අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්න. අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි.

"අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්නග අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි."
මම කිසි දිනෙක ජාතික හෙළ උරුමයට කැමැත්තක් නො දැක්වුවෙමි. ඔවුහු සිංහල ජාතිවාදියෝ ය. 

දෙමළ ජාතිවාදය කිසියම් දුරකට රජයේ සිංහල ජාතිවාදයට ප්‍රතිචාරාත්මක එකක් විය. ජාතික හෙළ උරුමය සිංහල ජාතිවාදය රාජ්‍යයෙන් එළියට ගෙන ගෙන වෙන ම ස්ථානගත කළේ ය. ඒ සමග ම සිංහල ජාතිවාදයේ අලුත් අවධියක් නිර්මානය විය.

එහි ප්‍රතිඵලයක් ලෙස සමාන හා ප්‍රතිවිරුද්ධ වගකීම් විරහිත ජාතිවාදී ව්‍යාපාර දෙකක ගැටුමක් රට තුළ නිර්මානය විය. 

එයින් ජාතික ප්‍රශ්නය විසඳීම තවත් දුෂ්කර විය. සිහල හා දෙමළ සමාජයන් දෙක ජාතිවාදී පදනමින් ධ්‍රැවීකරණය වන්නට පටන් ගත්තේ ය. 

මධ්‍යස්ථ මතධාරීන්ට අවකාශයක් නැති විය. ලාංකික ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයන් අභාවයට ගියේ ය. 

යුද්ධයේ අවසානයත් සමග නැවත වටයකින් සිංහල අධිපති රාජ්‍යය ශක්තිමත් විය. 

එහෙත්, සිංහල අධිපති රාජ්‍යය ඒකාධිපතිවාදයට ගොදුරු වී ප්‍රජාතන්ත්‍රවාදය දිය වී යන සංදර්භය තුළ එයට එරෙහි අරගලයට අලුත් ශක්තියක් ගෙන එමින් ජාතික හෙළ උරුමය දැවැන්ත, එඩිතර පියවරක් තබා තිබේ. 

ඔවුහු අද සිය පක්ෂය දැරූ මධ්‍යම ආණ්ඩුවේ ඇමති ධුරයෙන් හා බස්නාහිර පළාත් සභාවේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ හ. අපි එය අගය කරමු. ඔවුන් අද තැබූ පියවර ආණ්ඩුවේ සිටින රට ගැන කිසියම් හෝ හැඟීමක් ඇති මිනිසුන් තුළ හෘදය සාක්ෂිය අවදි කිරීමට හේතු වනු ඇත. 

ඔවුන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉවහල් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කීපයකි. රජය ඒවා ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ නො හැකි බව පවසයි. 

ඉතින් ඇයි හදිසි? ජනාධිපතිවරණය පවත්වන්නට යන්නේ අවුරුදු දෙකකට කලින් නොවැ. කල් දාපල්ලකෝ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා ජනාධිපතිවරණය තියන්න බැරියැ. මොකද ඔච්චර හදිසි?

එහෙයින්, කොන්දේසි විරහිතව මේ මොහොතේ අපි ජාතික හෙළ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමු. 

මහින්ද රාජපක්ෂ පාලනයට ජාතික හෙළ උරුමය මර්දනය කිරීමට, බිය ගැන්වීමට, මිළ දී ගැනීමට ඉඩ නො දෙමු.

"අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්න. අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි." - අතුරලියේ රතන හිමි

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. චම්පික රණවකනි ඇයි ගුණ මකු වෙන්නේ.
    ගම්මන්පිලනි ඇයි බටු රිලවෙක් වෙන්නේ.
    හිමියනි රතන ඇයි දෙව්දත් තෙර වෙන්නේ.
    නොබව රජතුමනි අප ඔබ දිනවන්නේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට චන්දය දුන් මේ රටේ ජනතාවගේ අපේක්ෂාව උනේ, මේ රටේ යුද්දය අවසන් කොට යහපත් පාලනයක් ඇති කිරිමටය්, යුද්දය අවසන් කලද, ඒ ගැන පමණක් ක්යවමින්, ජනතාවගේ පුකට පයින්ගසා, රට විනාශය කරා ගෙනයන මහින්ද, ගුනමකුවෙකු බව නොතේරෙන්නේ, මහින්දගේ වැසිකිලියේ ගූ පණුවන්ට පමණි, ඔබත් ගූපනුවෙක්ද?

      Delete
    2. 1. දෙවනවර චන්දය වන විට යුද්ධය අවසන් වී තිබුණු නිසා යුද්ධය අවසන් කිරීමට චන්දය දුන්නා කීම වැරදිය.
      2. රට විනාශය කරා ගෙන යන බව ඇත්ත වුනත් "ජනතාවගේ" පුකට පයින් ගැසුවා කීම වැරදිය. මන්ද "ජනතාවට"නොයෙක් දන්සැල් දෙන නිසාය.

      Delete
  2. මමනම් කියන්නේ ටාගට් එකට යමු කියලයි... අපරාදේ මෙච්චර කික් එකකින් පටන් ගත්ත සමාජ සද්කාර්‍යය.....

    ප.ලි. බැංකු පොතේ වාර්තාව හෙට උදෑසන බලාපොරොත්තු වන්න...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල චමීර චමල්ක කුස් ජිත් ඇතුළු පොලු හමුදාව බොන්නෙ ලෝකෙ තියෙන හොඳම විස්කිලු නේද? අයියෝ අමු මිරිස් සල්ලි.

      Delete
    2. අපේ මාරයා අයියා ඕක කලින්ම කිව්වනේ.

      Delete
    3. අපේ මාරයා අයියාට මේ දවස් වල අමු මිරිස් ගැන කල්පනා කිරීමට වෙලාවක් නැත. මාරයා අයියාගෙ එක වීරයෙක් අනෙක් වීරයා දමා ගොස් ඇති නිසා කොයි පැත්ත ගන්නේද කල්පනා කරන්නට ඇති නිසාය. ඒ නිසා අපේ මාරයා අයියා මේවාට ගාවා නොගන්නා මෙන් කාරුණිකව දන්වමි.

      Delete
    4. මාරයා අයියා අමුමිරිස් කාරයෝ ගණන් ගන්නේ නැත. තෙත් කලාපයේ අරක්කු බී ඇල්ටෝ පදින ගුරාලා ගණන් ගන්නෙත් නැත.

      ඉරිසියා කාරයන් කේන්දර බොරු කියල බයිලා පොස්ට් ලොරි ගණන් දැම්මත් එතුමා ලඟට පෝලිමේ කේන්දර බලා ගන්න එන මිනිස්සුන්ට කේන්දර බලලා දීලා බ්ලැක් ලේබල් ෂොට් එකක් දාලා පර්ම්ට් එකට ගනිපු කිරි ටොයියා වන්ඩියක් පැදලා ඕල්ඩ් ඉස් ගෝල්ඩ් ආතල් එකකුත් අරං සැපට නිදියනවාය.

      40 ශ්‍රී උනත් ෆෝඩ් ඩොජ් එකක් පදිනකොට තියෙන ආතල් එක ඉංග්ලිෂ් නම්බර් උනත් ඩිමෝ බට්ටෙක්ගෙන් මලාට එන්නේ නැත.

      Delete
    5. චමීරගේ බැංකුපොතේ ස්කෑන් කොපි එකත් හරියට අර මොකක්ද වගේ වෙලා. මේ දානවා කියනවා. ඒත් දාන්නේ නැහැ. ඔන්න දැම්මා මෙන්න දැම්මා කියනවා. ඒත් දාන්නේ නැහැ. දැන් ඉතිං ඕක දම්ම ගන්න කීයක් හරි චමීරට ගෙවන්නම වෙනවා. අන්න එතකොට චමීරගේ තාත්තා කෑගහලා කියනවා. දාපං පුතේ දාපං. එකට එකක් ලාබයි දාපං කියලා.

      Delete
    6. නිකං චමීරට දොස් කියන්න එපා බං. ඌ හොරෙක් නෙවෙයි. ඌ මෙච්චර කල් කරපු එකම වැඩකින්වත් ගසා කාලා නැහැ. ඌ කිව්වොත් කිව්වා. ප්‍රතිපත්ති ගරුක කොල්ලෙක්.

      Delete
    7. අපි කිව්වද චමීර හොරකං කලා කියලා. ඒත් ඇයි ඌ පොතේ අප්ඩේට් එක දෙන්නේ නැත්තේ? එතන සැකයක් මතු වෙන්නේ නැද්ද?

      Delete
    8. චමීරව මේකට ගාව ගන්න එපා. ඇත්තටම වෙලා තියෙන්නේ අනුරාධ සංජය සේනානායක කියන හොරා කට්ටියවම අන්දවලා සල්ලි ටික වැඩි පොලී ආයතනයක දම්මලා. ඒත් ඒ පොලිය අනුරාධ තනියම තියා ගන්න ගිහිල්ලා. එතනදී ඇති වෙච්ච වලියක් හින්දා තමා වැඩේ අවුල් ගිහින් තියෙන්නේ. නලීන් අයියා මේවා දන්නේ නැහැ. චමීරට කරන්න දේකුත් නැහැ. මේකට වග කියන්න ඕන රනයි අනුරාධ සංජයයි.

      Delete
    9. ඕනයා නේද මේ ඇනෝ ඇවිත් තියෙන්නේ. සීන් එක හරියටම දන්න වෙන උන් නැහැ.

      Delete
    10. අමු මිරිස් කේස් එක ගැන විස්තර යන බ්ලොග් එකක් තියෙනවද?

      Delete
    11. ඔව් මම ඕනය තමයි. ඇයි ඔයාව ඇඩ්මින් කෙනෙක් නොකල හින්ද ගානකට විදගන්න බැරිවෙච්ච එකට තාමත් අවුල්ද?

      ඉන්දික, මැදට "හරි" කියල දාගෙන කියවහං බං කැටයං නැතුව.

      Delete
    12. //අමු මිරිස් කේස් එක ගැන විස්තර යන බ්ලොග් එකක් තියෙනවද?//

      මේ තියෙන්නෙ බං? මේකෙ තමා යන්නෙ.

      අන්තර්ජාලයේ අපේ තාප්පය

      Delete
    13. රසිකලොජිස්ට් අමුමිරිස් වලට සල්ලි දුන්නද?

      Delete
    14. චමීරගෙ අමු මිරිසටයි. ජිත්ගෙ පොදු ලිඳටයි. කුස්ගෙ ප්‍රොජෙක්ට් එකටයි චමල්කගෙ නැති වෙච්ච මුද්දටයි අන්කල්ගෙ ගෙ හාට් ඇටෑක් එකටයි සල්ලි දුන්න අය අත උස්සන්න. ලැජ්ජ වෙන්න එපා.

      Delete
    15. කුතුහලය අවුස්සා නිකම් ඉඳීම ශුක්‍ර ගතියකි. ඔය ප්‍රොජෙක්ට් ගැන විස්තර තියෙන තැනක් දාපිය.

      Delete
    16. එතකොට අංකල්ගෙ ඇටෑක් එකත් බොරුද....? ඒකටත් ලස්ස 5 හෙව්ව නේද දවස් දෙකට...?

      ඔව්නෙ! වෛද්‍ය වාර්ථා මුකුත් නෑ, පහක් ඕනෙ කිව්ව, කට්ටිය පැනගෙන ඇවිත් දුන්න... තල්මස්සු බලන්න අභියගෙයි පොඩි මෑන්ගෙයි ට්‍රිප් එකට සෙට් වෙයි වගේ කට්ටිය එහෙනං අංකල්ගෙ හාට් එකේ පිහිටෙන්...

      Delete
  3. මෙය හෙළ උරුමය ගත් එඩිතර පියවරක්. මම නම් විමල් වැනි නාටකයක් නොවී මේ තීරණය ගනී කියල හිතුව. ඒ වගෙම ඔවුන් ඔප්පු කළා ඔවුන් තව දුරටත් විමල් වැනි බල ලොබී අවස්තාවාදීන් නොවන බව.

    ReplyDelete
    Replies
    1. තොට කිසිම අදහසක් නැද්ද? +++ විතරක් දාන්නේ?

      Delete
  4. අනේ පැරා, පැරාත් පොඩි ළමයෙක් වගේ මෝඩ වෙලානෙ. ඕකුන් ගැන විස්වාස කරන්න එපා. ඔය රඟපෑමක්.

    ReplyDelete
    Replies
    1. සියලු ක්‍රියාකාරකම් රඟපෑම් විය හැක.........
      ///එහෙයින්//, එහෙත් කොන්දේසි විරහිතව මේ මොහොතේ අපි ජාතික හෙළ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමු.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ ල උරුමයේ භූමිකාව තවමත් ප්රශ්නයක්. මට මතකයි ඩබ්ලිව් 3 ලන්කා එකේදි දිමිත්රි කියල තිබුන මේ නඩය එච්චර විශ්වාස නොකල යුතුයි කියල. දැන් කරන්න තිය න්න හ ල උරුමය ඇත්තටම අවන්ක නම් ඔවුන්ට පොදු අපේක්ශකයා කතිකාවට පසුව එකතු ව න්න දීල යන්න තියන ගමන යන එක.(fb status)

      Delete
    2. ජාහෙඋ කියන්නේ මිත්‍රයන් යහමගට ගන්න කරන වැඩක් කියලනේ. ඔවුන් තාමත් කියන්නේ බැසිල් සමග සහයෝගයෙන් කටයුතු කරන බවකුයි. මන්ත්‍රී ආසනයකට අවුරුදු ගානක් කුලල් කාගත්ත පක්ශයක්, ඒකාධිපති විධායක ක්‍රමය වෙනුවෙන් අවුරුදු ගානක් පෙනී හිටපු පක්ශයක්, ඒකමතිකව තීරනය කරනවා විධායක ක්‍රමය ඉවත්කරගැනීමේ ඉල්ලීමක් මූලික කරගෙන සන්ධානයෙන් ඉවත් වෙන්න! බලන්න ආන්ඩුවේ ප්‍රතිචාරය. සැකසහිත නැද්ද?

      ආන්ඩුවේ ඉන්න ඊනියා වමට වඩා ඉදිරිගාමී පියවරක් සිවුර ජාහෙඋ ගත්තා වගේ කියන අයත් ඉන්නවා. ඉක්මන් වෙන්න එපා. (ඔවුන්ම කියනවා තව දවස් 3ක් බලන්නලු.) විමල් වීරවංශත් මේ වගේ පොඩි සෙල්ලමක් කලානේ මාස කීපයකට පෙර.

      පොදු අපේක්ශක ව්‍යාපාරයේ කිසිම දෙයක් මොවුන් නිසා වෙනස් නොකල යුතුයි. පොදු අපේක්ශකත්වය ගසා කෑමට මොවුන්ට ඉඩ නොදිය යුතුයි.

      - Dimithri

      Delete
    3. දිමිත්‍රි,

      ඔබට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය මොකටද? මහින්ද ලොක්ක කන්න චාන්ස් එකක් දෙන්නේ නැති නිසා ලොක්ක එළවලා ඇරියස් එක්කම කාගෙන කාගෙන යන්නද?

      Delete
    4. එහෙම කරත් කමක් නෑනෙ, හැමදාම එකාම කනවට වඩා වෙන වෙන උන් කන එකෙත් ඊට ප්‍රජාතන්ත්‍රවාද්යක් තියෙනවනෙ

      Delete
    5. බලාගෙන ගියාම දිමිත්‍රිට පුක දෙන උනුත් ඉන්නවනේ. මම හිතුවේ පැරාට විතරයි ඉන්නේ කියලා.

      Delete
    6. //පොදු අපේක්ශකයෙක් මොකටද?//

      වෙන මොකකටවත් නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඇත්තටම පසුගිය 3න් (4?) වතාවෙම එහෙම පසුබිමක් තිබුනෙ නැහැ. නිකන් චන්ද පොරොන්දුවක් විතරයි. මම හිතන්නෙ සිහි බුද්ධිය ඇති කිසි කෙනෙක් ඒක සීරියස්ලි ගත්තෙත් නැහැ.

      මේ වතාවෙ එහෙම නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බව මහින්ද කිව්වට කවුරුවත් විස්වාස කරන්නෙ නැහැ. නමුත් පොදු අපේක්ශක ව්‍යාපාරය එහෙම නොවෙයි. ඒක ගොඩ නැගෙන්නෙම ඒක වටායි. කොටින්ම කියනවනම්, 'මෙහෙම යන්න බැහැ' කියල බහුතරයක් හිතන නිසයි. මේක අන්තිම අවස්ථාව. මේ වතාවෙ බැරි උනොත්, එතුමට එම්.අයි. ගුවන් යානා සවාරි වැඩි වැඩියෙන් යෙදේවා කියල බලාගෙන ඉඳීම විතරයි අපිට කරන්න ඉතිරිවෙන්නේ.

      සංධාන නොවන අනාගත ආන්ඩුවක් දූශන නොකරයි කියන්න තරම් සහතිකයක් නැහැ තමයි. පොදු අපේක්ශකත්වය කියන්නේ සියල්ලට විසඳුම නොවෙයි.

      - Dimithri

      Delete
    7. It should be MH, not MI.

      - Dimithri

      Delete
    8. /මට ශුවර් නෑ මම කාටද දුන්නෙ කියල, උඹට ශුවර්ද මම දිමිත්‍රිට පුක දුන්නෙ කියල?/

      පොඩ්ඩක් හිටපන් කල්පනා කරන්න. රාජ් දිමිත්‍රිට දුන්නා. දිමිත්‍රි පැරාට දුන්නා. උඹ රාජ්ට දුන්නා. දිමිත්‍රි සෝභිත හාමුදුරුවන්ට දීල එන ගමන් සිවාජිලිංගම්ට දුන්නා. ඒ වෙනකොට උඹ පැරාට දීල ඉවරයි. මහන්සි බලන්නේ නැතුව දිමිත්‍රිට දෙනවා කියල දුන්නා. හරි හරි දිමිත්‍රිත් උඹට ඇරලා තියෙනවා තමයි.

      Delete
    9. //වෙන මොකකටවත් නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. //

      ඊට පස්සේ?සංධාන නොවන අනාගත ආන්ඩුවක් දූශන නොකරයි කියන්න තරම් සහතිකයක් නැහැ තමයි//
      ඇයි බං උඹල දූෂණ නැති කරන්න කතා කරන්නේ? ඕක ප්‍රායෝගික නෑ කියල තේරෙන්නේ නැද්ද? රවීලා, දයා ගමගේලා දැනටම ඉන්න, මර්වින්ලා දුමින්දලා නිමල් සිරිපාලලා චන්ද්‍රිකා එක්ක එන්න ඉන්න සන්ධාන නොවන අනාගත ආණ්ඩුවෙන් දූෂණ නැති කරන කොට බැරියැ.

      ඊට වඩා හොඳ නැද්ද ජෙප්පෝ ෆෝම් කරන එක?අර උන් තිස් ගානක් හිටපු පාර්ලිමේන්තුව තිබ්බ නම් ලොක්කට මෙච්චර පිස්සු කෙලින්න වෙන්නේ නෑ නේද?

      //

      Delete
    10. //වෙන මොකකටවත් නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. //

      ඊට පස්සේ?

      //සංධාන නොවන අනාගත ආන්ඩුවක් දූශන නොකරයි කියන්න තරම් සහතිකයක් නැහැ තමයි//
      ඇයි බං උඹල දූෂණ නැති කරන්න කතා කරන්නේ? ඕක ප්‍රායෝගික නෑ කියල තේරෙන්නේ නැද්ද? රවීලා, දයා ගමගේලා දැනටම ඉන්න, මර්වින්ලා දුමින්දලා නිමල් සිරිපාලලා චන්ද්‍රිකා එක්ක එන්න ඉන්න සන්ධාන නොවන අනාගත ආණ්ඩුවෙන් දූෂණ නැති කරන කොට බැරියැ.

      ඊට වඩා හොඳ නැද්ද ජෙප්පෝ ෆෝම් කරන එක?අර උන් තිස් ගානක් හිටපු පාර්ලිමේන්තුව තිබ්බ නම් ලොක්කට මෙච්චර පිස්සු කෙලින්න වෙන්නේ නෑ නේද?

      Delete
    11. /පොඩ්ඩක් හිටපන් කල්පනා කරන්න. රාජ් දිමිත්‍රිට දුන්නා. දිමිත්‍රි පැරාට දුන්නා. උඹ රාජ්ට දුන්නා. දිමිත්‍රි සෝභිත හාමුදුරුවන්ට දීල එන ගමන් සිවාජිලිංගම්ට දුන්නා. ඒ වෙනකොට උඹ පැරාට දීල ඉවරයි. මහන්සි බලන්නේ නැතුව දිමිත්‍රිට දෙනවා කියල දුන්නා. හරි හරි දිමිත්‍රිත් උඹට ඇරලා තියෙනවා තමයි./

      උඹ හැමොටම ලාම්පුව ඇල්ලුව එහෙනම්?

      Delete
  6. මට නම් තාමත් ෂුවර් නෑ.. ස්වාධීන කියන්නෙත් පරාදීන බවක් බවයි මගේ හැඟීම. අනෙක මේ විප්ලවයට කිසිම ශක්තියක් නෑ, ඒ තීරණයෙන්..

    ReplyDelete
    Replies
    1. ස්වාධීන රූපවාහිනිය වගේද කියලා කියන්න බෑ නේ.. අනික රනිල් දාපු ගමන් මෙයාලා ආයෙත් ආන්ඩුවට හේත්තු වෙනවා. නැත්නම් වැඩේ අල කරනවා...

      Delete
    2. 1. චම්පික හෝ රතන රනිල් දිනවිය යුතු බවක් කියා තිබේද?
      2. කොන්දේසි විරහිතව මහින්ද පැරදවිය යුතු බව කියා තිබේද?

      ඔවුන් මහින්දට සහය දීමට කොන්දේසි ඉදිරිපත් කළා. මහින්ද බෑ කිව්වම අයින් උනා. හා කිව්වොත් හේත්තු වෙයි. ඕමල්පේ හාමුදුරුවෝ ඔවුන්ගේ ක්‍රියා සතුරන්ගේ වැඩ විදියට නොව සැබෑ මිතුරන්ගේ වැඩ විදියට දකින ලෙස මහින්දට ප්‍රසිද්ධියේ රැස්වීමක කිව්වා.

      2005 මහින්දගේ පස්සෙන් ගිහින් තමයි ඔවුන් මහින්දට සහය වෙනවා කිව්වේ. දැන් පොදු අපේක්ෂකයා හොයන සෙට් එක රතන මුත්තයියා එකේ රැස්වීමක් තියනවා කිව්වම රතනගේ පස්සෙන් ගිහිං ඒකෙ වාඩිවෙනවා. උන් උඩ දානකොට රතන උඩ යනවා.

      මෙතන වැරදි අනිත් උන් උඩ දානකොට උඩ යන රතනද? නැත්නම් මහින්දට බනින ඕන එකෙක්ගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදන පොද්දාගේ සෙට් එකද?

      ඇත්තම සිද්දිය මහින්ද කොච්චර නරක උනත් මිනිහ පරද්දන්න කෙනෙක් හොයාගන්න බැරි තරම් මහින්දට අකමැති උන් පහලට වැටිලා නේද?

      Delete
    3. ඕක ඉතින් මගෙන් අහන්න ඕනය.. මම කියන්නෙත් ඕකම නේ.. (අන්තිමට කියපු ටික.)

      Delete
  7. ane wal ballo.thoge site eke hamadama thiyenne me ratata kelawena post thamai.

    ReplyDelete
  8. අපි අනිවාර්යෙන්ම හෙල උරුමය සමගයි..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඊලඟ ආන්ඩුවත් ජාතිවාදීද..?
    හෙළ උරුමය යනු අන්ත වර්ගවාදී තඩි බිස්නස්කාර පක්ෂයකි.බිස්නස් අතින් ඔවුන් දෙවෙනි වන්නේ යූ එන් පියට පමණි.
    ඊයේ පෙරේදා වෙනකන් ජාතිවාදය,ආගම්වාදය වපුරමින් සිටි ඔවුන්ට එක් වරම හදිස්සියේ ව්‍යවස්ථා සංශෝධනයක් මතක් වී ඇත. මේ ඉතාම මෑතකදීත් විධායක ජනාධිපති දූරය රටට අවශ්ය්‍ය යැයි ප්‍රකාශ කරමින් සිටි හෙළ උරුමයට දැන් එක්වරම විධායක ජනාධිපති කම ජිහාඩයටත් වඩා සතුරෙකු වී තිබේ.
    මේ සිද්ධ වන්නේ කුමක්ද?
    චම්පික රණවක සහ අතුරලියේ රතන යන ප්‍රකට දේශපාලන තක්කඩීන් දෙදෙනාගේ ඉතිහාසය මැනවින් පිරික්සා බලන්නෙකුට මේ කාරණය සරලව තේරුම් ගත හැක.
    ඉතිහාසයේ සිටම අවස්ථාවාදය සහ අනුන්ගේ මතවාද හයි ජැක් කරමින් තම දේශපාලන බලය උදෙසා ගේම් ගැසීම මේ තක්කඩීන් දෙදෙනාගේ ක්‍රමයයි.
    89 අරගලයේ පාවාදීම් ඉතිහාසයක් සහිත මොවුන් ඉන්පසුව නලීන් සිල්වාගේ ජාතික චින්තන මතවාදය හයි ජැක් කර තමන්ගේ කරගනිමින් කරළියට පැමිණේ.
    ඉන්පසු සිහළ උරුමය නම් පක්ෂයක් අටවා ගන්නා මොවුන් එයට ලැබුණු එකම මන්ත්‍රීදූරය ට කුළල් කා ගනිමින් ඒ අස්සේ එහි සිටි ජේය්ෂ්ඨ සාමාජිකයින් කීප දෙනෙකුටත් ගෙදර යන්නට සලස්වයි.
    ඉන්පසුව සෝම හිමි ගේ අපවත්වීමෙන් පසුව ඇතිවූ තත්වය වාසියට ගනිමින් සූක්ෂම අයුරින් හාමුදුරුවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවමින් නැවත තම දේශපාලන බලය තහවුරු කරගනී.
    2005 ජනාධිපතිවරණයයේදී මහින්ද රාජපක්ෂ හමුවීමට පෙර මොවුන් හමුවන්නේ රනිල් වික්‍රමසිංහයි.
    ඒත් මොවුන්ගේ වර්ගවාදී දේශපාලන චින්තනය සහ යෝජනාවලියට රනිල් ගේ නො එකඟවීම මත මොවුන් ඊලඟට මහින්දට හේත්තු වේ.
    අවසානයේ සිදුවූ සියල්ල අමුතුවෙන් කිවයුතු නැත.

    තමන් විසින් හයිජැක් කර පෝෂණය කරාවූ ජාතිවාදය දැන් තමන්ගෙනුත් ගිලිහී රාජපක්ෂ ආන්ඩුව මැනවින් එය ඔවුන්ගේ වාසියට කලමණාකරණය කරගෙන ඇති බව මේ වෙද්දී ඔවුන් වටහාගෙන තිබේ.එනම් සිංහල බෞද්ධායාට නායකයෙක් යන පාඨය දැන් ඇත්තේ රාජපක්ෂවරුන් අත බව වටහාගෙන ඇත.රාජපක්ෂ ආන්ඩුවේ නිර්මාණයක් ම වෙන බොදු බල සේනා වැනි සංවිධාන හරහා ද චම්පික ගේ සහ රතන ගේ අත ඇති කොඩිය ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.ඊයේ පෙරේදා වෙනතුරුත් චම්පිකලා බොදුබළ සේනා වෙනුවෙන්ද පෙනී සිටියේ ඒ හරහා හෝ නැවත තම බලය තහවුරු කරගැනීමට හැකිදැයි බැලීමටයි.ඒත් වැඩේ කෙලවී ඇති බව තේරුණේ පසුවයි, බොදු බල සේනා විසින් යෝජනා කරන ජාතික නායකයා චම්පික නෙවේ.
    මේ යන විදිහට ගියොත් ඉදිරියේදී අවලංගු කාසී වෙන බව මොවුන් හොඳින් වටහාගෙන ඇත.සමහරවිට චම්පික යන්තම් බේරෙන්න ඉඩ අති මුත් රතන හිමි ට ඊලඟට පාර්ලිමේන්තුවට පවා ඒමට නොහැකි වෙනු ඇත.
    මේ වෙද්දී සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන කීපයක් විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම මූලික කරගෙන නව ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු යැයි ආන්ඩුවට බල කරමින් එ ඔස්සේ ජන මතයක් ගොඩනගිමින් සිටියේය.
    මේ තක්කඩීන් අන්තිමට අල්ලා ගන්නේ ඒ වැඩේය.දැන් ජාතිවාදය සුදු සරම අස්සේ හංගාගෙන එක්වරම ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා ගේම ඉල්ලන්නට පටන් ගන්නේ ඒ අවස්ථාව තමන්ගේ වාසියට හරවා ගැනීමක් ලෙසටය.
    මෙච්චර කල් මතක් නොවුණු පිවිතුරු හෙටක් දැන් මතක් වී ඇත.ඇත්ත වශයෙන්ම සෝභිත හිමි ගේ වැඩේ මෙ වෙද්දිත් රතන හිමි හයිජැක් කර හමාරය.දැන් වැඩේ අරන් දුවන්නේ රතන හිමීයන්ය.
    ඊලඟ පොදු අපේක්ෂකයා ගේන භූමිකාවේ ද දැන් ප්‍රධාන පාර්ශවයක් ලෙස එක් වරම හෙළ උරුමය පැන ඇත.මේ සිද්ධ වන්න යන්නේ කුමක්ද? රාජපක්ෂට විකල්පය ලෙස එන පොදු අපේක්ෂකයාත් අවසානයේ තොරාගන්නේ ජාතිවාදයද?
    10-11-2014
    http://politicalnewslk.blogspot.com/2014/11/blog-post_9.html

    ReplyDelete
  11. Replies
    1. උඹ අමුමිරිස් චැලේන්ජ් එකට සල්ලි දුන්නද?

      Delete
  12. මේ පැරෝ අන්න රසිකලොජිස්ට් ගාව ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවලු යහපාලනය ගැන ලියපු එකක. බලමුද ඒක ගන්න. ඩොලර් වලින් ගෙවයි.

    ReplyDelete
  13. දවසක් ගම්මන්පිල කිව්වා දෙමෙල්ලු මරලා සෙරෙප්පු හදනවා කියලා
    පාඨලී කිව්වා එයාගෙ රෝසමල් පාත්තියට දෙමල ලේ දාන්න ඕනෙ කියලා මල් පිපෙන්න
    හෙල උරුමේ එන්න කලින් ජාත.ික සමඟිය තිබුනා එයාලා අව හැටියේ ජාතික සමඟිය නැතිවුනා

    ReplyDelete
    Replies
    1. Boru kiyanna epa ban

      Delete
    2. මෙය සම්පූර්ණ අසත්‍යයකි. ඔවුන් ජාතිවාදීන් බව ඇත්ත. එහෙත් ඔවුහු මෝඩයෝ නොවෙති.

      Delete
    3. ඒක ඇත්ත පැරා ඔවුන් විමල්, මර්වින් වැනි මෝඩයෝ නොවෙති.

      Delete
    4. Para, heard of irony?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා