ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ - චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ

විපක්ෂ පොදු අපේක්ෂකයකු ගැන අදහස මේ වන විට අලුත් මානයකට පිවිස තිබේ. වෙනසක් වෙනුවෙන් තම අපේක්ෂකත්වය හකුළාගෙන පොදු අපේක්ෂකයකුට එකඟ වන්නට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් දක්වන ලද කැමැත්ත ඇත්තෙන් ම ප්‍රගතිශීලී, පරිත්‍යාගශීලී පියවරකි. මන්ද, ඇත්ත කතා කළහොත් ධනේශ්වර පංතියට නායකත්වය දෙන්නට මේ රටේ දැනට සිටින යෝග්‍ය ම පෞරුෂය රනිල් වික්‍රමසිංහ නිසා ය.

ධනපති පංතියට තමන්ගේ නායකයා මාකට් කර ගන්නට බැරි අර්බුදයක් පවතිද්දී අපි ඔහු උස්සා දිය යුතු නැත. මන්ද, එය පසුව අතින් අරන් කොහෙන්ද තියා ගත්තා වැනි කුණුහරුප වැඩක් වනු නො අනුමාන නිසා ය.

ලංකාවේ ජනයා සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර පාලනයකට සහාය දෙමින් විෂමතාවලට එරෙහිව හා සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ යුතු ය. පවත්නා ජාතිවාදී, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනස් කිරීම මහජන අරගලයේ මූලික කොන්දේසියකි. එහෙත්, අරගලය එතැනින් අවසන් නො වේ.

පොදු අපේක්ෂකයකු ඔස්සේ අද පවතින මජර ක්‍රමය වෙනස් කිරීමට දරන උත්සාහයට සහාය පළ වීම ඇත්තෙන් ම හොඳ තත්වයකි.

රසිකලොජි බ්ලොගය ලියන අප මිතුරු රසික සූරියආරච්චි මේ පිළිබඳ පළ කළ අදහසක් මෙහි නැවත උපුටා දක්වමි. “මගේ අදහස නම් වෙස්සන්තර වගේ පොරක්ව කොමන් කැන්ඩිඩේටයා කරලා ජනාධිපති කළත් කිසිම වෙනසක් නැතුව කලින් එකා රට කාගෙන කාගෙන ගිහිල්ලා නතර කරපු තැන ඉඳන් කාගෙන කාගෙන යාවි කියන එකයි.

සියයට අඩු ප්‍රතිශතයක් අසුබවාදී වෙමින් මම මෙසේ සිතමි. එන පොදු අපේක්ෂකයා කවරෙක් වුණත්, ඔහු ලවා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරවා ගැනීම පහසු නො වනු ඇත. අනෙක් පැත්තෙන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඔහුට වුවත් ලෙහෙසි පහසු දෙයක් නො වනු ඇත. බලය බෙදීම විෂයෙහි 13 ඉක්මවා යාමට අවශ්‍ය දෙමළ ජාතික සන්ධානයකුත්, 13 අහෝසි කිරීමට අවශ්‍ය ජාතික හෙළ උරුමයකුත් පවතින සංදර්භයක් තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යනු දින වකවානු අනුව සම්පූර්ණ කළ හැකි කාරණා නො වේ. වඩා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගැඹුරු කතිකාවක් සඳහා සමාජයට අවස්ථා විවර කර දීමයි.

පොදු අපේක්ෂකයා දිනවීමේ ව්‍යාපාරය ඉදිරියට යන අතරතුර තව දෙයක් අවශ්‍ය ය. ඒ වනාහි දිනන පොදු අපේක්ෂකයා ලවා පොරොන්දු වූ වෙනස සිදු කරවා ගැනීමේ මහජන තෙරපුම පවත්වා ගැනීමයි.

අපි නැවතත් 1994ක් නිර්මානය කර ගත යුතු නැත.

සුපුරුදු ලෙස ම ඝන වූ සියල්ල වාෂ්ප වී යනු ඇත. ශුද්ධ වූ සියල්ල කෙලෙසෙනු ඇත.

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ
චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද හා චන්ද්‍රිකා ඉල්ලුවොත් (වෙනත් බලගතු තුන්වන අපේක්ෂයෙක් නැතුව) පැරා ඡන්දය දෙන්නෙ කාටද?

    ReplyDelete
    Replies
    1. කාටවත් දෙන්නේ නැත. නො දුන්නොත් මරනවා කිව්වොත් දෙන්නේ මහින්දට ය. චන්ද්‍රිකාට නම් දෙන්නේ ම නැත.

      Delete
    2. පහත පුද්ගලයින් මහින්දට එරෙහිව 'පොදු අපේක්ෂකයා' සේ ඉදිරිපත් වුවත් පැරාගේ ඡන්දය මහින්දටමද?

      1. කරු ජයසූරිය
      2. රනිල් වික්‍රමසිංහ (තාම ඉඩක් තියෙනවා.)
      3. මාදුළුවාවේ සෝභිත හිමි. (පෙනෙන හැටියට දැන් ඉඩ අඩුයි.)

      Delete
    3. පැරා, Answer please!

      Delete
    4. රනිල් වික්‍රමසිංහ

      Delete
    5. මෙතනදී මතු වෙලා තියෙන්නේ පැරාගේ male chauvinism කියන ලක්ෂණය. මහින්ද රට හූරාගෙන කාලා මදිවාට තවත් අවුරුදු 6 කට (වැරදුනා... තවත් අවුරුදු 4 කට, ඊට පස්සේ තවත් අවුරුදු 4 කට) රට කන්න වරම් ඉල්ලනකොට පැරා මහින්දට ඡන්දය දෙන්න තීරණය කරන්නේ මහින්දට වඩා ඉතා අඩුවෙන් වැරදි කර ඇති චන්ද්‍රිකා නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා ආරංචි පැතිරෙන කොටයි.

      පැරා චන්ද්‍රිකාට නොදී මහින්දට ඡන්දය දෙන්නේ චන්ද්‍රිකා ගැහැණියක් නිසායි. පිරිමියා මොන තරම් වැරදි, අපරාධ කළත් ඌ නිවැරදියි. ගැහැණියට කිවිසුමක් ගියත් ඒකිව පට්ට ගහන්න ඕනේ. ඕක තම්යි පැරාට උරුම වෙලා තියෙන male chauvinistic චින්තනය. Gender equality කියන එක පැරාලට අරහං.

      Delete
    6. අඩේ චූ ඇනෝ. තොගේ තියෙන්නෙ ෆීමේල් චූ නිස්ම් නෙ බන්. දැන් එතකොට රටටම කුජීත වෙලා වණ වෙලා ආර්ථිකේ මයිනස් කරපු චන්ද්‍රිකා අක්කි ගෙ පජාත පාලනය ආපහු ගේන්න කඩේ යන තොපි වගෙ මොට්ට ගොබිල්ලු ශෝයි. ඊට විරුද්ධව හිතට එකඟව කතා කරන්ය එවුන් ගෙ චූනිස්ම් ද? තෝ හොඳ අර වනිතා කියන පිස්සු බොගේ කොමෙන්ට් කොටන්න. ඒකෙ වේකන්සි තියෙනව හනික පල. මතක ඇතුව චූ කොරල යන්ට ඕන හොඳේ.

      Delete
    7. @ ෆීමේල් චූ නිස්ම් November 12, 2014 at 7:38 PM

      අඩෝ තෝ වගේ පොන්නයෙක්... තවම ගෑණියෙකුගේ ඉඟටියෙන් පල්ලෙහා තියෙන දේ දැකලා නැති එක ගැන තොට අප්සෙට් නේද? ඒකට ගෑණුන්ට ඊර්ෂ්‍යා කළා කියලා තොගේ අසහනය දුරු වෙන්නේ නෑ යකෝ.

      Delete
  2. පැරාගේ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙන නිසා කොමෙන්ට් වාරණය කරන බව පෙනේ. එම නිසා මින් පසු මෙහි කොමෙන්ට් නොදැමිමට තීරණය කලෙමි. මේ මෙහි දමනා අවසන් කොමෙන්ටුවයි.

    ස්තුතියි.

    -සැමි-

    ReplyDelete
    Replies
    1. බොහොාම ස්තූතියි, ඒක මේ බ්‍ලොග් එක බලන අපට කරන උදව්වක්

      Delete
  3. බොහෝ දුරට මගේ අදහසනම් යන්තම් හෝ ක්‍රමය වෙනස් කිරීමකින් තොරව තව පුද්ගලයෙක් ඔය පුටුවේ තැබුවත් ඔය පුටුවේ සාපය වදිනවම තමයි..මුලින් කල යුත්තේ ක්‍රමය යම්තාක් දුරට හෝ පරමාදර්ශී ලෙස වෙනස් කිරීමයි

    ReplyDelete
  4. හොදි ඕනම නෑ පැරා...

    රසික කියන දේ මාත් දෙපයින් අනුමත කරනවා... මොකෝ එක පයින් ඉන්න බෑ මේ වෙලාවේ..

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා ආරංචි පැතිරෙන කොට, ඒ බයට ජංගියේ චූ කර ගත්තු සිංහල බ්ලොග් කාරයෝ චන්ද්‍රිකාට විරුද්ධව කවි ලියන්නත් පටන් ගත්තා (මහින්දට විරුද්ධව කවි ලියන්න ඔය අත් ඉස්සෙන්නේ නෑ, මොකද මහින්ද පිරිමියෙක් නේ...). තමුන්ගේ බ්ලොග්වල චන්ද්‍රිකා විරෝධී පෝස්ට් දාන කොට බ්ලොග් කාරයෝ හිතුවේ තමුන්ගේ පාඨකයෝ දෙපය උස්සලා ඒවා අනුමත් කරයි කියලා. ඒත් ඒ අයගෙන් සෑහෙන දෙනෙක් චන්ද්‍රිකා එනවට කැමති බව කොමෙන්ට්ස්වලින් පේනවා. ඒ නිසා චන්ද්‍රිකා විරෝධී බ්ලොග් කාරයෝ නිකං සලන්ඩර් වෙලා.

      Delete
    2. අඩේ චූ ඇනෝ. දැන් එතකොට රටටම කුජීත වෙලා වණ වෙලා ආර්ථිකේ මයිනස් කරපු චන්ද්‍රිකා අක්කි ගෙ පජාත පාලනය ආපහු ගේන්න කඩේ යන තොපි වගෙ මොට්ට ගොබිල්ලු ශෝයි. තෝත් අර ඉස්සර මංගල ලොක්කගෙ මඩ සේනාංකෙ එවුන් වගේ හෙණ මැටි ටෝක්ස් අතාරින්නෙ.

      Delete
    3. /////රටටම කුජීත වෙලා වණ වෙලා ආර්ථිකේ මයිනස් කරපු චන්ද්‍රිකා අක්කි ගෙ පජාත පාලනය..////

      අඩෝ ගූ ඇනෝ, ඒ "පජාත පාලනයේ" ඉදිරියෙන්ම හිටපු ගොබිලෙක් තමයි තොපේ මහින්ද. ආර්ථිකේ මයිනස් කරපු එකට මහින්දත් වග කියන්න ඕනෙ, මොකද එයා ඒ ආණ්ඩුවේ අගමැති.

      Delete
  5. ඇවිල්ල කොරපු හරිය හොදටෝම ඇති

    ReplyDelete
  6. මහින්දට චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් එකම කෙනා චන්ද්‍රිකා විතරයි...

    ReplyDelete
    Replies
    1. මා අසා ඇති ආකාරයෙනුත් මහින්ද චූ යන තරමට බය එකම අපේක්ෂකයා චන්ද්‍රිකා බව කියැවෙනවා. ඒකට හේතූන් ගොඩක් තියෙනවා. එකක් කොටි චෝදනාව නඟා සිංහල බෞද්ධ ඡන්ද කඩන්නට බැරිවීම. චන්ද්‍රිකා කියන්නෙ කොටින් සමඟ අඩුම බුරුළක් දැක්වූ රාජ්‍ය නායිකාව. මහින්දත් මුලදි කොටින්ට බුරුළක් දුන්නා. තාමත් කේ.පී. ලා කරුණලා ඔඩොක්කුවේ දාගෙන ඉන්නවා. දෙවන කාරණය සිරි ලංකා ඡන්ද කැඩෙනවාට ඇති බය. තුන්වැනි කාරණය පළපුරුද්ද ගැන ප්‍රශ්න කරන්න බැරි වීම. හතරවැනි එක අනෙකුත් සියළුම දෙනාගේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව. මහින්ද පරාජය කරන්න වැඩිම හැකියාවක් තියෙන්නෙත් චන්ද්‍රිකාට තමයි. චන්ද්‍රිකා තරගයට එනවා නම් පෞද්ගලිකව මා කැමැතියි.

      Delete
    2. එතකොට චන්ද්‍රිකා ඕනේ මහින්දගෙන් පලි ගන්නද ? රටට වැඩක් කර ගන්නද ?

      චන්ද්‍රිකා 1994 දී j.v.p එකට දීපු පොරොන්දුව උන්දැව "තෙරපලා" ඉෂ්ට කර ගන්න බැරි උන උදවියද මේ 2015 දී ගෑනිව ආයි පත් කරගෙන තෙරපන්න බලං ඉන්නේ. :P

      Delete
    3. ඇනෝ ඩබල & මහසොහොන්,
      පරණ වෙන්න වෙන්න අගය වැඩිවෙන්නෙ විස්කි වල විතරයි. පාන් කෑල්ලක් පරණ වුනාම වැඩක් නෑ. සැටලයිට් නෝන ගැනත් එච්චරයි. අනෙක එයා ලිහල බලපු මල්ලක් නෙව. කවුද ආයෙත් ඔබල බලන්නෙ.

      Delete
    4. "මහින්දට චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් එකම කෙනා චන්ද්‍රිකා විතරයි..."

      1994 දි විශාරද ගුණදාස කපුගේත් චන්ද්‍රිකාට තමයි කඩේ ගියෙ. හැබැයි පස්සෙ කාලෙක දි ඔහු ජවිපෙ වේදිකාවට නැගල 1994 දි තමන් කරපු ඒ වැඩේ ගැන ස්වයං විවේචනයක් කළා. ඒකට ඔහු තමන්ගෙම ගීතයක් පාව්ච්චි කළා. ඒ තමයි ,
      මංමුලා වී පාර අසාගෙන හසරක් අසමින් යන ගමනේ .................
      මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුණේ ............
      අදත් චන්ද්‍රිනකා හරි වෙනත් ඔය කියවෙන කවුරු හරි පොදු අපේක්ෂකයා කරගෙන මේ රට යන ක්‍රමය වෙනස් කරන්න කවුරු හරි හිතනව නම් ඒ අයටත් පස්සෙ කියන්න වෙන්නෙ ඔය ටිකම තමයි

      Delete
    5. මම විශ්වාස කරන විදහට රට කරගෙන යන්න හොඳම කෙනා රනිල්. ඒත් ඇත්තටම මේ වෙලාවේ මහින්දට හොදම සටනක් දෙන්න පුළුවන් කෙනා චන්ද්‍රිකා ගේ සහය ලබන කෙනෙක් හෝ චන්ද්‍රකා ම හෝ බව ඇත්තකි.

      Delete
  7. //////////පොදු අපේක්ෂකයා දිනවීමේ ව්‍යාපාරය ඉදිරියට යන අතරතුර තව දෙයක් අවශ්‍ය ය. ඒ වනාහි දිනන පොදු අපේක්ෂකයා ලවා පොරොන්දු වූ වෙනස සිදු කරවා ගැනීමේ මහජන තෙරපුම පවත්වා ගැනීමයි. ///////////////////

    ඕක තමයි වෙන්නත් ඕන. ඒ තෙරපුම නාමයෝජනා දෙන්නට පෙර සිටම අවසානය දක්වා පවත්වා ගත යුතුයි.

    ReplyDelete
  8. I have to disagree with Para.

    ReplyDelete
  9. චන්ද්‍රිකාට කොහොමත් ඉල්ලන්නත් බෑනේ

    ReplyDelete
  10. වෙස්සන්තර යනු රාජ්‍ය දේපල තමන් ගේ වගේ දන් දී, රජකම ද හැරදමා ගිය අයෙකි. එවැන්නෝ අද නැත.

    එසේම වෙස්සන්තර යනු තමන් ගේ පරිප්පුව තමන් පමණක් නොකා සුතනඹුවන්ට ද බලෙන් කැවූ අයෙකි. දරු දෙදෙනා වහල් සේවයට දීමෙන් නොනැවතී අඹුව ද අපයෝජනයට ඉඩ් දුන්නෙකි.

    එවැන්නෝ නම් අද මෙළොව නැතිවීම යහපතකි.

    අද මෙතැන දී අවශ්‍ය වී ඇත්තේ සිරිසඟබෝ විකෘතියකි. එනම් ගෝඨාභයට පුටුව දී පලාගොස් පසුව බෙල්ල කපා ගන්නා පුරාවෘත චරිතය නොව නාටකයේ මුල් ජවනිකාවේදී ම දියරෙද්දෙන් බෙල්ල කපා ජනතාවට පුදන්නෙකි.

    එවැන්නෙක් සෙවීමට අනුරපුරේ පාලම ලඟ සිටින අන්ධ හිඟන්නාටම බාර කරමු.

    ReplyDelete
  11. All you guys think same way, that is not reasonable to analogue the conditions that happened in 10 yrs ago or 20 yrs ago to a present conditions. This is unique situation all the other instances people's demand for scrap executive presidency was feeble. And also main opposition parties didn't raise it seriously in their stages. But this time it is their main slogan and because people feel the heat .
    Whoever will come to power from opposition couldn't escape without doing it

    ReplyDelete
  12. //පොරොන්දු වූ වෙනස සිදු කරවා ගැනීමේ මහජන තෙරපුම පවත්වා ගැනීමයි//

    ඇයි ඉත්තෝ මාරු කරලා තෙරපන්න බලං ඉන්නේ ? මහින්දව තෙරපන්න බැරිද 2005 පොරොන්දු ගැන කියල ?

    බොරු මොකටද ? පොදු අපේක්ෂකයෙක් අල්ලං දඟලන්නේ මහින්දගේ බඩ ගැත්තරයෙක් වෙන්න වරං/හැකියාව/අවස්තාව නැති උං. වෙන එකෙක් පත් කරගෙන බඩ ගැත්තර වෙලා රසිකයා (ගරු නම්බු දීම බලු ගැත්තර කමකි ) කියපු විදියට නවත්තපු තැන ඉඳං කාගෙන යන්න නේ !!!

    ReplyDelete
    Replies
    1. බලු ගැත්තර කතාව මා කීවේ නැති තැන කුමක් කීවත් මුණ ඉදිරිපිටදී සහ ලිපිමගින් ඇමතීමේ දී උතුමා, එතුමා, ඔබතුමා යනාදී වශයෙන් කීම ගැනයි.

      මා කීවේ තනතුරට හෝ නමට අමතන්න කියාය.

      ඔබ රසිකයා කියන්නේ හිතාමතාම අවප්‍රමාණය කරන්නට යැයි සිතෙන මුත් රසික යන නමට යා යන්න එකතු කළ විට එයින් එලෙස (උදාහරණයක් ලෙස ප්‍රොමදාසට ප්‍රේමදාසයා කීය හෝ මහින්දට මහින්දයා කීම වැනි) වෙනසක් නොවේ. රසිකයා යන්නද හොඳ ඇමතීමකි.

      මා පැරා ගේ බ්ලොගයේ රසිකයෙක් මි!

      කෙසේ වෙතත් මගේ ලිපියේ මා ලියූ අදහසට අනුව ඔබ කටයුතු කරනවා නම් මා ඇමතිය යුත්තේ රසිකොලොජිස්ට් කියාය.

      Delete
    2. එහෙමයි සර් :)
      ඒක ඉංගිරිසිය නේ. සිංහලෙන් රසිකාග්ඥානයා නේද ??
      පද වෙන් කරොත් ඊට වැඩි හුටප්පරයක් වෙන්නේ
      (Kidding boss. Dont take it serious )

      Delete
    3. //බොරු මොකටද ? පොදු අපේක්ෂකයෙක් අල්ලං දඟලන්නේ මහින්දගේ බඩ ගැත්තරයෙක් වෙන්න වරං/හැකියාව/අවස්තාව නැති උං. වෙන එකෙක් පත් කරගෙන බඩ ගැත්තර වෙලා රසිකයා (ගරු නම්බු දීම බලු ගැත්තර කමකි ) කියපු විදියට නවත්තපු තැන ඉඳං කාගෙන යන්න නේ !!!//

      මහසොහොන්ලාට රසිකලාට වගේම තවත් බොහෝ දෙනෙකුට තියන අවුල තමයි අනෙක් අයත් තමන් වගේ යයි හිතීම. මේ තර්කය වැඩකට ඇති එකක් නෙවේ. දෙන්නම ගනංකාරයො නිසා දන්නව ඇති ගණිත අභ්‍යුහනයෙදි කොහොමද තියරියක් ඔප්පු කරන්නෙ කියල!

      Delete
    4. ඒ උනාට ඔය ඔක්කෝටම වඩා ගණං කාරයා මහින්ද මහත්තයා.. එයා ගනිතයට අළුත් තියරි ගොඩාක් හඳුන්වා දීපු කෙනෙක්..

      13+ = 0 reaction from your neighbor
      17 = 0
      18 > 1,000,000,000,000
      3 = 2+18
      19 < 18

      Delete
    5. Sorry

      18 = $ 1,000,000,000,000
      3 = 18 - 2

      Delete
  13. මම පක්ෂයක් පටන් ගන්නවා, මගේ තේමාව
    2020 දී සෑම පුරවැසියෙක්ම මන්ත්‍රීවරයෙක්
    2030 දී සෑම පුරවැසියෙක්ම ඇමතිවරයෙක්.
    එතකොට චන්ද නෑ, මනාප පොර නෑ කොච්චර සාමකාමී වේයිද
    හැමෝටම පුලුවනි තමන්ගේ යෝජනා තමන් විසින්ම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න.
    සතියට දින දෙකක් (පාර්ලිමේන්තු දවසට) කොළඹ ට්‍රැෆික් තියේවි මැයි දිනය වගේ ඒවා අපේ උන්ට නුහුරු දේවල් නෙවෙයිනෙ.

    ReplyDelete
  14. Chandrika is the only candidate who can defeat Mahinda

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      TWO THUMBS UP !!!!!!!!!

      Delete
    2. මම නම් හිතන්නේ නැහැ චන්ද්‍රිකා තමයි හොඳම කියලා. මා දන්නා විදිහට නම් ඒ මනුස්සයා සයිඩ් සපෝට් එකක් ලෙස සිටීම තමයි හොඳම වැඩේ. වැඩක් අල කරනවාට වඩා හොඳයි බතල කරන එක.

      Delete
  15. හිටපු ජනාධිපතිවරුන්ගෙන් අඩුම දුෂණ ප්‍රමාණයක් අඩුම වංචා ප්‍රමානයක් අඩුම මැරකම් ප්‍රමාණයක් කල කෙනා චන්ද්‍රිකා කියලයි මට හිතෙන්නේ. එයාගේ කාලේ මහලොකු දෙයක් නොවුනත්, මහලොකු නරකක් වුනෙත් නැහැ. නීතියට සාධාරණයට අනෙක් හැම ජනාධිපති කලෙකටම වැඩිය තැනක් ලැබුණු කාලයක් මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයගෙන් අඩුම නරක කෙනා තම යි චන්ද්‍රිකා. ඒ නිසා එතුමිය ඉදිරිපත් වුණොත් පඩි රහිත නිවාඩුවක් හෝ දමා ඇයට ඡන්දය දෙනවා. ඇය ඉදිරිපත් නූනොත් ඡන්දය දාන්නේ නැහැ. ඒක තමා මගේ තීරණය.

      Delete
  16. ISLAMIC SUPREMACY: Raping White Women for ‘Allah’
    පැරා මොකද මේ ගැන හිතන්නේ ?

    ReplyDelete
    Replies
    1. අයිසෙ ඇනෝ..
      ඔන්න ඔන්න ඉතිං තහනං ප්‍රශ්නමනෙ අහන්නෙ. පැරා රෙද්ද උසස්සං කෑගහන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධව විතරයි කියලා බින්තැන්නෙ වැද්දොත් දන්නවා.
      තව දෙයක්..
      ඉස්ලාම් මූලධර්මවාදය ප්‍රශ්න කරන්න ගිය මිලියන ගාණක් (මගේ යාළුවො නොවන) මළා..

      Delete
  17. පවතින දේසපලන වටපිටාව විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න පොදු අපෙක්ශකයට මඝහරිය නොහෑකි තත්වයක් තියෙන්නෙ.
    කාට හෝ ශ්‍රි. නි. ප. චන්ඩ 15% කඩා ගන්න පුලුවන්නම් වර්තමාන ජනපති පහසුවෙන් පෑරදිය හෑකි බව පෞද්ගලික විවසයයි.
    රුසිරි.

    ReplyDelete
    Replies
    1. එය කළ හැක්කේ චන්ද්‍රිකාට පමණි.

      Delete
  18. මේ වනවිටත් අරලියගස් ආරාමයට යවා ඇති ශ්‍රේෂ්ඨාධිකරන පැහැදිලි කිරීමෙ මහින්දට පුලුවන් බවත්, ඊට පෙර සිටි කිසි ජනපතිවරයකුට/ වරියකට බැරි බවටත් තීන්දුව ලියා ඇති. ඒ නිසා නිකන් බොරුවට කලබලවෙන්න ඔනෙ නෑ පැරා, මහී මාමි එයාට ආයෙ එන්න දෙන්නෙ නෑ.

    මම හිතන්නෙ කරු තමයි මේ වෙලවෙ දාන්න පුලුවන් හොඳම අස්සය. සියළු පක්ෂ වලට එකඟ වෙන්න පුළුවන්, සිංහල බෞද්ධ නමුත් ජාතිවදි හංවඩුව නැති එකම මිනිහ කරු.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මහී මමී සැටලයිට් නෝනට බයයි. මොකද 2010 දී ඕනේ නම් ෆොන්සේකාගේ ඉල්ලා අස්වීම බාර නොගෙන ඉන්න තිබ්බනේ. ඒ කියන්නේ ෆොන්සේකාට බය වුනේ නෑ, නෝනට බය වෙලා.

      Delete
    2. ඉන්දික, සුප්‍රීම් උසාවියෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මතයක් මිස තීන්දුවක් නෙවෙයි. ඒ නිසා චන්ද්‍රිකාට නැවත තරඟ කිරීමට ඇති හැකියාව/නොහැකියාව උසාවියේ විවෘතව කෙරෙන විභාගයකින් පසුව තීරණය වෙයි.

      Delete
    3. ඒ උසාවිය මේ උසාවියට වඩා වෙනස්ද, "ශ්‍රී ලංකා" ශ්‍රේෂ්ටධිකරණය නෙමෙයි ද?

      Delete
    4. //සුප්‍රීම් උසාවියෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මතයක් මිස තීන්දුවක් නෙවෙයි.//

      මම දන්න විදිහට මේ "මතයට" විරුද්දව නඩු යන්න බෑ. මොකද මේක ප්‍රකාෂ කරල තීන්නෙ දසපුද්ගල විනිසුරු මඩුල්ලක්. ඒකට අභියෝග කරන්න බෑ.

      Delete
  19. මෙතන චන්ද්‍රිකාට විරුද්ධ අයට සහතික කරන්න පුළුවන් ද 2015 දී ඉන්නේ 1994 දී ම හිටපු චන්ද්‍රිකා ම කියලා? හොඳයි, 1980 දශකයේ හිටපු පැරා ම ද අදත් ඉන්නේ? 1988 පැරා යි 2014 පැරා යි එක් අයෙක් නොව, දෙදෙනෙක් නේ...

    ReplyDelete
  20. පැරාගේ පාඨකයින් සමහරකට සරල තර්කයක් තේරුම් ගැනීමට බැරි වීමේ ගැටළුවක් තිබේ.

    1. චන්ද්‍රිකා හොඳය.
    2. චන්ද්‍රිකා මහින්දට එරෙහිව දිනන්නට වැඩිම ඉඩක් ඇති පුද්ගලයාය.

    ඉහත 1 හා 2 එකක් නොව දෙකකි. චන්ද්‍රිකාට දිනන්නට වැඩි ඉඩක් තියෙනවා කියන්නේ ඇය හොඳයි කියන එක නොවේ.

    ReplyDelete
  21. කාට එපා උනත් අපිට ඕනේ මහින්ද 3 වෙනි වරටත් ජනාදිපති කරවන්න. හේතුව මේ රට බේරාගත්තු නායකයට තමා බේරා ගත්තු එකේ කැක්කුම ඇගට දැනෙන්නේ. ඕක කරන්න කොච්චාර දුෂ්කර උනාද කියන එකත් දන්නේ ඔහුම විතරයි. ත්‍රස්තවාදියාගේ පැත්තේ හිටපු එවුන්ට දිනා ගත්තු ජයග්‍රහණයේ වටිනාකමක් කොහෙත්ම දැනෙන්නේ නැහැ. උන් බලයට අවොත් රට නොදැනුවත්වම ආයෙත් යුද්දයකට තල්ලු වෙන එක නවත්වන්න බැහැ. ඒනිසා තාම අද ලෝකේ ඉන්න කොටි ඇතුළු NGO නඩය මහින්ද ඔය ජනාදිපති කමෙන් දොට්ට දාන්න හදන්නේ. මේක පිරිබාහරන් වලපල්ලට ගියාදා ඉදලා ලංකාවෙන් පිට දී පටන් ගත්තු වැඩ පිළිවෙලක්. නමුත් මේකට හරි බලපෑමක් රට ඇතුලේ තිබුනේ නැහැ. නමුත් අද කෝට්ටේ NGO විහාරය ඒ කාර්යය කරමින් සිටිනවා. රට බේරාගත්තු නායකයා බලයෙන් පහ කරන්න හදන දෙස හිතෙසි නම් ඇති ngo සංවිදාන තියෙන්නේ ලංකාවේ විතරයි. අද සිවුරු ඇදගත්තු පුරුෂයෝ එදා මහින්ද එලවන්න දගලපු කොටි උවමනාව සපුරමින් ඉන්නවා. unp එක ඇතුළු විපක්ෂය අද කියන්නේ 78 වියවස්තාව වරදක් කියලා. හරි ගස්සනත් අයේ උන්ටම බලය දෙන මෝඩයෝ ඉන්නවද. ඊට පස්සේ මේක පුරුද්දක් වෙනවා. මේක එන්නේ මහින්ද 3 වෙනි වතාවටත් ඉල්ලලන නිසාත් මහින්ද පරද්දන්න බැරි නිසාත්. මහින්ද අවුරුදු දෙකෙන් ගියානම් ඔය කතා අද නැහැ. පිටරට ඉන්න කොටි , සහ ngo ඉන්නෙත් ඔතන. එහෙම ඇරෙන්න NGO නාග විහාරයටත් ඕනේ වෙන්නේ නැහැ ඕක වෙනස්‌ කරන්න .ඕක නිකන් මහින්ද පරද්දන්න බැරි කමට අරලිය ගහ මන්දිරය කුඩු කරනවා වගේ වැඩක්. අපිට ඕනේ රට බේරාගත්තු කැක්කුම තියෙන නියම නායකයා තවදුරටත් බලයේ තියාගන්න . එක තමා නියම දෙස ප්‍රේමීන්ගේ අරමුණ වියයුත්තේ. මොන ප්‍රශ්න තුබුණත්. එනිසා මහින්ද වැඩි චන්ද ලක්ෂ 25 කින් ජයක්ග්‍රහනය කිරීම ngo නඩය නැවතත් වලපල්ලට යැවීමක්.

    ReplyDelete
    Replies
    1. අහලා පුරුදු කතාවක්, කවුද කිව්වේ කියලා "මට මතක නෑ"

      Delete
    2. ඇනෝ........සිහින දැකීම සහ ඒ සිහිනවල ජීවත්වීම වරදක් නොවේ. නමුත් ඒ සිහින තුලට අනිකාවත් කැන්දා ගෙනයාම එතරම් යෝග්‍ය නොවේ. උඹේ මේ අදහස තුල ඇත්තේම මායාව තුලට අනික් අයද කැන්දා ගෙන යාමයි. මේකත් හරියට අර කොහේද පත්තුවේ වශී ගුරුකම් වගේ. ඒක දැන් ස්කයිප් එකෙත් කරනවානේ.

      ඇනෝ...මට සමාවෙන්න....මා ඔබට ද්‍රෝහි වූවා නොව...ජාතියකට අනාගතයක් පැතුවා පමණි!

      Delete
    3. අනේ යකෝ මහින්දය පයිය බිම උලාගෙන ගිහින් රට බේර ගත්තද? තොපි වගේ මන්දබුද්ධිකයො නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. නයි ටි එන් එකේ නිව්ස් වලට දාපන් ගිහින් ඕක.

      Delete
  22. බලාගෙන ගියාම චන්ද්‍රිකා එන එක ගැන මහින්දටත් වඩා චූ යන තරමට බය වෙලා ඉන්නේ සිංහල බ්ලොග් පකීර්ලා නේ....

    ReplyDelete
  23. ඔයා කොහොමද කියන්නේ දෙමල සංධානෙ බලය බෙදන්න පක්ෂයි කියලා
    මාක්ස්වාදියෙක්ට හෝ ක්‍රිස්තියානි කාරයෙක්ට හැර අනිත් ඕනෑම මෝඩයෙක්ට තේරෙනවා
    ප්‍රභාකරන්ට වගේම එයාලටත් අවශ්‍ය ඒකීය ඊලමක් හදාගන්න කියලා. ඒක තේරෙන්නැත්තම් වැඩිය හිතන්න එපා
    ඔව්වා තේරුම්ගන්න ඔයා නාකි වැඩියි.
    ඒ වගේම එයාල උතුරු පලාත හා නැගෙනහිර පලාත පලාත් දෙකක් හැටියට බලය බෙදී තිබීමටත් විරුද්ධයි
    එයාල දෙමල හා දෙමල නොවන්නන් (මුස්ලිම් , සිංහල , වැදි ජනතාව) අතර උතුරු පලාත හා නැගෙනහිර පලාත තුල බලය බෙදා ගන්නත් අකමැතියි
    උන් අඩුකුලේ දෙමෙල්ලු එක්ක බලය බෙදාගන්නත් අකමැතියි
    ඒ වගේම සම්බන්ධන් විග්නේෂ්වරන් වගේ නාකි හින්දු දෙමෙල්ලු තමන්ගේ බිරිඳ සමඟ පවුලේ බලය බෙදාගන්නත් අකමැතියි සුමන්දිරන්නම් ක්‍රිස්තියානි කාරය හින්ද එහෙම නෑ.
    අවසාන වශයෙන් ඔය එකෙක්වත් ඒකීය පුද්ගලයාට බලය බෙදන්න කැමති නෑ.

    ReplyDelete
  24. ඇනෝගේ ප්‍රශ්නය --- //////////මහින්ද හා චන්ද්‍රිකා ඉල්ලුවොත් (වෙනත් බලගතු තුන්වන අපේක්ෂයෙක් නැතුව) පැරා ඡන්දය දෙන්නෙ කාටද?///////////////
    පැරාගේ පිළිතුර ---- /////////කාටවත් දෙන්නේ නැත. නො දුන්නොත් මරනවා කිව්වොත් දෙන්නේ මහින්දට ය. චන්ද්‍රිකාට නම් දෙන්නේ ම නැත./////////////////

    අනේ පැරෝ, ලසන්ත වික්‍රමතුංග කී පාරක් නම් චන්ද්‍රිකා එක්ක හැප්පුණාද? එහෙම වෙලාත් ලසන්තට වුණු ලොකුම පාඩුව තමුන්ගේ කාරෙකේ වීදුරුව කුඩු කර ගත්තු එක විතරයි.

    ලසන්ත ඒ සෙල්ලංම මහින්ද එක්ක දැම්මේ එක සැරයයි, ඒ සැරෙන් ම පරලෝකප්‍රාප්ත වෙන්න තරම් ලසන්ත වාසනාවන්ත වුණා නේද? ඒ නිසා චන්ද්‍රිකාට නොදී අපි මහින්දටම ඡන්දය දෙමු නේද?

    ReplyDelete
  25. චන්ද්‍රිකා නොකළ නරක දෙයක් ඇත්නම් ඒ ඇයගේ නොහැකියාව නිසා මිස නරක වැඩ කිරීමට ඇති අකමැත්ත නිසා නොවේ.

    ReplyDelete
    Replies
    1. මේකනම් සහතික ඇත්ත. මරා ගෙ දැඩි ඒකාධිපති පාලනේට හේතුව පොරට හොඳින් හෝ නරකින් තමුන් කැමති දෙවල් කරගැනීමේ හැකියාවයි. චන්ද්‍රිකා කියන්නෙත් ෆීමේල් වෙස්සන්තර කෙනෙක් නෙමේ.

      Delete
  26. http://www.google.co.uk/url?url=http://courtofappeal.lk/index.php%3Foption%3Dcom_phocadownload%26view%3Dcategory%26download%3D842:ca-writ-1522012-nagananda-kodituwakku-vs-neville-goonewardena%26id%3D18:june%26Itemid%3D113%26start%3D40&rct=j&frm=1&q=&esrc=s&sa=U&ei=TBFmVNeJM8vKaLLRgDg&ved=0CBYQFjAA&sig2=tKsXTf7VmZlo19y4xRtJYA&usg=AFQjCNGVbXtD3xyLiM8l92ZIS1jyYOIM3w


    menna podu apekshakayin ge weda, meka liyala thiyenneth podu ekekata yan lawyer kenek hik hik

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා