නගෝ නගෝ! මේ සුන්දර ගීය ඔබටයි



අන්තර්ජාලය හරහා ලොව පුරා ජනප්‍රිය වූ මෙම වීඩියෝවට ලංකාවේ බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ සමග වැඩි දෙනෙක් කීවේ මේ ගීතයේ කියා ගන්න බැරි අමුතු සුන්දරත්වයක් තිබෙන බවයි. මම හිතන්නේ ඒ සුන්දරත්වය නිර්මානය වන්නේ ගායිකාවගේ රූ සපුව, ඇගේ ඉදිරිපත් කිරීම, සංදර්ශනයේ පසුබිම, මල් පිරිනැමීම, වළාකුළු පිරි අහස ආදී සියල්ල එකතු වීමෙන්.

එමගින් මැවෙන සුන්දරත්වය තුළ කිසියම් ගුප්ත, දුක්මුසු බවක් ගැබ් වී තිබෙනවා.

මේ ගීය ගයන්නේ තජිකිස්තාන් ජාතික ජනප්‍රිය ගායිකා නොසියා කරමටුල්ලෝයි (Noziyai Karamatullo). මේ ගීයේ තිබෙන භාෂාව තජික් භාෂාවයි. ගීයේ තේරුම සොයා ගන්න අප දැරූ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

නොසියා කරමටුල්ලෝගේ පියා කරමටුල්ලෝ කුර්බොනුව් ද තජිකිස්තානයේ සිටි ජනප්‍රිය ගායකයෙක් හා සංගීතඥයෙක්. 1992 ඔක්තෝබර් 17සා ඔහුගේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් ගණනාවක් සමග ඔහුව ද ඝාතනය කරනු ලැබුවා. එය සිදු වුණේ සෝවියටි සංගමයෙන් නිදහස ලැබූ තජිකිස්තානයේ 1992 සිට 1997 දක්ව පැවති සිවිල් යුද්ධය අතරතුරයි මේ ඝාතනය සිදු වුණේ.

මේ ඔහු ගැයූ ගීයක්.



තජිකිස්තානය කියන්නේ මධ්‍යම ආසියවේ පිහිටි උතුරින් කිර්ගිස්තානයටත්, නැගෙනහිරින් චීනයටත්, දකුණින් ඇෆ්ගනිස්තානයටත්, බටහිරින් උස්බෙකිස්තානයටත් මායිම් වූ කඳුකර රටක්.

නොසියාගේ ගී රැසක් අන්තර්ජාලයේ තිබෙනවා. ඇය ඉහත කී ගීය ගැයූ සංදර්ශනයේ ඇගේ ඉදිරිපත් කිරීම් සියල්ල පහත ඇති වීඩියෝවෙන් බලන්න පුළුවන්.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ADA Den thamai me geeya ahewweth,Namuth mokakdo huru purudu sameepa bawak denenawa,Bashawa wagema sangeethayath,indiyanu-hindi,wanga basawal walata Asannai wage neda? Ashawen ahanna Balanna puluwani,Sthuthi para (Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. අනේ බං පැරෝ,

      ඔය නංගිටත් පඩ,චූ, කක්කා යනවා. එව්වත් ඔය පැරාලට අපිට යන එව්වා වගේ ගදයි තමයි. නංගිගේ කක්කා මාර්ගයේත් කිරිපනුවෝ එහෙම ජිවත් වෙනවා. අර පැරා වීරවිල කඳවුරේ ඉන්න කාලේ පස්ස පැත්තෙන් සුදු පාටට කිරි පනුවෝ ආවේ. ඒ වගේ තමයි මෙයාගෙත්.

      කාල් මාක්ස්

      Delete
    2. ආයි එන්නේ නෑ කිව්වා නේද ආයිබෝවං?

      Delete
    3. # AnonymousNovember 12, 2014 at 5:53 PM

      මොකෝ මේ පැරා ඇනෝ ආවේ. ටැබ් එකෙන්ද ලොග් උනේ?

      දැන් ඉතිං පැරා කොමෙන්ට් මොඩරේට් කරන්නේ නැතිව කෙලින්ම පබ්ලිෂ් වෙන්න දාලානේ තියෙන්නේ. ආයේ පැරා කොමෙන්ට් මොඩරේට් කරොත් කොමෙන්ට් එතකොටත් කොමෙන්ට් දාන්නේ නෑ. වාරණයක් නැතිව අදහස් වලට ඉඩ දෙනවා නං කොමෙන්ට් දානවා.

      Delete
  2. ගීතයක් උනත් සුන්දර වෙන්නේ එහි ඇති සමීප බවට.. මේ ගීතය හැමෝටම සමීප අත්දැකීමක් වගේ.. සුන්දරයි.. විස්තරත් සමඟ බෙදා ගත්තට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. නගෝ නගෝ.... පැරා නම් සීතල කොටීයා
      නගෝ නගෝ ....සුදු මුහුනු දැක්කම එයාගෙ W3 මෙව්වා වෙනවා නගෝ..

      Delete
  3. මැයගේ ගීත හින්දි චිත්‍රපටවල එන ගීත වගේම තමා. වෙනසක් නෑ.

    ReplyDelete
  4. කලකට පෙර කවුදෝ බුකියේ ෂෙයා කර තිබී නැරඹුවා. පසුබිම නොදන්නා නිසා මට නම් වෙනසක් දැනුනේ නෑ.

    අර සෝමතිලක සිස්ටර්ස් ලා ගේ කවර් වර්ෂන්ස් නම් සිත් ඇද බැඳ ගන්නවා!

    ReplyDelete
  5. ඉතින් අපට පාන්ද?

    ReplyDelete
    Replies
    1. නැ තොට තනකොල

      Delete
    2. පැරාගේ ආහාරය පැරාටම තිබුණාවෙ.

      Delete
  6. මාත් මුනුපොතේ දැකල කලින් ඒ සින්දුව බැලුවා. ඒ ගායිකාවගේ සිත් ඇදගන්නා ස්වරූපය තමා මගේ නං සිත් ගත්තේ..

    ReplyDelete
  7. හා හා ... එතුමාට තුන් පාරක් පුලුහන් .. ඒක අමතක කරන්න වෙන වෙන ඒවා කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ජය වේවා මහරජාණෙනි,ජය වේවා! රටේ ජනතාව වහලුන් වෙන්නට ඉඩනොදී කොටින්ට සහ ජාත්‍යන්තරයට ගැතිකම් කළ බංකොලොත් දේශපාලුවන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්නට ඉඩනොදී බිය නොවී ජාත්‍යන්තරයෙන් ආ තර්ජන ගර්ජන වලට අබමල් රේණුවක තරම්වත් බිය නොවී, අපේ ත්‍රිවිධ හමුදාවටම කිසිදු බියකින් තොරව මිනීමරු කොටි ත්‍රස්ත්‍රවාදීන් සහමුලින්ම අතුගා දමන්නට නායකත්වය දුන් මහා සෙන්පතියනි, අප රටේ ජනගහණයෙන් 75% පමණ ජනතාව කළගුණ හොඳට දන්නා හොඳට මතක තිබෙන ජනතාවක්. ඔවුන් සියලුම දෙනා ඔබ සමඟයි

      Delete
    2. පැරායි මායි නම් දෙන්නෙ රනිල් වික්‍රමසිංහට. (ඔය මොකා පොදු අපේක්ෂයකා කිව්වත් අන්තිමට එන්නේ ඒකා තමයි.)

      Delete
  8. මේ විපක්ෂයේ එවුන්ට කියන්නෙ. උඹලා උඹලා අතර මොනවා කර ගත්තත් කමක් නැහැ අර රතනයයි චම්පියයි කියන තක්කඩි දෙන්නා දෙන ලනු නම් ගිලින්න එපා. කට්ටියක් දැනටම ගිලලා වගේ පේන නිසයි කියන්නේ. ඔය දෙන්නා අම්බ කපටියෝ. ඔය කෑගහලා කෑගහලා ආයේ මහින්ද මාමාගේ කකුලේ ඇතිල්ලෙන්න යයිද තාම ෂුවර් නැහැ. ඔය නරි දෙන්නාව අයින් කරලා ඕනැ දෙයක් කර ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන් බවට පත්වීමට ගත වන්නේ තත්පරයකටත් අඩු කාලයක්.

      Delete
  9. පැරාගේ මේ පෝස්ට් එක නම් චන්ද්‍රිකා ජනාධිපතිවරණයට එනවට බයේ, පාඨකයන්ගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා කරපු උප්පරවැට්ටියක්.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා එනවට පැරා බය වෙන්නේ ඇයි?

      චන්ද්‍රිකා ආවා නෙවෙයි දිනුවා උනත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැත. රාජපක්ෂ පවුල වෙනුවට මනෝ තිත්තවැල්ලලා හැරී ජයවර්ධනලා, නිහාල් කරුණාරත්නලා හම්බ කර ගනු ඇත.

      මෙම ඇමති මණ්ඩලය ලොකු වෙනසක් නොවනු ඇත.මංගල ඇමතියකු වෙනු ඇත.

      අපට සුපුරුදු අබ සරණ එසේම තිබෙනු ඇත.

      Delete
    2. දැන් චන්ද්‍රිකා ඇවිත් බලය බෙදුවොත් මොකද වෙන්නේ? අපිට යාපනේ යන්න වීසා ගන්න වෙයිද?

      Delete
    3. දෙමළාට යමක් දෙනවා කියන්නේ සිංහලයාගෙන් ඒක උදුරලා කියන එක වර්ගවාදීන්ගේ සුලබ රැවැටීමේ උපක්‍රමයක්. නමුත් දැන් රැවටෙන්න තරම් සිංහලයිනුත් මෝඩ නෑ.

      Delete
  10. හිට් වැඩිවේවා!

    ආයෙත් සැරයක් බ්ලොග් එක නග්ගල ගන්න මොඩරේෂන් අයින් කරලා තියෙන්නේ. සපෝට් එකක් දෙමු අපි පැරාට කකාව පරද්දන්න.

    ReplyDelete
  11. මේ සින්දු අපිට සුන්දරයි වගේ හැඟෙන්නෙ මධ්‍යදරණී සංගීතයට මුසුවු පෙරදිග හුරුවක් ඇතිනිසයි. සමහරවිට මේකත් ලස්සනයි කියල හිතෙයි. අහල බලන්න. http://www.youtube.com/watch?v=fQ-ujh8CJE4

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා