ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තයන් ඉදිරිපිට කුර්දි ජාතික විමුක්ති අරගලය

කුර්දිස්තානය (මනෝරාජික)
ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් නේටෝ යුද හවුල විසින් දියත් කර තිබෙන සටනේ මූලික ගැටලුවක් වී තිබෙන්නේ එය අධි තාක්ෂණික ගුවන් ප්‍රහාරවලට සීමා වී තිබීමයි.

ISIS ත්‍රස්තවාදීන් සක්‍රිය වී සිටින සිරියාවේ හා ඉරාකයේ ප්‍රදේශ වෙත ගොඩබිම් බල ඇණි යැවිය යුතුව තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත.

තුර්කිය මෙම සටන සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබේ. ISIS  හා වෙනත් ත්‍රස්තවාදී ව්‍යාපාර සමග සටන් කිරීම සඳහා හමුදා යෙදවීම හා ඒ වෙනුවෙන් විදේශ හමුදා සමග එක් වීම තුර්කි පාර්ලිමේන්තුව විසින් ඔක්තෝබර් 02දා අනුමත කරන ලදී. ඒ අනුව එක්සත් ජනපදය හා යුරෝපය බලාපොරොත්තු වන්නේ තුර්කිය ගොඩබිම් යුද්ධයට අවතීර්ණ වනු ඇති බවයි.

මේ අතර සිදු වී තිබෙන සුවිශේෂ දෙය වන්නේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කිරීම වෙනුවෙන් තුර්කියේ පදනම් වූ මාක්ස් ලෙනින්වාදී කුර්දිස්තාන කම්කරු පක්ෂය හෙවත් PKK හා එම සංවිධානයේ සිරියානු ශාඛාව ලෙස සැලකෙන කුර්දි ප්‍රජාතාන්ත්‍රික සංගම් පක්ෂය හෙවත් PYD ඉදිරිපත් වීමයි.

එම සංවිධානවලට ආධාර කරන ලෙස ඇමරිකාව තුර්කියෙන් ඉල්ලා තිබේ. සිරියාවේ PYD සංවිධානයට යුද ආධාර සැපයීමට හා PKK සංවිධානයේ හමුදාවලට සිරියාවට ඇතුළුවීමට ඉඩ දීම යන යෝජනා දෙක දැන් ඇමරිකාව ප්‍රමුඛ නේටෝ යුද හවුල පැත්තෙන් ඉදිරිපත් වී තිබේ. එහෙත්, තුර්කිය මේ සම්බන්ධයෙන් දෙගිඩියාවක පසු වෙයි. එයට හේතුව වන්නේ කුර්දි විමුක්ති අරගලයට එයින් ලැබිය හැකි උත්තේජනය පිළිබඳ බියයි.


කුර්දි ජනතාව යනු වර්තමානයේ  ජීවත් වන වෙනම රටක් නැති, එහෙත් සංස්කෘතික අනන්‍යතාවක් ඇති ජාතියකි. කුර්දිවරු මැදපෙරදිග සිව්වන විශාලතම වාර්ගික කණ්ඩායමයි. මිලියන 20 - 30 අතර කුර්දි ජනගහණයක් තුර්කිය, සිරියාව, ඉරාකය, ඉරානය හා ආර්මේනියාව යන රටවල විසිරී ජීවත් වෙති. ඔවුන් ඉතිහාසයේ කිසිදු කලෙක වෙන ම රාජ්‍යයක් යටතේ ජීවත් වී නැති නමුත්, කුර්දිස්තානය නම් වෙනම රාජ්‍යයක් පිළිබඳ ජාතිකවාදී බලාපොරොත්තුවක් ඔවුන් තුළ තිබේ. ඒ ඒ රටවල ජීවත් වෙන කුර්දි ජනයා තම රජයෙන් ස්වයං පාලනය ඉල්ලා අරගල කරති. විසිවන සියවසේ මුල පළමු ලෝක යුද්ධයෙන් පසු ඔටෝමාන් අධිරාජ්‍යය බිඳවැටීමත් සමග කුර්දිස්තානයක් බිහි කිරීම පිළිබඳ බටහිර බලවත්තු කැමැත්තක් දැක්වූ හ. එහෙත්, නූතන තුර්කි දේශ සීමා නිර්ණය කිරීමත් සමග මෙම සම්මුතිය බිඳ දමන ලදී. කුර්දිවරු තමන් ජීවත් වූ රටවල සුළුතර ප්‍රජාවක් බවට පත් වූ හ. 

විසිවන සියවසේ අගභාගයේදී මාක්ස්වාදීන් ජාතික විමුක්ති අරගල නායකත්වය සියතට ගැනීමට පෙළඹීමත් සමග 1970 දශකයේ බිහි වූ කුර්දි කම්කරු පක්ෂය හෙවත් PKK විසින් තුර්කියේ ජීවත් වන එක්කෝටි පනස්ලක්ෂයක් කුර්දි ජනතාව වෙනුවෙන් කුර්දිස්තානයක් පිහිටුවීම සඳහා 1984 සිට කැරැල්ලක් දියත් කරන ලදී. අතිශය ප්‍රචණ්ඩ වූ මෙම කැරැල්ල හා එයට එරෙහිව දියත් කරන ලද මර්දනය හමුවේ 40,000කට වඩා ජනයා මිය ගිය හ. තුර්කිය කුර්දි ජාතියක් සිටින බව පිළි ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත. ඔවුන් කියන්නේ කුර්දිවරු කියන්නේ කඳුකර තුර්කිවරුන් බවයි.

1990 දශකයේ සිට PKK පක්ෂය වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම ලිහිල් කරමින් වැඩිපුර ස්වයං පාලන බලතල ඉල්ලා සිටින ලදී. 199දී PKK නායක අබ්දුල්ලා ඔකලාන් රාජ්‍ය ද්‍රෝහී චෝදනා මත සිරගත කිරීම පක්ෂයට දරුණු බලපෑමක් විය. එහෙත්, කුර්දි ජනයා අතර එහි ජනප්‍රියත්වය තවමත් අඩු වී නැත. 2013 මාර්තු සිට අබ්දුල්ලා ඔකලාන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් දියත් වේ. එහෙත් PKK පක්ෂයට එරෙහි නඩු රැසක් විභාග වෙමින් තිබේ. බටහිර රටවල් PKK සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. 

ඉරාකයේ සදාම් හුසේන් පාලන සමයේ එරට කුර්දිවරු දරුණු මර්දනයකට මුහුණ දුන් හ. සදාම් හුසේන්ට එරෙහි යුද්ධයේදී කුර්දිවරු ඇමරිකන් හමුදාවට පක්ෂව කටයුතු කළ හ. එසේම ඔසාමා බින් ලාඩන් ගැන තොරතුරු හෙළිදරව් කර ගැනීමට ඉවහල් වූ ඔහුගේ පණිවුඩකරුවකු වූ හසන් ඝූල් අත්අඩංගුවට ගනු ලැබුවේ ද ඉරාකයේ කුර්දි සටන්කරුවන් විසිනි. පශ්චාත් සදාම් හුසේන් සමයේ ඉරාකයේ උතුරෙහි පෙෂ්මෙර්ගා කුර්දිවරු ස්වයං පාලනයක් පවත්වාගේන යති.


පෙෂ්මර්ගා සටන්කරුවෝ
පෙෂ්මර්ගා ස්වයං පාලන ප්‍රදේශයේ කුර්දි සටන්කරුවන්ට සිරියාවට පිවිස කොබානිහිදී ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ත්‍රස්තයන් සමග සටන් කිරීම සඳහා යුද ආධාර සැපයීමට නේටෝ යුද හවුල කැමැත්ත පළ කර තිබේ.

මේ වන විට ISIS ත්‍රස්තවාදීන් හා සිරියානු කුර්දි සටන්කාමීන් අතර සිරියාවේ කොබානි ප්‍රදේශයෙහි දරුණු සටන් පවතී. නේටෝ ගුවන් ප්‍රහාරවලට අමතරව කුර්දි සටන්කරුවන් අතින් ISIS ත්‍රස්තවාදීන් වෙත ගොඩබිම් ප්‍රහාර එල්ල කර පරාජය කිරීම බටහිර උපායමාර්ගය වී තිබේ. 

 ISIS ත්‍රස්තවාදීන් හා කුර්දි සටන්කරුවන් අතර ගැටුම් ඇති වූයේ කුර්දිවරුන්ගේ බලය සහිත පෙදෙස් සියතට ගැනීමට ISIS ත්‍රස්තවාදීන් ගත් උත්සාහයත් සමගයි.

මේ අතර සිරියාවේ කුර්දි ප්‍රජාතාන්ත්‍රික සංගම් පක්ෂය හෙවත් PYD ගැන කියවෙන කතාව තරමක් වෙනස් ය. මේ වන විට ඔවුන් සිරියාවේ ආඥාදායක ජනාධිපති බෂාර් අල් අසාද් සමග එක් වී සිටින බව වාර්තා වේ. ඇමරිකාව පසුගියදා කොබානිහිදී PYD  සංවිධානයට ගුවනින් අවි ලබා දුන්නේ ය.

එහෙත් සිරියාවේ බෂාර්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව ද එකවර සටන් කරමින් සිටින සිරියානු කැරලිකරුවන්ට ඇමරිකාව උපකාර කර නැත. 2011 මාර්තු සිට ආරම්භ වූ බෂාර්ට එරෙහි සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීමත් සමග සිරියාවේ බෂාර් පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැරැලි දියත් විය. පසුගිය වසර තුනහමාරක කාලය තුළ බෂාර් පාලනය විසින් මරා දමන ලද මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වේ. බෂාර්ගේ මර්දනය නිසා පළා ගිය ලක්ෂ 16ක් සිරියානුවන් ජීවත් වන්නේ තුර්කියේ ය. 

කුර්දි ජාතික විමුක්ති අරගලය මුහුණ දෙමින් තිබෙන සංකීර්ණ තත්වය පිළිබඳ කෙටි විවරණයක් කිරීමට අපි මෙම ලිපියෙන් උත්සාහ දැරුවෙමු. නූතන යුගයේ ජාතික විමුක්ති අරගල හා ඒවාට නායකත්වය දෙන  වාම බලවේග මුහුණ දෙන සංකීර්ණත්වය හා එය තුළ එම සංවිධාන විසින් අනුගමනය කරනු ලබන උපාමාර්ග අධ්‍යයනය කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. කුර්දි වරුන් සංස්කෘතික අනන්යතාවකින් බැදුණු විශාල ජනකොටසක් නමුත් ජිවත් වෙන්නේ එකම රටක නොවේ. ඒ ඇයි ? ඔවුන්ව බෙදුවේ කව්ද? ඔවූන්ගේ ප්‍රශ්නයට පිළිතුර වේනම රාජ්‍යක් ලබාදීමද ? එය කලාපීය වර්තමාන තත්වය තුල ගැලපේද? බ්‍රිතාන්‍යන් පැමිණීමට පෙර කුර්දිවරුන් වේනම් රටක් ඉල්ලා සටන් නොකරේ ඇය? ඔවුන්ගේ අරගලයට නායකත්වය දෙන වාම බලවේග මෙය තේරුම් අරගෙන තිබනවාද?

    ReplyDelete
  2. ආඩවනේ , පැරා ශහොදරය යෙපිල දැන් මේක බොරුවක් කියල මෝඩ සිංහල හැත්තට කියන්නේ කොහොමද ?
    යෙපිලට පු_ දෙන බ්ලොග් කාරයෝ ටිකට කියල අපි මේක බොදුබල සේනාවේ වැඩක් කියල ප්‍රචාරය කරමු.

    කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

    ReplyDelete
  3. පැරා ඕක ධනවාදයේ අර්බූදයක්ද නැත්නම් නව ලිබරල්වාදයේ වරදක්ද එහෙමත් නැත්නම් සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්ද?

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සේගේ මොලයේ තිබෙන නොදැනුවත්කමේ කුමන්ත්‍රණයක්.

      Delete
    2. මම මේ නිකමට මොලය ගැන අහපු මහත්තයාගෙන් අහන්නේ. මොලය මඩපුවක් කලයක් වගේද එහෙම නැත්නම් තට්ටම් දෙකක් වගේද? මහත්තයා අර සංසදේ සභාපති වගේ දැනෙනවා.

      Delete
    3. අනේද කියන්නෙ. පැරා සමාජවාදය ගැන ටියුෂන් පන්තියක් වත් දානවා නම් හොඳයි නේද අපේ නොදැනුවත්කම නැති වෙන්න?

      Delete
  4. Meka kohomawath wenna be pera,muslim jathikaya kiyanne harima Ahinsaka,Samakamee janathawak.(paththa godaya)

    ReplyDelete
  5. ඈමරිකන් කරයන්ගේ ඉසිස් ත්‍රස්තවාදයට විරුද්ද ක්‍රියාමාර්ග ලොකයෙම විහිලුවට ලක්වෙලා තියෙන්නෙ.ඒවගෙම අප්‍රසාදයට ලක්වෙලා අවසන්!බොහෝ ජාතීන් ඉසිස් ත්‍රස්තයන් මර්දනයට අමෙරිකාව ගෑන තවදුරටත් විශ්වාසය තබන්නෙ නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා