ඌව කොහොම වෙයි ද?

ඌවේ ඡන්දය හෙට ය. එය තීරණාත්මක ය. 

යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට සරත් ෆොන්සේකා 2010දී කළ අභියෝගයට සමාන අභියෝගයක් ඌවෙන් ජවිපෙත්, එජාපයේ හරින් ප්‍රනාන්දුත් එල්ල කර තිබේ. නිල ඒකාබද්ධ විපක්ෂයක් බිහි වී නැතත්, විපක්ෂ සමගියක සේයාවක් හෝ දක්නට ලැබේ.

මෙම අභියෝගය හමුවේ ආණ්ඩුවට ඌවේ පාලනය රැක ගැනීමට බැරි වුවහොත්, එය ආණ්ඩුව නමැති කඩදාසි කෝච්චියේ පෙරළීම ආරම්භ වන අවස්ථාව වනු නිසැක ය. එය වළක්වා ගැනීමට මොන දහං ගැටය ගැහුවත් ආණ්ඩුවට බැරි වනු ඇත.

මේ ඡන්දය සම්පූර්ණයෙන් ම දූෂිත එකකි. එය කැඳවීම පවා කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය වාසිදායක වෙලාවට ය. ජනාධිපතිවරයා පවා රාජ්‍ය දේපල භාවිතා කරමින් ප්‍රසිද්ධියේ ම මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ ය. එතැනින් පහළට සෙසු අය ගැන කතා කර වැඩක් නැත. 

දැන් උත්සාහ කරන්නේ දිනන විපක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මිළ දී ගෙන ජනමතය විකෘති කරගෙන බලයේ එල්ලී සිටීමට ය. 

මේ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ යුතු ය. ඒ සඳහා විසඳුම වන්නේ ජවිපෙ වැනි පහසුවෙන් මිළ දී ගත නො හැකි බලවේග ශක්තිමත් කිරීමයි. 

අනෙක් පැත්තෙන් හරින් වැනි තරුණ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට පැමිණීම සජිත් ප්‍රේමදාස වැනි ශුන්‍ය බලාපොරොත්තු වෙනුවට එජාපය තුළ පාක්ෂිකයන්ට විකල්ප නිර්මානය කරනු ඇත.

මෙවැනි ප්‍රතිඵලයක් අපි මෙම මැතිවරණයේදී අනුමාන කරමු. 

බදුල්ල
එජාප -  8
එජනිස -7
ජවිපෙ - 2
වෙනත් - 1

මොනරාගල
එජනිස - 6
එජාප - 4
ජවිපෙ - 3
වෙනත් - 1 

බෝනස් ආසන දෙක ද සමග ආණ්ඩු පක්ෂය ආසන 15ක් හිමි කර ගත්ත ද ආසන 34ක් සහිත පළාත් සභාවේ බහුතර බලය දිනා ගැනීමට අසමත් වනු ඇත.

හරින් ප්‍රනාන්දු වැඩි ම මනාප ලබා ගනු ඇත. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පළ කරනු ලබන්නේ මාතෘකාවට අදාළ අදහස් පළ කිරීම් පමණක් බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. කොටියම කාපන්

      Delete
    2. එහෙම කරන්න එපා පැරා.ඇනෝල ඔක්කොම මෙතනට ඇවිත් හදන බුද්ධි මණ්ඩපය අහිමි කරන්න එපා.

      Delete
  2. නිකමට අහන්නේ. උත්තර නොදුන්නත් තව දවස් දෙකකින් මේකට උත්තරය හොයා ගත්තෑකි. ඔබ මේ අනාවැකිය පළ කරන්නේ යම් සාධකයක් මත පාදකවද නැත්නම් නිකමට හිතන විදිහටද? මොකද මීට සමාන අනාවැකි වෙනත් අය විසින් පළ කර තිබෙනු මා දුටුවා. හැබැයි මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්න තරම් මේ රටේ ජන මනස වෙනස් වෙලා කියලා මට නම් හිතෙන්නේ නැහැ. සමස්ත විපක්ෂය ආණ්ඩුවට වඩා එක ආසනයක් හෝ වැඩියෙන් ගන්නවා කියන්නේ ආණ්ඩුව ඉක්මණින්ම පෙරළන තැනට කටයුතු සැලසෙනවා කියන එක. එහෙම වෙයිද?

    ReplyDelete
  3. අපි බලමු පැරාට, රජගෙදර ගනින්නාන්සෙට කෙලින්න පුළුවන්ද කියලා....

    ReplyDelete
  4. මමත් මේ ප්‍රථිඵලයමයි හිතුවෙ. ඔය ප්‍රථිඵලය ආවොත් ආණ්ඩුව ‍යූඇන්පියෙන් සල්ලි දීල මිනිස්සු අරගෙන ඔය පළාත් සභාව පිහිටවනවා. ඒ නිසා යූඇන්පියට දෙන ඡන්ද අපරාදෙ. හරීන් අහම්බෙන්හරි වැඩි ආසන ගණනක් අරගෙන පළාත් සභාව පිහිටවන්න පුළුවන් වුණොත්, ඒක ආණ්ඩුවෙ අවසානෙ. ඒ එක්කම සජිත්ගෙත් අවසානෙ, මිනිස්සු පෙලගැහෙන්නෙ හරීන් වගේ අභියෝග භාරගන්න තරුණයො පිටිපස්සෙ මිසක් තාත්තගෙ ජනප්‍රියතාවෙන් එළිය බලන සජිත් වගේ අය එක්ක නෙවෙයි. මොනවා වුණත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ෆොන්සේක පක්ෂෙ ) ජයවේවා කියන්න තමයි අපිට තියෙන්නෙ.



    ReplyDelete
    Replies
    1. ආයෙත් අස්ථාවර රටක් ඔනෙද? නැත්නම් රටෙන් පිට ඉන්න කෙනෙක්ද?

      Delete
  5. නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය ඥාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈඳා ගනී. හේ සෑම රටවැසියෙකුගේ ම සතුරා බවට පත් වන නමුත් රටවැසියන්ට ඔහු ඔහුව හඳුන්වා දෙනු ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසය

    ReplyDelete
  6. ජේවීපී පොඩි නැගිටීමක් මිසක් ඉන් එහාට නම් පරන ප්‍රතිපලම තමා...

    ReplyDelete
  7. ඕනම රෙද්දක් වෙන්න කියල, මේ කරුම ආණ්ඩුවට කෙළවෙලා විපක්ෂය දිනන්න ඕන. වෙන මොකෙක් ආවත් මීට වඩා හොඳයි

    ReplyDelete
  8. Mokada me blog eka paluwata gihilla ada..

    ReplyDelete
  9. තීරණාත්මක ඌව ඔබටද මට ද ............නැහැ රටට .....
    පිස්සු ...කාටද ......මටද ඔබටද ............ නැහැ රටට......
    මීටපෙර උවේ ජනතාව දිනුවද ....රට දිනුවද .........................................රට= පාලකයින්
    මැරී කෑන්ස්

    ReplyDelete
  10. ජවිපෙට බදුල්ලෙන් ආසන දෙකක් ලැබීම ගැන සැකයක් තියෙනවා, සමන්ත ගැන මිනිස්සුන්ගේ ප්‍රසාදයක් තිබ්බට ,පොදුවේ බදුල්ල කියන්නේ ජවිපෙ ගැන විශ්වාසය තියන ප්‍රදේශයක් නෙවෙයි .

    ReplyDelete
  11. balamuko mokada wenne kiyala

    ReplyDelete
  12. මම නම් හිතන්නෙ ආණ්ඩුව 55% එජාප 38%-40% ජවිපෙ 4% ඉතිරිය ටික ටික අනිත් උන්ට.
    මමම් මෙ ආණ්ඩුව පෙරලෙනවට කැමතියි ඊටත් වඩා අකමැතියි ආපහු මුස්ලිම් කොංගසය තොන්ඩමන් ලගෙ නැට්ටෙ එල්ලිච්ච ආණ්ඩුවක් හැදෙන එක. එහෙම කියන්නෙ උන් දෙමළ මුස්ලිම් නිස්සා මම ජාතිවාදිව හිතල නෙවි උන්දෙගොලොම මහ පඩත්ත‍්ර හැත්තක් නිසා .

    ReplyDelete
  13. අද බ්ලොග් එක බුද්ධිමත් අයට විතරයි වාගෙ.මෙච්චර ජරා වැඩ කරලා ,මහින්දල දිනුවත් පැරදුනා කියලයි, මට නම් හිතෙන්නෙ.පොදු අපේක්ෂකයෙක් ආවොත්,මහින්ද කියන්නෙ නිකම්ම නිකම් හුලං පිරිච්ච බැලුමක් කියල,හැමෝටම තේරෙයි.

    ReplyDelete
    Replies
    1. ලාෆින් මැකෝSeptember 20, 2014 at 12:58 PM

      අද බ්ලොග් එක උපාසක/උපාසිකාවන්ට පමනයි !

      ඌව ප්‍රතිපල අවසන් වු විගස කක්කුස්සිය විවෘත කරනු ලැබේ.
      සකල ලෝකවාසී කමෙන්ටුවනී බෙට්ට තදකරගෙන සිටිනු !

      *මගේ වෘෂණ යුවල ඔට්ටුයි,
      shit 4 කින් පැරාලගේ ආන්ඩුව (එජනිස) ඌව දිනනවා !


      Delete
  14. ආන්ඩුව මොනතරම් දුශිත උනත්, ආන්ඩුවට මොන තරම් බලයක් තිබුනත් , මැතිවරනයක තියන වැදගත් කම කාඋරු නැතත් මහින්ද මහත්තයා දන්නවා එක මැතිවරනයක් කිට්ටු උනාම එයා ගේ මුනේන් පේනවා.....
    එයා ව ඒ තත්වයට ගෙනාපු ජනතවට ඒ යාව එතනින් බිමට ඇදලා දාන්න පුලුවන් කියන එක මහින්ද මහත්තයා හොදාකාරවම දන්නවා..එකාරනාව නාමල් ලා යොශිතලාට කවදාවත් තෙරුම් ගන්න බැහැ.....

    ReplyDelete
  15. ලන්කාවේ බහුතරයක් මිනිස්සු තාමත් විශ්වාස කරන්නේ ....යුද්දේ දිනුවේ මහින්ද මහත්තයා කියලා.........එ වෙනුවෙන් යුතුකම ඉශ්ට කරන්න තමා හැමොටම ඔනේ......

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක වැරදිද ?
      යුද්දේ දිනුවේ රනිල් ද ?

      Delete
    2. නෑ හරකෝ, යුද්දේ දිනන්න බැහැ කියලා බයේ මහින්දයා ගෝටා නැට්ට පුකේ ගහගෙන ඉන්නකොට බය ඇරලා දිනන විදිහ පෙන්නලා දුන්නේ පොන්සේකා. ඒ නිසා දිනුම අයිති පොන්සේකාට.

      Delete
    3. උඹ වගේ හිතන බත් කන හරක් ලංකාවේ අඩු බව පොන්සේකාට ලැබුන චන්ද සන්ක්‍යාවෙන් පෙනේ

      Delete
  16. Blog ,Web හා Comment වල,
    Anonymous වාරණය කල යුතුමයි, Comment පිරිපහදු කලයුතුමයි, භාෂාව අසභ්‍යයයී කියලා සමහරු කියනවා.
    කතාව ඇත්ත..
    නමුත්..
    දේශපාලන හෝ සමාජ විචාරීය Blog හෝ Web වලට මෙය අදාල නොවන්නේ මෙම සංවාද වලින් ක්ෂනිකව ජනසමාජයේ ක්ෂුද්‍ර වෙනස් කම් කිරිමට විශාල හැකියාවක් පැවතීමයි.
    <----->

    Blog ,Web හෝ Comment වාරණය නොකීරීම නිසා ....

    සීතාම්බර සළු ඇඳගත් උදවිය උන්මත්තක වීය.
    පුවත්පත් වල ශාස්ත්‍රිය හා දේශපාලන සංග්‍රහ, Comments කොපි විය .
    සමහරක් ප්‍රොෆයිල් කරුවන්ද අනාථවි ය.
    සියලු සංවාද, ලයිට් ගියොත් හෝ සිග්නල් නැති වුනොත් හබක් විය !!!

    ReplyDelete
  17. ඉරිදා දිවයින පත්තරේ බුලිත ප්‍රදීප් කියන පත්තර මහත්තය නාමල් ජොනී එක්ක ප්‍රාඩෝ හමර් වලින් ඌවේ කාපට් කොන්ක්‍රීට් පාරවල් වල අධිවේගෙන් කිසි ඇඟේ පතේ අමාරුවක් නැතුව සංචාරය කලාය කියන ගමන්ම ලියල තියෙනව බදුල්ලේ එජාපෙට සැලකිය යුතු වාසියකුත් තියේ කියල.ඒ වගේ සට්ටඹි මහත්තෙයෙකුත් කියනව නම් ඉතින් මොකක් හරි ඇති.

    ReplyDelete
  18. ප්‍රතිඵලේ නම් බොහොම සාර්ථක අනුමානයක්.

    එත් තාමත් සැලුන් දොර ඇරලා...සල්ලි වැහි වැහල..

    ජනමතය යටවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි...

    ReplyDelete
  19. ඕං, අහක ඉන්න මාව ඇද ගන්නවා....

    ReplyDelete
  20. ජවිපෙට පැර හිතපු තරම් ඡන්ද වැටිල නෑ නෙ!

    ReplyDelete
  21. වෙනස්! ආයෙත් මරා දිනුම්!

    ReplyDelete
  22. අයියෝ පැරා. මේ මොකද උනේ. පැරාගේ අනුමාන කිරීම් කැලේ නේද? දැන්වත් පිළිගන්නවද පැරාට මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න තියා මිනිස්සු හිතන පතන විදිය ගැන හිතා ගන්නවත් බැහැ කියලා.

    ReplyDelete
  23. අඩෝ ගද පැරා හූ............

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා