දොස්තර ක්‍රිස් නෝනිස්ට හැදුණ ලෙඩේ මොකක් ද?

ක්‍රිස් නෝනිස් යනු වෛද්‍යවරයෙකි. ඔහු විදේශ සේවයේ සුදුසුකම් හෝ පළපුරුද්දක් හෝ ඇත්තකු නො වේ. එහෙත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ය. වඩා නිවැරදිව කියනවා නම් හිටපු මහ කොමසාරිස්වරයා ය. සජින් වාස් ගුණවර්ධන නම් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය කරන බව කියන ව්‍යාපාරික දේශපාලකයා විසින් ඔහුට ඉල්ලා අස් වන්නට තරමට ගුටි පූජාවක් දී තිබේ.

ඕනෑම රාජ්‍යයක් සිය විදේශ සේවය සඳහා එම සේවයෙන් පිටස්තර සුවිශේෂ පුද්ගලයන් පිරිසක් බඳවා ගනියි. එංගලන්තයේ උගත් ක්‍රිස් නෝනිස්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි ය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයෙන් ලංකාව කොර වී තිබේ. එයින් එංගලන්තය ද කොර වී ඇති බව ලංකාවේ අය සිතති.

ලංකාවේ විදේශ සේවය පිරී ඇත්තේ විදේශ සේවය සඳහා සුදුසුකම් ලත්, පළපුරුදු නිලධාරීන්ගෙන් නොව ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෑතදී හෙළිදරව් කළ පරිදි ශී‍්‍ර ලංකාවේ තානාපති සේවයේ තානාපතිවරු 49දෙනෙකුගෙන් 35දෙනෙකුම දේශපාලන පත්වීම් ය. ඉතිරි 14දෙනාගෙන් ද තිදෙනෙක් විශා‍්‍රමික විදේශ සේවයේ නිලධාරිහු වෙති.

ශී‍්‍ර ලංකාවේ විදේශ සේවයට ඇතුලත්වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් කිහිපයක් ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් ඇති වයස අවුරුදු 32ට අඩු අයෙකුට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පවත්වන විවෘත තරග විභාගයට ඉදිරිපත් විය හැකිය. ඉන් සමත්වන අය ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය, සංස්කෘතිය සහ විදෙස් කටයුතු පිලිබඳව පවත්වන සම්මුඛ පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු ය.එම අපේක්ෂකයින් විදේශ භාෂාවක් හෝ භාෂාවන් පිලිබඳව පරිණත දැනුමක් සහිත විය යුතු ය.

මෙසේ වසරකට 10-11 ක පමණ පිරිසක් වාර්ෂිකව විදේශ සේවයේ 3වන ශ්‍රේණියට බඳවා ගැනේ. ඔවුන්ට විදේශ සේවය පිළිබඳ පුහුණුවක් ද ලබා දෙනු ලැබේ. විදේශ සේවයේ උසස්ම තනතුර වන්නේ තානාපති හෝ මහ කොමසාරිස් ය. ඉහත බඳවා ගැනීමේ ක‍්‍රමවේදය අනුව විදේශ සේවයට ඇතුල්වන ආධුනිකයෙකුට තානාපති ධූරය දක්වා ගමන් කිරීමට කඩඉම් ගණනාවක් පසු කර, පශ්චාත් උපාධියද සමත් වී වසර 15ක පමණ පළපුරුද්ද ලබා ගත යුතු ය.

ක්‍රිස් නෝනිස්ලා, සුදර්ශන සෙනෙවිරත්නලා වෙන වෙන වැඩ කරමින් සිට විදේශ සේවයට අහසින් පාත් වන්නේ මේ කිසිවක් නොමැතිව ය.

සජින් වාස් ගුනවර්ධන වැනි දේශපාලකයන් සමග කටයුතු කරන්නට පවා පුහුණුවක් අවශ්‍ය ය. වතුර වගේ ඉංග්‍රීසි කතා කළ පළියට විදේශ සේවයේ වැඩ කළ නො හැකි ය. අනෙක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු ඇමරිකාවට හා යුරෝපයට ඉංග්‍රීසියෙන් බනින්නට පුළුවන් වීම පමණක් නො වේ.

ලංකාවේ තානාපති සේවයට පත් කරන ලද දේශපාලන බත්බැලයන් අතර සිටි ජනාධිපතිගේ ළඟ නෑයකු වන ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිළ දී ගැනීමේදී කොමිස් ගසා අසු වී සේවයෙන් ඉවත් කරන ලදී.

ලංකාවේ විදේශ සේවය සින්න වී ඇත්තේ මෙබඳු පුද්ගලයන්ට ය.

ක්‍රිස් නෝනිස් ලංකාවට යම් සේවයක් කරන්නට තිබුණු උවමනාව නිසා ආණ්ඩුවට සම්බන්ධ වන්නට ඇත. එහෙත්, ආණ්ඩුව කියන්නේ රජ පවුල වෙනුවෙන් මහජන මුදල් ගිලින බිස්නස් කරන සජින් වාස්ලා මිස ක්‍රිස් නොනිස්ලා නොවේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙයා MBBS දොස්තරද? නැත්නම් වෙන PhD Doctor ද?

    ReplyDelete
    Replies
    1. ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ පුහුණුව ලද හෘද රෝග විශේෂඥයෙකි. (Cardiologist). එසේම ලංකාවේ Macwoods සමාගම අයත් වන්නේ ඔහුගේ පවුලටය. ඔහු වර්තමානයේ එහි සභාපතිවරයාද වේ.

      Delete
    2. ඇයි උඹේ ඔලුවේ අමාරුවට බේත් ගන්නද ?

      Delete
    3. දොරකඩමාරාවOctober 1, 2014 at 1:28 PM

      අපේකම,ගැමිසුවඳ,ශ්‍රිලංකේය අනන්‍යතාව,රෙද්ද බැනියම,මැල්ලුම් මුට්ටිය වගෙද මිස්ටර් හසන්ත USA

      Delete
    4. මම කතාවක් ලියනවා. මට හිතෙනවා මේකට මට සාහිත්‍ය ලෝකයේ තියන ලොකුම සම්මානය හම්බ වෙන්න ඕන කියලා. කියවල බලලා මේක ලෝක සාහිත්‍ය උලෙලට දාන්නකො මෙයාලා....

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  2. අර ලොරිය කීයටද දන්නෙ නෑ නේද විකුණුනෙ

    ReplyDelete
    Replies
    1. ලොරිය කීය උනත් ගන්නවා කියලා තමා ඉන්දිකය කියලා තිබ්බෙ.... වැඩි ලංසුවට වෙන එකෙක් ගත්තද දන්නෙ නෑ.... අයිති කාරයත් ලොරිය දෙනවද නැද්ද කියලා දෙකට දෙවාරෙලුනෙ හිටියෙ....

      Delete
    2. ග්‍රීස් ගාමිණී අදත් ඇවිත්.

      Delete
    3. ඉන්දික මේ දවස් වල චානුක වත්තේගමගෙන් ගේම ඉල්ලමින් ඉන්නේය.

      Delete
    4. ගූතලන් ලොක්කා චානුකව උඩ දාගෙන දැඟලුවට වෙන කවුරුත් එයාව පඩේකට ගණන් ගන්නෙ නැහැ. බොරු ෂෝක් විතරයි.

      Delete
  3. "බල්ලොත් එක්ක බෑ " කියන්නේ නිකං නෙවෙයි. ලොක්ක වටේ ඉන්න නඩේත් එක්ක ගැවසෙන්න ශිෂ්ඨ/උගත් මිනිහෙකුට අමාරුයි. මෙයා අපරාදෙ මේ නිග්‍රහ විඳින්න ආවේ බිස්නසුත් පාඩු කරගෙන.

    ReplyDelete
  4. ඉල්ලා අස්වුණා කියන්නේ ඔහු පී නෝනිස් නොවේ!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකත් දාමුද කකා...

      Delete
    2. කකා..... අර ලොරිය කීයටද විකුණුනෙ

      Delete
    3. කකා පී වුන නිසා නේද බොග කොටන එක නැවැත්තුවේ

      Delete
    4. කකා දන්නෙ කොහොමද බං ලොරිය කීයට විකිනුවද කියලා? කකාගෙ රුචිය ලොරි වලට නෙවෙයි ඩුවල් පර්පස් වෙහිකල් වලට.

      Delete
    5. ලොරියත් ඩුවල් පර්පස් තමා.... රිවස් එකෙත් හොඳට වැඩ.... ලෙඩ නෑ.... රිවස් එකේ යනකොට එන්ජිමේ සද්දෙ අහන් ඉන්න ආසයි...

      Delete
    6. ඒ වුණාට කකා ලොරි වලට කැමැති නෑ. ලොරියක් ගන්නවනම් කකාට කොයි තරම් චාන්ස් ආවද? ඔය නොදැක්ක වගේ හිටියෙ ඒ දවස් වල.

      Delete
    7. ඔය මළකඩ කාච්ච ලොරි කටු හොඳයි මෝඩයින්ට.... මෝඩයොන්ට ගොඩයන්න කියාපු වාහන තමා ලොරි....

      Delete
    8. අභීත අද වැඩ නැද්ද? බිස්නස් අඩුද දැන්?

      Delete
    9. ආහ්.... ණයට දෙන මහත්තයත් ඇවිල්ලා...

      Delete
    10. මගේ යාලුවෙක් ඉල්ලා අස්වෙලා මලා

      Delete
    11. උඹේ කවුරුත් පරණ ලොරියක් පැදලා මලේ නැද්ද?

      Delete
    12. ග්‍රීස් ගාමිණී ලොරියක් පදින්න බැරුව ඉරිසියාවෙ මලා

      Delete
    13. අභීතට තියෙන්නෙ ලොරියක් නෙවෙයි පරණ බූමිතෙල් කරත්තයක්.

      Delete
    14. ලොරි කේස් එක ගැන අප්ඩේට් යන්නේ කාගේ බ්ලොග්වලද?

      Delete
    15. ග්‍රීස් ගාමිණීයො තෝ සොමියට ගහපු එක කරුමෙට හිටිය නිසා බඳින්න වෙච්ච එකට ලොරියෙ ඩැයිවර්ල මක්ක කරන්නද බං. උන්ට ලොරිය පැදගන්න දීල මට ඉන්නෙ ලෝකෙ හොඳම ගෑණි කියල ඒකිව කාමරේ නැවතිල ඉන්න කොල්ලො එක්ක දාල උඹ මුරේ බුලත්විටි කන ගෑනියෙක්ගෙ හඩු වට්ටක්කයක් උරච්චි කර කර ඉඳින් දැං ඉතින්.

      Delete
    16. බුකියෙ රහසිගතව තමා කථා වෙන්නෙ.....

      Delete
    17. ලොරිය නම් මග හිටින්නෙ නෑ ෂුවර් එකට .... මොකද 40 ශ්‍රී නිසා දැන් කල් පැනල.... ඒක නිසා ලොරියෙ අයිතිකාරයා ලෑල්ලට පාගලා යනවා....

      Delete
    18. ලොරියත් කැමතිය කියන්නෙ ලෑල්ලට පාගලා යනවට.... හැටට හැටේ යනකොට හෝන් ගහගෙන තෙල් බේරි බේරිලු යන්නෙ....

      Delete
    19. මට නම් පේන්නේ පී. නෝනිස් වේගන එනවා වගේ.. කෙහෙලිය කියන්නේ එහෙම අස්වීමක් ලැබිලා නෑ කියලා... අනික නෝනිස් ගෙ පැත්තෙන් කිසිම ප්‍රසිද්ධ ප්‍රකාශයක් නැහැනේ...

      Delete
    20. This comment has been removed by a blog administrator.

      Delete
    21. This comment has been removed by a blog administrator.

      Delete
  5. ෂුවර් එකට සජින් වාස් පැරාගේ වෙබ් එක කියවනවා.. ඒක නිසා තමයි ක්‍රිස් නෝනිස්ට දීලා අදින්න ඇත්තේ.. මොකෝ මීට කලිනුත් පැරා මේ විදේශ සේවය ගැන් ලියලා තිබුනා..

    මට ළොකු ප්‍රශ්ණයක් තියෙනවා.. දැන් පැරාට අනුව ක්‍රිස් නෝනිස්ගේ ඉන්ගිරිස් නොලේජ්, ඉස්පීකින් ඇන්ස් ප්‍රනව්සේසොන් ටූ මච්.. ඝෝඨා ෆුල් අවුට්.. ඉස්පීකින් බ්‍රෝකන් ඉන්ගිරිස්.. පැරා අපිට කියනවද අපි කවුරු වගේ ඉන්ගිරිසි දැණුම තියෙන තත්වෙකටද එන්න ඕන කියලා.. මොකෝ පැරා ඉන්ගිරිස් සෑර් කෙනෙක්නේ..

    ReplyDelete
    Replies
    1. ගූතලන් වගේ සුද්දන්ගේ පුක ලෙව කන ගානට ඉංගිරිස් දැනගත්තම ඇති

      Delete
    2. ගඩ්ඩොන්ට මොන ඉන්ගිරීසිද බං....

      Delete
    3. මගේ යාලුවෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිහින් මලා

      Delete
    4. අභීතට තියෙන්නෙ ලොරියක් නෙවෙයි පරණ බූමිතෙල් කරත්තයක්.

      Delete
    5. පිස්සුද බං ඒකි භුමිතෙල් කරත්තෙක බැඳපු පට්ට ගොණෙක්... රත්නපුරේ බට්ටිටවත් ඇරල නෑලු එච්චර මිනිස්සු...

      Delete
  6. පැරා සමහරවිට නොදන්නා කමින් මෙහි වැරදි චිත්‍රයක් මවා පායි.

    ඇත්ත. විදේශ සේවය යනු (වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් මෙන්ම) උගත්, සුදුසුකම් ලත් වෘත්තිකයන් පමණක් නියැළිය යුතු වෘත්තියකි. හැබැයි මේ කතාව අදාළ වන්නේ තානාපති කාර්යාලයක First Secretary ගෙන් පහළ කාර්ය මණ්ඩලයටය. තානාපතිකම යනු තනිකරම PR වැඩකි. තානාපතිවරයකුගේ එකම වගකීම තමා වැනිම ඉහළ පන්තියේ කිහිප දෙනකු සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැන්මය. සමහර විට ලියුම් සීයක් ලියා වත් කර ගත නොහැකි කාර්යයන් මේ සම්බන්ධකම හරහා සිදු වෙයි.

    එසේම පැරා හිතා ඉන්නා හැටියට තානාපතිකම විදේශ සේවයේ ඉහළම තනතුර නොවේ. විදේශ සේවයේ ඉහළම තනතුර First Secretary ය. තනාපති කොහොමත් දේශපාලන පත්වීමකි.

    වෙනත් රටවල තානාපතිකම් වලට වඩා එංගලන්තයේ තානාපතිකම සුවිශේෂී වන්නේ සුද්දා තමන්ගේ භාෂාව සංස්කෘතිය මාර ඉහළින් තබා ගන්නා හෙයිනි. එනිසා උන්ට දිය යුත්තේද ඒ සංස්කෘතියේම හැදුණු වැඩුණු, උන්ගේම භාෂාව කොර වෙන්නට කතා කළ හැකි, හොඳ සන්නිවේදන හා PR හැකියාවන් ඇති කෙනෙකි. මේ සියළු සුදුසුකම් ක්‍රිස් නෝනිස්ට ඉහටත් උඩින් තිබේ. ජාලිය වික්‍රමසූරියලා වෙනස්ය.

    ReplyDelete
    Replies
    1. අපේ හීන ලෝකයේ පැරා තමයි හරි. උඹ වැරදියි. නොදකිං ගල් මූසලයා. අපේ හීන ලෝකේ ආතල් අපිට ගන්න දීල පලයං ආපු අතක් බලාගෙන.

      Delete
    2. මගේ යාලුවෙක් ආතල් ගන්න ගිහිං මලා.

      Delete
    3. @AnonymousOctober 1, 2014 at 8:10 AM
      //එසේම පැරා හිතා ඉන්නා හැටියට තානාපතිකම විදේශ සේවයේ ඉහළම තනතුර නොවේ. විදේශ සේවයේ ඉහළම තනතුර First Secretary ය. තනාපති කොහොමත් දේශපාලන පත්වීමකි. //
      තානාපති තනතුර යනු “දේශපාලන” පත්වීමක් කියන කතාව වැරදියි. ඔයා එහෙම හිතන්නෙ තානාපති/ මහකොමසාරිස් තනතුරට යමෙක් පත්කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිවරයාට (රාජ්යි නායකයාට) වීම නිසයි. නියම ක්ර මවේදය නම් විදේශ සේවයේ ඉන්න, ජ්යෙමෂ්ඨ නිලධාරියෙකු පත්කිරීමයි. නමුත් ලංකාවෙ පවතින ‍තත්වය අනුව, ජනාධිපතිවරයා යනු “ආණ්ඩු පක්ෂයේ නායකයා” වීම හේතුවෙන් තානාපති පත්වීම් “දේශපාලන පත්වීම්” බවට පරිවර්තනය වෙලා.
      අනිත් එක ඔයාගෙ ඔය තර්කයට අනුව, ශ්රී‍ ලංකා පරිපාලන සේවයේ () කෙනෙකුටත් යන්න පුළුවන් උපරිම තැන, අමාත්යාංෙශයක නම් සහකාර ලේකම් තනතුර සහ දෙපාර්තමේන්තුවක නම් දෙපාර්තමේන්තු ප්ර්ධානියාට පහළ මට්ටමේ තනතුරක් විය යුතුයි. මොකද අමාත්යාංයශ ලේකම්වරයා පත්කරන්නෙ ජනාධිපතිගෙ අභිමතයට. දෙපාර්තමේන්තු ප්රුධානියකු පත්වෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ අනුමැතියෙන්, රාජ්යප සේවා කොමිසම මගින්.
      ත්රිරවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා පත්කරන්නෙත් ජනාධිපති. එතකොට ඒකත් “දේශපාලන” පත්වීමක්ද? (ඒ තනතුරු වලට පත්වෙන අය ආණ්ඩුවෙ බර අදින/ ඇදපු අය වීම වෙනම කතාවක්)

      Delete
  7. ක්‍රිස් නෝනිස් කෝට් සාක්කුවේ ලේන්සුවක් දාගෙන ඉන්නේ හොටු පිහදාන්නද

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් හොටු පිහිදාන්න ගිහිං මලා.

      Delete
  8. මගේ යාළුවෙක් ගුටි කාලා මලා

    ReplyDelete
  9. මුලු රටම “ගුටි කෑමට නියමිතයි“. ඒක තමයි ඊ ළග ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ තේමාව. ඒකෙ පූර්ව ප්‍රචාරයක් තමයි සජින් වාස් කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ





      ගුටි කෑමට නියමිත කවුද ?



      Delete
    2. ඇයි ඌව චන්දෙදි දුවන්නම ගුටි දුන්නෙ.ඒ වගේ එල කොල්ලො සෙට් එකක් ජේවිපියෙ ඉන්නව.

      Delete
  10. පැරා, ක්‍රිස් නෝනිස් ගැන ඉරිසියාවෙන් ලියපු එකක්......

    ReplyDelete
    Replies
    1. පංති ප්‍රශ්ණය, ඉංග්‍රිසි ප්‍රශ්ණයක් බවට පරි වර්තන වෙලා වගේ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  11. දොස්තර ක්‍රිස් නෝනිස්ට හැදුණ ලෙඩේ මොකක් ද?

    මතක නැති වීම.... අයිසේ.

    මිනිහා තව දවසක්, දෙකක් ගියාම කියයි .....
    I'm SL High Commissioner of UK Dr.C Nonis..mmm.. but.. Why are you talking about my self ? huu... MP.. Mr. S.V Goonawoordena is one of my closets friend...කියලා.

    එමවිට.... අපට පුක තමයි !!!

    ඒක නෙමේ..පැරා
    කියන්න ...ඔයාට තියෙන ලෙඩ මොනා.. ද කියලා ?
    රෙන්න එහෙම අමාරුද ,කක්කා පැත්ත උයීයා වෙනවද ?

    ReplyDelete
  12. කොහොමත් ඔය කුරුස කරය එලවල සිංහල නමක් තියෙන එකෙක් පත් කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. පැරාව පත් කළොත් කොහොමද? ඉංග්‍රීසිත් පුළුවන්නෙ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. //ඕනෑම රාජ්‍යයක් සිය විදේශ සේවය සඳහා එම සේවයෙන් පිටස්තර සුවිශේෂ පුද්ගලයන් පිරිසක් බඳවා ගනියි.//

    මේකෙ තේරුම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මෙතන විදේශ සේවය යන්නෙන් අදහස් කළේ ශ්‍රී ලංකා විදේශ සේවය නම් රජයේ සේවක ශ්‍රේණියයි.

      Delete
    2. විදේශ සේවය යනු ඕනෑම රටක් පිටස්තර රටවල් සමඟ තම සබඳතා පවත්වා ගැනීම සඳහා පත්කරන නිලධාරීන් ඇතුලත් රජයේ සේවයට අයත් ශ්‍රේණි‍යකි.

      මේ සඳහා තරග විභාගයකින් ඉහලම ලකුණු ලබා ගන්නා උපාධිධාරීන් තෝරා පත් කරගනී.

      Delete
  15. Lankawe widesha sewayata,Mama Danna hetiyata 1956 indala thmai weradi pathwim keruwe Prof.Gunapala Malalasekara(Ewakata sowiyet deshayata)hitapu parlimenthu Manthri Vilmat A.Perera(Mahajana chinayata)- (Paththagodaya-Dhargatown)

    ReplyDelete
  16. මහ කොමසාරිස් ධුරය භාරගැනීමෙන් අනතුරුව ගතවූ කෙටි කාලසීමාව තුළ අති විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කිරීමට නෝනිස් මහතා සමත්වූ අතර එය ඔහුගේ කාර්යශූරත්වය මොනවට පැහැදිලි කරයි.
    බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අංශයත් සිවිල් සමාජයත්, ව්‍යාපාරික සමාජයත් යන සියලු ස්ථර සමග නෝනිස් මහතා පවත්වන සමීප සබඳතාවය ඔහුගේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පවා සඳහන් කරති. කෙටි කලක් ඇතුළත ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයත් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා කැපී පෙනෙන ලෙස ශක්තිමත් කිරීමට නෝනිස් මහතා සමත් විය. එසේම බ්‍රිතාන්‍යය තුළ මෙරට ප්‍රතිරූපය ඉහළ නැංවීමටද ඒ මහතා සුවිශාල කාර්ය භාරයක් ඉටුකළේය.
    එසේම බ්‍රිතාන්‍ය තුළ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් එකමුතු කිරීමටත් ඔවුන්ගේ ගැටලුවලට නිසි පිළියම් යෙදීමටත් නෝනිස් මහතා සුවිශාල කාර්යභාරයක් සිදුකළේය.
    දෙමළ ඩයස්‍පෝරාව බටහිර රටවල විවිධ කොටස් සමග එක්වී මෙරටට එරෙහිව ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිසි පිළිතුරු ලබාදීමට කථිකයකු ලෙසද ක්‍රිස් නෝනිස් මහතා ප්‍රකටය. ඉංග්‍රීසි භාෂාව ඉතාමත් ව්‍යක්ත ලෙසත් චතුර ලෙසත් හසුරවමින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ මෙරට ගෞරවය සුරක්ෂිත කරලීම වෙනුවෙන් අදහස් දක්වන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනා අතර ක්‍රිස් නෝනිස් මහතා හට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි.
    පසුගිය 2013 වසරේ නෝනිස් මහතා ජාත්‍යන්තර සී.එන්.එන්. මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාව ඒ මහතාගේ රාජතාන්ත්‍රික දිවියේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙහිදී එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවද ඉලක්ක කර ගනිමින් සී.එන්.එන්. මාධ්‍යවේදියා මෙරට රජය අපහසුතාවයට ලක් කෙරෙන ආකාරයේ ප්‍රශ්න රැසක් නෝනිස් මහතා වෙත සජීවීව ඉදිරිපත් කළේය.
    මෙරට ගෞරවය ආරක්ෂා වන ලෙසත් ප්‍රතිරූපය ඉහළ නංවන ලෙසත් නෝනිස් මහතා එම පැනයන්ට පිළිතුරු දුන් ආකාරය මෙරට ජනතාවගේ පමණක් නොව ලොව පුරා මධ්‍යස්ථ දේශපාලන විචාරකයින්ගේද පැසසුමට ලක්විය.
    මෙම සාකච්ඡාවේදී නෝනිස් මහතා කොටි හිතවාදී දෙමළ ඩයස්‍පෝරාවේ මතවාද හා තර්ක සාර්ථකව බිඳ හෙළමින් ව්‍යක්ත ලෙස පිළිතුරු ලබාදුන් අතර ශ්‍රී ලංකාවේ පවතින සැබෑ යථාර්ථය ජාත්‍යන්තර ප්‍රජාව වෙත පසක් කර දීමට එම පිළිතුරු බෙහෙවින් ඉවහල් විය.
    සී.එන්.එන්. මාධ්‍යවේදියා විසින් නෝනිස් මහතා කොටුකර ගැනීමට කිහිප විටක්ම උත්සහ ගත්තත් ඉතා ශූර ලෙස එම අවස්ථාවන්ට මුහුණ දුන් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව ඉතා ඉහළින් ඔසවා තැබිමටද මෙහිදී සමත් විය.

    ReplyDelete
  17. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙද්දී ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය ‍පෝෂණය කළ කණ්ඩායම් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති බවත් ස්වෛරී රටක් ලෙස මෙරට සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍ය බවත් නෝනිස් මහතා මෙහිදී සෘජු ලෙසම අවධාරණය කර සිටියේය.
    නෝනිස් මහතාගේ මෙම පිළිතුරු සැපයීම ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් පවා හඳුන්වා දී තිබුණේ ‘යක්ෂ විමානයට පැන සිංහ කොඩිය ඔසවාලීමක් ලෙසයි”.
    මෙම සම්මුඛ සාකච්ඡාවේදී එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා ශ්‍රී ලංකාව අපහසුතාවයකට පත්වන අන්දමට ඇසූ කපටි ප්‍රශ්න සඳහා දොස්තර ක්‍රිස් නෝනිස් විසින් කොළඹ සිට සපයන ලද ප්‍රඥාගෝචර පිළිතුරු පිළිබඳව විදෙස්ගතව සිටින මධ්‍යස්ථ දෙමළ, මුස්ලිම් ජන කොටස්වලට අයත් ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනකුගේද නොමඳ පැසසුමට පාත්‍ර විය.
    අන්තර්ජාලයේ විද්‍යුත් ලිපි, ටිව්ටර් සහ ෆේස්බුක් පිටු හරහා එම වාර්තාව අඩංගු වීඩියෝ පටය නිමේෂයකින් ලොව වටා බෙදා හැරුණේ එය දුටු අයගේ අදහස්ද සමගය.
    ඒ හැම දෙනෙක්ම කියා තිබුණේ දොස්තර නෝනිස් ඉතා ශූර අන්දමට නිවේදකයා නැගූ ප්‍රශ්න සියල්ලටම සුදුසුම පිළිතුරු සැපයීමට සමත්වූ බවය.
    ව්‍යක්ත ලෙසින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමෙහි හැකියාවක් ඇති නෝනිස් මහතාගේ එම පිළිතුරු දීම් ශ්‍රී ලංකාවේ දේශපාලකයින් සහ මාධ්‍ය ප්‍රකාශකයින් අත්‍පොතක් ලෙස හැදෑරීමට තරම් අගනා බව මෙහිදී සමහරු පවසා තිබුණි.
    මීට අමතරව බි.බි.සී. අල්ජසීරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් හරහාද නෝනිස් මහතා සිදුකළ අදහස් දැක්වීම් මෙරට පිළිබඳ යහපත් චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගීමට සමත්විය.
    බ්‍රිතාන්‍යයේ සිට රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස තම මව් බිම වෙනුවෙන් සිදුකරන මෙම පුළුල් සේවය අගයමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා වසරේ ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා යන සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබිය.
    ‘ඩිප්ලොමැට්’ සඟරාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර උත්සවයකදී නෝනිස් මහතාට මෙම සම්මානය හිමිවිය. ලන්ඩනයේ ලැංහැම් හෝටලයේදී පැවැති මෙම ජාත්‍යන්තර උළෙ‍ලේදී විදේශ රටවල් නියෝජනය කරමින් ලන්ඩනයේ සේවය කරන තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 164 දෙනකු අභිබවා මෙම සම්මානය දිනා ගැනීමට නෝනිස් මහතා සමත්වීම විශේෂය.
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශයන්හි රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙන් කටයුතු කරන මහ කොමසාරිස්වරයකු මෙවැනි සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය විය.
    මේ වනවිට මානව හිමිකම් මුල් කර ගනිමින් බටහිර රටවල් ශ්‍රී ලංකා රජයට එරෙහිව විවිධ බලපෑම් එල්ල කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනද බටහිර රටවල මෙම පියවරයන්ට සහය දෙමින් මෙරට ස්වාධීනත්වයට විවිධ ඇඟිලි ගැසීම් සිදුකරමින් සිටී.
    එසේම ජාත්‍යන්තර කොටි ජාලයද ඊට හිතවත් කොටි ඩයස්‍පෝරාවද තවමත් සක්‍රීය ලෙස මෙරටට එරෙහි අසත්‍ය ප්‍රචාර දියත් කරමින් සිටිති.
    මෙවන් කාල වකවානුවක එල්ල වන විවිධාකාර ජාත්‍යන්තර අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට නම් ක්‍රිස් නෝනිස් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ දායකත්වය මෙරටට ඉදිරියටද අත්‍යවශ්‍යය. අපගේ විදේශ සේවාව තුළ සුළුතරයක් වූ එවැනි දක්ෂ කාර්යශූර නිලධාරීන් රැකගැනීම මෙරට අනාගතයට සුබදායී වනු ඇත.

    අවාසනාවට රටේ ***** හා නෑ පරපුර මීහරක් වීම නිසා මෙම ලොවක් සෙලවූ මිනිසාට මිහර්කගේ නැ මිහරකකු පයින් පහරදුන්නේය

    ReplyDelete
  18. උපුටා ගැනීම
    https://www.facebook.com/heladiwa/posts/456768234460866:0

    ReplyDelete
  19. " ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයෙන් ලංකාව කොර වී තිබේ. එයින් ලෝකයම කොර වී ඇති බව ලංකාවේ අය සිතති" යනුවෙන් නිවැරදි විය යුතුය

    ලන්කාවට කඩ්ඩ් දන්න කුඩ්ඩෙක් උවත් ලොකුය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා