උතුරට යාල්දේවිය යන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉදිරියට චලනය විය යුතු ය

යාල් දේවි අද සිට නැවත යාපනයට ධාවනය වේ. 

ඒ හරියට ම වසර 24කට පසුවයි. ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කොටි සංවිධානය කළ යුද්ධය අවසන් වී පස් වසරකට පසුවයි. දුම්රිය මාර්ගය නැවත ඉදි කෙරුණේ ඉන්දීය රජයේ උපකාරයෙනි. 

කෙටි සංවිධානය මෙම දුම්රිය මාර්ගය ගලවා එහි යකඩ හා ලී යුද කටයුතු වෙනුවෙන් භාවිතා කළේ ය. සටන් විරාම සමයේ උතුරු ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී දුම්රිය මාර්ගය දිස් වූයේ තවත් ගුරු පාරක් ලෙසයි. 

“අපරාදෙ!" මම කීවෙමි. 

“ඊලාම් රාජ්‍යය පුංචියි. ඒකට කෝච්චි ඕනැ නැහැ," යි දැන් විදේශගත වි සිටින සිංහල ඊලාම්වාදියෙක් මට පිළිතුරු දුන්නේ ය. 

ලෝකයේ කොතැනක හෝ දේශ සීමාවක් සලකුණු වී වැටක් බැඳීම පීඩිත පංතික ජනයාට ප්‍රීති වීමට කරුණක් නො වේ. පීඩිත ජාතීන්ගේ හිමිකම් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය. එහෙත්, පීඩිතයන් තමන්ගේ අවකාශය වෙන් කර ගත් පමණින් පීඩනය අවසන් වන්නේ නැත. එයින් සිදු වන්නේ තවත් එක් සිර ගෙයක් නිර්මානය වීම පමණි. 

ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතීන් වශයෙන් රාජ්‍ය වෙන් කර ගැනීම නො වන බව අපි දිගින් දිගට ම අවධාරණය කළෙමු. ජාතික සීමාවන් අතික්‍රමණය කරන නව සංදර්භයක් තුළ දේශපාලන ප්‍රජාව නැවත සංවිධානය කිරීම වෙනුවෙන් අප පෙනී සිටින්නේ එහෙයිනි. වඩා නිශ්චිතව කිව හොත්, සියලු ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ලාංකීය දේශපාලන ප්‍රජාවක් ගොඩ නැගීම වෙනුවෙන් අපි පෙනී සිටිමු.   ඒ වෙනුවෙන් සියලු ආකාරයේ වාර්ගික දේශ සීමා පිළිකෙව් කරමු. 

යාල් දේවි යනු හුදෙක් මහින්ද රාජපක්ෂගේ කෝච්චියක් නො වේ. යාල් දේවියට ඉතිහාසයක් ඇත. අනෙක් පැත්තෙන් එහි වර්තමානය නිර්මානය වන්නේ ඉන්දියාවේ ද මැදිහත් වීම සහිත කලාපීය සංදර්භයක් තුළ ය. 

කොටි සංවිධානය යාල් දේවියේ ගමන වැළැක්වූයේ දේශ සීමා නිර්මානය කිරීමේ උපාය මාර්ගයේ එක් පියවරක් ලෙසයි. එහෙත්, ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීමේ යුද්ධයෙන් දෙමළ ජාතිවාදීහු පරාජය වූ හ. අද වන විට දෙමළ ඩයස්පෝරාවේ ජාත්‍යන්තර උපායමාර්ග ද බොහෝ දුරට අසාර්ථක වී තිබේ. 

ලංකාවේ සංවර්ධනය හා සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරයක් ද අවශ්‍ය ය. ජාතීන් අතර සංහිඳියාව තිරසාර වන්නේ එමගිනි. 

උතුරට යාල්දේවිය යන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉදිරියට චලනය විය යුතු ය.






මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /“ඊලාම් රාජ්‍යය පුංචියි. ඒකට කෝච්චි ඕනැ නැහැ," යි දැන් විදේශගත වි සිටින සිංහල ඊලාම්වාදියෙක් මට පිළිතුරු දුන්නේ ය. /

    ප්‍රභාකරන්ට තිබුණෙත් දකුණෙ සමාජවාදීන්ට තියෙන මානසිකත්වයම තමයි. අපි පුංචියි. අපට ඔය ලොකු දේවල් ඕනැ නැහැ. ඕවා කරන්න අපි කවුද? ඔය පොඩියට අපේ දෙයක් බලාගෙන ඉඳිමු. ඒ අතින් මහින්ද මාමා හොඳයි.

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා කියන උන් තමයි එතකොට පොරවල්, ඊලාම් රාජ්‍යය පුංචියි කිව්වෙ වර්ග කිලෝමීටර් ගාන බං. හිහිහිහිහිහි

      Delete
    2. ඒක තමයි හරකො මොට්ට කතාවක් කිව්වෙ. රේල් පාරවල් ඕනැ රටක් ඇතුළෙ ගමන් වලට ප්‍රවාහනේට විතරක් නෙවෙයි. රටට පිටින් දෙයක් ගේන්න මාර්ග ඕනැ. අච්චර කෙළ ගන්න දකුණු කොරියාවයි උතුරු කොරියාවයි සහයෝගයෙන් රේල් පාරවල් හදන්නෙ ඒ හන්දා.

      Delete
    3. අනේ යකෝ තෝ නම් ඔලු දෙකේ ගොනෙක් බන්, ප්‍රභාකරන්ල කරේ එතකොට පොඩි පොඩි වැඩද?

      Delete
    4. ප්‍රභාකරන් කළේ පොඩි වැඩ තමයි. ඌ වගේම පොඩි එවුන් ටිකක් ඉන්න කල් අල්ලගෙන හිටියා. ටිකක් හරි ලොකුවට හිතන්න පුළුවන් එකා ඉස්සරහ වැටුණා. ප්‍රභාකරන් ලොකු වැඩ කළා නම් අද මට මේක ලියන්න වෙන්නෙ දෙමළෙන්.

      Delete
    5. අවු.30ක් 15දෙනෙක් 75 දෙනෙක් එක්ක සටන් කරල උනට හුජ්ජ යවන එක උඹට පොඩි හින්ද වෙන්ඩ ඇති උඹල වගේ ගෑනුත් නොවන පිරිමිත් නොවන උන් එලියටවත් බහින්නෙ නැතුව ගැහි ගැහි හිටියෙ.

      Delete
    6. පැරාගෙ බ්ලොගෙට එන පැරාට ලැයික් කස්ටියගෙ පුල්ලි මතුවූ අවස්ථාවක්. නෝටිය.. හින්ගල ඊලාම් වාදීන් එක්ක ට්‍රිප් ගිහින්

      Delete
    7. කොටින්ද මනුස්සයෝය

      Delete
  2. අද ගිය යාල් දේවිගේ ඉන්දියන් කොඩිය ගහලා තිබුණේ මොකද කියන එකට උත්තරයක් දෙන්න පැරා දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ කොඩිය සහ ලංකාවෙ කොඩිය දෙපැත්තෙ එල්ලල තියෙන්නෙ. හේතුව මේක ඉන්දියානු ණය වලින් ඉන්දියන් සමාගමක් හදාප් හින්ද බව ආයි ඔන්න මතක් කරා.

      Delete
    2. අපටත් බැරිද මන්දා අභීතයා වගේ ඉන්දියාවට ණය නොගෙවා ඉන්න?

      Delete
    3. විදේශ ණය උගුලෙන් රට බේරාගැනීමට අභීතයා ජනාදිපති හෝ ජනාදිපති උපදේශක කරමු

      Delete
    4. සජින් වාස්ගෙ කැරැක්ටර් එක දැක්කම, මිනිහටත් එහෙම "තැනකට එන්න" මේ ආන්ඩුව යටතෙ බැරි වෙන්නෙ නෑ. හැබැයි අවුල, මේක "මාර" ආන්ඩුව. එතකොට මාර පරස්පරයක් ඇතිවෙනව!

      Delete
    5. ඔය ඉන්දික කියපු දෙක එක තැනකට ගේන්න ඉතින් කෝච්චියක් නැතුව පරණ පොඩි වාහනයත් යොදාගන්න පුළුවන්....

      මම නම් හැබැයි බ්‍රෝකර් රස්සාවෙන් අයින් උනා....

      Delete
  3. දැන් ඉතිං ජාතිවාදයයි,බොදු බලයයි,යාල්දේවියෙ පටවල උතුරට යැව්වැකි.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මැතිවරණය ඉවර වෙනකල් ජාතිවාදෙකුත් නෑ, බොදු බලේකුත් නෑ. ඕව කරන්නෙ මැතිවරණය ඉවර වෙලා මාස දෙක තුනකින්. මැතිවරණය වන තුරු "අපි වෙමු එක මවකගෙ දරුවෝ"

      Delete
  4. Heta Anidda wenakota,thawathawa dewal dewi,denata Gas,yaldewi,Asrana mara,Me nasthi karana kerillata,gedara kannawath nethilu.ME Rate Janathawa Ethumagen illalathiyenne GAS withrai,

    ReplyDelete
  5. යාල් දේවී උතුරට නෙමෙයි පැරා මූද මැද්දෙන් චෙන්නායි වලට ගියත් වැඩක් නෑ.. පිලී දෙක එක්කාසු නොවි..

    ReplyDelete
    Replies
    1. හෑ... පීලි දෙක එකතුවුනොත් යාල්දේවි බයික්කෙට තමා යන්ඩ වෙන්නෙ

      Delete
  6. Priyalal Koggalage in Facebook

    දැන් යාපනේ මිනිස්සුන්ටත් පුළුවන් කෝච්චියට බෙල්ල තියන්න.

    https://www.facebook.com/koggalage/posts/814800248540015?fref=nf

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඊක්වල් ඔපචුනිටි උතුරටත්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා