ඇනොනිමස් ආතල්

නූතන සමාජය අනන්‍යතාව ගැන දැඩි අවධානයක් යොමු කරන එකක්. හැමෝටම තමන් එක්තරා පොරක් ය කියා පවසන්නට අවශ්‍ය වී තිබෙනවා. මේක හරියට “ඒයි, මාත් ඉන්නවා, හරිද?" කියා කෑගහනවා වැනි තත්වයක්. 

මේ අතරතුර අන්තර්ජාලයේ හා විශේෂයෙන් ම සමාජ ජාලවල නිර්නාමිකව හා ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් යම් යම් ක්‍රියාකාරකම් කිරීමත් සිදු වෙනවා. මෙහෙම කරන අයත් වෙනත් අවකාශයන්හිදී තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටිනවා. 

මගේ පැරණි මිත්‍ර මාධ්‍යකරුවෙක් හිටියා. ඔහු තමන්ගේ නම යොදන්නේ කාල් මාක්ස් මට්ටමේ යයි තමන් හිතන ලිපිවල විතරයි. අනෙක් ලිපි හා නිර්මාන ආදියෙහි ඔහු ව්‍යාජ නම් රැසක් භාවිතා කළා. හැබැයි, ඔහු නිතරම ඒවා තමන්ගේ බව සිය සමීප කවයට පැවසුවා. ටොප් සීක්‍රට් පවා තමන්ගේ වාසියට හෙළිදරව් කළා. 

පසුගිය කාලයේ බ්ලොග්කරණයේ යෙදුණු එක් මාධ්‍යකරුවෙක් හිටි හැටියේ සිය සැබෑ අනන්‍යතාවට මාරු වෙලා මගෙන් ඇහුවා, ඒ බ්ලොගය කළේ තමන් බව මා දැන සිටියා ද කියා. මම නැහැ කිව්වාම ඔහුට ලොකු සතුටක් ඇති වුණා. 

සැඟවී සිට යම් යම් දේවල් කර පසුව ඒවා කළේ තමන් බව කියා සතුටු වන සෙල්ලමත්, මේ ක්‍රියාවත් අතර සමානකමක් තිබෙනවා. මෙයින් වැඩි දෙනෙක් ලබන්නේ පෞද්ගලික වින්දනයක්.

නිර්නාමිකව කටයුුතු කරන වැඩි දෙනෙක් ආරක්ෂාවට තර්ජනය වෙන දේශපාලනික කටයුතු කරන්නේ නැහැ. දේශපාලනික රහස් නම් රහස් ම තමයි. ඒවා හෙළිදරව් කළ යුතු නැහැ. ජීවිතේ වුණත් රහස් නම් රහස් ම තමයි.

නිර්නාමිකව කටයුතු කරන වැඩි දෙනෙක් අන්තර්ජාලයේදී හා සමාජ වෙබ් අඩවිවලදී කරන්නේ දේශපාලනික දේවල් නෙමෙයි. ඔවුන් කරන්නේ සිය වනචාරිත්වය මුදා හැරීමයි. නිදසුනක් ලෙස, ශිෂ්ට සමාජය ළමයින් සමග ලිංගික ක්‍රියා හෙළා දකිනවා. ඒත්, ෆේස්බුක්හි ඇතැමෙක් ව්‍යාජ නම්වලින් එවැනි දේ සම්බන්ධ තොරතුරු හුවමාරු කරගන්නවා. 

බ්ලොග්වල අදහස් පළ කරනකොට විරුද්ධවාදීන්ගේ අම්මලා පවා ඇදගෙන පට්ට කුණුහරුප ඇද බානවා. අනුන්ට පහත් නින්දිත අන්දමින් අපහාස කරනවා.

පසුගිය දිනවල ඇතැමෙක් අදහස් පළ කරද්දී ප්‍රතිවාදියාගේ අම්මා සමග සංසර්ගය කරන්නට කැමති විධිය පවා කියා තිබුණා. මේ පුද්ගලයන්ට තමන්ටත් අම්මලා ඉන්නවා. එහෙත්, තමන්ගේ අම්මා සමග එවැනි ක්‍රියා කරන්නට ඇති සහජ වනචාරී ආශාව ඔවුන් මෙවැනි අවකාශයන් හරහා පිට කරනවා. 

මෙවැනි සයිබර් වීරයෝ වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් අධික බියසුළු පෞරුෂයන් ඇති අය බව මා නිරීක්ෂණය කර තිබෙනවා. දමිත් කේතක මතක ද? ෆේස්බුක්හි දැවැන්ත කැරැලිකරුවකු වූ ඔහු ගැන ලිපියක් දෙකක් පළ වූ සැණින් ඔහු ආගිය අතක් සොයා ගන්නට නැති වුණා. 

මේ ලියන මම ප්‍රවර්ධනය කරන සමාජවාදී ජීවින විලාසය තුළ මම මේ නිර්නාමිකත්වයට එරෙහිය අරගලයක් කරනවා. ජනතාව ලෙස අපි නො බියව සමාජයට මුහුණ දිය යුතු බවයි මගේ ස්ථාවරය. අපේ අතින් සිදු වූ හා සිදු වන වැරදි ගැනත් අපි විවෘතව කතා කළ යුතුයි. දේශපාලනය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි සරළ දෙයක් නො වන නිසා අප පෙනී සිටි ස්ථාවරයන් හැම විට ම නිවැරදියි කියන්න බැහැ. එහෙත්, අප ඒ දේ වෙනුවෙන් කැප වුණු අවංකකමයි වැදගත්. 

මරුවන් අප පසුපස හඹා එද්දීත්, තර්ජන ගර්ජන මැද්දේත් පසුගිය කාලය පුරා අපි නමින් ම පෙනී සිටියා. නිවැරදි යයි සිතන දේ වෙනුවෙන් නමින් පෙනී සිටීම අවශ්‍යයි. 

අපි බිය නැති කර ගත යුතුයි. අනෙක් පැත්තෙන් අශිෂ්ටත්වය පාලනය කර ගත යුතුයි. ඇනොනිමස්කම හෙවත් නිර්නාමිකත්වය අශිෂ්ටත්වය මුදා හැරීමේ මාධ්‍යයක් නො කර ගත යුතුයි. 

ලේඛකයෝ ඉස්සර ඉඳලා ම පෑන් නාමයන් භාවිතා කළා. එය අහිංසක දෙයක්. ඒත්, වත්මන් ඇනොනිමස් හා ව්‍යාජ හැඳුනුම් කියන්නේ එ්වාට වඩා අශිෂ්ට දෙයක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. දමිත් කේතක කියන්නේ ඇනොනිමසයෙක් නෙවෙයි නේද? ඒ පිටුපස පුද්ගලයෙක් හිටියා. ඒ ඔහුගේ නියම නම. ඔහු අනෙක් බ්ලොග්කරුවන් මුණ ගසුණා. එකට පින්තූර ගත්තා. ඉතින් මෙහිදී දමිත් කේතක උදාහරහරණයට ගැනීම හරිද?

    ReplyDelete
    Replies
    1. මොනවද දමිත් කේතක ගැන පලවුනාය කියන ඔය ලිපි?

      මං හිතුවේ ඔහු කසාදයක් බැඳගෙන බුකියෙන් අභිනික්මන් කෙරුවාය කියලයි!

      Delete
    2. මම හිතන්නේ හොඳම උදාහරනය සයිලන්ට් සහන්

      Delete
    3. කුණුහරුප වගේ ඒවා ඇනෝල විතරක්ද කියන්නේ?. අර මාතලන්ගේ බ්ලොගේ කෙන්ජි කියන එකා කුනුහරුපමයි කියන්නේ. හැදියාව තමයි.

      Delete
  2. Pera ge lipiya hariyata hari,samahara awasthawaladee Anannyathwaya sangawa gena katayuthu karanna siduwena,Namuth eya awasthawak karagena,Powdgalika madagesim,awalada,asabyakatha liweem.nokala uthui,Namuth Pera,Awasanawata,blog adawith,ada parlimenthuwa wage,weradi minissu ethulata ewilla,hari minissu eliye,Wanduranta Delipihi lebila.MAMA ME KIYANA DE,namin ho Aruda namin liyana blog karuwanta adala NOWE.(PaththaGodaya)

    ReplyDelete
  3. අඩෝ එලකිරි මචං!

    ReplyDelete
  4. මීට කලිනුත් පැරා මෙහෙම ලිපියක් ලිව්ව නේද? මටනං මේ ලිපියෙන් පැරා ඔය "අල"යන්ගෙ අවශ්‍යතාව වෙච්චි "බයිට්" වීමට උඩ ගෙඩි දුන්න කියල විතරයි හිතුනෙ. ඔය වැඩ අල කරන අය්යල මේක තමයි බලාපොරොත්තුවෙන්නෙ; ස්වයංවින්දනයට පත්වෙන්න පැරාට වැදිල කියල.

    ඒවගේම ඔය පොරවල් අනුන්ගෙ මළගෙවල් තමන්ගෙ කරගෙන අඬන්න හරි දස්සයි. තව, රත්වෙලා තීන ලී හොයල ගිහින් ගිණි තියන්න, අනුන්ගෙ කූඩු වලට ගල් ගහල ආතල් ගන්න වගේ මෙකී නොකී සමාජයෙ අපි දකින හැම නුහුගුණයක්ම අඩු නැතුව තියෙනව, ඇනෝ සංකල්පයට මුවා වෙලා.

    ඒ හින්ද වඩා සුදුසු, මේ වගේ විකාර ලෙඩ්ඩු ගැන නොසලකල, ඒ කමෙන්ට් දුටු ගමන් කපල අයින් කරල තමන්ගෙ ගමණ යන එක.

    පැරා අහල තියෙනවනෙ "වින්සන්ට් චර්චිල් කිව්ව" You will never reach your destination if you stop and throw stones at every dog that barks කතාව.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ තමයි පැරා කියවන්නම ඕන කමෙන්ට් එක,
      ඉන්දික සමග සම්පූර්ණයෙන්ම එකඟයි .

      ඔය චර්චිල් කියපු එකෙක් සිංහල කතාව දන්නවද ඉන්දික ..

      " ගාඩ් ගල් වැඩිවෙන තරමට බල්ලට කොළඹ යන්න පරක්කු වෙනවලු"

      Delete
    2. ඉවාන්,

      ඇත්තටම සිංහල වර්ෂන් එක අමතක වෙලා තිබ්බෙ ;-)

      ඕක අහල තියෙන්නෙ "බෝක්කු වැඩිවෙනකොට බල්ලට කොළඹ යන්න රෑ වෙනවලු" කියල. මොකද්ද "ගාඩ් ගල්" කිව්වෙ?

      Delete
    3. ඔෙබ් ෙකාෙමන්ට්ස් සැමදා අනර්ගයි....................

      Delete
    4. @ඉන්දික, ගාඩ් ගල් කියන්නෙ මහ පාරෙ බෝක්කු වලට දාල තියන අර අඩියක් විතර උස සුදු පාට ගාපු ගල්. ඒකෙ යට කළුපාට පටියක් තියනවා. බෝක්කුවේ නොම්බරේ ගලේ ලියල තියනවා. බෝක්කුවේ නොම්මරේ කියන්නෙ කීවෙනි කිලෝ මීටරේ කී වෙනි බෝක්කුවද කියන එක. උදාහරණයක් වශයෙන් 45/2 කියන්නෙ 45වැනි කිලෝ මීටරේ දෙවෙනියට හම්බ වෙන බෝක්කුව කියන එකයි.

      Delete
    5. ට්‍රැ, ස්තූතියි පැහැදිලි කිරීමට!

      ( බලං ගියාම එක කතාව ඉවානුයි මායි දෙවිදියකට කියල තීන්නෙ :D )

      Delete
    6. වෙන්නේ හැම බල්ලම ඕවට කකුල උස්සන්න නවතින නිසා ගමන ප්‍රමාද වෙන එකයි.

      Delete
  5. ඇනෝනිමස් ආතල් ලිවූ කතන්දර කාරයා තම කාර්‍යය හෙලිදරව් වීගෙන එන විටම එය යාවත්කාලීන කිරීම නවත්වා දැමුවා.සැමදා බොරුව කරන්නට බැහැ.

    ReplyDelete
    Replies
    1. පව් නේද?

      අනේ මෙහෙමත් මෝඩ ඇනෝවෙක්!

      Delete
    2. හැමදාම තමුසෙට ඇනෝ කෙනෙක් චෝදනා කළොත් තමුසෙට තියෙන්නෙ ඔය වචන ටික විතරය්.

      //අනේ මෙහෙමත් මෝඩ ඇනෝවෙක්!//

      ලැජ්ජා නැද්ද ඕයි මොකක් හරි අලුත් දෙයක් කියනවකො

      Delete
    3. ඇනෝනිමස් ආතල් බ්ලොගය ලිව්වේ මා ය කියන එකම මෝඩ කතාව හැමදාම කියනකොට එකම උත්තරේ තම්යි ලැබෙන්නේත්.

      Delete
  6. ගෙඩි තියෙන ගහටනේ පැරා වවුල්ලු වහන්නේ.

    ReplyDelete
    Replies
    1. වවුල්ලු වහන ගස් වලමනේ පැරා ගෙඩි හැදෙන්නේ.

      Delete
    2. සමහර අය හිතන්නෙ එහෙම තමයි.

      Delete
  7. සයිබරේ ඇනෝනිමස් දේශපාලනයට තිත. පත්තරේ ඇනෝනිමස් දේශපාලනයට තිත නැ
    ටැන්කියු , ටැන්කියු !

    ReplyDelete
  8. දින කීපයකට කලින් පට්ට කුණුහරප ටිකක් වැටිලා තිබ්බ. පාරාට පොඩ්ඩක් මල පනින එක සාධාරණයි. මගේත් අදහස නං ඇනොනිමස්කම හෙවත් නිර්නාමිකත්වය පැවතිය යුතුයි නමුත් එය අශිෂ්ටත්වය මුදා හැරීමේ මාධ්‍යයක් නො කර ගත යුතුයි. නමුත් ....

    ශිෂ්ටාචාරි රටක වාහන දෙකක් හැප්පුනොත් , රියදුරෝ දෙන්න එලියට බැහැල එකිනෙකාගේ සුවදුක් අහල , තමන්ගේ අනන්‍යතාවයන් හුවමාරු කරගෙන තමන්ගේ ගමන යනවා. එත් සිරිලංකාවේ ?
    තොගේ අම්මට හු**** කොහේ බලාගෙනද කැ* බ* එළවන්නේ කියාගෙන තමයි දෙන්නම වාහන වලින් එලියට බහින්නේ. අශිෂ්ටාචාර නැහැදිච්ච ජඩ කම අපේ සිරිලාංකේය ජානවලම තියෙන දෙයක්. ඒක තමයි මම හැමදාමත් කියන්නේ. නැති සභ්‍යත්වයක් කුමට පෙන්නන්න හදනවද ? වල් යක්කු අතර ඉඳගෙන වල් යක්කුන්ට ලියනවා නං , වල් යක් ප්‍රතිචාරත් උපේක්ෂාවෙන් බාරගන්න.

    අනිත් කාරණේ තමන්ගේ නමින් ලාංකිකයෝ ඉදිරිපත් වෙන්න අකමැති මොකද කියන කාරණය. ලංකාවේ බොහොම දෙනෙකුට විවේචනය , උපහාසය , විහිළුව මහත්මා විදියට බාර ගන්න බැහැ. පසනල් ගන්නවා. ඊට පස්සේ කවදාවත් නොනැසෙන විදියට වයිරය හිත යට තියාගෙන කල්ලි ගැහිලා තමන්ට හැකි විදියට පුළුවන් තැනදී තමන්ගේ වයිරය මුදාහරිනවා. හිතන්නේ අනිත් මිනිස්සුත් තමන් වගේ හිත යටිං පැසව පැසව ඉන්න පිරිසක් කියල. ඒක නිසා මේ මානසිකත්වය දන්නා කෙනෙක් තමන් නමින් ලාංකික පිරිසක් අතර තමන්ගේ අදහස් කියන්න කැමැත්තක් නැහැ . ඔනස්ට් වෙන්න ගිහිල්ල නිකං මිනිස්සු තරහ කරගන්නේ මොටද ?

    ReplyDelete
    Replies
    1. සියයට සියයක්ම එකඟවිය හැකි ප්‍රතිචාරයක්. විශේෂයෙන්ම වාහන අනතුරකදී හැසිරෙන ආකාරයනම් අප හැමදෙනාම ආදර්ශයට ගතයුතු ක්‍රියාවළියක්. එහෙත් කවදා අපි එවැනි සමාජයක් දකිමුද?

      Delete
    2. ඔය කියන රටවල වාහන දෙකක් අනතුරකට ලක් වන්නේ යම් කිසි අතපසුවීමකින්. ඒ නිසා ඒ වගේ වෙලාවක ශිෂ්ට විදිහට ගනුදෙනුව බේරගන්න පුළුවනි. ඒත් අපේ රටේ බොහෝ වෙලාවට අනතුරු සිදුවන්නේ හිතුවක්කාර ලෙස අනිත් එකාගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් වාහන පදවන නිසා. උදාහරණයක් ලෙස මං සන්ධියකදි මෙවුන් හදන්නෙ අනිත් එක්කෙනාට ඉස්සෙල්ල හන්දිය පහු කරන්න. මේකෙ ප්‍රතිපලය එක්කො වාහන දෙක එකට හැපෙනවා, එහෙම නැත්නම්, කවුරු ඉස්සෙල්ල දායිද කියන සැකය උඩ නවත්තගෙන ඉඳල අනවශ්‍ය විදිහට ප්‍රමාද වෙනවා.

      Delete
    3. මල්ලි ඔය පසනල් ගන්නවා කිව්වම මමත් දවසක් තිස්සේ හාඩ්වෙයා කඩවල බැලුවා පසනල් තියනවද කියලා ඔහේ නෑ

      Delete
    4. මසොපි අහලා නෑ වගේ roade rage ගැන.

      Delete
  9. This is very good article,I agree with Ajith Parakum, most of the time comment reading is frustration rather than a joy because of language of some anonymous comments. Ajith is exactly correct ,people with some personality disorders are more prone to hide seek games

    ReplyDelete
  10. බ්ලොග් ලෝකයේ ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ප්‍රධාන වශයෙන් වරග දෙකකි.

    1. ගුඩ් ඇනෝලා
    2. නෝටි ඇනෝලා

    මේ නෝටි ඇනෝලා තවදුරටත් මෙලෙස වර්ගීකරණය කළ හැක.

    2.1. මෝඩ ආතල් ඇනෝලා
    2.2. මන්ද බුද්ධික ඇනෝලා
    2.3. මානසික රෝගී ඇනෝලා

    මෙන්න ඒ ගැන උදාහරණ සහිත විස්තරයක්:
    http://kathandara.blogspot.com/2012/12/sub-categories-of-naughty-anonymous.html

    .

    ReplyDelete
    Replies
    1. MANDA BUDDIKA BOGALATH HITIYA, NOW THEY HAVE STOPPED WRITING.

      Delete
  11. මගේ මතය නම් ඇනොනිමස්ලට ඉඩ තියන්න ඕන. කොමෙන්ට්ස් විතරක් නෙමෙයි. ඊ මේල් පවා එනවා ඇනොනිමස්. නමුත් ඒ වැදගත් මිනිස්සු. ඔය චරිත ඝාතන කරන් උන් නම් මානසික ලෙඩ්ඩු. මගේ අළුත්ම පෝස්ට් එකේ මම උන්ට ඉඩ තියලා තියෙන්නේ. මොකෝ උන් ලෙඩ්ඩු කියලා පෙන්වන්න ඕන නිසා. පිස්සො අපිට ගල් ගැහුවට අපි පිස්සන්ට ගල් ගහන්නේ නෑ නේ පැරා. වැදගත් මිනිස්සු එහෙමයි.

    ඒත් පිස්සු පාට් දාන, වැදගත් මහත්වරු චෙකප් වලදී අතේ මාට්ටූ උනාම නම්, එයාලඟේ ගරු රඟපෙම අවසාන වෙනවා. කීප දෙනෙක් දැනට එහෙම ච්කප් වලදි හම්බ උනා. දැන් අළුත් එකෙක් ඉන්නවා. එයාගෙත් ගරි රඟපෑම් අද හෙට අවසාන වෙයි..

    න්/ත්නම් හොඳම දේ ටික කලක් යනකන් මේ මානසික ලෙඩ්ඩුන්ට එන්න නොදි. දේවාල වහලා දාන එක.. පිස්සෝ දේවාල වලට ගන්නේ නෑ නේ. එහෙම කලාම නිකංම ලෙඩේ සනීපයි. අපි එහෙම වැට බඳපු පිස්සෝ පැරා දේවාලේ දාගෙන කවාඩි නැටුව. දැන් උන්ගෙන් පැරාටත් කරදරේ.

    හැබයි පිස්සු සනීප වෙන බෙහෙත් මගේ ගාව නම් තියෙනවා. පිස්සු බලු රෝගයට බෙහෙත් තියෙනවා නේ පැරා. ඒත් පොන්න කම නැති කිරීමේ බෙහෙත් නම් තවම හොයා ගෙන නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් මාතලන් පැරා එක්ක යාලු වෙලාද? මාතලන් මේකේ ඇවිත් ඇනෝ ගහනවා කියල නේද මුලින්ම කේස් එක ඇදුනේ? පැරා මඩපුවක්ලා තට්ටමාලා එහෙම බැස්සුවේ ඒ වෙලාවේ නේද?

      Delete
    2. yes as if u are the mother of all bloggers, as lord Buddha says u should never under estimate or over estimate ur self,, u are definitely a one who thinks the latter, any one who goes thru ur blog and see the utter filth u have used on certain individuals. that shows ur immaturity ,education and class , u see that u enjoy bein a clown

      Delete
  12. මා පැරාද ප්‍රශ්න කරමින් පළ කල කමෙන්ට් එකක් පැරා කපා දමා ඇත. එය පළ නොකිරීමට පැරාට ඇති අයිතිය පිළි ගනිමි. එහෙත් එය පළ නොකිරීම නිසා පැරා තමන්ගේ විරුද්ධ අදහස් වලට බ්ලොග් එකේ ඉඩ දෙතැයි යන මිත්‍යාව සුන් වේ.

    ReplyDelete
  13. මහසොහොන් පිල්ලියOctober 20, 2014 at 1:58 AM කොමෙන්ටුව පිළිබඳව සෑහෙන්න එකඟ වෙන්න පුළුවන්.
    අශිෂ්ටත්වය සහ අසහනය සැබෑවටම ඇති සමාජයක ඒවා ගලා යා හැකි පහත්ම තැන් [ තමන්ට හානිය අඩුම තැන් ] වලින් ඒවා ගලා යාම සිදු වෙනවා. සයිබර් අවකාශයත් සිංහල කතා කරන උදවියට තවමත් එහෙම තැනක් බවයි මගේ කියැවීම.
    ශිෂ්ටත්වය ගොඩනැංවීමක්. එය එනිසාම සාපේක්ෂයි. යම් සමාජයකට සාපේක්ෂ අශිෂ්ටයා එම සමාජයෙන් ප්‍රතික්ෂේප වීමයි සරල ධර්මතාවය. ඉන් එහා දඬුවම් දෙන්නට අප කාටත් අයිතියක් නැහැ.

    ReplyDelete
  14. මහසොහොන් පිල්ලියOctober 20, 2014 at 1:58 AM කොමෙන්ටුව පිළිබඳව සෑහෙන්න එකඟ වෙන්න පුළුවන්.
    අශිෂ්ටත්වය සහ අසහනය සැබෑවටම ඇති සමාජයක ඒවා ගලා යා හැකි පහත්ම තැන් [ තමන්ට හානිය අඩුම තැන් ] වලින් ඒවා ගලා යාම සිදු වෙනවා. සයිබර් අවකාශයත් සිංහල කතා කරන උදවියට තවමත් එහෙම තැනක් බවයි මගේ කියැවීම.
    ශිෂ්ටත්වය ගොඩනැංවීමක්. එය එනිසාම සාපේක්ෂයි. යම් සමාජයකට සාපේක්ෂ අශිෂ්ටයා එම සමාජයෙන් ප්‍රතික්ෂේප වීමයි සරල ධර්මතාවය. ඉන් එහා දඬුවම් දෙන්නට අප කාටත් අයිතියක් නැහැ.

    ReplyDelete
  15. මචං පැරා, මමත් කාලයක් ඉදන් උඹේ බ්ලොග බලනවා... තව තව පොරවල්ගේ ඒවත් බලනවා.. හැබැයි ඇනෝ ඇවිල්ලා හරි කොමෙන්ට් කොටන්න හිතුනෙ උඹේ එකේ විතරයි. මොකද මුල් කාලේ අර කවද එකෙක් කොටලා තිබුනා.. කාටද නංගි කෙනෙකුට පනිවිඩයක්..සිරා බ්ලොග් එකක් ඒ වගේ කොමෙන්ට් එකකින් මාර ලස්සනක් මම දැක්කා..

    ReplyDelete
  16. ඔක්කොමත් හරි මේං මේක මට ටිකක් අවුල්...

    " මේ ලියන මම ප්‍රවර්ධනය කරන සමාජවාදී ජීවින විලාසය......."

    ධනේශ්වර සමාජ ක්‍රමයක් තුල සමාජවාදී ජීවන විලාසයක් ? මේකත් වයසට යනකොට ගන්න එක්තරා ස්වයං ආතල් එකක්ද..? සමාජය සමාජ වාදීකොරන්න බෑ ඒ නිසා මම තනියෙං හරි සමාජවාදී වෙනව වගේ...නැත්තං මගේ ජීවිත කාලේ තුල සමාජ වාදී ක්‍රොමයක් හදන්න බෑ ඒ නිසා මැරෙන්න කලින් මම තනියෙං හරි සමාජ වාදී විලාසෙන් ජීවත් වෙනවවගේ ෆැන්ටසියකින් හිතහදාගන්න ගත්ත උත්සාහයක්ද..? (ලෝක ධනේශ්වර ආර්තිකයක් ඇතුලෙ චීනෙ, කියුබාවෙ පරන සෝවියට් සංගමේ වගේ තනිරටේ සමාජවාදයක් / නිලධාර්වාදී ආන්ඩු හැදුවවගේ...)

    ReplyDelete
    Replies
    1. පෝර්ටර් , හිනා යනවා බං....
      එත් මාත් පැරාට විහිළු කරලා කකුලෙන් ඇද්දට , මම හිතන්නේ පැරාගේ ක්‍රමය තමයි හරි කියල.
      පෙරේද නෙදර්ලන්තේ කෙල්ලෙක් ආව වැඩක් කර ගන්න. වැඩේ කරන ගමන් මේ ගෑනි තොරතෝංචියක් නැතිව කියෝනවා. (මෙහෙට ඇවිල්ල දවස් 3 යි. එක හින්ද අලුත් .. ) කියනවා .. අම්මෝ ..උඹලගේ රටේ හැම තැනම වාහන , වාහන දුම , හැම මිනිහම වාහන එලෝනවා... ඉතිං මම පුදුමවෙලා ඇහුව .. යකෝ හැම එකාම වාහන එළවනෙන් නැතුව ගමන් යන්නේ බක්කි කරත්තේද ? ඒපාර එයා තමන්ගේ රටේ ලයිෆ්ස්ටයිල් එක ගැන ටිකක් දිග විස්තරයක් කරා , සංසන්දනය කර කර. ඇත්තටම ඇය එක විස්තර කරනකොට මට මතක් උනේ පැරාව. .. පැරාගේ "සමාජවාදී ජීවින විලාසය"

      සමහර අය කියනවා , ඉස්සර ලාංකිකයොත් බොහොම සරල විදියට හිටියා. ඒක බොදු දහමින් පෝෂණය වෙච්ච සරල "සමාජවාදී ජීවින විලාසය" කියල. නමුත් මම එකට එකඟ නැහැ. ඔවුන් එහෙම හිටියේ , දරිද්‍රතාවය , රාජ නීතිය
      (ගෙවල් හුණු කපරාරු කිරීම කුලිනයන්ට පමනයි , උඩ කය වැසීම කුලිනයන්ට පමණයි .. etc ) සහ නුගත් කම නිසා. ඔවුන් සැබවින්ම සරල ජිවන ක්‍රමය ප්‍රිය කල අය නම් , බ්‍රිතාන්‍යයන් යටතේ රට දියුණු වී , රජ නිතිය අහෝසි වී , සාක්ෂර තාවය වැඩි වන විටත් ඔවුන්ට එම ජිවන ක්‍රමය පවත්වාගෙන යාමට තිබුනා. නමුත් උනේ ඒක නෙමේ නේ.


      "සමාජවාදී ජීවින විලාසය" වරදක් නැහැ. නමුත් වැඩේ උනේ මාඕ , කස්ත්‍රෝ , පොල්පොට් , විජේවීර රැහේ ගොං සමාජවාදියෝ මේ සරල ජිවන ක්‍රමය මිනිස්සුන්ගේ පිටේ තුවක්කුවේ බලෙන් තියන්න හදපු එකයි. එකට අකමැති මිනිස්සු මිලියන ගානෙන් පරලොව යවපු එකෙයි නේ. දැන් පැරාගේ දර්ශනය තමන් හදා රට හදමු කියන එක නම් ඒක තමයි මම හිතන්නේ "සමාජවාදී ජීවින විලාසය" ප්‍රවර්ධනය කරන්න තියෙන හොඳම විදිය.

      හැබැයි පැරා කුහක නොවී ඉඳීමත් "සමාජවාදී ජීවින විලාසය" යටතට අයිතියි.

      Delete
    2. කුහක නොවී ඉඳීමත් "සමාජවාදී ජීවින විලාසය" යටතට අයිතියි.

      Can't agree more. This comment made my day

      Delete
  17. අමුමිරිස් කමුද පැරෝ
    කමුකෝ පැරෝ
    කමුකෝ
    පැරෝ

    ReplyDelete
  18. ඇනොනිමස් කමෙන්ට්කාරයන් පිළිබඳව ඔබ දක්වන අදහස් නිවැරදිය. එහෙත්, දේශපාලන කටයුතු වලදී නියම නමින් පෙනී සිටීමේ අනිවාර්යතාවය හෝ එහි වැදගත් බව පිළිබඳව ඔබේ අදහස වැරදියි. ඔබ නියම නමින් පෙනී සිටිමින් ලේඛණ කටයුතුවල යෙදෙනවා විය හැකිය. එහෙත් ලෙනින්ගේ සිට පටන් ගත් කළ සමාජවාදීන් හා විප්ලවවාදීන් කොපමණ සංඛ්‍යාවක් ආරූඪ නම් වලින් පෙනී සිට තිබේදැයි මටත් වඩා හොඳින් ඔබ දනිතැයි සිතමි. ඔවුන් පමණක් නොව සාගර පලන්සූරිය වැනි කවියන් සාහිත්‍යධරයන් කොපමණ ගණනක් එසේ ආරූඨ නම් වලින් ලියා තිබේදැයි කියා හිතන්න. (මේක කතන්දරකාරයාගෙන ඇහුවොත් සමහරවිට කී දෙනෙක්ද කියල කියයි.).
    නූතන පුවත්පත් සාහිත්‍යයේ ආරූඨ නම් වලින් ලියූ ගාසු, විනී, සුගාර, දැන් කඩේ යන පනාපුත්‍ර වැන්නන් කිසි දිනක එසේ ආරූඨ නමකින් පෙනී සිටීම ආයුධයක් කරගෙන මේ ඇනෝ ක්‍රමයට සමාජ විරෝධී කටයුතු කළේ නැත. ගැටළුව ඇත්තේ ආරූඨ නම් භාවිතා කිරීමේ නොව එය ජඩ ලෙස භාවිතා කිරීමයි.

    ReplyDelete
  19. ලාෆින් මැකෝOctober 20, 2014 at 10:10 PM

    සකල ලෝකවාසී කමෙන්ට්කරුවනී !
    නයිස් අයත් නෝටි අයත් සාමාජිකත්වය දරන පැරාගේ නායකත්වයෙන් යුත් W3Lanka සමාජවාදී පක්ෂය අත ලඟයි.

    ReplyDelete
  20. මහ සොහොනාගේ කතාව හරි. පැරා කියලා තියෙනවා වගේ අම්මලා, වයිෆ්ලා ගාවගෙන කියන කතානම් හරි අමාරුයි හිතාගන්න. තව කෙනෙක්ගේ මතයක් ඉවසන්න බැරිවුනාම ,පෞද්ගලිකත්වයට ගරහනවා. එක්කෝ ගෙදර උදවිය, නැත්නම් ඒ මිනිහාගේ රස්සාව, අධ්‍යාපන සුදුසුකම අල්ලගන්නවා. නැත්නම් කොහෙද යන්නේ මල්ලෙ පොල් දාලා වැඩේ අල කරනවා. අපි වගේ ගොබ්බයෝ කරනවා නම් මෝඩ කමට කියලා හිතා ගත්තහැකි. ඒත් සමහරුන් බුද්ධියෙන් අඩු උගත් කස්ටිය කියලා තේරෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා