ආණ්ඩුවේ අය යා යුත්තේ රතන හිමි පාරේ ද? වාසුදේව පාරේ ද?

පොදු අපේක්ෂක කුමන්ත්‍රණය සාර්ථක වීමට ඉඩ තිබෙන්නේ ඇතැම් වෙබ් අඩවි කියන පරිදි, කවුරුත් නො සිතන, ආණ්ඩුවට තරු පෙන්නන ජාතියේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එයට හැකි වන්නේ නම් පමණි. 

ආණ්ඩුවට තරු පෙනෙන්නට නම් අඩු තරමේ මෛත්‍රීපාල සිරිසේනවත් තව පිරිසක් සමග ආණ්ඩුවෙන් එළියට බැසිය යුතු ය.

එහෙම නො වුණොත් මේ සියල්ල හිස් ආණ්ඩු විරෝධීන්ගේ මෝඩ චූන් පමණක් වනු ඇත. 

ජාතික හෙළ උරුමය අද සවස වන විට ගන්නා තීරණය වැදගත් ය. එසේ ම, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය ද වැදගත් ය. 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ මෙම දෙපිරිස හා කොටි සංවිධානය එකතු වෙලා ය. 

මේ මොහොතේ ආණ්ඩුවේ සිටින දේශපාලකයන්ට බරපතල වගකීමක් තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්වන වරට බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ම ඇද දමමින් ඒකාධිපතිවාදය තහවුරු කරමිනි. බලයට පත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නො වේ. රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ව්‍යාපාරික සහචර පිරිසයි. සන්ධානයට හා ශ්‍රීලනිපයට හිමි වන්නේ ඔවුන්ගේ ඉඳුල් කමින් ඔවුන්ට සේවය කිරීම පමණි. 

ශ්‍රීලනිප නායකයන් තව දුරටත් ආණ්ඩුවේ රඳවාගෙන සිටින්නේ මර්වින් සිල්වා කියන අන්දමින් ෆයිල් පෙන්වා බය කරමින් ය. රට පාලනය කරන හොර කල්ලියේ තරම මෙම කරුණුවලින් කදිමට පැහැදිලි වේ. 

මෙකී හොර ජාවාරම සමග මේ රටේ ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ද බද්ධ කරගෙන තිබේ. සොරුන් විසින් සොරුන්ගේ ආණ්ඩුවක් පත් කර ගනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ සොරකම් කිරීමට අවස්ථාවක් නො ලද සුද්ධවන්තයෝ පිරිසකි. එහෙත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ සාපේක්ෂ පිරිසිදුකමක් තිබේ. ඔහු ද ඔහුගේ අන්තේවාසිකයන්ට සොරකම් කරන්නට ඉඩ දුන් අයෙකි. 

කෙසේ වෙතත්, වත්මන් පාලනය විසින් තහවුරු කර තිබෙන තර්ජන, ගර්ජන, වරප්‍රසාද, අල්ලස් ඔස්සේ සහයෝගය දිනාගෙන රටත් ජනතාවත් චෞර හවුලක් බවට පත් කිරීමේ ක්‍රමය අවසන් කළ යුතු ය. 

ඒ සඳහා විපක්ෂ පෙළ ගැසීම ප්‍රමාණවත් නැත. රට, ජාතිය හා අනාගත පරම්පරා ගැන කිසියම් හෝ හැඟීමක් ඇති දේශපාලකයන්ට මෙහිදී වගකීමක් තිබේ. 

ඔවුන් විසින් අනුගමනය කළ යුතුව තිබෙන මාර්ගය කුමක් ද? සියල්ලට වඩා සන්ධානයෙන් හිඟා ගත් තමන්ගේ මන්ත්‍රීකම ඉහළින් තබන සමසමාජ, කොමියුනිස්ට්, වාසුදේව වැනි දේශපාලන කුණපයන් ද? නැතිනම්, අතුරලියේ රතන හිමි වැනි අයව ද?

කියවන්න: පොදු අපේක්ෂක කුමන්ත්‍රණයෙන් අන්තිමට වුණේ මොකක් ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Aanduwe weda dekkama Mary Antonette ge paan nethnam cake kaapalla kathawa mathak wenawa.

    ReplyDelete
    Replies
    1. කොටියම කා.. එක්කොත් ඕන්නෑ

      Delete
  2. අමු මිරිස් චැලේන්ජ් එකේ සල්ලි වලට මොකද වුණේ?

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ යන ගේම් ගැන එච්චර හිතන්න එපා බන්. කුස් ප්‍රනාන්දු ප්‍රොජෙක්ට් එකක් කියලා ණය අරන් පොලු තියනවා. ජිත් රත්නායක පොදු ලිඳක් කපනවා කියලා ආධාර අරන් ජීවත් වෙනවා. චමල්ක අල්විස් මුද්දක් නැති වුණා කියල ණය අරන් පොලු තියනවා. දැන ගියොත් Facebook නොදැන ගියොත් Assbook.

      Delete
    2. අඩෝ සිරාවටම චමල්කත් හොරෙක්ද?
      ඒක තමා එහෙමනං කුස්ගේ හොර එළිවෙද්දි චමල්ක ඒ ත්‍රෙට් එක නවත්තන්න දඟ දැම්මේ. ඌ ගැනත් කියවෙයි කියලා බයට. බලං ගියාම හොරු බේරගන්න හොරුම බහිනවා.
      “හොරු වෙනුවෙන් හොරු“

      Delete
    3. ඇයි අර අම්මණ්ඩි කෙනෙක් තග දාල සල්ලි එකතු කරල ට්‍රිප් යන්නෙ ගෙදර ඉන්න දූල පුතාලත් එක්කරගෙන ඉස්කෝල වල දේසනා දෙනයි පරණ පොත් බෙදන්නයි.

      තව කට්ටියක් හාට් ඇටෑක් එහෙකට සම්මාදං කරනව... ඒ උනාට ඇටෑක් කාරය ෆේස් බුක් ස්ටේටස් දානව පවතින දේශපාලනය ගැන විග්‍රහ කර කර... ඌට ඉහෙන් බහින ලෙඩක් පේන්නෙ නෑ!

      දැන් භුකියත් නිකං පරණ පොළක් වගේ. විකුණන උනුයි, තෙල් බෙහෙත් වෙළෙන්දොයි, අධාර පත්තර කාරයොයි.. අනේ මන්ද..!

      Delete
    4. බුකියෙ ආධාර පත්තරකාරයො. බ්ලොග් වල කේන්දරකාරයො. හැම එකාම බලන්නෙ අමාරුවෙන් හොයන තුට්ටු දෙකට තට්ටු කරන්න.

      Delete
    5. මෙහෙමයි... ලක්ෂ පහ මාසෙකට සීයට 15ට පොලියට මුලින්ම ඉල්ලුවෙ අභීත.. චමීරයා 20ට වෙන එකෙකුට දුන්නා කියලා තමා ආරංචි....

      Delete
    6. /// තව කයක් හා ඇටෑක් එහකට සමාදං කරනව... ඒ උනාට ඇටෑක් කාරය  ෆ්ස් බුක් ස්ටස් දානව පවතින ද්ශපාලනය ගැන ගහ කර කර... ඌට ඉහන් බහින ලඩක් ප්න්න නෑ!///
      :-)

      Delete
  3. හෙළ උරුමය වාසුදේව ගත් මඟ නොගනීය ඔබ සිතන්නේ ඇයි? මගේ මතය නම් හෙළ උරුමයද කවර හෝ හේතුවක් දක්වා වාසුදේවලා ගත් මඟම ගනීය යන්නයි. (උදා: "වඩා විශාල ව්‍යසනයකින් රට බේරා ගැනීම පිණිස")

    ReplyDelete
  4. කාලෙකට පස්සේ පැරා සමග එකඟයි. හැබැයි මේ ලිපියට පැරාගේ "රසිකයෝ" කැමති වෙන එකක් නෑ.

    ReplyDelete
  5. Ranil wi kramasinghe was not suitsble in th last two elections, but now th situatiom is chqnged, i dnt see why we need to carry th eee danda after crossin th river, mah8nda was needed to end th war n he did it, now we need economic prosperity , true dat unp memebers didnt get a chance to steal yet, n they will definatly in due time,, what i dont understand is thst why we require a currupted politicios of th g8vernment to cross over to th opposition to end a urrupted government, does nt it look like a never ending cycle,,

    ReplyDelete
  6. මේක මෙතනට කෙළින්ම අදාළ නොවෙන්න පුළුවන්. ඒත් මේ මරාණ්ඩුවේ ඡන්ද අල්ලස්, ඒවට යටවෙලා ඡන්දය දෙන මිනිස්සුන්ටම බැක්ෆයර් වෙන හැටි උන්ට තේරෙන විදිහට කියලා අඩුම ගණනේ පත්‍රිකාවක්වත් බෙදෙන්නේ නැත්තේ ඇයි? විපක්ෂ දේශපාලන පක්ෂ වලට කොදු නැද්ද? නැත්නම් කොදු කඩලාද?

    පැරාගෙ වචනවලින් කියන ලුම්පන්භාවය ඉබේටම මිනිස්සුන්ගෙන් නැති වෙන්නේ නෑ.ඹය පෙරටුගාමී පොරවල් වගේ උන්ගේ දේශපාලන අපබ්‍රංස වගේ නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත වලට තේරෙන ටර්ම්ස් වලින් තියෙන්න ඕන.

    දැන් ඔය රජයේ සේවකයන්ට දුන්න බයික් වගේ දේවල් වල බර කරුම යන්නේ මේ රටේ දවසේ වේල හොයාගන්න එකාගෙ බත් පතින්, පොඩි උන්ට හදලා දෙන කිරි පැකට් එකෙන් නෙවෙයිද?

    මේ රටේ බර කර ගහන්නේ ඔය සහන ගත්ත රජයේ සේවකයොවත් පැන්ෂන් කාරයොවත් නෙවෙයිනේ. අර මැද පෙරදිග ගිහින් කඹුරන ගෑනු, වතුකරයේ දලු කඩන ගෑනුන්ට, ගාර්මනට්ස් වල පන යනකන් ජංගි මහන කෙල්ලොන්ට, කොරියාව වගේ රටවල බලු දුක් විදලා මෙහෙට සල්ලි එවන උන්ට මොනවද ලැබෙන්නේ?

    වැදගත් උන් මහත්තුරු වගේ බෙදා ගන්නේ උන් එවන සල්ලි නෙවෙයිද? අර කියපු උන්ගේ දේශපාලන ලුම්පන්භාවයත් එක්ක කේවල් කිරීමේ හැකියාව බින්දුවයි. ආණ්ඩු ගේන්නෙත් උන්. ගෙනත් හොම්බෙන් යන්නෙත් උන්.


    ReplyDelete
    Replies
    1. /අඩුම ගණනේ පත්‍රිකාවක්වත් බෙදෙන්නේ නැත්තේ ඇයි?/

      සරලයිනේ පුතා. ඒගොල්ලෝ ආවම කරන්නෙත් ඒවමයි. දැන් රජා එලවන්න හදන සෙට් එකට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමන්ට යමක් නොලැබෙන එක විතරයි. දැන් සජින් කරන දේ කරන්න රවී බලං ඉන්නවා. බන්දුල පද්මකුමාර කරන දේ කරන්න ඊනිව්ස් එකේ සඳරුවන් බලං ඉන්නවා. ප්‍රතිභා මහානාම කරන දේ කරන්න වැලිඅමුණ බලං ඉන්නවා.

      /මේ රටේ බර කර ගහන්නේ ඔය සහන ගත්ත රජයේ සේවකයොවත් පැන්ෂන් කාරයොවත් නෙවෙයිනේ./

      ඔන්න ඔතන තමයි පුතා මහින්ද ලොක්ක ගේම ගහන තැන. දැන් පුතාලා හිතන් ඉන්නේ මහින්ද ඔය පුතා කියන වැඩ කරන, දුක් විඳින මිනිස්සුන්ට මුකුත් දෙන්නේ නෑ කියල නේද? පුතා හිතං ඉන්නවට වඩා ලොක්කා ගොඩක් කපටියි. ලොක්කා මිනිස්සුන්ට දෙන්නේ උන් ඉල්ලන දේ. ඔය දුක් විඳින මිනිස්සුත් ඔය ලුම්පන් කියන ලංකාවේ මිනිස්සුනේ. උන්ටත් ඕන මොනවහරි වෙලා තමන්ට යමක් කරගන්නනේ. ඉතිං ලොක්කා උන්ට ආණ්ඩුවේ කැලෙන් ගස් කපා ගන්න දෙනවා. හොරකමක් කරලා පොලීසි ගෙනිච්චොත් එලියට දානවා. ළමයින්ව ඉස්කෝලවලට දාල දෙනවා. ආණ්ඩුවේ ඉඩම් අල්ල ගන්න දෙනවා. මුලු රටේම තියෙන මූල්‍ය, නීතිමය ඇතුළු ඔක්කොම පද්ධති බල්ලට දාලා තමන්ගේ මිනිස්සු බේරාගන්නවා. ඉතිං පුතා අහිංසකයි කියල හිතං ඉන්න මිනිස්සු ලොක්කට කතිරේ ගහනවා.

      ඔය පද්ධති වල වටිනාකම තියෙන්නේ අතේ සල්ලි නැති, වැඩක් කරගන්න දේශපාලකයෙක්ගේ පස්සේ ලැජජ, යම් පමනකට ඉගෙන ගනිපු පුතා සහ මම අයිති වන සුළුතරයකට විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත නිසා සුළුතරයට බම්බු ගහගන්න කියල ලොක්කා වැඩ කරනවා.

      Delete
    2. අනිවා ඇත්ත. ඒත් තියෙන ප්‍රශ්න මේකයි. යූ එන් පී කාරයන් පැත්තක තියලා අඩුම ගානේ අර ජේ වී පී පොරවල්ලත් මොනවත් කරන්නේ නැති එකයි. අර ෆේස්බුක් එකේ හෝ ගාලා යන අනුර කුමාරගේ ටෝක්ස් වත් එතනින් එහාට යන් නැති එකයි. උන් බලයට නොඑන එක වෙනම කතාවක්.

      Delete
  7. මෙය හුදෙක් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. මහින්දට ඉන්න ඕන සේම වාසු ටත් තමන්ගේ පැවැත්ම ගැන සිතිය යුතුය. රතන හාමුදුරුවන්ටද එසේමය. ආණ්ඩුවට කිට්ටු වීමෙන් තම මන්ත්‍රී කම රැක ගැනීම අපහසුය. මන්ද චම්පික හා ගම්මම්පිල රතනට වඩා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීන් නිසා.යන්තම් හෝ ආසනය රැක ගැනීමට එක්කෝ කේවල් කිරීමේ බලයක් නිර්මාණය කර ගත යුතුය. නැති නම් විපක්ෂය සමග මැතිවරණයකට ඉදිරිපත් විය යුතුය. මහින්දගේ මීළඟ මැතිවරණයේ නාම යෝජනා ලබනුයේ හොඳම හොරු හා තක්කඩින් ටිකටය. ඒ සඳහා හෙළ උරුමය එක්කෝ මිට වඩා හොරකම් හා තක්කඩි කම් කල යුතුය. රනිල්ට වගේ වගක් නැත. එකම ආසාව මැරෙන්න ඉස්සෙල්ල ජනාධිපති පුටුවේ එක සැරයක් හෝ වාදී වීමය. එසේ නොවුනා කියා ද ප්‍රශ්නයක් නැත. මැතිවරණයක් පැරදුනු පසු ටැන්සානියාවේ අලි බලන්නට යන්න පුළුවන. බහුතර ජනතාව මේ ක්‍රමයට හා මේ නායකත්වයට විරුද්ධය. එහෙත් ඒ විරෝධය බලයක් ලෙස නිරම්නය කර ගැනීමට නායකත්වයක් මේ ක්‍රමය තුලින් නිර්මාණය නොවන බව පැහැදිලිය. පොදු අපේක්ෂකයත් මහින්දගේ මැතිවරණ ක්‍රමයේම එක එලිමන්ට් එකක්දැයි සක සිතේ.

    ReplyDelete
  8. අර කිව්වා වගේ ආන්ඩුවේ එකෙක් දැම්මොත් මිසක්කා ලොක්කට තරු පෙන්නන්න නම් වෙන්නේ අබ්බාවකාසෙට ගෙනිහිල්ලා.. මට පේන්නේ පොද්දා හොයපු සෙට් එකට නම් තරු නෙමෙයි වල්ගා තරුත් පෙනිලා වගෙයි කියලා..

    අනික ලොක්කා ටී ඇන් ඒ එකත් බාලා.. කස්ටියට ගානක් හොයා ගන්න තිබ්බ චෑන්ස් එකත් නැති වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. //ලොක්කා ටී ඇන් ඒ එකත් බාලා..//

      මොකක්ද ඒ කතාව? තතුදත් ආරංචි මාර්ගයක්ද? අයිටී එන් එකේ කිව්වද?

      බාලා කොහෙද ඒ පැත්තේ???

      - Dimithri

      Delete
    2. ලොක්කා කරුණු හයකට එකඟ වෙලා.. එකඟ උනාට ඕවා කවදාවත් දෙන්නේ නෑ.. ඒත් අරුන් සපෝට් "ලූ"....

      Delete
    3. මිත්‍රයා තරහ නැතුව ප්‍රවෘත්තිය උපුටාගත්ත තැන කියන්න පුලුවන්ද? ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද? අයි ටී එන් එකෙන්ද? ගොසිප් එකක්ද? විහිලුවට වගේ කිය කිය යන්නේ ඔය කියන දේ වැදගත්කම දන්නවද?

      - Dimithri

      Delete
  9. 94 චන්ද්‍රකා කිව්වේ "විවෘත ආරිතිකයට මානුශික මුහුණුවරක් දෙනවා "කියාය. හොරු ගෝල් ෆේස් එකට ගෙනල්ලා එල්ලනවා කියාය. ඒ එකක්වත් සිදුනොවුනා විතරක් නොවේ අන්තිමට සිදු වුයේ "හොරු සමඟ හෙලුවෙන්" සිටීමයි. අද තත්වය ඊටත් වඩා නරක අතට හැරී ඇත. ඉදිරියේදී අලුත් එකෙක් ආවත් මෙයට වඩා වෙනසක් කරයිද නැත්නම් තවතවත් දුශිත වේදැයි සැකසහිතය.

    ReplyDelete
  10. AnonymousNovember 17, 2014 at 11:21 AM ගේ කතාව නම් ඇත්ත. මේක තමයි අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ. තමන්ට ලැබෙනවනම් අනිකට මොනවා වුනත් එකයි, එතකොට රටට හෙන ගැහුවත් කමත් නැහැ. අපේ අයගේ සාක්ෂරතාව උපරිම වුනාට සාමාන්‍ය බුද්ධිය අන්තිමයි. ලොක්කා දෙන සහනාදාර සහ දීමනා අනිත්මට කැරකිලා තමන්ටම එන බව හිතන්න බැහැ. ඒක තමයි ප්‍රශ්නේ.

    අනිත් එක විපක්ෂය ගම් වලට ගිහිල්ලා නැහැ කියලා තේරෙනවා ඒ මිනිස්සුත් එක්ක කතා කරාම. ගම් වල සමහරුන්ට තියෙන බය රනිල් ආවොත් ආයෙත් කොටි ඔලුව උස්සනවා කියන එක. මේක ලේසියෙන් වෙන්නේ නැති දෙයක් වුනත් ඒකවත් පැහැදිලි කරලා දෙන්න කෙනෙක් විපක්ෂයේ නැහැ. අනිත් එක මහින්ද කරන දේවල් වැරදියි කිව්වට මදි, ඒවා ප්‍රාෙයා්ගිකව ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. දැන් බන්දුලගේ 2500 ද 7500 ද විවාදේ වෙන දියුණු රටක තිබ්බනම් අද බන්දුලගේ දේශපාලන ජීවිතයම ඉවරයි. ඒත් අපිට දැන් ඒක මතකවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. / ලොක්කා දෙන සහනාදාර සහ දීමනා අනිත්මට කැරකිලා තමන්ටම එන බව හිතන්න බැහැ/

      එහෙම නෙවෙයි. අපේ රටේ බහුතරය තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් හොරු. පිළිගන්න අකමැති උනත් එක තමයි ඇත්ත. ඔෆිස් එකේ හාෆ් ෂීට් ගෙදර ගෙනියන, හොරට පොත අත්සන් කරන, බස් එකේ/ කෝච්චියේ හොරෙන් යන, පෝලිමක් තියෙනවනම් පිටිපස්සේ හිටගන්නේ නැතුව ඉස්සරහට පනින ජනතාවක් තමයි අපිට ඉන්නේ. ඉතිං කැරකිලා එනකොට ඒ පාරත් අනිත් මිනිස්සු ගෙවයි මම ගෙවන එකක් නෑ කියලා ඉන්නවා. සරලවම අනිත් එකා 50000 බයිසිකලයක් ගන්න කොට මම නොගෙන ඉන්නේ මොකටද කියල හිතනවා. නියම විදියට හිතලා බයිසිකලේ නොගත් එකෙක් ඉන්නවානම් ඌ මෝඩයෙක් වෙනවා. ඌ පයින් යන එක ඇරුනම අනිත් දේවල් ඒ විදියටම සිද්ද වෙනවා.

      /රනිල් ආවොත් ආයෙත් කොටි ඔලුව උස්සනවා කියන එක. /
      පොද්දා පස්සෙන් යන උන්ට මහින්ද එලවන එකෙන් එහාට දෙයක් නෑ. පහල දිමිත්‍රිත් කියන්නේ TNA උඩට ගන්න ඕන හෙළ උරුමේ ගානට තියාගෙන කියලා. මහින්ද ලොක්කා ඕවා තමයි ඕන වෙලාවට ඇදල ගන්නේ.

      /බන්දුලගේ 2500 ද 7500 ද විවාදේ වෙන දියුණු රටක තිබ්බනම්....../
      මචං දේශපාලනේ කරන උන් ඕවා කරන්නේ පුරුදු වෙන්න නෙවි. උන් හැමතිස්සෙම කතා කරන්නේ චන්ද වලට. ජොනියා අර ටී වී එකට ඇවිත් "අපිට පොන්නයෝ වගේ ඉන්න බෑ" කියල කියන්නේ එහෙම කිව්වම කැඩෙන චන්ද ගානයි ලැබෙන චන්ද ගානයි දෙකම ඌ දන්නා නිසා. රත්තරන්ලා මර්වින්ලා පත්වෙන්නේ හොර චන්ද දාලා නෙවි. අපේ මිනිස්සු නොම්මරේ මතක තියාගෙන ගිහින් කතිරේ ගහන නිසා. අපේ මිනිස්සු කැමති ඒවාට. ඉතිං දේශපාලකයෝ කරන්නේ කැමති දේ කරන එක. සුදුසු දේ කරන්න ගිහිං ලබන සැරේ උන් පරාද වෙන්නේ මොකටද?

      Delete
    2. // ඉතිං දේශපාලකයෝ කරන්නේ කැමති දේ කරන එක. සුදුසු දේ කරන්න ගිහිං ලබන සැරේ උන් පරාද වෙන්නේ මොකටද?//
      +++++++

      මේක තමයි ඇත්ත. අන්තිමේ දොඩංගොඩල ඩීබීල අමතකවෙලා අවලංගු වෙලා ගියෙ ඕකනෙ.

      Delete
    3. ඇත්ත. අපේ වැඩි දෙනා හොරු සහ විනයක් නැති මිනිස්සු...

      පෝලිමක ගියොත් එකෙකුට හරි කලින් පනින්නමයි බලන්නේ. ටිකට් එකක් ගන්න ගියෝත් පොලිම තියෙද්දි පෝලිමේ මුලින් ඉන්න එකෙකුට සල්ලි දෙනවා. ඌත් ඒක ගන්නවා. දෙන්නම වැරදියි.

      කෝච්චියේ බස් එකේ ගියොත් බහිනකොට නගින එකාට ඉඩ නැහැ, කෝච්චියේනම් නගින එකා නිසා බහින එවුන්ට ඉඩ නැහැ. ලිෆ්ට් එකේ යද්දි ලිෆ්ට් දෙකක් තිබ්බොත් දෙකම ඔබනවා, එකක් එනකම් ඉන්න බැහැ.

      බස් කොන්දොස්තර ලග කවදාවත් රුපියලක් නැහැ ඉතුරු දෙන්න... කඩේකට ගියත් රුපියලක් හරි ගහන්න තමයි බලන්නේ. කෑම කියලා විකුනන්නේ විස.

      පාරේ එක ලේන් එකක වාහන ගෙනියන්න බැහැ... නයා වගෙ හැමතැනම. දේශපාලකයොත් ඒකට පුරුදු වෙලා තමයි. නැත්නම් එස් බී කියයිද් විශ්ව විද්‍යාල ලමයින්ට ගැහුවේ නැත්තේ ඡන්දේ ලග නිසා කියලා....

      Delete
    4. දොඩංගොඩ නම් අමතක කරපු එකමයි හොඳ.. බද්දෙගමට මෙළෝ සංසාර දෙයක් කළේ නෑ.. බීලා බීලා මැරිලා ගියා.. උන්ටත් වැඩක් නෑ.. ගමටත් වැඩක් නෑ.. රටටත් වැඩක් නෑ..

      Delete
    5. //බද්දෙගමට මෙළෝ සංසාර දෙයක් කළේ නෑ..//

      ශ්‍රී ලාංකික ඡන්ද දායකය කියන්නෙ කවුද කියන විසාල කතාවම මේ පොඩි කමෙන්ට් එකේ තියෙනව. ස්තූතියි මාතලං!

      Delete
    6. ඇයි ඒ කෑල්ල විතරක් ගත්තේ.. උඹත් රූපවාහිනියෙයි, නයි ටී ඇන් එකේ ඉන්න නිවස් එඩිටර් කෙනෙක්ද...?

      Delete
    7. @ ඉන්දික උපශාන්ත
      අර Anonymous November 17, 2014 at 3:09 PM දාලා තියන කමෙන්ට් එකේ සඳහන්වෙන ලංකාවේ ඡන්දදායකගෙ කපාපු පළුවක් තමයි මාතලන් කියන්නෙ. නිකමට පහුගිය දවස් ටිකේ පොර තැන් තැන්වල දාලා තියන කමෙන්ට් ටිකක් කියවලා බැලුවනං හොඳටම ඇති. මෑන්ට “හෙන පොරවල්“ වෙන්නෙ “ඩීල්“ කාරයන්ව මිසක් යම් තරමකට හෝ අවංක දේශපාලනඥයන්ව නෙවෙයි. ඒකනෙ තමංගෙ අම්මා ගෘහසේවිකාවක් කියල කියපු වචනෙටම පබා වීරවරියක් වුනේ. මිනිස්සු ගස්බැඳපු මර්වින් සිල්වත් “කැළණියට කරපු සංවර්ධනේ“ නිසා වීරයෙක් වුනේ.
      මාතලන්ගෙ බ්ලොග් කෙරුවාවත් එහෙමනෙ. නොදන්නා මගුල් ගැන ලොරි ටෝක් දෙනවා. ඒක ගැන ප්‍රශ්න කලාම “යන්නෙ කොහෙද මල්ලෙ පොල්“ කියැන්නැහෙ ඇයි ඇනෝ ආවේ කියලා අහනවා. මෙයා බලන්නෙ “කුමක්ද හරි“ කියලා නෙවෙයිත “කවුද හරි“ කියලා .. ඒකටම හරියන බ්ලොග් ගෝලබාල සෙට් එකකුත් ඉන්නවා හරියටම ලොක්කට වගේ හැම මගුලකටම “එහෙයි“ කියන.
      මාතලන්ගෙ දේශපාලන ක්‍රමවේදෙ තමයි “දින එකාට ඡන්දය දී ඡන්දයට වටිනාකමක් ලබා දීම“ ඔය විදියට හිතන්නෙ කවුද කියලා ආයෙ කියන්න දෙයක් තියනවැයි.

      Delete
  11. හෙල උරුමය - විශේශයෙන් රතන - ආන්ඩුවට විරුද්ධව මහා බලවේගයක් වගේ පෙරට එන එක ගැන මට නම් පොඩි සැකයක් තියෙනවා. මාස කීපයකට උඩදි රතන කියන්නේ ගෝටාබය එක්ක සෑහෙන ලඟින් වැඩකල කෙනෙක් (එදිනෙදා ප්‍රවෘත්ති වලට අනුව ). චම්පික තරම් ගැටුමකට එහෙම නැත්නම් මතභේදයකට ගිය කෙනෙක් නොවෙයි.

    තේ කෝප්පයේ කිඹුල්ලු දකින උපන් පුරුද්දට, මට නම් හිතෙන්නේ, මේ එන්නේ පොදු අපේක්ශකත්වය අල කරන්න කියලයි. ඇයි මම එහෙම කියන්නේ? හැමෝම පිලිගන්න දෙයක් තමයි කරට කර දකුනේ සටනකදි, උතුරේ චන්ද ඉතා වැදගත්ය කියන එක. බලන්න රතනගේ ඉල්ලීම්. ඒකාධිපති ක්‍රමය ගැන විවේචනයක් වගේ තිබුනත්, එහි හරය බලය බෙදීමට විරුද්ධවයි. මංගල මේ ගැන පැහැදිලි කලා පසුගිය අයවැය විවාදයේදී. මගේ කල්පනාව අනුව නම්, රතන, පොදු අපේක්ශකයා ට බලපෑම් කල හැකි මට්ටමකට ආවොත්, උතුරේ සහයෝගය සැක සහිත විය හැකියි. අද යෙදී තිබුනු පොදු අපේක්ශකත්වය පිලිබඳ ගිවිසුම පවා රතනට ඉඩ දීම පිනිස කල් ගිය බව වාර්තා වුනා (ශ්‍රීලංකා මිරර්).

    ඇත්තටම හෙල උරුමය ආන්ඩුවෙන් යන එක ගැන හේතුවක් විහිලුවට වත් හිතන්න පුලුවන්ද? (මෙතනදි චම්පික ඇත්තටම අමතක කරන්න පුලුවන්, ඒක තරමක පෞද්ගලික කාරනයක් වගේ මට පෙනෙන්නේ.) මෙහෙම හිතන්න.. ගම්මන්පිලට ආන්ඩුවෙන් යන්න තියෙන හේතුව මොකක්ද? ප්‍රතිපත්ති?!?! විධායක ජනාධිපති ක්‍රමය?!? හිනා යනවා නේද? ඕන කෙනෙකුට හරිමගට ප්‍රමාදවී හෝ පැමිනීමට අයිතිය තිබිය යුතු බව ඇත්ත. හැබැයි මේකනම් නිකන් රියලිස්ටික් නෑ නෑ වගේ!

    පොදු අපේක්ශක ව්‍යාපාරය තුල, මගේ ගනනය කිරීම අනුව නම්, රතන / හෙල උරුමයට වඩා ටී.එන්.ඒ. එක සහයෝගයෙන් තබා ගැනීම සඳහා බර තැබිය යුතුයි. රතන /හෙල උරුමය ඔවුන්ට හිමි ස්ථානයේ තැබිය යුතුයි. ඔවුන් සිටියත් නැතත් පොදු ව්‍යාපාරයට හානියක් නොවන තැනක.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. /පොදු අපේක්ශක ව්‍යාපාරය තුල, මගේ ගනනය කිරීම අනුව නම්, රතන / හෙල උරුමයට වඩා ටී.එන්.ඒ. එක සහයෝගයෙන් තබා ගැනීම සඳහා බර තැබිය යුතුයි. /


      ජාතිවාදය කොයි පැත්තෙන් ආවත් වැරදියි නම් දෙගොල්ලොන්ටම දෙන්න ඕන එකම බර නේද? එහෙම නැත්නම් පොදු අපේක්ෂකයා කොටින්ට ඔක්සිජන් ගහනවා කියන කතාව ඇත්ත වෙනවා. මට පේන්නේ දිමිත්‍රි කියන්නේ මහින්ද පරද්දන්න කොටි එක්ක උනත් සෙට් උනාට කමක් නෑ කියල වගේ.

      Delete
    2. මගේ ගනනය කිරීම අනුව කියල ලිව්වෙම, ටී එන් ඒ එකට ජනාධිපතිවරනයකදී කල හැකි බලපෑම සහ ජාහෙඋ සතුව ඇති බලපෑමේ ප්‍රමානයන් සංඛ්‍යාත්මකව බැලීමෙනුයි.

      මම ජාතිවාදයක් ගැන කියල නැහැ. කිව්වෙ බලය බෙදීම සහ නොබෙදීම ගැනයි. පහුගිය කාලේ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහි හැම තැනකම ටී එන් ඒ එක හිටියා. අඩු වශයෙන් මතවාදීමය සහයෝගයක්වත් සහිතව. අගවිනිසුරු, ෆොන්සේකා සිද්ධිවලදී, බන්ධනාගාර සිද්ධි වලදී, ජනමාධ්‍යයන්ට / වේදීන්ට පහරදීම් වලදී, ධීවරයන්ට කම්කරුවන්ට පහර දෙද්දී, 6% ව්‍යාපාරයේදී.. මේ කාලයේදී හෙල උරුමය කොහෙද හිටියෙ?

      අනික මම කියල තියෙන්නේ ටී එන් ඒ එක ගැන මිස කොටි ගැන නොවෙයි!

      - Dimithri

      Delete
    3. දිමිත්‍රි සමග මමත් එකඟයි. පොදු අපේක්ෂකයකු සොයනවානම් ඒ සඳහා උනන්දුවන පක්ෂ මීට වඩා විශාල කැපකිරීම් කලයුතුයි. පක්ෂවල තියන සමහර බමුණු මත අත්හල යුතුයි. කැපවීම සහ පරිත්‍යාගය ක්‍රියාවෙන් පෙන්විය යුතුයි.

      Delete
  12. I saw in one comment " though our literacy is so high but our common sense is so low"
    That's exactly true, we do not think as citizens of this country, we all just think as party henchmen, This mentality is blessing for corrupted politicians,they knew that common people has no wisdom nor the conscience

    ReplyDelete
  13. මේ බ්ලොග් ලොකෙ ඉන්න සුලු ධනපති නඩ වල අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ මහිංඳ එලෝන එක. ඒක ගැන මම මුකුත් කියන්නෙ නෑ. ඒකට චූටි මල්ලියි පොඩි මල්ලි සෝක් උත්තරක් දීල තියෙනව. මේං මේකත් අහන්න . රජ වාසලට කවටයෙක්. හෙහ්...හෙහ්...

    http://chutimallipodimalli.blogspot.ae/

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා සුළු ධනපති නෙමේ වෙන්න ඇති නේ ! ad agency කරන්නේ !

      Suneth Chithrananda කියන පොඩි මෑන් හිටියා ලගදී මාතර විවුර්ත කරපු ජනාධිපති ජන්ද මධ්යස්ථානය උත්සවේ දී ගෙන ඩලස් සහ සනත් එක්කයි !

      ඕකුන් දෙන්නත් දැන් ජන්ද වැඩ පටන් අරන් වහෙන් ඔරෝ කියලා !

      මහින්දව තියාගත්තොත් උන් දෙන්නට ආණ්ඩුවේ ad වලින් වැඩ වලින් කන්න පුලුවන් නිකන් කන්න එන්ගලත්තේ මහා රජ පවුලේ බල්ලෝ වගේ.

      සෝක් උත්තරේ නෙමෙයි මේවගේ උන්ගෙන් ගැබුරු අදහස් බලාපොරොත්තු වෙන ඔයා වගේ අය...

      Delete
    2. ඔය ගැඹුරු අදහස් කියන්නෙ මොන වගේ දේ වල්ද දන්නෑ නේහ්.... නිකං මහින්ද මොඩලයයට ගැලපෙන පොදු අපේක්සකය හොයනව වගේ ..? හෙහ්...හෙහ්...

      Delete
    3. චූටි මල්ලි පොඩි මලි කියන්නෙ දේශපාලන චරිත නෙමෙයි.. ලංකාවෙ ඉන්න ලුම්පන් කලා කරයො දෙන්නෙක් ( නලා කාරයො වගේ). උංගෙ පංති සම්බන්ද තාව මොක උනත් නිර්මානකාත්මක භාවයෙදි උනුත් නොදන්න යමක් උන් කියනව. කලාකාරය සමාජීය ජීවිතයෙදි පසුගාමී චරිතයක් උනත් උන්ගෙ කලා නිර්මාන වලදි උන් ගවුගානක් ඉදිරියට යනව. ඒ සාහිතය හා කලාවේ ස්වභාවය. ‍තෝලස්තෝයි සාර්ගෙ වන්දි භ්හට්ටයෙක් උනාට එයාගෙ කලා කෘති ඒකෙ ප්‍රතිපක්ශය නියෝජනය කලා වගේ...සුලු ධනේස්ග්වර ෆැසිස්ට් වදීන්ට මොන කලාවද... කලාවෙන් විප්ලවය කරන්න ගිය උන්න්නෙ...

      Delete
    4. ලුම්පන් පන්නයෙ ලෙස සලකන්න

      Delete
    5. චූටි මල්ලි පොඩ්ඩයි ‍තෝල්ස්තෝයිට සමාන කොරා කියල වලියට එන්න එපා හරිය. ඒකනෙ අපේ ස්වභාවය. හෙහ්..හෙහ්...සමූහාර්තය තේරුම් ගන්න. ඒක තමයි අපිට නැත්තෙ. හෙහ්...හෙහ්...

      Delete
    6. ප්‍රේමකීර්ති වගේ කලාකරුවන්ගෙ කටට වෙඩිතියපු සමාජ වාදියොනෙ. කලාව ගැන කතාකරන්නෙ. හෙහ්.. හෙහ්....

      Delete
  14. ධනේශ්වර කරමයක් තුල සමාජවාදී ජීවන විලාසයක්. පැරා අපි ඒක මෙහෙම වෙනස් කරමු "සමාජවාදී ජීවන විලාසිතාවක්". ඒක අර්ථපූර්නයි. හුදකලා ෆැසිස්ට් නොහොත් (හෙවත් නෙමෙයි හරිය) සමාජ වාදියෙකුගෙ කුනු කූජිත වැඩවසම් ‍රැහැන් වලින් අත්‍යන්තයෙන් බැඳුනු සුලු ධනේශ්වර ක්‍රමයක් තුල බුවෙක් වීමේ හුදකලා අරගලය. හෙහ්...හෙහ්....

    ReplyDelete
  15. මේක නිකන් ධනවාදෙද හොද සමාජවදේද හොද කියල අහනවා වාගේ වැඩක්ද කොහෙද?

    ReplyDelete
  16. චම්පික රණවකනි ඇයි ගුණ මකු වෙන්නේ.
    ගම්මන්පිලනි ඇයි බටු රිලවෙක් වෙන්නේ.
    හිමියනි රතන ඇයි දෙව්දත් තෙර වෙන්නේ.
    නොබව රජතුමනි අප ඔබ දිනවන්නේ.

    ReplyDelete
  17. beware poddo https://www.youtube.com/watch?v=_u8eMG3Oa54

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා