බොදු බල සේනාවේ අනාගත රජු කවුරු ද?

බොදු බල සේනාව ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව නිවේදනය කළේ ය. එය කිසි සේත් ම පුදුමයට කාරණයක් නො වේ. හැංගි හැංගි වෙස් බඳින්නේ නොබෝ දිනකින් එළියට එන්නට බව නො දැන සිටියේ කවුරු ද? 

හාමුදුරුවරුන් පාර්ලිමේන්තුව ආදී මහජන නියෝජිත සභාවලට පත් වීමට මැතිවරණවලට තරග නො කරන බව ද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසී ය. මෙය ඔය කියන තරම් හොඳ දෙයක් නො වේ. ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතායතන ඉක්මවා ගිය ආගමික සුපිරි සභාවක් ගැන මොවුන් සිහින දකිනවා විය හැකි ය. 

අනෙක් වැදගත් කාරණය ඥානසාර භික්ෂුව සිය නායකයා ගැන කියූ කතන්දරයයි. අප නම් අනුමාන කරන්නේ මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන ය කියා ය. 

ඔහු හෝ වෙනත් කවුරු හෝ බොදු බල සේනා නායකයා රජ කරන්නට බොදු බල සේනාව ගන්නා ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිදු වන්නේ ද යන්න ගැන ජනතාව පමණක් නොව පාලකයින් පවා අවදියෙන් සිටිය යුතු බව අපි පෙන්වා දෙන්නෙමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. වෙන කා ගැනද ඉතින් ඔය කියන්නේ ගෝඨාභය නන්දසේන ගැනම තමයි.

    ReplyDelete
  2. බොදු බල සේනාවට බලය සපයන්නෙ සර්දාව. සර්ධාවට වඩා වැදගත් ආගමට වඩා වැදගත් ක්‍රම තියනවා කියලා අපිට ජනතාවට අවබෝධ කරවන්න පුලුවන් නම් ඒකට වටිනවා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ‘සර්දාව‍‘ කියන්නෙ? දන්නෙ නැති නිසයි ඇහුවෙ. ‘ශ්‍රද්ධාව‘ කියල වචනයක් නම් දන්නවා.

      පැරා,

      මොකද හිතන්නෙ, මේ විදියට වචන වෙනස් කරන එක ගැන? (මේ මනුස්සයා මේක කරන්නෙ නොදැනුවත් කම නිසා නෙවෙයි. ඕනෑකමින්මයි.) ඉංග්‍රීසි භාෂාවෙත් මේ වගේ දේවල් වෙනවද? (අපි කැමති ආකාරයට වචන වල අකුරු වෙනස් කරල ලියන්න පුළුවන් රීතියක්?)

      Delete
  3. ඒපාර තව කරුමයක් එන්න හදන්නෙ. මෙ ගොන් වහන්සෙ හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවොත් සිංහල කියලද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔබ 100 % නිවැරදියි.

      Delete
  4. Is this going to be a war between mahinda and gotabaya

    ReplyDelete
  5. බොන බඩු සේනාවේ මේ ප්‍රකාශය නිසා කාලයක පටන් තිබුණු ප්‍රශ්න කිහිපයක් නිරාකරණය කර ගන්ට හැකිවිය. චම්පියාත් රතනයාත් පුකේ ගිනි පෙනෙළි එබ්බවූ ගෝරිල්ලන් මෙන් මහත් වේදනාවකින් උඩ පැණ පැණ රිලා නැටුම් නටන්නේ මන්ද දැන් පැහැදිළිය. බඩු සේනාවේ අස්සයා මහමැතිවරණයේ දුවන විට චම්පියාටත් රතනයාටත් නෝ චෑන්ස්ය. රතනයා රහත් වී ඍද්ධියෙන් රේස් එක වැඩියත් බඩු සේනාවේ ගොළු-අබා අස්සයා ඇල්ලිලි බොරුය. වැරදිලාවත් බඩු සේනාව අස්සයින් තුන්දෙනකුට වඩා රේස් එකට දැම්මොත් චම්පියාට තියෙන පුකත් නැති වෙයි. ඒ විතරක් නෙවෙයි ලියන-ආච්චි තරුණ මහත්මියද චම්පියාට දී ඇති පුක අරගෙන ගොස් "මෙන්න සෑර්, මේකත් සෑර්ම ගන්ඩකෝ" කියා හැට හතරෙන් එකක් පා ඒකත් ගොළු-අබා සෙනෙවියාටම දෙනු ඇත්තේය. ඊට පස්සේ චම්පියාත් රතනයාත් පස්සේ එනු ඇත්තේ සුදු වෑන් විතරය.

    මේකට මතක් වෙන උපමාව මේකය.

    කාලයක් කාගිලිස් ආහාරනගරයන්හි (Food-cities) වෙන වෙන ආයතනයන්හි නිෂ්පාදිත හාල්, සීනි, පරිප්පු විකිණීමට තබා තිබුණේය. ආහාරනගරකාරයාට මේකෙන් ලොකු ගතමන්ට් එකක් නොලැබේ. ලාභයෙන් කොටහක් ඒ ඒ දේවල් නිෂ්පාදනය කරන සමාගමටද යන නිසාය. ඒ නිසා ආහාරනගරකාරයා තමන්ගේම කාගිලිස් හාල්, කාගිලිස් පරිප්පු, කාගිලිස් සීනි නිෂ්පාදනය කරයි. දැන් ලාභය තමන්ටමය. මහින්ද මාමිත් ඉගෙනගන්ට ඇත්තේ ආහාරනගරකාරයාගෙනි. කලින් ජාතිවාදය පැතිරවීම අවුට්සෝස් කර තිබුණේ හෙළු උරුමයටය. ඒක මොන තරම් පුකේ ඇණයක්ද කියා දැන් පෙනේ. මේ වැඩේ රාජපස්ස පවුලේ කෙනෙකුටම කරන්ට බැරි ඇයි? “මල්ලියේ ඔහේම ඕක කොළොත් මක්කෙයි? අරුන්දැලාට යන ගාණත් අහකයි නෙවැ. හරිය?” නටාමියාට ගාණක් දෙන්නා වගේ බලු සේනාවට සත පණාක් දුන්නාම හරිය. මහින්ද මාමි ගොඩය. ගොළු අබා සෙනෙවියාත් ගොඩය. නානේත් ගොඩය. නානේගේ පුරංසයේ ගර්ල්ෆ්‍රෙන්ඩුත් ගොඩය. චම්පියා හා රතනයා විතරක් බෝක්කුව උඩ කණ හාර හාරා ඇට කස කසා සිටිනු ඇත.

    පොරබාකොරන් ලොක්කා හිටියානම් මුන් දෙන්නාට පුකෙනුත් හිනාවෙනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. සියයට සියයක්ම නිවැරදිවූ විශ්ලේෂණයක්!
      හැබැයි තමුන්ට බෝක්කු උඩ තපින්න වෙන බව දැනගත්තොත්, අපේ දේශප්‍රේ-මීයන් දෙන්නා, අංශක 360ක් කැරකිලා රජාගේ කකුල්දෙක ළඟ පුරු පුරු ගාන එකක් නැද්ද?

      Delete
    2. Cargills kathawata nam kate masuran danna watinawa, mama oka gana hithuwa witharayi me dan, issara elephant house honda ice cream ganna thibuna cargills eke, dan ewa hadana ekath munma karanawa, cargills ice cream kate thiyanna bari tharam balayi

      Delete
  6. ඔය කියන පුද්ගලයාව කොහොම හරි රජකරවනවාය කියන්නෙ මැතිවරණයෙන් පැරදුනත්, මැරබලය යොදා හෝ ඔහුව බලයට පත්කරනවාය කියා කියන එකද? එතකොට අප දන්නා අයුරින් ඔහුව බලයට පත් කරන්නේ ඡන්ද දායකයා සිය රහස් ඡන්දයෙන් නෙමෙයිද? ටිකක් පැහැදිළි කළොත්.....!!!

    ReplyDelete
  7. බොදු බල සේනාවට විවෘත ලිපියක්. මේ සාකච්ඡාවට අදාළ යැයි හැගෙන බැවින් මේ ලින්ක් එක ඇතුළු කළෙමි.

    http://nishanthakamaladasa.wordpress.com/2014/10/10/%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B6%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/

    ReplyDelete
  8. මාත් මේ නිව්ස් එක ඊයේ අහම්බෙන් දැක්ක.. ඔය කියන උන්නැහැ ගැනද එතකොට කිව්වේ දැන් 'තරුණ පරපුර' එහෙව් එකකට සෙට් වෙනව කියල.. හැබෑට ඔය කොහෙ තරුණ පරපුරක් ගැනද කියන්නෙ? එතකොට එතුමට අහිමි වෙච්ච ගොඩක් දේවල් කිව්වේ.. අපි දන්න තරමින් එයාට අහිමි වෙච්චි එකකට වඩා පැරචූට් වලින් ලැබිච්ච දෙවල් නෙ වැඩි.. හෙට සුදු වෑන් එකක් එයිද මංදා.. හෙහ් හෙහ්..

    ReplyDelete
  9. බොදුබල සේනාවට විවෘත ලිපියක්

    http://nishanthakamaladasa.wordpress.com/2014/10/10/%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%B6%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/

    ReplyDelete
  10. ඉතින් මොකද ? පැරකුම්ට ජෙලද ?
    තම්බින්ට ඉල්ලන පුළුවන් නං බොදු බලේට බැරි මොකද ?

    ReplyDelete
  11. බොදු බලය, අපි සිංහල කියාගෙන එන කවුරැත් අන්තිමට නවතින්නේ පාර්ලිමේන්තුවේ. බො.බ.සේනා එකත් ඊළග මැතිවරණයට තරග කරනවා. Ganasara Thero says BBS will redy for contest parliament election අන්තිමේ පාර්ලිමේන්තු ගියාට පස්සේ ජාතිය, ආගම මොකක්ද කියලවත් මතක තිබුණොත් ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා