සුන්දර ඉංග්‍රීසි: SINHALA WACHANA INGRISIYEN LIWEEMA

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළි ගත් සම්මතයක් නැහැ.

මා දන්නා තරමින් ඒ පිළිබඳ කිසියම් සම්මුතියක් තිබෙනවා නම් තිබෙන්නේ පුරා විද්‍යාව තුළ පමණයි. මේ සම්මතය ගොඩනැගුණු ආකාරය පිළිබඳ හැදෑරිය යුතුයි. එහෙත්, ඊට වඩා ගැටලුව වන්නේ මේ සම්මතය තුළ බරපතල වාග් විද්‍යාත්මක අර්බුදයක් පැවතීමයි.

නිදසුනකින් දක්වනවා නම්, මේ සම්මතය අනුව, මහාවංශය කියන වචනය ඉංග්‍රීසියෙන් ලියන්නේ Mahawamsa ලෙසයි. Culawamsa, Dipawamsa  වැනි වදන් ද අධ්‍යයනය කරන විට ඉතා බරපතල ගැටලුවක් දකින්නට පුළුවන්. සිංහලෙන් බිංදුව ලෙස හැඳින්වෙන අක්ෂරයේ ශබ්දය බොහෝ දුරට සමාන වන්නේ ඉංග්‍රීසි ng අක්ෂර දෙකේ ශබ්දයටයි. පුරා විද්‍යාෙව්දී යොදා ගන්නා m අක්ෂරය කිසිදු ආකාරයකින් බිංදුවේ ශබ්දයට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඉහත උදාහරණ දෙස බලන විට දකින්නට ලැබෙනවා, ච ශබ්දය වෙනුවෙන් c අක්ෂරය යොදා තිබෙන බව. දීපවංශයට අදාළව දී යන දීර්ඝ ස්වරය සඳහා යොදා තිබෙන්නේ Di කියන කෙටි ස්වරයයි. බරපතල ගැටලු රැසක් මෙමගින් නිර්මානය වන බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ.

ලෝකයේ ඇතැම් භාෂාවන් සිය සම්ප්‍රදායික අක්ෂර වෙනුවට රෝමානු අක්ෂර භාවිතා කරනවා. මැලේසියානු භාෂාව මේ සඳහා උදාහරණයක්.

සිංහල භාෂාව වෙනුවෙනුත් ඇතැමෙක් මේ ක්‍රමය යෝජනා කළත්, එයට එතරම් සහයෝගයක් ලැබුණේ නැහැ.

පරිගණකය භාවිතාවට පැමිණීමත් සමග කලබල වූ අජිත් තිලකසේන වැනි වියතුන් සිංහල භාෂාවේ අක්ෂර පරිගණකයට ඔරොත්තු නො දෙන තරම් සංකීර්ණ බව කියමින් එය සරළ කිරීමේ වැඩපිළිවෙලක් යෝජනා කරමින් භාවිතා කරන්නටත් පටන් ගත්තා. න, ණ, ල, ළ, ශ, ෂ, ස භේදයන් අතහැර දැමීම, යංසය, රකාරාංශය වැනි අක්ෂර කොටස් අතහැර දමා ඒවා ඍජුව ලිවීම, හල්කිරීම, පාපිල්ල ආදිය සඳහා තිබෙන විවිධ පිල්ලම් වර්ග වෙනුවට එක් පිල්ලමක් භාවිතා කිරීම  වැනි ක්‍රම ඔස්සේ සිංහල අක්ෂර වින්‍යාසය සරළ කරන්න ඔවුහු උත්සාහ කළා. උදාහරණයක් ලෙස ඒ වාක්‍යය ම ඔවුන් ලිව්වේ මෙහෙමයි: ඒවා රිජුව ලිවීම වැනි ක්රම ඔස්සේ සිංහල අක්සර වින්යාසය සරල කරන්න ඔවුහු උත්සාහ කලා.

ඒත්, භාෂාවේ සම්ප්‍රදායන් ඉක්මවා යන්න මේ විප්ලවකාරයන්ට බැරි වුණා. ඔවුන් කලබලයට පත් කළ ගැටලු පරිගණකය විසින් ඉතා ඉක්මණින් විසඳා ගත්තා.

අන්තර්ජාලයේ සිංහල භාවිතය එක් කලෙක බරපතල ප්‍රශ්නයක් වී තිබුණා. අපි මුලින් ම අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයන් නිර්මාණය කළේ මහත් අපහසුතා ගොඩක් මැදයි. මුල් කාලයේ භාවිතා වුණ සිංහල අක්ෂරවලට අන්තර්ජාලයේ නිල පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒවායින් කෙළින්ම ලියන්න, ඊමේල් යවන්න, චැට් කරන්න, සෙවුම් යන්ත්‍රවල සෙවුම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුණේ සිංහල යුනිකේත අක්ෂරවල සංවර්ධනයත් එක්කයි. අද වන විට පරිගණකයේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන සාමාන්‍ය කටයුතු සියල්ලක් ම සිංහලෙන් කර ගන්න පුළුවන් තරමට සිංහල භාෂාව දියුණු වෙලා. ;

වෙබ් අඩවි, බ්ලොග් අඩවි පටන් ගත්ත මුල් කාලේ සිංහල අකුරුවලින් පිටු පළ කළා ම, ඒවා පාඨකයන් ලවා කියවා ගන්න ඔවුන්ට සිංහල යුනිකේත ගැනත් කියා දෙන්න සිදු වුණා. බොහෝ අය සිංහල යුනිකේත අකුරු දිහා බැලුවේ ඍන ආකල්පයකින්. ඒත්, මේ වන විට ඒ බොහෝ දෙනෙක් පරිගණකයේ සිංහල භාවිතා කරනවා. සිංහල භාවිතය සෙමින් වුවත් ජංගම දුරකථනය වෙතත් පැතිරෙමින් තිබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ගැටලු හා ස්මාට් දුරකථන සමාගම්වල ඇතැම් සීමා බන්ධන නිසා ජංගම දුරකථනයේ සිංහල භාවිතාවට සීමා පැනවී තිබෙනවා. ඉදිරියේදී ඒ ප්‍රශ්න විසඳෙමින් ජංගම දුරකථනයේ සිංහල භාවිතයත් පහසු වේවි.

එහෙත්, දැනටත් සිංහල වචන ඉංග්‍රීසි අක්ෂරවලින් ලිවීම විශේෂයෙන් ම ජංගම දුරකථන හා සමාජ ජාල භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රියයි. විශේෂයෙන් ම කෙටි පණිවුඩ යැවීමේදී මේ සිංග්ලිෂ් භාෂාව බහුලව භාවිතා වෙනවා. ඒ ආකාරයට කෙටි පණිවුඩ යවන පුවත් සේවාවන් පවා තිබෙනවා. පහත පළ වන්නේ උදාහරණයක්.

“OBE JANGAMA DURAKATHANAYEN DEN SINGLISH BASHAWEN PRAVURTHI LABA GANNA PULUWAN."

මේ අන්දමින් ඉංග්‍රීසි අකුරුවලින් සිංහල ලියන විට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවාත් අර කලින් කියූ පුරා විද්‍යාත්මක ඉංග්‍රීසියේ ගැටලු වගේ ම තමයි.

ඒ ගැටලු මෙහෙම පෙළ ගස්වන්න පුළුවන්.

සිංහල ඇ ශබ්දය ඉංග්‍රීසියෙන් දක්වනකොට e අකුර භාවිතා කරන්නේ ඇයි? ඉහත උදාහරණයේ දැන් වදන DEN ලෙස ලියන්නේ ඇයි?

ඈ යන ස්වරය ලියා දක්වන්නට භාවිතා කරන්නේත් e අක්ෂරයමයි. ඒ අනුව කෙම හා කෑම යන දෙකම ලියන්නේ එකම විධියටයි. (KEMA)

අ හා ආ යන ස්වර දෙක ම වෙනුවෙන් අපි භාවිතා කරන්නේ a අකුරයි. එමගින් අ, ආ යන ස්වර දෙකේ වෙනස පෙන්වන්නේ කොහොමද? නිදසුනක් ලෙස ජයන්ත හා ජයන්තා යන වචන දෙකම අපි ලියන්නේ JAYANTHA ලෙසයි.

එ, ඒ යන ස්වර දෙක සම්බන්ධයෙනුත් මේ ගැටලුව ම තිබෙනවා. මේ දෙකම වෙනුවෙන් භාවිත කරන්නේ e අක්ෂරයයි. නිදසුනක් ලෙස කෙත හා කේත යන දෙකම ලියන්නේ KETHA යනුවෙනුයි.

යම් යම් පිළි ගත් ක්‍රමවේද තිබුණත් ඇතැම් සිංහලයන් විසින් කරනු ලබන දේ නිසාත් බරපතල අවුල් සහගත තත්වයන් නිර්මානය වෙනවා. නිදසුනක් ලෙස රාජපක්ෂ කියන වචනය අපට RAJAPAKSHA ලෙස වඩා පැහැදිලිව ලියන්නට පුළුවන්කම තිබෙද්දී RAJAPAKSE හෙවත් රාජපක්සෙ ලෙස ලියන්නේ ඇයි?

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් නැතිකම බරපතල ප්‍රශ්නයක් බව මෙයින් පැහැදිලි වෙනවා නේ ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 1. ඔය සම්මතය තියෙන්නේ පුරා විද්‍යාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. ඉංග්‍රීසියෙන් බුදු දහම ගැන ලියැවුණු පැරැණි පොතක් අරගෙන බලන්න.
    2. ඔය සම්මතය තියෙන්නේ පාලි භාෂාව සම්බන්ධව. සිංහල ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සමාවන්න, ඒක පාලි වලටත් කලින් සංස්කෘත ලිවීම සඳහා භාවිතා කළ සම්මතයක්. ඔබ මතු කරන සමහර ප්‍රශ්න වලට උත්තර පහත ලිංකුවේ තියෙනවා. ඒ එක්කම ඔය 'බින්දුව' වෙනුවට 'm' අකුර යොදා ගැනීම ගැන; සංස්කෘත 'බිංදුව' (අනුස්වරය) කියන්නේ 'm' තමයි. ඉන්දියාවේ හාමුදුරුවරු කියන්නේ බුද්ධම් සරණම් ගච්ඡාමි කියලා අහලා නැද්ද?

      http://en.wikipedia.org/wiki/International_Alphabet_of_Sanskrit_Transliteration

      Delete
  2. භාෂාව, අකුරු, අපි වගේම පරිණාමය වෙනවා.. ඒ නිසා කළබල විය යුතු නෑ..

    ReplyDelete
  3. අර 40 ශ්‍රී ලොරිය එලවන්න තාම කෙනෙක් හොයනවද? මොකද මම හරි අසාවෙන් ඉන්නේ ඒ ලොරිය පදින්න. මම ඒ 40 ශ්‍රී ලොරිය පදිනවා කියලා හිතාගෙන කීප සැරයක්ම අත්ට්‍රැක්ටරුත් පැද්දා.

    ReplyDelete
    Replies
    1. 40 ශ්‍රී වුනාට හෝදල පිහිදාල ගත්තම දැන් ගෙනාව වගේ.

      Delete
    2. ඔය වගේ පරණ ලොරිවල ගොඩක් වෙලාවට රිවස් එක එහෙම වැටෙන්නේ නෑනේ. ඒ උනාට මේ 40 ශ්‍රී ලොරියේ නම් රිවස් එක නියමට වැඩ. මොකද මේ ලොරියේ දැන් අයිතිකරයාට රිවස් එක දාලා හොදට පුරුදුනේ.

      මොකද මේ අයිතිකාරයා ඉස්සර පන්සලේ ඉදිද්දී රිවස් එකමනේ දාලා තියෙන්නේ. ඒ මේ ලොරිය පද්දීත් ගියර් එකට තෙල් ටිකක් එහම දාලා ගත්තම පසේ රිවස් එක නියමටම වැඩ. දැන් බඩු ලෝඩ් කරනං යද්දිත් ඉස්සරහට යනවට වඩා ලොරියත් වැඩිපුර කැමති බඩු ලෝඩ්කරන් පිටිපස්සට යන්න කියනවනේ.

      ඒක නෙමෙයි, දැන් ඉන්න අයිතිකාරයා ඔය ලොරිය ගත්තු හැටි ගැන නියම කතරන්දර තියෙනවලු නේද? එව්වා මොනාද?

      Delete
    3. අනේ අනේ තොපි වගේ මිනිස්සු ජාතියක්. මිනිහෙක් මර බයෙන් ගම රට දාලා යන හැටි ගැන හිතන කොට තොපි ඒකාගෙ දේපළ බෙදා ගන්න හැටි ගැන දොඩෝනවා. චික්. නොදකින් විතරක්.

      Delete
    4. ලොරියත් එක්ක කළු පූසාවත් රට ගෙනියයිද..... ඔසීවලටනම් සතෙක් යවනවා කියන්නෙ මාර අමාරු වැඩක්....

      Delete
    5. බස් පැදපු අක්ක කෙනෙකුත් රිවස් එකේ ගිහිල්ලා සීන් එකක් වුනා නේද පහුගිය දවස්වල.....

      Delete
    6. සෑහෙන්න ලිංගික ඉරිසියාවකින් වගේ කට්ටියම ඉන්නේ ...
      ( දැං නැහැයි කියපල්ලා )

      Delete
    7. අබීතයට මේ දවස්වල වැඩ නැද්ද මන්දා. කවුරු රට ගියාම උඹට මොකද අබීත. උඹට ලොරි පදින්න බැරි උනාට අවුල්ද?

      Delete
    8. /සෑහෙන්න ලිංගික ඉරිසියාවකින් වගේ කට්ටියම ඉන්නේ .../

      ඉරිසියාවකින් නම් නෙවෙයි, හැබැයි අසහනේකින්.. :-)

      බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ...
      වන මල් කැකුළිය සොයා වඩින්නේ...
      වන මල් කැකුළිය කුමට සොයන්නේ...
      ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ...

      Delete
    9. /කවුරු රට ගියාම උඹට මොකද අබීත. උඹට ලොරි පදින්න බැරි උනාට අවුල්ද?/

      පරණ වීල් එකක් එළවන එකා වුණත් ලොරියක් එළවන්ඩ ආසයිනෙ සර්...

      Delete
    10. කෑම පුසුඹක් ආවා වගේ දැනුනා..... දැන්නෙ දැක්කෙ....ලොරි ඩ්‍රයිවර් ඇවිල්ලා උඩ කවියකුත් ලියලා ගිහිල්ලා....

      Delete
    11. කාගෙවත් ලොරියක් ගැන මේ යකාට තියෙන කැක්කුම! උඹ මේවා මෙහෙම දාල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

      ෂුවර් එකට මූ අර ග්‍රීස් ගාමිණි වගේ හිඟන්නෙක්.

      Delete
    12. එකෙක් නෙවෙයි බං මෙතැන දහයක් විතර එක ලොරියට නැහෙන්න හදනවා. ඔන්න තව Toyota, BMW එකකට වගේ නම් නැහුණත් කමක් නෑ. මේ කබල් සෙකන්ඩ් හෑන්ඩ් ලොරියක්...

      Delete
    13. ලොරියක් ගත්ත එකා විතරයි ලොරියෙ රස දන්නෙ... බොලාට ඒවා තේරෙන්නෙ නැත්නම් කැමති වාහනයක් පැදපල්ලා...

      Delete
    14. ග්‍රීස් ගාමිනියට ලබන ආත්මෙත් අත් ට්‍රැක්ටර් පදින්න තමයි වෙන්නේ.

      පැරාගෙන් මතුගම පැත්තේ පිම්පියෙක්ගේ නොම්මරයක්වත් ඉල්ලගෙන කුලියටවත් වාහනයක් පැදපන්.

      Delete
    15. මචන්ලා ඔය ලොරිය ගැන මමත් සෝ වොරීඩ්.... මොකද මටත් පදින්න චෑන්ස් එකක් තිබ්බ වාහනයක් ඕක.... උඹලට මොකද... අවුල් වගේද....

      Delete
    16. මොකක්ද මේ ලොරි කේස් එක? දන්න එකෙක් කියපල්ලා කො

      Delete
  4. /* නිදසුනකින් දක්වනවා නම්, මේ සම්මතය අනුව, මහාවංශය කියන වචනය ඉංග්‍රීසියෙන් ලියන්නේ Mahawamsa ලෙසයි. Culawamsa, Dipawamsa වැනි වදන් ද අධ්‍යයනය කරන විට ඉතා බරපතල ගැටලුවක් දකින්නට පුළුවන්. */

    ඒ සිංහල වචන ලිවීම නොවෙයි පාලි ලිවීමයි.

    පාලි ලියන්න වෙනම හෝඩියක් නෑ. සමහරු සිංහලෙන් ලියනවා. තවත් අය ලැටින් අකුරෙන් ලියනවා.

    ඒ වගේම සංස්කෘත ලියන්නත් භාෂාවක් නෑ. දේවනාගරී වලිනුලි ලියන්නේ!

    ReplyDelete
  5. සිංහල වචන ලැටින් අකුරෙන් ලිවීම සඳහා Transliteration ක්‍රම තියෙනවා. ලක්නෙට් ලා එකක් හැදුවා. ගූගල් Transliteration ක්‍රමයත් බලන්න.

    ReplyDelete
  6. ඔච්චර කලබොල වෙන් දෙයක් නෑ. මොකද අජිත් තිලකසේනත් කලබොල වෙලා දැං පුක ඉරාගෙන නෙව ඉන්නේ..

    ReplyDelete
  7. මටනම් සිංහල වචන English අකුරු වලින් ලියනවා තරම් පේන්න බැරි වැඩක් තවත් නැහැ. කියවන්න ගියාම පිස්සු හැදෙනවා. මම කවදාවත් මේවා කියවන්නේ නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලියන එවුන්ට මාර පාඩුයිලු! අන්න උන් උද්ඝෝෂණයකට සෙට් වෙනවලු උඹ කියවන්නේ නෑ කියලා.

      Delete
    2. ඌ විතරක් නෙමෙයි බන් වෙලාව ගැන හැගීමක් තියෙන මොකෙක්වත් ඔය ඉංගිරිසියෙන් කොටල තියෙන සිංහල කොමෙන්ට් කියවන්නේ නෑ

      Delete
    3. @KASSeptember 26, 2014 at 9:05 AM
      සහතික ඇත්ත. මෙහෙම එකක් දැක්ක හැටියෙ ස්කිප් කරා, ඊළඟ එක කියෙව්ව.

      Delete
  8. සිංහල ඉංග්‍රීසි අකුරු වලින් ලිවීමේ වරද වැඩිහරියක් කරන්නේ ෆේස්බුක් එකේ ඉන්නා දේශප්‍රේමී බාසා වෙල්ලන් තමයි. මේ බාසා වෙල්ලන්ට රට ජාතිය ආගම වෙනුවෙන් දිවි දෙන්න උනත් පුළුවනි, හැබැයි කම්පියුටරේ සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හම්බ ගඳයි.
      අඩු ගානේ හම්බයෙක්ගේ හොර ෂොට් එකක් වත් වෙන්න ඇති

      Delete
    2. යකෝ ගඳ ගහන්නෙ සිංහල බෞද්ධයින් මිස වෙන කවුරුත් නෙවෙයි. මොකද උන් කක්කුස්සියට ගිහිල්ලා පුක හෝදන්න වත් ඉගෙන ගෙන නැහැ. බ්ලොග් ලියන එවුන් හිට අමුම අමු ගඳයි. මං සයිබර් සිහින උළෙලට ඇවිල්ලා කලිනුත් ගියා මුනේ ගඳ දරා ගන්න ඹැරුව. සිංහල කෙල්ලෝ කොල්ලන්ටත් වඩා ගඳයි.

      Delete
    3. හම්බයෝ කියන්නේ හම්බන්තොට අයටද?

      Delete
    4. @AnonymousSeptember 26, 2014 at 12:19 PM
      හපොයි දෙයියනේ , උඹ බ්ලොග් ලියන එවුංගේ පුකවල් (©2014 කකා, සියලුම හිමිකම් ඇවිරුනි ) ඉඹින්න ගියාද ?
      :D

      Delete
    5. ඉම්බේ නැතුවට ගඳ දැනෙනවා බං. මොකද උන් ඒක ගෙදර තියලා නෙවෙයිනෙ එන්නෙ...

      Delete
    6. මචන් අනුන්ගෙ පුකවල් ඉඹ ඉඹ යන එක බලු ගතිය නේද....

      Delete
  9. සිංහල භාෂාවේ තිබෙන ස්වර මාලාව අතිශයින් ශක්තිමත්. එමගින් ලිවිය නොහැකි ශබ්ද ඇත්තේ ඉතා අල්පයක් පමණයි. වෙනත් භාෂාවක ඇති පදයක් සිංහලෙන් ලියූ විට සිංහලෙන් එය කියවන හැමදෙනාම එය උච්ඡාරණය කරන්නේ 99% ක් එක සමානවයි. නමුත් වෙනත් භාෂා බොහොමයක අවශ්‍ය තරම් ස්වරමාලා නැති නිසා තරමක් විකාර රූපී ශබ්ද ලියවෙනවා මුත්තයියා මුරලිදරන් කියන නම ජාත්‍යන්තර ඉංග්‍රිසියේදී ලියවෙන්නේ මෙහෙමයි Muttiah Muralitharan එතකොට මුට්ටිය කියන වචනය ලිව්වොත් ඉංග්‍රීසියෙන් එය මුත්තයිය කියා කියයිද? දෙමල භාෂාවේද මේ ප්‍රශ්නය තියනවා. දෙමලෙන් ලියා ඇති වචනයක් එක් එක් ද්‍රවිඩ පුද්ගලයා උච්ඡාරණය කරන්නේ විවිධ ආකාරයටයි. නමුත් ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර් යන්න කොයි සිංහල මිනිහාත් හරියට උච්ඡාරණය කරනවා z අකුරේ අඩුව තිබුනත්. ඒ තමයි සිංහලයේ ශක්තිය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පහසුව සඳහා ආර්නෝල්ඩ් ලංකාවට එද්දි, ආනෝල්ඩ් සුභසිංහ වනවා..

      Delete
    2. එහෙම තියෙද්දිත් ඇයි අපේ මිනිස්සු
      එන්.එම් ට ඇන්.ඇම්
      ග්‍රෙගරි ට ගිරිගෝරිස්
      කියන්නේ ?

      Delete
    3. ඉස්කෝලෙ රෝයල් උනාට... සුද්දො එක්ක හිටියට... බක් ෆියට් එකේ ගියාට... මාතයගෙත් කඩ්ඩ අවුල්...

      Delete
    4. විචාරකගේ ඔය කියමනට එකඟ වෙන්න බැහැ. සිංහල හෝඩිය සාමාන්‍ය ඉන්දියානු භාෂා හෝඩියකට වඩා හොඳ වෙන්නේ 'ඇ' හා 'ඈ' අක්ෂර දෙක තිබීමෙන් පමණයි. අනෙක් හැම අතින්ම ඒක ඉන්දියානු හා තායි-බුරුම-කාම්බෝජ බාෂා පවුලේ භාෂාවන්ට සමානයි. මෙවා පෙරදිග භාෂා. අපරදිග භාෂා මේවාට වෙනස්. ඉතින් දෙක අතර සමානකම් තියෙන්න ඕනැ නැහැ. අනෙක් අතට භාෂාවේ ඔය මොනවා තිබුණත් ලාංකිකයන්ගෙන් 1% කට වත් නිවැරදි ඉංග්‍රීසි උච්ඡාරණය බැහැ. කොටින්ම ඇමෙරිකාවේ ඔච්චර කල් හිටියා කියන ගෝඨාටත් බැහැ නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න. ගමේ මුදලාලි කෙනෙක් ඊට වඩා හොඳට ඉංග්‍රීසි උච්ඡාරණය කරනවා. සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවල එහෙම නැහැ. යම් පිරිසක් හරි හරියට ඉංග්‍රීසි කතා කරනවා.

      Delete
    5. ශ්වාසෙනෙගෙර් නෙවෙයි මනුස්සයෝ, ඒ නම ලියන්නේ ෂ්වාර්ට්සනෙග(ර්) කියලා.

      සිංහල අකුරු වලින් වෙනත් භාෂාවක වචනයක් 99% ක නිවැරදිතාවක් ඇතිව ලියන්න පුළුවන් නම් ස්විට්සර්ලන්තයේ නිතරම ඇහෙන වචනයක් වන Chuchichäschtli කියන වචනය සිංහල අකුරෙන් ලියලා පෙන්නන්න.

      Delete
    6. ප්‍රශ්ණ නම් ගොඩාක්ම තියෙනවා. කාලයක් යනකොට සමහර ඒවා විසඳෙයි. සමහර ඒවා සදාකාලෙටම ප්‍රශ්ණ ලෙස තියෙයි. කොහොම උනත් හොඳ උත්සාහයක්. මගේ නම් අදහස අවසානයේදී කියවන්නාට නිවැරදිව පණිවුඩය රැගෙන යාමට හැකිවනසේ මොනයම් ආකාරයකින් හෝ ලිවිය යුතු බවයි.

      Delete
    7. මේ මහත්තය / නෝන ස්විස්ජර්මන් භාෂාව දන්නව ඒත් සරළ ගණිතය දන්නෙ නෑ. 99% ක් කියන්නෙ 99% ක්.

      Delete
    8. //Chuchichäschtli // ෂොහිශෙෂ්ක්ලි :)

      Delete
    9. @ AnonymousSeptember 26, 2014 at 12:36 PM

      ඉතිං ඒත් හරිනේ. එහෙම ලිව්වත් සිංහල කියවන්න දන්න ඕනෙ කෙනෙක් එය නිවැරදිය උච්ඡාරණය කරනවා. පහුගිය යුද්ද කාලේ අපේ ගුවන් හමුදාව පාවිච්චි කළා 'පුකාරා' නමැති ප්‍රහාරක ගුවන් යානා වර්ගය. හොඳ දෙමල උගතුන් පවා ඒක උච්ඡාරණය කලේ 'බුක්කාරා' කියලයි ඉතිං අපේ භාෂාවේ වටිනාකම දැනෙන්නේ එවිටයි.

      ඔබ ලියා ඇති Chuchichäschtli යන වචනය උච්ඡාරණය කරන හැටි මම නොදන්නේ ඒ භාෂාව දන්නේ නැති නිසයි. වාර කීපයක් අසා සිටියොත් ලියා පෙන්වන්න පුළුවන් ඒ ශබ්දය. බලන්න දැනටමත් කල්‍යාන මිත්‍ර සහ තිසර එය ලියා පෙන්වා තිබෙනවා. 'සංඥාව' කියන වචනය ඔය භාෂාවෙන් ලියන්න පුලුවන්ද? හල් අකුරු වලින් පටන් ගන්න අප්‍රිකානු නම් පවා අපේ භාෂාවෙන් කිසිදු අපහසුවකින් තොරව ලියන්න පුළුවන්. අනෙක් රටවල් ලසිත් මලින්ගා කිව්වට අපිකවදාවත් විදේශිකයකුගේ නම විසුළු ස්වරූපයෙන් උච්ඡාරණය නොකරන්නේ අප‍ භාෂාවේ ඇති සුවිශේෂී ශක්තිය නිසයි. හැබැයි ලෝකෙන් උතුම්ම භාෂාව සිංහල කියලා කියන මෝඩ මතයේ මම නැහැ.

      Delete
    10. ඉන්ගිරිසි නෙමෙයි බං මගේ හින්ගලත් අවුල්.. ඒක රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ වැරද්දක් නෙමෙයි.. මගේ වැරද්දක්..

      Delete
    11. well said මාතලන් මේකේ ඉන්න අම්බ බුවාලා හිතන් ඉන්නේ ලංකාවේ උන් රැජිනගේ ගානට ඉංගිරිසිය උච්ඡාරණය කලොත් තමයි පොර කියල අනිත් උන් ඔක්කොම පිච්චන්. මන් දැක්ක මොකෙක් හරි කියල තියනවා ගෝටගේ කඩ්ඩ අවුල් කියල ඉතින් මොකෝ ? ( ගෝට ගේ දේශපාලනය කිසිසේත් අනුමත නොකරමි)

      Delete
    12. 河马

      විචාරක මේ වචනේ ශබ්ධ කරන විදිහ සිංහලෙන් ලියල පෙන්නන්න. ගූගල් ට්‍රාන්ස්ලේටරෙන් ශබ්ධය අසන්න පුලුවන්

      Delete
    13. විචාරක තුමනි, විදේශීය භාෂාවල ශබ්ද සිංහලෙන් ලිවීම කෙසේ වෙතත් අපේ සිංහලයේ ම භාවිතා වන එක්තරා ශබ්දයක් ලියන්නේ කෙසේද කියා ඔබ තුමාගෙන් දැන ගැනීමට කැමති යි.

      යම් කිසි කෙනෙකු කියූ දෙයක් හරි හැටි ශ්‍රවණය නොවූ විට "ඈ?" යනුවෙන් නඟන ශබ්දය හරි හැටි සිංහල අකුරින් ලියන හැටි පෙන්වන්න.

      ස්තුති යි.

      Delete
    14. @ AnonymousSeptember 26, 2014 at 9:41 PM
      මට ඇහුන ආකාරයටනම් 'ඛුවොමා' යනුවෙන් ඇහුණේ.


      @ AnonymousSeptember 26, 2014 at 11:39 PM
      නාසික ස්වරයක් ලියා පෙන්වන්න බැහැ. ආසන්නතම රූපය ංඅෑ ලෙස දැක්විය හැකියි.

      Delete
    15. හින්දියෙන් 'ගෑනු ළමයා' කියන තේරුම දෙන लड़की කියන වචනයත් සිංහලෙන් හරිය ලියන්න බෑ.

      සමහරු ඒක ලර්කි කියලා ලියයි; තවත් සමහරු එය ලඩ්කි කියලා ලියයි. ඒ දෙකම වැරදියි, මොකද ඒක 'ර්' සහ 'ඩ්' යන ශබ්ද දෙක අතර පවතින ශබ්දයක්. ඒ ශබ්දය සිංහල මිනිස්සුන්ට නඟන්නත් බැහැ, සිංහලෙන් ලියන්නත් බැහැ.

      Delete
    16. @AnonymousSeptember 26, 2014 at 11:51 PM
      මං භාෂා විශාරදයෙක් නෙමෙයි. එම නිසා ටෙර්මිනොලොජි දන්නේ නැහැ. නමුත් ඉන්දියන් උදවිය ඕක උච්චාරණය කරන විදියේත් එක කන්සිස්ටන්සි එකක් නැහැ නේ. සමාජ පසුබිම , උගත් කම සහ ප්‍රදේශය අනුව ඒක වෙනස් වෙනවා නේ. ඉතින් හරි උච්චාරණය දන්නේ දෙයියෝ තමයි. ලියන්න බැරිව ඇති නමුත් උච්චාරණය නම් අපහසුවක් නැහැ. රයන්න නහයෙන් උච්චාරණය කිරීම බොහෝ දුරට ප්‍රමාණවත් නේද ?.

      Delete
  10. //නිදසුනක් ලෙස රාජපක්ෂ කියන වචනය අපට RAJAPAKSHA ලෙස වඩා පැහැදිලිව ලියන්නට පුළුවන්කම තිබෙද්දී RAJAPAKSE හෙවත් රාජපක්සෙ ලෙස ලියන්නේ ඇයි?//

    Jayasinghe කියන එකත් වඩා පැහැදිලිව Jayasingha / Jayasinha කියන ලිව්ව හැකිනේද?

    ReplyDelete
    Replies
    1. මටත් ඕක ප්‍රශ්නයක්

      Delete
    2. රාජපක්ෂ කියන වචනය RAJAPAKSHA කියා ලිව්වොත් ඉන්දියන්කාරයෝ ඒක "රාජපක්ෂා" කියලා උච්චාරණය කරයි.

      Delete
  11. කපුවට දේවාලේ රෙන්න පුලුවන් කියන එක තිසරට අමතක වෙලා.

    පැරා ඉන්නේ අනිත් උන්ට උපදෙස් දෙන්න මිසක් ඒ උපදෙස් අනුව ජීවත් වෙන්න නෙවි.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඉතින් ඒකනෙ සමාජවාදෙ කියන්නෙ.... මෙච්චර දවසක් මේ බ්ලොග් එක කියවලත් උඹට ඒක තේරුනේ නැද්ද.....

      සමාජවාදෙ හෙළුව පේන හොඳම තැන් වලින් එකක් තමා අපේ මේ ජයසිංහේ ගෙ බ්ලොග් එක....

      Delete
  12. සිංහල හෝඩියෙත් තියෙන එක අර්බුදකාරී තැනක් තමයි රකාරාංශය සමඟ පාපිල්ල යෙදීම මේ ගැන සංවාදයක් ඇතිවෙනවානම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඇයි මචන් ඔය විකාර වලට වාද වෙන්න යන කාලෙ අර උඩ කථාකරල තියන 40 ශ්‍රි ලොරිය වගේ වැදගත් දේවල් ගැන කථාවෙන්න යොදවන්නෙ නැත්තෙ....

      Delete
  13. Deshakaya,hari.Ajith Thilaka sena puka iragannakan sihiya nethuwai hitiye,(Ranjan)

    ReplyDelete
  14. samawenna mama sinhala uni code down lord karala thiyenne ithiriyata kalaya awashyai "chuchichäschtli" CH samahara awasthawala sinhalen SH shabdayath,thawa .awasthawala HA shabdayth enawa awasthawata anuwa,SCH sinhalen Hal SH shabdaya enawa,Ä Ö Ü umlaut akurui.(vowel mutation) ä-ea, ö-oa,ü-iu,shabda we.(Asoka)

    ReplyDelete
  15. Eka nemeyi anna abeethaya salli nayata gaththa kollekwa laggala kandata aran gihin thallu karala dala marala, umbala eka dakke nadda, moowa wahama policiyata allala denna oni, moo blog awakaashaye thahanam karala danna oni me karana goo hathe wada walata...

    ReplyDelete
  16. ඉතාලි වචන ලියන්නනම් සිංහල බාෂාවට මහාප්‍රාණ 'ර'යන්නකුත් ඕන

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා