ජනාධිපතිතුමනි කෝ ඔබේ ධෛර්යය?

මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු. 

එහෙත්, අද සිදු වූ සිද්ධිය නම් ඉතා නීච, නින්දිත, විලි ලජ්ජා නැති තත්වයකි. 

පොදු අපේක්ෂකයා පළමු වරට සහභාගි වූ රූපවාහිනී වැඩසටහන වූ සිරස සටන වැඩසටහන ඩයලොග් හා පියෝ ටීවී ඔස්සේ විකාශය වීම නැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. 

ඔහු මෙසේ කරන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ පුවත්පත්, ගුවන් විදුලි සේවා හා රූපවාහිනී සේවා මුළුමනින් ම සිය ප්‍රචාරය සඳහා පාවිච්චි කරන ගමන් ය. 

මෙවැනි ගොබ්බ වැඩ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් කළේ කදුරු ගෙඩිවලින් බෝල ගහන කාලයේ ය. එසේ කළේ මුලින් බැට් කර පසුව බැට් කරන පිලට පන්දු යවන්නේ නැතිව පළා යාමෙනි. 

මේවාට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ නොට් ක්‍රිකට් කියා ය. 

මේ නම් ඇත්තෙන් ම පරාජය පිළිගැනීමකි. දැන් ඉතින් ඉදිරියට මෛත්‍රීපාල එන සියලු වැඩසටහන් බ්ලොක් කරනවා ද?

ජනාධිපතිතුමනි, ඔබෙන් මීට වඩා තරගයක් බලාපොරොත්තු වෙමු. 

පැනලා දුවන්න එපා. සටනට එන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒකෙන් තේරෙන්නෙ මහින්ද රාජපක්ෂ ඇත්තටම ගමේ බයියෙක් බවයි. එහෙම නැත්නම් මේ වගේ ගොබ්බ වැඩ කරාවිද.
    පැරා මතු කරපු කදුරු බෝලෙන් cricket ගහද්දි අපේ ක්‍රමයක් තිබුනා last man no chance කියලා.

    ReplyDelete
  2. අපි පියෝ ටීවී වලට ගෙවන්නේ බාගෙට නරඹන්න නොවේ.හෙළා දකිමු

    ReplyDelete
  3. අපේ මාරයියාගේ පියෝ ටී වී එකෙන් නම් ඔක්කෝම හොඳින් පෙණුනු බවත් ඒ නිසා මේක කඩාකප්පල්කාරයින්ගේ බොරු ප්‍රචාරයක් බවත් ප්‍රකාශ කරන්ට යෙදුනෙමි. කඩාකප්පල්කාරයින්ට නොරැවටෙන ලෙස අපේ මාරයියා සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  4. මහින්ද රාජපක්ෂ යනු සටකපට අති ශුර දේශපාලන නායකයෙකු බවත් සියල්ල දත් සියල්ල කල හැකි සුපර් මෑන් කෙනෙකු බවත් බ්ලොග් ලියන ඇතැම් අයියලා පවා මන්තරයක් සේ ජප කල දෙයකි.එහෙත් ඇත්ත නම් ජේ ආර් සහ ප්‍රේමදාසටත් එහා ගොස් විධායක බලතල නමැති සුපිරි බලය පලිහක් කොට මැජික් පෙන්නුවා මිසක බැරි වෙලාවත් අද රනිල් සිටින විපක්ෂයේ මහින්ද සිටියා නම් සජිත් ප්‍රේමදාසටත් අන්ත බයියෙකු බවට මහින්ද පත්ව සිටිනු ඇත යන්නයි.සැටලයිට් නෝනා හා රනිල් ලොක්කා කල් වෙලා බලා ගැසූ දේශපාලන ගැටය තක්කු මුක්කු වී ලිහා ගන්නට ගොස් අද ලොක්කාගේ මැජික් කලර් සේදී නියම බයියා කලර්ස් පෙනෙන්නට පටන් ගෙන තිබේ.

    ReplyDelete
    Replies
    1. සියයට සියයක්ම එකඟයි!

      Delete
  5. ඇත්තෙන්ම පැරා, ලොක්කා ගේම් එකට බැස්සෙ මේ නායයෑම ගැන දැනගෙන නෙමෙයි. මතකද මෛත්‍රිපාල උන්නැහෙත් ඊට කළින් දිනේදී රැස්වීමකදීත් කිවුවෙ එයා ආණ්ඩු පක්ෂයේ ඉන්න එකේ තව මොනවටද විපක්ෂයේ අපේක්ෂකයෙක් වෙන්නෙ කියල? උඩින් ඉන්න ඇනෝ කිව්ව වගේ සැටළයිට් හා රනිල් ලොක්ක එකතුවෙලා අපි ඔක්කොමලාවත් ගොනාට (ඒක හැබැයි යහපත් ගොනාට ඇන්දවීමක් නිසා කමක් නැහැ ) අන්දවලා දුන්නු ගේම් එක නම් රාජකීයයි. මතකද රනිල් ලොක්ක වරක් කිව්ව, මාධ්‍යයට නොදැනී වැඩකරන හැටි එයා දන්නව කියල?

    ReplyDelete
  6. Anonymous November 22,2014 at 11.30 pm,100% agree with you,PARA MAHINDA R,Kreedawan dekai danne,Rathi kreedawai,Buruwagesimai,(Kumanthrana karayek)

    ReplyDelete
  7. හෙහ්... හෙහ්...
    මෛත්‍රීපාල ජනාධිපති වෙන්න කලින් හිටන් ම මහින්ද හැංගෙන්න තැන් හොයනවා...

    ReplyDelete
  8. මේ ලිපියේ මුල් පේලි 4 ම හිතන ලෙස වැරදයි , මොකද රජා දැනන් සිටියේ නැහැ මෛත්රී පොදු අපේක්ෂකයා වේවි කියලා , දැනගෙන සිටියානම් මේ පියවර ගන්නේ නැති වෙන්න ඉඩ තිබුනා,

    ReplyDelete
    Replies
    1. Oba hari , lokka mea gini vijjumbaraya kalin denagena hitiya nam ,mea piyawara noganievi. Aspsya den dura gihin bawa wetahie athi bevin patta vikaara saha gobba pissu keli nerambiya heka.

      Delete
    2. හරියට හරි.. මට පේන්නේ මහින්ද වගේම පැරාත් කළබල වෙලා වගේ.. ඕකට නියම උත්තරේ අනුර කුමාර ඒ වැඩසටහනෙදිම දුන්නා. ළඟදීම ෆේස්බුක් එකත් තහනම් කරයි.. ඊළඟට අපේ බ්ලොග් ටික.. අයියෝ සල්ලි..

      Delete
    3. බ්ලොග් එකයි ෆේස්බුක් අකයි තහනම් කළෝතින් නම් අපේ මාරයියාට ආපහු මහණ වෙන්න වෙනවා පොරක් වෙන්න...

      Delete
    4. Why you always against to Maaaraya.

      Delete
  9. සටන මොකද්ද කියලා වත් නොදන්න අය ඒක ගැනදැනගත්තා. ඒ වගේම මේ වගේ වැඩ වලින් පොදු අපේක්ෂකයාට අලුත් තැනක් හදලා දුන්නා.

    ReplyDelete
  10. ඉහත කොමෙන්ටු අනුමත කරමි.මම ඩයලොග් ටීවී අයින් කරල බටපොල ඇන්ටනාවක් ගෙනැත් ඒකෙ චැනල් අයි පේන්න හදාගන්නවා. කොහොමත් csn ලොක්ක වැඩිකල් ඉන්න එකක් නෑ.

    ReplyDelete
  11. මම දකින විදියටනම් තවමත් ආණ්ඩුවට දිරවගන්න බැරිව ඉන්නේ සිදුවුණ නායේ යෑම. ඒක මීරියබැද්දට වඩා බරපතලයි. මොකද වසර 12 ක සන්ධාන ආණ්ඩුවට එල්ලවුණු දරුණුම කණේ පාර මේක. දකුණෙන්,ඌවෙන් සිදුකලේ නිකන් කන අතගෑමක් විතරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා උපදෙස් ගන්නේ රත්තරං,නිමල් සිරිපාල,සජීන් වගේ උදවියගෙන් නිසාවෙන් මෙවැනි අඳබාල ක්‍රියාමාර්ග ගැනීම පුදුමයක් නෙවෙයි. හරියට ජේ.ආර් විජය කුමාරතුංගට හොඳම නළුවා වෙන්න සරසවි සම්මාන උළෙල ගණනාවකදි ඉඩ නොදුන්නා වගේ. ඒත් විජයට ජනප්‍රියම නළුවා සම්මානේ පිට පිට ලැබෙන එක නවත්තන්න ජේ.ආර් ගේ සටකපට න්‍යායට බැරිවුණා. ඉස්සරහට වෙන්නේ මේ දේමද කියලා හරියටම පුරෝකථනය කරන්න බෑ. ඒත් මිත්‍රයා අතීතයම රෝල් වෙන බවනම් පැහැදිලියි

    ReplyDelete
  12. මේක නිකං බ්ලොග් සින්ඩිකේටර් එකකින් එක බ්ලොග් එකක එක ලිපියක් අටින් කළා වගේ වැඩක් නේද?

    ReplyDelete
  13. බ්ලොග් ටික බැකප් කර ගනිල්ලා

    ReplyDelete
  14. අපි සූදානම් විය යුත්තේ හමුදා ආංඩුවක් පරාද කිරීමටයි.

    ReplyDelete
  15. මහින්දගෙ බලය මවා ගත්ත එකක්. ඒක හරියට ඇතුලෙන් කුනු වෙච්ච ජම්බෝල ගෙඩියක් වගෙයි.

    ReplyDelete
  16. මෙතනදී කාරණා දෙකක් ඉස්මතු කරන්න උවමනයි.

    1. සටන වැඩසටහනෙහි විකාශයට තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා බාධා විය හැකි බව කල් ඇතිවම සිරස විසින් දැනුම් දුන්නා. ඒ නිසා එසේ බාධාවක් පැමිණියහොත් සිරස එෆ් එම් හරහා ශ්‍රවණය කල හැකි බවත් පූර්ව දැනුම් දීමක් කෙරුනා. මෙය රජයට සම්බන්ධ වැඩක් දැයි ඒ නිසා සහතික වශයෙන්ම කියන්න අමාරුයි. (ඇතැම්විට එසේත් විය හැකියි. නමුත් පළමුවෙන්ම සිරසේ තාක්ෂණික දෝෂයක් ඇති බව නිවේදනය කෙරුනා)

    2. සටනක් කිව්වට ඒකත් නිකං නයිටීඑන් එකේ තුලාව වගේ පුදුම සමරබර සටනක් නෙවෙයිද? මහින්ද පරද්දලා රනිල්ට ඡන්ද දෙන්න සූදානම් නැති ඒත් රට යන අත ගැන යම් විරෝධාකල්ප ඇති අපට මේ තාක් කල් රාජ්‍ය මාධ්‍ය භාවිතාවේ කෙරුන ආකාරයටම පාළු ගෙයි වළං බිඳිමක් කෙරෙනවනං ඒ වැනි වැඩ සටහන් ගැනත් ඇතිවන්නේ විමතියක්. මෙය විපක්ෂයේ ඉදිරි ගමන් ගැනත් අප තුල සැක පහල කරවන්නක් බව කණගාටුවෙන් වූවත් සටහන් කල යුතුයි. ජයසිංහගේ අදහස කුමක්ද මේ සටනෙහි ඇති සංයුතිය පිළිබඳව?

    ReplyDelete
    Replies
    1. ඩයලොග්, පියෝ ටීවී දෙකේ ම එකට තාක්ෂණික ගැටලු ආව එකනේ පුදුමෙ. එකක් සැටලයිට්. අනෙක කේබල්.

      වැඩසටහන ගැන නෙමෙයි අපි කතා කළේ ඒ වැඩසටහන බලන්නට ජනතාවට තිබෙන අයිතිය නැති කරපු එක ගැන.

      Delete
    2. https://www.facebook.com/photo.php?fbid=1395957337363036&set=gm.830133027026075&type=1

      Delete
    3. ඒක රටේ ඇති උන අළුත් තත්වය ගැන සාමූහිකව අදහස් දැක්වීමකට ලබා දුන් අවස්තවාක් ලෙස සලකන්න පුලුවන්. ඒ අවස්ථාව ලබා දීම සාධාරණ යැයි සැලකිය හැක. ඉදිරියේදී පැවැත්වෙන සටන වැඩසටහන් මෙලෙස ඒක පාර්ශවීයව පැවත්වේ යැයි එයින් අදහස් කල නොහැකිය. අයි ටී එන් සහ ජාතික රූපවාහිනිය එක් දවසක් නරඹන්න එතකොට පාක්ෂික භාවය ගැන අදහසක් ගත හැකියි.

      Delete
    4. -ඒකත් නිකං නයිටීඑන් එකේ තුලාව වගේ-
      කිව්වේ ඒ නිසාම තමයි. අපි හොයන්නේ වෙනසක්ද? නැත්තං කොපියක්ද?
      සටන කියන වචනය ඇතුලේ තියෙන්නේ මොන වගේ අදහසක්ද? තුලාව සමබර වෙන්න පැති දෙකක් උවමනා වගේ සටනකුත් වෙන්න ඕන ඒ විදියට නේද? මල් මාල දාගෙන එකම පැත්තට ජය ගෝෂා කර කර ගිය විදිය දැක්කම මටනං තුලාවෙයි සටනෙයි කිසිම වෙනසක් පෙනුනේ නැහැ.
      අළුත් අදහසට තැනක් දෙන්න ඕනනං සටන වගේ වැඩ සටහනක් නොකර ඕක කරන්න පුළුවන්කම තියෙද්දි නේද මේ වගේ ඒකපාර්ශවිය වැඩසටහනක් කලේ.
      අපි සැක කරන එකේ වරද මොකද්ද? මට ආයෙම අහන්න වෙන්නේ අපිට උවමනා වෙනසක්ද කොපියක්ද කියලයි. බ්ලොග් රචක ජයසිංහම අදහසක් දෙනවනං මම කැමතියි.

      Delete
    5. සිරස හොදයි කියනව නෙවෙයි, නමුත් ඊයෙ සටන වැඩසටහනට බාධා කරේ රාජපක්ශල කියල නම් හොදටම පැහදිලි. ඒ වැඩේ ගූම ගූ අසික්කිත වැඩක්. මහින්දය නම් ඇත්තටම ගොඩේ බයියෙක්.

      Delete
  17. රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී

    ReplyDelete
  18. මාධ්‍ය නිදහස මේකද?

    පොදු අපේක්‍ෂකයා සහභාගී වන සටන වැඩසටහන නැරඹීම ඩයලොග් හා පියෝ ටීවී ප්‍රේක්‍ෂකයින්ට මේ වන විට අවහිර කර ඇත.
    මුදල් ගෙවූ පාරිභෝගික ජනතාව වන අපගේ අයිතීන් උල්ලංඝනය කර ඇත.
    තොරතුරු දැනගැනීමේ අයිතිය කෝ.....? මෙයද මහලොකුවට පවසන මරාගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය? ඩයලොග් පියෝ ටීවී තහනම් කිරිමෙන් ආණ්ඩුවට පරාජයෙන් ගැලවිය නොහැකියි මන්ද මහජනතාව මෙම ගද ගහන කුණු අණ්ඩුව සත පහකටවත් ගනන් ගන්නේ නැත මරාගේ මෙම ක්‍රියා පිලිබදව දැඩිලෙස කෝපයට පත් ශ්‍රි ලාංකිකයන් කීපදෙනෙක් අප සමග කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයෙක් වශයෙන් සිය තනතුරු අමත්‍යදූර අතහැර රටජාතිය වෙනුවෙන් මැදමුලන කේදවාචකයෙන් රට මුදවා ගැනිමට ඉදිරිපත්වීම හේතුවෙන් පීඩනයට කම්පනයටපත් මරා මෙලෙස දෙස්විදෙස් ශ්‍රි ලාංකිකයන්ට පොදු අපෙක්ෂක්ෂකයන් විසින් අද විද්‍යත් මාධ්‍යජාලයක සටන වැඩසටහනෙදි මරාගේ රෙදි ගැලවෙන බව හොද ආකාරයෙන් දන්නා බැවින් මෙය සිදුකළ බවයි

    මෙලෙස මාධ්‍ය මර්දණය තුලින් මහින්ද රාජපක්ෂ ඒකාදිපති වියරුව රටට දෙන පනිවිඩයනම් තමාගේ රජයට හා පවුලට අභියෝගයක් වන සෑම බලවේගයක් විනාශ කිරිමට තම රජ පවුල සූදානම් යැයි කීම නොවේද? එක් පවුලක නොමනා පාදඩ නිවට ක්‍රියා නිසා රටේ මාධ්‍ය නිදහසට බලපෑමක් ඉඩනොදිය යුතුයි යන මතයේ අපසිටි මාධ්‍ය යනු රටේ වැඩ කරන දුක්විදින ජනතාව වෙනුවෙන් පෙනිසිටින විශාල කැපකිරිමක් සිදුකරන ජනතාවගේ පොදු හිතවතා මාධ්‍ය මර්ධනය එරෙහිව අප නැගිසිටිය යුතුයි ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය උදෙසා අප මහමගට බැස සටන්කළ යුතුයි? ජනතාවට සැබැ තොරතුරු එලිකිරිමට මැලිකමක් දක්වන ලංකාවේ ආණ්ඩුවේ මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය පාලකයන්ට කඩේ යන මොහොතේ මෙවැනි තත්වයක් මත රටේ ජනතාවට චන්ද්‍රිකා තාක්ෂණයෙන් හෝ දැනගැනිමේ අයිතිය උල්ලංඝනය කිරිමට මැදමුලන මරාට ඉඩදිය යුතුයිද? ශ්‍රි ලංකාව යනු මහින්ද රාජපක්ෂගේ පරම්පරා බූදලයක් නොව ඒ බව මේ කුණු ගදගහන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සාචාරයෝ දැනගත යුතුයි

    ඩයලොග් ආයතනයෙන් අපට අද උදැසැන තොරතුරුක් ලැබුනේය එම තොරතුරේ සදහන්වු ආකාරයට ගෝඨාභයගේ උපදෙස් මත ශ්‍රි ලංකා ටෙලිකොම් ලංකා බෙල් සන්ටෙල් මොබිටෙල් එයාර්ටෙල් හච් එටිසලාට් යන දුරකථන සමාගම්වලට දැනුම්දෙමින් අන්තර්ජාලය ජනාධිපතිවරණය තෙක් වාරණය කරන ලෙසය හෙට සමහරවිට ෆේස්බූක් ට්විටර් යන මාධ්‍යද වාරණයට ලක්විය හැකියි සහෝදරවරුනි මොහුන් මේ ආකාරයට ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය සමග සෙල්ලම් කිරිමට උත්සහ කිරිමෙන් පැහැදිලිව පෙනියන කාරණයක්නම් මොහුන්ට ඉදිරි ජනාධිපතිවරණයෙදි කෙලවීමේ අවදානම දැන් සිටම දැනිමත් සමගය ඒ අනුව මහින්ද රාජපක්ෂ ගෝඨාභයගේ මෙම ෆේස්බූක් භිතිකාව අන්තර්ජලය වාරණය කිරිමට අප ඉඩනොතබමු

    ඒ සදහා අප කළයුත්තේ සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි මැලේ ඇතුළු සහෝදර සහෝදරියන් මේ අවස්ථාවේදි එකමුතුවෙන් කටයුතු කිරිමය බල තන්නහාවෙන් මල පෙරේතයෙකු මෙන් වියරුවැටි සිටින මරාද බලා සිටින්නේ කුමන ආකාරයෙන් නැතිවීගෙන යන බලය ආපසු ලබා ගැනිමටය ඒ සදහා අප පොදු අපේක්ෂක ඇතුළු විපක්ෂය අප දෑත්මෙන් ආරක්ෂා කළයුතු කාලයි මෙය කිසිවිටකත් අමතක නොකරන්න මෙම ජනාධිපතිවරණය තීරණාත්මක අවස්ථාවකි පෞද්ගලික අමනාප මොහොතකට අමතක කර ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරු කිරිම සදහා අප සියළු එක්වී කටයුතු කරමු ඒ වෙනුවෙන් ඔබට ශක්තිය ධෛරය ප්‍රාත්ථනා කරමි ඔබට ජය.

    මදුෂංක ගනේගොඩ

    ReplyDelete
  19. MR didn't know who would be the common opposition candidate at the time of signing the proclamation.

    ReplyDelete
  20. ජනාධිපතිවරණෙ එන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ උපන් දිනේට කියලා මෛත්‍රී කියනවා ලොක්කා අරලිය ගෙදර ඉඳලා බලාගෙන හිටියේ. ඒක ඇහුවා විතරයි ලොක්කා පරල වෙලා කුණුහරප කියන්න පටන්ගත්තා. ප්‍රෙෂර් එක නැග්ගා හොඳටම. ගොටයා ලොක්කව අරන් ගියා ලංකා හොස්පිටල්. පැය හතරක් තියාගෙන හිටියා under close medical attention අමාරුවෙන් ගොඩ ආවා. නැත්නම් දිමුවා වැඩ බලන පතියා වෙනවා.

    ReplyDelete
  21. All This is Bloody bull shit Maithri is the next fonseka, Preident will win with a majority between 10 to 12 lakhs.
    Please note that only a 2 to 3 percent of the voters are in these blogs.
    None of you have an Idea of the balance 97% peoples pulse. Other than intangible imaginations they value what they are being practically given my MR which none other theoreticians or perfectionists could not deliver ever,,

    ReplyDelete
  22. Dear anno at3.06.please wait and see men,for the moment too early to bark.

    ReplyDelete
  23. http://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y

    ReplyDelete
  24. Tv.internet. Varana magin ara adinne hamuda anduvakada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා