සුන්දර ඉංගිරිසි: ප්‍රස්ථා පිරුළු සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්

මග නො දනියි නම් සෙමින් යන්න - අයර්ලන්ත ප්‍රස්ථා පිරුළක්
ප්‍රස්ථා පිරුළක් කියන්නේ තැනට සුදුසු අන්දමින් ලොකු අදහසක් කෙටියෙන් පැවසීම සඳහා යොදන වචන කීපයකින් සමන්විත කෙටි ප්‍රකාශයක්. එය කෙටි වගේ ම ඉතා ව්‍යක්ත ප්‍රකාශයක් ද වෙනවා. එහි වදන් පෙළ ගැස්ම ඉතා ශූර අන්දමින් කර තිබෙනවා. එසේම, බොහෝ විට එයින් කියවෙන්නේ ද විශ්ව සත්‍යයක්.

ලෝකයේ ඕනෑම භාෂාවක, සංස්කෘතියක මෙවැනි ප්‍රස්ථා පිරුළු තිබෙනවා. ඒ ඇතැම් ඒවා ඒ සංස්කෘතියට, පරිසරයට හා සමාජයට අනන්‍යයි. ඒත්, තවත් සමහර ප්‍රස්ථා පිරුළුවල විශ්වීය ලක්ෂණයක් දකින්නට ලැබෙනවා. එවැනි පිරුළු ලෝකය පුරා ම ව්‍යාප්ත වෙලා විවිධ භාෂාවල විවිධ ස්වරූපයෙන් දකින්නට ලැබෙනවා.

ප්‍රස්ථා පිරුළු භාෂාවක නිර්මානය වෙනවා වගේ ම භාෂාවෙන් භාෂාවට පැතිරෙන්නත් පුළුවන්. එහෙම පැතිරෙද්දී යම් යම් එකතු කිරීම්, වෙනස්වීම් එහෙමත් සිදු වෙනවා.

ප්‍රස්ථා පිරුළුවල නිරුක්තිය හෙවත් එය බිහි වූ ආකාරය හොයන එක හරිම අමාරු කාරණයක්. ඒ සඳහා භාෂා ගණනාවක පැරණි සාහිත්‍ය කෘති හා ජනප්‍රවාද ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසාම එවැනි අධ්‍යයනයන් සිදු වන්නේ කලාතුරකින්.

විවිධ භාෂාවන් තුළ එක සමාන අරුත් ඇති පිරුළු යෙදෙන ආකාරය අධ්‍යයනය කරන එක ඉතා රසවත්. අපේ අවධානය යොමු වන්නේ ඉතා ප්‍රකට ප්‍රස්ථා පිරුළු කීපයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවල යෙදෙන ආකාරය පිළිබඳ අධ්‍යයනය කරන්නයි.

සිංහල ප්‍රස්ථා පිරුළුවලට වැඩි ම බලපෑමක් වන්නට ඇත්තේ දෙමළ භාෂාවෙන් වෙන්න පුළුවන්. එහෙත්, මෑතකාලීනව නම් ඉංග්‍රීසිය සිංහල බසට කරන බලපෑම වැඩි නිසා ඇතැම් ප්‍රස්ථා පිරුළු කෙළින් ම ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කර ගත් ඒවා වෙන්නට පුළුවන්.

අපි උත්සාහ කරන්නේ සිංහල හා ඉංග්‍රීසි ප්‍රස්ථා පිරුළු කීපයක් සන්සන්දනය කර බලන්නටයි.මේවා ඉංග්‍රීසි භාෂාවට එන්නට ඇත්තේත් වෙනත් භාෂාවලින් ය කියන කරුණත් අපි අමතක නො කළ යුතුයි.

මෙන්න මේ ප්‍රස්ථා පිරුළු භාෂා දෙකේ ම ඉතා ම සමානයි.


  • දිලිසෙන සියල්ල රත්තරං නොවේ - All that glitters is not gold.
  • වීදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් නො ගැසිය යුතු ය - People who live in glass houses should not throw stones
  • එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ ලගිනවා - Birds of a feather flock together
  • නිකං හම්බ වෙච්ච අස්සයගෙ දත් ගනින්නෙ මොකට ද? - Never look a gift horse in the mouth
  • කන්න දීපු අත හපා කන්න එපා - Don't bite the hand that feeds you
  • අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ -
  • බුරන බල්ලෝ සපා නො කති - Barking dogs seldom bite
  • පනින්න පෙර සිතා බලනු - Look before you leap
  • සල්ලි ගස්වලින් කඩන්නේ නැහැ - Money doesn't grow on trees
  • මැරෙනකොට අරන් යන්න ද? - You can't take it with you when you die
  • එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා - When one door shuts, another opens
  • ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ - There's no smoke without fire

සමහර ප්‍රස්ථා පිරුළු හරයෙන් සමාන වුණත්, වචනාර්ථවලින් වෙනස්.


  • අපායට ගියත් කලින් යන්න ඕනැ - The early bird catches the worm
  • වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනැ - When in Rome, do as the Romans
  • හිඟන්නන්ට කොයින්ද උණු බත් - Beggars can't be choosers
  • ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට - Actions speak louder than words
  • ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ - Too many cooks spoil the broth
  • කපන්න බැරි අත ඉඹින්නා වාගේ - If you can't beat them, join them
  • නිතර දකින කුකුළගෙ කරමලෙත් සුදුයි - Familiarity breeds contempt
  • පිරුණු කළේ දිය නො සැලේ - Empty vessels make the most noise
  • කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් තිබෙනවා - Every dog has his day
  • අඬන්න ඕනැලු කිරි එරෙන්න - Everything comes to him who waits
  • තැටිය රත් වුණ වෙලාවෙ රොටිය පුච්ච ගන්න - Strike while the iron is hot

සමහර ප්‍රස්ථා පිරුළු ඍජුවම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරගෙන වගේ පෙනෙනවා.


  • රත්තරං බිත්තර දාන කිකිළිව මැරුවා වගේ - Killing the goose that lays the golden eggs
  • බිත්තරේ කඩන්නෙ නැතිව ඔම්ලට් දාන්න බැහැ - You can't make an omelet without breaking a few eggs.
  • කේතලේ කියනවා මුට්ටිය කළුයි කියලා - kettle says pot black
  • ලස්සන තියෙන්නෙ බලන කෙනාගෙ ඇස්වල - Beauty is in the eye of the beholder
  • ඔක්කොම බිත්තර එක මල්ලෙ දාගන්න එපා - Don't put all your eggs in one basket
  • නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වේ - Ignorance of the law is no excuse
  • නිසල දිය ගැඹුරු ය - Still waters run deep
  • පෑන කඩුවට වඩා බලවත් ය - The pen is mightier than the sword
  • අස්සයව වතුරට අරන් යන්න පුළුවන්. ඒත් පොවන්න බැහැ - You can lead a horse to water, but you can't make it drink

සමහර පිරුළු විශ්ව භාවිතයට ගිහින් තිබෙන්නේ අපෙන් වෙන්නට පුළුවන්.


  • කැළේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ - A leopard can't change its spots

සමහර ප්‍රස්ථා පිරුළු ඉතාම අලුත් ඒවායි. ඒ නිසා ඒවා බොහෝ විට සිංහලයට එන්නේ ඉංග්‍රීසියෙන්.


  • එක පිංතූරයක් වචන දහස් ගණනකට වඩා ප්‍රබලයි - A picture is worth a thousand words

අපේ රටේ අලුත් තත්වයන්ට ගැලපෙන ප්‍රස්ථා පිරුළු අපට වෙනත් රටවලින් සොයා ගන්න පුළුවන්. ඒවා හොඳ වචනවලින් පරිවර්තනය කරගෙන අපේ භාෂාවට එකතු කර ගත්තා ම අපේ භාෂාව පෝෂණය වෙනවා. මම උදාහරණයක් දෙන්නම්. තමන් විශ්වාස නො කරන මිනිහෙක් ඔබ විශ්වාස කරනවා ද කියා වෙනත් අයෙකුගෙන් අහන්න ඇමරිකානුවෝ මෙහෙම පිරුළක් භාවිතා කරනවා. Would you buy a used car from this man? පරිවර්තනය කරන්න උත්සාහ කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. ඇයි තව තියෙනවා
    හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා.
    Saturn entered into the beger's plate

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ඉන්දික උපශාන්ත කොඩිතුවක්කුගේ පොකට්ටුවට අභීත එදිරිසිංහ විද්ද එක ගැන නේද?

      ඒක නෙමෙයි, ඉන්දිකයා 40 ශ්‍රී ලොරි පදින්න ගිය එකට ගැලපෙන ප්‍රස්ථාව පිරුළක් නැද්ද?

      Delete
    2. ඒක නෙමෙයි, ඉන්දිකයා 40 ශ්‍රී ලොරි පදින්න ගිය එකට ගැලපෙන ප්‍රස්ථාව පිරුළක් නැද්ද?

      If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it

      Delete
    3. අර අභීත ණය ගෙවන්න බැහැ කිව්වා කියන බොරුව වගේද ඉන්දික පුතේ?

      Delete
    4. /ඒක නෙමෙයි, ඉන්දිකයා 40 ශ්‍රී ලොරි පදින්න ගිය එකට ගැලපෙන ප්‍රස්ථාව පිරුළක් නැද්ද?/

      1. ඉත්තෑවාගේ ගෙට කබැල්ලාවා රිංගා ගත්තා වාගේ.
      2. කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ.
      3. ආචාරියා නැකත් බලන අස්සේ ගෙදර සෙම්බුව හොරු ගෙනිච්චා වාගේ.
      4. ළිඳ මගේ නම් මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා?

      Delete
    5. ඉන්දික මාර පොරක් හලෝ, නොදන්න දෙයක් නෑ. හොද වෙලාවට wikipedia එකේ අයට අහු උනේ නෑ. නැත්නම් අනිවා එකේ ලොක්කා මෙලෙහකට ඉන්දික උපශාන්ත තමා. මෙතන බලන්න හැමදේම දාන්න ඉන්දික නාපු හැටි.

      http://rasikalogy.blogspot.com/2014/10/it-was-just-matter-of-sixty-five-rupees.html?showComment=1414672178440#c7511712362096702641

      Delete
  2. Rolling stone gathers no moss!

    ReplyDelete
  3. පැරා
    තැටිය රත් වුණ වෙලාවෙ රොටිය පුච්චා ගන්න - Strike while the iron is hot

    ඕකමයි ඔබටත් කියන්න තිබෙන්නේ

    ReplyDelete
  4. පැරා ලංකාවේ අපි කියන්නේ වඩුවාගේ ගෙදර පුටුව නැහැ කියල නමුත් මාලදිවයිනේ අය කියන්නේ වඩුවාගේ ගෙදර දොර නැහැ කියල.

    ReplyDelete
  5. පැරා... idioms සහ proverbs අතර වෙනස ගැනත් කිව්වනම් තවත් හොඳයි. මේ දෙකම පැරැගේ ලිපියේ තියනවා.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ප්‍රස්ථා පිරුළු කියන ඒවාට ඉංග්‍රීසියෙන් proverbs කියන ජාතිය සමානයි. ඒත්, ඉංග්‍රීසියෙන් idioms කියන ජාතියට රූඪි කියා කියනවා. ඒවා එක්තරා ආකාරයක සුවිශේෂ භාෂා ව්‍යවහාරයක්. එහි තේරුම වචනාර්ථය ඉක්මවා යනවා. උදා, අනූ නමයෙන් බේරුණා.

      පහත උපුටා ගැනීම බෝවල - කේ. ඩී. සී. ගුණසේකරගේ ලිපියකින් ය.

      සාම්ප‍්‍රදායික යෙදුම් (රූඪි හෙවත් ඉඟිවැකි) ඞලිවීමේ දී අදහස වඩා රසවත් ආකාරයෙන් ප‍්‍රකාශ කිරීමට විශේෂ යෙදුම් උපකාරී වේ. මතුපිට තේරුමට වඩා ප‍්‍රබල වෙනත් තේරුමක් දෙන නිසා මේවා සාම්ප‍්‍රදායික යෙදුම් නම් වේ. වචන මහත් රාශියකින් කිවයුතු අදහසක් කෙටියෙන් සිත් කාවදින ලෙස ප‍්‍රකාශ කිරීමත් භාෂාව අලංකාර කිරීමත් මෙමගින් කෙරේ.ඉන් කීපයක් මෙසේ විමසා බලමු.අනූනවයෙන් බේරුණා බෝම්බය පිපුරුණු තැනින් ගමන් කළ මගියා බේරුනේ අනූූ නවයෙනි.අටපහ නොදත් - කිසිම වැඩක් හරිහැටි කරකියාගත නොහැකි ඒ මිනිසා අටපහ නොදත් මෝඩයෙකි.අමුඅපායක් - පිටකොටුවේ එළවළු වෙළෙඳ පොළ වැසි දිනවලට අමු අපායකි.අකුල්හෙළනවා - දුදනෝ යහපත් වැඩවලට ද අකුල්හෙළති.ආගිය අතක් නැහැ - රැකියාවක් සොය සොයා ළතැවෙමින් සිටි තරුණයා ආගිය අතක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට නැත.

      ඇමගිල්ලා - කූට ධනහිමියාගේ ඇමගිලීම නිසා ඔහු යටතේ සිටි සේවකයන්ට ඔහු නියම කරනු ලබන වැරැදි වැඩ පවා කිරීමට සිදු විය.ඇඟේ ලේ වතුර වුණා - අවුරුද්දක් කල් දී ඊට පසුව ද යා යුතු නිවසක් සොයාගැනීමට කුලී නිවැසියාට අපහසු විය. හදිසියේ නිවස හිමියා පැමිණ සතියකින් පිට වී යන ලෙස කී විට කුලී නිවැසියාගේ ඇඟේ ලේ වතුර විය.ඉවක්බවක් නැතිව - ඉවක්බවක් නැතිව ඉගෙනීීමේ කටයුතු කළොත් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත නොහැකිය.

      ඊ ගසක වේගයෙන් - කී‍්‍රඩා කිරීමට වේලාව හරි බව ගුරුතුමා දැන් වූ විට ළමයි ඊගසක වේගයෙන් කී‍්‍රඩාපිටියට දිවූහ.උඩින් පල්ලෙන් - ‘කරන වැඩ හරියට කරනු මිස, උඩින් පල්ලෙන් කරන්න එපා’යයි අම්මා දියණියට කීවා ය.උරචක‍්‍රමාලාව - හිතුවක්කාර බිරිඳ සැමියාට උරචක‍්‍රමාලාවකි. මහත් කරදරයකි.උඩක් බිමක් නැතිව - හරිහැටි රැකියාවක් නොකරන අතන මෙතන නිකරුණේ ගත කරන ඔහු උඩක් බිමක් නැති තරුණයෙකි.උන්හිටිතැන් නැති - සුනාමියෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් නැති විය.

      එලොව පොල් පෙනුනා - පිටරටක රැකියාව කළ බිරිඳ රියඅනතුරකින් මියගිය බව දැනගත් තම දරුවන් සමඟ සිටි ස්වාමියාට එලොව පොල් පෙනුනේ ය.ඔළුව ඉදිමිලා - තනතුර ලැබීමෙන් පසු මහජනයා ගේ අවශ්‍යතා තබා හමුවීමටවත් ඉඩ ලබා නොදෙන මන්තී‍්‍රතුමාගේ ඔළුව ඉදිමිලා යයි බොහෝ දෙනා පවසති.කඩිමුඩියෙන් - තාත්තා රෝහල්ගත වී සිටින බව දැනගත් පුතා කඩිමුඩියෙන් එහි පිටත් වී ගියේ ය.

      - ශ‍්‍රී ලංකාතිලක බෝවල - කේ. ඩී. සී. ගුණසේකර

      Delete
  6. Penny wise pond foolish-,(Koombiya yanathena penawa Aliyayanathenapenenne na) Tit For tat (ekata eka karanawa) Ranjan- düsseldof.

    ReplyDelete
    Replies
    1. Pound foolish නේද...අකුරක් ටයිප්වෙලා නැහැ මගේ හිතේ.

      Delete
  7. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ - Too many cooks spoil the broth

    මේ දෙකේ අදහස සමාන නෑ.

    ReplyDelete
  8. මේක වටින, රසවත් මාතෘකාවක්. ලිපියෙ අගය වැඩිවෙන්නෙ ඒ ඒ රටවල අය තමන්ගෙ පැතිවල දන්න පිරුළු ටිකක් හොයල මේකට එකතු කරොත් තමයි.

    මේ අරාබි පිරිළු කිහිපයක් සිංහල පිරුළු හා සමාන.

    පාත්තයගෙ පැටියත් පිහිණුම් ශූරයෙක් = ගහේ කටු උල් කරන්න ඕනද?

    වඩුවගෙ ගෙදර දොර නිතරම කැඩිල = වඩුවගෙ ගෙදර පුටුව නෑ.

    ෂෙයික් තොප්පිය අස්සෙ ඉන්නෙ වඳුරෙක් = උඩින් ඔපේ, යටින් හපේ

    පොරෝනයෙ තරමට කකුල් දික් කරන්න = ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න

    ඇහි බැමට වඩා උඩ යන්න ඇහැට බැහැ =

    ඉමාම්ට පඩයක් ගියාම පිටිපස්සෙ වඳින උන් රෙන්න ගන්නව = ගුරා හිටගෙන කරද්දි ගෝලයො දුව දුව කරනව

    අද ලැබුන පරාජය කවදහරි ලැබෙන දිණුමට වඩා හොඳයි = දුවන මුවන් දැක නොදමන් නෙළු පලා

    එන දේ හොඳයි ගිය දේට වඩා = ගිය හකුරට නාඬන්නේ, තියෙන හකුර රැකගන්නේ

    ReplyDelete
    Replies
    1. If you pay peanuts, you get monkeys ........ (British English)
      An employer who pays low wages will have bad staff

      Delete
  9. මර්වියා ගස් බැන්දා වගේ.....තමන් කරගත්ත වැරැද්දක් අනුන් පිට පැටවීම.

    ReplyDelete
  10. පැරා.....මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද....

    //////////අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වැහුව වගේ -///////////

    ReplyDelete
    Replies
    1. Closing the stable door after the horse has bolted (or escaped)

      Delete
    2. Thank you Ano!!

      Delete
    3. Chinese Version:
      horse out you see , closing door , nooo good

      Delete
    4. ඇත්තටම එහෙම තමයි...නෝඕ.ඕ.ඕ ගුඩ්. නෝ..ඕ.ඕ...පොබ්ලම්..ශෑන් ශුන්.ශින්. :D

      Delete
  11. Thanks.ARU,oya pennuwamai mama dekke.Pond nowa Pound lesa niweradi wiyauthui. NEW brooms saweep well(Aluthpita ohomathamai) Necessity Knows no low(Awashyathawata neethiyak nometha)Make a mountain out of a molehill(Kanda kenda karanawa)More haste,less speed(ikman kotai) (Ranjan-düsseldorf)

    ReplyDelete
  12. කවුරු හරි ජෝතිසේ විශ්වාස නොකරනවනං.. ඒ ගැන උනන්දුවක් නැත්තං කරුණාකරලා තමන්ගේ වත්තේ හතර මායිම කොටාගෙන පාඩුවේ ඉන්ටලා... නිකං මේවා කියවලා තමන් උනන්දුවක් නැහැයි කියලා පුන පුනා කියන දේ ගැනම හාර අවුස්ස අවුස්ස තම තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්ට නොයා.. මොකද මං යම්තාක් දුරකට ඉගෙන ගත්ත දේ.. මං යම් තරමකින් දන්න දේ.. මට කැමති තැනක ඒකට කැමති අය එක්ක බෙදා හදා ගැනිල්ලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්ට හැටියක් නැහැනේ... ඔය ඉවුම් පිහුම් වැඩ ගැන කවුරු හරි මොනවා හරි අහපු වෙලාවට දන්න තරමින් කියා දෙනවා වගේම තමා මේ වැඩත්.. ඒකට මේ කවුරුවත් ලේ කෝපකරගෙන නලියන්ට උවමනාවක් නැහැ නෙව.. අනික එයාලම කියන විදියට එයාලා මේ ගැන උනන්දුවක් නැහැයි කියනවනේ.. ඉතිං ඇයි මේ අමුතු කැක්කුමක්... අර කියමනක් තියේ නෙව... “ලිඳ මගේනං.. මං ලිඳේනං.. කාටවත් ඇයි වේදනා“ කියලා :D මේක මං විනෝදයට කරන කියන දේ.. ඒක ගැන ඔය හැටි උනන්දුවක් නැති උදවිය නහින්ට උවමනාවක් නැහැ...

    ReplyDelete
  13. මේක ලා සිඤ්ඤෝර්ගේ කියමනක්
    සෑම අසාර්ථක පිරිමියෙක් ඉදිරියෙන්ම කාන්තාවක් සිටියි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා