මෛත්‍රී කරමු ද?

මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් පොදු අපේක්ෂකයෙකි. කොයි පැත්තෙන් බැලුවත් සාපේක්ෂව මධ්‍යස්ථ පුද්ගලයෙකි. ගෞරවයට පාත්‍ර විය හැකි අයෙකි. එහෙත්, ඔහුට ජනාධිපතිවරණය ජය ගත හැකි වන්නේ විපක්ෂ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විරුද්ධ පක්ෂවලින් ඔහුට පූර්ණ සහයෝගය ලැබේ නම් පමණි. 

එක්සත් ජාතික පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහ දැනටත් දැවැන්ත කැප කිරීමක් කර හමාර ය. 

මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය අතර අනාගත බල තුලනය ඉතා වැදගත් සාධකයකි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ ද තමන් කෙතරම් එඩිතර සටන්කරුවකු ද යන වග ප්‍රදර්ශනය කර තිබේ. ඒ මෙවන් තියුණු අභියෝගයක් හමුවේ පවා ජනාධිපතිවරණය කැඳවීමට කටයුතු කිරීමෙනි. සමහර විට ඔහු විශ්වාසය තබා තිබෙන්නේ ග්‍රහ තාරකා පිළිබඳ වන්නට පුළුවන. අහසේ තරු තරම්වත් ඔහු පාමුල දැවටෙන සුපිරි තරු විශ්වාස කළ නො හැකි බව ඔහු වටහා ගත යුතු ය. 

ආණ්ඩුව තවමත් නිශ්ශබ්ද ය. මේ ගුලිය දිරවා ගන්නට කල් වේලා අවශ්‍ය බව ඇත්ත ය. 

ආණ්ඩුවෙන් කැඩී එන ලැයිස්තුවේ මර්වින් සිල්වා වැනි නම් දැනට හෝ නැති එක ලොකු දෙයකි.

පොදු අපේක්ෂකයාගේ සටන් පාඨ විය යුත්තේ දූෂණය දුරලීම, නීතියේ පාලනය ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම හා යහපාලනයයි. 

ඒ වනාහි මේ රටේ ප්‍රබුද්ධ ඡන්ද දායකයාගේ ඉල්ලීම් වේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. Samajawade dinaida ban?

      Delete
    2. රෝහිත බබාගෙ ඊලග චන්ද්‍රිකාව යවන්නත්, නාමල් බබාගේ රේස් බලන්නත්, යෝෂිත බබාගෙ කැඩිච්ච චැනල්එක පැහැදිලි කරගන්නත්, මහින්ද මාමිට තුන දෙන්න හොඳේ.

      Delete
    3. http://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y

      Delete
  2. කුස තණ මිටි ලෑස්තිද?
    කිරි පිඬු දානේ ලෑස්තිද?
    කවුද අග සව්වෝ?

    ReplyDelete
  3. ඇති යාන්තන් කරුමයක් ඉවර වෙන්න යන්නෙ. මෙරටේ නිදහස නැතුව වැඩකරන එක එපාවෙලා තිබුනෙ. අපිට කොතරම් හැකියාව තිබුනත්, කොතරම් උනන්දුව තිබුනත් මේ කරුම දේශපලන බලය එක්ක සාධාරණ ව්‍යාපාරයක්, ව්‍යාපෘතියක් කරගෙන යන්න බෑ. හැම දේටම දේශපාලකයෙක් සම්බන්ධ කරගන්න වෙනව. බලාපොරොත්තුවෙනවා එකවර නොහැකි වුනත් සැබෑ නිදහස් පරිසරයක් නිර්මාණය කරන්න්න ලැබේවා කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මෙහෙම හිතෙන්නෙ මට විතරයි කියලා. බලනකොට තව එකෙකුටත් හිතිලා. ඒත් මචං ඔය ගංවල ඉන්න කබරයන්ට ඕක හිතෙන්නෙ කවදාද? උන් දන්න බිස්නස්. තම්බින්ට කඹුරන්ට ගෑනිව රට යවල නිකන් ඉන්න හැත්තනේ.

      Delete
    2. බලාගෙන ඉන්න වෙනස් වෙයි..........................

      Delete
  4. මාරයියාගේ බුද්ධිමත් විශ්ලේෂණය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න....

    ReplyDelete
    Replies
    1. මාරයියාලට රංග මල්ලිලට දැන් විශ්ලේෂණ කර කර ඉන්න වෙලාවක් නැහැ රනිල්ට ගහන්න ලේස්ති කරන් තිබුන මඩ පෝස්ටර් එළුවෝ වගේ කන්න වෙන්නේ. MS ට වදින ජාතියේ අලුත් මඩ හොයන්න මීමුරේ ගිහිල්ල

      Delete
    2. අපේ මාරයා අයියාට අද ප්‍රවෘත්ති අසා කක්කා ගිය නිසා ඒ ටික හෝදා ගන්න තුරු විශ්ලේෂණය පමා වන බැව් කරුණවෙන් සලකන්න.

      Delete
    3. උදිත අද නම් වැරදුනා නේද ?
      ඇනෝ කොමන්ට් එක ප්‍රොෆයිල් එකෙන් වැටිල. ආයෙ ඔයවගේ වැරදි නොවෙන්න වග බලාගන්නව හොඳයි.

      Delete
  5. අගමැති රනිල් හැබයි දවස් 100 කට. මොකෝ ඊට පස්සේ මෛත්‍රී අගමැති. රනිල් කතානායක වත් වෙයි..

    ReplyDelete
    Replies
    1. රනිල්ව අගමැති කරනවද නැද්ද කියන එක ජනතාව ඒ වෙලාවට තීරණය කරයි මාතලන් .. රට මොනතරම් අගාධයකට වැටිලා කෙලවෙලා ගියත් ජෙප්පෝ රනිල්ට නොදෙන හින්ද තමයි රනිල් ආවේ නැත්තේ මෙතෙන්දිත් පස්ස ගැහුවම ජෙප්පොන්ට තියන% 3 ,4 ක ජනප්‍රසාදයත් නැතිවෙලා යන එක විතරයි වෙන්නේ. ජෙප්පෝ මේ වෙලාවේ මේ වැඩේ අල කරලා දාල ආයේ මහින්දට එන්න පාර කැපුවොත් අනිවාර්යයෙන් ඉතිහාසයේ කුණුකුඩයට තමයි ආයේ මේකපේදී ජෙප්පොන්ට % 1ක් වත් නැතිවෙනවා. දැනටම එකෙක් දෙන්නෙක් වටෙන් ගොඩින් කියනවා රනිල්ව අගමැති කරනවනම් අපි චන්දෙ නොදෙමි කියල .මාර කතාවක්නේ මේක මොලේ මැටිද රටේ ප්‍රධානම විපක්ෂය දැනට 40% කටවඩා චන්ද තනියම ගන්න පුළුවන් ජනතාව කැමති පක්ෂයෙන් නැතිව 4% 5% ගන්න අනුරකුමාර අගමැතිකරන්නද ජේවීපී සහෝදරවරු කැමති අකමැති විදියට නොවෙයි පොදු අපේක්ෂකයාට තීරණ ගන්න වෙන්නේ රටේ ජනතාව කැමති විදියට

      Delete
    2. ජෙප්පෝ නම් කෑ ගැහැව්වට බල්ලා මාක්. එයාලා ලැජ්ජාව වහ ගන්න. පොරවල් කියලා පෙන්නන්න කෑ ගහනවා නිකං පිස්සෝ වගේ. ජෙප්පො කව්ද කියලා මෑත මැතිවරණ කීපයකම දැක්කනේ. අපිත් ඉන්නවෝ කියන්න. ඇමරිකන් බයිලා ගහනවා.

      Delete
    3. හිටපු ජෙප්පෙක් විධියට පැරාට මේ ගැන මොනාද කියන්න තියෙන්නේ?

      Delete
  6. මම හිතන්නේ නැහැ මේ පොදු අපේක්ෂකයාගේ පුද්ගලිකත්වය මේ ජනාධිපතිවරණයට බලපානවා කියල. පොදු අපේක්ෂකයා කියන සාධකය හැර වෙන කිසිම පුද්ගල ජනප්‍රියවාදී සාධකයක් ඔහුට නැහැ. SF සහ MS ගේ වෙනස ඒකයි. පුද්ගලික මඩ වලට MS ට තියන ප්‍රතිරෝධය නිසා තමයි තාමත් මඩ ෆැක්ටරි වැඩපටන්ගත්තේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. Why can't you stay in your beloved US and leave us, Sri Lankan's to handle our matters.

      Delete
    2. AnonymousNovember 22, 2014 at 2:08 AM
      I dont want to but I have to because you Sri Lankan's depend on us (migrant worker remittances)

      Delete
    3. උදිත, උඹෙ මේ කිස්කන පිලිතුරට මගේ ප්‍රණාමය.+++++
      ලංකාවෙ ඉන්න උන් ( පැරාත් එක්කම ) කියන්නෙ පිට රටවල ඉන්න උන් ඒ රටේ දෙයක් හොයාගෙන ඉන්න ඕනෙ ලංකව ගැන වද නොවී කියල. ඒත් උන්ට අමතකයි අපි එව්න සල්ලි වලින් තමයි උන් කුරක්කන් ඉම්පෝට් කරන්නෙත් කියල.

      Delete
  7. mata chanda aithiya hambela awurudu 07i . thama chande dammena eka wathawakwath. MR ta dila wadakna Ranil tath janadipathikama hariyanne na agamathikama hodai. mepara math denawa - maithree palanayata- ape apchchige polictics mata hariyanne na. nil patata awurudu 50 k wage chande dapu eyath onna denawalu maithreeta..

    ReplyDelete
  8. ඉන්න එකා මොකාද පනින එකා මොකාද කියලා ෂුවර් නැති මේ වෙලේ ලොක්කා ජොලියට වාගේ දියවන්නාව විසුරුවොත් මොකක් වේයිද?

    ReplyDelete
  9. "යුධ ජයග්‍රගනය වෙනුවෙන් තම ජීවිත පරිත්යාග කරමින් සටන් වැදුණු රණ විරුවන් වත් ඊට නායකත්වය සපයපු හමුදාපතිවරයා ඇතුලු නිළධාරීන්වත් අපි මතක් කරන්න ඕනේ. ඊට දේශපාලන නායකත්වය සපයපු ජනාධිපතිතුමාවත් අපි අනිවාර්යෙන් මතක්කරන්න ඕනේ. නමුත් විශේෂයින්ම යුධ ජයග්‍රහණයෙන් පසුව දැන් පවතින අපේ ආණ්ඩුව අපි බලාපොරොත්තු නොවූ පැත්තකට යන්න පටන් ගත්තා. 18 වන සංශෝදනය බරපතල වැරැද්දක්. ජේ ආර් ගෙ ව්යවස්තාවෙන් ජනතාවට කළ වැරැද්ද 18 වන සංශෝධනයෙන් දෙගුණ තෙගුණ කළා.

    මේ රටේ පාලනය සමග මේ රට යන්නේ 'සොඳුරු ආඥාදායකත්වයකට. ඡන්ද තියනවා, සහන දෙනවා, සංවර්ධනය කරනවා, ජනතාව සංවර්ධනය ගැන කතා කරනවා, ජනතාව සහන ගැන කතා කරනවා. චන්ද පවත්වමින්, සහන දෙමින් යන මේ ගමනෙ ඔබට නොපෙනෙන- ඔබට අනුමත කරන්න බැරි ගොඩක් දේවල් යටින්, අභ්යන්තරව සිද්ධ වෙනවා. දූෂණය-වංචාව-අක්‍රමිකතාවය-අයුක්තිය-අසාධාරණය ඒ සියල්ල ඉතාමත් බරපතල ලෙසින් ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ස්වාධීණත්වය, නීතියේ ස්වාධිපත්ය ඉතාමත් දරුණු ඛේදවාචයකට මුහුණ දෙමින් තිබෙනවා. පොලීසියට තම රාජකාරි කිරීමේදී සිදුවන පීඩනය වැඩිවෙමින් තියෙනවා. මේ රට, මම පැහැදිළිව කිව්වේ ඒකයි, සොඳුරු ආඥාදායකත්වයකට ගමන් කරමින් තියෙනවා.

    එක පවුලක් විසින් රටේ ආර්ථිකය මෙහෙයවීම, දේශපාලන පක්ෂ හැසිරවීම අතට ගෙන තියෙනවා. අද මෙතන ඉන්න සහ හෙට අනිද්දාට හෙළි කිරීමට නියමිත අපගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් රාශියක් එකතු වෙලා අපි තීරණයක් ගත්තා. ඒ අනුව අපේ තීරණය අනෙකුත් දේශපාලන පක්ෂ වලට දැනුම් දුන්නා. අපි එකඟතාවයකය ආවා. මම කවදාවත් හිතුවෙ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 13ක අඛණ්ඩ ප්‍රධාන ලේකම් වරයා විදිහට මාව විපක්ෂයේ සහෝදර පක්ෂ තෝර ගනීය කියලා.

    සෞඛ්ය අමාත්යවරයා විදිහට පහුගිය අවුරුදු හතරහමාරෙ මගේ අත්දැකීම් හරිම කටුකයි.
    ඖෂධ පණත මුලු රටක් බලන් ඉන්නවා.
    කවුද ඒක හොරකම් කෙරුවේ?
    සිගැරට් පැකට්ටුවට සෞඛ්ය අවවාද 80%ක් පාර්ලිමේන්තුවෙදි සම්මත උනා.
    ඒක 60% උනේ කොහොම ද?
    අවුරුදු දෙකහමාරක් මම මේ ගැසට් නිවේදනය වෙනුවෙන් අලුත් කඩේ උසාවියේ බංකුව උඩ ඉඳගෙන හිටියා. දුම් වැටියට මත් ද්‍රව්ය වලට විරුද්ධව මම ගෙනිච්ච සටනෙදි මට ආපු බාධක-තර්ජන-බලපෑම් මෙච්චරක්ය කියන්න බෑ. අපි, ඉපදුණු හැම මිනිහෙක්ම මැරෙනවා. නමුත් අපේ ජීවිත කාලය තුලදි අපි මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න ඕනෙ.
    ඒ දේ කරන්න මම මගේ සියලුම තනතුරු අත්හරින්න ලෑස්තියි.

    අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතරමං වෙලා. මේක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙ ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ගරු බණ්ඩාරනායක මැතිතුමාගෙ ප්‍රතිපත්ති තුළ හිඳිමින්, නව තාක්ෂණික-වාණිජ ලෝකයට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති හා දර්ශන සාදමින් අපි ඉදිරියට යනවා. ඒ නිසා අපි ඇති කරගත් එකඟතාවයට අනුව, සහෝදර එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙකුත් සහෝදර පක්ෂ සමග අපි පැහැදිළි තීන්දුවකට ආවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව.

    මේ රටේ ගෞරවණීය උතුම් ජනතාවගෙන් මම ඉල්ලනවා ඔබේ ගෞරවණීය ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න. මේ රටේ සියලුම ශිෂ්ට සම්පන්නකම් නැතිකළ ඒ විධායක ජනාධිපති ධූරය මම දින 100ක් ඇතුළත අහෝසි කරනවා.
    මේ රටේ රාජ්ය සේවකයාට ජීවත් වෙන්න සුදුසු ආර්ථිකයක් නෑ, මේ රටෙ පෞද්ගලික සේවකයාට ජීවත් වෙන්න සුදුසු ආර්ථිකයක් නෑ. අපි මේ ශ්‍රම බලකායේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෙ.
    මම නියෝජනය කරන ප්‍රදේශය ඇතුළු මගේ ආදරණීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.
    ඒ සමග රටෙ පොදු ජනතාව යහපත්-සදාචාරසම්පන්න-නිදහස හා සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන-යුක්තිසහගත සමාජයක ශක්තිමත් ආර්ථිකයක් අප පිහිටුවනු ලබනවා.
    පොලීසිය,අධිකරණය,රාජ්ය සේවයට කිසිඳු අත පෙවීමක් කරන්නට ඉඩ නොලැබෙන පරිසරයක් අපි නිර්මාණය කරනවා.

    මේ රටේ මාධය නිදහස පිළිබඳව, සහෝදර මාධ්ය හිතවතුණි, ඔබගේ හර්දසාක්ෂිය සාක්ෂි දරනවා ඇති. මාධ්යවෙදයට සහ නිදහස් මාධ්යට අද ඉඩක් නෑ. මොන තරම් බලපෑම් තිබෙනවාද? මොනතරම් වරදාන තුටු පඬුරු වෙනුවෙන් ඔබගේ ආත්මය විකුණන්න බලපෑම් තියෙනවද? මොන තරම් ජනමතය යට ගහන්න බලපෑම් තියෙනවද? රටේ සත්ය මොන තරම් බලපෑම් තියෙනවද? ඔබගේ ඡන්දයෙන් පත්වන අපි සැබැ මාධ්ය නිදහසක් මේ රටේ ඇති කරනවා.

    17වන සංශෝධන නැවත ඇති කරනවා බලාත්මක කරනවා. ඒසමගම 18 වන සංශෝධනය අවලංගු වෙනවා"

    මෛත්‍රීපාල සිරිසේන

    ReplyDelete
    Replies
    1. දැන් මෙයාගෙන් නවුරුත් අහන්නෙ නැද්ද? මහින්ද ඔය අපත වැඩ කරන කොට ඔයත් ඒකෙ ඇමති කෙනෙක් විදිහට හිටිය නේද? කියල . එතකොට ඔයත් 18 ට අත ඉස්සුව නේද කියල? ඔය උඩ කියල තියෙන දේවල් නම් එච්චර සීරියස් ගන්න ඕන නෑ. ඔය කාලෙට කවුරුත් ඔහොම ඒවා තමයි කියන්නෙ. කොහොම වුණත් ඉස්සරහට අපිට මල්ලිගෙ හාල් බිස්නස් ගැන, සුදු අරලිය හෝටලේ වත්තට වතුර එන නිසා පරාක්‍රම සමුද්‍රයේ වතුරු අඩු කරන එක ගැන එහෙම ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන් වෙයි. මේකත් ඉතින් චන්ද්‍රිකා වෙනුවට මහින්ද ගෙනාපු එක, මහින්ද වෙනුවට ෆොන්සේකා ගේන්න හදපු එක වගේම ක්‍රමය රැක ගන්න අටවගු උගුලක්. දැනටම සමහරු ඒකට අහු වෙලා. මෙයා ඇවිල්ල ජනාධිපති ක්‍රමය නැති කරල රනිල්ට අගමැති කම දේන්නෙ මොකටද? එක්කො රනිල්ටම තරඟ කරන්න පුළුවන්නෙ නැතිනම් මෛත්‍රි ටම අගමැති වෙන්න පුළුවන්නෙ. බලන කොට බළලුන් ලවා කොස් ඇට බාවන්නද හදන්නෙ. හොඳයි හොඳයි රාජපක්ෂ පවුල වෙනුවට සිරිසේන පවුල. බලාගෙන මහින්ද ද දන්නෙ නෑ ඔය මහත්තයව එව්වෙ.

      Delete
    2. ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න කථා කරන මෛත්‍රී ළඟ ඉන්න රාජිත නේද ඊයෙ පෙරේද අමාත්‍යාංශෙ ළඟට ආපු ධීවරයින්ට ගැහැව්වෙ ? චන්ද්‍රිකා කරපුව නම් කයන්න ඕන නෑනෙ. මාර බඩු ටික එකතු වෙලා ඉන්නෙ

      Delete
    3. රාලේ බැඳපන් කිරි පුස්සා රාලේ බැඳපන් අපේ පැගිරා ......// කිරි පුස්සා.....අපේ පැගිරා......///

      Delete
  10. හරී..... මගේ ඡන්දය මෛත්‍රීට...

    ජය, ජය, ජය, ජය, ජය, ජය, ජය

    ReplyDelete
  11. අවංකවම පැරා ඡන්දෙ දෙන්නෙ කාටද? චන්ද්‍රිකා ඉල්ලුවොත් මහින්දට දෙනවා කියල කලින් කිව්වනෙ. දැන් තීරණය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රාලේ බැඳපන් කිරි පුස්සා රාලේ බැඳපන් අපේ පැගිරා ......// කිරි පුස්සා.....අපේ පැගිරා......///

      Delete
    2. රට බුදලයක් කියල හිතන් ඉන්නමේපවුල එලවන එක. පොදු අපේක්ෂයා දාපු මුලික හේතුව ඒක. විදායකය අහෝසී කරන්න ලැබුනොත් ඒක අමතර වාසියක් විතරයි, අනේක ජනාධිපති මාරු කරන්න හේතුව මරා ට වඩා සිරා හොඳයි කියල 100% සහතිකයක් තියන නිසා නොවෙයි. ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයේදී ජනතාවට ඕනෑ කෙනෙක් අයින් කරන්න හැකියාව තියනවා කියල ඊළඟට එන්නේ සිරා බුරා කරා ඕනෑ නායකයෙක්ට පාඩමක් හැටියට. මරාට උනදේ සිරා දන්නවා නම් විතරයි සිරාගේ බලය ආයුතු ලෙස පාවිච්චිය වළකින්නේ

      Delete
  12. පුද්ගලිකත්වය, පක්ෂය, පාට මේ කිසිවක් දැනට අදාළ නැත. අපේක්ෂිත ජයග්‍රහණයෙන් පසු කෙටි, නිශ්චිත කාළයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දහහත්වන ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම හා මනාප ක්‍රමයෙන් තොරවූ මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම යන අත්‍යවශ්‍යයවූ ප්‍රතිඥාවන් සමඟින් පැමිණෙන යෝජිත පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනවීම දැනට ඇති එකම විකළ්පය බව පැහැදිළිය.
    ඒ වෙනුවෙන් කළ පරිත්‍යාගයට එ.ජා. පක්ෂයට හා එහි ජාතික නායක රනිල් වික්‍රමසිංහ හට සියළුම විපාක්ෂිකයින්ගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔය මෛත්‍රි එක්ක ඉන්න චන්ද්‍රිකාත් 2004 ඕකම කිව්වා. මහින්ද 2005 ඕක කිව්වා හැබැයි ඒක ලැබුණම රහ වැටිල ඒකෙම ලැගල හිටිය. මෙයා ආවත් කරන්නෙ ඒ ටිකම තමයි. ඇත්තටම රනිල් සහ එජාපය ස්තූති කරන්න ඕන මෛත්‍රීට මේ පාරත් එයාලව බේර ගත්තට.

      Delete
    2. චන්ද්‍රිකා කිව්වෙ 2004 නෙවෙයි 1994. sorry හො‍‍ෙඳේ

      Delete
  13. Ranil makes arrangements for the funeral of the great UNP party.

    As we all know, the UNP was started by the great DS Senanayaka and was later led by great leaders like Dudley, Sir John, W Dahanayake, JRJ, Pramadasa and DB Wijethunga. They led the party courageously. Ranil Wickramasinghe got the great UNP party to die an untimely death. If Ranil W had the balls, he should have been the candidate or let Sajith or Karu be the candidate. If that happened, all the primary UNP voters would be with the UNP.

    At least, till now I had the thought that Ranil, Sajith or Karu will have the courage to stand Mahinda Rajapakse. If it was one of the above, I would have voted for the UNP on policy. Looks the tides have changed.

    If the present UNP leadership is unable to field one of the UNP pillars as their candidate, we have to think twice very seriously.

    At least in 2010 Sarath F looked a better candidate to face Mahinda Rajapakse.
    Maithripala S is nowhere closer to even Sarath F in winning an election. This makes Mahinda Rajapakse even stronger by the decision of the present UNP leadership. So, Ranil W., as the UNP National leader has destroyed the aspirations of the UNP party and the general UNP voter. Twice by not being able to field an UNP candidate makes it time to think otherwise.
    Knowing that no candidate from the UNP party and with the uncertainty of Maithripala Sirisena, after all, being a long-time SLFP member and it’s General Secretary and cannot be trusted that he will abolish the executive presidency. He is another Toad who would leap for heaps of Dollars and not for policy. Also, Maithripala S
    About Maithripala S., a very corrupt politician (who manipulated the rice prices) and an ineffective Health Minister, who made the UPAF government to face tremendous trouble with the health sector employees.


    Though I did not hate Mahinda Rajapakse who led the war against the terrorists and won, still I thought the UNP had better policies and I voted.

    As things are such, it is worth be supporting Mahinda Rajapakse, since I realise that he is the only person who can stick to his policies and have a strong enough spine to stand all sorts of internal and external challenges, pressures and conspiracies. The country needs a leader of Mahinda Rajapakse’s caliber who have lead the country towards peace, tremendous development within a short time like five years after winning the war and to further develop and hold the integrity of our Motherland.

    I may not be alone and may more thousands may be to follow, I have decided to vote for Mahinda Rajapakse because now it is clear of his wise leadership and is undeniable of his victory.

    UNP voters should know that you are not voting for a genuine UNP candidate, but for an SLFPer. Also, the fisher community should know that Rajitha S is the one who harassed the fisher community last month when they protested in front of his ministry.

    Congratulations, Hon. President Mahinda Rajapakse!

    ReplyDelete
    Replies
    1. you have decided to vote for Mahinda because of his wise leadership? give some examples for his wisdom!

      Delete
    2. I am not the original Ano, but a different one who has the same idea as the original Ano. Take off your polarized glasses and compare the country’s achievements from 2005 to 2014. If not seen, time to pay a visit to an eye surgeon. If that does not help, seek the help of a neuro surgeon.

      Delete
    3. පොදු අපේක්ෂක භීතිය පතුරවමින් විපක්ෂය අද කන්දක් විළිලා මී පැටියකු බිහි කොට ඇත.

      Delete
    4. එදා මේ රටේ ජනතාව මරලතෝනි දීගෙන තැනින් තැන බෝම්බ පිපිරීම්වලට මළ සිරුරුවල කෑලි මංසන්ධිගානේ විසිරි තිබූ යුගය අවසන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. එදා ඒ දේ කරන්න මේ රටේ නායකයන් කිහිප දෙනකුටම නොහැකිවූ අතර ඒ ජාතික වගකීම ඉටු කළ නායකයා රැක ගැනීම පොදු ජනතාවගේ වගකීමක් හා යුතුකමක්.

      Delete
  14. //පොදු අපේක්ෂකයාගේ සටන් පාඨ විය යුත්තේ දූෂණය දුරලීම, නීතියේ පාලනය ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම හා යහපාලනයයි. //

    මටත් ඕන එච්චරයි..

    ReplyDelete
  15. පොදු අපේක්ෂකයා මෛත්‍රී නිසා ඔහු වටා එක්වී මේ ලෝකල් ගඩාෆි මොඩ්ල් පාලනය නවත්වා දැමිය යුතුයි. මේ වතාවේ ජවිපෙ ගොඩ එන්න බැරි වලකට වැටෙනවා මේ තීරනයට සහයෝගය නොදුන්නොත්.

    ReplyDelete
  16. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයකු සොයාගැනීමට නොහැකි තරමට බංකොළොත් වී ඇත.

    ReplyDelete
  17. http://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා