. කරුමෙට දෙවන පෙළක් නැත. ඉන්නේ බැසිල් පමණි.
    ප්‍රාදේශීය වශයෙන් UNP ශ්‍රීලංකා කාරයෝ එකට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඇත්ද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරු එකිනෙකාගේ කරට අත දාගෙන කතා කරද ප්‍රාදේශීය වශයෙන් ඔවුන් එකිනෙකා සමග තරහය.
    බොහෝ විට මහින්දගේ ඒකාධිපතිවාදයට හා ඔහුගේ විගඩම් වලට තදින් පහර දුන්නේ JVP එක. ජනතාව අතරට මහින්ද විරෝධී බව මෙන්ම මෛත්‍රීපාල ට ඡන්දය දෙන්න කියන පණිවිඩය ගෙනගිය හැක්කේ JVP ට ය. හෙළ උරුමය ගැන ජනතා විස්වාසය තරමක් පහලය. මේ සියළු කාරනා සමග මෛත්‍රීපාල ගේ ගමන ඉතාම දුෂ්කරය. නමුත් බැරි දෙයක් නොවේ. සරල ලෙසම මහින්ද පරදිනවානම් පරදින්නේ ඉතාම සුළු ප්‍රමනයකින්ය.(එසේ නොවෙන ඉඩකඩ අඩුයි).
    සියළු කාරනා වලට බලපාන්නේ පාවෙන ඡන්ද ප්‍රමණය ය. මහින්දගේ සෝදාපාළුව දිගින් දිගටම පෙන්නුම් කිරීමට හැකි වුවොත් මේ ගමන මෛත්‍රීපාල දිනුම්ය. ඒ සඳහා හොඳ ගේම් කාරයෙක් අවශ්‍යය. මංගල හොඳයි නමුත් මංගල පමණක් ප්‍රමාණවත් නොවේ.

    ReplyDelete
  3. තනිවම බුදු විය නොහැක.
    ශාක්‍ය ලා ගේ කෝලිය ලා ගේ මෙන්ම ලිච්චවි ලා ගේ සපෝට් එකද ඕනෑය.

    සමහරු නම් නිඝන්ඨයින් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. අපේ මාරයා අයියාට නිඝන්ටයා කියා අපහාස කිරීම හෙළා දකිමු.

      Delete
    2. රසිකලොජිස්ට් ලැම්බට් කෙනෙක් හෙවත් වැඩිමල් බාරියාවක් සිටින කෙනෙක් බව හෙලිකිරීම නිසා අපේ මාරයියාට රසිකලොජිස්ට්ගේ වෛරය එල්ලවී තිබේ.

      Delete
    3. ඇයි ලොරිය වැඩිමල් නැද්ද...

      Delete
  4. මෙත්මල් පිබිදේවා....!!!

    මමත් මේ වගේම ළිපියක් ලියාගෙන උන්නේ අද උදේ පබ්ලිෂ් කොරන්න. ජෙප්පන්ට ඡන්ද නැති උනත් උන්ගේ කටවල් ටික වටිනවා. ජෙප්පො පස්ස ගහන්න උන්ට ඡන්ද නැති නිසා. ළිපිය නොදැම්ම හේතුවත් පැරාගේ මාතෘකාව. මීට වඩා බලවත් නව දෙනෙක් චන්දිකාගේ කාලේ ඇවිල්ලත්, ඊට පස්සෙ කවුරුත් ආවේ නෑ. මෙත්මල් පිබිදෙයිද කියලා බලන්න වෙන්නේ අද දවස නිමාවෙන් පස්සේ. එනවය කියන කීප දෙනෙක් ඊයේ ලොක්කා ගාව දැවටෙනවා මම දැක්කා.

    මේ හැම දේම කරන්නේ රට හදන්න නෙමෙයි නේ. මේක බිස්නස් එකක්. එතකොට පැනීම් තීරණය වන්නේ මුදල් මත. මම හිතන්නේ නෑ එකෙක්වත් කෝටී 500 ක් දාලා එයි කියලා. ඇමති කම් කරලවත් හම්බ කරන්න බෑ නේ. අද සෙට් එකක් නාවොත්. මෛත්‍රී පරාදයි..

    ReplyDelete
  5. ඔය කවුරු ආවා ගියත් ජනතාව හැමදාම පරාදයි

    ReplyDelete
    Replies
    1. ඉයර්ස්, 
      ඖසධ පනත ගේන්න බැරිවුනා කියල නහයෙන් අඞන්නෙ මෙච්චර කල් වී මිලයි හාල් මිලයි එක්ක සෙල්ලන් දාපු කස්ටිය. කොහොමවුනත් රජා පරදින්න ඕන.

      Delete
  6. https://www.facebook.com/rathnamalala/posts/10152790254136259?fref=nf
    මෛත්‍රී යනු දියසේන නොවේ, ගොඩෝ ද නොවේ.... නමුත් මේ මොහොතේ අප සියල්ලන්ගේ සහයෝගය මේ ව්‍යාපාරයට නොලැබුණොත්, යළි ගොඩ ඒ ගත නොහෙන නරා වළකට රට ඇදගෙන යමින්, ඉතිරිව තුබූ එකම පිදුරු ගසේත් නොඑල්ලීමේ පශ්චත්තාපයට නම් අප සියළු දෙනාටම කවදා හෝ ගොදුරු වන්නට සිදු වනු ඇති.
    මේ මොහොතේ පොදු අපේක්ෂකයා පොල්පිත්තෙන් වුව කම් නැත, ඔහු දිනවමු.......!!!

    ReplyDelete
    Replies
    1. පඩිය කීයක් හරි වැඩි කරලා දෙනවා නම් සාතන්ට වුණත් ඡන්දෙ දෙනවා. නේද බං? ඒකනෙ උඹලා දන්න දේශපාලනේ.

      Delete
    2. සිතුමිණ රත්නමලල කියන්නේ අපේ පරණ ටැබුවා නේද? අර මිගාරයට නොන්ඩි වෙලා සීන් එකෙන් අයින් උනේ?

      Delete
    3. ආරංචි වෙන විදිහට මෛත්‍රීපාල අයියා රජවෙලා පැය 24න් රනිල් අයියට අගමැතිකම දිලා විධායක ජනපති ක්‍රමය අයින් කළොත්, මට හිතෙන විදිහට නම් රට මේ තියෙන වලෙන් වෙන වලකට වැටෙනවා මිසක් වලෙන් ගොඩ ඒමක් නම් සිද්ද වෙන්නේ නැහැ කියන එකයි.

      Delete
    4. නිරංජන්......මෛත්‍රී කොහොමද පැය 24න් රනිල්ට අගමැතිකම දෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව. ඒක එහෙම කරන්න වෙන ක්‍රමයක් තියෙනවාද.

      Delete
    5. AnonymousNovember 24, 2014 at 9:02 AM
      මෛත්‍රීපාල කාගෙ හරි පඩි වැඩි කරනවයි කිව්වද ? :D

      Delete
  7. මහින්දට මෙ රටෙ මිනිස්සු රට බාර දුන්නෙ රනිල්, චන්ද්‍රිකා ප්‍රමුක නිවට බටහිර රූකඩ වලින් රට බෙරගෙන. එහෙම නැත්නම් මෙලහට උතුරු නැගෙනහිර වෙනම ස්ව්යන් පාලනයක්. දැන් මහින්දගෙන් රට බෙරගෙන ආයෙත් රනිල්ට (චන්ද්‍රිකාද කූඩැල්ලා වගෙ එල්ලිලා ඉනු ඇත ) බාර දෙනෙ එකෙ තෙරුම කුමක්ද?

    මිනිස්සු බලාගෙන ඉන්නවා මයිත්‍රීගෙ ප්‍රතිපත්ති එලියට දානකම්? දවස් 100ට මොන ප්‍රපත්තිද? ප්‍රතිපත්ති එලියට දාන්න ඔනෙ මයිත්‍රී ලවා ගෙඩිය බාගන්න බලාගෙන ඉන්න රනිල්.

    ReplyDelete
    Replies
    1. පනික්කිවංශගේ අසූචි බොරුව නැට්ටපිටින් ගිලල ඉන්න ඔබ වැන්නවුන් ඉන්න තරමට මහින්දට වාසියි!

      Delete
    2. ජාත්ත්‍යන්තර කුමණ්ත්‍රණ කියන්නෙ මොනවද කියල මට නම් තේරෙන්නෙ නෑ, තේරෙන කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරන්න. පනික්කියගෙ බොරු වචන සෙට් එක නැතුව කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න.
      ඇමරිකාණු ගැති බලවේග
      පාපි බලවේග
      රට ආපස්සට(පුකට ) හැරවීම
      ඩයස්පෝරවෙ උවමනාවන්
      බෙදුම්වාදයට කැන්දාගෙන යාම
      රට බේරගත්ත නායකය එල්ලුම් ගහට යැවීම
      බටහිර රටවල් වල උවමනාව
      සතුරු කදවුරු

      මොලේ ඇති එකෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි පරන්න.

      Delete
  8. අපේ මාරයා අයියාට නම් දැන් විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නෙ. ඒ පැත්තෙත් සිරිලංකා කාරයෙක්. මේ පැත්තෙත් සිරිලංකා කාරයෙක්. ඒ හන්දා මාරයා අයියා තමන්ගෙ ඡන්දෙ මහින්දට දාලා මෛත්‍රීට හොර ඡන්දයක් වත් දානවලු. ඔය දෙන්නම කේන්දර බලන නිසා කවුරු ආවත් අපේ මාරයා අයියාට පාඩුවක් නැහැ.

    ReplyDelete
  9. මී වද කඩනවද බංස්ලා අත ලෙවකන්න.. අවුරුදු ගානක් තිස්සේ අච්චර අමාරු තැනක ඉදන් පටන් අරං.. අඩියෙන් අඩිය ඇවිල්ලා... බොහෝම අමාරුවෙන් පක්ෂයේ මහ ලේකම් වෙලා.. ජනාධිපති වෙන්න හීන දැකලා “මෛත්‍රී යුගයක්“ කියලා උදාන වාක්කියකුත් මුද්‍රණය කරලා බොහෝ අමාරුවෙන් බෙල්ල බේරගෙන කල් මර මර හිටලා.. දැන් මේ එක පාරටම අර කාලයක් තිස්සේ ගොඩ නගපු හැම දේම දන් දීලා.. හැම දේම අතෑරලා.. තමන්ගේ හීනය තව කෙනෙකුට සින්නක්කර ලියා දෙන්න මෛත්‍රීට පිස්සු කියලා හිතනවද..?
    මෛත්‍රී මේ කරන්නේ තමන්ට හම්බ උන උපරිම අවස්ථාව ගැනීම... මේකත් නොගත්තොත් කවදාවත් එයාගේ හීනෙට යන්න වෙන්නේ නැහැ.. මේක අරගෙන වැරදුනොත් සමහර විට හීනය බොදම වෙලා යයි.. ඒත් අඩුම ගානේ අවස්ථාවක් හම්බ උනා කියලවත් හිතුවැකි. (අර ළමයි කිව්වා කිව්වේ තාත්තට ඕනම තීරණයක් ගන්න කියලා.. ආන්න ඒකයි )

    මෙතන ඉන්න කවුරු හරි මට හරියට හොයලා බලලා කියනවද නීතිමය පැත්තෙන් ගත්තොත්... මේ වෙලාවේ මෛත්‍රී විධායකය අහෝසි කරනවා හෝ.. බලය රනිල්ට මාරු කරනවා හෝ කියලා ලියවිල්ලක් අත්සන් කලොත්... ඒ ලියවිල්ලේ ඇති බලයෙන් මෛත්‍රී ජනාදිපති උනොත් සහ එහෙම ජනාධිපති වීමෙන් පස්සේ මේ ලියවිල්ල නොසලකා හැරියොත්.. මෛත්‍රී බලයේ ඉන්න කාලය ඇතුලතදී.. රනිල්ට හෝ වෙන යම් කාට හරි ඒ ලියවිල්ල වෙනුවෙන් “විධායක ජනාධිපති මෛත්‍රිට“ විරුද්ධව නඩු කියන්න පුළුවන්ද කියලා... නඩු කියලා මෛත්‍රීව ඉවත් කරන්න පුළුවන්ද කියලා... මේකයි මුලින්ම කට්ටිය සාකච්ඡා කරන්න ඕන.. මං කියන්නං ඒක එහෙම කරන්න බැරිනං ඊළගට වෙන දේ...

    එයින් පස්සේ මෛත්‍රීට තියෙන එකම අභියෝගය තමයි පාර්ලිමේන්තුවේ බලය තමාගේ අතට ගැනීම... එතනදී මෛත්‍රීට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රීලංකා එකේ සහය හිමි වෙනවා දෙකක් නැතිව.. මොකද අන්තිම මොහොත දක්වාම උනත් මහින්ද එක්ක ඉන්න අයත් මහින්ද පැරදුනොත් එයින් පස්සේ එකතු වෙන්නේ මෛත්‍රීට මිසක් වෙන කාටද.. විධායක ජනාධිපතිව අතෑරලා කට්ටිය යයිද විපක්ෂ නායකකමක්වත් නැති මහින්ද ගාවට..?
    එහෙමත් නැත්තං ආයෙම වතාවක් ඉතිහාසයේ හොඳම රැවටීමට ලක් උන රනිල් ගාවට පනිද..?

    වෙන්න පුළුවන් එකම දේ තමා මහින්ද වෙනුවට මෛත්‍රී ආදේශ වෙන එක... එච්චරයි.. ආයෙම කට්ටියට පුළුවන් මුල ඉදලම මෛත්‍රී එක්ක කලින් නැවැත්තුව තැන ඉදලා වැඩ කරං යන්න... බැසිල්ලා ගෝඨලා වෙනුවට ඔය මෛත්‍රීටත් ළගින් තියාගෙන වැඩ කරන්න විශ්වාසවන්ත සහෝදරයෝ ටිකකුත් ඉන්නේ...

    මං මේ කියන දේ නොවෙන්න හේතුවන එකම කාරණාවයි තියෙන්නේ.. ඒ තමා අර ලියවිල්ල හෝ ගිවිසුම නිසා නඩු කියලා මෛත්‍රීව වැරදි කාරයා කරලා ඔහුගෙන් ජනාධිපතිකම අහක් කරන්න පුළුවන් වීම.. එහෙම දෙයක් බැරිනං ඉතිං කියන්න තියෙන්නේ...
    “සොරි ඩොට් කොම් රනිල්“ කියලා තමා...


    (ආන්න ඒකයි අපිත් මෛත්‍රීට විරුද්ධ නැත්තේ.. )

    ReplyDelete
    Replies
    1. /ඒ ලියවිල්ල වෙනුවෙන් “විධායක ජනාධිපති මෛත්‍රිට“ විරුද්ධව නඩු කියන්න පුළුවන්ද කියලා.../

      1994 චන්ද්‍රිකා එක්ක ඔහොම ලියවිල්ලක් ගැහුවා JVP එකේ නිහාල් ගලප්පත්ති. හම්බවෙච්ච වෙලාවක අහල බලන්න කියල පැරාට කියපං.

      Delete
  10. ඇත්තටම මරා ඔච්චර පොරක්ද? මට නම් හිතෙන්නේ පැරකුම් ඕනවට වඩා පොරව උඩින් තියල කියල. ඇත්තම කතාව මංගලයි ජේ වී පි එකයි නැත්නම් මහින්ද මොකෙද්ද? දන්නා අය දන්නවා දැනට උනත් කුණුහරුප පටවන එකයි, එකසිය ගානට තදවෙලා නියම ගොඩේ බයියෙක් වගේ අතට අහුවෙන දේවල් පොළොවේ ගහන එකයි ඇරෙන්න ඕක කරන රාජ්‍ය පාලනයක් නැහැ කියල. උගේ සෝබන කතා ටිකයි, පපුවට ගහ ගැනිල්ලයි අල්ලලා යන ගොන් හැත්තක් ඉන්න බව ඇත්ත. නමුත් ආණ්ඩුවක් විදියට මේක දිව්වේ බැසිල් නිසා. බැසිල් නොහිටින්න මෙකට් කෙලවෙලා ගොඩක් කල්. ඉතින් මුගේ ඇති මහා ශුර බුද්ධියක් නැහැ. ඇත්තටම මූ කරලියට ආවේ මුගේ ශුර බුද්ධියකින් නෙමෙයි මංගලගේ ශුර බුද්ධියේ අඩුවක් නිසා. චන්ද්‍රිකාට එවෙලේ ඉව වැටිලා තිබුන මූ ගැන.

    ReplyDelete
    Replies
    1. ලොකු පොරක් නොවුනාට ප්‍රභාකරන්ට වඩා පොරකි.

      ප්‍රභාකරන් මරාට වඩා පොරක් නොවුනාට ඌට බයේ අපේ ලොකු පොරවල් අපි වැනි හාල් කෑලි සර්වාංගයාම පරීක්ෂාවකින් තොරව කිට්ටුවකට ගත්තේ නැත.

      ප්‍රභාකරන්ගේ පොරභාවය අහෝසි කරන්නට මංගලලා චන්ද්‍රිකාලා සහ ෆොන්සේකාලාට මරා රජ වෙනකම් බලාගෙන සිටින්නට සිදුවිය.

      Delete
    2. ප්‍රභාකරන්ට කෙළවුණේ උගේ ගොන්කමයි මහන්තත්වයයි නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. අන්තිමට ඌ දෙමල මිනිහගේ අතම ගරුත්වය බින්දුවට දමා උගේ මහන්තත්වය රක ගන්නට ගියේය. එකෙන් උනේ දෙමළ මිනිහා හිටියටත් වඩා පහලට වැටීමය. දැන් ඩයස්පෝරා හැත්ත දඟලන්නේ උතුරේ කෙළම වී සිටින දෙමළ මිනිස්සු උගසට තියාගෙන උන්ගේ අයිඩින්ටි කාර්ඩ් අලුත් කර ගන්නටය. ඇත්තටම කිවොත් මරා ඉබේ පොරක් කරවීමට ප්‍රභාකරන් කාලකන්නියාද දායක වී තිබේ. මූ වනාහි පිනට පොරක් වූ පින්පොරකි.

      Delete
    3. රනිල් තමයි පොර. ඒකනෙ මයිත්‍රී ඉස්සරහට දාලා අගමැති වෙන්න හදන්නෙ. අනිත් පොර තමයි අනුර. කතාව මහින්ද පරද්දවන්න හැබැයි මැතිවරණය ආවම පැනලා දුවනවා මැතිවරණය නීති විරොධියි කියලා.

      Delete
    4. රනිල් පොරකි. නැත්නම් මෙච්චර කල් පක්ෂ නායක කම සහ විපක්ෂ නායක කම රැක ගැනීමට නොහැක.

      මම ප්‍රභාකරන්ට අකමැති නමුත් ප්‍රභාකරන් පොරක් බව පිලිගනිමි. පොරක් නොවේ නම් 83දී බයිසිකලයෙන් ගිය කොටි 2009 වනවිට ප්ලේන් වලින් යන්නේ නැත. රනිල් ගිවිසුම් අත්සන් කරන්නට මඩකලපු යනවිට කිලිනොච්චියේ තම කාර්යාලයේ හිඳ තනිවම ගිවිසුම අත්සන් කරන්නේද නැත.

      Delete
  11. එන කට්ටිය අද එන්නේ නෑලු. අයවැයට චන්දෙ දීලා ඊටපස්සෙලු එන්නේ.

    ReplyDelete
  12. ''මහින්දගේ ඡන්ද මෙහෙයුම ඇමරිකානුවන් තිදෙනෙකුට''

    මහින්ද රාපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සියල්ල ඇමරිකානු පුරවැසියන් තිදෙනෙකුට බාර දී තිබේ.
    මේ අතරින් විවෘතව සිටින මූලිකයා වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දශක කිහිපයක් ඇමරිකානු පුරවැසියෙක්ව සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු මෙරටට පැමිණි අයෙක්ය.
    මේ වනවිට අභ්‍යන්තරයෙන් හමුදාබලය මෙහෙයවමින් ක්‍රියාකිරීමට උත්සාද දරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු යුධ හමුදා නිලධාරීයෙකු වශයෙන් සිටි අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සන්න වෙමින් පැවති අවධියේ හමුදාවෙන් පළා ගොස් ඇමරිකානු පුවැසිභාවය ලබාගෙන සිට බැසිල් රාජපක්ෂ මහතා සේම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු මෙරටට පැමිණි ‍අයෙක්ය.
    අනෙක් තැනැත්තා වන්නේ "මනුෂ්‍යත්වයේ පැතුම" යන තේමා පාඨය යටතේ 1994දී දකුණු පළාත් සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ කර පසුව එම ආණ්ඩුව යටතේ ඇමතිවරයෙකු වශයෙන් සිටි ඩලස් අලහප්පෙරුම මහතාය. එවකට ආණ්ඩුව තුළින් ඇතිවූ විවිධ පීඩාවන් දරාගත නොහැකිව ඇමරිකාවට පළාගොස් සිට අනෙක් දෙදෙනා සේම මහින් ද රාජපක්ෂ යටතේ මෙරටට පැමිණි අයෙක්ය.
    මෙම තිදෙනාම බ‍ටහිර කුමන්ත්‍රණකාරී බලවේග පිළිබඳව නිරන්තරයෙන් ජනතාව භීතියට පත් කරමින් සිටින්නන් වේ.

    Lanka Truth....

    ReplyDelete
    Replies
    1. AnonymousNovember 24, 2014 at 2:48 PM
      එහෙනම් කමක් නෑ......... හෙහ්.........

      Delete
  13. එහෙන් මෙහාට මාරුවෙන ගාන ගණන් කර කර ඉන්නවට වඩා කලයුතු වන්නේ මැතිවරන ව්‍යාපාරයට ශක්තියක් එකතුකිරීමයි. එන මන්ත්‍රියාට වඩා වටින්නේ පොදු ජනතාව එක් රැස් කරගැනීමයි. එන එකා ප්‍රමාදවුවත්, නාවත්, ගෙන්වා ගතයුතු ඡන්දදායකයා ගැන විමසිල්ලෙන් සිටීමයි නිවැරදි.

    ReplyDelete
  14. සාගරයේ නානා මාදිලියේ බෙල්ලන් ඉන්නවා එහෙත් මුතු ඇට තියන බෙල්ලන් හොයාගන්න අමාරුයි දුර්ලභයි. කැලයේ කොතරම් ගස්වර්ග තිබුනත් සදුන් වගේ වටිනා ගස් දුර්ලභයි. දිය ගොඩ කොතරම් ගල් වර්ග තිබුනත් මැණික් ගල් දුර්ලභයි. ඒ වගේ තමයි මනුෂ්ය සංහතිය ගත්තොත් මහින්ද රාජපක්ෂ මහතා තරම් සුවිශේෂි දුර්ලභ ඝණයේ සේනාධිපති නායකයෙක් මෙම ලෝ තලයේ නොමැත.

    ReplyDelete
  15. Most trusted and detail online poll on upcoming presidential election 2015. Please cast your votes :http://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා