ලංකාවේ පාර්ලිමේන්තුවේ අපූරු ඵලදාව

ලංකාවේ පාර්ලිමේන්තුව කෙතරම් විහිළුවක් බවට පත් වී තිබේ ද යන්න ඊයේ සිදු වූ සිද්ධියකින් පෙන්නුම් කරන ලදී. 

අයවැය විවාදය ඇමතීමට සිටි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයකු හා මන්ත්‍රීවරු තුන්දෙනෙකු ද, විපක්ෂයේ මන්ත්‍රීවරියක ද නො සිටි නිසා පාර්ලිමේන්තුව පැයකුත් විනාඩි 45කට පෙර කල් දමන ලදී. 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අජිත් කුමාර මන්ත්‍රීවරයාගේ සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කිරීමට කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් සභාව තුළ නො සිටි නිසා කල් තැබීමේ යෝජනාව ද විවාදයට නො ගැනිණි. 

හිනා යන කාරණයක් වන්නේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව සිටියත් නො පැමිණි එක් කථිකයකු වන ඇමති බසීර් සේගු දාවුද්ගේ ඇමති තනතුර ඵලදායිතාව සංවර්ධනය කිරීම වීමයි. 

අනෙක් කට්ටිය නම් ආණ්ඩු පක්ෂයේ නෙරන්ජන් වික්‍රමසිංහ, ජානක වක්කුඹුර, වී.කේ. ඉන්දික හා එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරළයි. 

මොවුන් මේ රටේ මහජන මුදලින් අති විශාල වැටුප් හා වෙනත් වරප්‍රසාද රැසක් භුක්ති විඳින්නෝ ය. 

මොවුන්ට පාර්ලිමේන්තු ඒම පහසු කිරීම සඳහා නිල නිවාස ද, තීරු බදු රහිත වාහන හා ඒවාට ඉන්ධන ද මහජන මුදලින් ලබා දී තිබේ. පාර්ලිමේන්තු ආවා ම ඕනෑ දෙයක් ඕනෑ විිදියට නොමිළේ වගේ කන්නට බොන්නට දෙන දන්සැලක් වැනි දෙන කැන්ටිමක් ද තිබේ.

තවද මොවුන් ඇතැමෙක් පාර්ලිමේන්තු එන්නේ ආරක්ෂාව දමාගෙන, සයිරන් ගසාගෙන හරියට අමාරු ලෙඩෙක් රෝහල් ගෙන යන්නා වගේ ය.

පාරලිමේන්තුවෙන් ඇති වැඩක් නැති බව සැබෑ ය. පසුගිය දිනවල ඉදිරිපත් කරන ලද අයවැයෙහි රජයේ වියදම්වලින් ජනාධිපති යටතේ ඇති 36%ක් ආරක්ෂක අමාත්‍යාංශයටයි. තව 16%ක් ජනාධිපතිටයි. 

ජනාධිපතිට අවශ්‍ය පාර්ලිමේන්තුවට තමන්ගේ ක්‍රියා අනුමත කරන සිග්නල් කණු ටිකක් පත් කර ගන්නට පමණි. පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මහතා මත්තල ගුවන් තොටුපළ ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිවිල් ගුවන් සේවා ඇමතිවරයාට ප්‍රශ්නය තේරුම් කර දෙන්නට කතානායක චමල් රාජපක්ෂට ද ලොකු වෙහෙසක් දැරීමට සිදු විය. ලියාගෙනැවිත් කියවූ පිළිතුර කෙතරම් අවුල් සහගත ද යත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියා හරි පිළිතුරක් ලියවාගෙන කියවා පැමිණෙන්නැයි උපදෙස් දෙන්නට ද කතානායකට සිදු විය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. වෙන මොන වැරදි තිබුණත් ඉතාම හොඳ පාර්ලිමෙන්ටේරියන් කෙනෙක් තමයි රවි කරුණානායක.

    ReplyDelete
  2. පාර්ලිමේන්තුව බිහි වන්නේ ජනතාවගේ ප්‍රශ්න එක ශාලාවක රැස්ව කතා කිරීමෙන් බේරුම් කර ගන්නවා හැර වෙනත් විකල්පයක් නැති අවදියකදීය. උදාහරණයක් හැටියට හැම්ලින් නගරයේ මීයන් පුදුමාකාර වේගයකින් බෝවේ. ශාලාවක රැස්ව කතා කර මේ ප්‍රශ්නය විසඳා ගන්නවා හැර වෙන විකල්පයක් පුරවැසියන්ට නැත. ඕනෑම ප්‍රශ්නයක් මෙලෙස වාද විවාද කොට බේරා ගත හැකිය විශ්වාසයක් මෙකළ වූ බව පෙනේ. කිතු දහමද බුදු දහමද සත්‍ය වැනි කාරණාවක් ගැන පවා වාද ඇති වන්නේ එනිසාය.

    සන්නිවේදන මාධ්‍ය මෙතරම් දියුණුව ඇති මේ අවධියේ අප තවදුරටත් මේ ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තැබිය යුතුද? මහජන නියෝජිතයින් රූපවාහිනිය හරහා කෙළින්ම ප්‍රශ්න කරන්නට ජනතාවට ඉඩ නොදෙන්නේ ඇයි? මහජන නියෝජිතයින් බ්ලොග් වලින් වාද නොකරන්නේ ඇයි? ට්විටර් වලින් තමන්ගේ මතය එළි නොකරන්නේ ඇයි? අයවැයට නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කරනවා වෙනුවට ඉන්ටර්නෙට් භාවිතාකොට ඍජු මහජන ඡන්දය ලබා නොගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. Good thought. Time to dispense with representative democracy

      Delete
  3. උගතුන් සහ බුධිමතුන් පාරිලිමේන්තුවට නොයැවිමේ ප්‍රතිඵල තමයි මේ.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. එහෙම අය පාර්ලිමේන්තුවට ගියා 1956 වෙනකල්. ඔය සමරසේකර අන්කල්ලා තමයි කවි කොළ කාරයොයි තැපැල් සේවකයොයි යැවීම ආරම්භ කළේ. තමන්ටම බැණ ගන්න එකයි තියෙන්නෙ දැන්.

      Delete
  4. පැරා මොනවා හරි වැදගත් දෙයක් ලියනවද ප්ලීස්...

    ReplyDelete
    Replies
    1. පැරා කවද්ද ඕයි එහෙම ඒවා ලිව්වේ. කාකා නැති හින්දා යන්න අතක් නැතිව හිටිය මානසික රෝගීන්ට තාවකාලික වාට්ටුවක් උන හින්දා පහුගිය ටිකේ ටිකක් සරුවට දිවුවට දැන් කවුද මේකේ ලගින්න එන්නේ?
      මාත් යනවා යන්න. ආයේ එන්නේ නැහැ. තමුසෙත් එනවා යන්න. මෙතන තව මොනවා කරන්නද?

      Delete
  5. Nobody care about the budgetary debate because nobody believe that finance minister can perform miracle to stand economy in its foot with the neo-liberal economic policies of the present regime

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා