රෝහණ විජේවීර ඝාතනයේ සත්‍යය ගවේශනය කිරීම

රෝහණ විජේවීර සහෝදරයා විසින් නායකත්වය දෙන ලද 1989 කැරැල්ල අතිශය ප්‍රචණ්ඩ එකකි. ප්‍රධාන වශයෙන් ම ඉන්දියන් හමුදාවට, ලංකාවේ ආණ්ඩුවට හා දෙමළ ජනයා සමග බලය බෙදා ගැනීමට එරෙහිව ඇවිලුණු මෙම කැරැල්ල තුළ රජයත්, ජවිපෙත්, වාමාංශික පක්ෂ ඇතුළු තවත් විශාල පිරිසක් ද යුද අපරාධවල හා ත්‍රස්තවාදයේ යෙදුණ හ. 

අවසානයේ ජවිපෙ පරාජය විය. එහි නායක රෝහණ විජේවීර ඇතුළු සාමාජික සාමාජිකාවෝ දස දහස් ගණනක් නඩු විභාගවලින් තොරව ඉතා කෘාර අන්දමින් ඝාතනය කරන ලදී. මෙය ඉතා පැහැදිලි යුද අපරාධයකි. රාජ්‍ය ත්‍රස්තවාදයකි. 

මෙම කෘෘර මර්දනය සංකේතවත් කරන ඉතා ම වැදගත් සිද්ධිය වන්නේ රෝහණ විජේවීර ඝාතනයයි. ඔහු මරා දැමූ අන්දම ගැන ඇසින් දුටු සාක්කියක් තිබේ. ඒ එදා මිලිටරි පොලිසියේ ඡායාරූප ශිල්පියා වූ ජවිපෙ සාමාජිකයකු ද වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා ය. විජේවීරගේ අවසන් ඡායාරූප ගත්තේ ඔහු ය. 

විජේවීර මරා දැමීම ගැන අතිශය වැදගත් සාක්ෂි රැසක් ඔහු සතුව තිබේ. ගොල්ෆ් පිටියේදී වෙඩි තබන ලද විජේවීරගේ මළ සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී පණ පිටින් පුළුස්සා දැමූ අයුර ද ඔහු නිරීක්ෂණය කළේ ය. 

රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ජවිපෙ නිහඬ ඇයි ද යන්න තේරුම් ගැනීම සංකීර්ණ ය. ජවිපෙ විසින් කරන ලද අපරාධ පිළිබඳ යළි මතු කර නො ගෙන සිටීමේ සම්මුතිය තුළ ජවිපෙ නිහඬව සිටින බව පෙනේ. එයට මූලික හේතුව විය හැක්කේ එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහ විය හැකි ය. 

තමන්ගේ ආණ්ඩුවක් යටතේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් කෙරෙනු ඇති ය යන නො කෙරෙන වෙදකම ජවිපෙ තම සාමාජිකත්වයට ගිල්ලවමින් සිටිනවා වෙන්නට පුළුවන. 

විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කළ යුතු ය. වැරදිකරුවන් යයි පුද්ගලයන් පිරිසකට දඬුවම් කිරීම සඳහා මෙය යොදා ගත යයි මම නො සිතමි. වැරදිකරුවන් වන්නේ පුද්ගලයන්ට වඩා එදා පැවති සමාජ ක්‍රමයයි. එහි විශාල පංගුවක් එදා සිටි ජනාධිපතිවරයාට හා රජයට  පැටවේ. 

එහෙත්, මෙම පරීක්ෂණය අවශ්‍ය වන්නේ සත්‍යයට පිළිගැනීමක් ඇති කිරීම සඳහා ය. එය සංකේතාත්මකව වැදගත් ය. මන්ද, නඩු විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ තරුණ පරම්පරාවක් වෙනුවෙන් යුක්තිය ඉට කිරීමට එය යන්තමින් හෝ ඉවහල් වනු ඇත.

එසේම, රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළු සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් පිටු දැකීමට සඳහා එය අත්‍යවශ්‍ය ය.

සදා සමරමු සොහොයුරෝ යයි මැතිරීමෙන් සොයුරන් සැමරෙන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. kotiyama kapan. eegawa para mama eka

      Delete
  2. /විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කළ යුතු ය/

    එතකොට ජෙප්පො මරපු අහිංසක මිනිස්සු ගැන පරීක්ෂණ ඕන නැද්ද? ජාතික සේවක සංගමේ ලේකම් වෙලා හිටපු නිසා මරපු පෙරේරා මහත්තයා, එතකොට චන්ද පොලක රස්සාවට ගියා කියල මරපු රජයේ සේවක මහත්තයා, සිල්ලර කඩයක් දැම්මා කියල මරපු මුදලාලි මහත්තයා

    ඒ උදවිය ගැන පරීක්ෂණ ඉල්ලන්න කාටවත් අමතක වෙන්නේ ඇයි?


    ඒක නෙවයි පැරෝ, සමහර ආණ්ඩුවෙන් අල්ලං ගිය සමහර කොල්ලන්ව බල්ලෝ වගේ මරල දාන්නත් අජිත් පැරකුම් වගේ සමහර සහෝදරයෝ ධර්මචක්‍රේ දාලා ෆුල් ඕවර්හෝල් කරලා එලියට දාන්නත් විජිත හේරත්ලා, සෝමවංශලා වගේ සහෝදරයෝ කිසිම අතුරු ආන්තරාවක් නැතුව බේරෙන්නත් හේතුව මොකක්ද?

    ReplyDelete
  3. ඉතිරි වී සිටින බොහෝ ජවිපෙ හිටපු සාමාජිකයෝ එළියට එන්නේ දීර්ඝ කාලයක් රැඳවුම් කඳවුරුගතව ඉඳලා, අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ හා ‘පුනරුත්ථාපනය‘ කියා දෙයක් වෙලා. ඒවා කළේ ඒ කාලේ තිබුුණු ආණ්ඩු. ‘පරීක්ෂණ‘ පැවැත්වුවා. නිකම් නෙමෙයි, අමානුෂික වධ බන්ධන පමුණුවමින්. සැකකරුවන් බොහෝ දෙනෙක් මැරුණේ ‘පරීක්ෂණවලදි‘ තමයි. නඩු දාන්න බැරි වුණේ ‘පරීක්ෂණ‘වලින් ම නිරීක්ෂණය හා නිගමනයත් ඉවර කරපු නිසායි. අපි කියන්නේ ඒ පරීක්ෂණය ම වැරදියි කියලා.

    ජවිපෙ වැරදි තිබුණා. ආණ්ඩුවත් වැරදියි. වැරදි දෙකක් එකතු වුණා ම නිවැරදි වෙන්නේ නැහැ.

    ජවිපෙට විරුද්ධ පරීක්ෂණ කතාව දැන් අදාළ නැහැ. ඒවා කරලා ඉවරයි. අපි කියන්නේ ජවිපෙට එරෙහිව කළ යුද අපරාධ ගැන පරීක්ෂණ සිදු විය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. /අපි කියන්නේ ජවිපෙට එරෙහිව කළ යුද අපරාධ ගැන පරීක්ෂණ සිදු විය යුතු බවයි./

      උඹල එහෙම කිව්වට අපි කියන්නේ මෙහෙමයි.

      ආණ්ඩුව කරා වගේම පරීක්ෂණ ජවිපෙත් කරලනේ "ද්‍රෝහියෝ" මරලා දැම්මේ.

      ඉතිං එක්කෝ එක පරීක්ෂණයක් වත් නැතුව ඉන්න ඕන. නැත්නම් ඔක්කොම ගැන පරීක්ෂණ තියන්න ඕන. අර අපිට සුද්දෝ ජිනීවා වලදී කියන්නේ දෙපැත්තේම වැරදි හොයන්න ඕන කියල ඒ වගේ.

      Delete
    2. ඔබට අවශ්‍ය නම් කර ගන්න. මා කීවේ එදා ඒවා කළ බවයි.

      Delete
    3. හා. කර ගන්නම්.

      ආණ්ඩුව මරපුවා ගැන පරීක්ෂණ විතරක් කරාම ඇතිද? ආණ්ඩුවේ හිටපු උඹේ යාළුවො නෑදෑයෝ කරපුව ටිකත් කියපන් එතකොට ඒ ටිකත් අත ඇරලා කරන්න පුළුවන් නේ. ජෙප්පෝ උනත් උඹට වැඩිය දිරවන්නේ නැති එවුන් කරපු ටිකත් හොයමු.

      එහෙම හොඳයි නේද?

      Delete
    4. AnonymousNovember 13, 2014 at 4:04 PM
      මොනවද බන් උඹ කියන්නෙ ඇනෝ කියන දෙයක් තේරෙන්න කියහන්කො, ජෙප්පන්ට පරීක්සොන කොරල ඉවරනෙ බන්, ඒ කාලෙ හිටපු ආණ්ඩුවටනෙ දැන් පරීක්සොනය්ක් ඕන. ඇයි එහෙම ඕන නෑ කියල ඔයා කියන්නෙ?

      Delete
    5. ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණයක් අනිවාර්යෙන් ඕන. ඒ වගේම ජෙප්පන්ට විරුද්ධවත් පරීක්ෂණයක් ඕන. ජෙප්පන්ට කරපු පරීක්ෂණයක් නෑනේ බං. ඔය තීරණ ගත්තු සෝමවංශ ඉන්නේ හොඳට. අඩු ගානේ සාක්කියක් දෙන්න උසාවියකටවත් ගියාද?

      පැරා කියන්නේ ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණයක් කරන්න. ජෙප්පන්ට එපා කියලා.

      Delete
    6. ලෝකයේ කිසිම රටක ගැටුමකින් පසුව අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වලා තීරණ අරගෙන දඬුවම් දීලා නැහැ. අයිෂ්මාන්ලාට දඬුවම් දුන්නේ පීඩාවට ලක්වූ යුදෙව්වෝ. ඒක අපක්ෂපාතී පරීක්ෂණයක් නෙවෙයි. ප්‍රායෝගිකව 'අපක්ෂපාතී පරීක්ෂණ' කරන්න බැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් ගැටුමට මැදි වූ පාර්ශ්ව දෙකටම ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ හැසිරෙන්න අවශ්‍ය ඉඩ ලබා දීම පම්ණයි. ඒක ජවිපෙ සම්බන්ධව සිදු වුණා කියලා හිතනවා. නමුත් කොටි සංවිධානය සම්බන්ධව වුණේ නැහැ.

      Delete
  4. කාලීන වශයෙන් වටින යෝජනාවක් පැරකුම් සහෝ....

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. වෙරි ඉම්පෝර්ටන්ට් සජේෂන්. බට් මේක් ෂුවර් ටු ඉන්වෙස්ටිගේට් අදර් පාටීස් ක්‍රයිම්ස් ඔන්ලි. ඕ යේස්.

      Delete
  5. අමු මිරිස් කන්න අපිට කතා කල රනා අයියා ආගිය අතක් නැත. දිනිති අක්කිත් නැත. මංජුල අයියාත් නැත. චමීර මාමාත් නැත. නලින් සීයාත් නැත. අපේ සල්ලිත් නැත. පුකත් නැත. දැවිල්ල පමණක් ඉතිරිය.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා එක්ක දීව්‍ය ලෝකේ එක්කං යන්න හදන කට්ටිය එක්ක ගියාමත් කියන්න වෙන්නේ ඕක තමයි.

      ඒක නෙවෙයි. මහින්ද මාමා ගණන් අඩු කරපු එකේ ලීස් එකක් දාලා ගමුද ඇල්ටෝ එකක්. ඉස්සර ණය වෙලා මරුටියකින් කරන වැඩේම කරන ඇල්ටෝ එකක් ගන්න එක සමාජවාදයට විරුද්ධ උනාට දැන් එහෙම නෑ. හැබැයි තාම හයිබ්‍රිඩ් එකක් ගන්න එක ධනවාදීන්ගේ දුෂ්ට වැඩක්.

      Delete
  6. ඉන්ෂා අල්ලාහ්. යේක ෂරි නානා යේක ෂරි. අපිලගේ බොෂ් ලාඩන් නානා මරපු එවුං හොයලා එවපු ඔබාමාත් එක්කම අල්ලලා එට දෙක ඔක්කොම ලාච්චුවට දාලා මුලින්ම කපලා දාලා දඬුවම් ඔක්කොම කරාණ්ඩ ඕන. අපි ඔය පොඩි ටවර් දෙකකට ගහපුවා හොයන්ඩ ඕන නෑනේ.නානා ෂරි. ඉන්ෂා අල්ලාහ්.

    ReplyDelete
  7. පැරා ඊගාව පොස්ට් එක ලියමු රට ගිහින් ඉන්න ද්‍රෝහීන් ගැන. කකාට ගහමු දුවන්න.

    මාරයා වගේ හාල් කෑලි වලට ගහල වැඩක් නෑ. ඌට හම්බ කරගන්න දුන්නෙත් නෑ නක්ෂත්රේ බොරු කියල පෝස්ට් දාලා.

    මේ ඇත්තටම උඹේ ළමයින්ට කේන්දර හදල නැද්ද බං. උඹේ වයිපරෙත් ඕවා විශ්වාස කරන්නේ නැද්ද? ඇත්ත කියපං. ගෑනි ළමයින්ගේ කේන්දර හදල නේද තියෙන්නේ? උඹට පිස්සු කියල බැන බැන කේන්දරේ බලව ගන්න යනවා නේද?

    ReplyDelete
  8. wijeweera gathanaya gena hoyanawanam,Eda Rendawum kandawuru wala indala berunu,Minimaranna anadeepu,Minimaruwo.Thamange asalwesiya gena irisiyawen.wairayen Jvp sannadda ansayata boruthorathuru deepu jvp karayo,wagema gamwala adatath wyaparikayan wage jeewath wena ewun (SINHALA PRADESIYA KP la)genath hoyanna wenawa.ekai maha Jeppo katawahan inne.

    ReplyDelete
  9. සැමරුම කෙසේ වෙතත් අදත් රෝහණ විජේවීරව මරාගෙන කනවා. ඒ මනුස්සයගේ දරු පවුල ගැන වචනයක් නෑ.. කිසිම සැමරුමකටත් නෑ.. ඒක ජේ වී පී එකට පණ පුදන්න ඉන්න සැමටම පාඩමක්.. මේ ළඟදි ලාල් කාන්තත් කිව්වා එයාගේ නෝනා කිව්වලු දැන්වත් මොනවා හරි කරන්න බලන්න කියලා.. ඒ කියන්නේ එයාලා මේ තාක් මක්කත් කරලා නෑ.. රටටත්.. පවුලටත්..

    රෝහණ විජේවීර මරපු ක්‍රමයත් ප්‍රභාකරන් මරපු ක්‍රමයත් දෙකම කිසි සේත්ම අනුමත කරන්න බෑ.. එවා යුද්ධ නීතීත් නෙමෙයි.. අමානුෂික ක්‍රියා.. මම හිතන්නේ නෑ කවදාවත් මේ ගැන සාධාරණ පරීක්ෂන තියයි කියලා.. හේතුව ඔවුන් දෙදෙනාත් කළේ අති අමානුෂික ක්‍රියා නිසා.. අපි තරුණ පරපුර හා ආන්ඩු දැණුම්වත් කළ යුත්තේ නැවත කෙදිනක වත් මෙවන් අමානුෂික ක්‍රියාවන් වලට නැවත් පෙළඹිම වැලැක්වීමටයි..

    ReplyDelete
    Replies
    1. මාතේ, උඹත් 2013 දී කේන්දර බැලුවනේද රු. 700ට? ඔච්චරද උඹට කියන්න තියෙන්නෙ? කෝ උඹේ මමාගෙ පම්පෝරිය?

      Delete
  10. //ඒ මනුස්සයගේ දරු පවුල ගැන වචනයක් නෑ.. කිසිම සැමරුමකටත් නෑ..//

    මේකට හේතුව මම දන්න තරමට චිත්‍රාංගනී සහ ජවිපෙ අතර තියෙන එකඟතාවයක්. චිත්‍රාංගනී කැමති නෑ දරුවො සහ උන්දැ ජවිපෙ දේශපාලනයට ගාව ගන්නවට ( විජේවීරගෙ දරුවො ජේවීපී නොකිරීමයි ජවිපෙ පවුල් දේශපාලනය පිටු දැකීමයි එකක් නෙමෙයි හැබැයි :D ).

    විජේවීරගෙ ලොකු දූ බැන්දෙ ගෝල්ෆේස් එකේ වෙඩින් පාටිය අරගෙන. ඒකට එන්න කියල තිබ්බෙත් සෝමෙයි තව එකෙක් දෙන්නෙකුයි විතරයි පක්ෂෙන්ම.

    ReplyDelete
  11. විජේවීරයි දැන් දියවන්නාවේ ඉන්න උනුයි අතැර කිසිම වෙනසක් නෑ. වෙනසක් උනේ විජේවීරට හම්බ කරන්න අවස්තාවක් නොලබීම පමණයි.

    ඔහු දේශපාලනයට ආවෙත් ඔහුට කෙල උන නිසා, හරි වැරදි කෙසේ වෙතත් පක්ෂයේ රීති වෙනස් කර ඔහු හිතවතෙකුගේ (ශාන්ත?) සහෝදරියට ලව් කරන්න. එතනින් පක්ෂේ මුල් බෙදීමක් උනා.

    71 කැරැල්ල නැතිව ඔහුට චන්දෙන් එන්න පුළුවන් කම තිබ්බා (89 නෙවෙයි ), නමුත් ඔහුට ඕනේ උනේ කියුබන් පන්නේ කැරැල්ලක්. 71 අවාසනාවන්ත ලෙස කලින් දවසේ පටන් ගත්ත එකෙන් ආණ්ඩුව සුදානම් විඉමෙන් කැරැල්ල අසාර්ථක වෙන බව දැන දැනත් ඔහු එය නැවැත්තුවේ නැ.

    තනිකර අසාර්ථක Plan B එකක් තිබ්බේ 71 දී, අඩුම ගානේ ලංකාවේ වනාන්තර කියන්නේ කොහොම ඒවාද කියල හිතුවනම්.

    විජේවීරගේ උද්දච්ච කම හා හිනමානයේ අවසානයේ උනේ බිම්මට්ටමේ හිටපු අවන්කවම විප්ලවයට (රැවටුන) කැපුවුණ තරුණ පරම්පරාවක්, ගමනායක වගේ දක්ශයො ටිකක් බිලි දුන්න එක විතරයි.

    හැබැයි අන්තිමේ අවුරුදු 20 ට පස්සේ එක දෙයක් ඔප්පු උනා, දැන් ජෙප්පෝ, විමල්ල, විජේසේකරලා විතරක් නෙවේ අනිත් උනුත් දිහා බැලුවම, 89 ඉතුරු උනේ රොඩු විතරයි කියල.

    -ප.ගො.



    ReplyDelete
  12. අනේ ගෝනෝ මැරිච්ච උන්මැරුණ මැරෙන්න යන අද්ධ්‍යපනය සෞඛ්‍යය දේවල් මිසක් මිනී විකුනන ඵක නේමේ විමූක්තිය කියන්නෙ හෑබැයි උඹල වගේ සත පහකට වැඩක් නැති බොරු සුද්ධෝදනල මරල දානඑකට ජෙ ප් පො අකමැති උනත් මම හරිම අ ආසයි

    ReplyDelete
  13. Para,
    Please write an article about Nishantha Ranatunga, the asshole who ruined SL Cricket.

    ReplyDelete
  14. විජේවීර මරා දැමීම ගැන අතිශය වැදගත් සාක්ෂි රැසක් ඔහු සතුව තිබේ. ගොල්ෆ් පිටියේදී මරා දමනු ලැබූ විජේවීරගේ මළ සිරුර කනත්තේ ආදාහනාගාරයේදී පණ පිටින් පුළුස්සා දැමූ අයුර ද ඔහු නිරීක්ෂණය කළේ ය.

    golf ground eke meruwanam....kanaththe pana pitin pulussanne kohomada..... fm karayonam kamak ne para lath wachana tibbata gemmata liyanawane

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා