සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?

සෝභිත හිමි 1987ට පෙර
රනිල්ට ජනාධිපතිවරණය දිනන්නට බැරි බවත්, දිනන්නට පුළුවන් පොදු අපේක්ෂකයා තමන් බවත් මාදුළුවාවේ සෝභිත හිමි විශ්වාස කරන බව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. 

රනිල්ට දිනන්නට පුළුවන් ද, බැරි ද යන කරුණ පැත්තකින් තියමු. 

මාදුළුවාවේ සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?

මෙහිදී තිබෙන පළමු ප්‍රශ්නය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමි යනු කවුරු ද යන්නයි. ඔහු විසින් ඔහු ම පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගෙන ඇති බව පෙනේ. ප්‍රධාන විරුද්ධ පක්ෂ වන එජාප, දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ යන පක්ෂ තුන ම ඔහු පොදු අපේක්ෂක ලෙස පිළි ගෙන නැත. පිළි ගන්නා බවක් පෙනෙන්නට ද නැත. ජනාධිපතිවරණය දිනන්නට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් උත්සාහ කළ යුත්තේ විරුද්ධ පක්ෂයේ සහයෝගය දිනා ගන්නට ය. 

ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් වටයේ ඔහු හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය කියා පක්ෂයක් රටේ නැති අන්දමිනි. එහෙත්, ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එජාපය සිය මුද්‍රාව තදින් තබා තිබේ. 

මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වය යෝජනා කරන පාර්ශ්ව වනාහි පුද්ගලයෝ මිස දේශපාලන පක්ෂ හෝ බලවේග නො වේ. 

ඔහු යෝජනා කිරීමේ එක ම අරමුණ පවත්නා ජාතිවාදී හා ආගම්වාදී රැල්ල සමග බද්ධ වී සිවුර විකුණා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම බව පෙනේ. හරියට විසෙන් විස නසනවා වැනි ය.

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස මිස මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නට නො වේ. 

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රබල ඉතිහාසයක් ඇති අයෙකු ය. සෝභිත හිමියන්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තිය තිබෙන්නේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වූ ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් වූ 1987 ඉන්දු ලංකා ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා කරන ලද මැදිහත්වීම තුළ ය. 

එය එක් පැත්තකින් රෝහණ විජේවීරට සන්නද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීමට තිබූ ඇල්ම යළි අවදි කර දකුණේ පරපුරක් විනාශය කරා යොමු කරමින් තමන් ද විනාශ වන්නටත්, අනෙක් පැත්තෙන් කොටි සංවිධානයට සම්මුති මාර්ගයෙන් පිට පැන ජාතිවාදී ඊලාම් අරගලය ඉදිරියට ගෙන යන්නටත් දුන් තල්ලුවක් විය. 

සෝභිත හිමියන්ට රාජ්‍ය පාලනයේ කිසිදු අත්දැකීමක් නැතිකම පැත්තකින් තබමු. ආගමික ව්‍යූහය තුළ හෝ ඔහු කැපී පෙනෙන නායකයකු නො වේ. ඔහු විසින් කලක් රඟ දක්වනු ලැබුවේ දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් රඟනු ලබන භූමිකාවයි.

සෝභිත හිමිගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතාව ගැන දන්නා වෙනත් වැදගත් කරුණක් තිබේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යි කියූ ජනාධිපතිවරු දෙදෙනෙකු සමග අපි විසුවෙමු. තුන්වැනියකුත් අවශ්‍ය ද? 

මීළඟට විමසන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ම ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය කවුරු මොන කතා කිව්වත් එජාපය කැමති නොවන පොදු අපේක්ෂයෙක් දිනන්නේ නෑ. මගේ අදහස නං ජවිපෙ සාධකය අමතක කර ද්‍රවිඩ සන්ධානය සහ මුස්ලිම් ජනයාගේ ජන්ද දිනා ගැනීමට හැකි රනිල් වික්‍රමසිංහ තමයි මේ මොහොතේ ඉන්න හොදම පොදු අපේක්ෂකයා. එජාපයට සිංහල බෞද්ධ ජන්ද ලැබෙන්නේ නෑ කියන ඒකත් ඌව ජන්දෙදි බොරු උනානේ.

    ඉතිං 69% වන සිංහල ජන්ද සහ 31% වන අබෞද්ධ ජන්ද පදනම අනුව ඉදිරි ජනාධිපතිවරණය දිනා ගත හැක්කේ රනිල් වැනි ආගම්වාදී නොවන,ජාතිවාදී නොවන අයෙක්ටයි. ද්‍රවිඩ සහ මුස්ලිම්වරුන් තරහකරගෙන ඇති මහින්දට වඩා කිතුනු ජන්ද දිනා ගැනීමේ හැකියාවක් ඇත්තෙත් රනිල්ටයි.

    ඒ අනුව බලනකොට රටේ ජනගහනය 100 ක් කියා සැලකුවහොත් මහින්දට ජනාධිපතිවරනයේදී 50%ක් ගන්න නම් සිංහල ජනයා 69 දෙනා අතුරින් ජන්ද 50 ක් ගන්න ඕනි. ඒත් අබෞද්ධ ජන්ද දිනා ඇති රනිල්ට ඉහත කි සිංහල ජන්ද 69 අතුරින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ ජන්ද 19 ක් පමණයි.

    දැන් මහින්ද පාප්තුමා ගෙන්වාගෙන උත්සහ දරන්නේ කිතුනු ජන්ද ටිකක්වත් තමුන්ගේ මල්ලට දමාගෙන වැටී සිටින අසීරු අවස්ථාවෙන් ගොඩට එන්න.

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය
      - කොටි ඇනෝ නෙවෙයි වෙන එකෙක්

      Delete
    2. මෙතන වෙර වෑයමෙන් කොමෙන්ට් කොටන යු.එන්.පී කාරයන් ගැන ඇත්තටම දුක හිතේ. ඌවේ ප්‍රතිපලයෙන් එක්සත් ජාතික බ්ලොග්වල කොමෙන්ට් කොටන පාක්ෂිකයා හා එක්සත් ජාතික රටගිය පාක්ෂිකයා කොතරම් චුන් වී ඇත්දැයි කියතොත්, සුරාන්තයට කොතරම් ලංවී ඇද්දැයි කියතොත් සරල යතාර්ථය අමතක කොට දැනටමත් සුරලොව ගොස් අවසන්ය.

      මොවුන් අමතක කර ඇති, සුරාන්තය ලඟ නිසා මොලයට ලෝඩ් වෙන්නැති කරුණුනම්,

      1.තරගය ඇත්තේ මහින්ද හා රනිල් අතර බවයි.

      2. චන්දය පවත්වන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ නොව මහින්දගේ ආණ්ඩුව යටතේම බවයි,

      3.තෙවැන්න නම් ලංකාවේ අළුතින් මතුවූ කළුආර්ථික ධනපතීන් සියල්ලත් පරණ හිටපු 'ක්ලැසිකල්' ධනපතීන් වැඩි දෙනෙකුත් මහින්දගේ සාක්කුවේ බවයි.

      4. මෙතක් පැවති සියළුම පළාත් සභා චන්ද මහින්ද ජය ගෙන ඇති බවයි.

      5. කැපුවත් කොළ යු.එන්.පී කාරයෝ ටික චන්ද පොලට ගෙනයාමට හරීන්ට හැකි වුවත් රනිල් කිසිම අවස්ථාවක එවැනි හැකියාවක් පෙන්වා බවයි

      තව කරුණු ලොරියක් ඉදිරිපත් කල හැකි වුවත් කොමෙන්ට් කොටන යු.එන්.පී බබාලාගේ ( ඇත්තටම 60 පැනපු බබාලාගේ ) ආතල් කැඩෙන නිසා මෙතනින් නවතිමි.

      යකුනේ! රනිල දේශපාලනිකව මියගොස් ඇත!! උඹලට තවමත් රනිලගෙන් තොර යු.එන්.පී යක් ගැන හිතන්න බෑ කියන්නේ තොපේ පක්ෂයට කෙල විලා ඇතිබව නෙමෙයිද ??!!! උඹල සිරාවටම පවු ඕයි, දැනට දුක අඩුවෙන්න තොපිට කරන්න තියන එකම දේ මහින්දට සෙට් වී හොරා කෑම පමණයි.!!!!

      Delete
    3. 'ජාතිවාදය නෑ' 'ආගම් වාදය නෑ' කියල ජාතිවාදී හා ආගම් වාදී නොවන චන්ද ටික 'පික් පොකට්' ගහන්න බලන් ඉන්න ඒ.ජා.ප උන්දෙලා සමාජය ජාති, ආගම්, කුල අනුව බෙදාලා චන්ද ගොඩ වැඩි කරන විදිය ගැන 'ස්ටැටිස්ටික් ඇනලිසිස්' දෙන කොටනම් හත්වලාමේ ! කියල හිතෙනවා මචංලා.

      Delete
    4. ඔය පළමු ඇනෝ ගෙනෙන මොඩ තර්කය මුලින්ම ඉදිරිපත් කළේ වික්ටර් අයිවන්ය. (මෙහි එය කොපි පේස්ට් කර ඇත.) ලංකාවේ සිංහල ජනගහණය 69% නොව 75% කි. 69% (හෝ දැන් 70%) යනු සිංහල බෞද්ධ ජනගහණයයි.

      Delete
    5. @ AnonymousOctober 4, 2014 at 11:21 PM

      සුරාන්තය නෙවෙයි බූරුවෝ සුරතාන්තය නොදන්නා පුකවල් නොලියා හිටපිය. යූ ඇන් පී එක නැගිට්ටා. බොහොම හෙමින් නැගිට්ටා. දැන් ඒකෙ ඉන්න තරුණ එවුන් නාකි රනිල්ට පෙන්නලා තියනවා බැහැපිය පුටුවෙන් බිමට කියලා. බලාගෙන හිටපන් පක්සේ නැගලා එන හැටි.

      Delete
    6. AnonymousOctober 4, 2014 at 11:21 PM
      +++++++

      Delete
    7. @ AnonymousOctober 4, 2014 at 4:02 PM ....
      ++++++++++++++++++++++++++++++++++++++++
      aththa.....

      Delete
    8. AnonymousOctober 5, 2014 at 7:04 AM

      උගත් ඇනොට ඉහත පළමු කොමෙන්ටුවේ ඇති දේ කියා තේරුම් ගැනීමට නොහැකිවී ඇති බව පෙනේ. එම පළමු කොමෙන්ටුවේ දක්වා ඇත්තේ 31% ක් අබෞද්ධ ජන්ද බවයි. ඒ අනුව 69% යනු බෞද්ධ ජන්ද ප්‍රමාණයය.

      Delete
    9. @AnonymousOctober 5, 2014 at 8:35 AM

      ආ මාතලන් මොකෝ මේ ඇනෝ කොටන්නේ, ඔයා 'සුරතාන්තය' කිව්වට අපිනම් කියන්නේ 'සුරාන්තය' කියල. හරි වැරැද්ද කෙසේ වෙතත් සුරාන්තයට google search results 3,150 තියනවා හැබැයි සුරතාන්තයට තියෙන්නේ search results 2,370. මේ එක නෙමෙයි ඔයාගේ මෑණියෝ ඔයාට කතා කරන්නෙත් බුරුවා කියලද ?

      Delete
    10. @ AnonymousOctober 5, 2014 at 2:06 PM

      බීලා කරොත් 'සුරාන්තය', fake නෙමෙයිනං 'සුරතාන්තය', ගොඩක් අයට මොකුත් නෑ. Goggle හරි වෙන්න ඕන.

      Delete
  2. කොටි සංවිධානය චන්ද වර්ජනය කල නිසා ගියවර මහින්ද දිනුවා. මෙවර මහින්ද මුළු විශ්වාසය තබා ඇත්තේ 5% වන කිතුනු චන්ද කෙරෙහිය. පොදු අපේක්ෂකයා සිවුරක් වූ විට මහින්දගේ අපේක්ෂාව සපිරෙන්නේය. විපක්ෂයේ මුලික න්‍යාය විය යුත්තේ දැනට පාවෙන කිතුනු චන්ද ලබාගැනීමය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් විපක්ෂය දියත කොට නොමැත. කිතුනුවනට කටුකුරුන්දේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය ගැන විපක්ෂය නිදිද? එය ජනමාධ්‍ය තුල වාරනය ක්ලාක් මෙන්ම මහින්ද-මැල්කම් (M&M) අශුද්ධ සන්ධානය විසින් යටපත් කොට ඇත.

    ReplyDelete
    Replies
    1. 1. මහින්ද ජය ගනු නියතය.
      2. ඒ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වන්නේ කිතුණු ඡන්දය.
      3. හදිසි මැතිවරණයක් ගැන මොන බයිලා කිව්වත් මැතිවරණය පෝප් ගේ සංචාරයට පසු යෙදෙනු ඇතැයි මා සිතන්නේ එනිසාය.

      Delete
  3. ජනාධිපතිවරණයකට ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රධාන දේශපාලන පක්ෂයකින් හැර පැරෂුට් කාරයන් අනවශ්‍යයයි.
    (උතුර හැර) ඔය කියන තරං ජන්ද වල ජාතිවාදි විභේදනයක් නෑ හලෝ, මොනවා උනත් රටේ නීතිය,අර්ථිකය,etc දිනෙන් දින පිරිහෙනවා.

    ReplyDelete
  4. මාතලන් හැමදාම හිටියේ ඔය මතයේ.. මට නම් සෝභිතව යෝජනා කරපු හැම එකාම මට්ට ගොන් තකතීරූ බූරුවෝ.. උන් ඉතිහාසෙවත් නැති විනාශයක් කරන්න ගියේ.. මාදුළුවාවේ ආවත් එකයි නානේ ආවත් එකයි.. දෙකම අක ගහේ බඩු.. ඒක තේරුම් ගන්න බැරි ගොන් හරක් බුද්ධිමත්තුලු උගත්තුලු.. නොදෝමකින් මෙහෙව් හරක්..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට තරහ ගිහින්.. හරියට නානසාර වගේනේ කතාව

      Delete
    2. මාත හිතනදේ අහපු මගෙ යාළුවෙක් මලා

      Delete
  5. බ්ලොග් වලට ලෝං වීකෙන්ඩ් එකක්!
    කිසිම බ්ලොගක් අප්ඩේට් වෙන්නේ නෑ
    හරි හමන් කොමෙන්ට් ඇත්තෙත් නෑ
    පට්ට කම්මැලියි.
    බා...........................යි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කාරයොත් වීකෙන්ඩ් එකට නිවාඩු අරගෙන තියෙන්නේ..

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. මි ලග ජනාධිපති වරණයේදී මහින්දට ලබාගත හැකි චන්ද ප්‍රතිශත මෙලෙස සදහන් කල හැක
    සියලු සුළු ජාතික චන්ද දායකයන් සැලකු විට
    ලංකික ද්‍රවිඩ චන්ද දායකයන්ගෙන් 8% -12% අතර ප්‍රතිශත යක්
    ඉන්දියානු සම්දවයක් සහිත ද්‍රවිඩ චන්ද දායකයන්ගෙන් 15% -18% අතර ප්‍රතිශත යක්
    යෝනක චන්ද දායකයන්ගෙන් 5% -8% අතර ප්‍රතිශත යක් ලැබේයැයි උපකල්පනය කල හැක

    සිංහල චන්ද දායකයන් සැලකු විට

    සිංහල බෞද්ධ චන්ද දායකයන්ගෙන් 55%-58 % අතර ප්‍රතිශත යක්
    සිංහල කතෝලික චන්ද දායකයන්ගෙන් 10% - 12% අතර ප්‍රතිශත යක්
    සිංහල ක්‍රිස්තියානි චන්ද දායකයන්ගෙන් 5% -8% අතර ප්‍රතිශත යක් ලැබේයැයි උපකල්පනය කල හැක මේලෙස කෙසේවත් මහින්දට මි ලග ජනාධිපති වරණය දිනිය නොහැක

    ReplyDelete
    Replies
    1. මෙතන වෙර වෑයමෙන් කොමෙන්ට් කොටන යු.එන්.පී කාරයන් ගැන ඇත්තටම දුක හිතේ. ඌවේ ප්‍රතිපලයෙන් එක්සත් ජාතික බ්ලොග්වල කොමෙන්ට් කොටන පාක්ෂිකයා හා එක්සත් ජාතික රටගිය පාක්ෂිකයා කොතරම් චුන් වී ඇත්දැයි කියතොත්, සුරාන්තයට කොතරම් ලංවී ඇද්දැයි කියතොත් සරල යතාර්ථය අමතක කොට දැනටමත් සුරලොව ගොස් අවසන්ය.

      මොවුන් අමතක කර ඇති, සුරාන්තය ලඟ නිසා මොලයට ලෝඩ් වෙන්නැති කරුණුනම්,

      1.තරගය ඇත්තේ මහින්ද හා රනිල් අතර බවයි.

      2. චන්දය පවත්වන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ නොව මහින්දගේ ආණ්ඩුව යටතේම බවයි,

      3.තෙවැන්න නම් ලංකාවේ අළුතින් මතුවූ කළුආර්ථික ධනපතීන් සියල්ලත් පරණ හිටපු 'ක්ලැසිකල්' ධනපතීන් වැඩි දෙනෙකුත් මහින්දගේ සාක්කුවේ බවයි.

      4. මෙතක් පැවති සියළුම පළාත් සභා චන්ද මහින්ද ජය ගෙන ඇති බවයි.

      5. කැපුවත් කොළ යු.එන්.පී කාරයෝ ටික චන්ද පොලට ගෙනයාමට හරීන්ට හැකි වුවත් රනිල් කිසිම අවස්ථාවක එවැනි හැකියාවක් පෙන්වා බවයි

      තව කරුණු ලොරියක් ඉදිරිපත් කල හැකි වුවත් කොමෙන්ට් කොටන යු.එන්.පී බබාලාගේ ( ඇත්තටම 60 පැනපු බබාලාගේ ) ආතල් කැඩෙන නිසා මෙතනින් නවතිමි.

      යකුනේ! රනිල දේශපාලනිකව මියගොස් ඇත!! උඹලට තවමත් රනිලගෙන් තොර යු.එන්.පී යක් ගැන හිතන්න බෑ කියන්නේ තොපේ පක්ෂයට කෙල විලා ඇතිබව නෙමෙයිද ??!!! උඹල සිරාවටම පවු ඕයි, දැනට දුක අඩුවෙන්න තොපිට කරන්න තියන එකම දේ මහින්දට සෙට් වී හොරා කෑම පමණයි.!!!!

      Delete
    2. /සිංහල කතෝලික චන්ද දායකයන්ගෙන් 10% - 12% අතර ප්‍රතිශත යක්
      සිංහල ක්‍රිස්තියානි චන්ද දායකයන්ගෙන් 5% -8% අතර ප්‍රතිශත යක්/

      අනෙකුත් නිරීක්ෂණ ගැන එක්තරා මට්ටමකට එකඟ විය හැකි වුවද මෙය වැරදිය. සිංහල ක්‍රිස්තියානි/කතෝලික ඡන්ද දායකයින්ගෙන් 50% ට වැඩි ප්‍රමාණයක් මහින්දට ලැබෙනු ඇත. 2005 දී මහින්ද දිනුවේ මේ ඡන්ද ලැබීමෙනි. ඒ හෙළ උරුමය මේ පිරිසට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබියදීය. 2015 දී එය වෙනස් වන්නේ ඇයි?

      Delete
    3. @ AnonymousOctober 4, 2014 at 11:21 PM

      සුරාන්තය නෙවෙයි බූරුවෝ සුරතාන්තය නොදන්නා පුකවල් නොලියා හිටපිය. යූ ඇන් පී එක නැගිට්ටා. බොහොම හෙමින් නැගිට්ටා. දැන් ඒකෙ ඉන්න තරුණ එවුන් නාකි රනිල්ට පෙන්නලා තියනවා බැහැපිය පුටුවෙන් බිමට කියලා. බලාගෙන හිටපන් පක්සේ නැගලා එන හැටි.

      Delete
    4. @AnonymousOctober 5, 2014 at 8:35 AM

      ආ මාතලන් මොකෝ මේ ඇනෝ කොටන්නේ, ඔයා 'සුරතාන්තය' කිව්වට අපිනම් කියන්නේ 'සුරාන්තය' කියල. හරි වැරැද්ද කෙසේ වෙතත් සුරාන්තයට google search results 3,150 තියනවා හැබැයි සුරතාන්තයට තියෙන්නේ search results 2,370. මේ එක නෙමෙයි ඔයාගේ මෑණියෝ ඔයාට කතා කරන්නෙත් බුරුවා කියලද ?

      Delete
  8. Anonymous October 4.2014 at 11.21 pm. OBATA KIYANNA KEMATHI,OBATA AMATHKA UNATA,(1)MEKA LANKAWA BAWA, (2)CHANDA DAYAKAYO LANKIKAYANBAWA,(3)OYA KALU SALLI KARAYO,CLASSICAL(PARANA/HITAPU?SALLI KARAYO,HITAPU JVP SALLIKARAYO MULINMA UNP WENA BAWA. vera weyamen comment Ketuwath, ewata wiyadama owungemi.obe wage Mahajana mudalwth, Mahindagen lebena (kuliyata) mudalwath nowei.(Paththagodaya-Dhargatown)

    ReplyDelete
  9. Dear Author,
    Why dont you write about legal acceptance of teen marriages of Muslim girls in SL. Why there are two separate laws for Muslims and non Muslims?

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්ව ලියල මට සවුදියෙන් ලැබෙන ඩොලර් කුට්ටි නැතිකරගන්න බැහැ
      - පැරා

      Delete
    2. The question is not about so much teen marriage or Buddhist to Muslim conversion on marriage. It is whether such marriages were done by coercion (බලහත්කාරකමෙන්). Most often it is because of money. This is however, not a new phenomenon. People converted to Christianity during British time for betterment of life. I think there should be a requirement of prior registration of change of religion say before a year of a marriage.

      Delete
  10. ලංකාවේ අද තියෙන දෙශපාලන කොටස් ගැන දැනුමක් මට නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව් නිසා මට ඒ ගැන අදහස් දෙන්න අවසර දෙන්න. ජේ.ආර්. ව්‍යවස්තාව වෙනස් කළේ එක විශ්වාසයක් උඩයි. එදා වෙනකම් රටේ වැඩිම ඡන්ද ගණන ලැබුණේ එජාපයටයි. ඒ අනුව මුළු ඡන්ද ගණන අනුව අනුපාතිකව බලා දිනුම දෙනවානම් හැමදාම එජාපයටයි පාලනය යන්නේ.

    නමුත් ඒ හිතපු දෙය වුනෙත් නෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් එදායින් අවසන් වුනා. ප්‍රජාතන්ත්‍රවාදයේ Representative Democracy මූලධර්‍මය කියන්නේ තමන් වෙනුවෙන් නීති සම්පාදන සභාවට කෙනෙක් තම අශයාන පරිසරයෙන් යැවීමයි. කොහෙන්දෝ ආව දාමරිකයන්ගේ ලැයිස්තුවක් තෝරන්නේ ඒ රැලෙන් තමන්ට අවම හිරිහැරය වන්නේ කියා විශ්වාසයෙනුයි.

    ප්‍රජාතනත්‍රවාදය ආපසු අවශ්‍ය නම් කළ යුතු සරලම දෙය ප්‍රධාන වශයෙන් ජේ.ආර් ගේ ව්‍යවතාවත් ඊට පසු ආ සියල්ලත් අහෝසි කිරීමයි. විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්නම අවශ්‍ය නෑ. ඊට වඩා යොග්‍යයි ජනපති ධූරය මුළු රටේ සියල්ලන්ම නියෝජන කරන තනතුර හැටියට සැලකීම. ජනපති සමස්තකයක් වශයෙන් රට නියෝජන කරන නිසා විදේශ කටයුතු, විදේශ වෙළඳ කටයුතු හා ආරක්‍ෂක කටයුතු පිළිබඳ අංශ ඒ තැනට ස්වභාවයෙන්ම අයත් වේ. ඒ වගේම යම් කිසි ඉහල ප්‍රතිශතයක මන්ත්‍රී ඡන්දයක් නොලත් කෙටුම්පතක් නීතිගත වෙන්න ප්‍රථමයෙන් නිශ්ප්‍රභ කිරීමේ (වීටෝ) බලය ජනපතිට දීම සාධාරන වේ.

    අපිට පුරුදුයි බහු ඡන්ද කොට්ඨාශ මගින් විශාල ප්‍රදේශයක පැතිරුනු සුළු ජාතියකට තම නියෝජිතයෙක් තෝරා ගැනීමට අවස්තාව දෙන විදිහ. ඡන්ද කොට්ඨාස බෙදිය යුත්තේ ජනගහනය අනුව මිස භූමි භාගයේ ප්‍රමාණය අනුව නොවේ. ඡන්දාපේක්‍ෂකයාගේ ප්‍රධාන සුදුසුකම තම ගමේ (උදාහරණයකට) අවුරුදු 15ක් වගේ කාලයක් අඛණ්ඩව පදිංචිව සිටීම බව කරනවා නම් ගමේ අඩ්පාඩුකම් වඩා කාර්යක්‍ෂමව හදාගන්න හැකි වෙයි.

    සෝලබරි ක්‍රමය අනුව සුළු ජාතින්ට අදට වඩා පාලන බලය තිබුනා. චෙල්වනායගම්ට බොහෝ විට පුළුවන් වුනා කුමන ජාතික පක්‍ෂයටද වඩා සාර්‍ථකව ආණ්ඩුව කරන්න බලය තිබුනේ කියා තීරන කරන්න.

    (ඇයි හුඟ දෙනෙක් මෙතන Anonymous කියලා හැංගෙන්නේ?)

    ReplyDelete
    Replies
    1. @ JC AhangamaOctober 5, 2014 at 8:12 AM

      මේ හලෝ ඔයා ඔය හදාගෙන තියන ප්‍රොෆයිල් එකත් ෆේක් එකක් වෙන්න පුළුවන්නේ. ඇත්ත එකක් දාන්න නම් ඔහේගේ මූනයි ජාහැප පොටෝ කොපියකුයි දාන්න වෙනවා.

      අපි නොදන්න මොනරතැන්න කීවාලු.

      Delete
    2. JC AhangamaOctober 5, 2014 at 8:12 AM

      මූ එතකොට වෙන එකෙක්ගෙ ෆොටෝ එකක් දාන්නත් පුලුවන්නෙ, පැරාල වගේ උන් අපි දන්නවනෙ ඒ ඉන්නෙ ඇත්තටම පැරා කියල, මේවට එහෙන් මෙහෙන් එන උන්ගෙ අනන්න්‍යතාවය තහවුරු කර ගන්න ප්‍රොෆයිල් එකක් හදද්දි ග්‍රාමසේවක සහතික එහෙම අරගෙන පුදිගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ ප්‍රොෆයිල් එක ලියාපදින්චි කරන්න තමයි වෙන්නෙ,
      මේ එක නෙවෙයි, ලගදි සීන් එකක් ආව ෆේස් බුක් එකේ ෆේක් ප්‍රොෆිලෙ ඔක්කොම බ්ලොක් කරනව කියල, දන්න කෙනෙක් ඉන්නව නම් කියහන්කො කොහොමද ඒක කරන්නෙ කියල

      Delete
  11. ප්‍රජාතන්ත්‍රවාදය හරි මොකක් හරි ඒ වගේ වෙන මගුලක් හරි තියාගන්න නං මහින්ද පැරදවීම අනිවාර්යයි. මොකද මහින්ද (වෙන එකෙක් උනත් මෙහෙමයි) පළමු ධූර කාලයට වැඩිය දෙවැනි ධූර කාලයේදි නරකයි. තුන්වෙනි වතාවට ආවොත් මීටත් නරක් වෙනව මිසක් හොඳ වෙන්නෙ නෑ. මහින්ද එක්ක ගේම ලේසි නැති නිසයි පොදු අපේක්ෂකයෙක් ඕන කියන්නෙ. දැන් තියන තත්වෙ හැටියට නං ලොක්ක මුස්ලිම් කොන්ග්‍රසයට-තොන්ඩට කප්පම් දීල එයාලව තමන්ගෙ පැත්තට ගන්නව. එතකොට ඉතිරි වෙන්නෙ යූඇන්පී-ජවිපෙ-දෙමළ සන්ධානය-ෆොන්සේකා විතරයි‍. විපක්ෂයේ යම්කිසි සන්ධානයක් නොහැදුනොත් දෙමළ ඡන්ද කාටවත් නැතිවීම වලක්වන්න බෑ. ජවිපෙ-ෆොන්සේකා දෙගොල්ලට ඡන්ද ලක්ෂ 5ක් විතර අඩුම තිබුනොත් රනිල්ට තනියම දිනන්න බෑ. අනෙක ඌවෙ ප්‍රතිපලය ගත්තෙ හරීන් මිසක් රනිල් නෙවේ කියන එකත් කියන්න ඕන.

    ReplyDelete
  12. යූ එන් පී එකට කවදාවත් දිනන්න බැරි ඇයි?

    1. හම්බන්තොට ඉන්නේ එක චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු තමන් කොච්චර දුක් වින්දත් "ගමේ එකා නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    2. මාතර ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දෙමළාට ඇරපු නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    3. ගාල්ලේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "හම්බ ආක්‍රමණය වැළක්වීම පිණිස" ඥානසාර කියන නිසා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    4. මොණරාගල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "නියං ආධාර 2,500 දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    5. පොළොන්නරුවේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "පොහොර සහනාධාරය තව දුරටත් ලබා ගැනීමට" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    6. රතුපස්වල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ජල ප්‍රශ්නය විසඳා දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    7. කොළඹ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ඉස්සර යූ එන් පී ආණ්ඩුවකින් ස්ට්‍රයික් කළ තාත්තාගේ රැකියාව අහිමි කළ නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    8. මහියන්ගනේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහුගේ සොහොයුරෙක් මාවිල් ආරු සටනේදී මියගොස්ය. එනිසා හැමදා ඡන්දය මහින්ද මාමාටය.
    9. දඹානේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "මහ හූරා තරහ කොරගෙන කොහොමද බං? කාර් පොජ්ජක් පෝං පොජ්ජක් හරි දෙන්න ඉන්නෙ උන්නැහේ විතරනෙ" කියා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    10. කුරුණෑගල තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දයාසිරි ලස්සනට සින්දු කියන නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    මුළු රටේම (උතුරු නැඟෙනහිර හැරුණු විට) ඉන්නේ මේ වගේ චතුෂ තුෂර කුමාරලාය. යූ එන් පී එක ඔය තරමට වත් ඡන්ද ගැනීම ගැන පුදුම වන්න.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
  13. හිස බූ ගෑ කහ රෙදි අඳින එකෙක් වත් තඹ සතේකට විශ්වාස නොකරනු.

    ReplyDelete
    Replies
    1. Mujahideen Rappers

      I'm the Mujahideen and I'm making a scene
      Now you's gonna feel what the boom-boom means
      It's like Tupac said, "When I die, I'm not dead"
      We are the martyrs, you're just smashed tomatoes
      Allahu Akbar!

      :)

      Delete

  14. https://www.facebook.com/photo.php?fbid=768950546496597&set=gm.286095771584061&type=1

    මම බුකියෙ කමෙන්ට්ස් ගැන සමීක්ශණ්යක් කරා, ලින්කුවේ තියෙන දේ ගැන. පොඩ්ඩක් බලහල්ලකො

    Party Description Count Percetage
    1 PA 62 14.76190476
    2 UNP 139 33.0952381
    3 JVP 98 23.33333333
    4 Okkoma Horu 79 18.80952381
    5 Unable to Understand 42 10
    Total 420
    හැබැයි එක දෙයක් බුකිය කියන්නෙ ලංකාව නෙවෙයි නෙවෙයි

    ReplyDelete
  15. https://www.facebook.com/photo.php?fbid=768950546496597&set=gm.286095771584061&type=1

    මම බුකියෙ කමෙන්ට්ස් ගැන සමීක්ශණ්යක් කරා, ලින්කුවේ තියෙන දේ ගැන. පොඩ්ඩක් බලහල්ලකො

    Party ...................Description .......................Count ......Percetage
    1 .........................PA ......................................62 ........14.76%
    2 .........................UNP ..................................139 ........33.09%
    3 .........................JVP ....................................98 ........23.33%
    4 .........................Okkoma Horu...................... 79 ........18.80%
    5 .........................Unable to Understand ...........42 ........10.00%
    ............................Total .................................420
    මේකෙ ඩුප්ලිකට් කමෙන්ට්ස් අයින් කරල තියෙන්නෙ
    හැබැයි එක දෙයක් බුකිය කියන්නෙ ලංකාව නෙවෙයි නෙවෙයි


    ReplyDelete
  16. //තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යි කියූ ජනාධිපතිවරු දෙදෙනෙකු සමග අපි විසුවෙමු. තුන්වැනියකුත් අවශ්‍ය ද//

    කිසි ලෙසකින් අවශ්‍ය නැත.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිම ප්‍රශ්නෙකට උත්තරේ නෙමයි.

    මොකද්ද විධායක ජනාධිපති කම අහෝසි කරාම විධායක අගමැති කමක් එනවා.

    මොකද ඔය කියන විධායක බලතල රටක් ගෙනියන්න අවශ්‍යමයි.

    එත් වෙන්න ඕන ඔය කියන බලතල ඔක්කොටම උඩින් අධිකරණය ක්‍රියාත්මක වීමයි.

    අන්න එතකොට නීතියේ නාමයෙන් බලු වැඩ කරන එක පාලනය කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා